Saturday 29 April 2023

අතුරු නැවතුමක් - stop gap

මේ දිනවල මගේ ෆේස්බුක් වෝලයේ ටැග් කර තිබුණු වීඩියෝ කිහිපයක් නැරඹුවෙමි. මේවා වලට නොයෙකුත් ප්‍රතිචාර ලැබී තිබුණු මුත් සාරවත් විවේචන නුදුටුවෙමි.

ඔබ ජවිපෙ, පෙරටුගාමී, සජබේ  හෝ පොහොට්ටුවේ වේවා මේ ප්‍රචාර වීඩියෝ මගින් අසන ප්‍රශ්න ගැන ඔබටත් සිතෙන්නට ඉඩ ඇත. ඒ ගැන සාධාරණ විවේචන එල්ල කරන්නේ නම් හොඳය. සංවාද ඇතිවන්නේ එවිටය. 

මේවා සියල්ල කාබන් ටීවී චැනලය නමින්  සමබිම පක්ෂයෙන් ප්‍රචාරය කරන ඒවාය.

අරගලයේ තිබූ අනන්‍යතා අර්බුදය - එහෙම එකක් තිබුන කියල මටත් හිතුන. 


A/L ප්‍රශ්න පත්‍ර විරෝධය මාක්ස්වාදීද? තේරුමක් නැති විරෝධයක් කියල මට හිතෙන්නේ. 


වෘත්තීය සමිති යනු නව ත්‍රස්තවාදයක්ද? දන්නේ නැහැ. ඒවා හුඟක් වෙලාවට අපට තියෙන අයිතීන් රකිනවා. එංගලන්තයේ නම් එහෙමයි. හුඟක් වෙලාවට පඩි වැඩිවීම හෙම ගන්න වෙන්නේ වෘත්තීය සමිති හරහා. අසාධාරණ ලෙස ඇස කලොත් උදව් කරන්නේ සමිති උපදේශකයෝ.


ජවිපෙ, පෙසප මෝඩ වම වෙනුවට අලුත් වමක්

(මෙතැනදී ඕන දක්ෂිණාංශිකක් කියන්න පුළුවන් අලුත් වමක් වුනත් මෝඩයි කියල) 


රාජකීය විද්‍යාලයේ නව අර්බුදය සහ ජවිපෙ නීතිය - මම ජනප්‍රිය පාසැල් තියරියට කොහොමත් විරුද්ධයි.


81 comments:

  1. සමබිම පක්ෂය මොන වගේ මතයක් දරණ පක්ෂයක්ද?

    ReplyDelete
    Replies
    1. අජිත්ට වගේ තමයි. කිසිම මතයක් නැහැ. වාසි පැත්තට හෝයියා

      Delete
    2. මතයක් නැති එක තමයි එයාලගේ මතය.

      Delete
    3. ඒ ගොල්ලන් ගෙන් තමයි අහන්න ඕනේ. මගේ මතය ඔබේ මතයනේ ඇනෝ

      Delete
    4. දැන් ඇනෝ වාසි පැත්තට හෝයිය නොකියන උන් ලංකාවේ කොහෙද ඉන්නේ? ප්‍රශ්නය තමා මට එක එකාට කඩේ ගිය කියල ඇති වැඩේ මොකද්ද? මොකද්ද මට ඔයා කියන වාසිය? මම එංගලන්තේ නේ ඉන්නේ. එක නිසා මම මගේ බ්ලොගයේ ජවිපෙ මත වලට, පෙරටුගාමී මත වලට, සජබෙට, සමබිම පක්ෂයේ මත වලට හෙම ඉඩ දෙන්න කැමැතියි. හැබැයි ෆොට්ටුවට නම් නැහැ. ඒ ගොල්ලන්ට ඕන තරම් මිඩියා තියනවා.

      Delete
    5. අජිත් ඔබගේ අදහස් පරස්පර විරෝධී නේද? ඔබ කියන දේ හරිම විකාරයි.

      දැන් ඔබ කියනවා යම් යම් තෝරාගත් පක්ෂ කීපයක් සඳහා ඔබේ බ්ලොග් අඩවිය තුල ඉඩ දෙනවා කියලා එතකොට ඔබ සිරස මාධ්‍ය ජාලය සිරස ටීවී ශක්ති ටීවී එම්ටීවී සිරස එෆ් එම් ශක්ති එෆ් එම් ආදී මාධ්‍ය ගණනාවක් එතකොට සීයත මාධ්‍ය ජාලය හරහා නාලිකා ගණනක් තව ස්වර්ණවාහිනී ඊඒපී මාධ්‍ය ජාලය ලයිකා ජාත්‍යන්තර මාධ්‍ය ජාලය ඇතුලු විශාල වශයෙන් මාධ්‍ය ආවරණයක් ලැබෙන සමගි ජන බලවේගයට මේ බ්ලොග් එකේ ඉඩ තියෙනවා කියලා කියන්නේ නමුත් එවැනි කිසිම බලයක් නැති බූරුවංස මංගොන්පිලයා වගේ උන්ගේ පක්ෂ වලට (ඒවායේ නම් මතක නැහැ) සහ සිරිසේනගේ නිදහස් පක්ෂයේ/සංධානය වෙනුවෙන් වෙනුවෙන් මේකේ ඉඩක් නැති එක පුදුමයක්

      ඒ වගේම රුපියල් බිලියන ගණනක් වත්කම් ඇති වී එෆ් එම් වැනි නාලිකා වගේම සමාජ ජාල වල Sponsored ගිණුම් රාශියක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයට ඉඩ තියෙනවා නමුත් එබඳු කිසිම බලයක් නැති 43 සේනාංකය සහ පැතුම් කර්නර් අප මිතුරු සහෘදයාගේ ජාතික හරිත පෙරමුණට හෝ මංජු නිශ්ශංක වගේ අයගේ පක්ෂ ගැන කිසිම කතාවක් නෑ? ඇයි ඒ? ඒ වගේ කුඩා පක්ෂ ගණනාවක් තියෙනවා ඒවාට කැපිල්ල දාන්නේ ඇයි? ඔබට තියෙන ලොකුම චෝදනාවක් වන රනිල්ට කඩේ යන අයට පමණක් ඉඩ දෙන බවට වන චෝදනාවන් තවත් තහවුරු වෙනවා මේකෙන් එහෙම නේද?

      දීප්තිගේ සමබිම සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අයට ඉඩ ලබා දීම ගැන මටත් සතුටුයි මගේ ප්‍රණාමය පුද කරමි ඒ ගැන නමුත් කෝටි ගණන් වටින බස්රථ බෙද බෙදා යන දැවැන්ත මාධ්‍ය ආවරණයක් ඇති සජබයත් ඒ වගේම බැසිලා විසින් යටින් මෙහෙයවන බවට චෝදනා එල්ල වී ඇති රනිල්ට යටින් සපෝට් බවටත් චෝදනා එල්ල වී ඇති එමෙන්ම විශාල වශයෙන් මුදල් ඇති ප්‍රචාරක වැඩ වෙනුවෙන් විශාල වශයෙන් වියදම් කරන දැවැන්ත කටවුට් ගහන පිටරටවල ටුවර් ගිහින් විශාල වශයෙන් මුදල් එකතු කරගෙන එන ජාතික ජන බලවේගයටත් ඉහත කී සජබයටත් ඉඩ ලබාදීම මටනම් කිසිම ලොජික් එකක් නැතුව කරන බවයි පේන්නේ අර චෝදනා වලට උඩගෙඩි දෙන බව පැහැදිලි කිරීමක් පමණයි මේ කමෙන්ට් එක

      Delete
    6. // බූරුවංස මංගොන්පිලයා වගේ උන්ගේ පක්ෂ වලට (ඒවායේ නම් මතක නැහැ) සහ සිරිසේනගේ නිදහස් පක්ෂයේ/සංධානය වෙනුවෙන් වෙනුවෙන් මේකේ ඉඩක් නැති එක පුදුමයක්// ඒ ගොල්ලන්ගේ අදහස් ලියන්න පුළුවන්. මම එපා කියල නැහැනේ. මගේ අදහස් නෙමේ. සජබේ කියන්න මම වැඩිය සහය දෙන එකක් නෙමේ.මට සජබේ සහ පොහොට්ටුව අතර වෙනසක් පේන්නේ නැහැ

      Delete
    7. //43 සේනාංකය සහ පැතුම් කර්නර් අප මිතුරු සහෘදයාගේ ජාතික හරිත පෙරමුණට හෝ මංජු නිශ්ශංක වගේ අයගේ පක්ෂ ගැන කිසිම කතාවක් නෑ? ඇයි ඒ? ඒ වගේ කුඩා පක්ෂ ගණනාවක් තියෙනවා ඒවාට කැපිල්ල දාන්නේ ඇයි? // කොහෙද කැපිල්ල දාල තියෙන්නේ. විවේචන කරන්න ඇති. පැතුම් කර්නර් එක්ක මගේ සම්බන්ධයක් නැහැ කොහොමටත්. චම්පිකට කැමතියි කියල මේ බ්ලොගේ බොහෝ තැන්වල ලියල තියනවා. රනිල්ට කඩේ යනවා කියන්නේ කොහොමද කියන එක නම් මට අමාරුයි. රනිල් හොඳට වැඩේ කරගෙන යනවා නම් මුකුත් කියන්න දෙයක් නැහැ. පැතුම් කර්නර් නම් රනිල්ට කඩේ යනවා නේද?

      Delete
  2. Ajith's actions of deleting comments that do not align with your political views and only keeping those that support your propaganda is a form of censorship and goes against the fundamental principles of freedom of speech and expression.

    The purpose of a blog is to express one's opinions and invite discussion and debate on the topic at hand. By deleting comments that differ from Ajith’s own, You are not allowing for a healthy exchange of ideas and perspectives, and is essentially silencing those who do not agree with you.

    This type of behavior can also contribute to the spread of misinformation and the creation of echo chambers, where individuals only consume and believe information that reinforces their existing beliefs, without being exposed to alternative viewpoints.

    In order to promote a truly open and democratic society, it is important to allow for a diversity of opinions and perspectives, and to engage in constructive dialogue and debate, even if it may challenge our own beliefs Ajith.

    ReplyDelete
    Replies
    1. I do not tolerate any form of false accusations, name-calling, or personal attacks on myself, Rasika Surriyaracchi, or any other individual in my blog. Additionally, it is not acceptable to make inappropriate remarks about a deceased friend or engage in non-stop mudslinging. I suggest that if you want to engage in such behavior, you can visit Mathalan's blog, Ian's blog, Deshakaya's blog, or any other space where it is allowed. However, it will not be permitted in my blog.

      Delete
    2. //The purpose of a blog is to express one's opinions and invite discussion and debate on the topic at hand.// agree, instead mud slinging and posting lies.

      Delete
  3. හ්ම්... "අරගලයේ තිබූ අනන්‍යතා අර්බුදය" නේද? "තිත් යා කල හැක්කේ පසුපසට පමණයි" කියල කතාවක් තියනවා. දීප්තියේ ලොරි ටෝක් කතාව ඇහුවාම, මට හිතුනෙ ඒක. මයිනා, කපුටා විසින් උලාකා බංකොලොත් කල ආර්ථිකය, නන්දිවිසාල විසින් හාන ලද දේශීය නිෂ්පාදනය වගේ දේවල් සලකා බැලුවාම, (අසාර්ථක වුනත්, අල කෙරෙව්වත්) අරගලය කාලීන අවශ්‍යතාවයක් බව මගේ හැඟීමයි. මෙය මගේ 100% පක්ෂග්‍රාහී,පෞද්ගලික මතයයි.

    - වලියට බර නැති, අහිම්සක අසරණ නිසාචර පක්සියෙක් -

    ReplyDelete
    Replies
    1. ඔය කතාවේ කියන්නේ අරගලය පටන් ගත්තේ මුලික අවශ්‍යතා දෙක තුනක් නොලැබීම නිසා කියලනේ. පෙට්රෝල්, විදුලිය, එතකොට් AC නැති නිසා එලියට බැස්ස මධ්‍යම පන්තිය ආදිය නිසා. ඉන් පස්සේ කෑම මිල වැඩිවීම වැනි දේ. මුලදී අපි හැමෝම සපෝර්ට්. නමුත් පස්සේ පස්සේ බලනකොට ඒකෙ ආපු අයගේ වෙන සෙල්ලම් තිබ්බ නේද? දැන් අරගලයේ හිටපු අය අටවන ජනපති රනිල් එක්ක එකතු වීම ගැන බස්සා මොකද කියන්නේ?

      Delete
    2. https://www.gossiplankanews.com/2023/04/dan-priyasad-speaks.html

      Delete
    3. දේසපාලන වීඩියෝ බැලීමනම් මන් එච්චර කැමතිනැති දෙයක්. එකක්... දාර්ශනික, එහෙත් යතාර්ථයක් කල නොහැකි දේ දැක්වීම. අනික වෙලාව නහත්තිය, අනිත් එක අතීතය ඔවුන්ට ඕන හැටියට අර්ථ දැක්වීම.

      බස්ස කියල තියෙන 'අරගලය කාලීන අවශ්‍යතාවයක් බව මගේ හැඟීමයි' මතයට මාත් 100% එකඟයි.

      Delete
    4. අරගලය කාලීන අවශ්‍යතාවයක් බව මගේ හැඟීමයි - එකෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීම ගැන මොකෝ කියන්නේ? තවම රාජපක්ෂ ලානේ බලයේ ඉන්නේ වක්‍රව

      Delete
    5. මගේ තියෙන්නෙ කුඩා පරිමාන දේසපාලන දැනුමක්. එක කලතලා ගන්න අදහස්නම්...
      -අරගලයේ අවසානය අසාර්ථකයි. ඒත් ඉවර වෙන්ට ඕනැ විදිහ ගැන මටත් හරිහමන් අදහසක් නෑ. තනි නායකයෙක් නැති උනත් පොදු සම්මතයකට හරි උන්දලෑට එකතුව ඊළඟට කරන දේ ගැන සංවාදයක් ඇති කරගන්න තිබ්බ. ඒ නොවුන හන්ද ඇතුළු කාරනා කාරනා නිසා අරගලය දියාරු උනා. පිනා ජපනති උනා.
      - හැංගුන හොරුරැල සනිල් සමග එලියට ආව. උන්දැල දැන් ආපහු වැඩ.
      - මේ වැඩවසම් මජර ක්‍රමේ ඉතින් කතිර සටනකින්වත් නවත්හන්ට ජහමනයා දැන්ම හිටවත් පෙළගැහෙන්න ඕන.

      Delete
    6. ඉතින් ඔය කියන කරුණු තුනෙන් සනාථ වෙනවනේ අරගලය අසාර්ථකයි කියන එක. ඒකනේ ඔය වීඩියෝ එකෙත් කියන්නේ. ආයෙත් පෙළ ගැහිලා ආයිත් අරගල කරන්න . කතිරයෙන් නවත්වන්න. කියල ඔයා කියන කොටම පිලි අරන් ඉවරයි අරගලයේ අනන්‍යතා අර්බුදයාක් තිබ්බ කියන එක.

      Delete
    7. //මුලදී අපි හැමෝම සපෝර්ට්. නමුත් පස්සේ පස්සේ බලනකොට ඒකෙ ආපු අයගේ වෙන සෙල්ලම් තිබ්බ නේද?//
      ඇත්ත, එකඟයි. ඒත් ඒ වෙලාවෙ දීප්ති කොහෙද හිටියෙ? විච්චෙදනය කර,කර ගෙදර වෙන්ටෑ? " ඕක නං හරියන්නෙ නෑ, ඔන්න ආයෙ යනවා නාන්න" කියල දොස්තර හොඳහිත එකේ "චව් චව්" වගේ. අඩුම ගානෙ මුදලාලි ලමයගෙ කස්ටිය( යටි අරමුණු තියෙන්නෙ ඇති) අරගලයේ හිටිය. අන්‍රයියා පස්සෙ ගැන්සිය බස්සල පස්සෙ ලිස්සල ගියේ කොහොමද, මුදලාලි ලමයව විතරක් කූඩු කලේ ඇයි වගේ ප්‍රශ්ණ ....
      https://www.blogger.com/profile/12180455593300502627
      // දැන් අරගලයේ හිටපු අය අටවන ජනපති රනිල් එක්ක එකතු වීම ගැන බස්සා මොකද කියන්නේ?//
      කියන්න තියෙන්නෙ, අල්තයීර් අන්තිම ලිපියෙ ලියපු දේ තමා:
      https://www.economyhub.info/2023/04/19/a-founding-member-of-the-gallumudoora-struggle/
      Pathum Kerner | පුද්ගලී කරණය හොඳයි, IMF හොඳයි

      Delete
    8. //ඇත්ත, එකඟයි. ඒත් ඒ වෙලාවෙ දීප්ති කොහෙද හිටියෙ? විච්චෙදනය කර,කර ගෙදර වෙන්ටෑ?// මම දන්නා විශිහ්ට නම් ඔවුන් අරගලයට සහයෝගය පළ කලේ නැහැ. ඒකට හේතුව ලෙස කීවේ එය මෙහෙයවන්නේ මධ්‍යම පන්තිය බවත් අවිධිමත් ආර්ථිකයේ සිටින 605 පමණ ජනතාව ඉන් නියෝජනය නොවන බවත් . ඒ කිව්වේ අඳ ගොවින්, එදිනෙදා වේලට කුලී වැඩ කරන්නන්, නාගරික කම්කරුවන් ආදී අය - මේක වැරදි නම් සමබිම කෙනකුට ඇවිත් කොමෙන්ට් කරන්න පුළුවන්

      Delete
    9. ඕක මම කියෙව්වා බස්සා , පැතුම් කර්නර් කියන මනුස්සය මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ කවදාවත් හිටියේ නැහැ. එයා ට අපේ බෝ නංගි හෙම බැහැල වැඩ කරන කොට මම ඈත් වුනා. සරෝජ් වීඩියෝ එකක් කරපු වෙලේ "අරගලයේ මහා නිර්මාපකයා ද මොකක්ද" කියල මම සරෝජ්ට කීව "ඔයාට නම් හොඳටම වැරදිලා සරෝජ්" කියල.සරෝජ් විශ්වාස කලේ නැහැ, ඊයේ පෙරේද මට කියනව "උඹ හරි මචං. ඒ වෙලාවේ එහෙම හිතුනේ නැහැ" කියල. දැන් අරගලයේ හිටි රාජිත ඇතුළු සජබ සෙට් එකත් ආණ්ඩුවට සෙට් වෙන්න යන නිසා ඒ විරෝධයත් නැති වෙයි, හැබැයි උන් මට තමා ඇටැක් කලේ රනිල්ට සහයෝගය දෙනවා කියල. ඒ චෝදනව දිප්ටි ටත් තියනව . ඇත්තටම් කියනවනම් උන් ඔක්කොම නේද අද ඔතන ඉන්නේ. ඕක අනන්‍යතා අර්බුදේ නෙමේ නම් වෙන මොකක්ද

      Delete
    10. පරගලේ මහා නිර්මා පකය 🤣🤣🤣

      Delete
    11. https://www.youtube.com/watch?v=j7PahnZUveQ

      Delete
  4. මටනම් සමබිම කියන්නේ පාලුගෙයි වළන් බිඳින කණ්ඩායමක්.
    වෙබ් පේජ් එකේ එක එක සයිස් වලින් වයිවර්ණ දේ ලිව්වට, කොමෙන්ට් එකක් දාන්න නම් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ.
    හ්ම්ම්, දායක සබාවේ මැම්බර්ශිප් ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තද , මම එහෙම එකක් දන්නේ නැහැ. මොකක් හරි ඊමේල් එකක් දැම්මහම ඉවරනේ , ඕන තරම් ඊමේල් හදන්න පුළුවන්නේ

      Delete
    2. මොකද්ද පාලු ගේ දැන්

      Delete
  5. නමියගෙ අදහස් වලින් එකකට හැර අනික්වාට එකඟයි. අරගලයේ අවසානය අසාර්ථකද ?
    නොවෙන්නත් ඇහැකි. රට බංකොලොත් වුනා. කපුටා පාත්තරේ අරං ගිහින් ඉන්දියාවෙන් ණයක් ගෙනත් කිව්වා "ඔව්ව ගැන වැඩිය හිතන්න එපා කියල. " මේක එව්වර අමාරු නෑ, මොලන් කල්පනා කරල කරන්න ඕනෙ වැඩක්" කියල නන්දි තප්පු ලෑව. අරගලය ආව. වෙනසක් වුනා. ඒත් අරගලයට පැවැත්මක් නැති බව හැමෝම දැණගෙන හිටියා. රෙස්ට් ඉස් හිස්ට්‍රි....

    රට බාරගන්න කිව්වම අන්‍රයියයි, පුටානොයි ලිස්සුව . ඇපෙත් නැතුව, වැලේ වැල් නැතුව රනිල් ඉදිරිපත් වුනා. මම රනිල්ට අකමැති වුනත්, මේකත් කියන්න ඕනෙ. රනිල් බාර ගත්තෙ "දේශපාලන සියදිවි නසාගැනීමක්". රනිල්ගෙ පැවැත්මට, පරන හොරුන්ගෙ උදව් ඕනෙ. ඒ නිසා "මොකක්ද ඇති වැඩේ, පරන හොරු ටිකනෙ ආයෙ ආවෙ" වගේ කතා, ඊළඟ මැතිවරණය තෙක් වැඩක් වෙන්නෙ නෑ. ප්‍රජතන්ත්‍රවාදී රාමුවෙන් පිට "ජනතා රජයක්" වගේ එව්වා, ලස්සන වචන වුනාට ප්‍රායෝගික නෑ. රනිල් වැල යන අතට මැස්ස ගහනව හැර පැහැදිලි ආර්ථික වැඩපිලිවෙලක්නැති බව ඇත්ත. ඒත් ඔය දීප්ති වගේ අය, කෙස් පැලෙන ඉදිරිපත් කරනවා ඇර වෙන ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරනවා, මම් නග් දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. "ඒත් අරගලයට පැවැත්මක් නැති බව හැමෝම දැණගෙන හිටියා. රෙස්ට් ඉස් හිස්ට්‍රි." මේක නම් දැනගෙන අය ඉතාමත්ම ඉතාමත්ම අඩුයි. ඒ ගොල්ලෝ හිතන් හිටියේ කෙලෙවරටම යනව කියල. හැබැයි ඒ කෙළවර මොකක්ද කියල කවුරුත් දැනන් හිටියේ නැහැ. දීප්ති ගේ ප්‍රයෝගික වැඩ පිළිවෙල් නම් මම දන්නේ නැහැ. මම මේවා දාන්නේ ඔවුන්ගේ සමහර තර්කානුකුල ලෙස ඉදිරිපත් කරන කරුණු ඇත්ත බව මට පෙනෙන නිසා. රනිල් ගැන මම 2014 ලීවා (මේක දීප්ති ගේ ත්‍රිමානේ පළ වුනා). දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්-https://kolambagamaya.blogspot.com/2014/07/blog-post.html- දක්ෂිනංශය තුළිනුත් සමාජවාදී ලක්ෂණ සහිත පාලනයන් එන්න පුළුවන් කියල. අපි මේවා ලියන්නේ ඒ පැත්තට පක්ෂ නිසා නෙමේ ලංකාවේ දේශපාලනය නොදන්නා ළඳරු අය ඒ කාඩ් ගැහුවට. දැන් බස්සල අතුකු හුඟක් අය අරගලේ හරහා ගිහින් වටයක් කරකැවිලා අපි කියපු තැන් වලට ඇවිල්ල. 😀

      Delete
    2. අපි කියල කිවේ මං ගැන, බහු වචනෙන් කතා කලේ , ධනවාදය දක්ෂිණාංශික වෙන්නම ඕනේ නැහැ කියන අදහාසේ මමත් ඉන්නව. යුරෝපයේ සමහර රටවල් දිහා බැලුවම , ලෙනින් අනා ගත්තෙම නැහැ. ලෙනින් ට්‍රැක් එක මාරු කළා. ඒත් ලෙනින්ට ස්ටාලින් ගේම දුන්නට පස්සේ ස්ටාලින් ගේ ට්‍රැක් එකටනේ ගියේ. ඊට පස්සේ ස්ටාලින් තමන්ට විරුද්ධ යුදෙව් සහ රුස්යන් නායකත්වය එහෙම පිටින්ම විනාශ කලානේ

      Delete
    3. පශ්චාත් සමාජවාදී කීවහම මතක් වුනේ අපේ අල්ලපු ගෙදර ඉන් ලිතුවේනියන් කෙල්ල කියපු කතාවක්. ලිතුවේනියාව නේටෝ ඉන්න, යුරෝපෙට අයිති, ඇන්ටි රෂියන් , ෆුලි ඩෙමොක්‍රටික් රටක් නේ , අපි දන්නා විධිහට සහ පත්තර වල තියෙන විධිහ්ටා. කෙල්ල හිනා වෙනවා. කොටිනම් ඔය් ඔයා කිව්ව එක තමා තියෙන්නේ. //ඒකාධිපති පොලිස් රාජ්‍යය බවට පත්වෙන බව නං පේනවා.// යුරෝපේ ඇතුලේ මේ ඈ

      Delete
  6. දිග වීඩියෝ, දේශපාලන සාකච්ඡා බෙලෙනවා බොහොම අඩු නිසා කියන්න තියෙන දේ අඩුයි.
    අරගලයට දවස් කිහිපයක සුළු සහයෝගයක් හරි දක්වපු කෙනෙක් හැටියට මම නං 'අරගලය' ගැන තවමත් සතුටුයි; එකඟයි. ඒ එයින් වුණු හැම දෙයක්ම යහපත්ය කියමින් නෙවෙයි...
    අරගලය නිසා මේ රටේ සැහෙන පුරවැසියන් සංඛ්‍යාවක් තමන්ටත් කොන්දක් ඇති බව තේරුම් ගත්තා. දේශපාලනය ජන ජීවිතයට තදින්ම බලපාන බව දැන ගත්තා. තරුණ පරම්පරාවට බලය දිය යුතු බව- මහල්ලන් ගෙදර යැවිය යුතු බව වටහා ගත්තා.
    ඒ සේරටම වැඩියෙන් දැන් ඉන්නා දේශපාලුවන්ගේ හැටි- එකම පන්තිය රැක ගන්නා හැටි හරි ලස්සනට රට්ටුන්ට පෙනෙන්න ගත්තා.

    මට නම් ඒ වෙනස්කම් විතරක් වුණත් ගොඩක් වටිනවා!

    ReplyDelete
    Replies
    1. //අරගලයට දවස් කිහිපයක සුළු සහයෝගයක් හරි දක්වපු කෙනෙක් හැටියට මම නං 'අරගලය' ගැන තවමත් සතුටුයි; /-- මෙතන කොතනකවත් අරගලය ගැන අසතුටුයි කියල නැහැනේ. මේ වීඩියෝ ඔක්කොම වල අරගලය ගැනම නෙමේ කතා කරන්නේ. ඕගොල්ලෝ ඔක්කොම පළමුවෙනි වීඩියෝ එක ගැන විතරයි කතා කරන්නේ. නමියා, ඔයා සහ බස්සා මේ වීඩියෝ බලන්නේ නැතිනම් ඒ ගැන අදහසක් පල කරන්නේ කොහොමද? ඔය හිතා ගත්ත දෙයක් ගැනද ? එහෙම නම් ඒකෙ තේරුම මොකක්ද ?,

      Delete
    2. //අරගලය නිසා මේ රටේ සැහෙන පුරවැසියන් සංඛ්‍යාවක් තමන්ටත් කොන්දක් ඇති බව තේරුම් ගත්තා.- ඒක නම් වෙන්න පුළුවන්. ඔන්න දැන් ආයෙත් නමා ගෙනනේ ඉන්නේ. ඉතින් කොන්දක් තියනව කියල දැන ගෙන තියෙන්නේ මාස කිහිපයක් විතරනේ.
      // දේශපාලනය ජන ජීවිතයට තදින්ම බලපාන බව දැන ගත්තා. තරුණ පරම්පරාවට බලය දිය යුතු බව- මහල්ලන් ගෙදර යැවිය යුතු බව වටහා ගත්තා.// අයියෝ නිදි 1971 ත් වුන 1987-89 ත් වුනා. ඒ තරුණ පරම්පරාවත් ඔහොම තමා කීවේ . ඒ ගොල්ලොත් දැන් නාකි වෙලා. සමහර අය.

      //ඒ සේරටම වැඩියෙන් දැන් ඉන්නා දේශපාලුවන්ගේ හැටි- එකම පන්තිය රැක ගන්නා හැටි හරි ලස්සනට රට්ටුන්ට පෙනෙන්න ගත්තා.// මේ ප්‍රකාශය ඉතාමත් විවාදාත්මකයි. එම දේශපාලුවන්ගේ හැටි මුන් ඔක්කොම දන්නවා. ඒත් චන්දෙ දෙනවා. දන්නවද නිදි මම මුල් කාලයේ අරගලයේ හිටි බව. මෙහෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අය සමග මුලින් ගියා. පසුව ජවිපෙ සහ සජබ , යූඇන්පී අය සමගත් එකතු වුනා. හුඟක් ෆොට්ටුවේ අයත් ආව. මම ගියේ මම නිර්ධන පන්තියේ හින්ද නෙමේනේ. අනිත් අය විඳින දුක දැකල , පෙට්රෝල් නැතිව, කෑම එක පරට ගණන් ගිහින්, මමත් මධ්‍යම පන්තියේ. මධ්‍යම පන්තියේ ඔයත් අරගලයට ගියේ ඒ නිසා නෙමේද? ඒකෙ නෙමේනේ වැරැද්ද තියෙන්නේ. ගිය ඇතැම් අයගේ නේ. මම ගිය දෙවෙනි දවසේ යුඇන්පී /සජබේ සෙට් එකක් සමග හිටි වෙලේ තේරුණා එතැන හිටි සමහරුන්ගේ ආශා . අර වගේම අහවල් සංස්ථාව, අහවල් අරක, අහවල් මේක සජිත් හරහා ගන්න හැටි, සජිත්ව කොපමන අඳුනනවද , අහවල් කෙනාව කොපමණ අඳුනනවද වගේ දේ. මම හෙමින්ම මාරු වුනා. ඉන්න සෙට් එක වගේම තව සෙට් එකකට දෙන්න දායක වෙන්න මට කොහොමත් ඕනේ නැති නිසා. අන්තිමට දන්නවද සජිත් අගමැති පදවිය ගත්තේ නැති එකට ඒ සමහර අය කොපමණ විස්සෝප වුනාද කියල? පෙරටුගාමින් අරගලය පටන් ගත්තේ ඔතන නෙමේනේ? ඔයිට කලින් ඉඳන්. අන්තරේ අරගල වල හිටිය ඔයිට කලින් ඉඳන්නේ., උන් පාරවල් වහන කොට කෑ ගහපු එවුන් එක පාරට අන්තරේ බදා වැළද ගත්ත. දන්නවද දැන් සමහරු ආයි උන්ට බනිනවා? ඇයි ඒ ? දැන් බස්සා අහනවා දීප්තිගේ ප්‍රයෝගික වැඩ පිළිවෙල ගැන? අරගලේ හිටිය පක්ෂ වල - ජවිපෙ/පෙසපේ/සජබේ ප්‍රයෝගික වැඩ පිළිවෙල කියල මොකද්ද තිබ්බේ? මට තේරිච්ච විධිහට පොල්පොට් වාදයක් නම් තිබ්බ දෙතුන් දෙනෙක් ළඟ - ඒක තමයි ඔය කියන අර්බුදය

      Delete
    3. // ... නමියා, ඔයා සහ බස්සා මේ වීඩියෝ බලන්නේ නැතිනම් ඒ ගැන අදහසක් පල කරන්නේ කොහොමද?//

      Guilty as charged. අමූලික ඇත්ත, පලවෙනි එක විතරයි බැලුවෙ. ඔහේ නං කියයි, ඒකක් බැලුවෙ කොච්චර අමාරුවෙන්ද? 😉

      මට නං ජවිපෙ/පෙසපේ/සජබේ/ දීප්ති /රනිල් ඔක්කොම එකයි. අජිත් වගේම ඉයන්ගෙත් දේශ්පාලන නැඹුරුව මට අවුලක් නෑ. මට වටින්නෙ, අපේ අදහස් නොගැලපුනත්, ශිෂ්ඨ සම්පන්න මිනිසුන්සේ මේ ගැන වාද කරන්න හැකිවීම විතරයි. ඒගැන ස්තූතියි.

      Delete
    4. ඒක සෑහෙන බ්රෝඩ්සයිඩ් එකක්

      Delete
    5. මේ මගේ සත දෙක - ජවිපෙ - සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් සහිත පක්ෂයක්, ජවිපෙ සාමාජිකයන් සමාජවාදී හෝ පොල්පොට්වාදී රජයක් බලාපොරොත්තු වුනාට නායකයන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ යන ය. ඔවුන් පෞද්ගලික දේපල වලට දැන් විරුද්ධ නැහැ. බටහිර සමග සම්බන්ධතාවයක් තියා ගන්න කැමැතියි, නාමිකව විජේවීරවාදී, නමුත් විජේවීරවාදයෙන් සෑහෙන්න අයින් වෙලා ඉන්නේ, අනුර කුමාර වඩා ලිබරල්, ටිල්වින් වඩා සමාජවාදී, ඒ නිසා පක්ෂය ටිකක් බැලන්ස්, හැබැයි 2005 රාජපක්ෂවාදය ගෙන ඒම සහ දරුණු යුද්ධයකට සහයෝගය දීම මත රැඩිකල් වම ඔවුන්ට විරුද්දයි
      පෙසපේ - සෑහෙන්න අරගලවාදී පක්ෂයක්, ඉන්න ජවිපෙ සාමාජිකයන්ට වඩා පෙසපේ පොල්පොට්වාදී පක්ෂයක්, නමුත් හෙල්ති කොටසක් ඉන්නව ට්‍රොට්ස්කිවාදී, කුමාර් ගුණරත්නම් හොඳ සංවිධායකක් වගේ පේනවා, න්‍යායවාදී පැත්තෙන් දුර්වලයි, කලින් යුද්ධයට පක්ෂ වෙලා ඓන්දල යුද්ධය දිනුවට අපි ඒකට හිටියේ නැහැ වගේ පෙන්වල අයින් වුනා
      දීප්ති - දීප්ති මට පෙනෙන්නේ තරමක් දුරට ස්ටාලින්වාදියෙක් හැටියට, නමුත් ඊට වැඩිය රැඩිකල්, රට යන අත ගැන හොඳ අවබෝධයක් තියනවා. දේශපාලන වේදිකාවේ පුද්ගල විවේචන කරලා තියෙන නිසා ගොඩක් අය තරහකරගෙන්න ඉන්න නිසා, ලැබෙන අවධානය අඩුයි, නමුත් ඔයා කියන තරම් හිස් කෙනෙක් නෙමේ. ජවිපෙ හා පෙසප පක්ෂ දෙකටම විරුද්ධයි, ඒ දෙකට වඩා ජාත්‍යයන්තරවාදී ගතියක් තියනවා
      සජබේ - මට සජිත් සහ ගෝඨාභය අතර වෙනසක් පේන්නේ නැහැ. රනිල් ගේ ආර්ථික ප්‍රතිපත්තිම තමයි තියෙන්නේ. ඒ ගොල්ල නම් එන්නේ මේ ඉන්න කට්ටියත් හොඳයි තමා
      රනිල් - හරියට කලොත් රට යම් පමණකට ගොඩ දායි, හැබැයි හැම වෙලාව ඇන ගන්න ප්‍රවණතාවක් තියෙන නිසා මේ පාරත් ඇන ගන්න සම්භාවිතාව වැඩියි

      Delete
  7. අප මුල සිටම මුදලට බ්ලොග් ලියනා අය ගැන කියූ කාරනා ඇත්ත බව විමල් වීරවංශ මහතා රචිත 'නවය; සැඟවුණු කතාව' පොතෙන් දැන් හෙළිවී ඇත. අජිත් ධර්ම මහතා දැන් මොකද ඒ ගැන කියන්නේ.

    පහත කරුණු හිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලි‌මේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගෙන් උපුටා ගන්නා ලදී.

    මම මේ පොතෙන් අනාවරණය කරනවා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න තීරණය කරලා, පලා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඇමෙරිකාවත් ඔහුගෙන් ඉල්ලා සිටියා කියා, ‘ඔයා ඉල්ලා අස්වෙන්න කලින් අගමැති රනිල්වත් අයින් කරන්න‘ යනුවෙන්. එවකට ජනාධිපති ලේකම්වරයා වූ ගාමිණී සෙනරත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් අයින් කරන ලියුම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලියුම යන දෙකම හදලා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්සන් කළේ එයාගේ ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. ඒ අතරතුර රනිල් වික්‍රමසිංහගේ ගෙදරත් ගිනි ගන්නවානේ. සමහරවිට ඒ ගිනි තැබීම කරන්න ඇත්තේ රනිල් මානසිකව බිඳවැටිලා ගෝඨාභය අයින් නොකළත් ඉල්ලා අස්වෙන ලියුමක් දෙන විදිහේ තත්ත්වයකට පත් කරගන්න විය හැකියි.

    කථානායකතුමන් තමන්ගේ පවුලේ ඔක්කොම යවනවා මාතර පැත්තේ ගෙදරකට. එතුමාත් තරමක් තිගැස්මෙන් නිල නිවසේ ඉන්නේ. මොකද ඒ අර පාර්ලිමේන්තුව වට කළ වෙලාව. එහෙම ඉන්නකොට සේවකයකු ඇවිල්ලා කියනවා, ‘ඇමරිකානු තානාපතිතුමිය ඇවිල්ලා ඔබතුමා හම්බවෙන්න ඕනේ කියනවා.’ කියලා. ඉතින් ඒ ගමන කථානායකතුමන් කලබලෙන් පහළ මහලට එනවා. ඇවිත් එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා, ‘දැන් ගෝඨාභය අයින් වෙනවා. ඔබ ජනාධිපති ධුරය භාර ගන්න‘ කියා. එතකොට කථානායකතුමා කියනවා, ‘එහෙම කරන්නේ කොහොමද තානාපතිතුමියනි, ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩබලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. මම කථානායක. එයා ඉන්දැද්දි මට ඒක කරන්න බැහැ.‘ කියලා. අවසානයේ දී තානාපතිතුමිය කියන්නේ ‘ව්‍යවස්ථාව වැඩක් නැහැ. අපි ඒක බලාගන්නම්. ඔයා මේක ගන්න‘ කියලයි.

    රී ලංකාවට එහි ගැඹුරු වරායවල් සහ උපායමාර්ගික පිහිටීම නිසා නවීන ලෝකයේ වේගයෙන් නැඟී සිටින ඉන්දියානු ශාන්තිකර කලාපයේ නාභිය බවට පත්විය හැක. ශ්‍රී ලංකාව විසින් එම තත්ත්වය අත්පත් කර ගැනීම සඳහා ඇමරිකාවට තමන් සතු ආර්ථික හා ආරක්ෂක හැකියාවන් යොදා ගනිමින් ප්‍රබල භූමිකාවක් ඉටු කළ හැක.‘ යනුවෙන් ඔහු පැවසුවා. මෙහි යටිපෙළ අරුත ගත්තොත් ‘ප්‍රබල භූමිකාව ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාව නමැති රාජ්‍යය බිඳවැට්ටිය යුතුව ඇත. අඩපණ කළ යුතුව ඇත. අසාර්ථක කළ යුතුව ඇත. ආර්ථික හා දේශපාලන වශයෙන් පරඬැලක් බවට පත් කළ යුතුව ඇත. එසේ කරන ලද කල්හි අපේ වැඩේ කරගත හැකිය. ඒක කොරගන්න සාමාන්‍ය ක්‍රමයට බැරිය. අසාමාන්‍ය උපාය උපක්‍රම පාවිච්චි කළ යුතුය.’ යන්නයි.

    ඒකට බ්ලොග්කරුවන් අල්ලන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ. සෝෂල් මීඩියා වීරයෝ හදන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ.

    සම්පුර්ණ ලිපිය මෙතනින්

    ReplyDelete
    Replies
    1. //අප මුල සිටම මුදලට බ්ලොග් ලියනා අය ගැන කියූ කාරනා ඇත්ත බව විමල් වීරවංශ මහතා රචිත 'නවය; සැඟවුණු කතාව' පොතෙන් දැන් හෙළිවී ඇත. අජිත් ධර්ම මහතා දැන් මොකද ඒ ගැන කියන්නේ.// මට කියන්න තියෙන්නේ ඇනෝ ඕක තනිකරම hersey එකක් බව. බ්ලොග් ලෝකයේ වෙන කතා වලින් තේරුම් ගියේ මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ මහතාට පමණක් අභීත එදිරිසිංහ නම් පොහොට්ටුවේ බ්ලොග් ලියු අයෙක් හරහා මුදල් ලැබුන/ලැබෙන බව. ඒ අභීත මහතා ජොනි නම් දේශපාලනඥයෙක් ළඟ වැඩ කරන බව. මේකට මට සාක්ෂි නැහැ . එනිසා ඇත්තද කියන්න දන්නේ නැහැ? අජිත් පරකුම් යුඑන් එකෙන් සල්ලි ගත්ත ඒ කලේ. ඒක හැබැයි එයාගේ රස්සාව. ලංකාවේ යුඑන් එකේ බ්ලොග් අඩවිය රන් කලේ එයා නිසා, එය ඒක හැංගුව දෙයක් නෙමෙයි, එයා ගේ අරගලයට පක්ෂ කමක් තිබ්බ කියල මම දන්නේ නැහැ. දැන් රනිල් මහතාට පක්ෂයි. වෙන බ්ලොග් මොනවාද? කවුද ඒ අය ? ඕන කෙනකුට ප්‍රබන්ධ ලියන්න පුළුවන්. විමල් විරවංශ මහතාට කියන්න සාක්ෂි ඉදිරිපත් කරන්න කියල.

      Delete
    2. මයිදානය මෙහෙයවූවේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කියන එක ප්‍රසිද්ධ දෙයක්නේ

      Delete
    3. විමල් බ්ලොග් ගැන කියන්නේ ඉකොනෝමැට්ටා, කොලබගමයා,රුවන් එම් ජයතුංග වගේ අය ගැන නේද?

      Delete
    4. 😀 සීරියස්ලි ඇනෝ . රුවන් ජයතුංග එක්ක අර දීප්ති සමග එපිසෝඩ් එකෙන් පස්සේ මම වැඩිය එන්ටර්ටේන් කරන්නේ නැහැ, එයා ගියාවේ. එයා මට කීව යමක් නිසා මම එයාව මැන ගත්ත. මගේ යාලුවෝ ඉන්නව එයාව අඳුරන. ඒ නමුත් එයා වුනත් අමෙරිකෙන් සල්ලි අරගෙන අරගලයට උදව් කළා කියල කියනවනම් ඉතින් විමල් ගේ ඔලුව සෝදිසියකට ලක් කරන්න වෙයි. මම ගැන කියනවනම් ඇනෝ , මගේ ලිපි කියෙව්වා නම් තේරෙයි ඇමෙරිකාව කියන්නේ මම වැඩිය කැමති රාජ්‍යයක් නොවන බව. මම යුරෝපෙට වැඩිය කැමතියි. එකොන් නම් ෆුල් අමෙරිකනුවාදී කියල තමා හිතෙන්නේ. ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් කියල තමා කවුද කීවේ. හැබැයි අපි තුන්දෙනා අරගලය කියල කියනවනම් විමල්ව බෙහෙත් ගන්න යවහල්ල. කලින් ප්‍රතිකාර කලොත් බේරා ගණන් පුළුවන් වෙයි. 😀

      Delete
    5. විමල් ගේ ලිපියේ සමහර දේවල් තිබෙනවා හරියි කියල හිතෙන. විශේෂයෙන් රුසියාව සම්බන්ධව එයා ලියල තියෙන සමහර දේවල්. ඒකට හේතුව හුඟක් වෙලාවට එයාගේ යහළුවෙක් වන රුසියාවේ වරින් වර ජිවත් වන ජගත් චන්ද්‍රවංශ වෙන්න ඕනේ. මමත් ඒ බොහොමයක් දේවල් වෙනත් මාර්ග වලින් දන්නවා. රු-සි-යා-ව පළමුවෙන් ආක්‍රමණය කලාට යුද්ධය ඇති කලේ ඇමෙරිකාව බව මමත් පිලි ගන්න කාරණයක් හුඟක් බටහිර මාධ්‍ය විස්තර කියවන අය ඒක පිලි ගන්නේ නැති බවත් ඇත්ත. නමුත් ඔය ජුලි චං කීවයි කියන දේවල් නිකන් ඕන කෙනෙකුට හිතල වුනත් කියන්න පුළුවන්නේ. ප්‍රබන්ධ වගේ.

      Delete
    6. මම නම් එහෙම හිතන්නේ නැහැ. ඇමෙරිකාවේ හෝ ඉන්දියාවේ තෝරා ගැනීම නොවුනට ඒ ගොල්ලෝ රනිල් එක්ක වැඩ කරනවනේ. මේ වගේ සංවිධාන හුඟක් තියනව. නමුත් අරගලයට මුලින් උදව් කලේ මිනිස්සු එකතු වෙලා. මුලදී සංවිධාන තිබ්බේ නැහැ. අපි වුනත් මෙහෙ සල්ලි එකතු කරන ජවිපෙ, පෙරටුගාමී අයට දුන්න. නමුත් පස්සේ සමහර කම්පැනි ඒකට එන්ටර් වුන බව මම දන්නවා.

      Delete
    7. එකොන් කවුද කියන්න මම දන්නේ නැහැ. මූල්‍ය අදායමක් ලැබෙනවා නම් හොඳයි නේ ඒ නේ ඒ ලියන ඒවාට. මමත් සමහර දේවල් ඉගෙන ගන්නවා. කියවල් ඒවා වැරදි විවේචනය කරනන්. අලුත් ආර්ථික නීති, මොඩල් ගේන්න . ඒකනේ කරන්න ඕනේ.

      Delete
    8. ශ්‍රී ලංකාව පිහිටීම අතින් ප්‍රබල තැනක ඉන්නවා කියන එක පිලි ගන්න වෙනවා. strategically. කව්රු හරි ඒක එහෙම නොවේ කියනවනම් භූ පිහිටීම් ගැන දන්නේ නැති අය.

      Delete
  8. පෙන්ෂන් ගියාම යමක් කියන්නම්...

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු විස්සක් මම මේ බ්ලොග් එක ලියන එකක් නැහැ. ළඟදීම නවත්වන්න ඉන්නේ

      Delete
    2. හ්ම්......😮😞 ඕව ඔහොම තමයි. බ්ලොග් වලටත් එක්ස්ෆයරි ඩේට් තියනවා අපේ හාංදුරුවනේ!

      Delete
  9. P 01 -
    අජිත්, කිව්වට තරහ වෙන්න එපා. ඔය දීප්ත,( පස්සෙ දීප්ති වුනා) ඉස්සර magazine එකක් කළා London කියල 🤣🤣🤣. හොයල බැලුවම දීප්ත ඇතුලු රොත්‍ත මේකට London කියල දාගෙන තියෙන්නෙ London "සංස්කෘතික කේන්ද්‍රය " කියල හිතලලු. 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. ලන්ඩන් පොත මම ගව තියනව, පෙරදිග සුළඟත් තියනව, ඒවා ලංකාවේ තින්කින් පැටන් වෙනස් කරපු සඟරා. පුලුවන්නම් හොයාගෙන කියවල කතා කරන්න ඇනෝ . හොඳ ලිපි තියනව. අනික ලන්ඩන් සංකෘතික කේන්ද්‍රයක් තමයි. ඒ කතාවේ වැරැද්දක් නැහැ

      Delete
    2. සොරි ලන්ඩන් සඟරාව

      Delete
    3. දීප්ති ලාලියපු දේවල් ගැන හිනා වෙන මිනිස්සු ගොඩක් ඔය උඩ ඉන්න මගේ බ්ලොග් යාලුවෝ දෙන්න වීඩියෝ නොබැලුව වගේ, නොකියවපු අය. මම අනූ ගන්නවල් අග ඉඳන් වගේ ඒවා කියවනවා. හිස්ටිරියා, ඇසිඩ් වැස්ස හෙම හොඳ පොත් කියවන්න. ඒවායේ අදහස් ඒ කාලෙට අනුව නවමු ඒවා. දැන් වුනත් ඔවුන් සංවාද ගෙනියන්න් තරම් දේ පළ කරනවා. කණගාටුවකට වගේ අනිත් පක්ෂ ඒ වෙනුවට බාල්දි පෙරලන එක විතරයි කරන්නේ. 😀

      Delete
  10. P - 2
    වැඩේ කියන්නෙ දීප්තය ඇතුලු රොත්ත ඒ වෙද්දි London තියා Madras වත් ගිහින් නැතිලු ඕයි 🤣🤣🤣!!!

    ReplyDelete
    Replies
    1. ලන්ඩන් එන්න අවශ්‍යම නැහැ ඒ ගැන කියවන්න හෝ දැනගන්න. දිප්ටිලගේ පක්ෂය හෝ සංවිධාන කිහිප දෙනෙක්ම රට රටවලට යැව්වා නේද

      Delete
    2. නෑ මං හිතන්නෙ උඩරටට වත් යැව්වෙ නෑ 🤣

      Delete
    3. සමන් වික්‍රමආරච්චි වගේ නමක් තියෙන කෙනෙක් ප්‍රාග් වල හෙම පිඑච්ඩි කළා නේද? හැබැයි ඉතින් වැඩිපුර මුදල් තියෙන පක්ෂයක් නෙමේනේ ඔයාලගේ වගේ. ජවිපෙ ගත්තොත් 88-89 කාලේ බටහිරට පැනල අසයිලම් ගත්ත ගොඩක් අය ඉන්නවනේ, ඉතාලිය ප්‍රමුඛව. එංගලන්තේ හෙමත්. පෙරටුගාමී පක්ෂයටත් එහෙමයි. අර කට්ටිය බෙදුන නිසා. ඉතින් සල්ලි ඕන තරම් තියනවා ඕන කෙනෙක්ව ගෙන්න ගන්න..

      Delete
  11. US Dollar Suffering ‘Stunning Collapse’, Losing Reserve Status Due to Currency Weaponization: Report

    By Henry Kanapi


    The US dollar’s global supremacy is reportedly eroding at an exponential rate, with countries backing away after witnessing how America used USD to impose sanctions against Russia.


    In a new Bloomberg report, Stephen Jen and Joana Freire of asset management firm Eurizon SLJ Capital reveal that in 2022, the US dollar’s market share in global reserves plunged 10 times its average speed of the past 20 years.


    Considering the fluctuations in exchange rates, the dollar lost about 11% of its market share since 2016 and twice that amount since 2008.


    Jen and Freire say in an investor note that countries located in Asia, Latin America, Africa, the Carribean and the Pacific Islands – collectively known as the Global South – are shedding their dollar reserves as they look for an alternative to avoid sharing Russia’s fate.


    “The dollar suffered a stunning collapse in 2022 in its market share as a reserve currency, presumably due to its muscular use of sanctions. Exceptional actions taken by the US and its allies against Russia have startled large reserve-holding countries.”


    According to Jen and Freire, the dollar now accounts for 58% of global reserves, drastically down from 73% over two decades ago when the currency was considered as the “indisputable hegemonic reserve.”


    Although the dollar’s dominance appears to be on the decline, Jen and Freire note that the USD’s status as the world’s reserve currency is unlikely to change in the near future as emerging economies continue to depend on the greenback to settle international trades.

    However, the duo warns that the developing countries’ reliance on the US dollar is not “preordained,” and it is possible that more nations hop on the trend of de-dollarization.


    “The prevailing view of ‘nothing-to-see-here’ on the US dollar as a reserve currency seems too innocuous and complacent. What needs to be appreciated by investors is that, while the Global South is unable to totally avoid using the dollar, much of it has already become unwilling to do so.”


    24 Nations Align Against US Dollar As BRICS Looks to Launch New Global Currency


    A total of 24 nations are now looking to build a strategic alliance that will challenge the US dollar’s decades-long role as the world’s reserve currency.


    The group of five economically-aligned countries collectively known as BRICS is reportedly on the cusp of a massive expansion.


    The core collective consists of Brazil, Russia, India, China and South Africa – and a surge of nations interested in joining the alliance would bring the total number of nations to 24.


    That’s according to South Africa’s BRICS ambassador, Anil Sooklal, who tells Bloomberg that a long list of nations are now looking to join in.


    Sooklal says the list includes 13 countries that have formally asked to join and an additional six countries that have informally requested to be part of the alliance.


    The group of known newcomers includes Saudi Arabia, Iran, Argentina, the United Arab Emirates, Algeria, Egypt, Bahrain, Indonesia, two unnamed nations from East Africa and one from West Africa.


    BRICS was formed back in 2006, and the original group did not include South Africa, which joined in 2010.


    According to the Russian state-owned news agency Sputnik, BRICS is in the early stages of developing a new global currency that would circumvent the US dollar.


    Russian State Duma Deputy Chairman Alexander Babakov says the new form of fiat will likely be backed by other assets including precious metals like gold.


    Additional details are likely to emerge by the summer, with the next BRICS summit set for South Africa in late August.

    ReplyDelete
  12. අජිත් පහත RT News වීඩියෝව ගැන ඔබගේ අදහස කුමක්ද? බිරිඳ මොකද කියන්නේ?

    link

    ජර්මනියෙ මුස්ලිම් අම්ම කෙනෙක් තමන්ගෙ ලමයට LGTVHDMI+ උන් මුස්ලිම් සමාජයෙ පිලිගන්නෙ නෑ කියල උගන්වල.
    චයිල්ඩ් ප්‍රොටෙක්ශන් එකෙන් කියල කියන්නෙ.

    මේකෙන් නම් ඉතින් ලොකු අදහසක් ගන්න බැහැ. දැනට මේ ගැන පරීක්ෂණ කරනවා කියලයි ජර්මන් පොලිසිය කියන්නේ. කොහොම වුණත් "රාජ්‍යය" විසින් "පුරවැසියා" ගේ නිදහස අතික්‍රමණය කරද්දී වැඩි දෙනෙකුට නොපෙනෙන පැත්තක් තමයි මේක. ගොඩක් දෙනෙක් කියනවා ගබ්සාව, සියදිවි නසාගැනීම, ලිංග මාරුකිරීම වගේ දේවලට නිදහස ඕනේ කියල. එක හරි! හැබැයි අනික් අතට වැක්සිනේෂන් ගැන ඒ නිදහස තියෙනවද? ළමයින්ගේ පාසල් අධ්‍යාපනය ගැන චොයිස් එකක් දෙමාපියන්ට තියෙනවද? (මෙතන තියෙන්නෙත් ඒ වගේ දෙයක් කියලයි පේන්නේ)

    පුද්ගලිකව මට මොන විවේචන තිබුනත් "රාජ්‍යය" ගැන ඇමරිකානු මතවාදයට මගේ යම් කැමැත්තක් තියෙන්නේ ඒකයි. ඇමරිකාවේ ගන් රයිට්ස් ගැන විවේචන තිබුනත් ඇත්තටම ඓතිහාසිකව ඒකෙ පදනම "රාජ්‍යය"ට විතරක් ආයුධ සන්නද්ධ වීමේ බලය පවරන එක අසාධාරණයි කියන එක. "පුරවැසියා"ටත් තමන්ව ආරක්ෂා කරගැනීමේ අයිතියක් තියෙනවා. යම් විදිහින් රාජ්‍යය ඔවුන්ගේ ආයුධ පුරවැසියාට එරෙහිව දියත් කළොත්?

    ඕකට කර යුත්තේ හැමටම ආයුධ දෙන එක නෙව‍ෙයි සාමාන්‍ය පුරවැසියාට එරෙහිව ආයුධ ඔසවන්න බැරි වෙන්න රාජ්‍යට විලංගු දැමීම හා පුරවැසියාට ආයුධ අතට නොගැනීමට ඇති පරිසරයක් ඇති කිරීම.

    මට කාලෙක ඉඳලා හිතෙන දෙයක් තියෙනවා, මෙහෙමයි මචන් පොලිටික්ස් කියන්නේ තනිකර ප්‍රොපගැන්ඩා උඩ දුවන ගේම් එකක්. Divide and rule තමයි ලෝක ඉතිහාසේ මුල ඉඳලම තිබ්බ හොඳම ස්ට්‍රැටජි එක. ශතවර්ෂ ගාණක් තිස්සේ මිනිස්සුන්ව ආගම් අල්ලලා කෙටෙව්වා, ජාතිය, භූමිය, හමේ පාට. ඒත් දැන් මිනිස්සු ඒ වගේ දේවල් වලින් කොටවන්න අමාරුයි, ගොඩක් උන් ආගම් ජාති අරව මේව අතෑරල. LGBTQ+ තමයි ඊළඟ ගේම් එක. උන්ට සාමන්‍ය මිනිස්සු වගේ කිසි වෙනසක් නැතිව ජීවත් වෙන්න අයිතිය තියෙනවා, ඒකෙ කිසි තර්කයක් නෑ. ඒත් දැන් වෙලා තියෙන්නේ ස්ටේට් එකෙන්ම උන්ට මාර පවර් එකක් ආරූඪ කරලා උන් විශේෂයි කියලා කුලප්පු කරවලා උන්ව අනිත් එකාල එක්ක ඇරගන්න තත්වෙට ගේන එක. Divide and rule.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබ කොමෙන්ට් මොඩරේට් කරනවා නං මා කලින් එවන ලද කොමෙන්ටුව පබ්ලිෂ් නොකරට කමක් නැහැ..

      වැට බදිනා සංවාද වලින් පලක් නැහැ.

      Delete
    2. වැක්සිනේෂන් එකට නිදහසයි මේකයි එකට සමාන කරන්න බැහැ. අනිත් අය මැරෙන අවස්ථාවක වැක්සිනේෂණ පිලිබඳ පුද්ගල නිදහස දෙන්න බැහැ. ලංකාවේ ක්ෂය රෝගය සම්පුර්ණයෙන්ම දුරු කළේ හැමෝටම ඒ එන්නත් විදලා. මම සෑහෙන්න ආඩම්බරයි ඒ ගැන. ලන්ඩන් වල ක්ෂය රෝග ගැන කතාවකදී ලංකාවේ අයට තමා නැත්තේ කියන එක අවධාරණය කරණ කරුණක්. ජර්මන් පොලිසියට මෙතැනදී මගේ පූර්ණ සහයෝගය හිමියි. මම දැක්ක රුසියානු චැනල් ඒකට විරුද්ධ බව, රුසියාව තවම ස්ටාලින් වාදී නිසා එහෙම වෙලා තියෙන්නේ. බටහිර යන්නේ ට්‍රොට්ස්කි වාදී විධිහට. මම මේ ගැන ලිපි කිහියක් ලියල තියෙනවා. සෝවියට් දේශයේ සමලිංගික ක්‍රියා පිරිමින් අතර තහනම්. හැබැයි හොරෙන් ඕන තරම් වෙන්න ඇති. ගැහැනුන් අතර සමලිංගික ක්‍රියා එතරම් ගණන් ගත්තේ නැහැ.
      //ඕකට කර යුත්තේ හැමටම ආයුධ දෙන එක නෙව‍ෙයි සාමාන්‍ය පුරවැසියාට එරෙහිව ආයුධ ඔසවන්න බැරි වෙන්න රාජ්‍යට විලංගු දැමීම හා පුරවැසියාට ආයුධ අතට නොගැනීමට ඇති පරිසරයක් ඇති කිරීම.// එකඟයි. මේ දෙමාපියන් ඒකට කැමති නැත්නම් ආපහු ගියහැකි තමන් ආපු රටට. අර ස්වීඩනයේ ළමය එක්ක එකඇඳේ නිදියණ නිසා ඉන්දියන් යුවලක ගේ ළමය ගත්ත. ඉන්දියන් රජයත් ඒකට මැදිහත් වුනා. මම දැකල තියනවා ඉන්දියන් දෙමාපියන් ඉරුදු 20 තරුණ දූ පුත්තු ආම්බන් කරන හැටි. මම ස්වීඩන් රජයට පක්ෂයි එතැනදී. ඒක ඒ රටේ නිතිය වගේම සධරාන එකක්.. පිලි පදින්න බැරිනම් එන්න එපා. ඇයි ඉන්දියන් ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැත්තේ දෙමාපියන් ගැහැණු දරුවන් නම් ලැබෙන්නේ ගබ්සා කරන එකට. මේ නිසා දැන් එංගලන්තේ ළමයාගේ ජෙන්ඩර් එක කියන්නේ නැහැ. ඒත් ඉන්දියන්, පකිස්තාන් අය පෞද්ගලිකව බලල දරු ගැබ ගබ්සා කර ගන්නවා.
      මුස්ලිම් තරුණයෝ (සිරියාව, ඇෆ්ඝනිස්තානය) හෙම ජර්මන් කෙල්ලන්ට ස්විමින් පූල් වල හිරිහැර කරනවා. ඇහුවම කියන්නේ අපේ රටේ මෙහෙම ගැහැණු බිකිනි ඇඳගෙන ඇඟ නිරාවරණය කරගෙන නැහැ. ඉතින් අපි හිතන්නේ ඒ ගොල්ලන්ට ඕන නිසා එහෙම කරන්නේ කියල. ලොකු ප්‍රශ්නයක්. ඒවා පත්තරවල දන්නා තහනම් කරලා තියෙන්නේ. සිද්ධි කිහිපයක් තිබෙනවා. එංගලන්තේ Rotherham දුෂණ සිද්දියේදී සමහර අම්මලා පුතාලව සුද්ධ කලේ අඩුවයස් ගැහැණු ළමයි වේසියෝ කියල. නඩුවේදී තර්ක කලේ තම තමන්ගේ රටවල අවුරුදු 12 වැඩිහිටි වයසක් කියල. මේ රටවල් වල ඉන්නව අම ඒ නීති වලට අනුගත වෙන්න ඕනේ කියලයි මම හිතන්නේ.

      Delete
    3. https://www.bbc.co.uk/news/uk-england-south-yorkshire-45980210

      Delete
    4. Anonymous3 May 2023 at 14:26 ඇනෝ මම උදේ 8.00 විතර නැගිටලා 9.00 , 9.30 ට වැඩ පටන් ගන්නේ. ලංකාවේ වේලාවෙන් 12.30 - 1.30 වගේ වෙලාවක්. ඉවර වෙන්නේ 5.30- 6.00 විතර. රෑ 10.00 ට විතර. සෝෂල් මිඩියා යන්නේ රෑ 8.00 විතර. වැඩ කරන වෙලාවට යැවෙන්නේ නැහැ. ඉතින් පල කරන්න ප්‍රමාද වෙනවා. මම මොඩරේට් කරනවා තමයි. ඔය ඉහත කොමෙන්ට් නෙමේ. පෞද්ගලිකව ගහන මඩ ප්‍රහාර සහ මා ගැන අනවශ්‍ය බොරු ලියන ඒවා. වෙන තැන්වල ගිහින් දාගත්තට මට ප්‍රශ්නයක් නැහැ.

      Delete
    5. සෝවියට් විවාහ - https://kolambagamaya.blogspot.com/2018/03/1.html

      Delete
  13. ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ සදානුස්මරණීය නායකත්වය දරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එදා සිට අද දක්වා මහ මගට බැස දිනා ගත් සිසු අයිතීන් බොහෝ ය. ඊට අමතරව දේශපාලනික සටන් වලින් සම්පූර්ණයෙන්ම ජනතාව ජයග්‍රහණය අත් කර ගැනීම සඳහා මෙහෙයවූ ආකාරය ගෝටාගෝ අරගලය හරහා රටම දැක ගත් අයුරු ඔබටද පැහැදිලි බවත් අප දනිමු. ලංකාවේ පාලනය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින අමන තක්කඩි පල් හොර මිනීමරු පාලක පන්තියෙන් නිර්ධය ලෙස බැට කෑ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය සැමදා තම වටිනා අධ්‍යාපන අයිතිය පාලකයන්ගේ අත්තනෝමතික තීරණවලට එරෙහිව වටිනා සිසු දිවි ගණනාවක් පුදා තහවුරු කර ගත්තේ දේශන ශාලාවෙන් පිටතට පැමිණ වැඩි කාලයක් මහ මගට බැස ජීවිත පරිත්‍යාගයෙන් සටන් කිරීමෙන්ම පමණකි.

    අන්තරයත්, මහ මගත්, නිදහස් අධ්‍යාපනයත් අතර එදා සිටම පැවතියේ නොබැඳි සබඳතාවයකි. අප සිසු විරුවන් මහ මගට එළඹ තමන්ගේත්, සුවහසක් අනාගත පරපුරෙත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරද්දී, තම මග තොට ප්‍රමාදය පිලිබඳ කිසිදු තැකීමක් නොකළ දසදහස් ගණන් මව්පිය සහෝදර සහෝදරියන් විසින් ලබා දුන් සහයෝගය, අපට හුදෙක් කැටයකට දැමූ කාසියකට පමණක් සීමා වූයේ නැත.

    නමුත් අද සිදුව ඇත්තේ කුමක් ද? කලකට පෙර මෙරට පාලක පන්තියව සිට බලයෙන් පහ වූ දැන් විපක්ෂය කියා ගන්නා කාලකන්නි පාහරයන් පිරිසක් විසින් අපට හිමි මහ මග අවුරා, මහ මගට බැස අහිංසක අධ්‍යාපන අයිතිය දිනාගත් අපගේ වේදිකාව තූ තූ කොට කෙලෙසා ඇත. සුරා සොඩුන් බමන මතින් කැරකෙමින් බල කාමයෙන් ඔද්දල්වී ගොස් අහිමි වී ගිය බලය නැවත සොයා ගැනුමට මෙලෙස මහ මගට බැස ඇත්තේ 'පාද යාත්‍රා' යන නමින් ය. මහ ජනයා මහ මග තණකොළ මිටි එල්ලමින්, යුක්තිය සාධාරණත්වය ඉල්ලූ වරදට වෙඩි කෑ නිර්ධන පන්තියේ අසරණ ජනයා හූහඬින් සංග්‍රහ කරමින් එකී පාදඩයන්ගේ යාත්‍රාවට නිසි පිළිතුරු ලබා දී ඇත.

    නමුත් අවසාන වශයෙන් සිදුව ඇත්තේ, තම අධ්‍යාපන අයිතිය තහවුරු කරගැනීමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට තෝතැන්නක් වූ මහ මග නම් වේදිකාව මේ අමනයන් විසින් කෙලෙසා තිබීමය.

    අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ, කලින් කලට පුටු මාරු කරගත් පාලක පන්තියේ පාදඩයන් අපගේ වේදිකාව කෙලෙසුවාට සමාවන්න. ඔබේත් අපේත් ඔබේ අනාගත දරුවාගේත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අප නැවත මහ මගට බසින මීළඟ දිනයේදීත් ඔබගේ ගමනට සිදු වන සුළු ප්‍රමාදය නොසලකා ඔබගේ සහයෝගය අපට අනිවාර්යයෙන්ම ලබා දෙන්න. එය අප වෙනුවෙන් නොව ඔබ හා ඔබේ සහෘද පිරිස සහ අනාගත පරපුර වෙනුවෙන් අද කරන්නාවූ මහත් වූ මෙහෙවරක් බව තේරුම් ගන්න. අපගේ මූලිකත්වයෙන් බිහිවුණු ගෝල්පේස් ගෝටාගෝ අරගලය කළ කාලේ වගේ අපට ලබාදුන් අතිවිශිෂ්ට වූ සහාය නැවතත් සුපුරුදු පරිදි අත්‍යවශ්‍ය වී ඇති බව ඔබට මතක්කරදෙන්නට ඕන බවත් අවධාරණය කර සිටිමු.

    - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

    ReplyDelete
    Replies
    1. දිනා ගත් සිසු අයිතීන් එකින් එක නම් කරන්න

      Delete

  14. පුටින් ඝාතන තැත වළක්වා ගනී

    විමුක්ති එස් රුද්‍රිගු)

    රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ කළ බව රුසියාව අද (03) චෝදනා කළේය.

    ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකරමින් ජනාධිපති පුටීන් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ දැරූ බවට රුසියාව චෝදනා කර ඇත.

    රුසියාව චෝදනා කරන ආකරයට තමන් ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ නොකළ බව යුක්රේනය පවසා තිබේ.

    එය යුක්රේනය පහර දීම සාධාරණීකරණය කිරීම සදහා රුසියවේ සැලැස්මක් බව යුක්රේනය චෝදනා කර ඇත.

    ක්‍රෙම්ලිනය යුක්රේනයට මෙසේ චෝදනා කළත් ප්‍රහාරය පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

    තම රට සුදුසු යැයි සිතන මොහොතක මෙම ප්‍රහාරයට පිළිතුරු දීමට රුසියාවට අයිතියක් තිබෙන බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත. රුසියනූ හමුදාව ප්‍රහාරය සදහා පැමිණි ඩ්‍රෝනයාන දෙක විනාශ කළ බව ක්‍රෙම්ලිනය පවසා තිබේ. යුක්රේනය රුසියාවේ හදවතට පහරදීමට කළ උත්සාහය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකන බවත් ජනාධිපති පුටීන් ඝාතනය කිරීමට දැරු උත්සාහයක් බවත් ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත.

    ReplyDelete
    Replies
    1. වීඩියෝ දාල තියනවා රෂියන් චැනල් වල. ට්විටර් එකෙත් ඇති. නමුත් ඒවා යුක්රේනියන් මද කියන්න බහ. හැබැයි යුක්රේනියන් ඩිෆෙන්ස් චිෆ් කියල තිබ්බ කිමි 3000 දුර යන ඩ්රෝන් තියනව කියල.

      Delete
  15. අජිත්,

    ශ්‍රී ලංකාවේ රුසියානු තනාතිපතිවරයාගේ පහත ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

    ඔහු ශ්‍රී ලංකාවේ කොළඹ දී පවසනවා නාසින්ට එරෙහිව 1945 දී රුසියාව සටන් කොට ජයග්‍රහණය කෙරු බවත්, වර්ථමානයේ නැවතත් නාසීන් සමග සටන් අරඹා ඇති බවත්ය. එම සටනද 1945 දී මෙන් ජයග්‍රහණය කරන බවත් පවසනවා. ඔහු මෙම ප්‍රකාශය පවත්වන්නේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඉදිරියේදීයි. මෙයින් ලබා දෙන සංඛේතය කුමක්ද?

    ශ්‍රී ලංකාවේදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කිරීමට හේතුව කුමක්ද?
    මෙම ප්‍රකාශය සිදු කරන මොහොතේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සිටින්නේ ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් සහ චාල්ස් රජතුමා අතර හමුවක වීම විශේෂත්වයක්.
    මෙම හමුව සුදානම් කලෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදියි.

    රුසියාවේ ප්‍රකාශය පහතින්.


    https://youtu.be/NBVvSS0UHnM

    ReplyDelete
    Replies
    1. ඇනෝ හොඳට මෙන්න මේ අවස්ථා දෙක කල්පනා කර බලන්න. සිරියාව සහ අන්තවාදීන්, උක්රයිනය සහ අන්තවාදීන් , මේක ගැන මට අවශ්‍ය නම් ලිපියකින් පැහැදිලි කර දෙන්න පුළුවන්. තේරුනේ නැත්නම්

      Delete
    2. ලිපියකින් පැහැදිලි කර දෙන්න

      Delete
    3. රුසියාව සම්බන්ධව අපක්ෂපාතිව නම් ලියන්න අමාරු තරමට බ්ලැන්කට් බෑන් එකක් යනවා. ලියන්න පුළුවන් පුවත්පත් හා sanctioned වෙබ් සයිට් වල දාන දේ විතරයි. ඒක හුඟක් අයට කීවට තේරෙන්නේ නැහැ. දැන් යුද්ධයක් නේ තියෙන්නේ. මේ යුද්ධය නිකන් රටවල් දෙකක් අතර යුද්ධයක් නෙමෙයිනේ. A prominent Russian nationalist writer, Zakhar Prilepin, was wounded in a car bombing in the region of Nizhny Novgorod on Saturday, the Russian state news agency Tass said, in an attack that Russia immediately blamed on Ukraine and the West.

      Tass quoted a source in the emergency services as saying the writer’s car was blown up. “He survived, but was wounded and is conscious,” the source was quoted as saying.

      No further details were immediately available.

      Delete
  16. රනිල්ගේ ඉල්ලීමට පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවක් අද

    තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සහ තෙවන චාල්ස් රජු අතර හමුවක් අද (5) පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියගෙන් මීට මසකට පමණ පෙර කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

    බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි.

    තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී හෙට(6) පැවැත්වෙයි.

    ReplyDelete
    Replies
    1. රනිල් සහෝදරයාගේ තවත් බලාපොරොත්තුවක් සපල වුනා එහෙනම්

      Delete
  17. අජිත් දන්නවද යකෝ මෙල්බන් සිට කටුනායක ආ ශ්‍රීලංකන් ගුවන්යානය අයහපත් කාලගුණය පිට දමා මත්තලට යවපු කතාව? ඒ විතරද මගීන් ඊට පස්සෙ සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් බස්වලින් කොළඹට ගෙනත්? මේකට විරෝධතාවක් සංවිධානය කර දූෂිත රනිල් රාජපක්ෂ පාලනය එලවා දැමීමට පියවර ගත යුතුයි. අලුත්ම අරගලයකට මේ හරහා මුල් පුරමු

    ReplyDelete
    Replies
    1. ඔබතුමා හොඳ බයියෙක් වගේ. මත්තලට හරවා යවන එකටත් චූන් වෙනවා කියන්නේ කොච්චර දෙයක්ද

      Delete
  18. කියුබාවේ මැයි රැලි තහනම සමාජවාදයේ ප්‍රශ්නයක් බවට රනිල් රාජපක්ෂ හොරරැලට කඩේ යන ගවයන් වගේම සජබයි මීහරකුන්ද මේ දවස්වල තප්පු ලන කාරණයක් මේ ගැන ශාන්ත ජයරත්න සහෝදරයා මනා ලෙස පැහැදිලිව ලියා තිබෙන උත්තරයක් මේක හැමෝටම ෂෙයාර් කරන්න

    //ඉතිහාසයේ ප්‍රථම වතාවට කියුබාවේ මැයි රැලි තහනම් කරපු එක තමයි ලංකාවේ සමහරක්ට මේ දවස් වල තියෙන ලොකුම thrill (ත්‍රිල්) එක. ඒකටත් හේතුව සමාජවාදය ලු !!

    කියුබාවේ දැන් මාසයකට ආසන්න කාලයක් ඉන්ධන හිඟයක් තිබුණා . හැබැයි ලංකාවේ මෝඩ ටොබයියෝ ඒක දැනගත්තේ කියුබානු රජය එහේ අගනුවර මැයි දින පෙලපාලී නැවත් වූ බව මාධ්‍ය වාර්තා කලාට පස්සේ . හැබැයි එහේ මිනිස්සු පෙපෙලපාලි නැවත්තුවයි කියලා කෑ ගැහුවේ නැහැ. ඒ අයට පුළුවන් විදිහට පෞද්ගලිකවම මැදිහත්වී ඉතාම හොඳින් ඒවා සියල්ලම කලා.

    මට තේරෙන්නේ නැහැ පහුගිය කාලේ ලංකාවේ තෙල් පෝලිම් තිබුනේ මොනවාදය නිසාද කියලා. අන්ත දූෂිත අමන චෞර පාලකයන්ගේ බඩ ගෝස්තර වාදය නිසාද? එසේ කිව හැකියි.

    කියුබානු ඉතිහාසයේ මෙතරම් දරුණු ඉන්ධන හිඟයක් මීට ප්‍රථම කවදාවත් ඇති වී නැහැ. මේ දිනවල ජනතාවාදී කියුබානු රජය විසින් ඉන්ධන නිකුත් කිරීම සීමා කොට තිබෙන නිසා තාවකාලිකව ඉන්ධන පිරවුම් හල් වල දිගු පෝලිම් තිබෙන බව ඇත්තක් තමයි නමුත් එය ඉල්ලුම හා සැපැයුම අතර තිබෙන ප්‍රශ්නයක් මිස සමාජවාදය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි.

    අනෙක අන්ත දූෂිත අශීලාචාර පාලකයන් විසින්ම වනසා ඇති රටක් වන ලංකාව තුල බොහෝ අය වර්තමාන කියුබාව පිළිබඳ කිසියම් කියවා ගැනීමක් අවශ්‍යයි කියලත් මට හිතෙනවා. එහි මෑතක ඇති වී තිබෙන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉතාම දුර්වල අනවබෝධයක් ඔවුන්ට තිබෙන බවක් පේනවා.

    කියුබාවේ තෙල් පෝලිම් හැදුනේ අපේ රටේ වගේ පාලකයෝ රටේ ජාතික ධනය කෝටි ප්‍රකෝටි ගණනින්කො මංකොල්ල කාල රට බංකොලොත් කරලා එහෙම නොවෙයි. හැබැයි ලංකාවේ වගේ "බොරු ෂෝ" නම් එහේ නැහැ. ඔවුන්ට අමෙරිකානු සම්බාධක නිසා යම් සුළු ආර්ථික ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදුව ඇතත් අපේ වගේ හොර පාලකයන් එහේ නැහැ.

    කියුබාවේ ඒක පුද්ගල ආදායම අඩු වුවත්, රජය විසින් ජනයාට අවශ්‍ය පොදු සේවාවන් සියල්ලම එක ලෙස ඉතාමත්ම සාර්ථක ලෙස සියලුදෙනාටම සමානව හොඳම තත්ත්වයකින් සපයනවා. කියුබාව අල්ලස, දූෂණය , වංචාව , සම්පත් අවභාවිතය නොමැති රටක්. ඒ සම්බන්ධව අප සතුටු විය යුතු නොවේද ?

    කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කේනල් (Miguel Diaz-Canel) පසුගිය දා රූපවාහිනිය හරහා ජාතිය අමතමින් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේ ඔවුන් ඉන්ධන ආනයන කොන්ත්‍රාත්තු ලබා දී තිබෙන රටවල් නියමිත පරිදි සැපැයුම් සිදු නොකිරීම මෙම හිඟයට හේතුව බවයි.

    කියුබාවට ප්‍රධාන වශයෙන්ම ඉන්ධන සපයන්නේ වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගම වන PDVSA. කියුබාව ඔවුන් සමග දිගුකාලීන ගිවිසුම් අත්සන් කොට තිබෙන්නේ 2000 දී. කියුබාවට දිනක අවශ්‍යතාව ඉන්ධන මෙ. ටොන් 500 -600 ත් අතර ප්‍රමාණයක්. එහෙත් මේ වන විට නිකුත් කරන්නේ දිනකට ටොන් 400 ක්. මෙම පෝලිම් ඇති වීමට හේතුව එය බවයි ජනාධිපති වරයා නිල වශයෙන්ම ප්‍රකාශ කොට තිබෙන්නේ.

    PDVSA මීට පෙර දිනකට බොරතෙල් බැරල් 100,000 ක් කියුබාවට සපයා තිබෙනවා. එහෙත් මේ වර්ෂයේ සිට ඔවුන්ගේ සැපැයුම සීමා කොට තිබෙනවා. ජනවාරි මස දිනකට බොරතෙල් බැරල් 40,000 කුත්, පෙබරවාරි බැරල් 52,000 කුත්, මාර්තු 76,000 කුත් සපයා තිබෙන බවයි වාර්තා වෙන්නේ. එයට හේතුව වී තිබෙන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම බව වෙනිසියුලානු රජය ප්‍රකාශ කරනවා. https://www.reuters.com

    කියුබාව ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරගන්නා අතර ඉතිරිය ඔවුන් ආනයනය කරනවා. ඔවුන්ගේ රටේ ළිංවලින්ර ලැබූ බොර තෙල් ගුණාත්මක භාවයෙන් අඩු නිසා ඔවුන්ට වාහන සඳහා යම් සැලකිය යුතු ඉන්ධන ප්‍රමාණයක් වෙනත් රටවලින් ආනයනය කිරීමට සිදුව තිබෙනවා. ඒ අතරම කියුබාවේ තිබෙන තෙල් පිරිපහදු වල ඇති වී තිබෙන යම් තාක්ෂණික ප්‍රශ්නත් මෙම හිඟයට බලපා ඇති බව කියනවා. එම පිරිපහදු 1957 වැනි කාලයේ අධිරාජ්‍යවාදීන් විසින් එකල
    ඉදිකළ ඒවා බව සඳහන්. ඒවාට අවශ්‍ය කරන අමතර කොටස් හිඟවීම වගේම මෙම සැපැයුම් ජාල සීමා වීමටත් බරපතල අමෙරිකානු සම්බාධක හේතු වී තිබෙනවා. https://www.apnews.com

    මෙම හිඟය සමාජවාදයේ ප්‍රශ්නයක් නොව සැපැයුම් ජාල වල පවතින බිඳවැටීමක් නිසා හටගත් ප්‍රශ්නයක් බව කියුබා රජය පවසන කරුණු සත්‍යබව මෙයින් පැහැදිලි යි. අනෙක මේ වන විට පූර්ණ සමාජවාදී හෝ ධනවාදී ආර්ථික තිබෙන රටවල් ලෝකයේ කොහේ වත් නැහැ. එසේ තිබේ නම් ඕනෑම අයෙකුට පෙන්වා දිය හැකියි.//

    ReplyDelete
  19. //

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ (2008-2018) හදුන්වා දූන් ආර්ථික ප්‍රතිසංස්කරණ සමග කියුබාවේ එතෙක් පැවති බොහෝ සීමාවන් ඉවත් වුනා. රජය විසින් අත්‍යාවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය, අධ්‍යාපනය , පොදු ප්‍රවාහනය වැනි දෑ සපයන අතර, කර්මාන්ත, මූල්‍ය සේවා , සංචාරක , ආනයන අපනයන ව්‍යාපාර , යනාදිය කෙමෙන් ඉදිරියට ගෙන යාම පෞද්ගලික අංශය මගින් කිරීමට ඉඩකඩලබාදී තියෙනවා. එමෙන්ම සෘජු විදේශ ආයෝජන කැඳවීම සඳහා අවශ්‍ය නීති අන පනත් ගෙන ඒමට එකල ඔවුන් කටයුතු කොට තිබෙනවා . එම නිසා ලංකාවේ බොහෝ අය හිතාගෙන ඉන්න කියුබාව නොවෙයි අද තිබෙන්නේ කියා ප්‍රකාශ කිරීමට කැමතියි. https://www.investopedia.com

    කාල් මාක්ස් , ලෙනින් , ෆෙඩ්‍ර්ක් ඒංගල්ස්, විජේවීර වැනි අයගේ ඡායාරූප දකිනකොට සමාජවාදය මතක් වෙන සමහර ලාංකිකයන් කොමියුනිස්ට් යැයි කියන චීනය දෙන ණය ගැනීමට විරුද්ධ නොවෙයි. ඔවුන්ගේ හාල්, බෙහෙත් , පාසැල් නිළ ඇඳුම්, වෙනත් පරිත්‍යාග කැමැත්තෙන් භාර ගනී. හැබැයි කොමිනිස්වාදය අකැපයි .

    එකල කියුබාව ලංකාවේ රෝහල් වලට නොමිලයේ වෛද්‍යවරු සපයන විට ඒවා ලබා ගැනීම හොඳයි. කියුබාව අදටත් ලංකාවේ මිතුරු රටක් හැටියට ජාත්‍යන්තර සංවිධාන වල පෙනී සිටින විට ඔවුන් හොඳයි. එහෙත් සමාජවාදය අකැපයි.

    ලංකාවේ ජනයාට බිත්තර නිෂ්පාදක මාෆියාව බිත්තර සඟවා මිල වැඩි කරන කොට රජය අවශ්‍ය යි. මෝල් කරුවන් වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය කොට මිල ඉහළ දානකොට ආණ්ඩුව අවශ්‍යයි, බස් ගාස්තු , ටැක්සි ගාස්තු වැඩි කරනකොට රජය අවශ්‍යයි , අධ්‍යාපනය විකුණනකොට රජය අවශ්‍යයි. හැබැයි සමාජවාදය අකැපයි.

    මින් අදහස් වන්නේ කුමක්ද ? අපේ රටේ සමහරක් මිනිසුන් සමාජවාදය දන්නෙත් නැහැ, ධනවාදය දන්නෙත් නැහැ , කොමියුනිස්ට් වාදය දන්නෙත් නැහැ හැබැයි කතා කලොත් නොදන්න දේකුත් නැහැ.

    "Jack of all trades, master of none."

    ශාන්ත ජයරත්න
    ජවිපෙ ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක//

    ReplyDelete
  20. තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවට ජනපති එක් වෙයි.
    ජනාධිපතිවරුන් අගමැතිවරුන් සමග ද සාකච්ඡා පවත්වයි.
    ලන්ඩනයේ සිංහල දෙමල ඩයස්පෝරාවද ජනපති හමුවෙයි.
    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.
    එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කරමින් සුහද කථා බහක නිරත වූ අතර එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූවාය.
    පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි.
    ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
    මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුවට සමගාමීව පැවති ‘Fireside Chat’ වැඩසටහන සඳහා ද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූවාය. ‘Fireside Chat’ වැඩසටහන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අදාළ විවිධ කරුණු සාකච්ඡා කෙරෙන වේදිකාවකි.
    එමෙන්ම ලන්ඩනයේ සිංහල දෙමල ඩයස්පෝරාවද ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට එකඟතාව පළ කළේය.
    ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ දිනූක් කොළඹගේද මෙම හමුවට එක් වූහ.

    අජිත් ඔබ නේද මෙම හමුව සංවිධානය කලේ?

    ReplyDelete
    Replies
    1. කිසිම සම්බන්ධයක් නැත

      Delete
  21. අජිත්, චාර්ල්ස් මහා රජතුමා අන් රාජ්‍ය නායකයන්ට සමග කතාබහ කලාට වඩා සැලකිය යුතු වැඩි කාලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කතාබහට වෙන්කළ බව දුටුවා නේද? මට ජනාධිපති මාධ්‍ය අංශය ජාත්‍යන්තර අංශයේ දිනුක් පැවසුවා රනිල් වික්‍රමසිංහ චාල්ස් රජතුමා කතාවට අල්ලා ගත්තේ රනිල්ගේ දෙමාපියන් මහරැජින දිවුරුම් දෙන මොහොතට සහභාගී වූ බව හා, ඇයගේ පුතාගේ රජකමට දිවුරුම් දෙන එකට රනිල් ආපු එක ගැන කියලා.

    රනිල්ගේ මොලේ කොහොමද?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .