Sunday 28 February 2021

දැරියකගේ මිය යාම

දැන් මේක කරපු නූගත් ගැහැණිය පොලිසියෙන් අල්ලලාලු. ඒ ඇයි?

මම ඉල්ලා සිටිනවා  වහාම  ඒ ගැහැණිය නිදහස් කරන්න. අමනුෂ්‍ය බලවේගයක් තියනවා කියල ඒ කාන්තාව දේව පූජාවක් කරලනේ ඒක සනීප කරන්න.
ඒක පොඩ්ඩක් වැරදිලා. 
 නාථ දෙවියන්ට වකුගඩු රෝග හොයල දෙන්න පුලුවන්නම් , කාලි අම්මට කොරෝනා මර්දන පැණි හදල දෙන්න පුලුවන්නම්, බෝන් අගේන් දෙවියන්ට  ආදරණිය  ගායකයෙකු ගේ උගුර හොඳ  කරන්න පුලුවන්නම් (ගායකයා වෙන ආගමකට යාම ගැන ඇති ලේබල් සිංහල බෞද්ධ කල්ලියේ හොර  විරෝධය ගාවා නොගන්න), සෝවාන් කරවන්න ලක්ෂ දෙකක් ගන්න  සිවුරක් පෙරවාගත්    හාමුදුරු කෙනෙකුට පුලුවන්නම්,  මේ වැඩේ වැරදි ඇයි?
 අමනුෂ්‍ය බලවේගයක් අයින් කරන්න දේවාලෙකට ගිහින් පූජාවක් තියල ලෙඩේ සුව කරන්න  දෙවියෝ කියපු විධිහට ගහන්න   ඇති ?  අර අම්මත් බයට බලන් ඉන්න ඇති? 
එක පැත්තකින් අමනුෂ්‍යය බලවේගය. අනිත් පැත්තෙන් දේවාලේ ආඥාව.
 මෙයාව විතරක් අල්ලල  නඩු දාන්නේ ඒ අහිංසක ගෑනු ළමය මැරුණ  නිසාද? 
එහෙම නම් ඒ මරණයට වගකිව යුතු  ඔය කියන  අමනුෂ්‍ය බලවේගය නේද අල්ලලා හිරේ දාන්න ඕනේ.වරද වෙලා තියෙන්නේ එතනනේ. 
(පොලිසියේ අවධානයට)
එහෙම නැත්නම් ඔය ඉහත කී මිත්‍යාවන්  අනුමත කරලා ලියන මාධ්‍ය සෙට් එකත් අල්ලනවද?

 මේ ගැහැණු ළමයගේ මරණය පිළිබඳව මම චෝදනා කරන්නේ ලිබරල් වේශයෙන් ඉන්න හොරුන්ට, ද්වන්ධාත්මක දෙපිටකාට්ටු (හොර භෞතික)  වාදීන්ට සහ ලේබල් ආගම් කාරයන්ට. තමන්ගේ පාඩුවේ ආගමක් දහමක්  කරගෙන ඉන්න මිනිසුන්ට නොවේ.  ඒ මෝඩ ගැහැණියටත් නොවේ. 
මේවා වෙන්නේ අර නාතවාදී , කාලිවාදී , බෝන් අගේන් කාරයෝ  නිසා හා ඔවුන්ව වර්ණනා කරන මාධ්‍ය  නිසා  නොවේද? 

පුවත ගොසිප් ලංකා අඩවියෙන් 
https://www.gossiplankanews.com/2021/02/delgoda-girl-incident.html

20 comments:

  1. සැටිපිකට් ඇත්ත. අර පිලිමෙන් ලේ ගලනවා මේ පිලිමෙන් රුස් විහිදෙනවා කිව්වොත් එතැන පෝලිම් ගැහිලා. ලෝකේ දියුණු වෙන්න වෙන්න අපේ රටේ උන් මිත්‍යාවෙන් අන්ධවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි . ඒවත් දාන්න ඕනේ මෙතෙන්ට. ඔය හොර බුද්ධාගම

      Delete
  2. ඇත්තට කොහොමද මුහුණ පාන්නේ
    කවුරුද එතකොට පිහිටට ඉන්නේ
    බලේ ඉන්න දෙවි අපට කෙළින්නේ
    පණ නැති දෙවිවරු හොඳයි හිතෙන්නේ

    නූගත් මෝඩයො දක්කනු පහසුයි
    ටක් ගලා රවටන්නත් ලෙහෙසියි
    රටකට ඕනිම එහෙම උදවියයි
    උන්ට සදාකල් අබ සරණේමයි!

    ReplyDelete
    Replies
    1. දෙවිවරු ඉන්නවද නැත්ද දන්නේ නැහැ , නමුත් ඒවා උද දාන්න ගියහම වෙන අතුරු පල

      Delete
  3. jagath Pathirana1 March 2021 at 07:51

    අජිත් පැරකුම් කියන ප්‍රභාකරන් (හිරු) කණ්ඩායමේ හිපු සාමාජිකයා
    තම සිංහල බෞද්ධ වෛර පිරිමසාගන්න මෙම සිද්ධිය සහ නලීන් ද සිල්වා ගලපා ලියා ඇති ලිපියගැන ඔබේ මතය කෙබඳුද?

    ReplyDelete
    Replies
    1. ලිපිය කොහෙද තියෙන්නේ

      Delete
    2. http://praja.lk/life/%e0%b6%b1%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b7%8f-%e0%b7%86%e0%b7%8f%e0%b6%bd%e0%b7%92/

      Delete
    3. අජිත් ප්‍රභාකරන් සමග එක්ව හිටිය කියන්න අමාරුයි. අනික හිරු කියන්නේ ජේවීපී එකක්නේ. ඒ ගොල්ල ජේවීපී එකට විරුද්ධයි. ඒකෙ ඔයකගේ අයත් හිටියනේ. විමල් විරවංශ මැතිඳු, ඩලස් අලහප්පෙරුම මැතිඳු හෙම . සිනහල් බෞද්ධ වයිරයක් මම දන්නේ නැහැ. හැබැයි මම එකඟයි . මම ඔය උඩ ලියල තියෙන්නෙත් ඒකම තමයි. අවිද්‍යාව අත ඇරලා දැම්මේ නැත්නම් මේ වගේ සිද්දි වැඩි වෙන එකයි වෙන්නේ. බුදු හාමුදුරුවෝ නොයෙකුත් වතාවල ඒක කියල තියනවා. බුදු හමුදුර්වෝ දෙවියන්ට වැඩිය උසස් කියල තමා බුද්ධාගමේ තියෙන්නේ.

      Delete
  4. මෙහෙ ආගම් කියලත් කරන දේවලින් හුඟක් ඕවා තමයි .
    පිස්සුවේ හා භයානකබවේ අඩු වැඩිවීම විතරයි වෙනස් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පිස්සුව පාලනය කරගන්නයි ඕනේ

      Delete
  5. 1700 ගණන් වනවිට අරාබි රටවල්වල ඔයවගේ මිත්‍යා විශ්වාස දරුණු විදියට පැතිරිලා තිබුනා.
    වහාබි තුමාට පින්සිද්දධ වෙන්න ඒ ප්‍රශ්ණ දැන් සෑහෙන්න විසඳිලා.

    ලංකාවෙත් තව්හිද් ජමාත් සංවිධානය සක්‍රීයව තිබුනු කාලේ මේ වගේ දේවල් වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. වහබිවාදය කියන්නේ අන්තවාදී ආගමක්. ඒකෙත් ඉන්නේ දෙවියන් වහන්සේ. එනිසා ඒ අගමැ මිත්‍යාවක්. එක නිසා මිත්‍යා නැතිවුනා කියන්නේ ඔක්සිමොරොන් එකක්.
      //
      ලංකාවෙත් තව්හිද් ජමාත් සංවිධානය සක්‍රීයව තිබුනු කාලේ මේ වගේ දේවල් වුනේ නෑ.// නිකන් බොරු නොකිය ඉන්නව හලෝ. ඔයා කියන්නේ ත්වහිඩ් එකට වර්තමාන ජනාධිපති උදව් කලේ එනිසා කියලද? LTTE එකට විරුද්ධව ඔත්තු දෙන්න එයල්ව් ගත්තෙත් ඒකද

      Delete
  6. පොල්පොට් මිනී මැරුවට කාල් මාක්ස් පලිද?
    මුස්ලිම් කට්ටඬි හාමිනේ කෙනෙක් අතින් ලෙඩෙක් මලාට නලීන් ද සිල්වා පලිද?

    ReplyDelete
    Replies
    1. පොල්පොට් මිනී මැරීමේදී මාක්ස් ගේ සම්බන්ධයක් තියනවා. මාක්ස් මූලික සමාජය කොමියුනිස්ට් සමාජයක් කීව එක පොල්පොට් තේරුම් ගත්ත හැටි තමයි ඒ ..
      මුස්ලිම් කට්ටඩි සිංහල කට්ටඩි කියල නැහැ මෝහයෙන් මුල වෙච්ඡ දරුවෝ.කට්ටඩි කියන්න කට්ටඩි. කට්ට අඩි එච්චරයි. සිංහල බෞද්ධ කියල එකක් නැහැ වගේ තමයි. බෞද්ධ - සිංහල ජාතිය, බුරුම ජාතිය, තායි ජාතිය ලාඕස ජාතිය මිසක්

      Delete
  7. දොස්තර කෙනෙක් අතින් සැත්කමක් වැරදිලා ලෙඩෙක් මලොත් බටහිර වෙදකමට බනිනවද?

    මේ කට්ටඬි ගෑණි මීට කලින් මේ වගේ වරඩ කරලා තියෙන්න ඇති. එව්වා හරි යන්නත් ඇති.
    එකයි වැරදුනේ.
    සමහරවිට මේ පාර කෙල්ලට ආවේස වුන යකා කපටියෙක් වෙන්න ඇති. ඌ සැලසුම් කරන්න ඇති කට්ටඬි ගෑණි අතින් කෙල්ල මැරෙන්න සලස්වලා ගෑණි හිරේ යවන්න. ඔයවගේ කතාවක් උම්මග්ග ජාතකේ තියෙනවා මතක හැටියට ඒකට කියන්නේ “රථ ප්‍රශ්නය“ කියලා. එතනදි මහෞෂධ පඬිතුමා සක්‍ර දෙයියන්ව රවට්ටනවා.

    ReplyDelete
    Replies
    1. //දොස්තර කෙනෙක් අතින් සැත්කමක් වැරදිලා ලෙඩෙක් මලොත් බටහිර වෙදකමට බනිනවද?// දොස්තර සල්ලි ගෙවන්න ඕනේ රක්ෂණය හරහා , බටහිර වේදක 100% සාර්ථක එකක් නෙමේ. ඒකෙන් මිනිස්සු මැරෙන්න පුළුවන් අසාත්මිකතා නිසා. ඒවාට වගවීමක් තියෙනවා. දෙයියෝ කළා කීවම වගවීමක් නැහැ. අනිත් වල්පල් - මොනවාද අද හවස ගැහුවේ?

      Delete
  8. අජිත් පැරකුම් කියන එකා හිතන විදියට සිංහල සහ දෙදෙකට සමාන තත්වයක් ලැබීම මාර ප්‍රගතිශීලී වැඩක්. එය ප්‍රශ්ණ නොකර පිලිගතයුතු දේව වාක්‍යයක්.

    ඒ වගේම මට හිතෙන විදියට සෑම වෛද්‍ය ක්‍රමයකටම සමාන තත්වයක් ලබාදීම ඊටත් වඩා පට්ට ප්‍රගතිශීලී ක්‍රියාවක්.
    ආමෙන්!

    ReplyDelete
    Replies
    1. ඔය උඩ පලවෙනි වාක්‍යය තේරුනේ නැහැ.//සෑම වෛද්‍ය ක්‍රමයකටම සමාන තත්වයක් ලබාදීම//මේ අදහසේ අවුලක් නැහැ. ඒවා ඔප්පු කරල තියනවනම් හොඳයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන එක අවුරුදු දෙදාස් ගණනක් වත් මිනිසුන්ට වෙදකම් කරලා හරි වැරදි දැනගෙන ආපු ක්‍රමයක් නිසා ඒකෙ අවුලකුත් නැහැ. ලංකාවේ ආයුර්වේද හොස්පිටල් පවා තිබෙනවානේ. ජර්මනිය වගේ රටවල සෑහෙන තනක් දීල තියනවා. හැබැයි ඔයා කියන්නේ කාලි වෛද්‍ය ක්‍රමයට, නාථ වෛද්‍ය ක්‍රමයට, වේවැල් දෙවි ක්‍රමය වගේ ඒවාටත් එතැන දෙන්න ඕනේ කියල ඉස්සෙල්ල ඔප්පු කරන්න ඒවලින් ලෙඩ සනීප වෙනවා කියල.

      Delete
  9. "We are all just prisoners here, of our own device"

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .