ඉහත පින්තුරය අරගත්තේ නාලක ගුණවර්ධන ෆේස්බුක් එකේ දාල තිබ්බ පෝස්ට් එකකින්. අන්තර්ජාලයේ මේ වගේ පින්තුර ගොඩක් සැරි සරනවා. ෆිදෙල් කස්ත්‍රෝ ට මම ගෞරව කරන එක හේතුවක් මේක. ලෝකයේ බලවත්ම රටෙන් සිය ගණනකට වැඩිය මරණ තර්ජන, කුමන්ත්‍රණ ආවත් තමන්ගේ ආයු කාලය ගෙවා ගත්ත.
කියුබානුවන්ගේ නිදහස ගැන ලියන්න හිතුනේ මාතලන් "දැන් අන්තිමට කියුබානුවන්ට නිදහස ලැබෙයි" කියල බුකියේ දාපු කොමෙන්ටුව දැකල. එනිසා මම ඔහුට ගෞරව කරන දෙවන හේතුව කියන්න කලින් මගේ පරණ ලිපි දෙක ඉස්මතු කරන්න ඕනේ. කියුබාව සමාජවාදිද කියල මම ලිපි දෙකක් ලිව්වා කාලෙකට කලින්. කියුබාව සමාජවාදිද 1, සහ කියුබාව සමාජවාදී ද 2 කියල.
ෆිදෙල් ගේ සහෝදරයා රාවුල් කස්ත්‍රෝ ජනාධිපති වුනාට පස්සේ කියුබාවේ පෞද්ගලික නිවාස අයිති කර ගන්න ඉඩ දීල තිබෙනවා. තමන්ට තමන්ගේ ගේ විකුණා ගන්නත් තව එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම යුගෝස්ලාවියාවේ ටිටෝ කලා වගේ පස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට රැකියා දෙන කර්මාන්ත හා ව්‍යාපාර අරඹන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධනය එකතු කරන්න දෙනවා. කියුබානු ආර්ථිකය දියුණු වෙනවා කියල කියනවා. ඒ කියන්නේ පහුගිය අවුරුදු දෙක තුල GDP එක දෙගුණයකින් වැඩි වෙලා. ෆිදෙල් දන්නවා මල්ලි මේකට ඉඩ දීල තිබෙනවා කියල.
මගේ ඔය දෙවැනි ලිපියේ කියා තිබෙන විධිහට මම ඉගෙන ගත්තේ කියුබන් උන් රංචුවක් එක්ක. මාත් එක්ක වාද කරන හැම වෙලාවෙම මට පෙනිච්ච දේ තමයි උන් චේ ට කැමති බව. ඒ එක්කම උන්ගේ මොකක්දෝ ආදරයක්, ගෞරවයක් ෆිදෙල් ගැන තියෙන බව.
එනිසා මාතලන් කියුබානුන්ගේ නිදහස ගැන කියන කොට මට හිනා යන්නේ ඒකයි. උන් අපි හිරගේ කියල හිටිය එකේ හිටියේ කැමැත්තෙන්. ලංකාවේ ඉඳන් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන ලංකාවේ උන් වගේ ඇමෙරිකාවට පැනල යන එවුන් ඉන්නවා තමයි. හැම රජයක් යටතේ ලංකාවේ උනා වගේ තුන්වන ලෝකෙට ටිකක් උඩින් තියන නිසා කියුබවෙත් ඒක එහෙම වුනා. වෙනවා.
මම කියුබන් ශිෂ්‍යයන්ගෙන් ඉගෙන ගත්ත දේ තමයි බැටිස්ටා කියන්නේ අන්ත දුර්දාන්ත පාලකයෙක් වග. මාතලන් වගේ අයත් බැටිස්ටාට විරුද්ධව මිසක් පක්ෂව යන එකක් නැහැ එතන හිටිය නම්. බැටිස්ටා තමන්ට අකමැති පෙම්වතියන් විතරක් නෙමේ තමන්ගේ විරුද්ධ කාරයොත් උගේ මාලිගාව ඉස්සරහ තටාකයක කිඹුලන්ට කන්න දීපු එකෙක්. ඒ රටේ ධනය විතරක් නෙමේ, තරුණ තරුණියෝ දෙගොල්ලම උගේ සහ යාලුවන්ගේ පෞද්ගලික බුදලයක් කියල සලකපු අත්තනෝමතික රජෙක් වගේ පාලකයෙක්.
කස්ත්‍රෝ , චේ ගුවේරා කලේ ඒ වයසේ තරුණයන්ට කරන්න තිබුන එකම දේ. බැටිස්ටා ගේ ආණ්ඩුව පෙරලීම. පළවෙනි පාර වැරදුන. දෙවෙනි පාර හරි ගියා. දෙවෙනි පාර මුළු රටෙන්ම තුනෙන් දෙකකටත් වැඩිය ජනතාව හා කියුබන් හමුදාවේ කොටසකත් සහයෝගය තිබුන. ඒක ජනතාවගේ විප්ලවයක්.
මුල් අවුරුදු දෙක තුල කියුබාව සමාජවාදී වත් කොමියුනිස්ට් රටක් වත් නෙමේ. චේ සහ කස්ත්‍රෝ දෙන්නම ඇමෙරිකාවට තමයි උදව් ඉල්ලා ගෙන ඉස්සෙල්ලම ගියේ. තමන්ගේ ළඳරු නිදහස් කියුබානු රජයට ලෝකයේ නිදහස ගැන කෑ ගහන ඇමෙරිකානු රජය උදව් කරාවි කියල හිතාගෙන. නමුත් ඇමෙරිකාවට ඕන වුනේ සමාගම් වල පාලනය බැටිස්ටා හා ඔහු අනුගමනය කරන කෙනෙකුට දෙන්න මිසක් කියුබානු මිනිසුන් ගේ නිදහස නෙමේ. එනිසා එක්සත් ජනපදය කලේ ආර්ථික සම්බාධක පනවපු එක. කියුබන් බැංකු වල සල්ලි තහනම් කරපු එක. රට එක රැයෙන් දුප්පත් වුණා ඒ කරපු වැඩෙන්.
අන්තිමට කස්ත්‍රෝට සිදුවුනේ සෝවියට් දේශයේ සහය පතන්න. නමුත් ඒ සහය ගන්න නම් කස්ත්‍රෝ සෝවියට් ක්‍රමයට රට හදන්න ඕනේ. ඒක තමයි කොන්දේසිය. කස්ත්‍රෝ සහ චේ සෝවියට් දේශයට ආවේ එහෙම. ඒ ක්‍රමය බලන්න. ඉන් පස්සේ කස්ත්‍රෝ නිවේදනය කළා තමන් හදන්නේ සමාජවාදී කොමියුනිස්ට් ආණ්ඩුවක් කියල.
බැටිස්ටා ගේ රජය පෙරලා නව ආණ්ඩුව හැදුවේ 1959 ජනවාරි පළමු වෙනිදා. ඇමෙරිකානු සම්බාධක නිසා රට සොවියට් ක්‍රමයට තල්ලු වුනාට පස්සේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය පිහිටවන්නේ 1965 ඔක්තෝබර් 13. ඒ කාලයේ තිබුන ලෝක දේශපාලන තත්වය අනුව කැස්ත්‍රෝ ගත්ත තීරණයක් ඒක.
කියුබන් එවුන් දුප්පත් බව ඇත්ත. නමුත් උන්ට මාර ආත්ම අභිමානයක් තියනවා. උන් දන්නවා ඇමෙරිකානු සම්බාධක නිසා තමන්ගේ රටට ඉදිරියට යන්න බැරිවුනා කියල. ඒ නිසා රටෙන් වැඩි කොටසක් කස්ත්‍රෝ කියන විධිහට ජිවත් වුණා මිසක් කස්ත්‍රෝට බැන්නේ නැහැ. වර්ෂ 1991 සෝවියට් දේශය බිඳ වැටුනයින් පස්සේ මාත් එක්ක ඉගෙන ගත්තු කියුබන් කාරයන්ට ඕනේ නම් පනින්න තිබ්බ බටහිර රටකට. රුසියන් කෙල්ලෙක් බැඳලා හිටිය එකෙක් රුසියාවේ නැවතුන ඇරෙන්න අනිත් එවුන් ඔක්කොම ආපහු ගියා.
දැන් ඇමෙරිකාවේ, එංගලන්තේ, ලංකාවේ පත්තර කියනවා තමයි කැස්ත්‍රෝ මිනිස්සු හිරකරගෙන හිටිය. ඒක සිර කඳවුරක් කියල. නමුත් තමන්ට තියෙන පොඩි දෙයින් සැනහිලා , සුරුට්ටුවක් පත්තු කරගෙන, ගිටාරයක් ගහගෙන, කෙල්ලෝ කොල්ලෝ ඉන්න සොමිය දැක්කම මට නම් හිතෙන්නේ ඕකේ අනිත් පැත්ත. කොටින්ම හොර බිස්නස් එකක් කරන එඑකාට වුනත් ඕන තරම් අපේ ඉස්සරහ කැස්ත්‍රෝ ට බනින්න තිබ්බ. මොකද අපිත් විදේශික ශිෂ්‍යයෝ නිසා. නමුත් උන් කවදාවත් එහෙම කලේ නැහැ.
හුඟක් වෙලාවට කියුබානු ආර්ථිකය නිදහස් වෙයි. මම හිතන්නේ රාවුල්ට රජය භාර දෙන කොටම කස්ත්‍රෝ දැනගෙන හිටිය ආර්ථිකය වෙනස් කරයි කියල. රවුල් කස්ත්‍රෝ කියන්නේ චේ වගේම කස්ත්‍රෝ එක්ක මුල ඉඳන්ම සටන් කරපු සටන් සගයෙක්. සහෝදරයා වුනත්. පැරචුට්ටෙක් නෙමෙයි.
අපි කැමති වුනත් නැතත් කස්ත්‍රෝ කියන්නේ අති විශාල රටක බලපෑම් වලට භය නොවී තීරණ ගත්ත නායකයෙක්. ඒ රටෙන් එල්ල කරපු ජිවිත තර්ජන සියල්ල පරාජය කළ කෙනෙක්.
මම ඇමෙරිකාවේ දියුණුවට වගේම ඒ රටේ නිදහසටත් කැමති කෙනෙක්. නමුත් ඇමෙරිකාව අනිත් රටවල ආණ්ඩු වෙනස් කරන්න බලය යෙදෙව්වා කියන එක, පිනොචෙ , මාර්කෝස් වගේ ඒකාධිපතියන්ට ඒ කාලෙ උදව් කලා කියන එකත් අමතක කරන්න බැහැ. ඇමෙරිකාව පස්සෙයි වෙනස් වුනේ. ඒ කාලේ ඒකාධිපතියෙකුට විරුද්ධව සටන් කලේ කස්ත්‍රෝ වගේ එවුන්.
කස්ත්‍රෝ කියන්නේ යුග පුරුෂයෙක්. එහෙම එවුන් මේ ලෝකේ වැඩිය හිටියේ නැහැ.
කස්ත්‍රෝ ඔබට සුභ ගමන්.

කැස්ත්‍රෝ, රාවුල් සහ චේ |