දියණිය ඇඳි මුල් කවරය |
ඊට පස්සේ චූලානන්ද සමරනායක සහෘදයා සහ පද්මිණි මාතරගේ නංගි පොතේ කොපි ඉල්ලා ගෙන සෑහෙන වෙහෙසක් දැරුවා. මම සංහිඳ එකේ සන්නස්ගල මහත්මයටත් කතා කළා. මම සුචරිත ගම්ලත් ගේ ශබ්දකෝෂය මිලදී ගන්න ගිය වෙලේ ඇහුවේ. මට මතක විධිහට ඔහු පොත් ප්‍රකාශ කරන වැඩෙන් ඉවත් වෙලා කියල තමා කිව්වේ. අර දෙන්නගේ වෙහෙස පල දැරුවෙත් නැහැ. පිළිකෙව් කිරීමට එක හේතුවක් ලෙස දැන ගන්නට ලැබුනේ පොත අත්දැකීම් ගැන ලිව්ව එකක් කියල. (ඇත්තටම එහෙම කල්පනා කෙරුවොත් මැක්සිම් ගෝර්කි ගේ වත්, නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ වත් බොරිස් පලේවොයි ගේ වත් අපි ආදරය කරපු පොත් කිසිවක් පලවෙන්න ඉඩක් නැහැ කියලත් හිතුන.)
මම ඇත්තටම පොත ලිව්වේ ඩොස්ටයෙව්ස්කි ගේ ෆන්ටස්ටික් රියලිස්ම් (fantastic realism ) කියන ශෛලියෙන්. මම ඒ ශෛලිය ගැන කල්පනා කලේ විජිත ගුණරත්න භාවිතා කළ බ්‍රෙෂ්ට් ගේ එපික් තියරිය නිසා කියලයි මම හිතන්නේ. ඒ ලිපිය මෙතැන. එදා ඒ සාකච්චාවේදී නන්දන වීරරත්න සහ විජිත අතරත් සංවාදයක් ගියා. නන්දන කීවේ නිර්මාණයකට සෞන්දර්යය අත්‍යවශ්‍යයය කියල. නැත්නම් වාර්තාවක් වගේ එහෙම නැත්නම් උදාසීන බවක් ඇතිවෙනවා කියල. මගේ මුල් නවකතාව "සියාමා" ලීවේ මේ සෞන්දර්යය කියන කොටස අමතක කරලා "පණිවිඩය" දෙන්නේ කොහොමද කියල හිතල.
සිදුවුණ දේ තමයි "සියාමා "පිළිබඳව වාමාංශික කඳවුරකින්ම ආපු විවේචනය තමා ඒක ටිකක් වාර්තාකරණයක් වගේය කියලා . තව වටේට ආලවට්ට්ම් දාල ලස්සනට නවකතාවක් කරලා ලියන්න තිබුන කියල. ඒ වගේ කතාවකට ආලවට්ටම් දාන්නේ කොහොමද කියන ප්‍රශ්නයෙන් මම තැවුණ. සියාමා ගේ සොඳුරු හදවත ගීතයක් වුනේ නැති නිසා. එදා සංවාදය කරපු නිස්සංක විජේමාන්න සහෘදයා නම් ඒක කීවේ නැහැ. හැබැයි එයා කීවේ මම නිහඬව ඉඳල පාඨකයාට කතා කරන්න ඉඩ දෙන්න කියල. නමුත් ලිව්වේ මොන හේතුවටද කියල පාඨකයා දැනුවත් නැත්නම්?
සරද සමරසිංහ සහෘදයා ගේ ගේ පොත ගැන කල සංවාදයේදී මම හෛඩගර් සහ ඔහුගේ "කලා කෘතියක මූලාශ්‍රය" (the origin of the Work of Art) කියන ලිපිය ගැන කතා කළා. ඒ ලිපියට මෙතනින් යන්න. හෛඩගර් හරියටම අඳුන ගත්තේ දීප්ති කුමාර ගුණරත්න ගේ ලිපි වලින්.
හෛඩගර් කියනවා ඔහු වර්තමාන දර්ශනවාදී සෞන්දර්යය නම් සම්ප්‍රදායට විරුද්ධව සත්‍යය පිළිඹිබු කරන කලා කෘති සඳහා පෙනී හිටිනවා කියල. ඔහු කියනවා නියම කලා කෘතිය සෞන්දර්යය නිසා අඳුරු වෙනවා කියල. හැබැයි හෛඩගර් ම ඒ එක්කම කියනවා මේක මහා ඔක්සිමොරොන් (oxymoronic විරෝධාලංකාරය ) එකක් කියල. ඔහු අහනවා සුන්දරත්වයක් නැති කලා කෘති පවතින්න පුලුවන්ද කියල ඒ එක්කම ? දර්ශනවාදී හෛඩගර් ගේ ජීවිතයත් නාසිවාදී වීම නිසා අඳුරු වූවක්.
ඉතින් දෙවෙනි පොතට හෛඩගර් හා නන්දන වීරරත්න කියපු විධිහට සෞන්දර්යය ඇතුළු කළා. ඒ කියන්නේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කෘතියේ මුල හරිය කියවන කොට ඒක තේරෙයි. ඩොස්ටයෙව්ස්කි ගේ ෆන්ටස්ටික් රියලිස්ම් එකටත් මදක් අනුගත වෙන්න.
බ්ලොග් සහෝදරයෙකු ගේ ගේ මාර්ගයෙන් හඳුනාගත්තා ගුරුගොඩ සීලවිමල හාමුදුරුවෝ. මේ දිනවල බුකියේ හෙම සෑහෙන ප්‍රසිද්ධ අයෙක්. සීලවිමල හාමුදුරුවෝ හඳුන්වල දුන්න තැන ආයෝජකයන්ගේ මුදල් වෙන් කරලා ඉවරය කිව්වා. නිකම් නිහඬ නොවී හේතුවක් කීව එක අගය කරනවා. නමුත් ඉතින් මට වුනත් ආයෝජනය කරන්න තිබුන.
ඉතින් මම තීරණය කලා කර්තෘ ප්‍රකාශනයක් ලෙස පළ කරන්න. එහිදී පොත විකිණීම සහ බෙදා හැරීම පිලිබඳ ප්‍රශ්නය එනවා. මගේ මුල් පොත වන "පොල්කට්ටෙන් එපිටට" පොත ගැන එම ප්‍රශ්නය ආව එංගලන්තයේ ඉඳගෙන කරන්න ලෙහෙසි දෙයක් නෙමේ. මම මේ ගැන පොත මට ප්‍රින්ට් කරන්න හදල දෙන හිරුලින් එකේ මිලානි නංගි එක්කත් නිකමට කතා කළා.
එයා මගේ පොතේ පොතේ පිටපතක් දෙකක් දීල තිබුන ප්‍රකාශක සමාගම් දෙක තුනකට . මම දැනගෙන හිටියේ නැහැ එම ප්‍රකාශකයන්ව. හැබැයි එහෙම දුන්නට කමක් නැහැ කියල මම කියල තිබ්බේ. ඒ දුන් කෙනෙක් තමා සංඛ ප්‍රකාශකයෝ හි අධිපති එම් ඩී සෝමරත්න මහත්මයා. පොත කියවල එයා මට කතා කරන්න කියල තිබ්බ. කොන්දේසි සහිතව පොත පල කරන්න කැමති වෙලා. ඇතුලේ තියෙන සමහර ඒවා අයින් කරන්න. අවසානය වෙනස් කරන්න වගේ කොන්දේසි. එසේම මගේ දුව මාසයක් විතර තිස්සේ ඇඳපු පිටකවරය අයින් කරන්න කියල. ඔය උඩ තියෙන්නේ ඒක. ඒ කවරේ එක්ක ලංකාවේ විකිණීම අපහසු බව ඔහු කීවා . දැන් ආවේ වෙළඳපල පිලිබඳ ප්‍රශ්නය. වෙළඳපල ඉල්ලීමට යට වෙනවද ?
මගේ යහළුවෝ දෙන්නෙකුට කතා කලා. විජිත සහ විතානගේ. ඔවුන්ගේ අදහස මගේ අදහසට සමපාත වුනේ මෙහෙම. පොත් ටික විකුණා ගැනීම, බෙදා හැරීම විතරක් ම නෙමේ අපහසු. තර්කයම පමණක් නොව සම්මුති(compromise) මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම මම එංගලන්තයේ දී ඉගෙන ගත් එක දෙයක්. යාලුවෝ කීවෙත් බෙදා හැරීමේ ප්‍රශ්නයක් එනවා නේද කියල. කේ බුක්ස් එකේ භාර ගන්නෙත් පොත් 100 කියල මම දැනන් හිටිය. සංඛ ප්‍රකාශකයන් ගේ පිට කවර වල හැම එකකම වගේ තරුණියන් ගේ ජීවමාන පින්තූර තියෙන්නේ. ඒ ගොල්ලන්ගෙන් පොත් ගන්න එන පාඨකයෝ කැමති ඒකට. මගේ යහළුවන්ගේ අදහස වුනෙත් කවුරුහරි කියවන්න ඒක ගන්නවා නම් පිට කවරය ගැන මම කරදර වෙන්නේ ඇයි කියන එක. පිටකවරය ඒ මහත්මයට තෝරා ගන්න දීල මම අන්තර්ගතය වෙනස් නොකරන්න එකඟ කර ගත්ත. ඒකට තව හේතුවකුත් තිබ්බ.
අපට යුද්ධය විකුනන්නේ කොහොමද ? සීතාම්බර සළු පිළි අන්දවලා එන යුද්ධයේ සැබෑව මම දැක්කේ නැහැ? ටෙලිවිෂන් ස්ටුඩියෝ ඉස්සරහ අපි පෙළපාලි ගියා . සමහර වෙලාවට වැස්සේ තෙමීගෙන. ලන්ඩන් වල අපේ යාළුවන්ට ඒවා මතක ඇති. සල්ලි යැව්ව. අපි දැක්කේ වීරත්වය , ආශ්වාදය, අහෝ යුද්ධයේ උතුම් වූ පිවිතුරු වූ මුදා ගැනීම.මගේ මේ "යුධ පිටියේ සවාරිය " ලිපියේ ඇරබෙල් ගේ එනමින් තිබෙන නාට්‍යය ගැන කතා කරන කොට මම හෙමිංවේ සහ ගෙල්හොර්න් ගැනත් ලීව මෙහෙම.
//හෙමිංවේ සහ ගෙල්හොර්න් යනු ස්පාඤඤ යුධ වාර්තාකරණයේ යෙදුනු සුප්‍රසිද්ධ ගත් කතුවර අර්නස්ට් හෙමිංවේ හා වාර්තාකාරිනියක වන ගෙල්හොර්න් අතර සම්බන්ධය ගැන කියන චිත්‍රපටියකි. ගෙල්හොර්න්" බෝම්බ වැටීමේ බියකරු බව විසිත්ත කාමරයේ සිටින්නන් නොදනී" යනුවෙන් ලියන මොහොතේ ජෙනරාල් ෆ්රන්කෝ ගේ ගුවන් යානා මැඩ්රිඩ් නගරයට බෝම්බ හෙලයි. හෙමිංවේ හා ගෙල්හොර්න් බෝම්බ වැටෙද්දී ජිවිත බේරා ගැනීම පසෙක ලා රමණයේ යෙදෙති. මේ අතිශයෝක්තියෙන් ඔප වැටුණු අධිතාත්වික රංගනය ම අරබෙල්ගේ "යුද සවාරිය" තුලින් මතු කරන යථාර්තයම වෙයි.//
ඉතින් ඉරාක ජනතාව සදාම් ගේ දරුණු ඒකාධිපති පාලනයෙන් මුදා ගන්න කරපු ශුද්ධ වූ පිවිතුරු වූ යුද්ධය ඉවර වෙන කොට සුයිසයිඩ් බෝම්බ වලින්ම ඉරක් ජාතිකයන් දහස් ගනනක් මැරිලා. බලනකොට සදාම්වත් එපමණ මරල නැහැ ගණන් බැලුවොත්. තවම උන් මැරෙනවා. ඕක වුනේ මුල්ලිවයික්කාල් වලද සිරියාවේද කියන එක අදාළ නැහැ. ඇත්ත දැන ගන්නකොට මරියානා අගාධය වගේ අඳුරු කුහරයක් ඇතුලට හිත වැටෙන්න ගන්නවා . බෝධිනී සමරතුංග ගේ "අනිත් කොන" කියවන කොට තේරෙන්න පටන් ගන්නවා ඒ පැත්තේ මිනිස්සු හිටිය විධිහ. යොමුව මෙතන. ඊට පස්සේ ලංකාවේ දකුණේ රෝහලක පිළිකාව හැදිලා මැරෙන කොටි සෙබළියක් වන තමිලිනී ඒ කතාව අවසන් කරල දෙනවා .
කියන්න අමතක වුණා. මම දන්නා කෙනෙක් නොවන ප්‍රකාශක මහත්මයෙකුට පොතේ ඊ පිටපතක් ගිහින් තිබුන කියල කියනවා. පද්මිණි මාතරගේ එක්ක ගිය මාසේ තිබ්බ පොත් ප්‍රදර්ශනේට ගිය වෙලේ ඔහුගේ සම්භාව්‍ය කෘති තිබ්බ කුටියටත් ගොඩ වැදුන. ප්‍රසිද්ධ කතුවරියන් කිහිප දෙනෙක් සිටිනා අතරේ අපි වගේ අලුක්කාල් මොනවා කරන්නද කියල හිතල ශේප් එකේ සයිඩ් එකෙන් ඉන්න කොට පද්මිණි මාව ඒ තුමාට අඳුන්වල දුන්න මේ අර පොත එව්ව එක්කෙනා කියල. එයා කිව්වා "ආ මේ සිහින පොත නේද" කියල. එහෙම කියල එයාගේ පොත් කුටියෙන් එලියටම ගියා.
මට කියන්න හිතුන "සෝවියට් දේශය " නම් ඉතින් සමහරුන් ට හීනයක්ම තමයි. හැබැයි අපි ඒ හීනෙ හොඳ කොටසක අපිත් ජිවත් වුනා කියල. සැබෑ කරගත් ඒ හීනේ තියා ගන්න බැරි වෙච්ච හෙනේ තමයි රුස්සන්ට වැදුනේ. මම ඒක කිව්වේ නැත්ද කොහෙද.
බ්ලොග් එකේ ගැහැණු ළමයා |
දැන් කවරය |
ඒ නිසා හිතවතුනි හිතවතියනි මම තීරණය කලා අපේ ප්‍රකාශක මහත්මය නිවැරදියි කියල. මම ඔයාලට ලස්සන ගැහැණු ළමයෙක් ගේ පින්තුරයක් කවරයට දාල පොතක් ලිව්වා. මගේ බ්ලොග් එකේ දෙවෙනි පරිච්ඡේදය පළවුණේ 2015 දෙසැම්බර් 3. ඒකට දාපු රුසියානු යුවතියගේ පින්තූරය තමයි ඔය තියෙන්නේ. කවරය විතරක් බලල පොත ගැන තීරණය කරනවා නම් එහෙම කරන්න. මොකද මමත් කරන්නේ උඹලව රවට්ටන එක. ශානිකා සශිප්‍රියා ඒක දන්නේ නැතිව පොත අරගෙන රැවටුනා. අහුවෙච්ච හැටි මෙතන ලියල තියනවා. පොත අරගෙන රැවටෙන්න ඉන්නව නම් කියවන්න එපා ඒක. ධම්මිකා චාන්දනී අහු වුනා අනුරුද්ධ වැලිගමගේ එක්ක. ඒවා මෙතන ලියල තියනවා. ඉතින් රැවටෙන්න සහෘදයෙනි.
අජිත්ගේ පොත මිලට ගන්නේ ඔබව බ්ලොග් එක නිසා දන්නා හදුනන අය. ඒ අයට කවරය එතරම් වැදගත් නැහැ. ඒ උනත් ලේකඛයාව පෞද්ගලිකව නොදන්නා සැලකිය යුතු පාඨක පිරිසක් කරන්නේ පොතේ කවරය බලලා පොත අතට අරං පිටුවක් දෙකක් බලලා මිලට ගන්න එක. ඉතිං ඒ නිසා පොතේ කවරය ප්‍රසන්න එකක් වීම අලෙවියට වඩා වැදගත් වෙනවා ඉහත දෙවනියට කී පිරිසටත් පොත අලෙවි කරගන්න.
ReplyDeleteඕකම තමයි සජිත් ප්‍රේමදාස එයාගේ කැම්පේන් එකෙත් කරන්නේ. එයාගේ කැම්පේන් එක දිහා බලද්දී පේන දේ තමයි ඒක කිසිම සැලැස්මක් නැති නිකං දකුණු ඉන්දියානු පන්නයේ එකක් වගේ දිස් වීම.
හැබැයි ඒ සැලස්ම කවුරු උනත් ඉතාම පරිස්සමෙන් ලංකාවේ මිනිස්සු දිහා හොදට බලලා හදපු එකක්. මොකද සජිත් කතා කරන්නේ සාමාන්‍ය ජනයාට විතරයි. ඔහුගේ කතා වෛරල් වෙලා යනවා ශෝෂල් මීඩියා වල. ඔහුගේ අරමුණ මේ සති දෙක තුන ඇතුලත රටේ බහුතරයක් වන බිම්මට්ටමේ ජනතාව එක්රැස් කරගැනීමයි. මොකද ඔහු දන්නවා රටේ ඉන්නා ලිබරල්, නිදහස්,උගත් මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති නිසා එයාට ජන්දය දෙන්න වෙනවා කියලා. මේක තනිකර නෙගටිව් කැම්පේන් එකක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිඋනෙත් මෙහෙමම තමයි.
හොඳ විශ්ලේෂණයක් ඇනෝ තුමනි.
Deleteඅන්තර්ගතය මොකක් උනත් පිටපොත්තටනේ හැමෝම රැුවටෙන්නේ. විශේෂයෙන්ම කාන්තාවන්ට. වෙළෙන්දා බලන්නේ කොහොම හරි ඉක්මනින් විකුණාගන්නයි. එක ඉතිං වෙළදාමේ පොදු සාධකයක්. මට නම් පිටකවරයේ වරදක් නෑ. මේ පිටකවරය සාමන්‍ය ගනයේ අපේ බාසාවෙන් කියනා මල්කතා වර්ගයේ එකක් වාගේ. දුවගේ පිටකවරයේ සම්භාව්‍ය ගතියක් තියෙනවා. හැබැයි අජිත් ධර්මකිර්තිගේ නම සම්භාව්‍ය කතුවරුන්ගේ නම් අතරේ තිබුනානම් කවරේ නැතිව හරි පොත විකුනාගන්න තිබුනා. ඒ නිසා ප‍්‍රකාශකයා හරි කියලා හිතනවා. කොහොම නමුත් අවසානයේ වෙන්න ඔනේ පොත පොත් සාප්පුවල රාක්කවල පුස් කන්නේ නැතිව වැඩි දෙනෙක් අතරට ගිහිල්ලා කියවිමයි. පොතේ කවරය ගැන වදවෙන්න ඔනේ නෑ.
ReplyDeleteසම්භාව්‍ය අතරට එන්න පරිවර්තන කරන්න ඕනෙලු ලංකාවේ. ලංකාවේ අය හිතන් ඉන්නේ පරිවර්තන කියන්නේ පරිවර්තන කරපු ලේඛකයා කාගේ හරි අත්දැකීම් අරගෙන ලියපු තමන්ගේ පොතක් කියල. ඒ ගොල්ලෝ හැසිරෙන්නෙත් (සමහරු විතරයි) ටිකක් ඒ වගේ.
Deleteනැහැ මම කවරය ගැන වද වෙන්නේ නැහැ.එක කියන්න තමා මේක ලිව්වේ .
"Many times I have learned that, you never judge a book by its cover. Like people, it is the inside that counts."
ReplyDelete- Shannon Hale
"We take it for granted we know the whole story - We judge a book by its cover and read what we want between selected lines."
- Axl Rose
yes pra
Deleteපොතක් පිටකවරයෙන් විනිශ්චය කරන්න එපා කියලා කිව්වාට වෙන්නෙත් ඒකමයි වගේ නේද?
ReplyDeleteකතා දෙකක්.
1. ප්‍රවීන ලේඛක ඩීබීකුරුප්පු ලිව්වා කෙටි නවකතාවක්. නම එක්තරා ප්‍රේම කතාවක්. හැබැයි ඒක ඉතා වෙනත් ප්‍රේම කතා වක්. ඒකට පිටකවරයක් නිර්මාණය කළ පුද්ගලයා (ඔහු හොඳ කලාකරුවෙකු වුනත්) කරලා තිබුණේ ඓශ්වරී රායිගේ ඡායාරූපයක් ඒ සඳහා යොදා ගැනීමයි. අවසර ගත්තා ද දන්නේ නෑ.
2. මා ලියා පළ කළ කුඩා පොත් තුනේ ම, කවරය හැදුවේ මං ම තමයි. කාට බය වෙන්නද, මයි බුක් මයි කවර්.
ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
කලින් ලියල තියනවා නේද ඒ ගැන. මම සාමාන්‍යයෙන් කවරේ බලල පොත ගන්න කෙනෙක් නෙමයි. ඇතුලේ පිටු කියවනවා.
Deleteකුරුප්පු මහත්තයාගේ ‘එක්තරා ප්‍රේම කතාවක්’ පොත ප්‍රකාශකයෙකු බාර අරන් අවුරුදු හයක්-නැතිනම් හතක් හිරවෙලා තිබුණු එකක්.
Deleteඑතුමාගේ පොත් ගොඩගේ මහතාගේ අනුදැනුම ඇතිව ගොඩගේ ප්‍රකාශන ලෙසින් පළ කරවන්න කටයුතු සලසලා දුන්නාම මේ පොත ගැනත් මට කිව්වා. එහෙමයි මේක මුද්‍රණයට මුල පිරුණේ. http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_22.html
හැබෑ ‘දම්මි’ ලංකාවට ඇවිත් හිටි නිසා, කුරුප්පු මහත්තයාට ඕනේ වුණා පද්මා යන්න කලින් මේ පොතේ පිටපතක් ඇයට පිළිගන්වන්න. ගොඩගේ එකේ හිටි ශිල්පියෙක්ම තමයි පොත් කවරය හදලා දුන්නේ දවසෙන්.
මගේ අම්මෝ එච්චර කල් . පොත හොයාගෙන කියවමු
Deleteඅජිත්, මගේ අදහස නම් ඕනෑම නිර්මාණකරුවෙකු කැමතියි තමාගේ නිර්මාණයක් අනෙක් අය පරිශීලනය කරන; රස විඳින තරමට.
ReplyDeleteඉතින් එය වැඩි පිරිසක් අතට යවන්නට එකිනෙකා තම-තමාට කැමති ක්‍රමවේද යොදාගන්නවා. නිර්මාණය කිරීමේදීත් එහෙමයි.
බුදුහාමුදුරුවන් වහන්සේ වුණත් එහෙමනේ කළේ. හැමෝටම එකම විදිහට කමටහන් දුන්නේ නැහැනේ. එකිනෙකාගේ චරිත ස්වභාවයට ගැළපෙන විදිහටයි ඒක කළේ.
කොච්චර හොඳ පොතක වුණත් නිමාව හොඳ නැති නම් මං එය ගන්නේ නැහැ. කියවීම ඇසට වදයක් නිසා. ඒත් රුචිකත්වය විවිධයි කියන එකත් අමතක කරන්නම බැහැ.
හැබැයි, ඔය සේරම සැලකුවත්, මම නම් මට කැමති දේ විතරයි කරන්නේ! ඒකෙ හොඳ-නරක, ලාබ-පාඩු සේරම විඳගන්නත් බලාගෙනයි එහෙම කරන්නේ.
//අජිත්, මගේ අදහස නම් ඕනෑම නිර්මාණකරුවෙකු කැමතියි තමාගේ නිර්මාණයක් අනෙක් අය පරිශීලනය කරන; රස විඳින තරමට// ඒක ඇත්ත . මම කලෙත් මම කැමති දේ තමා. මට තේරීම් දෙකක් ටිහ්බ්බ. එකක් පොත පිට කවරය මට ඕන විධිහට ගහල පොත් 500 විතර ගෙදර තියාගෙන නිකන් ඉන්න. නැත්නම් පොත ගහල විකුනන්න දෙන්න. අනික පිට කවරයට මම කැමති වුනා පොඩි වෙනස් කමක් එක්ක. ඉතින් මේක මගේ තේරීම හෙවත් යථාර්තය වැළඳ ගැනීම
Deleteහප්පේ මේකේ තියෙන මහප්‍රාණ මට තේරෙන්නෙත් නෑ...කොහොම උනත් කවරෙ ගැන විස්තර කරපු එක හොදයි.බලන් ගියාම පොතක් මුද්‍රණය කරනවා කියන්නෙත් සෙල්ලම් වැඩක් නෙවෙයි.
ReplyDeleteකෝ මහප්‍රාණ? ප්‍රසිද්ධ නැත්නම් අමාරුයි .
Deleteමට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. පොත් දාහක් වගේ ප්‍රින්ට් කරන්න මගේ හිතේ හැටියට ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ දෙකක් වගේ යනවා ඇති කියල හිතෙනවා.. ඕක ආපහු හොයන්නද මෙච්චර පොත විකුණන එක ගැන තැවෙන්නේ? නැත්නම් වැඩි පාඨක පිරිසකට කියවන්න දෙන ආසාවටද? කතෘ ප්‍රකාශයක් විදියට ප්‍රින්ටර් ෂොප් එකකට ඔය ගාන ගෙවල පොත් දාහක් ප්‍රින්ට් කරලා ගන්න එකෙක් ගනියව් කියල ඉන්න බැරිද? ඔන්ලයින් විතරක් විකුනලා වගේ.. අනේ මන්දා මට ඔය ගැන අයිඩියාවක් නෑ.. පොත් ලියන්නේ බිස්නස් එකට නෙවෙයිනේ.. හොබී එකටනේ.. ඉතින් සමහර හොබිස් වලට ඔයිටත් වඩා වියදම් කරලා ආතල් එකක් අරන් ඉන්නවා නේද? එහෙම හිතල පොත් ගහන්න බැරිද? (හෙන ගොන් ප්‍රශ්නයක්ද මන්දා ඉතින්)
ReplyDeleteThis comment has been removed by the author.
Deleteපොඩි ප්‍රශ්නයක්ද ප්‍රශ්න ගොඩක්ද :)
Deleteඔව් රුපියල් ලක්ෂ දෙකක් වගේ යන්නේ. ඔයා ලොකු සල්ලි කාරයෙක් නිසා ඒක අනවශ්‍ය ඇති . මටනම් ඕන මුදලක් වටිනවා. හරි තැනට යනවා නම්. මට දෙන්න පුළුවන් කම් නෙමෙයි ප්‍රශ්නේ..
//කතෘ ප්‍රකාශයක් විදියට ප්‍රින්ටර් ෂොප් එකකට ඔය ගාන ගෙවල පොත් දාහක් ප්‍රින්ට් කරලා ගන්න එකෙක් ගනියව් කියල ඉන්න බැරිද? // මෙහෙම තමයි පොල්කට්ටෙන් එපිටට කලේ . වැඩිපුර කලේ නිකන් දුන්න එක. පස්ස ඒ දැනගත්තේ සුභාවි ප්‍රකාශක මහත්මය ගාව තව ගොඩක් තියනවා කියල. එයා ඔය පහ දහය කේ බුක්ස් වගේ ඒවාට දීල තියනවා. නමුත් සුභාවි එකේ කුටියේ වත් පොත තිබුණ නැහැ. මම මහන්සි වෙලානේ ලියුවේ. මගේ නිර්මාණය. සීයක් ඉතුරු වෙලා චූල මට දුන්න. මේ 2015 ගහපු පොත. ඒක එදා වික්ක. (21) . දෙවෙනි පොත ඒ නිසා "අහස" ට ගහන්න දුන්නේ . මට හම්බ වුනු ටික ගියා . අනිත් ඒවාට මොනවා වුනාද දන්නේ නැහැ. ලේඛකයෙක් කැමතිනේ තමාගේ පොත යනවනම් අඩු ගානට හරි.
අනික නිකන් දෙන්නම පොත් ලියන්නේ නැහැනේ. නිකන් දෙන දේවල් වලට මිනිස්සු වටිනාකම් දෙනවා අඩුයි.
හැබැයි ඉතින් මෙතනත් මට එන ලාභෙ නෙමේ බැලුවේ.ඒ ලැබෙන ගනනට වඩා මට වියදම් වුනා කියල ඔයාට තේරෙන්න ඇති. මම ගණන් එකතු කරන්න කැමති නැහැ. විකිණුනොත් ලාභෙ යන්නේ ප්‍රකාශක සමාගමට නේද? හැබැයි අතින් වියදම් කරල ගහන්න තමයි අන්තිම මොහොත වෙනකම් හිතන් හිටියේ. නමුත් පොත් 1000 තියල එන්න තැනක් නැහැ. ඒකත් බලන්න එපයි. ඔයා ගාව තියන්නේය. පොත් දාහක් ගැන හොයල බලන්න කෙනෙක් නැහැනේ මට. ඉතින් මේ විසඳුම හොඳයි.
මට ප්‍රශ්නේ උනේ ඔයාගේ පොතම නෙවෙයි.. කතෘවරු ඇයි මෙච්චර ප්‍රකාශකයන්ට යට වෙන්නේ කියල.. වෘත්තීය විදියට පොත් ගහල විකුණන අය නම් කමක් නෑ.. අන්නේකයි.. එනිවේ.. යුවර් කාර්.. යුවර් පැට්‍රොල්..:))
Delete//කතෘවරු ඇයි මෙච්චර ප්‍රකාශකයන්ට යට වෙන්නේ කියල...//හරිම සරලයි. කට්ට කන්න තියෙන අකමැත්තට හෝ නොහැකියාවට. ප්‍රකාශකයො දන්නවා විකුණන සහ විකිණෙන ක්‍රම. ඒ නිසා ප්‍රකාශකයින්ගෙ ගණන් බල බලා හෝ එයාලටම දීලා දෙන දෙයක් අරන් වෙන දෙයක් බලා ඉඳීමේ ක්‍රමය තෝරාගන්න පෙළඹෙනවා කියලයි මට හිතෙන්නෙ
Deleteමමත් සාමාන්‍යයෙන් නොදන්නා කෙනෙක්ගෙ පොතක් ගනිද්දි නම් මුලින්ම කවරෙ බැලෙනවා. කවරෙ අනුව තමයි අතට අරන් පිටු පෙරලලා බලන්නෙ. හැබැයි අජිත් අයියගෙ පොත නම් ගත්තෙ කතෘගෙ නම දැකලා (තාමත් පිටු පෙරලුවෙ නෑ ).
Deleteතව සමහර ලේඛකයන්ගෙ පොතුත් ඒ විදිහට කවරෙ නොබලම ගන්නවා. ඒත් නමට. ඒ නිසා නමක් හැදෙන තුරු පොතක් විකිණෙන්න කවරෙ සහ පොතේ නම පවා වැදගත් වෙනවා කියලයි මට හිතෙන්නෙ.
ප්‍රකාශකයගෙ අත්දැකීම් අනුව එයාට ෂුවර් ඇති විකිණෙන්නෙ කොයි වගේ කවරයක් තිබ්බොත්ද කියලා (මාතර බුක් ෆෙයාර් එකේ සමුද්‍ර, සදීපා ස්ටෝල් දෙකේම පොත තිබ්බා )
පොත් ලියන්නේ බිස්නස් එකට නෙවෙයිනේ.. හොබී එකටනේ - මේ කතාවේ පොඩි ගැටලුවක් තියනවා . පොත් ලියන්නේ තමන්ගේ නිර්මාණය එළි දැක්වීම සඳහා. කාගේ හරි පොතක් කියවල ඒ අනුසාරයෙන් ගහපු කොපි කියල හොයන්න බැරි ඒවා මම දැකල තියනවා. ඒවානම් බිස්නස් තමයි. ලංකාවේ ගොඩක් නම තියන ඈයෝ නම් වැඩිය ප්‍රසිද්ධ නැති අයගේ පොත් වල අනුසාරය ගන්නවා කියලා මට හිතිලා තියෙන්නේ. අනික මට උත්තර දෙන්න පුළුවන් මම ගැන විතරයි
Delete//ප්‍රකාශකයො දන්නවා විකුණන සහ විකිණෙන ක්‍රම.
Deleteප්‍රකාශකයගෙ අත්දැකීම් අනුව එයාට ෂුවර් ඇති විකිණෙන්නෙ කොයි වගේ කවරයක් තිබ්බොත්ද කියලා//
සඳ වියමන්, එකඟයි . මට මේ දෙකම තේරුනා ප්‍රකාශක ස්ටෝල් එකට ගිය වෙලේ. මම දැක්ක කවරේ බලල මගේ පොත අතට අරගෙන අන්තිම පිටුව බලල තියල යන කට්ටිය. මට ප්‍රකාශකයා කිව්වෙම අන්තිම වෙනස් කරන්න මේ පෙම්වතුන් එකතු කරන්න . ලංකාවේ කොච්චර සම්භාව්‍ය කීවත් එයාලට ඕනේ ඒක කියල. මේක මේ රුපවාහිනියේ ඉන්දියන් සෝප් ඔපෙරා පෙන්නල හදපු දෙයක්. අපට ඕකට එරෙහිව යන්න අමාරුයි. එහමයි කිව්වේ. මම එකඟ වුනේ නැහැ. හැබැයි ඒක ඇත්ත කියල මට තේරුනා. අර අවුශ්විට්ස් කතාවෙත් කොපමන වධ වින්දත් අවසානයේදී දෙන්න එකතු වෙනවා.
මගේ ඥාති දියණියන් දෙන්නෙක්ම බලල කිව්වේ, අනේ අපට ඇඬුනා. ඔයා හරි නරකයි. ඒ දෙන්නව අපහු හමු වුනේ නැත්තේ ඇයි . අන්තිම පිටුව බලල ගත්තේ නැති අය කීවෙත් ඒක. ඒක මිනිස් ස්වභාවය. නමුත් මේ පොතේ මට අවශ්‍ය වුනු අවසානය සහ මට අවශ්‍ය වුනු කතාව තියනවා කොහොම හරි.
ගුරුගොඩ සීලවිමල හාමුදුරුවෝ
ReplyDeleteපල්ලි නිකායෙ කෙනෙක්ද?
ඒ මොන නිකායද
Delete