Tuesday 12 April 2016

අනන්තයට ඉගිල ගිය රාමුනුජන් ශ්රිනිවාසන්

 ලඟදි කියවා නිම කළ බ්ලොග් කරුවන් දෙතුන් දෙනෙකුගේ පොත් ගැන යමක් ලියන්නට සිතේ සටහන් කරගෙන සිටිමි. නමුත් ලඟදී නැරඹු මේ චිත්‍රපටිය ගැන හදවතේ ඇතිවූ තෙරපීම අකුරු කරගන්නට ඇති අවශ්‍යතාවය ඒ සියල්ලටම වඩා බලවත් විය.

 මගේ වීරයකු වන සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ගැන ලිවූ ලිපිය මෙන්ම මගේ තවත් වීරයෙකු වන ස්රිනිවසන් රාමනුජන් ගැන ලියන්නේත් ඔහු ගණිතයට මෙන්ම තාරකා විද්‍යාවටද සම්බන්ධ නිසාය.

රාමනුජන් ගැන චිත්‍රපටියක් එලි දැක්වෙන බව මුලින්ම සොයා ගත්තේ මගේ බිරිඳය. චිත්‍රපටිය අවසානයේ මගේ දියණියන් දෙදෙනා මෙන්ම බිරිඳගේ නෙතු අග ද රාමනුජන් වෙනුවෙන් නැඟුණු කඳුලු දුටිමි. ගණිතයේ කෙළ පැමිණියෙකු වූ ඔහුගේ ජීවිතය අසාධාරණ ලෙස වයස 32න් අවසන් වූයේ ලෝකය ඔහුගෙන් ගත්තා මිස කිසිවක් ඔහුට නැවත නොදුන් නිසා බව මට සිතිනි. ඔහු එය බලාපොරොත්තු වූයේ නැතත් ඔහු වැන්නකු වඩා හොඳින් රැක ගත යුතුව තිබිණි.

බ්‍රාහ්මණ වංශික දිළිඳු පවුලක ඔහු ඉපදුනේ 1887 දෙසැම්බර් 22 වනදා මැද්රාස් හි එරෝඩ් නමැති නගරයේය. වයස එකොළහේදී ත්‍රිකෝණමිතිය පොතක් තනියම හදාරා එහි ප්‍රමේයන් ස්වයංඅධ්‍යනයෙන් නැවත සොයා ගත් ඔහු වයස් 16 දී ජී එස් කාර් ගේ ශුද්ධ හා ව්‍යවහාරික ගණිතය පොතේ ප්රමේයන් 5000 පමණ හදාරා තමන්ගේ ගණිතමය දැනුම මුවහත් කර ගති. ඔහුගේ ගණිතය පිලිබඳ පිබිදීම ඇති වුයේ එහිදී යයි කියති. ඉන්දියානු සිරිතට අනුව 1909 දී දස වියැති පුංචි කෙල්ලක ඔහුට කරකාර කමට ගන්නට සිදු විය. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහුට ශිෂ්‍යත්වක් ලැබුනේ කලාව අධ්‍යයනයට ට නිසා ගණිතය හැර අනෙක් විෂයන් ගෙන් ඔහු අසමත් විය. රාමනුජන් ට මේ නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් හෝ උපාධියක් ලබා ගීමට නොහැකි විනි. තම ලාබාල බිරිඳ හා මව කැටුව වෙනත් නගරයක රැකියාවක් සොයා යන්නේ ඉන් පසුවය. එහිදී ඔහුගේ ගණිත සටහන් කියවූ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ අංශයේ නියෝජ්‍ය කළමනාකරු වන රාමසාමි අයියර් ඔහු එහි රැකියාවට බඳවා ගති. එසේම ඔහුගේ ගණිතමය සටහන් ඉන්දීය ගණිත සංගමයට මෙන්ම බ්‍රිතාන්‍යයේ ගණිතඥයන්ට යැවීමටද ඔහු රාමනුජන්ව උනන්දු කරවිය.

මේ පළමු වන ලෝක යුද්ධයට ප්‍රථම තිබුණු බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාව බව අප අමතක නොකල යුතුය. ඉන්දියාවේ ස්වාමින් වූ සුදු ජාතික මහාචාර්ය වරු හෝ සමාගම් අයිතිකරුවන් වූ ඇතැමෙක් ඔවුන් කරා ගිය රාමනුජන් එලවා ගත්තේ තමන් යටතේ රැකියාවන් කරන හා අශිලාචාර යයි ඔවුන් සිතන ඉන්දියානුවන් ට මොලයක් තිබිය නොහැකි බව ප්‍රකාශ කරමිනි. මේවයින් නොසැලුණු රාමනුජන් තමන්ගේ ගණිතමය සොයා ගැනීම් එංගලන්තයේ නොයෙකුත් ගණිතඥයන්ට, මහාචාර්ය වරුන්ට විශ්ව විද්‍යාල වල ගණිත දෙපාර්තමේන්තු වලට යැවිය. මින් එක ලිපියක් අත්පත් වුනු කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ජොෆ්රි හාඩි එම ලිපිය තමන්ගේ යහළු ආචාර්යවරයෙකු වන ආචාර්ය ලිට්ල්වුඩ් ගේ විහිළුවක් යයි සිතයි. එසේ නොවන බව ලිට්ල්වුඩ් ගෙන් දැන ගන්නා හාඩි විශ්මයට පත් වී රාමනුජන් ට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කර එංගලන්තයට ගෙන්වීමට කටයුතු කරන්නේ ඉන් පසුවය.

බ්‍රාහ්මණ වංශිකයන් රටින් පිට නොයන්නේ යැයි ඔහුගේ දෙමාපියන් ගේ විරුද්ධත්වය තිබුනද පසුව හාඩි ගේ ආරාධනය පිළිගෙන රාමනුජන් එංගලන්තය බලා පිටත් වෙයි. ඒ පළමුවන ලෝක යුද්ධය ඇරඹුණු සමයයි. එංගලන්තයේ වර්ණ භේද වාදී ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් මෙන්ම ඔහුගේ ගණතමය දැනුම නොඉවසූ සමහර ආචාර්යවරුන්ගේ ද ප්‍රශ්න තිබුනද හාඩි ලිට්ල්වුඩ් හා බර්ට්‍රන්ඩ් රසල් ඔහුව විශ්වාස කරමින් ඔහුගේ පස ගැනීම නිසා ඒ බාධක මැඩ ගැනීමට ඔහු සමත් වෙයි. එහෙත් යුද්ධය නිසා ඇති වූ එළවලු හිඟ කමින් කිසිම මාංශ වර්ගයක් ආහාරයට නොගන්නා ඔහු පීඩාවට පත්වෙයි. එහෙත් ඒ නොසලකා හාඩි සමඟ තමන්ගේ ප්ප්‍රමේයන්ට අවශ්‍ය සාධක සැපයීමට වෙහෙස වෙයි.

මුලදී ඇත්තටම මේ දෙදෙනාගේ සුසංයෝගය ප්‍රශ්නයක් වන්නේ දැඩි හින්දු භක්තිකයෙකු වන රාමනුජන් තමන්ට ගණිත සමීකරණ එන්නේ දෙවියන්ගෙන් බවට ඇදහීමයි. බොහෝ හින්දුන් කරන අයුරින්ම තම පවුලේ දෙවඟන වන නමගිරි තමන්ට උදව් කරතියි රාමනුජන් දැඩි ලෙස විශ්වාස කරයි. අදේවවාදියෙකු වන හාඩි ඔප්පු කිරීමකින් (Proof) තොරව රාමනුජන් ගේ සමීකරණ පිළි ගැනීමට මැලි වෙයි. සාමන්‍යයෙන් පවතින අධ්‍යයන ක්‍රමය හා පර්යේෂණ පත්‍රිකාවක් පල කරන ක්‍රමය එය බව හාඩි පෙන්වා දෙයි. එහෙත් රාමනුජන් කියන්නේ දෙවියන්ගේ සිතිවිලි ගණිතමය සමීකරණ හරහා තමන් ට ප්‍රකාශ වෙන බවයි.
මුළු මහත් විශ්වයම දෙවියන් යයි සැලකුවොත් විශ්වය අප හඳුනා ගන්නේ ගණිතමය සමීකරණ හා විද්‍යාත්මක සොයා ගැනීම් වලිනි. ඒවා අප විසින් නිර්මාණය කරන සමීකරණ නොව විශ්වයේ රහස් හෙළි කිරමට අප සොයා ගන්නා සමීකරණය. ඒ අරුතින් අප විශ්වය නමැති දෙවියන්ගේ රහස් හෙළි දරව් කර ගැනීමට ගණිතය උපයෝගී කර ගනිමු යයි සිතන හාඩි රාමනුජන් ගේ අදහස ට එකඟ වෙයි. නමුත් ඔහු අවශ්‍ය සාධනය කිරීම් රාමනුජන් ගෙන් ඉල්ලයි. එසේ නොලැබෙන මුල් අවස්ථාවේ තමන් විසින්ම ඔප්පු කරන ලද රාමනුජන් ගේ ගණිතමය සමීකරණ හාඩි විසින් පර්යේෂණ පත්‍රිකාවක් ලෙස පල කරයි. මින් උදම් වන රාමනුජන් හාඩි ට අවශ්‍ය ආකාරයට ගණිතමය ලෙස ඔප්පු කරන ලද සමීකරණ ඇති සටහන් හාඩි ට ලබා දෙයි.

ඔහුගේ ගණිතමය සොයා ගැනීම් වලින් එකක් වන්නේ තේටා සමිකරනයි. (theta functions-modular forms) විශ්වයේ සැකැස්ම සොයා යාමේදි අපට හමුවන ස්ට්‍රින්ග් තියරි (බහුමාන ප්‍රමේය) වල අති-සමමිතික භාවය (supersymmetry) සැලකීමේ දී මේ රාමනුජන් ගේ සමීකරණ අවශ්‍ය වන බව එමරි විශ්ව විද්‍යාලයේ ගණිතඥ කෙන් ඔනෝ පර්යේෂණ පත්‍රිකාවක් පල කරමින් 2012 දී පැවසිය. මේ සමීකරණ දැන් කළු කුහර වල කැළඹීම් ස්වභාවයන් හැදෑරීමට උපයෝගී කර ගනු ලැබේ. එකද නමසිය විසි ගණන් වල රාමනුජන් සොයා ගත්තේ 2002 දී ගණිතඥයන් පළමුවරට භාවිතා කිරමට උගන්නා සමිකරනයි.

මිට අමතරව රාමනුජන් විසින් රාමනුජන්-සටෝ ශ්‍රේණිය, පෛ (PI ) සමීකරණ ආදියද සොයා ගති.

හරි ආහාර හා විටමින් ආදිය මදි කමින් නැවත අසනීප වන රමනුජන්ට ක්ෂය රෝගයද වැළඳෙයි. එසේම ඔහුගේ මව විසින් ලිපි සැඟවීම නිසා තමන් ආදරය කරන බිරිඳ ගෙන් ඔහුට ලිපි නොලැබීමේ ශෝකයෙන් ද පෙලෙන රාමනුජන් වරක් දුම්රියෙන් පැන සිය දිවි නසා ගැනීමට තැත් කරයි. හාඩි විසින් එංගලන්තයේ දී ඔහුට ප්‍රතිකාර ගැනීමට සැලැස්වුවද ඔහු සම්පුර්ණයෙන්ම සුව වන්නේ නැත.

හාඩි හා ලිට්ල්වුඩ් රසල් ගේද සහයෝගයෙන් ශ්‍රිනිවාස් රාමනුජන් රාජකීය විද්‍යා සංගමයේ සාමාජිකත්වයට යෝජනා කරන මුත් (fellowship) ඔහුට එය නොලැබෙන්නේ ඉන්දියානුවන් ඒ කාලයේ පහත් කොට සලකන වර්ණභේද වාදී විද්‍යාඥයන් පිරිසක් එහි අරක් ගෙන සිටීමෙනි. නමුත් ඔහුගේ තවත් ගණිතමය බෙදීම් හා මුලික සංඛ්‍යා (Prime numbers) පිලිබඳ සමීකරණ එලි දැකීමෙන් පසුව එම සංගමයේ සාමාජිකත්වය ලැබෙන දෙවන ඉන්දියානුවා බවට පත් වෙයි. ඉනික්බිති කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උසස් ලෙස සලකන ට්‍රිනිටි විද්‍යාලයේ සාමාජිකත්වය ද (fellowship) ඔහුට පිරිනැමෙයි. ගණිතමය බෙදීම් (Continued fraction) පිලිබඳ ඔහුගේ සටහන් කේම්බ්‍රිජ් සරසවියේදී සොරා ගන්නා අතර ඒවා ඇත්තේ තමන්ගේ හිසේ යයි කියමින් ඔහු එය මග හරියි. නැවත 1976 වසරේදී ඒවා සොයා ගැනෙන අතර දැන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

මේ කලාත්මක ශෝක ජනක චිත්‍රපටිය අවසන් වන්නේ නැවත ඉන්දියාව බලා යන රාමනුජන් අවුරුද්දකට පසු වයස 32 දී මිය යාමෙනි. ඔහුගේ බිරිඳ ජානකී වයස් 94 වන තෙක් ජිවත් වී මිය ගියේ 1994 දීය .

චිත්‍රපටිය: The Man Who knew Infinity 

-අජිත් ධර්මකීර්ති 2016-04-12
රාමනුජන් පිලිබඳ මගේ ඉංග්‍රීසි ලිපිය: http://quantumchecks.blogspot.co.uk/2016/04/the-man-who-knew-infinity-film-about.html

මුලාශ්‍ර: 1. http://www.businessinsider.com/researchers-unlock-formula-mathematician-srinivasa-ramanujan-2012-12?IR=T
2. http://www.britannica.com/biography/Srinivasa-Ramanujan
3. http://ajitvadakayil.blogspot.co.uk/2011/11/fractal-mind-of-srinivasa-ramanujan.html3. Picture from: http://www.famousscientists.org/srinivasa-ramanujan/

66 comments:

  1. චිත්‍රපටය ගැන ඔත්තුවට ස්තුතියි!

    ReplyDelete
  2. මෙහෙම කෙනෙක් ගැන දැනගන හිටියේ නැ

    ReplyDelete
    Replies
    1. හැමෝම ගැන දැනගන්න අමාරුයිනේ.

      Delete
  3. ඔත්තුව දුන්නට ස්තුතියි.

    ReplyDelete
  4. අපූරු මිනිසෙකු ගැන අපූරු විස්තරයක්. චිත්‍රපටිය බාගෙන බලන්නම්.

    ReplyDelete
    Replies
    1. නිෂ්පාදකට හා අධ්‍යක්ෂකට පව්.

      Delete
  5. වැදගත් ලිපියක් අජිත් අයිය.

    ReplyDelete
  6. අජිත් .... හාඩි සහ රාමනුජාන්ගේ ජීවිත කතාව එක්කර ලියුවුනු නවකතාවක් (biographlcal novel )මම කියෙව්වා THE INDIAN CLERK කියලා.DAVID LEAVITT කෙනෙක් ලියලා තිබුනේ. රාම්නුජාන්ගේ සරළ ජීවිත රටාව, එංගලන්තයේ ජීවිතය, හාඩිගේ සමලිංගික පැවතුම් ආදී මේ සියලුදේ ඉතාමත්ම රසවත්ව ලියා තිබුනා. 2007 ලියු මේ පොත පිටු 500ක් විතර තිබුනා. රාමනුජාන්ගේ ජීවිතය හරි ශෝකි කතාවක්. මේ පොත කුමක් හෝ සම්මානයකටත් යෝජනා වුනාද කොහෙද. හොයාගෙන කියවපන්. Aru.

    ReplyDelete
    Replies
    1. හොයාගෙන කියවන්නම් මචන්. ෆිල්ම් එක ලස්සනයි බලනවා නම්.

      Delete
  7. ඇත්තටම මහාචාර්ය නලින් ද සිල්වා මහතා ඔහුගේ දේශනයකදී මේ රාමනුජන් ගැන කියනවා ...
    එයට හේතු පාදක වන්නේ මේ ආසනික් හා වකුගඩු රෝගය පිලිබද කතිකාවතේදී මහාචාර්ය
    නලින් ද සිල්වා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම තමන්ට මේ හෝඩුවාව ලැබුනේ දෙවියන්ගෙන් (නාථ)
    බවට මත පල කිරීමත් සමග ලාංකීය අනෙකුත් විද්‍යරථින් හා හේතුවාදීන් අදේවවාදීන් ඇතුළු
    පිරිසකගෙන් ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල වීමත් සමගයි ....

    ඇත්තටම මේ ගණිත්‍ඥයා ගැන ඉතා සියුම් ආදරයක් බටහිරට තියෙනවා ...
    මොකද මොහුගේ අනන්ත ශ්‍රෙණි ඇතුළු ගණිත ප්‍රමේයයන් මොහුට කියුවේ
    කාලි දෙවියන් කියලා මොහු කියනවා ....

    අප රටේ මෙහෙම එකක් කිව්වා නං ... මොහුට සම්මානයක් තියා සම්මත්‍රණයකට පත්‍රිකාවක්
    යවන්න දෙන එකක් නෑ අපේ අය ... මම හිතන්නේ අපේ මිනිස්සු කොච්චර ඉගෙන ගත්තත්
    අනෙක් මත ඉවසන්න මැදහත් ව බලන්න පුරුදු වෙලා නෑ කියලයි .....

    ReplyDelete
    Replies
    1. http://kolambagamaya.blogspot.co.uk/2014/10/nathism.html
      කලි දෙවියන් නෙමේ නාමගිරි කියන දෙවඟන ගෙන් එනවා කියල හිතුවේ. රාමනුජන් ඇවිල්ල දුප්පත් පවුලකින් අපු හුඟක් සරල සිම්පල් මනුස්සයෙක්. එයටම් අවටහුමක් තිබුනේ එයා ගණිතයට හොඳ ඇයි කියල. දෙවියන්ට ඒක භාර දුන්නේ එකයි. ඔය නාථ දෙවියෝ කිව්වාය කියපු කෙනත් සිද්ධිය දැනගෙන මේක මමයි හොයා ගත්තේ කියල කියන්න ලැජ්ජාවට දෙවියෝ ගාව ගන්න ඇති.

      Delete
    2. Upul Fernando
      05:00 (3 hours ago)

      to me
      Sinhala
      English Translate message
      Turn off for: Sinhala
      ‍බො‍හෝම ස්තූතියි ‍‍මේක සිංහ‍ලෙන් ලීවාට. ඒත් ඔබ ආසනික් කථාව ගැන දී තිබූ විග්රහය නම් පිළිගත ‍නොහැකියි. එය විද්‍යාත්මකද?

      ‍බො‍හෝ අලුත් ‍දේ ‍සොයාගත් අයවලුන් එ‍සේ ‍කොට ඇත්‍තේ ඔවුනට ‍නො‍පෙ‍නෙන ‍ලෝක‍යෙන් ලැබුණු උදව් ‍හේතු‍වෙන් බව කී‍වොත් ඔබ එය ‍නොපිළිගන්නා බව මම දනිමි. එ‍සේම ඔබ කියන ‍දේ රාමනුජන් ‍කෙ‍නෙකු පිළිගන්‍නේද නැත. එ‍හෙත් කව‍රෙකු‍ගේ පිළිගැනීම ‍හෝ ‍පිළි‍නොගැනීම මත සත්‍යය ‍වෙනස් ‍නොවන බව පමණක් දනිමි.

      ‍දෙවියන්ටද උපත හා මරණය ‍පොදුය. ඔවුන්ද ඒ ඒ උප්පත්තිය අනුව විවිධ නම්වලින් හැදින්වේ. ලෝකයේ එක් ප්රදේශයක එක් නමකින් හැදින්වෙන දෙවි හෝ ‍ඒ තත්ත්වයේ ලා සලකන කෙනෙකු තවත් ප්රදේශයක වෙනත් නමකින් හැදින්වෙනවා විය හැකිය. එසේම එකම ප්රදේශයේ ජනතාව එකම තැනැත්තකුගේ උපත් දෙකක් අනුව දෙවිවරැ දෙදෙ‍නකු වශයෙන් හදුන්වවා විය හැකිය. කෙසේ වෙතත් ඒ එක් එක් උපතට අදාළ ගුනාංග අයත් වන්නේ ඒ ඒ උපතට වන අතර, බලවත් නැති උපතකදී බලවත් උපතකට අදාළ ගුනාංග එකී තැනැත්තාට හිමි නොවේ. හරියට විලියම් ද කොන්කරර් හට හිමි ගුණාංග විලියම් ශේක්ස්පියර්ට නැතිවා මෙනි.

      ඔබ සැමටම සුභ අලුත් අවුරුද්දක් !

      Delete
    3. උපුල් මා අදේවවාදියෙකි. නමුත් වෙනත් පිට සක්වල ජීවින් සිටීමට සම්භාවිතාවක් ඇතැයි පිලි ගන්නෙකි.

      Delete
  8. ස්තුතියි...

    ReplyDelete
  9. මෙම ලිපිය නෙලුම් යායේ මොන කැටගරියටද ඇතලත් වෙන්නේ ඇයි එහෙම වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ දැනට තියෙනේ විධිහට විද්‍යා හා ගවේෂණ හෝ විචාර එකට. චිත්‍රපටියක් ගැන කියන නිසා "විචාර " එකට ඇතුලත් කළ හැකියි. තරු රසී ගේ චිත්‍රපට විචාරයත් එතනට දාල තියෙන්නේ.

      Delete
  10. පෝස්ට් කියෙව්වට අදයි ආවේ අජිත් අයියේ...
    මට මේ පෝස්ටුව කියවලා හරිම සතුටුයි.. මොකද මාත් ගොඩක් කැමති චරිතයක්. ඒත් සමහරක් දේවල් දැනගත්තේ මේ පෝස්ටුවෙන්...
    ස්තුති...

    ReplyDelete
  11. පෝස්ටු කියෙව්වට අදයි මේ පැත්තේ කොමෙන්ට් කරන්න ආවේ...
    මට මේ පෝස්ටුව කියවලා හරි සතුටුයි. මොකද මාත් කැමති චරිතයක් මේ. ඒත් සමහර දේ දැනගත්තේ මේ පෝස්ටුවෙන්...

    ස්තුී අජිත් අයියේ...

    ReplyDelete
    Replies
    1. නංගී මම ඉන්නේ එංගලන්තයේ නිසා ලංකාවෙන් කොමෙන්ටුවක් උදේට දැම්මොත්
      මට වැටෙන්නේ රෑ හැටියට. ඒ නිසා මට ඒවා approve කරන්න විධිහක් නැහැ. උදේට නැගිට්ට හම තමයි කරන්නේ.

      Delete
    2. ඒකනේ මං ඒක දැනගත්තේ පස්සේ. ආයෙත් thn මේ පෝස්ටුව ඒ තරම් සිත් ගත්තා..

      Delete
    3. මේ නිර්මාණි කියන්නේ අහසෙන් එන කසුන් නේද? ඔයා දන්නවනේ

      Delete
    4. නෑ නෑ මං වෙනයි මේ නිර්මානි වෙනයි. අපි දෙන්නම ලියන්නෙ එකම බ්ලොග් එකක්.

      Delete
    5. ඇයි මචං දෙන්නම එක බ්ලොග් එකේ ලියන්නෙ ???
      ඔය දෙන්න අඳුරනවද .??

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete

  15. Nalaka Gunawardene
    Attachments07:17 (1 hour ago)

    to me
    Hi,

    Thanks for sharing link.

    I wrote about Ramanujan as one of 25 scientists featured in my 2014 book written for SLAAS, and described here: https://nalakagunawardene.com/2014/11/30/seekers-builders-of-our-world-new-slaas-book-profiles-inspiring-stories-of-25-scientists/

    Attached is the final proof of that (and two other chapters - including one on the founder of the Chinese space program - these are names our readers don't know!). The whole book is too large to email, but I can send you if you tell me another method to electronically share...

    Best,


    Nalaka

    ReplyDelete
  16. මම ඉස්සෙල්ලම රාමනුජන් ගැන දැනගත්තෙත් බ්ලොග් එකකිං ..
    මේ තියෙන්නෙ ලින්ක් එක
    http://chullaganithaya.blogspot.com/2010/07/blog-post_23.html
    ෆිල්ම් ඔත්තුවට ස්තූතී ..
    හොරකම් කරගෙන බලන්ඩ ඕනෙ ..
    ලංකාවට ඔය වගේ ෆිල්ම් එන්නෙ නෑනෙ ....

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක ලියවෙන්නේ නැහැ. අපුරු බ්ලොග් එකක්.

      Delete
  17. Continued fraction බැලුවාම ඔළුවෙ කැක්කුම හැදුනා.
    දෙවියන්ගෙන් දැනුම ලැබුනා කියන එක මහාලොකු ගැටළුවක් නෙමෙයි. එකම වැරැද්ද එතකොට ඒ දැනුම නව දැනුමක් නොවීම විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයාගේ ජිවිතේ මුල හරිය ගෙවුන හැටියට එතනින් එහාට හිතන්න බැරිවුනා. එච්චරයි. නව දැනුම කියල අපි හොයාගන්නේ විශ්වයේ තියෙනේ දේම තමා. නව වෙන්නේ මුලින්ම වෙන කාටවත් කලින් හොයා ගත්තම.

      Delete
    2. නව දැනුම කියලා අප සොයාගන්නේ විශ්වයේ තියෙන දේ කියලා කිව්වම මෙතන වෙනම අදහසක් එන්න පුලුවන් නේද? නිකන් ඒ දැනුම (දෙවියන්ගේ දැනුම)කොහෙ හරි ලියවිලා තියෙනවා (something absolute ) අපි ඒක හොයාගන්න ඔනේ වගේ එකක්...(නිව්ටන් හිතුවෙත් දෙවියන්ගේ දැනුම අප සොයාගත යුතුයි වගේ (ඒ වගේ අදහසක්) ) .... මම මගේ අත්දැකීම වලින් කිව්වොත් ගොඩක් ජීවරසායනය,ජීව විද‍යාව, අනුක ජීව විද්‍යාව කරන්න යොමුවෙලා ඉන්නවා දේවාවාදීන් (මම එහම ඔවුන් එම ක්ෂේත්‍ර වලට යොමු වෙන්න එපා කියනවවත් ඔවුන් කොන් කරන්නවත් හදනවත් නෙවේ... ).... මට ඉස්සර තිබුන ප්‍රශ්නේ තමයි ඔවුන් කොහමද තම පුද්ගලික ජීවිතය තුල පරිනාමය පිලිනොගනිමින් මැවීම් වාදය පිලිගනිමින් ඇකඩමියාව තුල පරිනාමය ඉතා තදින් සැබැදි විෂයන් තුල දිගින් දිගටම නියෙලෙන්නේ කියා.... මේ තත්වයට හේතුව ලෙස දකින්නේ එකක් එක්කෝ නරුම වාදයක් නැතිනම් ජිව විද්‍යාවේ ජීව රසායනේ තිබෙන හිදැස් තුලින් මැවීම් වාදය ඔප්පුකිරීමට හැකියාවක් ලැබේ යන විශ්වාසය.. ඒක ටිකක් වෙනම කතාවක්....කොහම වුනත් මම මෙතන ලින්ක් එක දානවා ගණිතය ගැන බලපු හොදම වාර්තා චිත්‍රපටයක...https://www.youtube.com/watch?v=fIBw3BgjgwI Math: Discovered, Invented, or Both?

      Delete
    3. නැහැ ඒක දෙවියන්ගේ දැනුම නෙමේ. විශ්වයේ සැඟවිලා තියෙන දත්ත විශ්ලේෂනය කරන කොට අපට නව සමීකරණ, ගණිතයේ නව අංශ මතු වෙනවා. මෙමෙ මෙතන මේ ෆිල්ම් එකේ තියෙන හැටි ගැන ලියන්නේ. චිත්‍රපටිය තුලින් එහෙම අදහසක් මතු කරනවා කියල හිතනවා. මමත් හුඟක් වෙලාවට එහෙම නම් මාතලන් ගේ මතයේ ඉන්නේ. නමුත් මම ඔය මැවුම් වාදය හෝ දේව වාදය විශ්වාස කරන හැමෝටම හරක් කියන්නේ නැහැ. කිසියම් හේතුවකින් ඔවුන් ඒ දේ කරනවා ඔය කියනවා වගේ. මම දන්නා මහාචාර්යවරයෙක් ඉන්නවා ඉරිදට පල්ලි යන. බිරිඳ සතුටු කරන්න.

      Delete
    4. //ව විද්‍යාවේ ජීව රසායනේ තිබෙන හිදැස් තුලින් මැවීම් වාදය ඔප්පුකිරීමට හැකියාවක් ලැබේ යන විශ්වාසය// මෙහෙම දෙයක් මමත් දැකල තියෙනවා.

      Delete
    5. යොමුවට ස්තූතියි.

      Delete
    6. //විශ්වයේ සැඟවිලා තියෙන දත්ත විශ්ලේෂනය කරන කොට අපට නව සමීකරණ, ගණිතයේ නව අංශ මතු වෙනවා.// එකගයි !!! ,දෙවන කාරණය ජීව විද්‍යාවට සම්බන්ධ දේවවාදින් කිසි විටෙකත් මොඩයින් නෙවේ නමුත් ඔවුන් තම්න්ගේ ඇත්ත ජීවිතයය්ත් ඇකඩමික ජීවිතයය්ත් අතර පරතරයක් තියාගන්නවා... මේක අපේ රටේ බහුලයි... කොහම වුනත් රමනුජාන් එහම පරතරයක් තියා ගත්ත කෙනෙක් නෙවේ... එම නිසාම තමයි ඔහු විවිධ හැල හැප්පීම් වලට ලක් වුනේ

      Delete
    7. මාත් හිතන්නේ එහෙමයි. හිතමුකෝ මෙහෙම - උගත් වංශවත් ධනවත් බ්‍රහ්මණ යෝ සහ රටේ අධිපති ව සිටි සුදු ජාතිකයෝ කියනවා - මේ උඹ මෝඩ දුප්පත් ඉන්දියානුවා කාගෙන්ද උඹ මේවා හොරකම් කලේ කියල ? ගුටි කන්නේ නැතුව ඉන්න හරි මැරෙන්නේ නැතුව ඉන්න හරි , රාමනුජන් කියනවා මේවා මට දෙයියෝ දෙන්නේ කියල. එහෙම කිව්වහම රාමනුජන් ශේප්. නොදැනුවත්ව හරි රාමනුජන් කලේ එහෙම දෙයක් කියල මට හිතෙන්නේ. එතන රැවටීමක් තිබ්බේ නැහැ.

      Delete
    8. රමනුජාන් ගැන උනනදු අයට වාර්තා චිත්‍රපටයක්!! The Man Who knew Infinity movie එක බලන්න හම්බවෙනකන් https://www.youtube.com/watch?v=QUnmAhXe9bg

      Delete
    9. ////ජීව විද්‍යාවට සම්බන්ධ දේවවාදින් කිසි විටෙකත් මොඩයින් නෙවේ නමුත් ඔවුන් තම්න්ගේ ඇත්ත ජීවිතයය්ත් ඇකඩමික ජීවිතයය්ත් අතර පරතරයක් තියාගන්නවා... මේක අපේ රටේ බහුලයි... කොහම වුනත් රමනුජාන් එහම පරතරයක් තියා ගත්ත කෙනෙක් නෙවේ... එම නිසාම තමයි ඔහු විවිධ හැල හැප්පීම් වලට ලක් වුනේ/////////

      මට රාමනුජාන් චරිතය තුලින් වැටහුනේ සමිත් ඔය කියන කතාව තමයි. මේ ආසියානු ග්‍රාමීය සංස්කෘතියේ ලක්ෂනයක් විය යුතුයි. බටහිර ඉන්න ඈත ගම් වලින් ඉගෙනගෙන එන සිසුන් පවා ව්ද්‍යාව හා දැණුම ලබාගන්නා විට මිථ්‍යාවෙන් බැහැර වෙන්න බලනවා. දේවවාදීන් සහ දර්ශනයක් සහ ප්‍රතිපත්තියක් මත ආගමානුකූලව හෝ ඒ ආගමික දර්ශනයක් මත ජීවත්වීම වෙනස් කතාවක්. මොනවා වුනත් රාමනුජාන් ජීවත්වූ යුගය සහ එකල පැවති ජීවන රටාවන් බැලුවාම එසේ වීම පුදුමයකුත් නෙමේ. දේවවාදීන්වූ බටහිර උපන් පුරෝගාමි විද්‍යා පකීර්ලාත් ඔය කාලයේ ඕන තරම් ඉන්න ඇති. Aru.

      Delete
    10. //දේවවාදීන්වූ බටහිර උපන් පුරෝගාමි විද්‍යා පකීර්ලාත් ඔය කාලයේ ඕන තරම් ඉන්න ඇති//අනිවාර්යෙන්ම.... නමුත් මෙම කාතාවට සම්බන්ධ හාඩි නම් අදේවවාදී සහ හේතුවාදියෙක්

      Delete
  18. මම හිතන්නේ නෑ මේ චිත්‍රපටය මට කවදාවත් විඳින්න පුළුවන් වේ කියලා.. හේතුව මම චරිතාපදාන සෝ වලට ඇති අකමැත්ත. එත් මට ඇල්ලුවේ තමන්ගේ දක්ෂතාවය දෙවියන්ට දෙන හරකෙක්, අනිත් උන් බුද්ධිමතෙක් කියන්නේ කොහොමද කියන එක.

    අනිත් ප්‍රධාන කාරණය. මේ වගේ රසවත් ළිපියකට උඹට කව්ද සම්මාණයක් දෙන්නේ කියන එක. නෙළුම් යායෙන් දෙන්න කියලය.

    ReplyDelete
    Replies
    1. චරිතාපදානයක්ම නෙමේ මේක.
      //එත් මට ඇල්ලුවේ තමන්ගේ දක්ෂතාවය දෙවියන්ට දෙන හරකෙක්, අනිත් උන් බුද්ධිමතෙක් කියන්නේ කොහොමද කියන එක// මේ මනුස්සයට හරකෙක් කියන්නේ කොහොමද මාතලන් එකම ඇදහිල්ලක් නිසා. එයා පුංචි කාලේ සිට මනස මුලිකව මව සහ ඉන්දියානු බ්‍රාහ්මණ සමාජය කොවක දාල හදල තියෙන්නේ දෙවියන් හැමදේම ලබා දෙනවා කියන කරනවා මත. ඉතින් තමන්ගේ සිතේ පහල වෙන ගණිතමය සමීකරණ ඔහු වගේ සරල මනුෂ්‍යයෙක් ඈඳුවේ දෙයියන්ට. එයින් අදහස් වෙන්නේ නැහැ ඔහු මෝඩයි කියල. දෙයියනවා අදාල කලේ එයා ගණිත ප්‍රශ්නෙක අවසන් උත්තරය වෙන අය අය කියන්න කලින් කියන නිසා. පැහැදිලි කිරීමකින් , සාධනය කිරීමකින් තොරව. එක ගුරුවරයෙකුට තරහත් ගියා මේකට (චිත්‍රපටියේ). ඔප්පු කරන්න කලින් විසඳුම පෙන්වනවාට. අර ඒ වගේ අවස්ථාවල තමන් යමක් හරියට විස්තර කරන්න බැරි වුනහම හැමෝම කරන්න වගේ රාමනුජන් නුත් ඒක භාර දුන්නා දෙවියන්ට.

      මම මටම සම්මාන දීගන්න බැහැනේ බන්. මේක හොඳ ලිපියක් කිව්වට නම් ස්තූතියි.

      Delete
    2. එහෙනම් උඹලා එකෙක්වත් නාථ දෙවියොත් එක්ක ගණු දෙණු කරන අපේ මහාචාරය නලීන් ද සිල්වට එහෙම මක්කත් කියනවා නෙමෙයි මින් මත්තට.

      Delete
    3. දැන් ඔතන වෙනසක් තියෙනවනේ මචන්. රාමනුජන් ගේ ඉගෙනීම හා සමාජය මත පොර තීරණය කලා එහෙම. උගේ දෙවියන් ඇදහීම් රාමනුජන් අනිත් අයට ආදේශ කරන්න බණ දෙසන්න ගියේ නැහැ. පොරට තේරුම් කර දෙන්න බැරිවුනා කොහොමද සමීකරණ දැනගන්නේ කියල. ඉතින් පොර හිතුව දෙවියෝ දෙනවා කියල. හාඩි සමග වාදයකදී රාමනුජන් මේ බව කිව්වා. හැබැයි පස්සේ ගණිතමය සමීකරණ ඔප්පු කරන විධිහ ලියන්න කැමති වුණා. අපේ මහාචාර්ය තුමා රාමනුජන් වගේ නොවේනේ. දෙවියෝ සේවකයා කරන ආගමක (බුද්ධාගම) ආභාෂය ලැබිල තිබෙද්දී එවැනි දේ කියන එක. අනික ඒවා තනිකරම දේශපාලන පරමාර්ථ සඳහා යොදා ගන්නේ. හැබැයි ආචාර්ය නලිද සිල්වා ගේ ගණිතමය දැනුමට අපට පහර ගහන්න බැහැ. ඒක වෙනම දෙයක්. මෙතන අපි හොඳයි කියන්නේ රමනුජන්ගේ ගණිතමය දැනීමට මිසක් ඔය දේව කතාවට නෙමෙයි. .

      Delete
    4. උඹ පොත කියෙව්වොත් හෝ චිත්‍රපටිය බැලුවොත් තේරේවි රාමනුජන් දෙවියන් ඈඳ ගන්නේ තමන්ගේ සරල , සිම්පල් කම නිසා කියල. නිහතමානී වැඩි කම නිසා තමන් එතරම් ගණිතමය ජීනියස් කෙනෙක් කියල රාමනුජන් තමන් ගැන හිතන්නේ නැහැ. ඒ නිසාම තමයි දෙවියන්ට බැර කරන්නෙත්. මතක තියා ගන්න ඕනේ ඒ දවස් වල ඉන්දියාවේ තත්වයත් සුදු ජාතිකයන්ට සාපේක්ෂව. එහෙම දෙයක් කියන්න භය වෙන්නත් ඇති.

      Delete
    5. මාතා.....මම ඔය උඩින් කියලා තියෙන පොතේ පිටු 100කට එහා තැනින් තැන ඔහුගේ ගණිතය විෂය සම්බන්ද කරුනු ලියවිලා තියෙනවා. ඔය ගණිත කොටස් අතහැරලා (මට නොතේරෙන නිසා ) තමයි මම පොත කියෙව්වේ. ඒ චරිතය තුල මහා අමුතු හැඩතලයක් තියෙනවා. ඔහුගේ දේව භක්තිය නිසාම තමයි ඒ චරිතයට අලුත් හැඩයක් එන්නේ කියලා මට හිතෙනවා. ඒ පාරම්පරික අන්ධ භක්තිය නිසාම නිසාම මොහු එංගලන්තයේදී දුක් විඳිනවා ආහාර තේරීමේදි පවා. කියවන්න වටින චරිතයක්. 1900 මුල් යුගයේ එංගලන්තයෙ ජීවන රටාව එහෙම අපූරුවට කියවෙනවා.

      මමත් මේ ෆිල්ම් එක බලන්න ආසාවෙන් ඉන්නේ. ෆිල්ම් එකේ රාමනුජාන් චරිතය රඟපාන්නේ 'ස්ලම්ඩෝග් මිලියනයෙර්' ෆිල්ම් එකේ ඒ කොල්ලාගේ චරිතය රඟපාපු දෙව් පටෙල්. ප්‍රොෆෙසර් හාඩිගෙ චරිතය රඟපාන ජෙරමි අය්න්ස් කියන්නෙත් සිරා ඇක්ටර් කෙනෙක්. මේක බලපන් උඹ එන්ජෝයි කරයි. මම තාම බැලුවේ ට්‍රේලර් එක විතරයි.Aru.

      Delete
    6. මට තව දෙයක් කියන්න හිතුනා. මිනිහෙක් දේව වාදියෙක්වූ පමණින් අසුන්දරයෙක්, අශිෂ්ඨයෙක් නොවෙනවා පමනක් සහ අදේවවාදියෙක්වූ පමණින් සුන්දරයෙක් හෝ ශිෂ්ඨයෙක් වෙන්නේ නැහැ කියන එක අපි කවුරුත් දන්නවා. මේ හැම ගැහැණියක් හෝ මිනිහෙක් තුලම අපි නොදන්නා සුන්දර මනුස්සයෙක් ඉන්න පුලුවන්. ඒ සුන්දර මිනිසා හඳුනාගැනීම තමයි වඩා ප්‍රායෝගික. මේ තමයි අපිට නොපෙනෙන ඇත්ත.Aru

      මේ පෝස්ට් එකට අදාල නොවුනත් මේක මෙතනට දාන්න හිතුනා. අවුරුදු දහයක්වූ මේ දරුවාගේ ජීවිතය බ්ලොග් එකක් සේ මොහු ලියනවා. මේක අද මම දැක්කේ නිව්ස්වලට. මේ ගැන කියවන්න. .ෆේස්බුක් එකවුන්ට් එකක් නැති මම වගේ අය මේ බ්ලොග් එක කියවන්නේ කොහොමද කියා දන්න කෙනෙක් කියන්න.

      Delete
    7. මම දන්නා හුඟක් එංගලන්තේ ඉන්න අදේව වාදී මිනිස්සු හොඳයි අරූ. ප්‍රධානම දේ උන් වර්ගවාදී නැහැ. වර්ගය කුලය නිලය බලය තකන්නේ නැහැ. එතන වෙනසක් තිබෙනවා. මම කියන්නේ නැහැ ඒකෙන් දේව වියෝ නරකයි කියල. එංගලන්තේ කොහොමත් දැන් හුගක් වෙනස්. වර්ගවාදීන් අඩුයි.

      Delete
    8. මාතලන්ට මම කියන්නෙත් ෆිල්ම් එක බලන්න. බලල අදහස් කියන්න. මට තරහත් ගියා ඇත්තටම රාමනුජන් දෙවියො මත්තෙම එල්ලිලා ඉන්නවට.

      Delete
  19. මම මේ ෆිල්ම් එක බලන්න හිතාගෙන ඉන්නේ.. ගොඩක් වෙලාවට මේ සති අන්තේ බලයි.. එක බලල මේක කියවල කොමෙන්ට් එකක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. සත්තයි...මට මේ ලිපිය කියවන කොට මතක් වුනේ පැතුම්ව. මේ කමෙන්ට් එක දැක්කාම මට , මේ පෝස්ට් එකට අගයක් එකතු වෙයි කියලා හිතුනා. පැතුම්...ඉඩක් ලැබුනු විටක The Indian clerk පොත කියවන්න. මට නම් විරාගය වගේ මහා මොකක්ද හැඟීමක් දැණුනා. ඒක සාහිත්‍යමය ගතියක්ද...එහෙම නැත්නම් එතනින් එහාට ගිය අධ්‍යාත්මික චූන් එකක්ද කියන්න මට තේරෙන්නේ නැහැ.Aru

      ප.ලි....මේ "දි ඉන්ඩියන් ක්ලාර්ක්" කියන පොතේ එනවා මිසිස් ඇලිස් නෙවිල් කියලා චරිතයක්. ඇය රාමනුජාන් කෙරෙහි දක්වන ස්වීය ආදරය හරිම සෞන්දාර්යත්මකයි. කවියෙකුට ලොකු ඉල්ලමක්. 'බීට්ල්' වගේ 'බ්ලොගෙකුට' ප්‍රභල වස්තු බීජයක් වෙයි.

      Delete
    2. මම ඔය ෆිල්ම් එකේ ටොරන්ට් එකක් තියෙනවා දැකල බා ගත්තා..ඒක හොර එකක් ද කොහෙද zip ෆයිල් එකට පාස් වර්ඩ් දාල... අපිට ෆිල්ම් එක ඕපන් කරන්න බෑ.. කොහොම හරි ඉතින් ෆිල්ම් එක බලන්න බැරි වුණා තාම.. අජිත් මේක බැලුවේ DVD එකකින් ද? කොහේ හරි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් තැනක් තියෙනවනම් ලින්ක් එකක් දාන්න

      අරූ, අරුට මේකෙදි මාව මතක් වුනේ මොකද කියල නම් හිතා ගන්න බෑ හෙහ් හෙහ්.. කොහොම වුනත් මම රාමනුජාන්ට කැමති කෙනෙක්.. මම හිතන්නේ ඉස්සර විදුසරින් වෙන්න ඇති කියවන්න ඇත්තේ...

      ෆිල්ම් එක කොහෙන් හරි හොයල බලන්නම ඕනේ..

      Delete
    3. පැතුම් ගේ මූණත් රාමනුජන් ගේ වගේලු. (විහිළුවට කිව්වේ ) මම බැලුවේ සිනමා හලකනේ.

      Delete
    4. මට මේකට පැතුම්ව මතක්වුනේ එකක් පිචැර්කාරයා නිසා. අනික ගණන් කාරයා නිසා. එහෙම තමයි මම හිතාගෙන ඉන්නේ :D

      Delete
    5. මම පිචර් කාරයෙක් කියන එක හරි.. හැබැයි ලොක්කෝ ගණන් නම් බෑ.. බොහොම අමාරුවෙන් තමයි සා/පෙ පාස් වුනෙත් හෙහ් හෙහ්

      Delete
  20. බලන්න උවමනා චිත්‍රපටි ලැයිස්තුවට එක්කරගත්ත ඔන්න.. හරි අපූරු මනුස්සයෙක්නෙ.

    මම ගණන්වලට ආස නැහැනෙ. ඉලක්කම්, සූත්‍ර වැඩ අවුල්.. පුංචි කාලෙ ගණිතය උගන්නපු ගුරුවරයෙක්ගෙ වැඩ පිළිවෙල නිසා ගණන් එපාවුණා. සාමාන්‍ය පෙළදි හමුවුණු ඉතාම දක්ෂ ගුරුවරයෙක් නිසා සී එකකින් ගොඩදාගත්තා. ස්වඅධ්‍යනය තමයි මෙවැනි අවුල්වලින් ගොඩඑන්න තියෙන හොඳම විදිය. ඒත් තාමත් මං ගණන්වලට බයයි.

    රාමනුජන්ගෙ ඇදහිල්ල ගැන කියවෙද්දි මට මතක් උණේ විමලරත්න කුමාරගමයන්ගෙ ‘‘අයියනායක‘‘ කවි පෙළ... රාමනුජන් දිහත් කුමාරගම ඇහින් බලන්න පුලුවන්නම් ඒ පසුබිම තේරුම්ගන්න, සංවේදී වෙන්න හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. රාමනුජන් ගේ දේව ඇදහිල්ල තේරුම් ගන්න බැරි දෙයක්. මට හිතෙන්නේ අර කලින් කියපු විධිහට දුප්පතෙක් වන එයාගේ දැනුම කවුරුත් පිලි ගන්නේ නැති නිසා කියල.

      Delete
  21. අජිත් ෆිල්ම් එක කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එකක් තියෙනවා නම් දාන්න..

    ෆිල්ම් එකේ සිද්ද වෙන දේ පෝස්ට් එකේ නොදා ඉන්නවනම් හොඳයි නේ.. හෙහ් හෙහ් හෙහ් :D

    ReplyDelete
    Replies
    1. සොරි ඒකට නම්. දැන් අයින් කරන්න පමා වැඩියි. හැබැයි ජිවිත කතාවක් නිසා කොහොමත් දන ගන්න පුළුවන්නේ.
      දන්නේ නැහැ ලින්ක් එකක් නම්.

      Delete
    2. ගුගල් එකේ නම ගැහුවම එනවා ලෝඩ් ෆ්‍රී කියල සයිට් එකක්

      Delete
  22. මිතිලගේ පෝස්ට් එකකුත් බැලුවා මෙහි එය තවත් සවිස්තරව තියෙනවා......

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .