Friday, 4 September 2020

සිංහරාජය , හිටපු ජනාධිපති සහ ලංකාගම මායිම


සිංහරාජය ගැන  කතා කල බොහෝ අය නොදන්නා කාරණාවක් වගේ මේක.හෙරිටේජ් සයිට් එකක් වශයෙන් නම් කරන්න 1988 යුනෙස්කෝව සමග ගිවිසුම ගහද්දි  , සිංහරාජයට අයත් වනාන්තර  ප්‍රමාණය හෙක්ටෙයාර් 8864 (අක්කර 21903). කුරුඳු වගාව නිසා ගාල්ල පැත්තෙන් තර්ජනයක් එල්ල වෙලා තිබුනේ. එතකොට  ලොකු ගෙවල් /හෝටල් හදන කට්ටිය ලී ගන්න නිසා හොරෙන් ලී කැපීම කරන එක නවත්වන්න වෙලා තිබුනේ. ඉතින් ගිය යහපාලන ආණ්ඩුව (ඔව් ඒක  තමයි ) ඕක හෙක්ටයාර් 36000 දක්වා වැඩිකළා අවට වනාන්තර පවා අරගෙන. (මුළු අක්කර ගණන  88960) . හැබයි  ඕක වසර 2000 ඉඳන් එන ප්ලෑන් එකක්. ඕකට අත්සන් කලේ හැමෝම බුකියේ බනින හිනාවෙන මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා. ඔව් එයා තමයි.


දැන් මේ අලුතෙන් එකතුවෙන වනාන්තර පැති මෙන්න  මේවා.අයගම, දෙල්ගොඩ, දෙල්ලෑව, දෙල්මිල්ල-යටගම්පිටිය, දියදාව, කොබහදුකන්ද, හඳපනැල්ල, ගොන්ගල හා පරාගල . එතකොට ඔය පරාගල  කියන හරිය ලංකාගම , නෙළුව දෙකම පහු කරලා  පහලට වෙන්නදතියෙන්නේ? දන්න කෙනක් ඉන්නවද? ගූගල් මැප් එකේ තිබෙන්නේ  එහෙම.එහෙම නම්   ඔය අළුත් මායිමට තමා කපන පාර අහුවෙන්නේ නේද ?
 අනික ලංකාගම විතරක් නෙමේ ගොඩක් ගම්  ඔය මායිමට අහුවෙනාවා නේද?
 
ලංකාගම අහුවෙලා තියෙන්නේ  ඔය වැඩිකරපු කොටසට නම්  ඒ මිනිස්සුන්ට බැනල වැඩකුත් නැහැ. හිටපු ජනාධිපතිට බැනල වැඩකුත් නැහැ. මුළු ලෝකයාම ගැන හිතල එතුමා ගත්ත විශිෂ්ඨ පියවරක් නේ ඒක .
මම නම් දැක්කේ නැහැ එක පරිසරවේදියෙක් වත් හොඳයි කියනව ඔය වැඩේට ඒ දවස්වල. 

මේ ලිපියේ සුරන්ජන් ප්‍රනාන්දු කියල බොටනිස්ට් කෙනෙක් කියනව මෙහෙම.

//Suranjan said villagers living close to Sinharaja need a sustainable management plan that would support the conservation aim of creating corridors to link the forests, to prevent fragmentation.// 

මම මගේ ලිපියේ කිව්වෙත් ඕක. සම්පුර්නයෙන්ම වැඩිවන කොටස පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකට ප්ලෑන් එකක් අවශ්‍යයි. මිනිසුනුත් ඒවල  ජිවත් වෙන්න ඕනේ.ඒවලට  යන පාරවල් නුත් හොඳට  හැදෙන්න ඕනේ. සිංහරාජය පැත්තට ලොකු කම්බිවැටක් වත් ගහන්න ලී හොරුන්ට යන්න බැරිවෙන්න. වනජීවී එකෙන් මුරකරු  රස්සා දුන්නත් කමක් නැහැ.   
මට තියෙන  ප්‍රශ්නේ ඔය හදනවයි කියන හෝටලේ තියෙන්නේ මොන හරියේද කියන එක විතරයි. .මායිමක නම් ඉතින් කියන්න දෙයක් නැහැ.. මායිමේ නෙමේනම්  සිංහරාජය ඇතුලේ නම් තමා ප්‍රශ්නය.  ඒ මැප් එක මම තවම දැක්කේ නැහැ. රවින්ද්‍ර කාරියවසම් කියන විධිහටත්  පාරම නෙමෙයි ප්‍රශ්නේ. පාර හැදුවට මට නම් කමක් නැහැ. වෙනත් ව්‍යාපාරයක් තියන්වාද  ඒ  පිටුපස කියන එක. ඒක කොහොමද සිංහරාජයට බලපාන්නේ 
කියන එක. 
මැප් ගත්තේ ගූගල් එකෙන්.

මෙන්න ලිපිය ලියල තියෙන්නේ මාලක රොඩ්රිගෝ මහතා 2019 දෙසැම්බර් 17. 
ගිට්හබ් 

6 comments:

  1. දරුවෙකුට බිහිවෙන්න
    කුසය ඉඩදුන් මවක්
    රැකගන්න මහවනේ
    තම ඉඩම දුන් මවක්

    දේවානි ජයතිලක
    අපට දෙන පාඩමක්
    කියවන්න පුලුවන්ද
    වියතුනේ වියත්මග

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක් දුන්නාය කියල ඔය විසඳෙන්නේ නැහැ. වැඩිකරපු හෙක්ටෙයාර් ගානට ගම් ගොඩක් තියනවා. ඒවාට පාරවල් විතරක් නෙමේ වතුර දෙන්නත් ඕනේ විදුලියත් ඉල්ලයි ඒවා කරන්න සැලසුමක් අවශ්‍යයි

      Delete
  2. ඔබගේ ලිපියේ තියන දිගුව ඔස්සේ ගිහින් මාලක රොඩ්රිගෝ මහතාගේ ලිපියත් මම කියෙව්වා. ඒකේ කියැවෙන ගම් වලින් paragoda කියන්නේ පරගොඩ ටයි. Delmella කියන්නේ දෙල්මෑල්ල ටයි. ඒ ලිපියේ කියැවෙන අයගම, දෙල්මෑල්ල වැනි ගම් වල ඉඳලත් 1980 දශකයේදීත් මිනිසුන් කොළඹ ට දිනපතා වැඩට යනවා එනවා කියලා ඇහුවොත් පුදුම හිතෙනවා නේද?? මේ පලාත්වල බහුතරයක් මිනිසුන් වනාන්තරය සමග සහජීවනයෙන් ජීවත් වන බව ඇත්ත උනාට සමහරුන් වන විනාශයට කෙලින්ම දායක වෙනවා.
    සිංහරාජය ඇතුලේ පාරවල් කැපුවේ (70-77) කාලයේ ගිංතොට ට සහ කොස්ගම ට දැව සපයන්න මිසක් වනය ආරක්ෂා කරන්න නොවෙයි. දැන් සමහරක් දෙනා තර්ක කරන්නේ, මේ පාරවල් අවුරුදු පනහක් තිස්සේ තිබුන ඒවා මිසක් අලුත් ඒවා නොවන බවයි. නමුත් ඒ කියන උදවිය සඟවන කරුණ තමයි, මේ පාරවල් හැදුවේ / භාවිතා කලේ වන විනාශයට මිසක් වන සංරක්ෂණයට නොවන බව.
    මගේ ජීවිතයේ මම නැවත මතක් කිරීමටවත් අකමැතිම සිද්ධිය ඔය ඉහතකී අයගම හා දෙල්මෑල්ල අතර තියන ගවරගිරිය ප්‍රදේශයේදී 1980 දශකයේ දිනක සිදු උනා. යාලුවෙකුගේ ගෙදර ගිහිල්ලා, බීලා පිස්සු කෙලලා මගේ ජීප්පුව කන්දෙං පහලට කොන්ඩුං පෝ උනා. එකෙක් දෙන්නෙක් නොමලේ “Only the good die young” නිසා යි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වන විනාශය හැමෝම වගේ කරනවා. අනුබල දෙන්නේ දේශපාලකයෝ , උන්ට චන්දෙ දෙන්නේ ඔය මිනිස්සුම තමයි , පාරවල් හැදෙන්නේ වන විනාශ වෙලා තමයි , එක නිසා විනාශ වෙන හරිය නැවත වගා කරන්න ක්‍රමයක් ඕනේ. මගේ මූලික තරිකය ඒක. නැතිව පාරවල් හදීම් ආදිය වලක්වන්න් අපට බැරි වේවි. ඇඟ හිරි වැටෙන අත් දලිමක් නේ . ඔයින් බේරුනා ඇති.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .