පහුගිය දවස් වල ලේක් දිස්ත්‍රික්කය ගැන ලිපි තුනක්ම ලීව. ඔය අපි නිවාඩුවට එහෙ ගිය තුන් වෙනි පාර. ඒ අතරම එංගලන්තයේ ඉන්න අනිත් යාලුවෝ වගේම පීක් දිස්ත්‍රික්කයට, කෝන්වෝල් වලට, වේල්සයට , සහ ස්කොට්ලන්තයටත් අපි ගිහින් තියනවා. හුඟක් වෙලාවට අපි වැඩිය කැමති කඳු නගින්න. වෙරළ ආසන්නයේ කැරවෑන් වලත් ඉඳලා තියනවා නිවාඩුවට.
සාමාන්‍යයෙන් වසර දහයක විතර ඉඳන් මම පින්තූර ෆේස්බුක් එකට දානකොට, මම දැක හඳුනාගත් යහළුවෝ හා නෑදෑයෝ 200-300 කට පේන්න විතරයි දාන්නේ. මම හුඟක් වෙලාවට පබ්ලික් දාන්නේ නැහැ. අවුරුද්දකට දෙකකට කලින් නම් කොහොමටත් දැම්මේ නැහැ. තට්ටයගේ කොලම බ්ලොග් පෝස්ට් ලියන මල්ලි හැමදාම අහන ප්‍රශ්නයක් තමා "අයියේ ඇයි මේක ෂෙයාර් කරන්න බැරි කියල". පබ්ලික් දාන්නේ නැති නිසා. ළමයි පොඩි කාලේ මම පබ්ලික් පින්තූර දාලම නැහැ. මොකද ෆේස්බුක් කියන්නේ ජෝර්ජ් ඕවෙල් ලිව්ව 1984 පොතේ බිග් බ්‍රදර් ඉන්න තැන. නමුත් මේ පාර මම පින්තූර සහ ලිපි හැමෝම එක්ක බෙදා ගත්ත. ඒකට හේතුව තමා මේ ලියන්නේ.
එකක් තමා සොබා දහමේ සුන්දරත්වය හැමෝම එක්ක බෙදා ගන්න එක. තව යාළුවෝ එවැනි ඡායාරූප බෙදාගෙන තියනවා පේනවා. මම ඇත්තටම කැමතියි ඒවා බලන්න.
මම මේ කරන්න හදන්නේ ලේක් දිස්ත්‍රික්කයේ සුන්දරත්වය බේරා ගත්තේ කවුද කියල මතක් කරන්න. ෆේස්බුක් කියල දෙයක් නොතිබුන කාලෙක . දහස් ගණන් ෆේස්බුක් පෝස්ට් වල වනාන්තර විනාශය ගැන කියවෙනවා. මුකුත් වෙන්නේ නැහැ නේද.
එයා ඉපදිලා තියෙන්නේ 1838. එංගලන්තයේ කාර්මික විප්ලවය ඇරඹිලා අවසන් වෙන කාලේ. මෙයා සාමාජිය ප්‍රතිසංස්කරණ වලට තමා ඉස්සෙල්ලාම ප්‍රසිද්ධ වුනේ. මුලින්ම කියමු එයාගේ සීයා දොස්තර
තෝමස් සවුත්වුඩ් ස්මිත් ගැන. සීයා එංගලන්තයේ ජනතා සෞඛ්‍යය පිලිබඳ ප්‍රතිසංස්කරණ සඳහා ජීවිතය කැප කල කෙනෙක්. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට සහ වැඩකරන මිනිසුන්ට හොඳ තත්වයේ නිවාස ලබා දීමට සටන් කළ කෙනෙක්. එතකොට ඔක්ටේවියාට ඒ බලපෑමට අමතරව සමාජවාදියෙකු වන රොබට් ඔවෙන් ගේ අදහස් නුත් බලපාල තියනවා ඒ කාලේ.
රොබට් ඔවෙන් යුතෝපියානු සමාජවාදය කියන අදහස් සමූහයේ පුරෝගාමියෙක්.
එතකොට මේ අපේ ඔක්ටේවියා පටන් ගන්නවා සමාජයේ හරිහැටි නිවාස නැති දුප්පත් අයට අඩු ගන්නට කුලියට නිවාස ලබාදීමේ ව්‍යාපාරයක්. මේ කාලේ එංගලන්තයේ වැඩි හරියක් මිනිස්සු ජිවත් වුනේ මුඩුක්කු (slum) වල. කිසිම සනීපාරක්ෂක ක්‍රමයක් නැතිව. ලෙඩ රෝග වලට ගොදුරු වෙවි. එයාලා වෙනුවෙන් ඔක්ටේවියා ගෙවල් මිලදී ගන්නවා. උදව් කරන්නේ ප්‍රසිද්ධ කළා විචාරකයෙක් සහ රැඩිකල් දාර්ශනිකයෙක් වුන
ජෝන් රස්කින්.
දැන් කෝවිඩ් 19 ට එලියට එන්න එපා කියුවට ලන්ඩන් වල තට්ටු ගෙවල් වල මිනිස්සු පාක් වල පිරුන. ඒවා වල ඕන තරම් ඉඩ තියෙනවානේ. ගේ ඇතුලටම වෙලා හිටියම මිනිසුන්ට විශාදිය පවා හැදෙනව.
ඉතින්මේ ඔක්ටේවියා හිල් නිවාස 3000 විතර කලමනාකරණය කළා. එයට තේරුණා මේ නාගරික කම්කරු ප්‍රජාවට එලියට බැහැල ඇවිදින්න ඕනේ, හිරු එලිය විඳින්න ඕනේ, පිරිසිදු වාතාශ්‍රය ඕනේ කියල, සොබා දහමේ ඇවිදින මිනිසා සන්සුන් වෙනවා කියල තේරුනා.
එතකොට මේ පදනම පිහිටුවීමේ වටිනා අදහස රොබට් හන්ටර් ගේ. එසේම මෙතන නීතිමය පැත්ත ගැන කටයුතු කරන්න මොළය යෙදෙව්වේ ඔහු. මෙයා පටන් ගත්ත නීතිඥ සමාගමක් පොදු ඉඩම් අල්ලා ගැනීමේ හා සංවර්ධනය සඳහා යොදා ගැනීමේ ව්‍යාපාර වලට එරෙහිව සටන් කරන්න. ඒ කාලය වනවිට හාඩ්වික් පටන් අරන් තිබුන ලේක් දිස්ත්‍රික්කය හෙවත් එංගලන්තයේ වැව් බැඳී රාජ්‍යය සංරක්ෂණය කිරීමේ සංවිධානය කියල එකක්.
ඊට පස්සේ 1899 දී එයාලගේ ප්‍රධාන ආයෝජනය කරනවා
විකන් ෆෙන් කියන විශාල මුතුරාජවෙල වගේ රක්ෂිතය රැක ගන්න. ඒ තමා බ්‍රිතානයේ පරණම ස්වභාවික රක්ෂිතය. හෙක්ටයාර් 254.5 හෙවත් අක්කර 629ක්. ගොවිපළක්, සත්ව හා පැළෑටි සංරක්ෂණය වෙන ස්වභාවික වෙරළ තීරයක් (fenland), ගොහොරු බිමක් සහ බට පඳුරු සහිත භුමියක් මෙයට අයිතියි. මේවා අරගන්නේ යාළුවො එකතු කරලා දෙන සල්ලි වලින්. මේ වනවිට මේ ව්‍යාපාරයට බොහෝ අය එකතු වෙනවා සහයෝගය දෙනවා.
රජයක් පත් වන්නේ රටක් සංවර්ධනය කරන්න. පාරවල් හැදීම, රේල් පාරවල් හැදීම, නගර සංවර්ධනය රජයක් විසින් කරන දේවල්. ඒවා නවත්වන්න අමාරුයි. එංගලන්තයේ කාර්මික විප්ලවයෙන් පස්සේ නාගරීකරණය අති වේගවත් වුනා.
නමුත් ඔබ මුදලට අරන් ඔබ විසින්ම රැක බලා ගන්නව නම් රජයකට ඇඟිලි ගහන්න බැහැ. ඔවුන් ඇඟිලි ගහන්න එන්නෙත් නැහැ, රොබට් හන්ටර් වටහා ගත්තේ ඒක.
1900 දී අයර්ලන්තයේ මෙම පදනමේ ශාඛාවට කන්ටක් කියන බලකොටුව ලැබෙනවා. මේ වෙනකොට තමන්ට කියල දරු මල්ලෝ නැති ධනවත් මහලු අය අන්තිම කැමති පත්‍ර මගින් ඉඩකඩම් මේ ව්‍යාපාරයට ලියල දෙනව. ඔව් එහෙම මිනිස්සු මේ රටවල ඉන්නවා.
තවත් හැරවුම් ලක්ෂයක් තමයි ලේක් දිස්ත්‍රික්කයේ, අපිත් ඊයේ පෙරේදා ඇවිදින්න ගිය බ්‍රන්ඩල්හෝ උද්‍යානය මිලට ගත්ත එක. ඒක ඩර්වෙන්ට් වෝටර් කියන පැත්තේ තියෙන්නේ. මේක බේරගන්න ඔවුන් නඩු දැම්ම. මුදල් එකතු කළා මහජනතාව ගෙන්. වික්ටෝරිය රැජිනගේ දුව ලුසියා විතරක් නෙමේ මිඩ්ලන්ඩ් වල කර්මාන්ත ශාලාවල කම්කරුවෝ පවා සල්ලි එකතු කරල දුන්න. අද මිනිසුන්ට ඇවිදින්න පුළුවන්වෙලා තියෙන ලස්සන උද්‍යානය සහ ජලාශ සංඛ්‍යාව බේරා ගත්තේ එහෙම.
රොබට් හන්ටර් 1907 දී පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්ත. නැෂනල් ට්‍රස්ට් (ජාතික පදනම) ට ජනතාව ගේ සුභ සිද්ධිය උදෙසා ජාතියේ වැදගත් පුරා විද්‍යාත්මක ස්ථාන සහ වනාන්තර ඇතුළු දේපල රැක බලා ගැනීමේ අයිතිය පැවරිය යුතුය කියල.
තවත් එක්කෙනෙක් ගැන මතක් කරලම ලිවිම නවත්වනවා. ඒ තමා හෙලන් බියට්‍රික්ස් පොටර් මහත්මිය . පීටර් රැබිට් කියන කතාව ලීවේ එයා . කර්තෘවරියක් වගේම
පරිසර වේදිනියක් . එයා 1905 දී හිල් ටොප් කියන 17 ශත වර්ෂයේ හදපු ගොවිපළ සහ නිවස මිලදී ගන්නවා. 1943 දී එයා මියයන කොට එයාගේ මුළු දේපල ඔක්කොම නැෂනල් ට්‍රස්ට් එකට දෙනවා.
ලේක් දිස්ත්‍රික්කයේ ජාතික උද්‍යාන කියන කොටස හැදෙන්නේ එහෙම. මේ පාර එන්න කලින් ඒකත් බලලම තමා ආවේ.
ඉතින් අද වෙනකොට ට්‍රස්ට් එකේ සාමාජිකයෝ මිලියන 5.6 ක් ඉන්නව. ඒ ගොල්ලන්ගේ සාමාජික මුදල් ලැබෙනවා. ස්වාධින උදව් කාරයන් 65000 ක් ඉන්නවා. රැකියාව කරනවා 14000ක්. යුරෝපයේ විශාලතම පරිසරය සංරක්ෂණය කිරීමේ පදනම තමා මේ. හෙක්ටෙයාර් 250,000 ක් හෙවත් අක්කර ලක්ෂ හයකට වැඩි ගොවිබිම්, වන රක්‍ෂිතයන් ප්‍රමාණයක් ආරක්ෂා කරනවා. හැතැප්ම 780 කවෙරළ තීරයක් අයත් කරගෙන රකිනවා. පන්සියකට වැඩිය පරණ ඓතිහාසික දේපල රැකගෙන තිබෙනවා. ඒ හැම තැනකටම මහජනතාව ට යන්න පුළුවන්.
හරිත පක්ෂය කියල දේශපාලන පක්ෂයක් හැදිලා ලෝකයේ පරිසරය, දේශගුණය බේරා ගැනීමට සටන් වදිනවා නේ. තරමක හොඳ වැඩක් වුනත් දේශපාලනික ක්‍රියාධරයන් පරිසරවේදීන් හැටියට පෙනී හිටලා වැඩ කරනකොට, මට හුඟක් දුරට පෙනිච්ච දෙයක් තමයි එයාලගේ ඒ වෑයම තමන් අයිති දේශපාලන පක්ෂයට සම්බන්ධ කරලයි තියෙන්නේ කියල. සමහර විට ඒ දේශපාලන පක්ෂයම බලයට ආවොත් අර සටන් කරපුවා මතකත් නැහැ. ඒ වගේම බලයේ ඉන්න රජය එතකොට ස්වභාවිකවම විරුද්ධ වෙනවා. අරගොල්ලන්ට විරුද්ධ වෙන්න ඕනේ නිසා. එයාලගේ අනුගාගමිකයන්ටත් සිද්ධ වෙනවා ඒ ස්ථාවරයම ගන්න. අකමැත්තෙන් වුනත්.
ඒ වගේම ෆේස්බුක් පෝස්ට් දහස් ගණන් හුවමාරු වුනා කියල කෙරෙන දේකුත් නැහැ, සෑඩ් (කණගාටුයි) කියල ලකුණක් දාල මාරුවෙන එක විතරයි නේ අපි කරන්නේ. ෆේස්බුක් එකේ තිබ්බ නම් ඔක්ටෙවියා හිල්, හඩ්වික් හා හන්ටර් එක්ක "හායි අනේ, බලන්න මේ කැළෑ කපන හැටි" කිය කියා ෂෙයාර් කරලා ඊළඟ පෝස්ට් එකට යයි, හොඳ වෙලාවට තිබිබේ නැත්තේ. එහෙම වුනා නම් අපි ඊයේ පෙරේදා ඇවිද්ද ලස්සන තැන් අද නැහැ.
ෆේස්බුක් පෝස්ට් දාන ඔක්කොම රුපියල් 1000 ගානේ දහසක් දෙනා රුපියල් දස ලක්ෂයක් එකතු කලොත්
ලුණුගල වගේ ලස්සන ගම් බේරා ගන්න පුළුවන්. ලංකාගම ඉඩම් මිලදී ගත්ත නම් ඒ වගේ පදනමකට ඒවා ඉබේම රැකෙනවා. ඔක්ටේවියා ල මුලින්ම කළේ මිනිසුන්ට උදව් කරන එක. ඒ මිනිසුන් වෙනුවෙන්ම තමා ඒ අය වන ගහණය බේරා ගන්න කටයුතු කළේ. ඒ එංගලන්තයේ ඒ කාලේ සිට අද දක්වා මිනිසුන්ට තේරුණේ ඒක.
ලේක් දිස්ත්‍රික්කයේ බැඳපු වැව වල් නැත කියා ඇනෝ මහතෙකු කියන නිසා මේක දැම්මේ. තල්මියර් වැව වික්ටෝරියානු යුගයේ හදපු එකක්.
මෙතැන යොමුව. අපි මෙතනට ගියා පළමු දවසෙම වගේ.
මුල් ලිපි:
....??????
ReplyDelete?????
Deleteවැව් -> බඳිනව
ReplyDeleteවිල් -> හැදෙනව
Lake District යනු වැව් බැඳී රාජ්‍යය නොවේ, විල්පත්තුව විය යුතුය.
එහෙමත් කියත හැකි. විල්පත්තුවේ වැව් නැහැනේ. ලේක් දිස්ත්‍රික්කයේ වැව් පුරවල අනුරාධපුරය , පොලොන්නරුව වගේ
Delete- Lake District ගියපු තවත් අය ඇතිනෙ මෙතන. ඒ අය දන්නවා එහෙ හැම තැනම තියෙන්නේ විල් මිස වැව් නෙවෙයි කියල. අනුරාධපුරේ තියෙන්නේ වැව් තමයි.
Delete- Lake district එකේ තියෙන්නේ වැව් නම්, කවුද ඒ වැව් බැන්දෙ ?
- විල්පත්තුව කියන පැරණි ප්‍රදේශ සීමාවත් (පත්තුව), අද විල්පත්තු ජාතික වනෝද්‍යානය කියන්නෙත් දෙකක්. වනෝද්‍යානය ඇතුලෙ විල් එහෙමට නෑ තමයි.
- මං හිතන්නෙ මෙතන තියෙන්නෙ සිංහල භාෂා දැනුම ගැන ප්‍රශ්නයක් මිස, Lake district එකේ තියෙන්නේ වතුර වලවල්ද කියන එක නෙවෙයි.
මගේ ෆෙච්බුක් එකේ ඉන්නවනම් තල්මියර් කියන වැව ගැන ලියල තියන එක බලන්න. https://www.facebook.com/ajithd//ගිය අඟහරුවාදා අපි ගියේ ලේක් දිස්ත්‍රික්කයේ කෙස්වික් අසල තර්ල්මියර් කියන වැව බලන්න. වැව හදලා තියෙනෙන් වික්ටෝරියානු යුගයේ. ඒ දවස් වල නැගීගෙන ආපු කර්මාන්ත සංවර්ධන වල උදව්වට . වැව වටේ ගිහින් අපහු මහා පාරට දාන්න යද්දී දැක්කේ පාර අඩි එකහමාරක් විතර වෙන්න යට වෙලා. ඊට කලින් අඩි කාලක ප්‍රමාණයක් යට වෙලා තිබුන තැනක් පහු කරන ආවත් මෙතනින් යන්න බැහැ . මගේ කාරෙකේ යට කොටස ගොඩක් පහතින් තියෙන්නේ. පිටි පස්සෙන් 4x4 ටැංකියක් ආවත් එයත් හරවාගෙන ගියා ආපහු. මට හිතුනේ බ්ලොග් ලියන රංගන කණ්ඩම්බි ගේ වාහනයට නම් මෙතනින් යන්න පුළුවන් වෙයි කියල. අපි ආපහු හරවාගෙන ආපු පාරේම ගියා තව පැය තුන් කාලක් විතර. හොඳටම වැස්ස. පාරට වතුර දානවා. මහා පාරට දැම්මම තමා වෙන රියදුරු මහතෙක් කීවේ ඒ පාරේ යන එක හොඳ නැහැ මේ දවස් වල . නාය යාම් වුනා ගිය අවුරුද්දේ කියල. එතකොට තමා අපට තේරුනේ පාරේ නැවතිලා බලන තැන් (view points) වහල තිබ්බේ ඇයි කියල. යන්තන් බේරුනා,//
Deleteඔබ නිසාම පින්තුර දෙකකුත් දානවා දැන්. හදපු වැවක්
Deleteහැබයි මම ඔය උඩ ටයිටල් එක දැම්මේ ඒ ගැන වැඩිපුර හිතල නෙමෙයි. eye catching එකක් වෙන්න. ගොඩක් වැව් එහෙම නම් විලවල් තමයි. විල කියන්න ස්වභාවික ජලාශ සහ වැව් කියන්නේ මිනිසා හදපුව නම්. ලේක් වල වැව් තුන හතරක් තියනවා. අනික්වා විල්. විල්පත්තුව කියන්නේ ගොඩක් විල් තියෙන නිසාද
Deleteලංකාවෙ මාධ්‍ය වලින් සහයෝගය නොලැබීම නිසා (සහ අනිකුත් දේශපාලන බලපෑම් නිසා) යටපත් වී ගිය නමුත්, මෙයට යම් තරමකින් සමාන ව්‍යාපාරයක් තමයි දේවානි ජයතිලක ලංකාගම වෙනුවෙන් ආරම්භ කරන්න ගියේ, නමුත් මේ FaceBook යුගයේ ඕව කරන්න බෑ තමයි.
ReplyDeleteDevani Jayathilake -woman Forest Officer who stopped State Minister Sanath Nishantha in his first attempt to destroy mangroves some time ago.
This comment has been removed by the author.
Deleteඒක තමයි මම දේශපාලන පක්ෂ ගැන කතා කලේ , දේවානි ගැන මම ෆේස්බුක් එකේ මතක් කළා ,ඔක්ටේවියා වගේ කියල. නමුත් ෆේස්බුක් එකේ ඒක ගැන හොඳ කියලා ඊට පස්සේ ඔක්කොම නතරවෙනවා. එතනින් ඉවරයි.
Deleteහුඟ දෙනා FB එකේ පෝස්ට් ෂෙයාර් කරන්නේ, ප්‍රතිචාර දක්වන්නේ හරියට කියවලාවත් නෙවෙයි. නැතිනම් හරියට තේරුම් අරගෙන නෙවෙයි වගේ.
ReplyDeleteඅපේ රටේ නම් පොදු ව්‍යාපාර - සමාජ සේවා කරන ගොඩක් අය ටික කාලෙකදී විකිණෙනවාත් නේද?
ෂෙයාර් කරන කතාව ලීවේ පැහැදිලි කරන්න. ඇයි මම පබ්ලික් දැම්මේ නැත්තේ කියල.
Delete//අපේ රටේ නම් පොදු ව්‍යාපාර - සමාජ සේවා කරන ගොඩක් අය ටික කාලෙකදී විකිණෙනවාත් නේද?// ඒක ඇත්ත. කරන්න බැහැ . දේශපාලකයෝ කොහොම හරි රිංගනවා. ඊට පස්සේ ඉවරයි.
thanks
ReplyDelete