Friday, 12 February 2021

සමනළ වැව කාන්දුව

සමනළ වැව කාන්දුව 
කාන්දුව ඇරඹුන  ස්ථානය 


පසුගිය දිනක බ්ලොග් අඩවියක  ජල විදුලි බලාගාර පිලිබඳ ලිපියක් පළවිය. එහිදී මම  සමනලවැව ජල විදුලි බලාගාරයේ ජල කාන්දුව පිළිබඳව  සඳහනක් කලෙමි. ඒ ගැන විස්තරයක් සපයන්නට මා පොරොන්දු නිසා තව දුරටත් සොයා බැලීමක් කලෙමි.

මෙසේ  සොයද්දී  ලංකාවේ පළමු සුළඟින් ක්‍රියාත්මක වන පුනර්ජනනීය විදුල බලාගාරය මන්නාරම දී අගමැතිතුමා අතින් මෑතකදී විවෘත  වූ බවට පුවතක් දුටුවෙමි. මෙය ඉතා සාවද්‍ය පුවතක්  බව හොඳින් දනිමි. මා එසේ කියන්නේ අපේ විශ්ව විද්‍යාලයේ (මොස්කව් විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලයේ)  උගත් හේමාලි සෙනෙවිරත්න (nee කරුණානායක )   ලංකාවේ පළමු සුළඟ මගින් විදුලිය ජනනය කරන  විදුලි බලාගාරයේ (pilot project) භාර විදුලි ඉංජිනේරුවරිය ලෙස රැකියාව කල හෙයිනි. එය පිහිටා  තිබුනේ හම්බන්තොටය. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය මගින් මෙය ස්ථාපිත කෙරුනේ  (commissioned) 1999 දීය. එකකින්  කිලෝවොට් 600 උත්පාදනය කරන  සුලන් ටර්බයින් පහක් මෙහි තිබුණි. (මුළු උත්පාදනය මෙගාවොට් තුනකි)( five NEG Micon M1500-600 wind turbines of 600 KW each. )  . එසේනම් එයට සිදුවූයේ කුමක්ද? හම්බන්තොට සෑහෙන ඉඩම් ප්‍රමාණයක් චීනයට වසර 7-8 කට කලින්  බදු දෙන ලදී. ඒ බදුදෙන ඉඩම් වලට CEB එකට අයත් බලාගාරය පිහිටවා තිබුණු ඉඩමද ඇතුලත් විය. මෙහි ප්‍රතිඵලය වූයේ  ශ්‍රී  ලංකා විදුලි මණ්ඩලයට විශාල මුදලක් චීන සමාගමට කුලිය වශයෙන් ලංකාවේම ඉඩමකට ගෙවන්නට සිදුවීමයි.එය අවාසි සහගත හෙයින් මේ කුඩා බලාගාරය අත හැර දමන්නට ඇත.  
සමනල වැව  බලාගාරය ඉහල සිට බලන විට 

සමනල වැව ජල විදුලි  බලාගාරයක් පිහිටවීම පිළිබඳව මුල් අදහස ඉදිරිපත්  කෙරුනේ සිරිමා බණ්ඩාරනායක රජයටය. ඒ සඳහා කල ශක්‍යතා අධ්‍යනය සෝවියට් භූ විද්‍යාඥයන්  හා ඉංජිනේරුවන් ගේ ආධාරයෙන් කරන ලදී. සෝවියට් වරු ජල විදුලි බලාගාර සැදීමේ දක්ෂයින්  හෙයින් (සයනා සුශේන්ස්කයා මෙගාවොට් 6000, ක්‍රස්නයර්ස්ක් මෙගාවොට් 6000, අස්වාන් වේල්ල)  මේ ගැන මට සැකයක් නැත. සෝවියට් විද්‍යාඥයන් සමනලවැව අවට හුණුගල් සහිත පස නිරීක්ෂණය කළ අතර වේල්ලක් බැඳ  ජලය විශාල ප්‍රමාණයක් එකතු වුන හොත් හුණුගල් පස තුලින් ජලය කාන්දු  විය හැකි බැවින් එතැන බලාගාරයක් තැනීම නුසුදුසු බවට නිගමනය කළහ. 

නමුත් ජයවර්ධනය රජය යටතේ 1986 දී සමනල වැව වේල්ල හා බලාගාරය ඉදි කිරීමට  දේශපාලන තීන්දුවක් ගන්නා ලදී. එහි හරි වැරැද්ද  කෙසේ වෙතත් අද ශ්‍රී  ලංකාවට  අවශ්‍ය විදුලි බලයෙන් විශාල ප්‍රමාණයක් සමනල වැව බලාගාරයෙන් ජනනය වෙයි. මේ යෝජනා ක්‍රමයට  අඩු පොලියට ණය මුදල සපයන ලද්දේ ජපාන හා බ්‍රිතාන්‍ය රජයන් විසිනි. 

කාන්දුව ඇරඹුන  ස්ථානය 

කාන්දුවන ජලය පිටතට යන මාර්ගය 



සමනල වැව වේල්ල මීටර 100 පමණ උස වන අතර දිගින් මීටර් 530කි . ජල ධාරිතාවය කියුබික් මීටර් මිලියන් 218ක් පමණ වේ.  ජලය පිරවෙන විට ජල කාන්දුව සෝවියට් විද්‍යාඥයන් කී  ලෙසම පටන් ගැනුනි. බලාගාරය හා කාන්දුව ගැන වැඩි විස්තර අපිතොපි බ්ලොගයෙන් කියවන්න. නැත්නම් විකිපෙඩියා යොමුවට යන්න.  

මුලින්ම මේ කාන්දුවන  ස්ථානයෙන් දුර්වල ස්ථානයක  පස බිඳගෙන ජලය එලියට පැමිණ ඇත. වතුර ලීටර 2100 පමණ කාන්දුවෙන  අතර ඒ දකුණු ප්‍රදේශයේ සුළු වශයෙන්  පස නාය යාමද සිදු වුනි. නමුත් ජලාශයේ විශාලත්වය නිසා ජල විදුලි ජනනය අඩුවීමට එය බලපෑවේ නැත. සමනල වැව ප්‍රධාන බලාගාරයේ මෙගාවොට් 62 ටර්බයින්  දෙකක් තිබේ. එහි  මුළු ධාරිතාවය ඒ අනුව මෙගාවොට් 124කි. 

 එකම ප්‍රශ්නය කාන්දුව විශාලවී මුළු ජල කඳ එතැනට යොමුවී පැත්තක් බිඳී  යාමේ තර්ජනයයි. නමුත් විදුලි බල මණ්ඩලය විසින්  නොයෙකුත් උපක්‍රම  භාවිතා කරමින් කාන්දුව වසන්නට උත්සාහ  කළහ.  පස් හා විශේෂිත මැටි වර්ගයක් පිරවීම මින් ප්‍රධාන තැනක් ගති. නමුත් මේවායින් කාන්දුවේ  නැවැත්වීමක් සිදු නොවුනි. මින් ප්‍රධාන බලපෑමක් සිදු වුනේ පහල නිම්නයේ කෘෂි  කාර්මික කටයුතු වලටය. ඒවාට ජලය මද විය. වෙනම සොරොව්වක් (IRV ) මගින් කෘෂිකාර්මික ජලය මුදා හැරීමට තිබුනද කාන්දුව නිසා මුදාහරින ජලය  අඩුවන බව පෙනී ගියේය. 




කාන්දුව ඇරඹුන ස්ථානය 

අප 2018 දී ගිය වෙලේ දැනගත්තේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්  ඒ සඳහා ඉතා හොඳ විසඳුමක් ඉදිරිපත් කර තිබෙන බවයි. ඒ නම් එම කාන්දුවන ජලයේ ප්‍රධාන ස්ථානයක් තෝරා  එම ජලය වෙනත් පිටත් මාර්ගයක් මගින් (exit) මගින් තවත් කුඩා ජල විදුලි බලාගාරයකට එය යොමු කිරීමයි. (උඩම පින්තූරය හා පහල පින්තූර) මෙයින්  එම කාන්දුවන ජලය  මගින් විදුලිය උපද්දවා එය ද ජාතික පද්ධතියට එකතු කරන ලදී. මෙය මෙගාවොට් 1.2 පමණ අඩු අගයක් ඇති කුඩා විදුලි බලා ගාරයකි . 
එසේම එයින් කිසියම්  ප්‍රමාණයකට කාන්දුව පාලනය කිරිමටද හැකි විය. එයට හේතුව කාන්දු වන ස්ථානය අවට  හුණු ගල් , වැලි හා පස්  ජලය සමග ඇදගෙන ගොස් එම වටප්‍රමාණය විශාල වන අවදානම මෙයින් පහවගොස් ඇති බැවිනි.    එය එසේ නමුත් වෙනත් තැනකින් කාන්දුවක් මතු වේදැයි  සොයා බැලීමට ඉංජිනේරුවන් නිතර විමසිල්ලෙන්  සිටිති.

එවකට සිටි මහවැලි ඇමතිවරයා  විදුලි ඉංජිනේරුවන්ගේ අදහස් ද විමසා සමනල වැව  යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ගැන ඔහුට දොසක් කිව නොහැක්කේ එමගින් ජනනය කරන විදුලි බලය නොවන්නට ශ්‍රී ලංකාවේ  විදුලි අර්බුදය තවත් උග්‍ර වන්නට ඉඩ තිබූ  නිසාවෙනි. 

විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් හෝ ඒ ගැන දන්නා අය මේ ලිපියේ කරුණු වල වරදක් ඇත්නම් ප්‍රතිචාරයක්  මගින් දන්වන්න.
















39 comments:

  1. වටිනා විස්තර ටිකක් දැනගත්තා. ස්තුතියි.

    //මෙයින් එම කාන්දුවන ජලය මගින් විදුලිය උපද්දවා එය ද ජාතික පද්ධතියට එකතු කරන ලදී. එසේම එයින් කිසියම් ප්‍රමාණයකට කාන්දුව පාලනය කිරිමටද හැකි විය.//

    ඔය කියන කාන්දුව විශාල වීමේ අවදානම තියෙද්දීත්, ඒකෙන් තවත් ටර්බයින් එකක් දුවවනවා කියන්නේ, මේ කාන්දුව නැවත්වීමට හෝ අඩු කිරීමට දැන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා බව නේද?


    //එවකට සිටි ඇමතිවරයා විදුලි ඉංජිනේරුවන්ගේ අදහස් ද විමසා සමනල වැව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ගැන ඔහුට දොසක් කිව නොහැක්කේ එමගින් උපද්දවන විදුලි බලය නොවන්නට ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදය තවත් උග්‍ර වන්නට ඉඩ තිබූ නිසාවෙනි.//

    දේශපාලන තීන්දු ගත්තා උනාට, ඇමතිවරයා (පී දයාරත්න) විදුලි ඉංජිනේරුවෙක් නිසා මේ ව්‍යාපෘතියේ වාසි අවාසි පිළිබඳව හොඳින් දැන සිටියා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මම තව වැකියක් එකතු කළා . සිදුර විශාල වීමේ අවදානම අඩුයි මෙහෙම පාලනයකින් ජලය පිට කලහම.
      දයාරත්න නෙමේ තීන්දුව ගත්තේ මහවැලි ඇමති ගාමිණී දිසානායක,මම නම් ලිව්වේ නැත්තේ දේශපාලනඥයෝ උලුප්පනවා කියල චෝදනා කරයි කියල.

      Delete
  2. ලිපියේ මාතෘකාව දුටු විගස මෙහි පැමිණියේ සැලකිය යුතු යමක් දැන ගැනීමේ පිපාසයෙන්. ගොසිප් සයිට් වලට ට්‍රැෆික් ගේන්න දාන ඇඩ් වගේ. ධර්මකීර්තිගේ ලිපියේ කිසිවක් නැහැ.

    1)ජල කාන්දුව වෙන තැන විස්තර, පින්තුර නැත.

    2)ජල කාන්දුව නිසා නාය යාම් සිදු උනේ කෙසේද?

    3)ජල කාන්දුව ඉවුරේ සිදුවන්නේ නම්, මුළු ජල කඳ එතැනට යොමුවී බිඳී යාමේ තර්ජනයක් ඇති වන්නේ කෙසේද?

    4)ජලාශයේ විශාලත්වය නිසා ජල විදුලි ජනනය අඩුවීමට එය බලපෑවේ නැතිමුත් කෘෂිකාර්මික කටයුතු සදහා ජලය හිගවූයේ ධාරිතාව මදිවූ නිසා බව ලිපියේ සදහන් වේ. තරමක පරස්පරතාවයක් ඇත. අනෙක නම් ශ්‍රී ලංකාවේ ඕනෑම ජලාශයක ජලය නිකුත් කිරීමේදී මුලික කරුණ වන්නේ කෘෂිකර්මය සදහා ජලය නිකුත් කිරීමයි. ඉන් පසු විදුලිය නිපදවීම වැනි අනෙකුත් දෑ සදහා ජලය නිකුත් කරනු ලැබේ.ඒ ගැන නොදන්නේද කීර්ති?

    5)'අප 2018 දී ගිය වෙලේ දැනගත්තේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඒ සඳහා ඉතා හොඳ විසඳුමක් ඉදිරිපත් කර තිබෙන බවයි. ඒ නම් එම කාන්දුවන ජලයේ ප්‍රධාන ස්ථානයක් තෝරා එම ජලය වෙනත් පිටත් මාර්ගයක් මගින් (exit) මගින් තවත් කුඩා ජල විදුලි බලාගාරයකට එය යොමු කිරීමයි. (උඩම පින්තූරය හා පහල පින්තූර ) මෙයින් එම කාන්දුවන ජලය මගින් විදුලිය උපද්දවා එය ද ජාතික පද්ධතියට එකතු කරන ලදී. '
    මේ කාරණය ගැන වැඩි විස්තරාත්මකව තිබුනා නම් අගනේය. මෙහි ඇත්තේ අන්ධයෙක් අලියෙක් ගැන සිදුකරන විස්තරයක් වැන්නකි.

    ReplyDelete
    Replies
    1. //1)ජල කාන්දුව වෙන තැන විස්තර, පින්තුර නැත.//මං හිතුව ඒක තේරෙයි කියල උඩ පින්තුරය් දැම්මහම . කෙලින්ම නොකිය නොතෙරෙනේ අය ඉන්නවා කියල තේරුන නිසා ඔන්න කැප්ෂන් එක දැම්ම
      2)ජල කාන්දුව නිසා නාය යාම් සිදු උනේ කෙසේද? පස පහලට තල්ලු වෙනකොට සම්පුර්න නායයාමක් වෙන්න කලින් නවත්ත ගත්ත කියලයි මම දන්නේ , ඉන්පසු ඒක වෙන්න කලින් වතුර ගලා යන්න ඉඩ දුන්න කියල
      අනෙක නම් ශ්‍රී ලංකාවේ ඕනෑම ජලාශයක ජලය නිකුත් කිරීමේදී මුලික කරුණ වන්නේ කෘෂිකර්මය සදහා ජලය නිකුත් කිරීමයි. ඉන් පසු විදුලිය නිපදවීම වැනි අනෙකුත් දෑ සදහා ජලය නිකුත් කරනු ලැබේ.ඒ ගැන නොදන්නේද කීර්ති?
      සමනල වැව හැදුවේ විදුලිය නිපදවන්න මිසක් කෘෂිකර්මය ඉස්සරහට දාල නෙමෙයි ද . ඔය විකිපෙඩිය ලින්ක් එක කියවන්න
      මේ කාරණය ගැන වැඩි විස්තරාත්මකව තිබුනා නම් අගනේය.-සමහර ගත්ත පින්තූර දාන්නත් බැහැ . සමහර විස්තර ලියන්නත් බැහැ . පුළුවන්තරම තමයි ඔය ලිව්වේ. පුළුවන් පින්තූර ටික විතරයි දැම්මේ. මොකද මේක තවම අධි ආරක්ෂික කලාපයක් සහ අධි ආරක්‍ෂිත තැනක් නිසා.

      Delete
    2. Impact
      The project was planned as a single purpose hydropower project. Therefore, the effects on the agriculture and the environment of the area were taken into consideration very little during the development. Although an irrigational release valve (IRV) is there in the dam to supply water to the farmlands in the downstream areas, the yield and cultivable acreage has declined since the Samanalawewa project was commissioned.[9]

      However, the necessity to constantly release water for agriculture in the downstream areas was reduced due to the leak. Of the water released from the Samanala Dam for agriculture in the downstream areas, two-thirds is from the leak and only one-third has to be supplied via the IRV.[9]

      Delete
    3. 'සමනල වැව හැදුවේ විදුලිය නිපදවන්න මිසක් කෘෂිකර්මය ඉස්සරහට දාල නෙමෙයි ද . ඔය විකිපෙඩිය ලින්ක් එක කියවන්න '

      ඒක බලලාද කෘෂිකාර්මික කටයුතු වලටත් කලින් විදුලිය නිපදවීමට ජලය දෙනවා කියන්නේ ? රජයේ ප්‍රතිපත්ති වලම තියෙනවා කෘෂිකාර්මික කටයුතු වලට තමයි ඕනිම ජලාශයකැ ජලය නිකුත් කරන්නේ මුලිකවම කියලා. පහුගිය නියගේ කාලෙත් මතක ඇති. විදුලියද, කෘෂිකර්මයද කියලා තෝරාගන්න උනා. ගොවීන්ට ජලය දුන්නේ අන්තිමට. කීර්තීගේ දුර්වල කම තමයි ප්‍රයෝගික නොවීම.

      Delete
    4. රජය ප්‍රතිපත්තිවල ඕක තියනව කියල මම පිලි ගන්නවා. දැන් ඉතින් ඔයාම කියල තියනවනේ //හුගිය නියගේ කාලෙත් මතක ඇති. විදුලියද, කෘෂිකර්මයද කියලා තෝරාගන්න උනා. ගොවීන්ට ජලය දුන්නේ අන්තිමට// ඉතින් ඒක තමයි මමත් කියන්නේ. කෘෂිකර්මයට දෙන්න ඕනනම් ඔපමණ විශාල ජලාශයක් අවශ්‍ය නැහැ . සම්පුර්ණ නගරයක් යට කරලා, අවට සොභාවික පරිසරය වෙනස් කරලා , ජලය කාන්දු වෙන්න පුළුවන් කියල දැනගෙන, වගා බිම් යට කරලා ඕක කරන්න ඕනේ නැහැ. පොඩි ජලාශ ගඟේ අතුවල හදල ක්රිශිකරමයට් වතුර දෙන්න පුළුවන් සොබා දහමත් රැකගෙන. ඔතන් වුනේ ඒක නෙමෙයි නේ. මම ලියන්නේ ඇත්ත කතාව මිසක් මිනිසුන්ට කියන එක නෙමෙයිනේ. නැත්නම් මේ බ්ලොග් ලිපිය ලියන්න ඕනේ නැහැ. රජයේ වර්ෂන් එක කියනවනම්.
      කෘෂිකර්මයට අවුරුද්දට දෙතුන් වතාවක් අර වතුර විදිනවා හෙම පෙන්වල පත්තර වල යන්නේ. දැන් ඔය විදුලි බලාගාරවලින් ඉවතට යන වතුරත් ආපහු මහවැලි ගඟටම අතු ගංගා හරහා පස්සේ එකතු වෙනවනේ. කාන්දු ජලයත් එක්කම. ඒවායින් කොපමණ කෘෂිකර්මයට ගන්නවද? ඔයාට මොනවා හරි සංඛ්‍යා ලේඛන තියනවද ඒක එහෙමයි කියල. ඒවා දාන්න , මම පිලි ගන්නවා

      Delete
  3. ලිපියේ මාතෘකාව දුටු විගස මෙහි පැමිණියේ සැලකිය යුතු යමක් දැන ගැනීමේ පිපාසයෙන්. ගොසිප් සයිට් වලට ට්‍රැෆික් ගේන්න දාන ඇඩ් වගේ. ධර්මකීර්තිගේ ලිපියේ කිසිවක් නැහැ.

    1)ජල කාන්දුව වෙන තැන විස්තර, පින්තුර නැත.

    2)ජල කාන්දුව නිසා නාය යාම් සිදු උනේ කෙසේද?

    3)ජල කාන්දුව ඉවුරේ සිදුවන්නේ නම්, මුළු ජල කඳ එතැනට යොමුවී බිඳී යාමේ තර්ජනයක් ඇති වන්නේ කෙසේද?

    4)ජලාශයේ විශාලත්වය නිසා ජල විදුලි ජනනය අඩුවීමට එය බලපෑවේ නැතිමුත් කෘෂිකාර්මික කටයුතු සදහා ජලය හිගවූයේ ධාරිතාව මදිවූ නිසා බව ලිපියේ සදහන් වේ. තරමක පරස්පරතාවයක් ඇත. අනෙක නම් ශ්‍රී ලංකාවේ ඕනෑම ජලාශයක ජලය නිකුත් කිරීමේදී මුලික කරුණ වන්නේ කෘෂිකර්මය සදහා ජලය නිකුත් කිරීමයි. ඉන් පසු විදුලිය නිපදවීම වැනි අනෙකුත් දෑ සදහා ජලය නිකුත් කරනු ලැබේ.ඒ ගැන නොදන්නේද කීර්ති?

    5)'අප 2018 දී ගිය වෙලේ දැනගත්තේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඒ සඳහා ඉතා හොඳ විසඳුමක් ඉදිරිපත් කර තිබෙන බවයි. ඒ නම් එම කාන්දුවන ජලයේ ප්‍රධාන ස්ථානයක් තෝරා එම ජලය වෙනත් පිටත් මාර්ගයක් මගින් (exit) මගින් තවත් කුඩා ජල විදුලි බලාගාරයකට එය යොමු කිරීමයි. (උඩම පින්තූරය හා පහල පින්තූර ) මෙයින් එම කාන්දුවන ජලය මගින් විදුලිය උපද්දවා එය ද ජාතික පද්ධතියට එකතු කරන ලදී. '
    මේ කාරණය ගැන වැඩි විස්තරාත්මකව තිබුනා නම් අගනේය. මෙහි ඇත්තේ අන්ධයෙක් අලියෙක් ගැන සිදුකරන විස්තරයක් වැන්නකි.

    ReplyDelete
  4. වාක්‍ය කීපයක් repeat වෙලා නේද අජිත් අර දෙවෙනි පින්තූරෙන් පහල. 'සමනල වැව විදුලි බලාගාරය නැරඹීමට හේමාලි ගේ ආරාධනයෙන් මම පවුලේ උදවිය සමග ගියේ 2018 දීය'. ඒකම ආයිත් තියෙනවා අවුරුද්ද 2016 කියලා.

    (මේක කමෙන්ට් එකක් නෙවෙයි, typo එක ගැන කියන්න ලිව්වෙ. No need to publish)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලෝටස්. මම 2018 ගියේ. ළමයින්ට පෙන්වන්න කියල. මම මේක පලකලා කිසියම් හේතුවක් නිසා.ලෝටස් දන්නව කියල හිතුන නිසා ලියන්නේ. මගේ ක්‍රෝම් බ්‍රවසරේ ක්‍රෑෂ් වෙන්න ගත්ත. හරිම ලැජ්ජයි කියන්න පරිගණක ක්ෂේත්‍රයේ ඉඳලත් මේක තවම විසඳ ගන්න බැරිවුනා. වර්ක් ලැප්ටොප් එකේ සහ අනිත් ඒවල ප්‍රශ්නයක් නැහැ. නිවසේ වැඩ සඳහා තියෙන ඩෙස්ක්ටොප් එකේ බ්‍රව්සර් එක ක්‍රෑෂ් වෙන නිසා, සිංහල ටයිප් කරන එක්ස්ටෙන්ෂන් එකයි තව ඒවායි අයින් කළා . ඔපෙරා එක භාවිතා කරන්න ගත්ත. ඒකත් ක්‍රෑෂ් වෙනවා. මයික්‍රොසොෆ්ට් එජ් එකටත් ලෙඩේ බෝවෙලා. මැල්වෙයාර් චෙක් කළා, uninstall කරලා reinstall කළා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ගිහින් ස්කෑන් කරා කොරප්ට් ෆයිල් අයින් කළා. ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා ආයි හැදුව.
      ඔපරා සහ ගුගල් ක්‍රෝම් වෙන වින්ඩොව්ස් සහ ටැබ්ස් අරින නිසා ටාස්ක් මැනේජර් එකට ගිහින් ඒවා ඕෆ් කරනවා. (end task ) . දැනට එහෙමයි දුවන්නේ.

      නිව්ස් අරව මේවා කියවන කොට වැඩියි. ෆේස්බුක් කොමෙන්ට්, බ්ලොග් කියවල කොමෙන්ට් කරන කොට ක්‍රෑෂ් වෙනවා. ඔය අයින් කරපුව ආපහු ගුගල් ඉන්පුට් ටූල් එකේ ටයිප් කරලා දාල නිසා. ඊට පස්සේ ක්‍රෑෂ් වුනහම ඕක වෙනවා. එනිසා දිග ලිපියක් ලියන්න වත් බැහැ. දැනට එක්ස්ටෙන්ෂන් ඔක්කොම අයින් කරලා තමයි මේවත් ටයිප් කරලා දාන්නේ. තව කාට හරි වෙනවද

      Delete
    2. Windows ආයේ දාල බලන්න ... හෙහ් හෙහ් ...

      https://www.ccleaner.com/ මම ඕක පාවිච්චි කරනවා දැන් ගොඩක් කල් ඉඳල .. ක්ලීන් කරලා බලන්න

      Delete
    3. කලා නොවැ . එක්ස්ටෙන්ෂන් අයින් කරලා තමයි මේ තරමට වත් යන්නේ , SQL සර්වර් එකක් තියනව හදිසියට භාවිතා කරන. ඒකත් අද අයින් කරලා බලනව. 8GB රම එකක් තියෙද්දී මෙමරි ප්‍රශ්නයක් කියල හිතෙන්නේ නැහැ. ඒත ක්‍රෝම් එකක් කියන මෙමරි අඩුවුණා කියල.

      Delete
    4. පැතුම්, ඔය අදකුණු අත අත පැත්තේ තියෙන බ්ලොග් අඩවි වලට යන්න විධිහකුත් නැහැ. මුල් දහයට යන්න බැහැ . ඔයාගේ බිත්තිය එකටවත් මුලට ආවහම. ලින්ක් වැඩ කරන්නේ නැහැ. ඉතින් මම පහල තියෙන එකකට ගිහින් ඒවායේ ලින්ක් තියනවනම් තමයි යන්නේ. එකොන් ගේ බ්ලොගයට යන්නේ වෙන කාගේ හරි එකකට ගිහින්. නැත්නම් පරණ කොමෙන්ට් එකක ලින්ක් එකෙන්.

      Delete
    5. මට නම් හිතෙන්නෙ 8GB මදි ඇති.. Windows අලුතින් දැම්මට පස්සෙත් එනවා කියන්නෙ සොෆ්ට්වෙයා අවුලක් වෙන්න අමාරුයි නේද? මට නම් වැඩ කරන්න 16GB නැතුව බැහැ.. Development IDE එක එහෙම රන් වෙනකොට අනිත් ඒවට මෙමරි මදි වෙනවා.. Background services වලටත් නොදැනිම මෙමරි යනවා..

      Delete
    6. This is not my Work PC. I have no problem with that one. This is the Home PC. (BTW Both are at home he he). I also have a laptop and no problem with that. I think I am going to use the laptop and retire this PC.

      Delete
    7. ක්‍රෝම් එකයි ෆයර් ෆොක්ස් එකයි, බ්ලොගර් එක්ක මොකක් හරි අවුලක් තියෙනව කියල මට පේන්නෙ...

      Delete
    8. සමනල වැව ප්‍රොජෙක්ට් එකෙන් වැඩකරපු කම්කරුවෙක් උන්නා අපේ පැත්තෙ. උන්දැ ගෙනාව උදලු තලේකුයි, තඩි දඟර කම්බියකින් හදපු යකඩ ඉන්නකුයි වික්කා අපේ තාත්තට. උදලු තලේ ගෙනාවෙ, පපුවට තියලා බැඳගෙන, උඩිං කමිසෙ ඇඳගෙන.

      Delete
    9. මේ දවස්වල ක්‍රෑෂ් වෙන්නේ ඔපෙරා එක. මට පේන්නේ ගුගල් ඉන්පුට් ටූල්ස් වලිනේ නේ මම ටයිප් කරන්නේ සිංහලෙන්. නැත්නං එක්ස්ටෙන්ෂන් එකෙන්. ඒවා නිසා කියල.
      ලොකු අය ලොකු කුට්ටි වලින් ගන්න කොට පොඩි අයත් මොනවා හරි ගන්න එපාය

      Delete
    10. ඔය අවුල දැන් විසඳිලා නේද?
      පසුගිය දවස් කීපයේ මගේ බ්ලොග් අඩවියටත්, තව කිහිපයකටත් යන්න වුණේ ප්‍රොක්සි සයිට් එකක් හරහා. කමෙන්ට් කරන්නත් බැරිවයි හිටියේ. නමුත් දැන් එය හරි ගිහින්.

      Delete
    11. එහෙමද , එහෙනම් ඒක වෙන්නත් පුළුවන්. දැන් ටිකක් හරි. බ්ලොග් වලට යන්නත් පුළුවන් තමා

      Delete
    12. දැන් ක්‍රෑෂ් වෙන ප්‍රශ්ණෙ හරිද? වින්ඩෝස් සර්ච් බාර් එකේ Windows Memory Diagnostic කියල ගහලා චෙක් Memory කරන්න. සමහරවිට bad Memory වෙන්නත් ඇහැකි. 8gb කිව්වෙ එක Memory stick එකක්ද? වෙනම graphics card එකක් තියෙනවද? onboard graphics නම් Memory share වෙනවා.
      දැන් තියෙන 64bits OS/Apps වලට 8gb කියන්නෙ එච්චරම ලොකු ගාණක් නෙමෙයි. ඔව්, අවුරුදු ගාණකට කලින් නම් OK, ඒත් Windows, Browsers auto update වෙන නිසා දැන් specs වෙනස් වෙලා.

      Delete
    13. ගූගල් ක්‍රෝම් එක හරි ගියා. ඔය නිදි කියන එක උනාද නැත්නම් පැතුම් කියපු එකයි මම කරපු දේවල් නිසයි උනාද කියන එක ෂුවර් නැහැ දැන්. හැබැයි දුවගේ සයිනවුට් නොවිච්ච ප්‍රොෆයිල් ඩිලීට් කළා. තව ගොඩක් දේ කළා. //මහරවිට bad Memory වෙන්නත් ඇහැකි. 8gb කිව්වෙ එක Memory stick // යකෝ මේක මගේ හෝම් ඩෙස්ක්ටොප් එක. වර්ක් එකත් ගෙදරම තමා තියෙන්නේ. ඒකෙ රැම් එක 16GB . මේක 8 යි. මම ඉතින් ඉන්ටනෙට් යන්න , බ්ලොග් ලියන්න. ෆොටෝ බාන්න ඕවට විතරනේ මේක පාවිච්චි කරන්නේ. එනිසා ගානක් නැතිව හිටියේ. තව ලැපකුත් තියනවා. මේකේ මොනිටර්ස් දෙකක් දාල නිසාතියාගෙන හිටියේ. ලැප SSD හාඩ් ඩිස්ක් එකක් නිසා වැඩිය මෙමරියක් නැහැ. මේකේ තමාචැරිටි වැඩ, අනං මනං ලට්ට ලොට්ට. අලුත් එකක් ගන්න ඕනේ.

      Delete
  5. සමනළ වැව බලාගාරය ගැන මම කලකට පෙර වාර්තා වැඩසටහනක් කරා. කැමති කෙනෙක්ට එක මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. විනාඩි 30 ක වගේ එකක්.

    සමනළ වැව බලාගාරය

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් එකටත් එකතු කරන්නම්. බොහොම ස්තූතියි මේ වීඩියෝ එකේ ඇතුලේ විස්තර තිබෙනවානේ. හේමාලි මට ඇතුලේ පින්තුර දාන්න එපා කීව අධි ආරක්‍ෂිත කලාපයක් කියල. හේමාලි සෙනෙවිරත්න දැන් විදුලි බල මණ්ඩලයේ සෞඛ්‍ය සහ ආරක්ෂණය පිලිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණි.

      Delete
  6. හරිම වැදගත් සටහනක්. මේ විෂය නොදන්නා මම බොහෝ දේ ඉගෙන ගත්තා. ඔබ සදහන් කර ඇති තොරතුරු සහ වෙනත් තොරතුරු වලින් කඩිනම් මහවැලිය වැනි කලබල වැඩ සහ වැරදි දේශපාලන තීරණ සහ තීන්දු නිසා ලංකාව අපතේ යවා ඇති අවස්ථා සහ අතිවිශාල මුදල් ප්‍රමාණ ගැන දුක හිතෙනවා. ඇත්තටම හොද දැක්මකින් කටයුතු කරනවා නම් ලංකාවේ විදුලිය ජනනය සදහා තාප බලාගාර අවශ්‍ය නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. සමනල වැව ජල විදුලි ජනනය ව්‍යාපාරය වැරදි තීන්දුවක් හැටියට මම පිලි ගන්නේ නැහැ. කෘෂිකර්මයට බලාපොරොත්තු විධිහේ තල්ලුවක් ඒ පැත්තට නොලැබුනාට ඔය බලාගාරය නැත්නම් කොහොමට තියෙයිද දැන්. බේස් ලෝඩ් එකට ඕකෙන් දෙන සහයෝගය නැත්නම් .
      //ඇත්තටම හොද දැක්මකින් කටයුතු කරනවා නම් ලංකාවේ විදුලිය ජනනය සදහා තාප බලාගාර අවශ්‍ය නැහැ නේද ?// මමනම් මෙතැනදී බයස්. මොකද මම ඩිග්රි එකට අනුව තාප බලාගාර ඉංජිනේරුවෙක්. ආචාර්ය සියඹලාපිටිය මහත්මය මට ත්‍රිකුණාමලයේ හදන්න නියමිත බලාගාරයේ දත්ත සහ ප්ලෑන් එක දුන්න, ට්‍රේනින් ගිය වෙලාවේ . එතුමා හිටියේ ප්ලෑනින් සෙක්ෂන් එකේ මම හිතන්නේ එතකොට. මම ඩිසටේෂන් එකට කලේ ඒක . (1990-91). විදුලි බල මණ්ඩලය ඒ දවස්වල ඉඳන් ඕව හරියට සැලසුම් කරලා තිබුනේ. යුද්ධය සහ දේශපාලනය නිසා මග හැරුන දේ ගොඩක් තියනවා. යුද්ධය අවසාන වෙලා නොරොච්චෝලේ හැදුවේ ඒකනේ. හදන්න පටන් ගන්න සැලසුම් කරලා තිබුන 1992 විතර. හැදුවේ අවුරුදු 15-16 කට පස්සේ. තාප විදුලි බලාගාර තිබෙන්න ඕනේ දෙක තුනක් බේස් ලෝඩ් එකට. ඒ වගේම ගෑස් ඒවා ඉක්මනින් ෆයර් කරන්න පුළුවන් නිසා තියෙන්න ඕනේ හදිසි අවශ්‍යතා වලට. සුර්ය බල හා සුලන් බලය හැම වෙලේම නැහැ. ඒවා ස්වභාව ධර්මයට යටයි. නමුත් එංගලන්තේ, ජර්මනියේ වගේ ආණ්ඩුවෙන් මිනිසුන්ට ණය දීලා හැම නිවසකම පොඩි කර්මාන්තශාලා හෝටල් ආදියේ සුර්ය කෝෂ දානවානම් මේන් ග්‍රිඩ් එකට ලෝඩ් එක අඩු වෙනවා. එක වැදගත්. ජාල විදුලි බලාගාර හැම තනම හදන එකත් හොඳ නැහැ. ලාභයි තමයි නමුත් පරිසරයට බලපෑමක් ටිබෙනවනේ. අවට පරිසරය සහ ජෛව විවිධත්වය වෙනස් වෙනවා. ජාතික ප්‍රතිපත්තියක් අනුව කරන්න ඕනේ වැඩ. පරිසරයට හානිය අවම තැන්වල ජල විදුලි බලාගාර, ලස්සන ට බලපෑමක් නැත්නම් සුළං බලාගාර, හොඳට හිරු එලිය වැටෙන වෙන බව භෝග නැති තැන්වල සුර්ය පැනෙල් , ගෙවල් සහ සුළු කර්මාන්ත ශාලා වලට සුර්ය පැනෙල , එතකොට මුහුදෙ තරංග වැඩි තැන්වල තරංග බලාගාර , තව එක ගල් අඟුරු එකක් හදනවනම් හොඳයි. මම විරුද්ධ න්‍යෂ්ටික බලාගාර වලට විතරයි.

      Delete
    2. අජිත්, ඔබ න්‍යාෂ්ඨික බලාගාරවලට විරුද්ධ ඇයි?
      CP-C

      Delete
    3. මේ ප්‍රශ්නය කොහෙන් ආවද මන්ද. අද කෝල් එකක් ආව පැරණ යාළුවෙක් ගෙන්. ඔය ප්‍රශ්නෙම අහලා. මම චෙර්නොබිල් ගැන ලිව්වා එක දැක්කද? මම පොපියුලර් මතය හෙවත් සමාජවාදයේ වැරැද්දෙන් ඒක පිපිරුණා කියලම පිලි ගන්නේ නැහැ. ඒ ලිපි පෙළ බලන්නකෝ. https://kolambagamaya.blogspot.com/2019/08/3.html
      යාලුව කීවේ බලවත් රටකින් න්‍යෂ්ටික බලාගාරයක් හදන්න ඔක්කොම ආධාර දෙන්න හිටිද්දීත් ඇයි ලංකාව එපා කියන්නේ කියල.

      Delete
    4. ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික ලීක් එකෙන් පස්සේ, චෙර්නොබිල් වලින් පසේ ජර්මනිය සියලුම න්‍යෂ්ටික බලාගාර ඉවත් කලා . රුසියාව, පංශය, ජපානය, ඇමරිකාව රටවල් තවම ගෙනියනවා. තමිල්නාඩුවේ හදල තියෙන්නේ. ඒකත් භයානකයි.
      ලංකාව කුඩා වැඩියි. එක රිඇක්ටරයක් ඇති ඉතින් පලාතක් ඉවර කරන්න. ලොකු ඇති රටක මිනිසුන්ව මූදට දාන්නද
      රුසියාව සහ ප්‍රංශය කියනවා ආරක්ෂිතයි කියල. විකියේ ඕන තැනක කියනවා ආරක්ෂිතයි කියල. නමුත් ජර්මනිය වගේ රටක අර වගේ drastic තීරණයක් නිකම්ම නිකන් ගත්ත කියලද ඔබ හිතන්නේ

      Delete
  7. බොහොම තුති. ටිකක් කාර්‍යබහුල නිසා ලියන්න මිස් උනා. ලගදීම ඉතුරු ටිකත් මම ලියන්නම්.


    ජය වේවා.

    ReplyDelete
  8. අගේ ඇති සටහනක්. මමත් අහල තියෙන විදියට කාන්දුව කෙසේ වෙතත් ඕක හදපු එකෙන් ලංවිමට ලොකු වාසියක් මිසක් පාඩුවක් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලංවීමට ට නෙමේ රටටම වාසියි , ඕකත් නැත්නම් විදුලිය කපන්න් වෙනවා ඔයිට වැඩිය. ලංවිම පාඩු පිට දුවන්නේ රජයේ ආයතන හුඟක් මුදල් නොගෙවන නිසා කියල මම හිතන්නේ. නැතිව විදුලිය උපදවීම සහ විකිණීම පාඩු ලබන දෙයක් නෙමෙයිනේ.

      Delete
  9. වැදගත් ලිපියක් . බොහොම ස්තුතී ඔබතුමන් ට.

    ReplyDelete
  10. ලිපිය හොඳයි අනගියි තොරතුරු නියමයි
    මේවා කොහොම කිව්වත් සමහරු අන්ධයි
    රටට ඔබින හැටි මොකටද - වාසි තකයි
    දේශපාලනේ උගතුන්හට අකැපයි

    ReplyDelete
    Replies
    1. දේශපාලනේ කරන්නේ පන්තියේ අන්තිමට හිටි උන් කියල කව්දෝ කිව්වා මතකයි. අනේ මම පන්තියේ අන්තිමට උන් යාලුවන්ට අපහාසයක් කරන්න කැමති නැති නිසා ඒ කතාව පිලි ගන්නේ නැහැ. මට හැම දේශපාලන පක්ෂයක් ම එපා වෙලා තියෙන්නේ. අනික දේශපාලනයට, තමන්ට මුකුත් බලා පොරොත්තු නෙවි එන අය අඩුයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .