Sunday 3 October 2021

දෙමළ පරිවර්තිකාව අමතක වෙනවද


අපේ පරිවර්තන සාහිත්‍යය සෑහෙන්න ප්‍රබල එකක්. අපි පොඩි කාලේ ඉඳන්ම අපේ ස්වතන්ත්‍ර නිර්මාණ වගේම පරිවර්තන පොතුත් සෑහෙන්න කියෙව්වනේ. 

මම පරිවර්තනය කරපු පොත් වලට ඒ කාලේ ඉඳන්ම කැමතියි. මම හිතන්නේ ලංකාවේ ගොඩක් පාඨකයන්ට ඒක පොදුයි.

ඒ නිසාම කේ ජී කරුණාතිලක ගේ ඉඳන් දැදිගම වී රුද්‍රිගු දක්වාත් පද්ම  හර්ෂ කුරණගේ , සිරිල් සි පෙරේරා ගේ සිට චින්තා ලක්ෂ්මි දක්වාත් මතක් වෙනවනේ.  අවශ්‍ය නම් අපට  පරිවර්තනය කරපු පොත්  වල නම් පවා ලියන්න පුළුවන්.

මේ නාමාවලියට  පස්සේ කාලේ තමා චූලානන්ද සමරනායක ගේ නම එන්නේ පරිවර්තන නිසාම. ඔහු ලියූ කවී පොත්  වලට වඩා පරිවර්තන ජනප්‍රියයි කියල මම හිතන්නේ. ඊට පස්සේ බ්ලොග් වලින් දැනගත්ත නිලූක කදුරුගමුව හා චන්දන ගුණසේකරත් මුහුණුපොත හරහාම දැනගත්තු රශ්මික මණ්ඩාවල වල වගේ නව පරපුරේ ප්‍රසිද්ධ පරිවර්තකයනුත් ඉන්නවා.    

ළඟදි දවසක "අසිපතක සෙවන යට" සිංහල පරිවර්තනය කියවල මේ දවස් වල තවත් දෙමල පොතක් වන සිවනාදන් ගේ "මතක මිය ඇදෙන සඳ" කියවන්න පටන් ගත්ත. ඒක පරිවර්තනය කරලා තියෙන්නේ හෂිත අබේවර්ධන .
මම මුහුණු පොතේ සටහනකුත් දැක්ක හෂිතගේ කැමතිම පරිවර්තන පොත් නාමාවලියක් ගැන - පරිවර්තක ගේ නමත් එක්ක.
  
මම මේ පරිවර්තන ගැන කියන්න ගත්තේ මේ ලඟදි දැනගන්න ලැබුන අමුතු කතාවක්. මම දන්නා පුවත්පත් කලාවේදිනියක් තමා ප්‍රියදර්ශනී සිවරාජා. එයා සිංහල පොත් කිහිපයක්ම දෙමළ භාෂාවට පරිවර්තනය කරපු කෙනෙක්.

එයා මට කියනවා ලඟදි කරපු සිංහලෙන් දෙමළට කවි වගයක් පරිවර්තනය කළාලු. නමුත්ඒ ගැන සඟරාවේ සංස්කාරක සහ කවිවල මුල් අයිතිකාරිය ඒ ගැන කරපු පෝස්ට් එකක් සහ සංවාදයක දී ඇයව ව අමතක කළාලු.   දැන් අදහසක් තියනවා තමයි,  නම් දාන එක වැදගත් නැහැ , වැඩෙයි කෙරෙන්න ඕනේ, මුළු ලෝකයටම දැනුම අයිතියි වගේ එකක් . හැබැයි එහෙනම් ඉතින්  මුළු ලෝකෙම අය අඥාත ව ලියන්න ඕනේ. එහෙම පරිවර්තනය කරන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ  නැහැනේ. මම බුකියේ කිහිප වතාවක්ම දැකල තිබෙනවා වෙනත් අය (මා  දන්නා අඳුනන අයගෙම) පරිවර්තන/අනුවර්තන කරපු කතා තමන් ලීවා /කළා වගේ  පළ කරලා ලයික්  ගන්නවා, ඒක  ලියුව වගේ හැසිරෙනවා. සමහරු තමන්ගේ නමත් යටින් දානවා. බුකියේ ඉතින් ඒවා එහමයි වෙන්නේ. 
 
  මේ කියන කවි ටික ප්‍රියදර්ශනී කරලා දීලා තියෙන්නේ නොමිලේ කියල කියනව. කොහොමත් හැබැයි සඟරා වලට කරන ඒවාට දැන්නම් කවුරුත් සල්ලි ගෙවන්නේ නැහැ. සඟරා වලට ඕන තරම් බුකියෙන් සහ බ්ලොග් වලින් උස්ස ගන්න පුළුවන් කවි සහ කතා. ඒවාට ගෙවන්න ඕනේ කියල ඉතින් නීතියකුත් නැහැ.

සඟරාවේ කවි පෙළ ගැන  කරපු ඒ ෆේස්බුක්  සංවාදයේ   ඒ ගැන මතක් කලේ නැති නිසා  ප්‍රියදර්ශනීට කිසියම් සිත් වේදනාවක් ඇතිව තිබෙනවා. මේ නිසා ඇයගේ යෙහෙළියක වන පද්මිණි මාතරගේ ඒ බව පෙන්වා දී තිබෙනවා.

ඒ සංවාදය තමා ඔය තියෙන්නේ යට.








මගේ ප්‍රශ්නය ප්‍රියදර්ශනී එසේ සිතීම සාධාරණද? නොමිළයේම  කල පරිවර්තනයක් හා එය සඟරාවකට කල නිසා  පරිවර්තිකාව ගේ නම සඳහන්  කල යුතුමද කියන ප්‍රශ්නය මම ඇහුවා?  ඊටත් අමතරව මම කිවේ මෙතැන කිසියම් සදාචාරාත්මක ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ කියල. මුල් කතුවරිය තමන්ගේ කවි වල පරිවර්තනයක් ප්‍රියදර්ශනී කළා කියල මතක් කළා නම් හොඳයි. එපමණයි.

ඊයේ මම ලියපු එක නිවැරදි කරලා අද තොරතුරක් ආව. සංවාදය කරපු කෙනා හෝ වෙනත් අයෙක් විසින් ප්‍රියදර්ශනී එම පරිවර්තනය කළ බවට සටහනක් දමල තිබෙනවා ඊයේ . ඒක මෙතැන.



නමුත් කවිවල මුල් කතුවරිය ප්‍රියදර්ශනිව නොසළකා හැරිමක්  කරලා තියනවා කියල හිතන ඇයගේ  මූලික ප්‍රශ්නය විසඳුනත් හිත රිදීමේ ප්‍රශ්නය විසඳිලා නැති වගේ  පෙනෙනවා. ඇය නැවත සිංහලෙන් දෙමළට හෝ දෙමලෙන් සින්හලට පරි වර්තනය කරන්නේ ගෙවීමක් කළොත් පමණයි කියන අදහසේ ඉන්නවා.. 
ඕක ඉතින් මම ඒ දවස් වල ඉඳන් කියන එකක් ලංකාවේ පුවත්පත් කලාවේදීන්ට සහ කලාවේදිනියන්ට. නිකම් ලියන්න එපා, නිකන් පරිවර්තනය කරන්න එපා.  පස්සේ දුක් වෙන්නත් එපා.

 
    


13 comments:

  1. ++++++++++++++ ආයෙ එන්නං කමෙන්ට් බලන්න.

    ReplyDelete
    Replies
    1. කියෙව්වා.
      හ්ම්.....
      සුරුස්....

      Delete
    2. hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

      Delete
  2. ලිපිය කියෙව්වා. සේරම විස්තර හරියට නොදැන මොකුත් කියන එක වැරදිය කියලා හිතෙනවා. බලන්න ඕනි පැති ගොඩක් තියෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමා මමත් හිතන්නේ. මට මුලින් ලැබුණු තොරතුරු නිවැරදි නැහැ කියල දැනිල මම ලිපිය අහක් කලා. පස්සේ ආයේ එඩිට් කරලා දැම්මා ඔය තොරතුරු ආවට පස්සේ. මුලින් සඳහන් කරලා නැතත් පස්සේ නම ඇතුලත් කරලා පෝස්ට් එකක් දාල තියනව සඟරාව විසින්. ඒ කියන්නේ වැරැද්ද නිවැරදි කළා කියන එකනේ.

      Delete
  3. කිසි දෙයක් නිකං කරන්න ඕන නෑ නේ.. මං කිව්වෙ අපි බ්ලොග් ලියනව තමයි. ඒව උස්සලත් කට්ටිය ගන්නව තමා. නමුත් තව කෙනෙක් වෙනුවෙන් කරන දෙයක් නිකං කරන්ට ඔන නෑ. ස්වයං තෘප්තිය වෙනයි .

    ඔය දෙමළ සිංහලට පරිවර්තනය වගේම සිංහල දෙමළ පරිවර්තනයත් ගත්තොත් එ⁣ෙක්ක අය තමන්නෙ පුද්ගලික දැක්ම මත පදනම්ව කරපු ව තමා මම නං දැකල තිායන්නෙ. ඒත් මතක මිය ඇදෙන සද කියන්නෙ වෙනම ලෝකයක්

    අනූෂා සිවලිංගම් කරපු කරුණාකරන්ගෙ මතක වන්නියත්

    සාමිනාදන් විමල් කරපු තමිලිනීගෙ තියුණු අසිපතත්
    ඒ වගේ..

    මම මතක වන්නිය ගැන ලියන්නං කියල හිටියත් තේරුමක් නෑ කියල හිතුණ වචන විසි කරන එක.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වල බලය වෙන්න පුළුවනි. මම ලිපිය දාල පැය හතරක් ගියේ නැහැ ඔය යටම පින්තුරේ තිබෙන නිවේදනය ආව . ලිපිය ඊට පස්සේ වෙනස් කළා. (හැබැයි මම හිතන් හිටියේ පොතක් කියල)

      Delete
    2. අපි නොදන්නව වුණාට සහ නොදැක්කට ඒ අයත්බ්ලොග්ස් කියවනව කියන්න සාක්කියක් ඕන් 😃

      Delete
    3. කොහොමත් බ්ලොග් කියවන සෙට් එකක් ඉන්නවා නිහඬව , පෙන්වන්නේ නැහැ, පස්සේ ඔය ෆේස්බුක් කොමෙන්ට් එකකින් , කෝල් එකක් දෙනකොට අහුවෙනවා නැත්නම් පිලිගන්නවා

      Delete
  4. දෙයක් කල කෙනෙකුගේ නමක් සඳහන් නොකිරීම නම් තනිකරම කුහක වැඩක්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එහෙම තමයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .