මා සිතන ආකාරයට නොයෙකුත් වනපෙත් බේරා ගැනීමට හෝ සොබා දහම රැකීමට දහස් ගණන් ෆේස්බුක් පෝස්ට් දැමීමෙන් කිසිදු පලක් නැත. ඒ වෙනුවට කළ යුත්තේ මිනිසුන්ට සොබා දහමේ සුන්දරත්වය පෙන්වීම පමණි. සොබා දහමේ සුන්දරත්වය දන්නා , එය විඳින තැනැත්තා හා ඒ සමග සහජීවනයෙන් ජිවත්වන තැනැත්තා එය විනාශ කරන්නට කටයුතු නොකරයි.
කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Thursday, 10 September 2020
ලේක් දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ස්කේල් ෆෝස්
මා සිතන ආකාරයට නොයෙකුත් වනපෙත් බේරා ගැනීමට හෝ සොබා දහම රැකීමට දහස් ගණන් ෆේස්බුක් පෝස්ට් දැමීමෙන් කිසිදු පලක් නැත. ඒ වෙනුවට කළ යුත්තේ මිනිසුන්ට සොබා දහමේ සුන්දරත්වය පෙන්වීම පමණි. සොබා දහමේ සුන්දරත්වය දන්නා , එය විඳින තැනැත්තා හා ඒ සමග සහජීවනයෙන් ජිවත්වන තැනැත්තා එය විනාශ කරන්නට කටයුතු නොකරයි.
4 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteතැන්ක්ස් , ස්තූතියි , ස්පසිබා
Delete//ෆේස්බුක් බිත්ති වල නිතර නිතර චීන ජාතිකයන් අසීරු කඳු තරණය කරමින් තමන් සිටින ගම වලින් නගරයට එන පින්තුර හා වීඩියෝ හුවමාරු වේ. නමුත් අපට ඉදිරියෙන් ගිය චීන ජාතික පවුලක් මදක් දුර ගොස් මඩ හා වතුර පිරි මාර්ගයේ දැක ආපසු හැරී ගියහ.//
ReplyDeleteමේක කියෙව්වාම මට කලකට පෙර සිදු වූ සිද්ධියක් මතක් උනා. අපි තස්මෙනියාවේ සංචාරයක යෙදී ඉන්න විට එක්තරා දිය ඇල්ලක් බැලීමට ගියා. ඒක ඒ නගරයේ සංචාරක ආකර්ෂණ නැරඹීමේ මාර්ගයේ සඳහන් කර තිබුන එකක්. එදා උදේ හිටන්ම අපි ගිය හැම තැනකටම ප්‍රංශ සංචාරක කණ්ඩායමක් ආවා. (මේ සංචාරක ආකර්ෂණ වලට නියමිත ගමන් මාර්ගයක් තියන නිසා හැමෝම එකම මාර්ගය අනුගමනය කරනවා) අපි ඔවුන් සමග කතාබහ කර දැන හැඳින ගත් අතරම ඔවුන්, අප පසු පස හෝ අප, ඔවුන් පසු පස මේ සංචාරය සිදු කළා. එවකට කුඩා දැරියක් වූ මගේ දියණිය, ඇයගේ සපත්තුවේ සිටි කුඩැල්ලෙකු දැක (ඇය ඒ දක්වා කුඩැල්ලෙකු දැක තිබුනේ නැහැ ) ගමන නවතා ඒ ගැන පරීක්ෂා කළා. මටත් මගේ බිරිඳටත් කුඩැල්ලන් අමුතු සතුන් නොවූ නිසා අපි (අපි කිව්වාට මම ) ඒකාව අල්ලා ගෙන ඒ සතා ගැන දරුවන්ට කියා දුන්නා. එතකොටම අර කියූ ප්‍රංශ කණ්ඩායමේ කෙල්ලෙක් ඒ කැලෑ පාරේ ඈවිත්, අපි මේ කරන දේ ගැන උනන්දුවෙන් බලලා මගෙන් විස්තර ඇහුවා. මේ සත්තු මොක්කුන්ද , කරන්නේ මොනවද කියලා අහපු එකට මගේ උත්තරය උන "එවුන් ලේ උරා බොනවා" කියන කියමන ඇහුන ගමන්ම ඒ කෙල්ල මට නොතේරෙන (ප්‍රංශ වෙන්න ඇති) භාෂාවකින් මොනවාදෝ කියමින් ආපසු හැරී දුව ගියා. කෙසේ හෝ ඇය, ඇගේ මුළු කණ්ඩායමම, ලේ උරා බොන භයානක සතුන් ඉන්නා නිසා මේ දිය ඇල්ල බැලීමේ අදහස අත් හැරවා ආපසු ගෙනගොස් තිබුන බව දැනගත්තේ දින කිහිපයකට පසු ඔවුන් නැවත මුණ ගැසුන විට දීයි.
ඒක මාරයි. ටස්මෙනියාවේ කූඩල්ලෝ ඉන්නවා කිව්වහම පුදුමයි. නිවර්තන කලාපීය රටවල් විතරයි ඉන්නව කියල හිතුවේ. "ලේ උරා බොන භයානක සතුන්" ඔහොමත් භය කරනවද මිනිසුන්ව මම අහන්නේ ඈ ? හේ හේ
Delete