Friday 24 June 2016

"පොල්කට්ටෙන් එපිටට " පොත ගැන පුංචි විචාරයක්

දෙතුන් දෙනෙක්ගෙන් මට විචාර කිහිපයක් ලැබුන.  හැබැයි ලියවිල්ලක් හැටියට ලැබුනේ මේක විතරයි.

පොල් කට්ටෙන් එපිටට හෙවත් කැස්බෑවා දුටු මාලුන් නොදුටු ලෝකය.

පොත් වලට ඒව ඇතුලෙ තියෙන දේවල්වලට මෙලෝ සම්බන්ධයක් නැති නම් වැටෙන් කාලේ පොල් කට්ටෙන් එපිටට. නම කියවපු ගමන් මට මගේ ගමත් ජන වහරත් එක පාරටම හිතේ මැවුන. මමත් දුශ්කර කටුක ගමකින් කොලඹ හරහා ලන්ඩනයට පැමිනි උභය ජීවියෙක්. ඒනිසයි පොතේ ඇතුලාන්තයම එහි නමෙන් මට හැඟෙන්න ඇත්තේ. අපේ ගමේ ගෙවල් වලට නිතරම ගෙම්බො අමුත්තො හැටියට කඩා වදිනව. මෙහෙම එන ගෙම්බො නිදහස් වෙලාවකට එලියට ගිහින් දාන්න බලාගෙන පොල්කට්ටකින් වහල බරක් තියනව. මෙහෙම වැහුන ගෙම්බගෙ ලෝකෙ පරන ලෝකෙටත් වඩා පුන්චි වෙනව. මේ නිසයි අපේ ගැමි වහරේ 'ලින් මැඩිය වගෙ' එහෙමත් නැත්නම් පොල්කාට්ටෙන් වහපු ගෙම්බ වගේ' 'ගෙම්බ ගෙයින් එලියට විසි කරා වගේ', 'වැහි කලු මතුවෙන කොට බකබක ගාන ගෙම්බො වගේ' යන මේ කී නොකී උපහැරන තියෙන්නේ. මෙබඳු ජනශෘති මූලාශ්‍ර  මත පිහිටා හිතන කොටම රචකයා අපට කියන්න යන දේ ගැන අපුරු ඉඟි සපයනවා. 

රසිකයෙක් විදිහට මට රචකය පොල්කටුව ඇර පෙන්වූ ලෝකය හරියටම අපේ ගමේ බාසවෙන් කිවුවොත් 'අර ගොඩට ගිය කැස්බෑවා මූදෙ යාලු මාලුවන්ට ගොඩබිම ගැන විස්තර කිරීම' වගේ. අපි මුලු තරුන කාලයම සමාජවාදය වෙනුවෙන් සටන් කලත් ලෝකයේ මුල්ම කමකරු පලනයක් ඇතිකල සෝවියට් සන්ගමය වගේම පැරනි නැගෙනහිර යුරෝපය පිලිබඳ කතුවරයා අප සමග බෙදා ගන්නා අත්දැකීම් හරිම අපුරුයි.මට මේ පොත ජිවිත කාලයෙන් අවුරුදු කීපයක් ඉතිරි කරල දුන්න වගේ හැඟුන. ඒ කතුවරයා කියන ජීවන අත්දැක්කිම මට නැවත නොලැබිය යුතු නිසා. පොත් නැති ලෝකයක් තුල මනුශ්‍යයන්ට දුක්ම ගෙන අවුරැදු දහස් ගනක් ජීවත් වෙන්න වේවි. කොහොම වුනත් අපට පොල් කට්ටෙන් එලිය පෙන්වීම හොඳ කුශල කර්මයක්. ස්තුතියි අජිත්....!

Nandana Weerarathne
Documentary Film Maker/Writer
Formerly Stringer and Producer for BBC World Service's Sinhala Service, London

25 comments:

  1. Amazon එකෙන් ඕඩර් කරොත් මෙහෙට එනවද?

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ලිපිනය එවන් මම මල්ලිට කියන්නම් එවන්න කියල. නැත්නම් ප්‍රකාශකට. අර හැලපේ ටත් එහෙමම එවන් පුළුවන්.

      Delete
    2. I have few with me. I'll send you one. Remind me on Monday night please.

      Delete
    3. එහෙම නම් මම යවන්නේ නැහැ ඔන්න.

      Delete
  2. හොඳ විචාරයක්. සුභ පැතුම්

    ReplyDelete
  3. ///අර ගොඩට ගිය කැස්බෑවා මූදෙ යාලු මාලුවන්ට ගොඩබිම ගැන විස්තර කිරීම' වගේ.///////

    මචං නන්දන....උඹේ කෙටි සටහනේ මම දැකපු රසවත්ම පෙන්වාදීම.

    අඩෝ උඹ ඔය කියන්නේ අජියාගෙ පොත කියවනවකම් උඹ හිටියේ ඔය පොල්කට්ටේ අස්සේද? පලයන් ඩෝ යන්න....උඹ ඕක දැනගෙන හිටිය එකෙක් නෙමෙයිද..හිටහන් මම උඹලව පොඩි චැට් එකකට අල්ලගන්න. අපි වෙලාවක සෙට් වෙමු.

    උඹ කියනවා වගේ පොල් කට්ටෙන් එලිය පෙන්නීම හොඳ කුසල කර්මයක්....හැබැයි මම කියන්නේ බොහොමයක් අය ඔය පොල්කට්ටෙන් එලියට ආවේ මීට කාලෙකට ඉස්සෙල්ලා. ඒක සංස්කෘතික, සමාජීය සහ තවත් බොහෝ ආකල්ප තුලින්. ඒක පොලේ ඇතුලේ පැලපියක් නොවූ, කුරුම්බා වතුර සහ ලොඳ කාපු බොහොමයක් එවුන් දන්නවා.

    ReplyDelete
    Replies
    1. මචං උඹ ඉන්නේ කුරුම්බට්ටිය ඇතුලෙනේ බං . එක නිසා උඹට ඔය න්‍යාය, විචාර, තියරි, රුසියාවේ අත්දැකීම් මුකුත් ඕනේ නැහැ. කෘම්බට්ටිය ඇතුලේ පොල්කට්ටට වඩා පහසුයි. හැරෙන්නවත් ඉඩ නෑනේ.

      Delete
    2. අඩෝ අජියා....බලහන් නන්දනගෙන් අහන ප්‍රශ්නවලට උඹ උත්තර දෙනවා. කමක් නැහැ. පොල් ප්‍රශ්නවලට කුරුම්බා ඇට්ටි උත්තර...ඔහොම තමයි බ්ලොග් ලෝකේ වර්තමානය. ඔන්න ඕක වෙනස් කරන්න ට්‍රයි එකක් දීපන්. ඒ කියන්නේ කුරුම්බා ඇට්ටි වගේ මං වගේ උන්ට, අඩුම ගානේ කලටි උත්තරයක්... කෝ බං මගේ ප්‍රශ්නෙට උත්තර...මං අහන්නේ නන්දනගෙන්. ප්‍රෙශර් වැඩි නොකරගෙන හිනාවෙන් සතුටින් උත්තරයක්...අඩෝ මල්ලි හෝ අයියා...ජීවිතය කියන්නෙම කුරුම්බා ඇට්ටියක්. අපිම තමයි මේක පොල් ගෙඩියක් කරන් තියෙන්නේ. මතක තියාගනින කුරුම්බා ඇට්ටි තමයි සත පහකට වැඩක් නැති කුරුවල් පොල් වෙන්නෙත්, නොකා නොබී ඉන්න එකාගේ බතට සම්බොලේ වෙන්නෙත් කියලා. අඩුම ගානේ මම කුරුම්බා ඇට්ටි මැශිමක්. මතකද මන්දා චූටි කාලේ. ඉන්න ගමන් මේක අහපන්,

      මචං උඹ ඉන්නේ කුරුම්බට්ටිය ඇතුලෙනේ බං

      Delete
    3. උඹව අවුස්සන්න බං ලියන්නේ. උම ලණුවේ බැඳලා තියන ඉන්නත් ගිලිනවනේ බං.

      Delete
    4. කුරුම්බැට්ටිවලින් සෙල්ලම් බඩුද පොල්කටුවලින් මාලද සෑදිය හැක.

      Delete
  4. හොඳ විචාරයක්....

    ReplyDelete
  5. ඔබ පොල්කට්ටෙන් එපිට කියා අපිට පෙන්වා ඇත්තේ පොල්කට්ටේ අඩියේ සිදුරෙන් පමණක් බව මට සිතේ. සමහර විට් මෙයිට වඩා යමක් මෙවැනි පොතකින් කරන්න නොහැකි විය හැකිය. නමුත් පොල්කට්ටෙන් එපිට සිට මේ පොල්කට්ට තුලට බොහො දේ ඔබට එවිය හැකිය . එය අපට වටිනා බව ඔබට නොතේරීම මගේ අවාසනාවකි .


    ඔබේ පොතේ මා මිලදී ගත් පිටපත මේ වනවිට දහ පහලොස් දෙනෙක් කියවා ඇත .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. පොල්කට්ට සීරිස් එක තවම ඉවර නැත.

      Delete
  6. මේ දිනවල කියවන පොත් දෙකක් තියෙනවා එකක් තමයි එල්.එස්.එස්.පතිරත්න විසින් පරිවර්තනය කර තිබෙන "ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය"කියන කෘතිය.අනෙක් එක අජිත් අයියාගේ "පොල්කට්ටෙන් එපිටට"පොත් දෙකම එකට කියවීමෙන් ලෝක දෙකක් ගැන දැනගන්න පුළුවන්.

    ReplyDelete
  7. පොල්කට්ට නෙළුම් යායේදී ගත්තට අටම ඒ පොත් ටික හයිජැක් කළා. පස්සෙ මේ ලඟදී ඒ ටික හම්බුනාම කියෙව්වේ. බොහොම කැමැත්තෙන් කියවපු පොතක්. සුභපැතුම්..

    ReplyDelete
  8. පොත කොහොම හරි හොයාගෙන කියවන්න හිතෙන විචාරයක්

    ReplyDelete
    Replies
    1. කලනමිත්‍ර ළඟ නැත්නම් එකක් එවන්නම් ලිපිනය කියන්න.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .