Saturday 15 April 2023

විපුලි යන්නම ගිහින් අවුරුද්දක්


විපුලි ගැන මේ සටහන  ලියන්න හිතාගෙන හිටියේ ගිය අවුරුද්දේ. අන්තිමේදී අවුරුද්දක් ගත වුනේ තේරෙන්නේ නැතිවම වගේ. මම හිතන්නේ මටත් බිරින්දෑ වන ඉනෙස් ටත් විපුලිගේ නික්ම යාම තවම කම්පනය ඇති කරන සිදුවීමක්. 
ගිය මාසේ  අපේ තාත්තගේ උපන්දිනේ තිබ්බ.  පෙබරවාරි විසි පහ. මම තාත්තා ගැන ලියපු ලිපියක් මෙතැන තියනව. තාත්තා යන්න ගියේ තරුණ කාලේදීම,  හුඟක් කලින් කියලයි මට හැම වෙලේම හිතුනේ.  තාත්තා නැති  වෙනකොට හැට දෙකකට  යන්තම් ලඟා වෙලා. ඒ වුනාට විපුලි එයාගේ ළමයි දෙන්න  වන සෙත් සහ උමානි දාල ගියේ හතලිස් නමය ඉවර වෙද්දී.  එයා ඊටත් වැඩිය තරුණයි. මං හිතන්නේ අපි වඩාත් කම්පනය වුනු කරුණ ඒක වෙන්න ඕනේ. 

මම දවසක් 2009 විතර  මගේ දුවල දෙන්න, ශනායායි ශකීරයි අපේ ගෙවල් හරියේ ඇල්බේනි කියන පිහිනුම් තටාකයේ පිහිනන්න එක්කන් ගිහින් එලියට එනවා. එලියට එන තැනම වගේ හෝල් එකේ  දකුණු ආසියානු  පෙනුමක්  ගැහැණු කෙනෙක් කොළ වගයක් තියාගෙන ඉන්නවා. මම ඔලුව දාල බැලුව. කොණ්ඩේ ක්‍රේල් ජැමෙයිකන් පෙනුමක් තියෙන පිරිමි කෙනෙක්  ළමයි දෙතුන් දෙනෙකුට කරාටේ උගන්වනවා. තව ඉන්දියන් කාරයෙක් වගේ උස මහත තරුණයෙකුත් සුදු කරාටේ කිට් එකක් ඇඳන් ඉන්නව. 

ඉතින් පසුව දැනගත් පරිදි ජැමයිකන් කාරයා අර හිටිය ගැහැණු කෙනාගේ හස්බන්ඩ් දුෂාන්ත පෙරේරා . ඉන්දියන් කාරයා  මංජුල  සේනානායක. දෙන්නම ලංකාවෙන් ආපු  ටයෙක්වොන්දෝ මාස්ටර් ල.  ගැහැණු කෙනා විපුලි පලිහක්කාර. පොල්ගහවෙලින් ලන්ඩන් ආපු සිංහල ටීචර් කෙනෙක්.  දුෂාන්ත සහ මංජුල ඊට පස්සේ මටයි , ශානි ටයි,  ශකී  ටයි  ටයෙක්වොන්දෝ ඉගැන්වුවා.  දුවල, විපුලිගේ ළමයි වන  උමානි හා සෙත් එක්කත්, මංජුල ගේ  දුව ස්ටේඵනි එක්කත් යහළුකම් ඇති කර ගත්ත. ඉනෙස්, විපුලි සහ සමන්තා   එක්කත් සෙට් වුනා. එහෙම තමයි ඒ කට්ටිය එකිනෙකා අඳුන  ගත්තේ. මම රතු බෙල්ට් එක වෙනකන්  ඉගෙන  ගත්ත. දුවල දෙන්නම බ්ලැක් බෙල්ට් කරලා සෙකන්ඩ් ඩෑන් වෙනකන් කළා. අපි අඳුනගෙන අවුරුදු 14 කට වැඩියි . 

අපි එකට හොලිඩේ ගියා. එකට පාටි දැම්ම. ඇවිදින්න ගියා. දුෂාන්ත පාටි කිං . පාටි වලට කෑම උයන්නත්  හොඳට පුළුවන්. මගෙයි  විපුලිගෙයි හැම වෙලේම තිබ්බේ දේශපාලන වලි සහ  ආගම ගැන සංවාද.  එක දවසක් විපුලි කියනවා, "මේ  බං අපි දෙන්න මේ අපේ හාමුදුරුවරුන්ට බනිනවා. කරන වැඩ වලට තමයි. ඒත් මුන් දෙන්න  මුකුත් කියන්නේ නැහැනේ උන්ගේ ආගම් ගැන . නිරෝෂ් හෙම (දුෂාන්ත ගේ අනිත් නම) පල්ලිත් යනව. ඔයාගේ  ඉනෙස් නුත් නත්තලට පල්ලි යනවනේ" කියල.  
මමයි විපුලියි බුද්දාගමේ, ඉනෙස් ජර්මන්  ප්‍රොතෙස්තන්ත. දුෂාන්ත කතෝලික. ඒ ගමන මායි  විපුලියි කතා කරගත්ත,  අපිත්  මිට පස්සේ හාමුදුරුවරු  විවේචනය නොකර ඉමුයි  කියල. හැබැයි මම විපුලිට  කීව මට ලියන්න නම් පුළුවන් වෙන්න ඕනේ කියල. 
මම දුටුව දෙයක් තමයි මේ මික්ස් ආගම් විවාහයේදී දුශාන්ත වඩා භක්තිමත් බව. ඒ වගේම කතෝලික යහළුවෝ බණ කියන වෙලාවට හෝ දානයක් වෙලාවටත් සිංහල අය එක්ක සෙට් වෙන බව. 

විපුලි නැති වෙන්න ළඟම කාලේ මට ආරංචි වුනා  විපුලි නොයෙකුත් යැදීම්  සඳහා ළඟ  පන්සලකට යනව කියල. අපි දෙන්න ඒ දවස් වල විවේචනය කරපුව ගැන දන්නා නිසා මට ඒකනම් හිතා ගන්න බැරුව කියා. විපුලි ජෙප්පියක්. ඒ කියන්නේ ජවිපෙ ට තමා සහයෝගය තිබ්බේ. ඉතින් මාත් එක්ක දේශපාලනය ගැන වාද කරනවා හමුවෙන හැම වෙලේම හෝ ටෙලිෆෝන් එකෙන් කතා කරද්දී පවා .මට බනින්නේ දීප්තිගේ ඒවා විතරයි කියවන්නේ කියල. මම එයාට කියන්නේ , 
"නැහැ මම හැම දේම කියවනවා.  ජවිපෙත් දීප්ති ලියනවා  වගේ දේවල් ලියනවනම් මම ඒවත් කියවනවා කියල. ත්‍රිමාණ සඟරාව විතරක් නෙමේ, ඒ  වගේ ලියන තව වෙබ් අඩවි තියනව. පරණ හිරු කට්ටිය කරන විකල්ප අඩවිය, කතිකා, ගාඩියන්   වගේ  ඒවා. ඔයාලගේ අය ලියන්නේ නැති එකනේ  වැරැද්ද කියල. ජවිපෙ නායකයෝ ඉන්නෙත් යන්නෙත් නිකන්  උඩින් උඩින්  වගේනේද  කියල.  ඔය සංවාද  වලට අපි යන්න ඕනේ නැහැ . අපි ඊට වැඩිය බලවත් නේ කියලනේ ජවිපෙ  හිතන් ඉන්නේ. ලෙනිනුත් එහෙම හිටියනම් යකෝ විප්ලවේ වෙන්නෙත් නැහැ. එහෙම නැතිව අනිත් අයට වගේ වෛරයක් මගේ නැහැ " කියල.
 සැකෙවින්ඔ කීවොත් ඔන්න   ඔය ජාතියේ  වාද තමා යන්නේ.  
"එහෙනම්  ඒ ගැන කියල ජවිපෙ ගැනත් මොනවා හරි ලියන්නකෝ" කියල විපුලි කියනව. මම දවසක් ලිපියක් ලියල බ්ලොග් එකේ ලින්ක් එක යැව්වා. බැනුම් ගොඩයි. 
"ඔයා අපිට කිසිම හොඳක් කියල නැහැ. හොඳක් ලියනවා වගේ  ලියල තියෙන්නේ බැනල." 
මං කිව්වේ " උඹ කියවනකොට හරියට කියවපන් කියල. පෙරටුගාමීන් මට  බනින්නෙත් ඔය විධිහටම  තමයි කියල." 
"අනේ මට තේරෙන්නේ නැහැ අජිත්. ඔයා ලියන්නේ ප්‍රහේළිකා" කියල ආයි බනිනවා. 

විපුලිගේ එක ඉල්ලීමක් මට ඉටු කරන්න  වුනේ විපුලි මිය ගියාට පස්සේ. ඒ තමයි ටිල්වින් සහෝදරයා එක්ක කල සාකච්චාව බ්ලොගයේ පළ කිරීම  සහ ලන්ඩනයේ තිබ්බ මාලිමාවේ  රැස්වීමට සහභාගී වීම. 

 පෙරටුගාමී පක්ෂයේ ලන්ඩන් ඉන්න සෙට් එක සංවිධානය කරපු දේවල් හෝ , අගෝරා ගැන ලියපු වෙලාවට ආයි කෝල් කරලා අහනව.
 "ආ දැන් ඔයා පෙරටුගාමී ද කියල."  මාත් එතකොට  අරින්නේ නැහැ.
මම කියනව "මේ පෙරටුගාමීන් හොඳ වැඩවගයක් කරලා තියනවා. අගෝරා  එකෙන් හෙම කරන ඒවා හොඳයි. ඉතින් ලීවම වැරැද්ද මොකක්ද? මොකක් හරි ලීවම එහෙම ලේබල් ගහන එක වැරදියි"
  
මම පෙරටුගාමී රැස්වීම් වලට හෙම ගියේ සේනක නිසා. සේනක ගේ ආදරණිය බිරිඳ නිර්මලී(මධු)  අපේ තාත්ත හිටි රෝහලේ වාට්ටුවේ හිටි නර්ස් නංගි කෙනෙක්.  මල්ලිට හා අම්මට  හුඟක් උදව් කරලා තියෙනවා තාත්තා බලා ගන්න. ඔය කතාව විපුලිට කීවට පස්සේ පෙරටුගාමී වැඩ වලට යන එක ගැන විවේචනය නැවතුනා. ඊට පස්සේ නම් කීවේ - "අනේ මටත් ආසයි  ඕවට යන්න, මට එන්න විධිහක්  නැහැ. වැඩනේ. ජොබ් දෙක තුනක් කරනවා. "  විපුලි හා දුෂාන්ත ගේ විසා ටයිප් එකේ හැටියට මෙහෙ ඉන්න  ගොඩක් අයට නිකන් හම්බවෙන දේවල් ලැබුනේ නැතිවා වගේම වීසා වලටත්  ගෙවන්න ඕනේ වුනා වැඩිපුර. ඒ අසාධාරණ විසා ප්‍රශ්නය  ගොඩක් අයට තිබ්බ. ඒ වගේ රැකියා කරන්න, ගේ දොර ළමයි බලා ගන්න නැත්නම් අනිත් අය වගේම සංස්කෘතික ජිවිතයකට ඔයිට වැඩිය යොමු වෙනවා. 

විපුලි තමයි මට පද්මිණි මාතරගේ  අඳුන්වල දුන්නේ. මගේ "සියාමා" පොත ප්‍රකාශයට පත් කරන්න ගිය වෙලේ. වසන්ති නානායක්කාර  ගැන කීවෙත් විපුලි. පද්මි එක්ක කතා කරලා පොත ගැන ප්‍රචාරයක් දෙන්න. මේ යෙහෙළියෝ  දෙන්න ගොඩක් කල් ඉඳන් දන්නවා. ඒ දෙන්නම දේශපාලනය තමන්ගේ මිත්‍ර සබඳතා වලට බාධාවක් කර ගත්තේ නැති දෙන්නෙක්. 
  
 ඕක සාමාන්‍ය ජවිපෙ, පෙරටුගාමී සෙට් වලට  අදාල කරන්න බැහැනේ. ඒ ගොල්ලෝ හොයන්නේ බලන්නේ එයාලගේ අය ගැන විතරයි. පක්ෂයට යාලු  කෙනෙක් ලියල නම් බර වැඩියි. (හැබැයි අපි ඒවා  ගැන විවේචනය   කලොත් අපි  වැරදියි ඈ)  පක්ෂ  වල අයට විතරයි සෝෂල් මීඩියා සපෝර්ට් එක. එළියෙත් එහෙමයි. හැබැයි කතා කරන්නේ නම් ලංකාවේ ඉන්න ඔක්කොම උන් බේරගන්න. මායි විපුලියි අතරේ ප්‍රධාන වලියක්  යන්නේ ඕව ගැන. "මගේ ප්‍රශ්නය වුනේ , බොලා  දැන් හැසිරෙන්නේ  මෙහෙම නම් උඹල බලයට ගත්තට පස්සේ හොඳටම නෙපොටිස්ම් ප්‍රැක්ටිස් කරයිනේ කියන එක. එතකොට උඹල සහ  මේ ඉන්න එවුන් අතර  තියෙන වෙනස මොකක්ද?"  හැබැයි අපරාදේ කියන්න බැහැ විපුලි  නම් ඔය අපේ දර්ශනී නංගි  වගේ පොහොට්ටු ආධාරකාරයෝ එක්ක බුකියේ පට්ට විධිහට  ඇරගෙන පස්සේ එකට පාටිත්  දානව.  විපුලිගේ මම දුටු හොඳ ලක්ෂනයක් වුනේ තමන් ජේවීපී වගේ පක්ෂයකට ආධාර  කරන  එක ගැන වාද කලාට ඒක හිසට අරගෙන ජිවත් වුනේ නැහැ. හැම අදහසක්ම තියෙන යාලුවෝ විපුලිය හිටියේ. 

 අන්තිම කාලේදී නං පොඩ්ඩක් වැඩි  වුනා විපුලි ගෙන් එන විවේචන. 
"අජිත් ලියනගේ අමරකීර්ති ව ඇඩ් කර ගත්තද. අනේ අපේ කෙනෙක්. කියවන්න හොඳද එයා ලියන ඒවා."  මම අමරකීර්ති මහත්මයාගේ  පොතක් ගැන විචාරයකුත් ලියල ඒ කාලෙම ඇඩ් කරගෙන තියෙන්නේ කියල කීවේ නැහැ ඕන කමින්ම. 
" පිස්සුද බං ඕවට වෙලාවක් නැහැ" කීවම ආයි බනිනවා. ඔයාට දිප්තියි, පෙරටුගාමියි තමා ලොකු කියල. 

ඊළඟ දවසක කතා කරලා  කියනව - "මේ අර සන්නස්ගල ගේ වීඩියෝ එක දැක්කද? 
මමත් කියනවා විපුලිව අවුස්සන්න " මොන වීඩියෝ එකද, ඒ මනුස්සය  සුමානෙකට පන්සීයක් විතර දානවනේ. බ්ලොග් සම්මානෙට ඇවිල්ල රාජිතයට නක්කියක් දාල කට්ටිය අල්ලාගෙන අනුන්ගේ තෑග්ග තමන්ගේ වගේ  දීලා ගිය එක්කෙනානේ, උන් එක පක්ෂේ නේද හිටියේ එකිනෙකා කපා ගත්තට " 
 ඔන්න ආයි බනිනවා. " අනේ තමුසේ යනව යන්න  ඔය රාජිතය පරාජිතයව  මතක් කරන්න එපා.  මේ ඕයි  සන්නා ශෝක්  වීඩියෝ දානවා. පොඩ්ඩක් බලනවා , සිංහල හොඳට උගන්වනවා ළමයින්ට. ඔයාලට  ඕව  පොඩ්ඩක්  බැලුවහම මොකද වෙන්නේ , සිංහල හරි ඉගෙන ගන්න." එතකොට තමයි මට මීටර් වුනේ. විපුලි ලංකාවේදී දේශපාලනය සහ සිංහල ඉගැන්නුව  ටීච නේ. 





මොන ප්‍රශ්න තිබ්බත් විපුලි කට පුරා හිනා වෙලා හිටි  චරිතයක්. ඒ වගේම පාටියකදී  ඉස්සෙල්ලම අපිත් එක්ක සබකෝලයක් නැතිව ඩ්‍රින්ක්  එකක් දාගන්නෙත් , ඉස්සෙල්ලම ඉනෙස් සහ අපේ තවත් යෙහෙලියක් වන ක්‍රිෂාන්ති එක්කත් නටන්න පටන් ගන්නේත්  විපුලි. පාටි එකට ආව  කට්ටිය නටන්න අදින ජීවය තමා විපුලි. අකැමැත්තෙන් ඇඹරෙන ඩිලානිව, මාලිකාව අදිනවා නටන්න කියල. 

අපි කට්ටිය එකට ගොඩක් විනෝද ගමන් ගියා.  විපුලිලා වගේම අපිටත් මෙහෙ වෙන නෑදෑයෝ නැහැ. ඉනෙස් ගේ මුළු පවුලම ජර්මනියේ. මගේ ඔක්කොම ලංකාවේ. හදිසියකට ළමයි තියල යන්න මිත්තනියක්, මුත්තණුවෙක් නැහැ. නැන්දෙක් මාමෙ  ක් නැහැ.  ඉතින් අපේ මිත්‍රත්වය වැඩි වෙන එක අනිවාර්යයි. 




මේක ලියන කොට ඉනෙස් මතක් කළා තව දෙයක්. අපි සංචාරයකට ගියා වේල්සයට. ස්නොව්ඩොනියා කන්ද නගින්න ගියහම විපුලි බූට් දෙකක් අරන් ඇවිත් නැහැ. සැන්ඩ්ල් දෙකෙන් මුළු කන්දම නැග්ගා. 
විපුලිගේ එක දක්ෂතාවයක් තමයි හැමෝම එක්ක හොඳ සම්බන්ධතාවයක් තියා ගැනීම. දුෂන්තත් එක්ක එකතු වෙලා මොකක් හරි පාටියක්, පොඩි අවුරුදු ක්‍රීඩා තරඟ ටිකක්, පික්නික් එකක් සංවිධානය කරන කොට  විපුලි හා දුෂාන්තට ඉන්න  යහළුවන් පරාසය පේනවා.  

අන්තිම කාලේ විපුලි අරගලයට සම්බන්ධ කණ්ඩායම් වලට සෑහෙන සහයෝගයක් දුන්න කෙනෙක් . අමාරුවෙන් හරි මුදල් වලිනුත් සැහෙන්න සම්මාදම් වෙලා තියනවා. යන්න වෙලාවක් නැතිවුනා කියල කීවත් සමහර උද්ඝෝෂණ වලටත් ගිහින් තියනව. හැබැයි  දැන් හිටියනම් පලු යන්න බනියි, ඊට පස්සේ එක එක වේදිකා වලට නගපු උන් දැකල .😆

විපුලි හොඳ  යාලුවෙක් වෙන්නේ,  නැති තැන යාලුවෙකුට බනින්නේ නැති, යාළුවෙක්ව ආරක්ෂා කරන චරිතයක් නිසා. විපුලි මට වුනත්  වෙන කා ගැනවත් වැරැද්දක් කියල නැහැ. 

විපුලි හදිසි අනතුරකට මුහුණ දුන්නේ අප්‍රේල් 14 අවුරුදු දවසේ. මගේ උපන්දිනේ 15. මම ඇත්තටම ඊයේ පෙරේද   හිතුන "මම නැතිව එහෙම  උඹලට පාටි දාන්න දෙන්න පුලුවන්ද, පන්සලට දානයක් දීපන් " කියල විපුලි අර සරදම් හිනාව දාගෙන ඉන්නව ඇති  කියල ඉන්න තැනක.  මං දන්නා  විධිහට ටීචින් කෝස් එකකට යන්න ලැහැස්ති වෙලා හිටියේ.  ඒකට යන්නේ නැතිව මෙහෙ ටීචින් කරන්න බැහැ.
 විපුලි "ඇට මැස්සා" පොත ඉංග්‍රීසියෙන් කියවන්න පටන් අරන් තිබුන.   ඒකෙ පිටුවක ලියල තිබ්බ "එවිට මම වාසනාවන්ත මැස්සෙක්මි ජීවත් වුවද මිය ගියද " කියල එයාගේ අත් අකුරෙන්.. පහල තියෙන්නේ එයාගේ අකුරු. 



දුෂාන්ත, උමානි හා සෙත් එකතුව  බණක් කියල   දානෙකුයි දෙන්න ලැහැස්ති කරල තියෙන්නේ. විපුලි නිවන් පතාගෙන ගියාද නැත්ද  දන්නේ නැහැ. 

ඒත් බං විපුලි ,  ඔය වෙන කොහේ හරි ග්‍රහ ලෝකෙක ඉපදිලා කැමැති පරිදි සුළුවෙන්  විස්කි ඩිංගක්   දාගෙන නටාගෙන හිටපන් බං. ආයේ මේ ලෝකෙට එන්න එපා. 

-- අජිත් -06/04/2023

77 comments:

  1. 'ඒත් බං විපුලි , ඔය වෙන කොහේ හරි ග්‍රහ ලෝකෙක ඉපදිලා කැමැති පරිදි සුළුවෙන් විස්කි ඩිංගක් දාගෙන නටාගෙන හිටපන් බං. ආයේ මේ ලෝකෙට එන්න එපා. '

    මැරුණම පස්සේ ආයේ ඉපදෙන්නේ නැහැ. ඒකවත් දන්නේ නැති මෝඩයෙක් එක්කනේ අපි මෙච්චර කල් මේ සංවාද කරලා තියෙන්නේ, අනේ අපේ කාලේ අපරාදේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපරාදේ. ආයේ එන්න එපා

      Delete
  2. ගෝල්පේස් අරගලයේ හඬනැගීම නිසා රනිල් රාජපක්ෂ ආන්ඩුවේ සන්නද්ධ කන්ඩායම් මා ඉලක්ක කොට මීට සුලුමොහොතකට පෙර නිවසට එල්ල කල දැවැන්ත වෙඩි ප්‍රහාරය ..

    මැරෙන්න බය නම් අරගල කරන්නෙ නෑ රනිලෝ... ඒක දැනගනිල්ලා...

    ගෝල්ෆේස් අරගලයට ජය වේවා

    ReplyDelete
    Replies
    1. දැන් මොකද වෙන්නේ

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. බොහොම කණගාටුයි ඇනෝ මේක ඩිලීට් කරනවා.

      Delete
  4. අජිත් ධර්මකීර්තිගේ උපන්දිනය අදය.
    අජිත් ධර්මකීර්තිගේ වත්මන් දේශපාලන භාවිතාව දුටු විට අපිට පේන්නේ උපන්දවසේ පමණක් නොව අජිත් දැන් හැමදාම ඉන්නේ උපන්ඇඳුමෙන් බවය.

    ReplyDelete
    Replies
    1. නානකොටත් එහෙමයි

      Delete
  5. Who is Wipuli? You're girlfriend?

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අජිත් කියපු දේවල්ම පොඩ්ඩක් ට්විස්ට් කරල ගොසිප් විදිහට ලියල මිසක් මේකෙ වෙන දෙයක් නැහැනෙ. ලිඳ ලඟ සංගමේ ඕපාදූප හදල පළපුරුද්ද තියෙන කෙනෙක්ද? ඒවුනාට පැහැදිලි ඉංග්‍රීසියෙන් ලියල තියෙනවා.

      Delete
    2. Rasika Suriyasena15 April 2023 at 08:23

      Anonymous15 April 2023 at 06:32 කොමෙන්ට් එක ඉංග්‍රීසි බසින් දාලා තියෙන්නේ අගලවත්තේ අජිත් පැරකුම් ජයසිංහ ( අගලවත්තේ පී ජයසිංහ ) වෙන්න ඕනි.

      මිනිහා ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියටත් වැඩ කලානේ. දැන් ඉංග්‍රීසි සිංහල පරිවර්තනය තමයි මිනිහගේ රස්සාවත්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @ Ano 6.32,

      This kind of trashing of a decedent doesn't happen very often, but of course there is nothing illegal about what was published.

      But, but, but.... my suggestion for you is,

      Consider, firstly, if the criticism is true, and secondly, if it’s likely to generate any measurable change in the world. Consider the scale of wrongdoing, your own motivation for speaking out, who will benefit, and who will be harmed. We need to filter those through to consider what is morally acceptable. Thanks.

      @ ඉයන්

      No-one is a saint, in death or in life, and we need to articulate our grievances in order to heal. No-one should be silenced about their pain because their abuser has died. The dead can continue to harm us long after they’re gone. මේ අදහසට ඔබ එකඟයි ද? නැත්නම් ඔබට විවේචනය කරන්න පුළුවන් මම සංවාදයට විවෘත කෙනෙක්.

      හැබැයි ඒ වගේම ඉයන් මේ පුද්ගලයා ගේ ඉංග්‍රීසි දැනුම ඉහළ බව කියන්න පුළුවන් අජිත් ධර්මකීර්ති වගේ අයට සාපේක්ෂව. අජිත් අවුරුදු ගණනාවක් යුරෝපයේ විශේෂයෙන් එංගලන්තයේඉඳලා ඔහුගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේ ටිකක් පිටිසරබද පාසල් වල පවා ඉගෙන ගෙන ඕලෙවෙල් ඉංග්‍රීසි වලට A එකක් ගත්ත කෙනෙක් තරමටවත් නැති බව පේනවා නේද? මේක අජිත්ට කරන අපහාසයක් නෙවෙයි. නමුත් සත්‍යය එයයි. මම දන්න IELTS කරලා ලකුණු හය වගේ අරන් ෆේල් වෙන නිසා migrate කරන්න බැරි වෙන අය ගොඩක් ඉන්නවා ඒ අයගේ ඉංග්‍රීසි භාෂා දැනුම විතරක් නෙවෙයි වෘත්තීය කුසලතා සහ වෙනත් ස්කිල්ස් අතින් බලද්දී අපිත් වගේ අය ගලිවර් ඉදිරියේ ලිලිපුට්ටන් වගේ, අන්න ඒ වගේ වෙලාවට මට හිතෙනව ඇයි මේ අජිත් වගේ අය එංගලන්තය වගේ රට වල ඕනතරම් ඉන්න එකේ ලංකාවේ කොච්චර දක්ෂ අයට මේ මෝඩ අසාර්ථක filters නිසා අසාධාරණයක් සිදු වන බව. මේ මගේ අවංක අදහස් මිසක් අපහාසයක් කිරීමේ අදහසක් නැති බව අවධාරණය කරමි.

      @ අජිත්

      In fact, මේ කමෙන්ට් එකෙන් ඔබව අපහසුතාවයට පත් කිරීමට හෝ රිදවීමට කිසිදු හේතුවක් නැති බව අවධාරණයෙන් සඳහන් කරමි. මගේ අවංක අධ්‍යාශය පමණක් විවරණය කළෙමි, නුඹම ප්‍රත්‍යාවලෝකනය කොට එඩියෙන් එදිරියක් නිකුත් කරනු ඇතැයි සිතමි. ස්තූතියි අජිත්.

      Delete
    5. Thank you Ian. It looks like he cannot fathom that there are friendships that transcend beyond his small mind.

      Delete
    6. ඇනෝ , දැන් ඔය කියපු ටික ඉංග්‍රීසියෙන් දාන්නකෝ, නැත්නම් ඇනොනිමස් එකඟ අයින් වෙලා ඇත්ත නමින් දාන්නකෝ. ඊට පස්සේ බලමු ඔයාගේ දැනුම ගැන. සමහර වෙලාවට ටයිපෝ එනවා සිංහලෙන් ලීවත් දෙමලෙන් ලීවත් ඉග්රිසියෙන් ලීවත් . අවුරුදු 30ක් එංගලන්තේ ඉංග්‍රීසි බැරුව Business Intelligence consultant කෙනෙක් හැටියට වැඩ කරන්න නම් බැහැ. හැබැයි philosophical English අපට අවශ්‍ය නැහැ. විෂයට අවශ්‍ය තාක්ෂණික වදන් භාවිතය තිබ්බහම ඇති. ඒ නිසා මම බර ගන්නේ නම් ඉන්සල්ට් එක්ක හැටියට. දෙවැන්න ඔහේ කන අතගාල පේනවා. මෙතන යෙහෙලියක් ගැන ලීවාම ඒක ට්විස්ට් කිරීම කැත වැඩක්. හැබැයි උඹලගෙන් ඊට වැඩිය දෙයක් බලා පොරොත්තු වෙන්නත් බැහැ.

      Delete
    7. අයියෝ අජිත් මේක තරහට කියපු දෙයක් නෙවෙයි ඔහොම කේන්ති ගත්තොත් ඉක්මනට ලෙඩ වෙලා දුක් විඳින්න වෙයි ඒ නිසා මීට වඩා ගොඩාක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

      පළමුව මම උඩ ඇනෝ වගේ ඇරියස් වාමාංශික ගෝතයෙක් නෙවෙයි හුදෙක් මගේ අවංක අදහස් අවංකවම කෙලින්ම පැවසූයේ ඔබ මිතුරෙකු ලෙස සලකා බව තේරුම් ගන්න.

      මම ඉංග්‍රීසි භාෂාව දන්නේ නෑ ඒ නිසා ඉංග්‍රීසියෙන් දාන්න බෑ ඔය උඩ ඇනෝ 12.15 කමෙන්ට් එක මගේ ඒක කියවලා බලලා මට පලු යන්න බැන වැදී ඔබගේ දැඩි වෛරය පාලනය කරගන්න නැත්නම් එය ඔබේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට අජිත්

      නමින් එන්න බැරි එහෙම ආවොත් මගේ කමෙන්ට් තුලින් විවේචනයට ලක් වන කට්ටිය වෛරයෙන් කුපිතව පළිගැනීමට දිව්රා මගේ පෞද්ගලික විස්තර හොයාගෙන මගේ සේවාදායකයන්ට මා පිළිබඳ මඩ ප්‍රචාර යවා මගේ ව්‍යාපාර කටයුතු බරපතල ලෙස අඩාල කිරීමට ඉඩ තියෙනවා සෑහෙන්න දුරට ඒ නිසා මට සමාවෙන්න ඒක නම් කරන්න පුළුවන් කමක් නැහැ.

      මේ ඔබේ කමෙන්ට් එක

      //Thank you, Ian. It looks like he cannot fathom that there are friendships that transcend his small mind.//

      මේකේ ස්තුතියි කියන තැනට කමාවක් සහ beyond යන අනවශ්‍ය මගුල් වචනය ඉවත් කළොත් ඔබේ අදහස් වඩා පැහැදිලියි නේද?

      ඔබ අවුරුදු 30 ක් තිස්සේ බී අයි ක්ෂේත්‍රයේ (Business Intelligence) උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ බව අසා මා විස්මයට පත් වුණා. ඒ කියන්නේ ඔබ අනූ ගණන් වල මුලදී හොවාර්ඩ් ඩ්‍රෙස්නර් වැනි අයටත් බී අයි පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දුන් විශේෂඥ ඥානයක් ඇති ඉතා විශිෂ්ට බුද්ධිමත් බී අයි ක්ෂේත්‍රයේ විශිෂ්ට pioneer කෙනෙක් එහෙම නැත්නම් පෙරගමන් කරුවෙක් බව පේනවා මට සමාවෙන්න මම ඒ ගැන දැන සිටියේ නැත.

      එක්සත් ජනපදයේ නම් බී අයි ක්ෂේත්‍රය පුළුල් වූයේ අඩුම තරමින් අනූ ගණන් වල අග භාගයේදී පමණ, සහ මම හිතාගෙන හිටියේ බ්‍රිතාන්‍ය ඊටත් පස්සේ බව, නමුත් මා වැරදි බව පේනවා ඔබට බොහොම ස්තූතියි අජිත් ඔවු වැනි වසර තිහකට අධික කාලයක් බී අයි ක්ෂේත්‍රයේ විශේෂඥයින් මම හිතන්නේ ලෝකයේ ඉන්නේ ඉතාමත් අතලොස්සක්, ඇතැම් විටක ඔබම පමණක් විය හැකියි මොකද ඔබ 1993 දීත් කන්සල්ටන් විදියට වැඩ කරලා තියෙනවා ඒ නිසා මම හිතන්නේ. ගොඩක් සතුටුයි මේ ගැන.

      Delete
    8. 'Ajith Dharma.15 April 2023 at 20:32

      ඇනෝ , දැන් ඔය කියපු ටික ඉංග්‍රීසියෙන් දාන්නකෝ, නැත්නම් ඇනොනිමස් එකඟ අයින් වෙලා ඇත්ත නමින් දාන්නකෝ. ඊට පස්සේ බලමු'

      ඩොක්ටර් කුමාර කළුආරච්චිට කරා වගේ කරන්නද හදන්නේ අජිත් ?

      Delete
    9. ඇනෝ මම තරහ අරගෙන නැහැ. මෙතැන තියෙන subtle මඩ ගැහිල්ල සහ අපහස කිරීම නොතේරෙන්න තරම් මෝඩයෙක් නෙමේ මම. මෙතන මරණයක් ගැන ලීවම විලාල් මඩ ගහන එකෙන්ම තේරෙනවා ඔබ ඉන්න depression එක. නැත්නම් වෙන බ්ලොග් වලත් මේ කොමෙන්ට් එක දාන්න ඕනේ නැහැනේ. මම සාමාන්‍යයෙන් සෝෂල් මිඩියා ඉඩ තිබෙන වෙලාවට පමණයි. ෆේස්බුක් සහ බ්ලොග් දෙකම මම ඒ තැනට දාල තියෙන්නේ. ප්‍රතිචාර පල කරන්න පම වෙන්නෙත් ඒකයි. එක පාරක් රසික හෝ වෙනත් අයෙක් සිංහල සහ ඉංග්‍රීසි ප්‍රතිචාර ඉක්මනින දාල ඒවා වැරදි බව පෙනුනහම ආයේ දාන එක ගැන සඳහනක් දාල තිබුන. ඔය මම දාපු සෙන්ටෙන්ස් එක ග්‍රැමටිකලි හරි. ඔයාට තියෙන small mind එක නිසා තමයි කුණු හොයන්නේ. මගේ අදහස ඉතාමත් පැහැදිලියි. ඔබ මට කළ insult එකට ඒ ආකාරයෙන් පිළිතුරු දීමක් තම කලේ. මේ chatgpt පිළිතුර හොඳේ.
      //Thank you Ian. It looks like he cannot fathom that there are friendships that transcend beyond his small mind.//
      The sentence is grammatically correct, but it is important to note that it contains a negative and potentially insulting statement about someone's character. If you are trying to communicate a positive message, it may be helpful to rephrase the sentence in a more positive or neutral way. Here's an example of a rephrased sentence that conveys a similar message in a more positive way:

      "It's amazing to see how some friendships can grow and evolve beyond what we might expect. While it may be challenging for some people to understand, it's inspiring to witness the power of strong, enduring bonds."

      chatgpt හරියටම හරි. මට ඕනේ වුනේ ඔබට ඒ දේ කියන්න. it contains a negative and potentially insulting statement about someone's character. ඔබගේ insult එකට ඒ ලෙසම පිළිතුරක් දුන්නේ.

      Delete
    10. මම මේ කොමෙන්ට් ලීවෙ අර කියන්න වගේ ඉක්මනින්. ඊයේ විපුලිගේ ගෙදර දානේ ඉවර වෙලා මගේ උපන් දිනය නිසා භෝ අය එතැන් රැඳුන . විපුලිගේ වැන්දඹු සැමියා බෝතලයක් කඩලා (ඔහු කතෝලික) මා වෙනුවෙන් කේක් එකකුත් කපුවා ඉතින් ඒ වගේ සුහද මිතුරෙක් සහ මිතුරන් කට්ටියක් දාල එන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඉතින් උදේ 1.30 සිට රෑ අට වෙනකන් එතන හිටියේ. රෑ පැමිණ දාපු කොමෙන්ට් එක තමා ඔය. ඔව් මට වැරදුනා අවුරුදු 30 කතාව. සමාවෙන්න. අවුරුදු 30 කට කලින් මට ඒ title එක තිබ්බේ නැහැ. පහුගිය අවුරුදු 10 ඇතුළත තමා ඒක තියෙන්නේ. නමුත් මෙහෙම එකකුත් කියන්න කැමැතියි. 1999, 2000, 2001 වගේ කාල වල dbaseඩේටබේස් එකට අනුබද්ධිතව තිබෙන ක්‍රිස්ටල් රිපෝර්ට් වලින් රිපෝර්ට් ලියන කාලේ මගේ ටයිටල් එක රිපෝර්ට් ඩිවොලොපර්. එසේම ඇප්ලිකේෂන් වක්ෆලෝ ලියපු නිසා ඇප්ලිකේෂන් ඩිවොලොපර් කියලත් කීව. හැබැයි කල්පනා කරලා බැලුවහම ඒ දවස්වල ඩිවෙලොප් කරපු KPI රිපොර්ට්ස් , BI රිපොර්ට්ස් (ක්‍රිස්ටල් රිපොර්ට්ස් සහ ඩේටා ඩයනමික්ස් වගේ ටූල්ස් වලින්) ම තමා අදත් පාවිච්චි වෙන්නේ. නමුත් ඒ විෂය වෙනම වැඩි දියුණු වෙලා MS BI ස්ටැක් එක ඇවිල්ල අද තියෙන තත්වෙට ඇවිත්. පරණ එකම තමයි වැඩි දියුණු වෙලා ආවෙ. අලුතෙන් නමක් දාගෙන. අලුතෙන් සොෆ්ට්වෙයාර් ඩිවෙලොප් වෙලා. දැන් ඩේටා ගැන තියෙන අවධානය ඉස්සරට වඩා වැඩියි. හොවාර්ඩ් ඩ්රෙස්නර් වෙන්න ඕනෙම නැහැ මම ඔය කීව ටික කරන්න. හොවාර්ඩ් ල වගේ අය කලේ ඒ වෙනුවෙන් වෙනම විෂයක් කාලයට ගැලපෙන විධිහට දියුණු කරන එක. ධනවාදයේ අග්‍ර ප්‍රථිපල. ඉන්සල්ට් එක භාර ගත්ත නිසා ලියුවේ.

      Delete
    11. 'නැත්නම් වෙන බ්ලොග් වලත් මේ කොමෙන්ට් එක දාන්න ඕනේ නැහැනේ.

      මේකේ දාන කොමෙන්ට් අජිත් අයිං කරන නිසා මාත් වෙන බ්ලොග් වලත් කොමෙන්ට් එක අලවල තියනවා.

      අජිත් කොමෙන්ට් අයිං කරන්නේ නැත්තං වෙන තැන් වල දාන්න ඕනි නැහැ මට නං

      Delete
    12. අයින් කරන්නේ පෞද්ගලිකව අනිත් අයට අපහාස කරන කොමෙන්ට්, බොරු කියල මට තේරෙන කොමෙන්ට් වගේ ඒවා. මගේ බ්ලොග් එකනේ .මයි කාර් මයි රූල්ස් වගේ තත්වයක්

      Delete
    13. 'Ajith Dharma.16 April 2023 at 13:07

      අයින් කරන්නේ පෞද්ගලිකව අනිත් අයට අපහාස කරන කොමෙන්ට්, බොරු කියල මට තේරෙන කොමෙන්ට් වගේ ඒවා. මගේ බ්ලොග් එකනේ .මයි කාර් මයි රූල්ස් වගේ තත්වයක් '

      ඒකෙන් වෙන්නේ මේකේ විතරක් දාන්න ඕනි කොමෙන්ට් අනික් බ්ලොග් වලත් දාලා තව තව ප්‍රසිද්ධ වෙන එකනේ.
      මේකේ කොමෙන්ට් එක තියෙන්න අරිනවා නං ඒක දකින්නේ මේකට එන කෙනා විතරයි.
      අජිත්ගේ කැමැත්ත නොව.

      Delete
    14. වෙන තැන්වල දැම්මට මට කමක් නැහැ. ඒවා මගේ බ්ලොග් නෙමේනේ. මගේ බ්ලොග් එකට එන සාමාන්‍ය ක්‍රවුඩ් එක එන්නේ නැතිව යනවා අපහාස කොමෙන්ට් නිසා. මේකම තමා පරණ බ්ලොග් කාරයෝ සෙට් එක මධ්‍යකාලින බ්ලොග් සෙට් එකට කලේ. එහෙම කරලා බ්ලොග් වලින් එලෙව්වේ.

      Delete
  7. I don't know her. From what you say she seems a very interesting character. May she rest in peace.

    ReplyDelete
    Replies
    1. Thank you Ian. yes she is. loud an boastful, but very kind hearted and helpful individual.

      Delete
  8. අනේ හරිම දුක හිතෙන කතාවක් මල්ලියා

    ReplyDelete

  9. හොඳ පුවතක් දැක්කා අජිත්,

    Brazil calls for ‘move away’ from dollar

    Brazilian President Luiz Inacio Lula da Silva has stated that developing nations should move away from the US dollar in favor of their own currencies in order to push back against American dominance over the global financial system.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ආධිපත්‍යයෙන් මිදී තම රටවල පුරවැසියන්ගේ සූබ සෙත සලසා ගනුවස් දියුණු වෙමින් පවතින රටවල් ඩොලරයෙන් මිදී තම ජාතික මුදල් ඒකක වෙත වඩාත් නැඹුරු විය යුතු බව බ්‍රසීලයේ ජනපති ලුයී ඉනාෂෝ ලූලා ද සිල්වා පවසයි.

    ඇන්ග්ලෝ-ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන්ගේ වහලුන් වන ලංකාවේ පාලකයන්, නරුමයන් 226, පාර්ලිමේන්තුව හෝ ප්‍රධාන ධාරාවේ එකදු පක්‍ෂයක්වත් ඊට සූදානම් නැත.
    ඩොලරයේ විනාශකාරී ආධිපත්‍යයෙන් ලංකාව මුදවා ගැනීමට නම් ඉහත ලයිස්තුවේ සඳහන් සියල්ල ලෝකයේ ප්‍රගතිශීලී බලවේග වල උදව්ද ඇතිව පරාජය කල පලවා හැරීම සහ අහෝසිකිරීම හැර වෙන විකල්පයක් නැත.

    නිදහසේ වැටෙන හිරුගේ කිරණ සහ සෙනෙහසින් ඉපදෙන මවගේ කිරි වලටද අභියෝග කල පාපිෂ්ඨ එක්සත් ජනපද ඩොලරයේ බලය, නැගී එන ලෝකයේ නව බල කේන්ද්‍රය වූ චීන-රුසියන් මූලිකත්වයෙන් බිඳ දමා පරාජය කර ලෝකය පුරා මිලියන ගනන් ජනතාවට සෙත, සතුට, අභිවෘද්ධිය උදා වෙමින් ඇති බව හිතෙනවා.

    මේ ගැන ඔබේ අදහස් මොනවද?

    ReplyDelete
    Replies
    1. ඒක මම ෆේස්බුක් එකේ ලීවා . කවුරුත් දැක්ක නැහැ නේද කියල අහල. දකුණු අප්‍රිකාව රුසියාව සහ චීනය සමග යුධ අභ්‍යාස කිරීමත් ඒ වගේම තත්වයක්. ඩොලරයේ බලය අයින් කිරීමට සැරසීම ලෝක යුද්ධයකින් කෙළවර විය හැකියි

      Delete
  10. කනගාටුදායක කතාවක්. ලස්සනට ලියල, ඔබේ මිතුරියට සාධාරණය ඉටුකරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා . දැන් තමා ආවේ ඔවුන්ගේ නිවසේ ඉඳල

      Delete
  11. සමහර මතක අමරයි- සමරන්න වටියි
    යළි යළි මතක් වෙන්නෙත් ඒ නිසාවෙනුයි
    විපුලී වගේ උදවිය ලෝකයේ අඩුයි
    එහෙව් අයගෙ මනුසත්කම ගොඩක් වැඩියි!

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයාගේ මනුස්සකම ගැන තමා ලීවේ නිදි. ස්තූතියි

      Delete
  12. මටයි , ශානි ටයි, ශකී ටයි ටයෙක්වොන්දෝ ඉගැන්වුවා// ඒකතමයි එහෙනම් අජිත්බොසා... වලිවලට බය නැතූ එන්ටර් වෙන්නෙ 😂
    ඇයට සුබ ගමන්!

    ඔහෙගෙ උපන්දිනෙත් නේ... සුබ දවසක්, සෞභාග්‍යමත් නව වසරක්. ජය!

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම නැහැ, වලි කාරයෙක් නෙමේ. කෙටි කොමෙන්ට් දානකොට එහෙම rude වගේ පෙනෙනවා ඇති. ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete
    2. විහිලුවට වාගේ කීවේ... එකනෙ හිනා මූනකුත් දැම්මේ.
      හැබැයි ඇනෝලනම් ඔහේව අව්ස්සන්න හදන බවක් අන්තිම පොස්ට් දෙකතුන දකිද්දී හිතුන

      Delete
  13. අජිත් ධර්මකීර්ති මහත්මයා,

    ඔබ‍ට හරි හැටි ඉංග්‍රීසි බැරි නිසා කොමෙන්ට් මොඩරේට් දැම්මා කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. මොඩරේට් දැම්මේ, අයින් කරන්නේ පෞද්ගලිකව අනිත් අයට අපහාස කරන කොමෙන්ට්, බොරු කියල මට තේරෙන කොමෙන්ට් වගේ ඒවා. මගේ බ්ලොග් එකනේ .මයි කාර් මයි රූල්ස් වගේ තත්වයක්. මට ඉංග්‍රීසි බැරිකම ලැජ්ජාවක් නෙමේ. මට බැරි දේ මම ඉගෙන ගන්නවා

      Delete
    2. CT Kumara-Scotland16 April 2023 at 13:43

      අජිත්,

      ෆේස්බුක් / බ්ලොග් අපහාසවලට දඩුවම් කරන නීති ගේන්න යන කතාවක් තියෙනවා. ඒකට මම නං විරුද්දයි. මං ෆේස්බුක් එකේ, බ්ලොග් වල කැමතිම අපහාසවලට. ඒ අපහාසවලින් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒවා එන්නෙ මිනිස්සුන්ගෙ අවිඥානක ආසාවන් එක්ක. උදා විදිහට වාමාංශිකයො අසූචි සමග දක්වන විපරීත සම්බන්ධය ගැන මං ඉගෙන ගත්තෙ අපහාස තොග පිටින් අධ්‍යනය කරලා. ඒක තව දුර හිතන්න පුළුවන් ඉතාම වැදගත් නිරීක්ෂණයක්. අපි තෝරාගන්නා දේශපාලන මතවාදය සහ අපේ සැබෑ මනෝ ලිංගික ෆික්සේෂන්ස් අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්.

      මේ අපහාසවලට අකමැති අයට ඒවා ඩිලීට් කරන්න, බ්ලොක් කරන්න, පැමිනිලි කරන්න ආදී වශයෙන් තවත් මං කිසිවිටෙක පාවිච්චි නොකරන ක්‍රම ගණනාවක් දීලා තියෙනවා. අපි මිනිස්සුන්ගෙ නිරුවත් අපහාසවලට විවෘත වෙන්න ඕන කියල මං හිතනවා. වෛරය, ඉරිසියාව, හීනමානය ආදී බොහෝ ඍනාත්මක මනෝ ආතතීන් එලියට එන්නෙ අපහාස වලින්. අපි අපහාස බාරගන්නා, ඒවා විඳින, ඒවායින් සතුටු වෙන ක්‍රමවේදයක් නිර්මාණය කරගන්න ඕන.

      මං දැක්කා අපහාස කිරීමේ අයිතිය වෙනුවෙන් වාමාංශික විශ්ව විද්‍යාල ආචාර්යවරු පවා ඉදිරිපත් වෙලා තිබුන. ඒක හොඳ ප්‍රවනතාවයක්. මොකද වම අනෙකෙකුගේ මතවාදයක් උහුලන්නවත් බැරි තරමට ඇකිලිලා ගිහින් තියෙන කාලයක්.

      අපහාසකයන්ගෙන් මං ඉල්ලන්නෙ මට අපහාස කරන්න. මං වගේ අය තෝරගෙන අපහාස කරන්න. මගේ කමෙන්ට් තීරුව ඔබේ අපහාස වෙනුවෙන් සදා විවෘතයි. ඔබේ අපහාසය මං ගෞරවයෙන් බාරගන්නවා.

      Delete
    3. චතුෂ කුමාර ඒක ඔබේ කැමැත්ත. ඔබේ බ්ලොග් එකේ එහෙම ඉඩ දුන්නද ? මටනම් මතක නැහැ

      Delete
    4. //මොකද වම අනෙකෙකුගේ මතවාදයක් උහුලන්නවත් බැරි තරමට ඇකිලිලා ගිහින් තියෙන කාලයක්.// මේකනම් මටත් කාලයක ඉඳන් තියෙන ප්‍රශ්නයක්

      Delete
  14. අජිත් ධර්මකීර්තිට ඉංග්‍රීසි බැරි ඔහු සෝවියට් රුසියාවෙන් මුලික උපාධිය ගත්තු නිසා කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙන්නැති ඇනෝ . ගමේ කොල්ලොනේ

      Delete
  15. 'Ajith Dharma.16 April 2023 at 13:09

    මොඩරේට් දැම්මේ, අයින් කරන්නේ පෞද්ගලිකව අනිත් අයට අපහාස කරන කොමෙන්ට්, බොරු කියල මට තේරෙන කොමෙන්ට් වගේ ඒවා'

    අපහාසයේ ඉලක්කයක් වීම මේ යුගයේ වින්දිතභාවයක් නොව වරප්‍රසාදයකි. වින්දිතයා වනාහී අපහාස කරන්නාය. ඒ නිසා අපහාසයට විරුද්ධ නීති සම්පාදනය දුර්වල ආණ්ඩුකරණ ක්‍රියාවකි!!!

    නිර්මාල් දේවසිරි

    ReplyDelete
    Replies
    1. දීප්තිගේ අනුගාමිකයන් ගෙන් කාල කාල ඇතිවෙලා කියුවක්ද

      Delete
  16. ධර්මකීර්ති වගේ බියගුළු පුද්ගලයෙක් සමග කුමන සංවාදද ඇනෝවරුනි.

    ReplyDelete
  17. පුද්ගලික මතක සටහනක් වුණත් හරිම සංවේදී සහ සියුම් ලෙස හැබෑ මතක අවදි කරලා තිබුණු නිසා මුල ඉදන් අගටම එක දිගට කියෙව්වා. අපි හැමෝම වෙනස් දේශපාලන දර්ශනයක් ඇති අය. මේ කියන්නේ පක්ෂ දේශපාලන සහ ධනවාදී සමාජවාදී කියන එක නෙවෙයි . ඒ වගේම අපි හැමෝගෙම පෑහෙන සහ නොපෑහෙන දේ ගොඩක් තියෙනවා. ඒ අතරෙ එකිනෙකා සහයෝගයෙන් ඉන්නා ටික කාලයේ වැඩකරන හැටි තමයි වැදගත්. ඒත් ඔබේ ප්‍රතිචාර වල නිර්නාමිකව අදහස් දැක්‌වූ සමහරු ගැන දුක හිතුනා. සමහරු ගැහැණු, පිරිමි එකට වැඩ කරද්දී පද හදන්නේ අනවශ්‍ය විදිහට. වැදගත් වෙන්නේ ජාතිය, ආගම හෝ ගැහැණුද පිරිමිද කියන එක නෙවෙයි . මිශ්‍ර සංස්කෘතියක, මිශ්‍ර පාසැලක හුරුව වැදගත් වෙන්නෙ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ //සමහරු ගැහැණු, පිරිමි එකට වැඩ කරද්දී පද හදන්නේ අනවශ්‍ය විදිහට. වැදගත් වෙන්නේ ජාතිය, ආගම හෝ ගැහැණුද පිරිමිද කියන එක නෙවෙයි . මිශ්‍ර සංස්කෘතියක, මිශ්‍ර පාසැලක හුරුව වැදගත් වෙන්නෙ ඒ නිසයි.// ඇත්තමනස වැඩි නොතිබීමද , ගෝත්‍රවාදය ද කියන්න දන්නේ නැහැ.

      Delete
  18. මගේ කාමරේ ජනේලෙට පේනවා අහස තරම් උසට හිටවපු දොඹකරයක්. ඒකෙන් දිග යකඩ අතක් දික්වෙලා තියෙනවා. ‍කොයි වෙලාවෙ බැලුවත් ඒක නිශ්චලයි. ඒත් දවසින් දවසට ටිකෙන් ටික පැති මාරු වෙලා තියෙනවා. ඒක හරිම කාංසියක් දනවන විෂුවල් එකක්. මං ඔය දොඹකරේ දිහා උදේට හවසට වැස්සට රෑට හැම වෙලාවකදිම බලන් ඉඳලා තියෙනවා. ඒ දොඹකරෙත් මගේ ජීවිතෙත් අතර හුගක් ළග සම්බන්දයක් දැනෙනවා.

    ඒ දොඹකර බඳ මුදුනෙ තියෙනවා පුංචි වීදුරු කාමරයක්. ඒකෙ ඉන්නෙ දොඹකර මෙහෙයවන්නා වෙන්න ඇති. ඒත් මට ඒකෙ පේන්නෙ පුංචි මනුස්ස තිතක්. ඒ මනුස්සයා අහස තරම් උස දොඹකර මුදුනක කාමරේට වෙලා මොනවා හිතනවා ඇද්ද? දවසෙ ප්‍රශ්න එක්ක උදේට ඒ අහස් මුදුනට නැග්ගම ඒ ප්‍රශ්න පේන පර්ස්පෙක්ටිව් වෙනස් වෙනවා ඇද්ද? ආදරයක දැනෙන හුදකලාවත් එක්ක ඒ වගේ වළාකුල් අතර හුදකලා වීදුරු කාමරේක සිගරට් එකක් බොනකොට දැනෙන හැගීම් මොන වගේ ඇද්ද?

    රෑට ඒ පුංචි වීදුරු කාමරේ බොඳ කහ පාට ලයිට් එකක් පත්තු වෙනවා. හෙවනැල්ලක් වගේ අර මනුස්සයා මට පේනවා. සමහර විට මිනිහා උණු තේකක් බොනවා ඇති. මේ වැහි පින්නත් එක්ක ඒ වගේ වීදුරු එක්ටැම්ගේක තේකක් බොන එක...

    සමහර දවස්වල අනෝරා වැස්සෙත් මිනිහා ඉන්නවා. විදුලි ඉරි විහිදෙන අහස මැද මිනිහට සියුස් වගේ දැනෙනවා ඇති. මුලු නගරයක් තමන්ට පහළින් තෙතබරිත වෙන හැටි මිනිහාට පේනවා.

    මං මේ තරම් දවස් ඒ මිනිහා දිහා බලාගෙන ඉඳීම ඒ මිනිහාට කිසි දවසක දැනෙන දෙයක් නෙමෙයි. ඒත් ඒ මිනිහා තිතක් තරමට ඉඳලත් මට ගොඩක් දැනෙනවා.

    පළවෙනි වතාවට අද රෑ ඒ වීදුරු කාමරේ ලයිට් නිවලා. සමහර විට මිනිහා නිවාඩු ඇති. දොඹකරේ සම්පූර්ණයෙන් අහසෙ අඳුරට මැකිලා. මට අහස්ගව් දුරින් හිටපු ඒ හුදකලා මිනිසා නැති පාළුව දරාගන්න බැරි තරම් එකක්.

    ReplyDelete
    Replies
    1. මේවලින් වෙන්නේ මොකද්ද දන්නවද ඇනෝ? මට පැහැදිලි වෙනවා ඔබ මගේ ෆේස්බුක් මිතුරු ලයිස්තුවේ ඉන්න බව. එනිසා වෙන්නේ මගේ බ්ලොග් වලින් එකතු කරගත්තු යහළු සමූහය මම ෆේස්බුක් එකෙන් අයින් කරන එක. දන්නා අය ඇරෙන්න නොදන්නා අය අයින් කරන්න් වෙනවා.

      Delete
    2. ෂා හරිම ලස්සන අදහසක් නෙව? ඇයි මේවා බ්ලොග් එකේ නොදැම්මෙ?😒

      Delete
    3. රනිල්ට කඩේ යන උන්ට ලයික් එකක්වත් දාන්න එපා!!

      දේශපාලනිකව ගොඩාක් ජල්ලි අල්ලලා අල්ලලා, ඊට පස්සේ මම දැන් නිර්පාක්ෂික නිරාගමිකයෙක්. ඒ විදියට ඊයේ ඇඳේ ඇලවිලා අලස සුවයෙන් පෝන් එක ඔබ ඔබා හිටියා. එතකොට මම දැක්කා ධර්මකීර්තිගේ බ්ලොග් එකේ දොඹකර පෝස්ට් එක. ඒක ඔක්කොම කියෙව්වා. මරු! කොහොමත් හෙන සංවේදී ඩෑල් එක. හාඩ් දාල කමෙන්ට් එකක් දාන්න යද්දීම මතක් වුනා යකෝ මේ මිනිහා රනිල් වික්‍රමසිංහ අධිපතිවාදී, මර්දන දේශපාලන ප්‍රපංචය නේද නියෝජනය කරන්නේ කියා.

      හපෝ...කමෙන්ට් එක ඩිලීට් කළා. හාඩ් එක අන්හාඩ් කළා. ඊට පස්සේ යූ ටියුබ් ඕපන් කරගත්තා දිවුල්ගනේ ගේ සින්දුවක් අහනවා "අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවඳක් නෑ, එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ". ඒක අහගෙන අතීතෙට ගියා අවුරුදු විස්සක් එපිටට. එහෙම යද්දී මතක් වුනා යකෝ මේ රාජපක්ස ආණ්ඩුවේ ආණ්ඩුකාර කෙනෙක් නේ. රජයේ වියදමින් ජීවත්වුණා මිසක පළාතේ මිනිස්සුන්ට කළ බක්කක් නෑ නේ. ක්ලෝස් කළා දිවුල් වීඩියෝ එක.

      ඊට පස්සේ යූ ටියුබ් කාරයා සජෙස්ට් කරනවා තාත්තා එකේ සිංදු.

      "අර හීන් හඬට දිය පෑරෙන පහළ වක්කඩේ
      දුර ගලා බසින රිදී සිනා රැලි තාම තියේ
      කඳු වළලු මැදින් එන හුළඟට කන තියන පුතේ
      කෝ දැනෙනවා ද මහ පොළොවේ පපුවෙ තෙතමනේ"

      කියල විතරයි ඇහුවේ. එකපාර මතක් වුනා යකෝ මේ කුමාර ලියනගේ ලියපු සින්දුවක් නේ. අර රාජපක්සට කඩේ ගියපු කුමාර නේ. මම අහන් නෑ මේවා. අහන්නෙම නෑ. ඒ එක්කම සජෙස්ට් වුනු අන්දර යායේ වැව් තාවුල්ලේ ත් වහලම දැම්මා. චික් මගේ බල්ලටවත් එපා මේ සින්දු.

      මේ ප්‍රබුද්ධ ගීත නැතුව අතරමැදි සංගීත කුලකයක කූල් සින්දුවක් අහනවා කියල දැම්ම වෙනම එකක්. ඒකෙ ජැක්සන් ඇන්තනී කියනවා "දෑස පියාගත් කළ මට මැවෙන්නේ ඔබෙ රුව-ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබ හඬ" ! එතනිම්ම ඒක වැහුවා. හේතු දක්වන්න අවශ්‍ය නෑ නේ?

      මම යනවා පොදු ප්‍රවාහයේ ජෝති සින්දුවක් අහන්න. "සිරියමේ සාරා-නැගේවි හද මෝරා". ජෝති මලේ ගම්මුදාවේ සින්දු කියද්දී. අර මර්දන ජනාදිපතිගේ ගම්මුදාවේ. සොරි ජෝති මට ඔයා අහන්න බෑ.

      ඔන්න පොදු මිනිහාගේ ගායකයා කපුගේ සජෙස්ට් වෙනවා යූ ටියුබ් එකෙන්. "බිම්බරක් සෙනග ගැවසුණු-චන්ද්‍රසේනයා බුදුවුණු"...නෑ. මේ මගේ ගීතය නෙමේ. කපුගේ හොඳයි තමයි ඒත් රත්නශ්‍රි විජේසිංහ මහත්මයාගේ දේශපාලන ගමන් ගැන මට සෑහීමකට පත්වෙන්න බෑ.

      ඔබ හිතන්නේ මෙහෙම හිතන මට හරියන, උභය කුල පාරිශුද්ධ පොලිටිකලි කරෙක්ට් සින්දු නැද්ද? තියනවා. මම දැම්ම කසුන් කල්හාර. එයා කියනවා. හඳ හඳ වගේ ! ඒක ලියල තියෙන්නේ පොදු මිනිහා වෙනුවෙන් තුන්තිස් පැයේ උණු කරන් ඉන්න, පොදු ජනතාවටම තමන්ගෙ ජීවිතේ දීපු මිනිහෙක්.

      දැන් මම අහන්නේ එච්චරයි.

      සඳ සඳ වගේ. තරු තරු වගේ. මල් මල් වගේ. අපි අපි වගේ. ඔබ මා නොවන තුරු. මම ඔබ නොවන තුරු.

      Delete
    4. තර්කානුකුල කොමෙන්ට් එකක් ඇනෝ. මම නම් ජැකා ට සුව පතනවා. ඒ මනුස්සයාගේ දක්ෂතා දැකල තියෙන නිසා. මගේ කවියකුත් ඔය සඟරාවක පල වුනා. -එතකොට මම දැක්කා ධර්මකීර්තිගේ බ්ලොග් එකේ දොඹකර පෝස්ට් එක-- මේක දාල තියෙන්නේ ඇනෝ කෙනෙක්. ලියල තියෙන්නේ චින්තන ධර්මදාස කියලයි ආරංචිය

      Delete
  19. බකාඩි කියන්නේ පුදුම රස රම් එකක්. දිවේ කටේ අලෝගෙන ආතල් එකෙන්ම බොන්න පුලුවන් ගුඩුස් බීමක් නෙවෙයි මේ කියුබානු රස දියරය. ඉතිං මම අද මේ අවුරුද්දේ නිවී හැනහිල්ලේ තනියෙන් අඩියක් ගහන්න වාඩි වුණා. එහෙම වාඩි වුණත් මගේ බකාඩි අතීත මතක ඉස්සරහා වාඩිවෙලා චියර්ස් කියලා වීදුරු එකට ගටෝනකොට මේ ආතල් අතීතය ලියන්න හිතුනා.

    අද දහවල් පැය දෙකක් විතර මුහුදේ පීනුවා. නෑව. කරිජ්ජ එක්ක තෙලිජ්ජවගේ දියවුණා. හවසට තනියෙන් අඩියක් ගහන්න ඕනී කියලා හිතුනා ඉතිං. ඒකට හොඳම අතේ තියෙන ගානට බොන්නේ මොනාද කියලා කල්පනාවට වැටුණාම මේක බොන්න ඕනී කියලා හිතුනා.

    ගෙදර සීතේ ගල්වෙලා ඌරෙක් හිටියා. අද නියම ඌරු රස කන්න ඕනී තුනපහා වලින් දූෂණය කරන්නේ නැතිව කියලා හිතලා හිටන් ඔසෙට ගම්මිරිස් පිරිමැදලා ලැසි ගමනෙන් ගම්මිරිස් උරාගනින් කියලා ඌරා වල් වෙන්න කියලා වළඳක බැස්සුවා. ඊටපස්සේ ඉතිං දෙහි ගෙඩි ටිකක් රවුමට කපලා අමු තක්කාලි ටිකක් චප්ප වෙන්න කපලා වැඩේ පටන් ගත්තා. කහා චුට්ටක් පාට ලස්සන වෙන්න කියලා උඩින් වීසි කළා. මේක ඉතිං හිතුවා වගේම බකාඩි රස එක්ක නියමෙටම සෙට් වුණා.

    ඉස්සර අපි මෙහෙවු අවුරුදු කළට එකදිගටම සතියක් විතර බොන එක තමයි කළේ. දෙකට තුනට නාකියාගෙන සරමට බැහැලා කඩේ ළඟට වීසි වුණාම සිත්තර සත්සිරි අතර කිමිදෙන කොට මුල්ලක කංසා දුමායනයක කිමිදෙනකොට කවුරුහරි ග්‍රහයෙක් මාට්ටු වුණා. වරෙන් යන්න .. එච්චරයි කතාව.

    ගෙදර වටේටම කඳු උඩ තැන්නේ ගඟ අයිනේ පතල් වාඩි ඕසෙට තිබුණ දේශයක වාසියෙක් වීමේ වාසිය අපිට උපරීම ලැබුණා. පතල් වාඩි තරඟයට ඩොලැක්කි සෙල්ලම කලා. තරඟයට මැණිකක් රකිනා නා රජිදෙකු සේ ගැයුවා. දවසක් චුල්ල පදම රජතුමාගේ බිසවට පිපාසේ හැදුනා කාන්තාරේ යනකොට වගේ සිංදු එළියට බැහැලා හඳ එළියේ ඇවිද්දා. සමහර වැහි දවසක සීතල සුළං අහුරක් වගේ මූන වටේ රවුම් ගැහුවා.

    අවුරුද්දට සෙට් වෙන මේ වාඩී බීම රස කළේ ගොඩක් වෙලාවට ගල් අරක්කු. මඤ්ඤොක්කා ගොන් මාළු වැරදුනේ නෑ. සමහර මැණික් ඕසෙට ලැබෙන වාඩි වල කුකුල්ලු පිටින් ගොජදාන ජූසි හැළියට වැටිලා මිරිස් තුනපහා වාඩියේ අයියගේ අත්ගුණේට කිතිකැවිලා දවටගෙන අපේ කටවල් ඇතුලට පැන්නා. වාඩියේ උණ මැස්සේ හිඳ උණ කනුවට පිට තියලා යෝධ බලයෙන් අපි ගල් ගැහුවා ගුඩුස් ගාලා. ගොඩක් අය සැන්ඩි කරලා නෝන්ඩි වුණේ නෑ.
    සමහරුන්නම් අලියා සෝඩාවලින් ගල් දූෂණය කරලා දිව උඩ තියාගත්තා. අපිනම් ඉතිං ඒකාලේ ගුඩුස් ගාලා බෙල්ලේ නහරවැල් ඇඹරිලා යන්න අමුවෙන්ම බීලා දත් ගැලවිලා වැටෙන රස්නයක් එක්ක සෙල්ලමෙන් ඉන්න චිකන් කෑල්ලක් කටට වීසි කරගෙන අර ගැස්සිල්ලට පොඩි දුනුපටියක් බැන්ඳා.

    අපේ කඩේ ළඟ ගැන්සියට එම්ඩී නයින්ටි තුනක් තිබුණා. එක අස්ව එක්සෙලයක් තිබුණා. ඒක හංගමුවෙන් පාරට දානකොට අපේ කන් හීන් කිතියකින් කට කටස් ගෑවා. තව කවසාකියක් තිබුණා. ඒක ලේසි බයික් එකක් නෙවෙයි කන්ථක අස්වයා වගේ පන්නන්න ගිහිං දෙවෙනි හිමිකරුට මරණය ගෙනත් දීලා තුන්වෙනි හිමිකරු විදිහට අපේ මිත්‍රය තෝරගෙන තිබුණා. ඉතිං ඒ බයික් එක අපිට අජානේය රථයක් වුනා. අපි හරි උජාරුවෙන් නැඟලා මරණය අතේ තියාගෙන අපි යකෙක්ටවත් බය නෑ යකෝ කියලා ඉගිල්ලුනා. ආ තව බයික් එකක් තිබුණා ඒකේ නම මට මතකයට එන්නේ නෑ පොල් ගහක උනත් යන්න පුලුවන් බයික් එකක් ඒක. ඒකේ කවදාවත් ලයිට් කියලා කනාමැදිරි ෆුකක දෙයක් තිබුණේ නෑ. අතේ ටෝච් එකක් තිබුණොත් ඒකෙන් ගියා නැත්තං ඉතිං ඇහේ හුරුවට තමයි ගියේ. අනික ඉතිං අපිට අපේ පාර ඇස් වහගෙන යන්න පුලුවන් නිසාචොර කමක් තිබුණා ඒ කාලේ අපිට.

    ඉතිං කඩේ හවසක මේ රථයක අපි කොහේහරි වාඩියකට නික්මුණා. සමහර මෙහෙම සති වල 'මේ බටෑදිරියේ දහා පෙන්නලා සූදුවක් තියෙනවා යමං' කියලා ආරාධනා ලැබෙන දවස් සෙට් වෙනවා. ඉඳලා හිටලා බුරු ගහන මට ඉතිං මෙහෙම ආරාධනාවක් හම්බවුණාම ඉබ්බා දියට දැම්මා වගේ. එහෙම වෙලාවක ඉතිං ගමන්සගයා දිනාගෙන දිනාගෙන ගියොත් හෙමින් සීරුවේ සල්ලි ටික යටිමඩි ගහලා සපෝට් එකක් දුන්නා. සමහර දවස්වලට ඉතිං ඔන්න පොලිස් කියලා පැනලා දුවලා යාලුවා ආයේ පරාජයට යන එක වළක්වගෙන ගෙදර අරගෙන ආවා. සමහර දරුණු දිනීම් සිද්ධවේගන ගියොත් අපි කතාකරගෙන යන විදිහටම ඈත ඉදලා බූරුපොළට ගල් දෙකක් තුනක් ගහලා කස්ටිය විසුරවලා සල්ලි පොදිය අරං මාරු වුණ.

    ReplyDelete
  20. එහෙම දවසට ඉතිං වැඩි ගානට කොහෙන් හරි බැරිම වුණොත් පතායා ගිහිං හරි බෝතලයක් දෙකක් අරගෙන පතල් වාඩියකට ගිහිං වාඩියේ අයියා අහරෝලා ඌටත් හොඳටටෝම පොවලා අපිත් හොඳටෝම බිව්වා. ඒවා තමයි ඉතිං අවුරුදු සමයේ ආතල්. සමහර අලුත් අවුරුදු උත්සව ඉවරවුණේ මාරිම්බා වගේලොකු සංගීතයක් අස්සේ. එහෙව් සංගීත බලන්න ගියාමත් ඉතිං පාරක් තොටක් පිට්ටනියක් බෝක්කු සිලින්ඩරයක් නෑ හොඳටම ගැසුව එක තමයි කලේ. ගහලා ඉතිං ප්‍රීතිවලිවලට පැටලිලා පොකුරේ ගහගෙන හිනාවෙවී ගෙදර ආපු වෙලාවල් තිබුණා. සමහර සංගීත ඉවර වෙනකොට සමහර ගම් පහුකරගෙන එන්න බෑ ගහන්න මඟ රැකලා ඉන්නවා එතකොට ඉතිං ජංගල් කට්ස් දාලා තමයි ගෙදරට ආවේ.

    එහෙව් අතීත මතක සතියක් තමයි මේ ගෙවෙන්නේ. මෙහෙම සතියක් සෙට් වුනාම රත්නපුරේ එවුන් මැණික් හොඳටම හම්බවුණාම ඒකාලේ බොන බීමක් තමයි බකාඩිය. එතකොට ඉතිං මේ බීම එක ලංකාවේ ගැහුවේ නැති නිසා ගානත් සැරයි. ඒක ඉතිං මැණික් කාරයාට ලොකු ගෞරවයක් නම්බුවක්. ඉතිං පතායා එකෙන් හරි බකාඩියක් අරගෙන ආවා ගහන්න. ඒක හැබැයි කලාතුරකින් තමයි උනේ.

    බකාඩි බිව්වත් ඉතිං අපි බීලා කරන මගෝඩිස් වැඩ නවත්තලා පරිනත වුණේ නම් නෑ. එහෙම හොඳටම බේබදු වුණ රාත්‍රියක් උදෑසනකට කන්වර්ට් වුණාට පස්සේ ඉතිං ගමේ මිනිස්සුන්ගේ මූන බලන්න බෑ. මොකක් හරි හුට්ටප්පරයක්. මොකක් හරි පැමිණිල්ලක්. බලහන් කරුණෝ මුන් ඊයේ රෑ මගේ දොරට ගහලා දිව්වනේ. බලහන් මුන්ට තියෙන මර විසේට ගස් ලබු ගහා කඩලනේ දෙකටම. බලහන් මඤ්ඤෝකා ටික සේරම ගලෝලනේ. ඔය වගේ කයි කතාවල ඉදලා රණ්ඩු සරුවල් පැමිණිලි දක්වා පුලුල් පරාසයක පැමිණිලි ඒ උදෑසන පැමිණිලි ගොන්නේ තිබුණා.

    එහෙම බොහොම ප්‍රීති කාලයක් තමයි මේ වසන්තය කියන්නේ. අලුත් අවුරුද්දට දවස් 45ක් ගියාට පස්සේ මහාගංවතුරක් එනවා කියන එක අපිට අරුමයක් නෙවෙයි. ඉතිං ඒ මහා ජලගැලීම එනකම් ගොඩක් වෙලාවට මේ අවුරුදු අසිරිය තිබුණා. බූරු පොළවල් සමහර අවුරුදුවල වෙසක් පොසොන් දක්වාම චුයින්ගම් වගේ ඇදුනා. එහෙම බැලුවාම මාර්තු වලින් ඇරඹිලා වෙසක් පොසොන් වෙනකම් අවුරුදු සිරිය දියවෙලා ගියා.

    එහෙම විශාල මතකයක් තමයි අලුත් අවුරුද්ද කියන්නේ. එහෙම කාල ගොඩක් පහුකරලා මෙහෙම තනියෙන් අරක්කුටිකක් කටට දාගෙන ඔහේ කල්පනා කරන කාලයකට එන්න තරන් මම පරිනත වෙලා. ලේසී නෑ නේද?..😂😂

    කොහොම වුණත් තනියෙන් බොනවා කියන්නේ පිස්සුවක් තමයි. ඒක කෙළවරක් නැති බීමක්.

    ReplyDelete
    Replies
    1. නියම කොමෙන්ට් කතාව ඇනෝ . සුපිරියි ඈ . මම චිකන් හදන්නේ ඔය විධිහට . හොඳට බදිනවා ගම්මිරිස්, ලුණු සහ මිරිස් කුඩු යන්තමට ඉහිනවා , ජින්, අරක්කු , සිංගල් මෝල්ට් , ටෙකිලා ඕන එකකට යනවා

      Delete
  21. උබ මොකද තෝරා ගත්තු උබට කඩේ යන කොමෙන්ට් විතරක් පබ්ල්ෂ් කරන්නේ අජිත්?

    උබ පුඩුව ලැජ්ජා නැති එකෙක්නෙ බං.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ මට ඕන විධිහට යකෝ වැඩ වෙන්නේ. උඹට ඕන විධිහට නෙමේ. මයි කාර් මයි පැට්‍රෝල්. අනික මම සරෝජ් ගෙන් ඇහුවම ඌ කිව්වා එහෙම කොමෙන්ට් එකක් එව්වේ නැහැ කියල. දෙකයි පනහේ වැඩ කරන්නේ නැතිව ඉඳිල්ලා බං . හෙන ඩිප්රෙස් වෙච්ච සෙට් එකක්නේ

      Delete
  22. අජිත් අයියේ ඔයා ලෝක දේශපාලනය ගැන දන්න නිසා අහන්නේ ඇත්තටම ඔබ මේ පහත නිව්ස් එක ගැන හිතන්නේ මොකක් ද මේ ප්‍රවෘත්තිය (සිංහල පරිවර්තනය) ඇත්ත ද?


    //ශ්‍රී ලංකාවේ හිටපු චීන හිතවාදී ඒකාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නමැත්තා සහ එම බලවත් දේශපාලනික පවුලේ බලය සම්පූර්ණයෙන්ම ඉවත් කර බලයෙන් පහකරමින් වත්මන් බටහිර රාජ්‍ය සහ ඉන්දියාව සමග මිතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ජනපති රනිල් වික්‍රමසිංහ පරිපාලනය ස්ථාපනය කිරීමට "ගෝටා ගෝ" නමින් හැඳින්වූනු මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය 2022 වසරේදී ක්‍රියාත්මක කිරීමට මූලික ස්ථානය වු ලංකාවේ අගනුවර කොළඹ නගරයේ ගෝල්ෆේස් නම් වූ උද්‍යානයේ මින් ඉදිරියට කිසිදු ආකාරයක දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් එවන් කටයුතු සඳහා කිසිම දෙයක් සඳහා ඉදිරියේ දී අවසර නොදීමට ලංකාවේ නව රජය මගින් දැඩි ලෙස තීරණය කර තිබේ.

    ඒ අනුව ගෝල්ෆේස් ගාලු මුවදොර පිටිය ලංකාවේ සාමාන්‍ය මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් භාවිතා කිරීමට වෙන් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

    මෙම තීරණය අනුව මෙම අප්‍රේල් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන අතර සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ජනපතිවරයාගේ විශේෂ අනුමැතිය සහිතව එය ලබාදීමට පමණක් අනුමැතිය ලැබී ඇත.

    කොළඹ මෙම ගාළු මුවදොර පිටිය නම් ස්ථානය වඩා හොඳින් සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා රජයට අයත් වරාය අධිකාරිය භාර ගෙන ඇති අතර CSR සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස එය සිදු කරයි. මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 220 ක මුදලක් ((එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 0.65 ක් පමණ)) වැය කිරීමට නියමිතව තිබේ. මේ සඳහා යුරෝපීය සංගමය මගින් අවශ්‍ය උපදේශන සහාය සහ මූල්‍ය අනුග්‍රහය ද ලබා දීමට නියමිත බවද මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.///

    ReplyDelete
    Replies
    1. මම ඔය ලෝක දේශපලනය ගැන දන්නා උලව්වක් නැහැ . හැබැයි බටහිර නිව්ස් රුසියන් යුක්රේන් යුද්දේ ගැන පට්ට පච කෙලින්නේ කියල දන්නවා. පුටින් උගේ මිනිසුන්ට කෙලින්නේ පච කියලත් දන්නවා. ලංකාවේ ගෝල්ෆේස් වැඩ වලට යුරෝපා සංගමේ උදව් කරයි කියලා හිතන්න බැහැ . ඒ කෑල්ල දාන්න ඇත්තේ වැඩේ ලෙජිටිමේට් කරන්න වෙන්න ඇති. ඒත් මහජනයාට අරගල කරන්න හිතුනොත් ඉතින් මොන යකා මොන නීති දැම්මත් වැඩක් වෙන්නේ නැතිවෙයි.

      Delete
  23. සමහර මිනිස්සු මරණය සොයාගෙන යනවා. සමහරු සොයාගෙන මරණය පැමිණෙනවා. සමහරු මරණය අතේ තියාගෙන පැණි කනවා. සමහරු මරණය ගැන කවි ගී සින්දු ලියනවා.

    මරණය කියන එක හැමතැනම තියෙනවා. සිගරැට්ටුවක් උරනකොට බීර හුස්මක් ගන්නකොට විස්කි ටිකක් රහා කරනකොට මරණය හිනාවෙනවා වෙන්න පුලුවන්.

    සමහර ජාන තියෙන මිනිස්සු මේවා අස්සේ මරණයට ඔච්චම් කරනවා. හූහූ කියලා අසීමිතව බොනවා. බීලත් අවුරුදු එකසීය පනහක් විතර යෙහෙන් ඉන්නවා..

    සමහරු කිසිම දෙයක් නෑ කන්නෙත් නෑ බොන්නෙත් නෑ සුඛන්නෙත් නෑ එහෙම එකෙක්ට ටක් ගාලා මරණය හම්බවෙන වෙලාවල් තියෙනවා. උබ මේ ලෝකෙට වැඩක් නෑ වරෙන් මෙන්නමෙහාට කියලා ඇදන් යනවා වෙන්නත් පුලුවන්.

    අපි මරණය එක්ක එක එක විදිහට ක්‍රීඩා කරනවා. සමහරු මරණයට වෙට්ටු දානවා. සමහරු මරණයට ආතල් දෙනවා. සමහරු මරණයට හිනාවෙනවා. සමහරු මරණයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ අස්සේ මරණය පරාද කරන ඈයොත් ඉන්නවා. එහෙම පරාද කරලා බෝනස් එකෙත් පැණි කන එවුන් එමටයි.

    ජැක්සන් වගේ අය මරණය ඉස්සරහා පරාද වේලා. ඒත් තවමත් සුසුම් පිටකරනවා. උරාගන්නවා.

    ඒකයි මම කියන්නේ ජීවිතේ කියන්නේ හීනයක්. එක එක මිනිස්සු එක එක විදිහට මේ හීනේ දකිනවා..!

    THE SEVENTH SEAL (Ingmar Bergman Sweden, 1957) මේ ෆිල්ම් එක නිකමට බලන්න..!

    ඒ අස්සේ මට no country for old men ෆිල්ම් එකේ Anton Chigurh කියන චරිතය කඩේට ඇවිත් කොයින් එක උඩ දාන සීන් එක මතක් වෙනවා.. මරණය කාසියක් උඩ දාලා තීරණය වෙන්නත් පුලුවන්.

    පාටි එකට යනකොට ජූඩ් ශාමන්තගේ ගෙදර යතුර ඉවෝන් තමන්ගේ පර්ස් එකේ දාගන්න තීරණය නොකළානම්
    සමහරවිට ඉවෝන්ට මරණය මඟහැරෙන්න තිබුණෙ නැද්ද?

    මරණය මෙහෙම දිගාරින්න පුලුවන් නේද?..

    ReplyDelete
    Replies
    1. මම උපන් දිනය කියල ලිපියක් ලියල තියනව. ඒක බලන්න

      Delete
    2. මම උපන් දින සුභ පැතුම කියල ලිපියක් ලීවා ගිය මාසේ. ලිපියේ අදහස් කළ තැනැත්තා සිය දිවි හානිකරගත් බවත් මම ලීවා. ඔහු ඉන්නේ හොඳින් කියා හිතා හිටි නිසා මම ඔහුට කතා කලේ නැහැ. එහෙම නොවේ කියල හිතුවනම් කතා කරන්නත් ඉඩ තිබ්බ. නමුත් මම කතා කළා කියල ඔහුගේ මරණය නතර වෙන්නේ නැහැ. මේ කතාව ආවර්ජනය කරමින් යද්දී මට පැහැදිලි වුන කරුණ ඒක. ඔහු ජිවිතේ ගෙව්වේ අපි නිසා. අපි කියල කිව්වේ සමාජය නිසා. බැන්දේ, ළමයි හැදුවේ එහෙම කරන්න ඕනේ කියල හිතුව නිසා සහ ඔහුගේ පෙම්වතිය නිසා , ඒක ඊලඟ ලොජිකල් පි යවර නිසා.
      ගෙයක් මිලදී ගැනීම, ළමයි බැලීම, බිල් ගෙවීම් මේ සියල්ල කලේ ඔහුගේ බිරිඳ. ඒවා බිරිඳට භාර දීල හිටියෙත්, ඇය සමග දික්කසාදයෙන් පසු පෝලන්ත පෙම්වතියට ඒ සියල්ල භාර දීල හිටියෙත් ඒකයි. එහෙමයි මට හිතෙන්නේ. ළමයි උපන් දිනේට කතා නොකරපු එක හේතුවක් කර ගත්ත විතරයි ඔක්කොම හැර යන්න, අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්න වගේ.
      එයා යන්නයි හිටියේ. ඒක සමහරවිට බෙහෙත් වලින් වළක්වන්නත් තිබ්බ. ඒත් ඔහු උපන්නට ජිවත් වෙයි.

      මේ බුද්ධි කියන තරුණයා බ්ලොග් ලියල තියනව. දේශකය ලින්ක් එක දාල තිබ්බ. එයා රසිකගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාල තිබ්බ. මොන හේතුවකින් හරි මට හමු වුනේ නැහැ. ඒ බයිසිකල් බ්ලොග් එක මට මග හැරිච්ච එකක්.
      මම කියන්න හදන්නේ මේකයි. ඔහුට විෂාදය තිබ්බද නැත්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔහුගේ ෆේස්බුක් වෝලයේ ඉතා පැහැදිළිව ඔහු ලියා තබා තිබෙනවා, යන්න ඉන්නේ කියල. නමසිය ගානක් හාට් රිඇක්ෂන් , සෑඩ් රිඇක්ෂන් දාල තියනව, අපේ යාළුවොත් ඉන්නව ඒ අතරේ.
      //මිනිහෙක්ට තියෙන්න ඕනේ හරියට ම කවදා ද කියලා තමන් දන්න ඩෙඩ්ලයින් එකක්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "ඩෙඩ්ලයින්" එකක්. අවම වශයෙන් මට පෞද්ගලිකව හිතෙනවා එහෙම එකක් තියෙන්න ඕනෙ කියලා.
      (කොටසක් ඉවත් කලෙමි.)
      මම දැන් සැලකිය යුතු කාලයක ඉඳන් ජීවත් වෙන්නේ මගේ ඩෙඩ්ලයින් එකත් එක්ක. ඒ නැතත් යාන්තම් තේරෙන කාලයේ ඉඳන් ම මම හිටියේ මට දිගම දිග ජීවිත කාලයක් ඕනෙ නෑ කියන තැන ම තමයි. මට දැන් ඇති, ඒ ඇති කියන තැනට ආවට පස්සේ ජීවත් වෙන අමතර දවස් කියන්නේ අනවශ්‍ය මහන්සියක් විතරයි. මේ ගෙවීගෙන යන්නේ ජීවිතේ අවසාන මහන්සි සහ කම්මැලි දවස් ටික විය යුතුයි කියලා මම හිතාගෙන ඉන්නවා.//


      ඔහු බුද්ධිමත් අයෙක්. කලකිරීමෙන් ඉන්නත් ඇති. අරගලය හා වෙනත් හේතු තියෙන්නත් ඇති, නමුත් අර ලියපු එකට ඔහුගේ ළඟම යහළුවෝ වත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් ඒකටත් හේතූන් ඇති. ඔහු ඉතාමත් කල්පනා කරලා, සවිඥානකව ගත්ත තීරණයක්. බයියෝ මේකට උඩ පනින එක එතිකල් නැහැ වගේම, අනිත් අය අරගල වලට හා සිස්ටම් එකට චෝදනා කිරීමේත් තේරුමක් නැහැ. කරන්න තියෙන්නේ ඔහු ගතකල ජීවිතය celebrate කරන එක. මට හිතෙන්නේ එහමයි.

      Delete
  24. වෙල්... මට මතක් වුණේ දවසක් සරත් අයිය ලියල තිබුණ කතාවක්. "පස්වලට ලුණු අවශ්‍යයි. නමුත් ගොඩක් නෙවෙයි"

    විපුලි අක්කට සුබ ගමනක් හෝ සුව නින්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඇය ගිහින් අවුරුද්දක්.

      Delete
  25. අජිත් ධර්මකීර්ති සහෝදරයා වුණත් පිළිගනු ඇති සිය දිවි නසාගන්නේ බියගුල්ලන් බව, ඒ නිසා මගේ දැඩි ඉල්ලීම නම් කිසිම විදිහකින් සිය දිවි නසාගන්තවුන්ව උත්කර්ෂයට නොනගන්න යන්නයි.

    හිත් පිඩාවෙන් සිටින තවත් ජීවිතයක් බේරාගන්න සවියක් වෙන්න කටයුතු කළ යුතුයි.

    සිය දිවි නසාගත් බුද්ධි හා සිය දිවි නසාගන්නට උත්සාහ කොට යන්තම් දිවි බේරාගත් චමීර ජීවන්ත දෙද්දුවගේ මට හමුවෙන්නේ එකම දිනයක දීය. එවක ඔවුහු හිරිමල් යෞවනයෝ වූහ. දෙදෙනාම අපුරුම ලේඛකයෝ වූහ. අපට වඩා පුළුල් දැනුමකින් ලෝකය දෙස බලන්නෝ වූහ.

    එහෙත් ඔවුහු තම හැකියාවන් සුන්දරත්වය, රසාස්වාදය පැත්තට නොව ආවේගශීලි අන්තයකට මෙහෙයවන්නෝ වූහ. වචනාර්තයෙන්ම අන් අය අතර රැඩිකල් පොරවල් වීමේ පිපාසාවෙන් පෙළෙන්නෝ වූහ. කෑපි පෙනිම වෙනුවෙන් හරි දේ මෙන්ම වැරදි දේ තෝරාගත්තෝ වූහ.

    ලංකාවේ ගෝටාගෝගම ජනතාවාදී නිර්පාක්ෂික අරගලය ආරම්භ කල මුලදී අප සමගත් ඔවුන් සමගත් සිටි සංවේදි සැබෑ ජනතාවාදී මිනිසුන් ක්‍රමයෙන් ඔවුන්ගෙන් ඈත් වූ අතර ඒ වෙනුවට ඔවුන් වටා රොද බැඳගත්තේ කොණ්ඩ රැවුල් වවාගත් සමාජයේ හොඳ කිසිවිට නොදකින තක්කඩි මැරවරයන් පිරිසකි. කිසිම ආකාරයක සමාජ සංවේදි බවක් නොමැති පිරිසකි. කිසිම තේරුමක් නැතිව අපරාධකරුවන් මෙන් සමාජ සම්මතය බිඳ දැමීම විරත්වයක් සේ සැලකූ පිරිසකි.

    මා මුලින් කී සංවේදි පිරිසෙන් එකෙකු හෝ ඔහුගේ අවසන් ලියැවිල්ල දකින්නට හිටියානම් බුද්ධි අදත් ජිවතුන් අතර යැයි මට හැඟේ.

    මෙවන් හැසිරිම් රටාවන් පෙන්නුම් කරන තවත් කීප දෙනකුම අප මිතුරු ලයිස්තුවල දකින්නට ලැබේ. රටේ වෙන සිද්ධියක් එහෙමත් නැතිනම් කුමක් හෝ දෙයකට තවකකු දරන අදහසක් දැමූ සැණින් එයිට හාත්පසින්ම පරිබාහිර යමක් ලියමින් මුල් ලියැවිල්ල ලියු එකා පතුරු ගසා මං පොර විමේ මානසිකත්වයක් පමණයි මං උන් තුළින් දකින්නේ.

    ඔවුන් තුළ ඇත්තේ සමාජ වෛරයකි. එය රටට ආදරයක් නොවේ. බද්ධ වු සමාජ වෛරයකි ඇත්තේ. එවන් අය අතර මිතුරු ලයිස්තුවේ මිතුරියන් දෙතුන් දෙනකුද සිටිති.

    සිය දිවි නසාගත් බුද්ධි හා මනෝ උපදේශිකාවක් වූ බුද්ධිකා එරන්දි ජයසිංහ මගේ එකල හොද මිතුරු මිතුරියන් සේ සිටි අය වූහ. එහෙත් දිවිනසාගත් බුද්ධිලාට බුද්ධිකා එරන්දිලා මතකයක වුයේ නැත. යම් හෙයකින් බුද්ධි ලියු අවසන් සටහන බුද්ධිකා එරන්දි දුටුවානම් අද අපට මේ සටහන ලියන්නට අවස්ථාවක් නොලැබෙන එක මට ස්ථිරය.

    මෙය ස්ක්‍රීන් ගසා තියාගන්න. තවත් කීප දෙනකුම මේ දිවි නසාගන්නා ගොඩේ සිටින වග පැහැදිලිව පෙනෙන්නට තිබේ. බද්ධ සමාජ වෛරයකින් තමන් විරයන් සේ මං පොර වෙන අමනයන් රැළක් දායක සභා කරගත් මේ අයගේ ඉරණමද බුද්ධිගේ ඉරණමට දෙවැනි නොවන වග කියා සිටිමි. තමන්ගේ සැබෑ ජීවිතයේ තියන දාහක් අඩුපාඩුකම් වසාගන්නට මං පොර දිවියක් ලොවට පෙන්නන අය ඔබේත් මිතුරන් නම් දැන්ම ඔවුන් ගේ ඇතුළාන්තයට මදක් හෝ සමීපව ඔවුනට අස්වැසිල්ලක් වෙන්න.

    මේ දිවි නසාගන්නා ක්‍රියාවන් කිසිම විටක උක්කර්ශයට ලක් නොකරන්න. එය වීරයන්ගේ වැඩක් නොව බියගුල්ලන්ගේ වැඩක් බව ලොවට කියන්න. එය සමාජ මෙහෙවරකි.

    මා කියනා දෙය තුළ ඇත්තක් වෙතැයි ඔබට දැනෙන්නේ නම් මේක ෂෙයා කරන්න නැතිනම් කොපි කර ඔබේ නමකින් වුව දමන්න. එය සේවාවකි.

    ReplyDelete
    Replies
    1. සිය දිවි නසාගන්නේ බියගුල්ලන් - මා එසේ සිතන්නේ නැත

      Delete
  26. To the anonymous idiot from the cloud cukoo land,
    1.The safety and security of Soviet-era nuclear technology after the collapse of the Soviet Union is a matter of debate among experts and scholars. While some argue that the transfer of knowledge and expertise to new states was generally managed effectively, others contend that there were significant risks and challenges involved in securing and managing the technology. Moreover, the assertion that Western countries played a decisive role in ensuring the safety of Soviet nuclear technology may be viewed as oversimplified or politically motivated, as the issue of nuclear non-proliferation and disarmament is complex and involves many actors and interests.
    2.If there is no crime commited there is nothing to evade, is there? Are you really serious? can pigs fly? Why don't you tell me who you are and I can sue you for defamation? Then you can prove it yourself.
    3. I have nothing do with Ranil W or his government
    4. I don't support any country. I only support the truth.
    5. Nothing. You think I did not realise what you were trying to do? You are trying to get my blog banned. You idiot.😀

    ReplyDelete
  27. අජිත් ලෝක දේශපාලනය තුල BRICS සංධානය ගත් විට රුසියාව ඔය රටවල් දෙකම ෂේප් එකේ බැලන්ස් කරන්නේ හරියට ලංකාවේ නන්දසීනි ලොක්ක ආරක්ෂක ලේකම් කාලේ ෆොන්සේකා සහ කරන්නාගොඩ වගේ එකිනෙකට පරස්පර පසමිතුරු සොල්දාදුවන් දෙන්නෙක් ගානට බැලන්ස් කරා වගේ, නමුත් මෑන් ජනාධිපති විදියට හරියට ගේම ගහගන්න බැරි වෙලා චොර වෙලා ගියා, ඒ වගේ තමයි අජිත්ලා දෙන්නාගේ සහ ඇනෝ එන වාමාංශික කණ්ඩායම් වල ගේම් එක පිටින් ඉඳන් බලද්දි අපට පේන්නේ

    ඇත්තටම අජිත් ඔය ඩොලරයට විකල්පයක් ලෙස යෝජිත බ්රික්ස් මුදල් ඒකකය මූල්‍ය වශයෙන් බැලනන්ස් කරගන්න සණස නැත්නම්
    සකසුරුවම් හා ණය ගනුදෙනු පිලිබද සමූපකාර සමිති කියලා පී. ඒ. කිරිවන්දෙනිය ඒ කාලේ රටපුරා ලංකාවෙ අන්ත ග්‍රාමීය පවුල්වලින් , මරණාධාර සමිති, පන්සලේ දායක සමිති, ගොවි සමිති, දහම් පාසැල් , කාන්තා සමිති වලින් රුපියල දෙක එකතුකරල ගේම ගැහුව විදියට ගේමක් දෙන්න බැරි වෙයිද?

    අපි පොඩි කාලෙ අනූ ගණන් වල
    ලංකාවේ ඒ කාලෙ ගංවල හිටපු උන්ට මොලේ නෑ, ණයට දුන්නෙ උපරිම 50,000 යි
    සමිතියෙ වැඩට ගත්තෙ ගමේ පන්සලේ දායක සබාවෙ, මරණාධාර සමිතියෙ , ගොවි සමිතියෙ , සබාපතිල, ලේකම් ල , භාන්ඩාගාරික ල

    උනුත් ඉතිං බැහැල ගේම රන් කරා .. උන්ට පොඩි පොඩි ගනන් හොරා කන්නත් චාන්ස් දුන්නා .. නැතිනම් මේක ගෙනියන්න බෑ කියන එක කිරිවන්දෙනිය දැනගෙන හිටියා
    එහෙම කරල ලස්සනට ගේම් එක ප්ලේ කරා ..
    හොද කන්සෙප්ට් එකක්..

    තමන්ගෙ අතේ තිබිච්ච පොඩි ගානකින් අනුන්ගෙ සල්ලි රන් කරවල ලංකාවෙ බැංකුවක් පටන්ගත්ත කියන්නෙ මොලේ තමයි..

    ඒ කාලෙ හැමෝම කිරිවන්දෙනිය ගැන මහ ඉහලින් වරණනා කරාට මට පෙනුන එකම දේ පොර ලෝක කපටියෙක් කියන එක ..

    ඒ තරමටම ගං වල උන් ඇන්දුවා ...

    😂😂😂😂😂

    මැද්දේ ලොකු 'ණ' කිරිවන්දෙනිය උන්නැහේගේ උපක්‍රමයක්. එයින් තමා එයා සණස නිර්මාතෘ විදියට පෙනී සිටින්නේ.

    ලංකාවේ සකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති ඇරඹුවේ කිරිවන්දෙනිය කියා ඔහුගේ අතවැසියන් ප්‍රචාරයක් ගෙන ගියා. එහෙත් ලංකාවේ සකසුරුවම්කම හා ණය ගනුදෙනු ගණුදෙනු සමුපකාර සමිති ව්‍යාපාරය ඇත්තටම ඇරඹුණේ 1906 දී. ඇත්තටම නම් ඒ සන්දියේ සමුපකාර කියන වචනය තිබුනෙත් නෑ. ඒ වෙනුවට භාවිත වුණේ එක්සත් සහකාර යන්නයි.

    කිරිවන්දෙණිය උන්නැහේ කෑගල්ලේ ගමක සකසුරුවම්කම හා ණය ගනුදෙනු සමුපකාර සමිතියක සභාපති වෙලා, ඉන්පසු කෑගල්ල දිස්ත්‍රික් සංගමයේ සභාපති වුණා. පසුව ඔහු ලංකාවේම අග්‍රස්ථ සංවිධානය වන ශ්‍රී ලංකාවේ සැකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති මහා සංගමයේ සභාපති ද වුණා.
    ගම්උදාව ව්‍යාපාරයේ නිවාස දසලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ණය දීමට රජය තෝරා ගත්තේ සමුපකාර සමිති. ඒ සඳහා ගම් මට්ටමින් සකසුරුවම් හා ණය ගනුදෙනු සමුපකාර සමිති විශාල සංඛ්‍යාවක් පිහිටවනු ලැබුවා. (තිබුණු සමිති සංඛ්‍යාව මෙන් 4 ගුණයක් පමණ) මේවා අදාළ දිස්ත්‍රික් සංගමයේ සමාජිකත්වය ලබා ගත් අතර ඒ සමිති වලට ණය ලැබුනේ දිස්ත්‍රික් සංගමය වෙතින්. දිස්ත්‍රික් සංගම්වලට ණය ලැබුනේ මහා සංගමයෙන්.
    ඒ සභාපති වූ කිරිවන්දෙණිය උන්නැහේ අමුතුම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

    ඒවා බොහෝ ධනාත්මක සංවර්ධනාත්මක ය'යි පෙනුණු නමුත් ඒ ඒ සියල්ල කේන්ද්‍රගත වී තිබුණේ ඔහු සහ ඔහුගේ පවුලේ උදවියයි සකසුරුවම්කම හා ණය ගණුදෙනු සමුපකාර සමිති, සමුපකාර ණය දෙන සමිති හෙවත් "සණස" කළේ කිරිවන්දෙණිය.

    මෙකී "සණස" මූලික කරගනිමින් ඔහු සිය පවුලේ ව්‍යාපාරික කීපයක්ම පිහිටුවා ගත්තා. සණස සංවර්ධන බැංකුව, සණස රක්ෂණ සමාගම etcetc. එනයින් "සණස" නිර්මාතෘ ඔහු තමා. එහෙත් ශ්‍රී ලංකාවේ සකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර ව්‍යාපාරයේ නොවෙයි

    ඒ ඔය කතාවේ සුළු කොටසක් පමණයි.

    මා සමුපකාර ව්‍යාපාරය ගැන ලොකු
    හැදෑරීමක සිටින කෙනෙක්. වෙනත් පොත් කරන අතරේම සමුපකාර ව්‍යාපාරය ගැන ද පොත් දෙකක් මේ වන විට පළ කොට තිබෙනවා. තුන් වන පොත ලියමිනුයි ඉන්නේ. බොහෝ දුරට වැඩ අවසන් කොට ඇති ඒ පොතේ නම මේ වන විටත් තීරණය කොට හමාරයි. එහි නම වනු ඇත්තේ " සමුපකාරය - ඒ කුමක්ද?". ප්‍රකාශක එකඟ වුණොත් මේ අවුරුද්දේ ම එන්නත් පුළුවන්.

    මෙම බ්ලොග් එකේ දුටු පෝස්ට් සහ කොමෙන්ට්ස් සැබැවින්ම මට ප්‍රයෝජනවත් වූ බව ද කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. මෙය සැබෑවක් ද යන්න නොදනිමි. කිරිවන්දෙණිය මහතාට පිළිතුරු දීමට පහසු ලෙස ඔබේ නම හෙළිදරව් කරන්නේ නම් මැනවී. එසේ නැත්නම් මෙය නිකම් මඩක් විය හැකිය. චෝදනා තිබේනම් ඔප්පු කල යුතුය. කිරිවන්දෙණිය මහතාට හෝ ඔහුගේ පවුලේ අයට ඔබට පිළිතුරු දීමට අවස්ථාවක් දිය යුතුය.

      Delete
  28. මම මේ පොස්ට් එක දාන්නේ මට තියෙන අසනීපය වෙන කාටවත් හැදෙන්න එපා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරමින්.

    මීට අවුරුදු 5කට කලින්, (එතකොට මට වයස අවුරුදු 22 යි) මට එක පාරටම කෑම කලා, ඒවා ගිලින්න අපහසු තත්වයක් උදා උනා. මම හිතුවේ සෙම වගේ තත්වයක් වෙන්න ඇති කියලා. මේකට බෙහෙත් අරගෙන බැලුවත් හරි ගියේ නෑ.

    පස්සේ එක එක ටෙස්ටිං එහෙම කරලා හොයාගත්තා මගේ ඇඟේ කැන්සර් එකක් තියෙනවා කියලා. හරියටම ලෙඩේ හොයාගන්නකොට මට අවුරුදු 23 ලබලා සති දෙකක් සම්පුර්ණ උනා විතරයි.

    ඊට පස්සේ මේකට ප්‍රතිකාර විදියට මොකද කරන්නේ කියලත් හොයලා බැලුවා. ඊට පස්සේ අන්තිමේදී තීරණය කලේ ශල්‍යකර්මයක් කරන්න. කොහොම හරි ශල්‍යකර්මය කරලා,තවත් බෙහෙත් එහෙම බිබී හිටියා. මාස හයෙන් හයට වගේ මගේ ඇඟේ ස්කෑන් එහෙම අරං බල බලා හිටියේ ශල්‍යකර්මය කරාට, නැවත පිළිකා තත්වයට වර්ධනය වේවිද කියලා බල බලා.

    කොහොම හරි මීට අවුරුදු 2 කට විතර කලින් ගත්තු රිපෝර්ට් එච්චර හොද තත්වයක තිබුනේ නෑ. මොකද ආයේ ඒ පිළිකා ශෛල හැදීගෙන එනවා දකින්න ලැබුනා.

    ඊට පස්සේ ආයේ අපි රිපෝර්ට් කිහිපයක් එහෙම අරං, නැවතත් ශල්‍යකර්මයක් කලා. දැන් මම දිගටම විකිරණ ප්‍රතිකාරත් ලබා ගන්නවා. මේ විකිරණ ප්‍රතිකාර ගත්තුවාම ඇගට හරිම අමාරුයි. මේ විකිරණ නිසා පිළිකා ශෛල විතරක් නෙමෙයි, ඇඟේ තියෙන අනික් ශෛලත් විනාශ වෙනවා.

    ඉතිං මම පොඩ්ඩක් හොයලා බැලුවා පිටරටවල් වල, විශේෂයෙන්ම එංගලන්තයේ වගේ ඉන්න පිළිකා රෝගීන් ප්‍රතිකාර ගන්නේ කොහොමද කියලා. එතකොට මට පෙනුන දේ තමයි ඒ රටවල ඉන්න පිළිකා රෝගීන් අපේ රටේ අයට වඩා ගොඩක් කල් ජිවත් වෙනවා. ඒකට හේතුව තමයි දැන් ලෝකේ මේ ලෙඩේ මර්ධනය කරගන්න පුළුවන් බෙහෙත් ඕනි තරං තියෙනවා. හැබැයි ඒවා මිල අධිකයි. ලංකාවේ රජයත් පිළිකා රෝගීන් වෙනුවෙන් අපේ රටේ හැටියට අධික මුදලක් වියදම් කරනවා. හැබැයි අපේ රටට සල්ලි නෑනේ අර එංගලන්තයේ වගේ රටවල ඉන්න රෝගීන් භාවිතා කාරනා සාර්ථක, එහෙත් මිල ඉතාම අධික බෙහෙත් අපේ රෝගීන්ට ලබා දෙන්න. ඉතිං ඒ නිසා අපේ රටේ රජයේ රෝහල්වලදී පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී භාවිතා කරන්නේ අර කිව්ව ඖෂධ නෙමෙයි. අපේ රෝගීන්ට දෙන ඖෂධ එතරම් සාර්ථක නෑ. ඔන්න ඔය කාරණේ නිසයි අපේ රටේ පිළිකා රෝගීන් සමහර විට ඉක්මනින් ජිවිතයෙන් හැර යන්නේ.

    මාත් මේ නිසා බැලුවා එංගලන්තයේ ඉන්න මගේ හිතවත් වෛද්‍යවරයෙක් මාර්ගයෙන් මගේ කැන්සර් එකට අවශ්‍ය බෙහෙත් වර්ගයක් ගෙන්න ගන්න පුළුවන් වෙයිද කියලා. ඒත් ඒ රටේ නීති හරිම තදයි. වෛද්‍යවරුන්ටවත් හිතුමතේ බෙහෙත් මිලට ගන්න බැහැ.

    ඉතිං මම මේ පොස්ට් එක දාලා කියන්නේ ඔයාලගේ හිතවත් කවුරු හරි මේ මට තියෙන රෝගයෙන් පෙළෙනවා නං, පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් වෙන්න. බටහිර රටවල මේකට ප්‍රතිකාර තියෙනවා. රෝගය පාලනය කරගෙන සාමාන්‍ය කෙනෙක් වගේ ජිවත් වෙන්න පුළුවන් මේ ප්‍රතිකාර මගින්. හැබැයි මිල ඉහලයි.

    ReplyDelete
  29. විපුලි යන්න ගිහිං අවුරුද්දක් වීම කෙසේ වෙතත් අජිත්ට ඇදුම් ගලවාගෙන යන්න උනා නේද

    ReplyDelete
    Replies
    1. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ , සවුනා නං ගියේ නැහැ ළඟදී

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .