Tuesday, 12 October 2021

අපි දෙදෙනා අද ...............




අද දෙවෙනියත්  ගියා 
විශ්ව විද්‍යාලෙට 
විදු පියසේ නතර වුනා 
අපි දෙන්න ඉතින්  
ආව ගෙදර 

දූවරු දෙන්නම 
දැන් නිවහනේ නැහැ 
පොඩි කාලේ දඟකාර හිනාවන් 
කෙල්ලන්ගේ කිංකිණි හිනාවල් 
වලින් පිරිලා තිබ්බ නිවස නිහඬයි 

තාත්ත කෙනෙකුට දුවල කියන්නේ 
ඇස් දෙක වගේ 
ලෝකේ බලන්නෙත් සමහර වෙලාවට 
ඒ දෙන්නා ගැන හිතල 
ඒ ඇහින්මයි 

ඉතින්, කාලෙකට   පස්සේ 
අපි දෙන්න විතරයි 
එයා ෆිල්ම් එකක එල්ලිලා
මම බ්ලොග් එකක එල්ලිලා 
ජිවිතේ ආයිත් අළුත් 
අවධියක 

තුන්වෙනි බ්ලොග් රැල්ල 
තෙවෙනි යාමය 
නැත්නම් 
ජිවිතේ සැඳෑ  සමයට 
කලින් එකද 
මොකද තවම වැඩනේ 
විශ්‍රාම ගිහින් නැහැනේ 

ඒකට 
මොකද්ද කියන්නේ 

නමක් තියනවද 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
දෙවෙනි වසන්තය 

කියල  යාළුවෙක්  කියනවා 
ඒකත් ඇත්ත 
වේදනාබර දෙවන වසන්තයක්  

77 comments:

  1. නියමයි. ඔබේ හැඟීම්, අපටත් දැනෙන්න ලස්සනට ලියලා. පිංතූරෙත් ඒකටම ගැලපෙනවා.ආයෙ එන්නම්, කමෙන්ට් බලන්න.👌😒😊

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බසු පළමුතෝ ප්‍රතිචාරයට

      Delete

  2. වැටක් ගහතැකිද හද පිරි සෙනෙහසට
    වදන් ඇතිද කඳුළක තෙද කියන්නට
    නමක් මොටද ඉකි ගසනා සුසුමකට
    සැප- දුක දෙකම ඕනෑ ජීවිතයකට!

    ReplyDelete
    Replies
    1. මේ කවි පෙළ නම් නිදියෝ හරි අගේ ඇති
      නිදියයි කවියයි එක ගමනේ යාම ඇතී
      //වැටක් ගහතැකිද හද පිරි සෙනෙහසට
      වදන් ඇතිද කඳුළක තෙද කියන්නට//
      හරිම සොඳුරු වදන් පෙළක්
      කවි පොතක් කරන්න කාලේ හරී

      Delete
  3. හෙන්රිත් කීවා දවසක
    දුවත් පුතත් දැන් දෙරටක
    කාලය ගතවන ඉක්මන
    දරුවන් වැඩිහිටියන් වෙත

    දෙන්නා හට දෙන්නා මිස
    මූවී බ්ලොග් නෑ හරියන
    දෙවන වසන්තය එළඹෙන
    බව වටහාගෙන හුරුවෙන්...

    ReplyDelete
    Replies
    1. ඩ්රකි ත් දැන් කවියෙක් වෙලා
      කතාවක් අවසාන වන කල
      කවියට බහින එකත්
      හොඳ වැඩක්
      ඔන්න මම ඒ නම
      දැම්ම
      ඒත් හිතෙන්නේ
      වේදනාබර වසන්තයක්
      කියල

      Delete
  4. කිකී ඉන්නවනෙ.
    කොහොමද canine කෙනෙකුත්?
    How about a Boxer? You will never be bored.
    කිකීගෙ statue impersonation එකට සම්පූර්ණයෙන් වෙනස් !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිකී දැන් නිදියන්නේ ශකිර ගේ ඇඳේ . ඊයේ අපි එනකන් එලියට වෙලා බලාගෙන හිටිය.
      බොක්සර් කොහොම වෙතත් "බලු දන්ඩෙක් " එංගලන්ටෙහ් හදනවා කියන්නේ ආයේ තවත් ළමයෙක් හදනව වගේ තමයි. නෑ එපා. හේ හේ
      travelling is the best cure

      Delete
    2. අහා, කිකී.👌🤗
      https://www.youtube.com/watch?v=yzkIl5CSgoY

      පූසො, බල්ලො තරම්ම ලෙන්ගතු නෑ කිව්වට, උන්ටත් separation anxiety තියනවා. ඇඳේ නිදියන්නෙ සෙන්ට් එක නිසා වෙන්න ඇති.😒
      https://www.youtube.com/watch?v=UaTn1KguTBw

      Delete
    3. ලින්කුවට ස්තූතියි //උන්ටත් separation anxiety තියනවා// ඒක ඇත්ත. අපි හොලිඩේ ගියහම මේ පූසි කන්නේ නැහැ වැඩිය. ආහාර වර්ජනයක් දානවා. (අල්ලපු ගෙදරට භාර දීලා යන්නේ)

      Delete
  5. හරිම හැගුම්බරයි. බස්සා කියනවා වගේම පින්තුරෙත් අදහස තීව්‍ර කරනවා.වැඩි වැඩියෙන් නිර්මාණ වල යෙදෙන්න.

    ReplyDelete
    Replies
    1. මම ඔයාට කවි පෙළක් එව්වා කලින් ලියපු.
      ස්තූතියි අනුරුද්ධ
      ඔයා හා තට්ටය පටන් ගත්තු තෙවන බ්ලොග් රැල්ල නැගල යනවා නේද

      Delete
    2. මම ඔබේ ඒ කවියටත් ආසයි. ඒ වගේම අළුත් බ්ලොග් රැල්ල ගැන හරිම සන්තෝසයි.ඔබේ කවි https://londonkavi.com/contact/ ට යවන්න.

      Delete
    3. හොඳයි ස්තූතියි

      Delete
    4. කලින් අන්තර්ජාලයේ පලවෙන ඒවා ඒකට ගන්නේ නැහැ අනුරුද්ධ

      Delete
  6. /දූවරු "තුන් දෙනාම"
    දැන් නිවහනේ නැහැ
    පොඩි කාලේ දඟකාර හිනාවන්
    කෙල්ලන්ගේ කිංකිණි හිනාවල්
    වලින් පිරිලා තිබ්බ නිවස නිහඬයි/

    මා මුල් පදේ 'දෙන්නාම' යන්න "තුන් දෙනාම" ලෙස වෙනස් කළා. මගේ පළපුරුද්ද අනුව.

    ඔබගේ කව් පෙළ කියවා මටද එවැනිම අතීතයකට යාමට හැකිවූවා.
    ඔබට දෙවරක් පමණයි. මටනම් තුන් වරක්. අපගේ තුන් දෙනාම ගියෙත් සරසවි තුනකට. ඔය පළමු පියවර. ඔවුන් වසර තුන හතරකට පස්සේ උපාධිත් ලබා ගෙදර එනවානේ.
    ඊට ටික කලකට පස්සේ තමයි නියම පාළුව දැනෙන්නේ. ඔවුන් 'මහ ගෙදර' සදහටම හැරදා වෙන නිවහන් වලට යනවිට. ඒ උනත් පුතුන් නැති පවුල් වලට පුත්තු හා සමාන බෑණලා ලැබෙන විටනම් පැරණි තනිකම වියැකී යනවා. ඔබටත් එසේ වේවායි පතනවා.


    ReplyDelete
    Replies
    1. ඒකනේ , ඒ අත්දැකීම කලින්ම ඇවිත්. ස්තූතියි
      //ඔවුන් වසර තුන හතරකට පස්සේ උපාධිත් ලබා ගෙදර එනවානේ.
      ඊට ටික කලකට පස්සේ තමයි නියම පාළුව දැනෙන්නේ. ඔවුන් 'මහ ගෙදර' සදහටම හැරදා වෙන නිවහන් වලට යනවි// ඒකත් එහම් තමා. ඊළඟ අදියර

      Delete
    2. අජිත්- තාත්තා ඔය කියලා තියෙන තුන්දෙනාගෙන් බාලයා මම :)

      දූලා එහෙම පිටවෙලා ගිහින් ටික කාලෙකට පස්සේ සීයලාව ආයෙත් ළමා කාලෙට ගෙනියන්න මුනුබුරු මිනිබිරියොත් අරගෙන එන බව අමතක කරන්න එපා

      Delete
    3. ෂාහ් , බ්ලොග් ලෝකයේ රහසක් හෙළි වුනා වත්ද? පියතුමයි, දියණියයි දෙන්නම බ්ලොග් ලියනවා.
      //දූලා එහෙම පිටවෙලා ගිහින් ටික කාලෙකට පස්සේ සීයලාව ආයෙත් ළමා කාලෙට ගෙනියන්න මුනුබුරු මිනිබිරියොත් අරගෙන එන බව අමතක කරන්න එපා// ඔන් සොඳුරු අත්දැකීමක්

      Delete
    4. මම හිතන්නේ අජිත් late to the party. අනිත් කට්ටිය දන්නවා මම දන්නා තරමට :)
      තාත්තා බ්ලොග් අත් පොත් තිබ්බේ ලඟදි උනාට මට වඩා දියුණුයි, ක්‍රියාකරීයි!

      Delete
    5. ඔයා කලින් ඉඳන් බ්ලොග් ලීවට අපේ ඒවල හෙම කොමෙන්ට් නැති නිසා දන්නේ නැහැ. මම ප්‍රොෆයිල් එකෙන් බලල තමා හොයා ගන්නේ. ඒක නිසා වෙන්න ඇති.

      Delete
    6. ඔව් ඒ වැරැද්ද නම් පිලිගන්නවා. මගේ හරි කුලෑටිකමක් තිබ්බා කමෙන්ට් කරන්න. ඒත් ඔක්කොම බ්ලොග් කියෙව්වා. දැන් ඒ අඩුපාඩුව හදාගනිමින් ඉන්නේ!

      Delete
    7. දැන්නම් සෑහෙන ජනප්‍රියයි

      Delete
  7. Replies
    1. කවියක්, නිසඳැසක් කියවන්නන යන්නේ විනාඩි දෙකයි නමියෝ. හේ හේ ස්තූතියි ආවට

      Delete
    2. කවියක් කියන එක ලේසි පහසු දෙයක්ද. දහසක් අදහස් එක පේලියකින් කියන්න පුළුවන්

      Delete
    3. හැබෑවට ඒක ඇත්ත අහස්

      Delete
  8. ඩෑෂ්හන්ඩ් කෙනෙක් ගන්න. ගෙදර ම පිරෙනවා.

    ReplyDelete
    Replies
    1. අර උඩ ප්‍රා ට කීව එකම තමයි ඉතින්. තව ළමයෙක් හදන්න දැන්ම හිතෙන්නේ නැහැ. තව ටිකක් නිදහසේ ඉන්නවා. හේ හේ ස්තූතියි

      Delete
    2. ඔයා මීට කලින් ඇවිත් නැහැ නේද? මම බ්ලොග් එක බැලුව. ලිපි පේන්නේ නැහැ.

      Delete
    3. අපේ තට්ට මහත්තයට අහු වුනොත්,"නට්" ගලවාවි. ඔහෙට කියන්න, මෙහෙ බලු නකුටෙක් කැරකි-කැරකි හිටියා. අහුවුනා, අපේ ස'ට, ආං දැන් බල්ලොත් බ්ලොග් ලියනවා.😂🤣

      ලියහං වස්තුවේ ලියහං.🙏🤭

      Delete
    4. ඩෑෂ්හන්ඩ් කියන්නෙ, ඉහල වංසෙ බල්ලෙක්ද සෑර්? අපි නං ලෝකල් පරයා ඩෝග් වංසෙ.😒

      Delete
    5. අර කෙට්ටු උස අළු පාට බල්ලෝ නේද ටොමියා. උන් එකක් දුවන්න බැහැ ඔයා ට. ඔන්නහේ කට්ටක් ලෙවාගෙන පැත්තක් බලාගෙන ඉන්න

      Delete
    6. හහ්, දුවන්න බෑ? ඔහේ දැකලා නෑ නොවැ, බක්කරේ මාව පන්නන කොට , මං දෙන හුරේ රන් එක? කවුරු හරි ටයිමින් කලොත්, ස' මාවත් ඔලිම්පික් යවනවා.🤔

      Delete
    7. බක්කරේ එනකොට දුවනවා, ටොමියා එතකොට පාන්ද කන්නේ

      Delete
    8. දැන් කට්ටිය මස්කටු, උම්බලකඩ, පොල් බෑ වලින් ගහන්න හොරයි. බක්කරේ විතරයි, පරණ පාන් බාගා වලින් ගහන්නෙ.

      Delete
    9. සිරියස්ලි ඇත්ත. ගෑස් නුත් ගණන් එකේ

      Delete
  9. තුන්වෙනි බ්ලොග් රැල්ල
    තෙවෙනි යාමය

    ඕන් ඔන් ඔය හැරෙන්නෙ මොකාටද? අලයායක් කරලා අයි ගොඩයන්න නෙ.

    ReplyDelete
    Replies
    1. පැන් තලියේත් කිඹුලෝ දකිනවද ඇනෝ, තව දුරටත් බ්ලොග් ලියන කියන එකයි අදහස් කළේ=. කොහොමත් නැවැත්තුවේ නැහැ නොවැ. එංගලන්තේ වැසියන්ට අලයාය වල කරලා ගොඩ යන්න ඕනේ නැහැ බං. රස්සාවක් කරහම ඇති. රස්සා නැති වුන් ඉතින් ලංකාවේ වගේ ගේමක් ගහන්න එපැයි. ඩිෆෙන්ස් කොන්ට්‍රැක්ට්, බැදුම්කර , මිග් තියෙන්නේ ඒවාට තමයි. හේ හේ

      Delete
    2. අඳුරට සාප කරමින් හිටියට, වැඩක් වෙයිද ඇනෝ? ඔහේටත් කියන්න කතාවක් ඇති, පානක් පත්තු කරනවා වගේ - පෝස්ට් එකක් ලියලා දැම්මොත් නරකද? අතීත වැරදි නැවත නොකර, සහජීවනයෙන් ඉන්න අපට බැරි වේවිද? 🙏😒🤔😊

      Delete
    3. සමහරුන්ට ඇලුනම ගැලවෙන්න අමාරුයි ටොමියා. බලු වලිගෙ වගේ තමා හේ හේ. ඇනෝ පෝස්ට් එකක් ලීව නම් තමා හොඳ

      Delete
  10. ඇත්තටම දරුවො කියන්නේ අජිත් අයියේ දෙනෙත්ම තමයි. මම ටිකක් ලියාගෙන ඇවිත් නැවැතුවා කොල්ලා ගැන! කෙල්ල කොල්ලාට වඩා වෙනස්. මතකද සිංහභාහු එකේ දරු දුක ගැන කියැවෙන හැටි. ඔබත් මමත් ඇතුළු දුවා දරුවන් පිළිබඳ අපමනව වෙහෙසන පියවරු වෙනුවෙන් අ ගීතය මෙතැන ලියන්නම්.

    ගල්ලෙන බිඳලා - ලෙන්දොර ඇරලා//
    සිංහ බා///
    මා සොඳුර///
    සිංහ සීවලී මා ප්‍රිය දියණිය
    ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා
    ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
    මම දැන ගතිමි - මම සැක කලෙමි
    ස්ංහ බා///

    ලෙනතුල නොවෙති
    පෙරළා නෝති
    මම දැනගතිමි මම සැක කලෙමි
    සුරතල් දියණිය මොළකැටි වදණින්
    මා සනසන්නිය - අහර පිසන්නිය
    සුරතල් දියණිය මොළකැටි වදණින්
    මා සනසන්නිය - අහර පිසන්නිය

    කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
    වනයේ දුකක් විද? අසන්නිය සොයන්නිය
    කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
    වනයේ දුකක් විද? අසන්නිය සොයන්නිය

    ඈත් ගොසින්ය //
    ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ??
    සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත//
    ඔහුගේ අනටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී

    ඇත්තෙන්ම අයියේ මේ ගීතයේ එන "වනයේ දුකක් විද? අසන්නිය සොයන්නිය . . !" කියන කොටස මෙම දාරක ප්‍රෙමයේ කූඨප්‍රාප්තිය ලෙසයි මා දකින්නේ. ඇත්තෙනම තමා වෙනුවෙන් දුක් වන තමන්ට ආදරය කරණ දරුවන් කියන්නේ දෙනෙත්ම තමා. ඉදිරි මාස තුන හතර ඇතුළත මගේ දුවත් මා වෙතින් ඈත්ව යනු ඇත! අදත් ගේ ඇතුලට ආ විගස "දුවේ . . . !" කියා කෑමොර දීම මාගේ පුරුද්දයි. මට අදත් හිතුනා මෙහෙම කෑගහන්න තියෙන්නේ තව කොච්චර පොඩි කාලයක්ද කියලා!?


    ReplyDelete
    Replies
    1. ඒකනේ තට්ටේ මල්ලි. ඕක වෙනකන් ගානක් නැහැ. දුල පුතාලා ගියාට පස්සේ තමා පාළුව තේරෙන්නේ . මට මතක් වුනා මම පිටරට යනකොට තාත්තා කාමරේට ගිහින් ඇස් පිහ දමනකොට මම දැක්ක. ඒක මට දැනුනේ පස්සේ

      Delete
    2. තට්ටයා මලේ කෝ මගේ බ්ලොග් එක ඔයාගේ බ්ලොග් රෝලේ

      Delete
    3. අම්මෝ ඉන්නවා ඉන්නවා! මම බ්ලොග් රෝල හැදුවේ දහය - දහය එක් කරලා! දැන් වෙලාව තියෙන වෙලාවක ඒවා කැටගරි වලට වෙන් කරලා හදනවා! නොයාම බැරි තැන් 10ක්! තුල ඌආ ඉන්නවා කොලොම්පුරෙගේ ඇඟේ ගෑවි ගෑවි!

      Delete
    4. ආහා යන්න ඕනේ බලන්න

      Delete
  11. මට ඉන්නෙ කොල්ලෝ , උන් දෙන්නා කොහොමත් ගෙදර නැ. වැඩ් දුකක් නැ

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ එළියේ උන්නට සෙල්ලම් කරන්න අරවට මේවට, ගෙදරින් සම්පුර්ණයෙන් යනකොට දැනෙයි කියල මට හිතෙන්නේ.

      Delete
  12. අපි කාටත් කවදාහරි මූන දෙන්න වෙන අත්දැකීමක් අපූරුවට ගලපලා. අපේ කොල්ලා නම් තාම හයි ස්කූල්- ඒත් ඉතින් ඔය දවස වැඩි ඈතක නැහැ. ලියන කියවන වැඩ වැඩියෙන් කරමු පාළුව නැතිවෙන්න!

    ReplyDelete
    Replies
    1. ඒක නෙව නෝනෙ, දැන් මේකෙ ඉන්න බල්ලොත් බ්ලොග් ලියන්නෙ?

      උඹට මස්කටු ඕනෙද
      ගස්ලබු ඕනෙද
      කියල අහනව විතරයි
      කෝ බලන්නෙ නෑ😒😢

      Delete
    2. ඒක තමා මලී මාත් මේ බ්ලොග් රැල්ලට ඔහේ ගහගෙන යන්න දීලා ඉන්නේ. , ටොමියා මලී නෝනා චොකලට් එකක් අරන් ආවේ නැත්ද ඒ පැත්තේ

      Delete
    3. තාම දැක්කෙ නැතුව ඇති. මම සුදීකගෙ,ඩ්‍රැකියගෙ බලුකතාවල ලින්ක් ටිකකුත්, අගට ඇමිණුවා, ඒවත් හරි අපූරු කතා.

      හොඳ කතා තියනවා. හොයන්න තමයි අමාරු. කියවන අය රජ කම්මැලියො( මාත් ඇතුලුව). ලේසියෙන් ලින්ක් දාලා දුන්නෙ නැත්නම් බලන්නෙ නෑ.🤣

      Delete
    4. ටොමියා ඉතින් අපේ බ්ලොග් පැත්තේ එන්නේ නැහැනේ. මෙන්න එහෙනම් ලින්ක් එකක්. මස් කට්ටක් කියලා හිතාගන්නකෝ :D
      https://hotchocolatedays.blogspot.com/2020/10/blog-post.html

      Delete
    5. බොරුවක් මුසාවක් නං,කැලේ ඉන්න නරියෙකුට හෙන ගහන්න ඕනෙ. අම්මපා, මට මතකයි ඔය පින්තූරෙ, හෙව්වා හොයාගන්න බැරිවුනා. මම, අමුන්නද පෝස්ට් එකේ අගට, ක්‍රෙඩිට් එක්කම?

      අර මඤ්ඤං බකුසුමොටාව එහෙට එව්වා.මාත් ඇවිත් හොම්බ දාලා යන්නම්. සීරියස් ලියන බොලොග් වලට යන්න, ටිකක් බයෙන් හිටියෙ.

      ඕං ඉස්සරෝම මුට්ටිය දාලා බලනවා, ගල් පාරක් නාවෙත්, ඇවිත් බුරලා යනවා.😂

      Delete
    6. අපෝ අපි බල්ලන්ට ගල් ගහන්නේ නැහැ, ඔය ලින්ක් එකට අදාළ පෝස්ට් එකම සාක්කි. :) ඕක වෙන පින්තූරයක් බලාගෙන මම ඩිජිටලි ඇන්ද එකක් කාලෙකට ඉස්සර. share කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ.

      බස්සා නම් ඒ පැත්තේ එනවා. එහෙම සීරියස් කමක් නැහැ බ්ලොග් එකේ. පරිවර්තන, කෙටිකතා අරවා මේවා තමයි තියෙන්නේ. ඇවිත් බලන්නකෝ.

      Delete
    7. ආවා. මේ අමුණනවා.👌😊

      Delete
    8. ආවයි කිව්වෙ "ඉර එළිය බිඳක්" එකට.
      "අමුණනවා" කිව්වෙ මේකට:
      https://balunakuta.blogspot.com/2021/10/blog-post_11.html
      ඔය පෝස්ට් එකේ අගටම ඇති. පින්තූරෙ රයිට් ක්ලික් කරන්න දුන්නෙ නෑ, පින්තූරෙ ලින්ක් එක ගන්න. ඒ නිසා දාන්න පිංතූරෙ බැරි වුනා.

      Delete
    9. ඒ කතාව ලස්සනයි. බල්ලෝ ගැන ආදරේ හිතෙන. "අර ගෙදරින් ගෙන 3 දෙනා "ගැනත් තියනවා සඳහනක්

      Delete
    10. තල්ලුවට ස්තූතියි ටොමියා, පින්තූරේ screen shot කරලා ගත්තත් අහිතක් නෑ.

      අජිත්- අපේ ගෙදර මතක ඇති කාලෙක ඉඳන් බල්ලෝ හිටියා. තාත්තාත් පොඩි අක්කාත් මාත් තදබල බලු fans ලා :)

      Delete
    11. බලු ෆෑන්ස් ලා හේ හේ , අපි කැට් ෆෑන්ස් ලා . මම පූසි ගැන බ්ලොග් පොස්ට් එකකුත් දැම්ම. පුසි හදිස්සියේ කතා කලාය කියල.
      https://kolambagamaya.blogspot.com/2020/03/blog-post_28.html

      Delete
    12. නියමයිනෙ. පරණ වාෂ්ප වෙච්ච බ්ලොග් ගැන පෝස්ට් එකක් ලිව්වා. දැන් හිතන්න ඕනෙ. මේ වගෙ හැංගිච්ච පෝස්ට් ඔක්කෝටම, එකම තැනක පබ්ලිසිටි දෙන විදිහ.😊🙏👌🤔

      Delete
    13. මලී මගේ නම නොකියා 'බලු කතාවකට' (ටොමියා සම්බන්ධ) මාවත් ගාවලා තිබුණා. කතාව බලු උනත් බල්ලන්ගේ උසස් ගුණාංගයක් පිළිබඳවයි ඒ කතාව.

      මා කලකට පෙර ලියු Blog posts වලට ගියොත් අපේ ගෙදර සිටි බල්ලන්ගේ කෙරුම් ගැන කියවන්නට ලැබෙයි. දැන් ටික වෙලාවකට කලින් 'ටොමියාගේ පිටුවේ' මේ ගැන පොඩි ඉඟියක් විතරක් කරලා ඇති.

      Delete
    14. මලී නෝනගෙ"අනේ නැඟිටින්නකො" පෝස්ට් එකේ, ඒ අපූරු බල්ලො ගැන කෙටි, නමුත් රසවත් හැඳින්වීමක් දැක්කා. එතන කෙමෙන්ට් වල ගිය දෙබසක, එක බල්ලෙක් ගැන නම් කියන්නම ඕනෙ කියනවත් මතකයි. මම, බැලුව, ස්පෑම් වලත් බැලුව, ඒත් ඔබතුමාගෙ කමෙන්ට් එක හොයාගන්න බැරි වුනා.අපි එතන "චැට්" කරලා ඒක එකම අවුලක්:)

      ටුටූගෙ කතාව සහ ප්‍රාජේගෙ කතාව, බරටම හිතට කිඳා බැස්සා :(

      Delete
    15. ඔයටික කියවන්න වෙනම වෙලාවක යන්න ඕනේ

      Delete
  13. හද වෙණ තත් සැමගෙ පෑරී ඇති විදිය
    කියයි 'කම්පනය' ඇති කළ, මදි නැතිය
    comments වැස්ස දැකුමත් හරි සුන්දරය
    බ්ලොග් ලෝකයට ඇවිදින්දෝ වසන්තය?

    ReplyDelete
    Replies
    1. ඒ බව මටත් හිතනවා නිදි මිතුර
      රැල්ලට ඔහේ ගහගෙන යනවා සබඳ
      නුදුටු මිතුරු රැළකුත් සමග
      වසන්තයක් ඇවිදින් වාගේ හොඳම

      Delete
  14. කාලය ගමන් කරනවා නෙව. හරියට ඔරලෝසු කට්ටක් වගේ..
    අජිත්තයියල වයසට යනව. අපි තවත් තරුණ වෙනව 😃😃
    ළමයි ලොකු වෙනව. දෙමව්පියෝ පහු කරල යනව. ඒත් කාලයත් එක්ක නැවතිල බලනව. අම්මල පිටිපස්සෙන් ඉන්නවද කියල.
    නේහ්...
    කාලය.. හැමදේම වෙනස් කරනව

    ReplyDelete
    Replies
    1. ඔයාල තරුණ වෙන එක තමා ඉවසන්න බැරි. කෙල්ලෝ දෙන්න අඩුම ගානේ මොබයිල් එකට උත්තර දෙන්නේ වත් නැහැ. හේ හේ දැන් මම පොතක් දෙකක් පටන් ගත්ත කියවන්න.

      Delete
    2. හ්ම්....ගෘප් තින්කිං. තරුණ පිරිමි දරුවන් අතර මෙය වඩාත් ප්‍රබලයි.
      https://www.youtube.com/watch?v=8wclEIUOhjs

      Delete
    3. ඒක මරු. ෆොර් ද රෙකෝඩ් ළමයි දෙන්නට කවදාවත් ගහල නැහැ. බැනල නම් තියෙනවා. අපේ ලොක්ක එක පාරක් කිව්වා පොලිසියට කියනව කියල. මම කිව්වා කියහන් ඉතින් ඩෑඩ් පොලිසියෙන් අල්ලන් ගියහම මමී වෙන ඩෑඩ් කෙනක් ගෙනෙයි. ටොකු තමයි කන්න වෙන්නේ කියල. ත්‍රේට් එක ඉවරයි. හැබැයි ඕව කියල දෙන්නේ මෙහෙ ඉස්කෝලෙන්. ඒකෙ වැරැද්දක් නැහැ ගොඩක් එත්නික් ගෙවල්වල abuse තියෙනවා. ළමයි (අවුරුදු 15-16) කෙල්ලෝ අරන් ගිහින් කසාද බන්දන එක වගේ. ඒවා නවත්තන්න දාපු safeguard . ලංකාවේ අයට එපමනම අදාල වෙන්නේ නැහැ

      Delete
    4. මෙන්න ඇත්ත කතාවක්. මෙහේ තාත්තෙකුට මරු වැඩක් වුනා. පොර පුතාට නිතරම ගහනව. පුතා කෝල් කළා පොලිසියට. ඇවිල්ල තාත්තව ඇරෙස්ට් කරලා පොර මාස තුනකට හිරේ ගියා. හිරෙන් ඇවිත් මිනිහ මුළු පවුලම ලංකාවට අරන් ගියා. යනකොට පුතාට කියල තියනවා මම මගේ රටට යනව. තොට මේ සුද්දන්ගේ පඩ ෂෝ දාන්න බැහැ මට එහෙ. තෝව හදනවා නැත්නම් මකනවා කියල. මෙහෙ යාලුවන්ටත් කියල ගියේ ඕක. මූ දෙවෙනි දවසේහරි තුන්වෙනි දවසේ හරි පුතාට අම්බානක ගහල. කොල්ල ලංකාවේ පොලිසියට හරි ළමා කාර්යාංශයට හරි කෝල් කරලා. තාත්තව ඇරෙස්ට් කරල. ඔව් ලංකාවේ වැල්ලවත්තේ හරි ගල්කිස්ස පොලිසිය හරි. කොල්ල මෙහෙන් යනකොට ඉස්කෝලෙන් නම්බර්ස් දීල. මූට තාත්ත ගහනවා කියලා ඉස්කෝලේ දන්නවලු. සෝෂල් එකෙන් ළමය ගන්න ඔන්න මෙන්න කියල තියෙන්නේ. ලංකාවේ සීන් එකෙන් පස්සේ ඒ අම්ම ඩිවෝස් වෙලා. ළමයාගේ පැත්ත අරන්. ලංකාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් එතන. අවුරුදු විස්සකට පස්සේ ලංකාවට ගිය තාත්ත හිතල නැහැ ලංකාවත් වෙනස් කියල.

      Delete
  15. හ්ම්.. එක් සමාජ පැතිකඩක්. අඳුරු පැතිකඩක්

    ReplyDelete
    Replies
    1. අඳුරු ඇයි , මේක දුක හා සතුට සම්මිශ්‍රණයක්

      Delete
  16. දූ පුතුන් තාවකාලිකව හෝ වෙන්ව යාම නිසා වුවත් අත්වන දුක ශෙෘ්කය හිත්වලට කාවැද්දීමට කවිසිතුවමක් මවන්නට ඔබේ මනාසේ සමත්ව තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගුණසිංහ මහත්මා. ඔබ නම් දැන් දුවරු හා සුන්දර මිණිබුරන් හා , මිණිබිරියන් එක්ක කාලය ගත කරනවා පෙනෙනවා. අපට නම් තව කල් යයි ඒවාට. කොහොමත් දරුවන්ගේ තීරණ වෙනස් කරන්න බලන්නේ නැහැ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .