Friday 23 February 2024

ගංජාසීල වලිමඩුව කතා වස්තුව


 අර ගංජාසීල  වලිමඩුව  මහත්තය කියන කතා හරියටම හරි කියල මම මේ කල්පනා කොලේ. 
රෑ දහයෙන් පස්සේ මෙසේජ් එවන අය ඕන තරම් ඉන්නවා. 

ඔන්න මට දුවරුම දෙන්නෙක් ඉන්නවා. පෙර ආත්ම වල මම තරම් බොරු කියන කෙනෙක් හිටියේ නැති නිසා හම්බවෙච්චි දූවරු., පෙර ආත්මේ ගැන මම දන්නේ කොහොමද කියලා අහන්න එපා. දන්න අය ඉන්නව. ඔය මම ණය දුන්න නෑදෑයෝ මිත්තරයෝ හෙම. ඒ ගොල්ලෝ කියන්නේ ගිය ආත්මේ මම ඒ ගොල්ලන්ට ණය වෙච්චි නිසා මේ ආත්මේ මට එයාලට ණය  දෙන්න වෙනවා කියල. ඒ ගොල්ලෝ පන්සලේ හාන්දුරුවන්ගෙන් තමා අහල දැනගෙන තියෙන්නේ. ඉතින් නැහැයි කියන්න පුළුවන්ය.

ඔන්න ඔය දූවරු දෙන්නට කෝල් කලාට මෙසේජ් කලාට පෝං එක ගන්නේ වත් උත්තරයක් දෙන්නේ වත් නැහැ මේ කපේට. ඉතින් මම කරන්නේ, මෙන්න "ඩෑඩ් යනව කේඑෆ්සි හරි, මැක් එකට හරි,  පිට්සා හට් හරි" කියල මෙසේජ් එකක් යවනවා. මම යන කේ එෆ් සියක් නෑ.  මෙන්න හැරෙන තැපෑලෙන් උත්තර එනව. "මට වින්ග්ස් දහයක් ඕනේ. මට බිග් මැක් එකක් ඕනේ"  වගේ කියල. යුනි ගියාට පස්සේ , කොහොමද විභාග කටයුතු කියල හෙම ඇහුවට මෙලෝ උත්තරයක් දෙන්නේ නැහැ. ඒ යුනි වල විභාග නැත්ද කොහෙද? අපි ගිය කාලේ වගේ නෙමේ. හැබැයි මෙන්න "මමී චීස් කේක් එකයි, චොකලට් කප් කේක් එකයි හැදුව " "ඩැඩි හොඳ චිකන් කරි එකක් හැදුව. පව්ලුසා අන්කල් ලෑම්බ් කරි එකක්  හදල දීලා ගියා කීවොත්, දෙන්නම එවනවා   උත්තර  රෑ දොළහට නැත්නම් උදේ තුනට. 
"මේ ඩැඩි  ඔයා උදේ වැඩ පටන් ගන්න කලින් මාව  ගන්න ඉට්ටේසමට ඇවිල්ල. මම එනවා. අර කෑම ඩීප් ෆ්‍රිසර් එකට දැම්මද. කන්න හෙම එපා ඔන්න මම එනකන්" . ඔන්න ඔහොමයි ගංජාසීල මහත්තයෝ.

ඔය මට යෙහෙලියක් ඉන්නව මාතර ගෙවල් තියෙන. අනේ එයත් නිදා ගන්න කෙනෙක් හෙම නෙවේ. ඉස්සර කාලේ පත්තර වලට ලියපු චිර ප්‍රසිද්ධ ලේඛිකාවක් ඈ.   ලන්ඩන් වල හවස හයට වැඩ ඉවර වෙච්චි ගමන් වගේ එයා  කතා කරනවා. මම ඉතින් රෑ දොළහටත් බ්ලොග් පල් හෑලි කියවා කියව ඉන්න එකෙක් නිසා අවුලක් නැහැ. ලංකාවේ ඉඳන් නිසා හෙන වැදගත් වැඩක් වෙන්න ඇති කියල කෝල් එක ගන්නවා. 
"මේ කොහොමද මගේ වොයිස් එක යූටියුබ් දාන්නේ " කියන එක තමා ලොකු ප්‍රශ්නේ. මම ඕව දන්නවා නම් මොකද. මම කිව්වා පින්තුරයක් එක්ක වීඩියෝ එකක් හදන්නකෝ කියල. 
"අනේ මේ ඔයාගෙන් කිසිම වැඩක් නැහැ. යාළුවෙක් කියල කීවට" කියල කෝල් එක තියනවා. මෙන්න ලන්ඩන් වල රෑ දොළහට  විතර  තව කෝල් එකක්  එනවා. ඒ කියන්නේ ලංකාවේ  වේලාවෙන් උදේ හතරහමාරයි. 
"මේ ඔයාගෙන් වැඩක්  නැහැ. මගේ යාළුවෙක් අර වොයිස් දාන වැඩේ කරා". මම කොන්ෆියුසියස් හොඳ එකෙන්. මේ මනුස්සය රෑට නිදා ගන්නේ නැත්ද? අර මොබයිල්  එකේ කොට කොටා උදේ වෙනකන් ඇහැරලද? ඒක ඇහුව ගමන් මේ ඔයාට ඒකෙන් වැඩක් නැහැනේ. යාළුවෙක් උදව්වක් ඉල්ලුවම කරන්න බැරිනම් කියල පෝං එක කට් කරා. මගේ හදවත රනිල් මැති තුමා ශ්‍රී මුඛය ඇරිය  ගමන්  කොළඹ කොටස් වෙළඳපොලේ අගය බහිනවා වගේ කඩා වැටුනා  මිත්රෝවරුනි. ගන්ජසිල මහත්තයට කියන්න ඕනේ  තවම කතා කලේ නැති නිසා තරහ වෙලා වෙන්න ඇති කියල.

ආ තව  යෙහෙලියක් ඉන්නව. ලංකාවේ හොඳම පශු වෛද්‍ය තුමී. එහෙම තමා එයාගෙන් බෙහෙත් ගත්ත බල්ලෝ පූසෝ හෙම කියන්නේ. නැහැ බලු හාමිලා  එයාලගේ හාං පුතාලට කියල තියෙන්නේ. (ඒක ඇත්තම ඇත්ත ඈ). උත්තමාවිත් ඕන වෙලේක බල්ලන්ට පූසන්ට උදව් කරනවා. මම කිව්වේ බෙහෙත් දෙනවා. ඒ මදිවට හයිකුත් ලියනවා. ඔන්න මට ලන්ඩන් රෑ   හතට විතර  හයිකුවක් එවනවා අදහස කියන්න කියල. ලංකාවේ වෙලාව එකොළහමාරට විතර ඇති. ඉතින් මම මගේ නෙට්ෆ්ලික්ස් ෂෝ එක බලල ඉවරවෙලා උත්තරයක් ලියනවා රෑ දහයට එකොළහට විතර. ලංකාවේ වෙලාව උදේ තුනහමාර නැතිනම් හතරහමාර. එයා උදේට නැගිට්ටහම බලන්නේ නැතැයි කියල දාන්නේ . මෙන්න යකෝ හැරෙන තැපෑලෙන් උත්තර එනවා. අනේ බෝම ස්තූතියි අයියා කියල. අම්මප මේ උන්දලා බුදිය ගන්නේ නැත්ද? බල්ලන්ටයි පුසන්ටයි එකම ඉන්ජෙක්ෂන් එක ගහන නිසා සමහර විට නිදාගන්න ඕනේ නැතිව ඇති. මොකද උන් නඩු යන එකක්ය .ඔන්න  ඕව තමා   නිදාගන්න යන ගමන් මටත් හිතෙන්නේ.


ගංජාසීල මහත්තයට කියන්න, මට අක්ක කෙනෙක් ඉන්නව.   ලන්ඩන් වලට වලට කතා කරනවා උදේට එයාගේ ව්‍යාපාරික ස්ථානයේ ඉඳන්. අවුලක් නැහැ මමත් ගන්නවා. රෑට උයන්න යනව ඒ ගමන් කතා කරන්නේ කියල කියනව.  අනේ ඉතින් ඔය තාවකාලිකව වහල  උයන්න යනවකෝ කියල මම කියනව  අනුකම්පාවට. නැහැ හලෝ එතකොට කවුරුහරි ආවොත් හම හොඳ  නැහැනේ එයාලට එහෙම කරන්න කියල කියනවා. ඉතින් මම වැඩ ඉවර වෙලා ලංකාවේ  රෑ එකොළහ වගේ වෙලාවට කතා කරනවා, 
"කෝ ඔයා උයල , ඉවරද නිදා ගන්න යනවද".
"පිස්සුද මල්ලි  හස්බන්ඩ් ආවහම කාලා වීවී  බලල මේවා අස් පරස් කරල රෑ එකට  විතර තමා  නිදා ගන්නේ" කියල කියනව.  මෙන්න ලංකාවේ උදේ හතරට විතරට මෙසේජ් එකක් එනවා. ඉතින් මමත් නිදි මරගාතේ අහනව "මේහ් නිදි නැත්ද? " කියල. 
"ආ නෑ, මේ ඇහැරිලා හස්බන්ඩ් ට උයනව කෑම ගෙනියන්න."
 වැඩේ කියන්නේ ඊට පැයකට පස්සේ කතා කලොත් ඒත් නිදි නැහැ . "ආ, මං මේ පුතාට කෑම උයනව ගෙනියන්න. " 
"ඇයි වදේ උදේ ඉව්වේ හස්බන්ඩට  "
 "හරි ඒ වුනාට පුතා අරයට උයන ඒවා කන්නේ නැහැ. එයට වෙනම උයන්න ඕනේ"   ලංකාවේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්න බලන්න  අපේ ගන්ජසිලා සද්ධා හිතවතුනි. 

තව අක්ක කෙනෙක් ඉන්නව. හරිම අහිංසකයි. මේ කපේට කෝල් කරාට ගන්නේ නැහැ ෆෝන් එක. දූවරු තුන් දෙනාටත් කන්න දීල , වැඩටත් ගිහිල්ල, තුන් වේලෙටම උයනවද දන්නේ නැහැ. ඉස්සර නම් ඉව්ව. ඊට පස්සේ ගංජා සීල මහත්තය කියනව වගේ දහයෙන් පස්සේ කෝල් කරනවා. නැත්නම් මෙසේජ් එකක් දානවා හාව හඳ දකිනවා වගේ. 

ඉතින් රෑ දහයෙන් පස්සේ කෝල් කරන , මෙසේජ් දාන කාන්තාරත්නයන් ටික ඔක්කොම කොණ්ඩවලු වලින් අල්ලලා සෙක්කුවක ගැට ගහල වටේ යවන්නද කියන්නේ ගන්ජාසිල මහත්තයෝ?

ඉතින් අපේ ගන්ජසිල මගමෙව්නාව , වැරදුනා  වලිමඩුව මහතා ඔය  දිරන, කුණු  කයක් ඇති කාන්තාවකගේ ගර්භාෂයෙන් මේ අපි වගේ පහත් මනුෂ්‍ය  කුලේ  ඉපදුන කෙනෙක්  නම් වෙන්න බැහැ . එතුමාණෝ ශුද්ධවූ පාරිලෙය්‍ය වනයේ බුදුන් වහන්සේ  දුටු ඇත් රජාගේ පරම්පරාවෙන් පැවත එන අලි උන්නාන්සේ කෙනෙක්,  හිමාලය වනයට ගිය වෙලේ  දාපු ශුද්ධවූ  ගොම වලට වැටුණු අඹ පලයක්, පස්සේ  ශුද්ධ වූ  අඹ ගහක් වෙලා ඒකෙ  අඹ පලයක් කන්න ආපු වඳුරෙක් , ඒක තපස් රකින ශාස්තෘන් කෙනෙකුට වළඳන්න දීල, ඒ පිනෙන් ශුද්ධ වූ පිරිමි කුමාරයෙක්  හැටියට  ඕපපාතිකව ඉපදිලා, පස්සේ කොක් වහන්සේ කෙනක් ඒ ඕපපාතික පුත්‍ර රත්නය හොටින් උස්සාගෙන දුරු කතර, මහා මුහුද සිසාරා පියඹා ඇවිත් මගමෙව්නාවේ ශුද්ධවූ වනාන්තරයේ බොහොම පරිස්සමින් තියල ගිහින්.  ඊට පස්සේ හදා වඩාගෙන තියෙන්නේ ඒ ඇත්තෝ. ඉතින් ඔය අමනුෂ්‍ය ගැහැණු පුළුටක් වත් ගෑවිලා නැති නිසා ඉරිසියාවට කියන කතා නෙමේ ඔය. 

ඔන්න ඕකයි කතා වස්තුව 

-- ගමයා ලීවේ බුකියට 20/02/2024

ප.ලි. 

මේ අහිංසකය ගැනත් වචනයක් ලියන්න ඕනේ. කතරගම වඳින්න පයින් යනවා නම්, මඩු පල්ලි වඳින්න පයින් යනව නම්, කැන්ටබරි , හේඩ්රියන් වෝල් වඳින්න පයින් යනවා නම් ඇයි ශ්‍රී පාදේ යන්න බැරි. මට නම් කිසි ප්‍රශ්නයක් පේන්නේ නැහැ මෙතන. ආධාර එකතු කිරීමේ ප්‍රශ්නයකුත් නැහැ දෙන්න කැමති අය ඉන්නවනම් මුදල් විශුද්ධිකරණයක් නෙමෙයි නම් ඔය ලොකු පන්සල් පල්ලිවලට දෙන ආධාර වගේ .


 

60 comments:

  1. ඉස්සෙල්ලාම බුකියටදෝ ලියවෙන්නේ
    අජිතුත් බුකියෙ රජ වෙන්නද තතනන්නේ

    ReplyDelete
    Replies
    1. බුකියට ලිව්ව එකක් නේ මේක නම්
      චිත්තරපට ලිපි ජනප්‍රිය නැහැ වගේ නම්
      මොනවා කරන්නද නිදි මහතුනේ දැන්නම්
      ජනප්‍රිය වෙන්නට යන්නේ දැන්නම්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. බුකියෙ ඉන්නෙ වැදගත් නරි
      ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි
      කියවුනි මට, අප්පට සිරි
      බුකියට කිරි, අපට කැකිරි?💔

      Delete
    4. බුකියත් තවත් එක ජය මාවතකි
      හරියට කලෝතින් ගොඩ යයිය සකී
      නිදි අය්යා ඔය කීවට හොරෙන් සකී
      මාකටිං පාර දෙන්නෙ බුකියේ බලන් සකී

      Delete
    5. උඩට උඩු-වියන් තිර, පාවඩ බන්දා
      රජ ගෙදරට හකුරුත් සැපයුව උන්දා
      නිදි පරපුරේ ගොබිලෙක් දෝ මන්දා
      හූම්! කිව්වෙ මම බකමූණා හන්දා

      Delete
    6. මාකටිං කරන්නේ මම හොරෙන් නොවෙයි
      පිළිවෙතකට අනුව, ක්‍රම සහ විධිවලටයි
      විශ්ලේෂණය කරමින්, නීති වෙහෙසෙමිනුයි
      මට අනුව නං එව්වා හරි සාර්ථකයි

      Delete
    7. බුකියේ මාක-ටිං කෙරුවට කමක් නැත
      අපි නොගියට,එහි යන අය හුඟක් ඇත
      රනිල්ගෙ "ටින්" ගැන කියවෙයි හුඟක් මත
      සැමන්-ටින් බැදුමට, ගැලපෙනවා කැකුළු බත

      Delete
    8. අපි නොදන්න කතා කියා අප රවටනු සිතනු එපා
      අපට බුකි නොයන් කියා නිදි අයියා එහි ගැවසෙනුත් එපා

      Delete
    9. මෙන්න මගෙන් ඉතුරු පද දෙක:

      වාද වලිය රස වින්ඳෙමි සිනා පපා
      කෙටුව නිදියා, රාළ කෑව පස්ස සපා

      👌🤭😁💐

      Delete
    10. අජිත් වැරදි වැටහීමක නෙව ඉන්නේ
      බුකියට නොයන්නැයි නැත මා පවසන්නේ
      බුකියට ප්‍රමුඛ තැන දුන්නද විමසන්නේ
      එලෙස හැඟුණු හින්දයි, එහෙමද- නැහැනේ

      මෙව්වට වාද යැයි කීමට අකැමතිය
      සංවාදයක් යැයි කීමට මනාපය
      කවි අවි අමෝරා කරනා කවි යුදය
      පොලඹයි අපව ගෙතුමට පිළිතුරු කවිය!

      Delete
    11. තුන් දෙනාගේ කයි මඩුව තව දිග්ගැස්සෙනවනං... වාද, වලි වලින් හරි වැඩේ යනවනං මොකෑ 😁😁🙈

      Delete
  2. නියමයි ලොක්කා. මෙන්න මම කැමතිම ජාතියෙ ලිපි. ටිකාක් ඕප පැත්තට බර රස වෑහෙන එදිනෙදා සිදුවීම්. ඒක ලියල තියෙන හාස්‍යජනක රටාව නියමෙට රස වින්දා. තව කීප වාරයක් කියවන්න එන්න ඕනෙ. ස්තූතියි.🙏👌🪻💐🤣

    ReplyDelete
    Replies
    1. එල.පූසා ගේ ලිපිය කියෙව්වද

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මොකක්ද ඔය කියන පූසා ගේ ලිපිය? ලින්ක් එක දැම්ම නං තමයි වටින්නෙ? මම පවුලූෂාගෙ අලුත් පෝස්ට් එකක් කියල එහෙත් ගියා බලන්න.🤔

      Delete
    4. https://kolambagamaya.blogspot.com/2020/03/blog-post_28.html

      Delete
    5. කියෙව්වා. මහිතේ මම කලින් කියවල තිබුන. පරණ පෝස්ට් එකක් නිසා කමෙන්ට් කලේ නෑ. ඔය පූසො කතා කරන කතාව ඇත්ත, අපි ලඟ නැති වෙලාවට තමයි කතා කරන්නෙ.

      Delete
    6. අපේ එකා දැන් තනිකරම කතාව විතරයි. මොකක් හරි කියනව කතා කරණ කොට. ඒක පට්ට. මම දැන් තේරුන් අරන් ඉන්නේ එයාල දෙන ශබ්දය වෙනස් කියල. කෑම ඉල්ලන කොට එකක්. එලියට යන්න ඕන වෙනොට එකක්. ඒ වගේ.

      Delete
    7. මම දෙවෙනි එක ප්ලේ කරන කොට කිකී ඇස් දෙක ලොකු කරගෙන බලන් ඉන්නවා. 😀

      Delete
  3. ගන්ජසිල වලිමඩුව කතාව මොකක්ද? එයා බුකියෙ ඉන්න ධර්ම-දේශක චරිතයක්ද?🤔

    ReplyDelete
    Replies
    1. මේක නිත්‍යානුකුලව ලියල තියෙන එකක් නේ. ඒ කියන්නේ අර නීතිය හෙම අරන් ආවොත් එයාලට ක්‍රියාත්මක කරන්න මේකේ කාගෙවත් නම් ගම් දාල නැහැ. ප්‍රබන්ධයක් ඒ නිසා ඔප්පු කරන්න බැහැ. ඔය සුමධුර ***** දේශනා ටිකක් අහන්නකො. එයි එලියට

      Delete
    2. හ්ම්.. එහෙමත් එකක්ද? ඒත් ඔය සුමධුර එව්වා නැතුවට කාරි නෑ.😁

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සැමියා බිරිඳට තේ හදල දුන්නොත් අපායේ යනවා

      Delete
    5. හුටා! අපායෙ ගංජාසීලයා නැහ්නං එච්චරම නරක නැතුව ඇති.🤭

      Delete
  4. ඒ වගේ ගොන් ගස් හින්දා තමයි බුද්ධාගම ට කෙලවෙන්නෙ කියලා මට නම් හිතෙන්නෙ... කාන්තා ව පහලින් ප්ලේස් කරන හින්දු බ්‍රාහ්මන අදහස් බුද්ධාගම කියලා දේසනා කරනවා.

    කාටවත් කරදරයක් නැත්තං කවුරු කොහොම ගියත් කාටවත් මොකද...මේ වගේ රැඩිකල් නිරාගමික අය හින්දා කොලිටි නිරාගමික මත උනත් හෑල්ලුවට ලක් වෙනවා....


    ආගමික, නිරාගමික කියලා නෑ...වදුරට දැලි පිහිය අහූ උනා වගේ වැඩක් ...

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඒ මගුලා ලන්ඩන් ඇවිත් ඔය ගෙදරක දානෙකට මමත් ගියා. බිරින්දෑ යි ළමයි අත දුන්නහම පිරිත් නූල් බඳින්න මු කිව්වා අපි ගෑනුන්ගේ අත් අල්ලන්නේ නැහැ. පිරිමියකුට කියල බැඳ ගන්න කියල. කෝ තාත්ත එන්න කිව්වා. මම කීව මං ඔය පිරිත් නූල් බඳින්නේ නැහැ කියල. එදා තමා මට මීටර් වුනේ. ලන්ඩන් ඉන්නව පට්ට සෙට් එකක්. විසා දැම්මම පන්සලට ගිහින් සාස්තර අහල කිරි කල හතක් අහවල් එකට නාවන උන්.

      Delete
    2. ඔය නිරගමික ලේබල් ගහන බුකියේ රංගන සෙට් එකට මම කැමති නැහැ. උන්ගේ වෙන එජෙන්ඩ එකක් තියෙන්නේ. ඒ නිසා මම වැඩිය නිරාගමික කතාවකියන්න යන්නේ නැහැ. වෙනආගමක යමක් ගැන කිවොත් ලීවොත් හෙම එක සුළු ජාතීන්ට අපහාසයක් කරා වගේ සලකන සෙට් එකකුත් ඉන්නව.

      Delete
  5. හිතාගන්න පුළුවන් කවුද ගනින්නාන්සේ කියල... මේ මිනිස්සු වැරදුනා ,,,, හැන්දුරුවෝ සෙට් එක බුදු දහම වනසනවා....

    ReplyDelete
    Replies
    1. එහෙම තමා දැන් වෙන්නේ. පොතේ තියන බ්‍රහ්මණ වාද ටික අහුරු පිටින් එලියට දානවා

      Delete
  6. වෙනස් විදිහේ ලියැවිල්ලක්. ආසාවෙන් කියෙව්වා. මට නම් හිතෙන්නෙ ඒ හිමියනට තදබල මනෝ විකාරයක් තියෙනවා කියලයි. ඒවා ඉවසන දායක සභාවලට සහ පලකරන අයගේ සමාජ වගකීම සහ වගවීම ගැන වෙනම කතිකාවතක් කරන්න වටිනවා. හැබැයි ඔබේ මේ උපහාස ලිවීමේ රටාව මරු. වටේටම නියෙමෙට ලියල තියෙනවා. ලංකාවෙන් එන ගොඩක් කෝල් ගන්න අය අපේ වෙලාව ගැන සැලකිලිමත් නොවෙන එකනම් ලොකු ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ ඇගයීමට . මම හිතන්නේ මේක ප්‍රසිද්ධිය ලබා ගන්න ක්‍රමයක්. අර උඩ තියෙන කොමෙන්ට් එක වගේ සුදු අය ආවහම වෙනස් ධර්මයක් දේශනා කරන්නේ මෙහෙ පන්සල් වලත්. සිංහල අයට වෙනස් එකක්. කෝල් කතාව ලිව්වට පස්සේ දැන් දවස් තුනක් හතරක් , එක කෝල් එකක්වත් නැහැ. අක්කලත් තරහ වෙලාද කොහෙද 😀

      Delete
  7. ආගම්වල නාමයෙන් පෙනී සිටිමින් මිනිස්සුන්ව gaslight කරන්න කියන කතානෙ ඔය. ඕවා විස්වාස කරන අය කොච්චර ඇතිද.

    බොරු කීම ගැන කියද්දි මතක්වුනේ අජිත් ලොකු සපෝටර් කෙනෙක් නේද Prince Todg...සොරි.. Prince Harry සහ මෙගන් මාකල්ගෙ. මම ඒ දෙන්නගෙ වැරැද්දක් කිව්වා කියලා දවසක් මටත් කිව්වෙ හැරීගෙ චරිතාපදානය වන Spare පොත කියවන්න කියලා. දැන් කොහොමද තමන්ගෙ drugs භාවිතය ගැන විස්තරාත්මකව චරිතාපදානයේ ලියලා, interviews වල හැරීම ඒවා තහවුරු කරලා , දැන් ඒ හේතුව නිසා US වීසා එක උසාවියෙදි challenge වුනාම පොතේ තියෙන්නෙ බොරු (exaggeration/embellishment) කියලා තර්ක කරන්න වෙලා නේද. පව්.. ආ මට අමතක වුනා කියන්නා කොහොම කිව්වත් අසන්නා සිහි බුද්දියෙන් අහන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ලෝටස් ඒක ඇත්ත. විශ්වාස කරණ අය ගමකට ඉන්නවා. කොටින්ම මගේ පෝස්ට් එකට කෙනෙක් පෞද්ගලිකව එව්වා මුතුගල කියල සර් කෙනෙකේ කියල තියෙන එකක්. හමුදුර්වන්ට බනින ඒවාට හෙම අහු වෙන්න එපා. ලයික් දාන්න එපා. ඒවා පව්කාර වැඩ කියල. තව ගැහැණු කෙනෙක්ම කීව , ඕවා බුද්ධ වචන. අපි ඕව සැක කරලා පව් පුරවා ගන්න ඕනේ නැහැ. ඊලඟ ආත්මේ පුරුෂ ආත්මයක් පතනවා මිසක් කියල.

      Delete
    2. හැරී ගැන කියනවනම් මම දැක්ක ට්‍රම්පච්චි කියල තියනවා හැරිව එළවන්න ඕනේ කියලා ඔය ඩ්‍රග් කතාවට. ඒක ටිකක් හිනා යනවා නේද. මත් ද්‍රව්‍ය පුරවල, තියෙන මාෆියා වලින් ඒක පාලනය කරන රටේ කවුරු හරි පොතක පරණ මතකයක් ලියල තිබ්බොත් ඒකට එලවන එක. මම හිතන්නේ හැරී ඒවා ගත්ත කියල. සෑහෙන කාලයක් විෂාදිය තිබ්බ කෙනෙක් නේ. මම එයාගෙ ලොකු සපෝටර් කෙනෙකුට වඩා ඌට වෙච්ච අසාධාරණයටයි කැමති නැත්තේ. පරණ කාලේ සහෝදරයට නොදී ළමයින්ට රජකම දෙන්න ඔහොම කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුනා තමා. මම ඩයනා ෆෑන් කෙනෙකුත් නෙමේ. නමුත් මැරුණ දවස මතකයි. ඊට පස්සේ ඒ කොල්ලෝ දෙන්න හැදුන හැටි දැක්ක. අම්ම මැරුණට පස්සේ තාත්ත හිටපු ලවර් කුඩම්මෙක් හැටියට ගෙනාපු , ඒ කුඩම්ම තමන්ව ඕන වෙලාවක ආදරෙන් බදාගන්න අම්ම කෙනෙක් මැරෙන්න හේතුවක් උන හැටි බලන් ඉන්න, කොච්චර සල්ලි තිබ්බත් ජිවත් වෙන්න අමාරුයි. එහෙම සල්ලි නැති සාමාන්‍ය පවුල් වල වුනත් මත් ද්‍රව්‍ය අරන් විනාශ වෙලා ගිහින් පස්සේ යාන්තන් බේරුණු ළමයි මම දන්නවා. ඒ කාලේ හැරී ට අයිය තමයි ලොකුම විරය. අන්තිමට ඒ අයියා සිහසුන වෙනුවෙන් මල්ලිව පාවල දුන්න. මෙගන් වුනත් කලින් ප්‍රසිද්ධියක් තිබුන කෙනෙක්. මාලිගාවේ වැඩ කරන එවුන්ට මෙගන් ඇල්ලුවේ නැහැ. එතන වර්නවාදයක් යම් තරමකට තිබ්බ කියල මම විශ්වාස කරනවා. පැරණ නාකි සෙට් එකේ ඒවා තවම තියනවා. මම ඔන්න ඕවට විරුද්ධ. අපි තවම ටැක්ස් ගෙවනවානේ එයාලට නැත්නම් රජ පවුලේ ඕන මගුලක් වුනාට කමක් නෑ .

      Delete
    3. මේ දවස් වල ඉනෙස් කොරියන් ෆිල්ම් සීරිස් එකක් බලනව. captivating a king කියල. අයිය මරල රජ වෙච්ච මල්ලි කෙනෙක් ගැන. මේ ඒ කාලේ . ඔය අයිය මල්ලි රජ කමට ඇර ගන්න දේ ඒ කාලේ තිබ්බේ. බලනකොට දැනුත් එහෙමයි https://www.youtube.com/watch?v=_1t7mqiqtkk

      Delete
    4. "මත් ද්‍රව්‍ය පුරවල, තියෙන මාෆියා වලින් ඒක පාලනය කරන රටේ කවුරු හරි පොතක පරණ මතකයක් ලියල තිබ්බොත් ඒකට එලවන එක" අය්යෝ අජිත්.. ඉතින් හැමවෙලේම පොයින්ට් එක වලිගෙන්නෙ අල්ලගන්නෙ. විවිධ හේතු නිසා මිනිස්සු ඒවා පාවිච්චි කරනවා ඇති, අපිට judge කරන්න බෑ. මම කිව්වෙ ඒක නෙමෙයි. තමන්ගෙ වචනෙන්ම Prince Harry තමන්ගෙ චරිත කතාව පොතක ලියලා, ඒක තමන්ගෙ කටහඬින්ම Audible එකෙත් දාලා, "media වලින් කිව්ව දේවල් ඔක්කොම වැරදියි මේ පොතේ තමයි මන් ගැන ඇත්ත තියෙන්නෙ" කියලා global media වැඩසටහන් වලින් කියලා, දැන් ඒ හේතුව නිසා තමන්ගෙ us visa එක අභියෝගයට ලක් වෙලා තියෙනකොට පොතේ තියෙන්නෙ බොරු කියලා තර්ක කරන්න වෙලා තියෙන එකයි. What a hypocrisy.

      Delete
    5. "අන්තිමට ඒ අයියා සිහසුන වෙනුවෙන් මල්ලිව පාවල දුන්න". මම දන්න තරමින් නම් සම්ප්‍රදාය පවුලෙ වැඩිමල් කෙනාට සිහසුන ලැබෙන එකනෙ. ඉතින් එතකොට කොහොමද William සිහසුන වෙනුවෙන් මල්ලිව පාවා දුන්නා කියන්නෙ. ඔව්, Harry ට අසාදාරණකම් වෙලා ඇති; කොයි පවුලෙද අසාදාරණකම් නොවෙන්නෙ.

      හිනා යන වැඩේ තමයි ඔය anti-monarchists හුඟ දෙනෙක් 'රජ පවුල භංග වේවා' කියමින්, ඒ අතරෙ Prince Harryට රජකම ලැබෙන්න ඕනෙ කියලා කෑගහමින් ඉන්න එක. ඇයි ඉතින් මෙගන් හා හැරී ඔය තරම් තමන්ට 'අසාදාරණකම් කරපු, නපුරු' රජ පවුලෙන් ලැබුනු තනතුරු නාම (Duke and Duchess of Sussex titles) අත අරින්නෙ නැතුව ඒවයෙම එල්ලිලා ඉන්නෙ. "රජ පවුල නැති වේවා හැබැයි මෙගන් හා හැරී රජ වේවා"... පව් !!

      Delete
    6. "මෙගන් වුනත් කලින් ප්‍රසිද්ධියක් තිබුන කෙනෙක්". මේ පෝස්ට් එකට අදාල නැති නිසා දිගටම මේවා ගැන කමෙන්ට් කරන එක odd. නමුත් අජිත් කියලා තියෙන දේවල්වලට හිනා යනවා. මෙගන් cable tv කතා මාලාවක චරිතයක් රඟපාපු කෙනෙක් විතරයි. රජ පවුලට සම්බන්ධ වුනාට පස්සෙ තමයි එයාට ප්‍රසිද්ධිය ලැබුනෙ. එයා Suits වල ප්‍රධාන චරිතයක්වත් නෙවෙයි, ප්‍රධාන චරිතයක love interest විතරයි. මෙගන්ව Suits කතාවෙන් අයින් වෙන විදිහට තමයි කතාව ලිව්වෙ (written out). ඒ නිසා තමයි එයා පොහොසත් husband කෙනෙක් හොයාගෙන එංගලන්තෙට ආවෙ. (ඒකෙ වැරැද්දක් නෑ හැම කාන්තාවම කැමතියිනෙ සල්ලිකාර මහත්තයෙක් හොයාගන්න). හැබැයි ඒ කතාව විකුර්ති කරලා කියන එකයි වැරැද්ද.

      " මාලිගාවේ වැඩ කරන එවුන්ට මෙගන් ඇල්ලුවේ නැහැ". She is a bully. Look at her body language in public events. She always dominates others and needs to be in the front and centre. Anyone with an open mind can see that (although, unfortunately, you don't see it)

      දැන් අහගෙන එන්න එපා මන් කියවන්නෙ මොන පත්තරද ඉන්නෙ, මොන රටේද කියලා. ඒවා මෙතෙන්ට අදාල නෑනෙ. අජිත් ලියන්නෙත් වෙන දේවල් මූලාශ්‍ර විදිහට අරන් මිසක් දිව්‍යා ඥානයෙන් නෙවෙයිනෙ.

      This is off the topic. So I do not plan to keep commenting. Thanks for the chat.

      Delete
    7. අම්මට සිරි ලෝටස්, වෙරි ගුඩ්. මෙන්න මේවා තමා කමෙන්ට්. 😀. ඔහොම එන්නකෝ. පළමුවෙනි කොමෙන්ට් එකටනම් කියන්න දෙයක් නැහැ. එකඟයි එතන hypocrisy එකක් තියනවා. ඒ වුනාට මම පොරට සමාව දෙනවා. තාත්තයි එයාගේ මල්ලි අන්දරෙයි කරපු දේවල් හැටියට ලොකු දෙයක් නෙමේ.

      Delete
    8. දෙවෙනි කොමෙන්ට් එකනම් ඔයා පට්ට විධිහට පටලාගෙන අනේ. //"අන්තිමට ඒ අයියා සිහසුන වෙනුවෙන් මල්ලිව පාවල දුන්න". මම දන්න තරමින් නම් සම්ප්‍රදාය පවුලෙ වැඩිමල් කෙනාට සිහසුන ලැබෙන එකනෙ. ඉතින් එතකොට කොහොමද William සිහසුන වෙනුවෙන් මල්ලිව පාවා දුන්නා කියන්නෙ. ඔව්, Harry ට අසාදාරණකම් වෙලා ඇති; කොයි පවුලෙද අසාදාරණකම් නොවෙන්නෙ.//ඒ මම කියල තියෙන්නේ රජකම ගන්න ඕනෙවට එයා තාත්ත හා කුඩම්ම එක්ක සෙට් වුන එක ගැන හලෝ. රජ පවුල සීමා කරන්න කියල ටෝක් ගියානේ තදට. හැරී නොගියත් පොරව කැපෙනවා කොහොමත්. හැරී ට කවදාවත් රජකම් ලැබෙනවා කියල කවුරුත් කියල නැහැ. කියන්නෙත් නැහැ. හැමෝම දන්නවා lineage to crown එක. කොයි පවුලේද අසාධාරනකම් නොවෙන්නේ කියන එකඟ ඒවා සාධාරණිකරණය වෙන්නේ නැහැ.
      /හිනා යන වැඩේ තමයි ඔය anti-monarchists හුඟ දෙනෙක් 'රජ පවුල භංග වේවා' කියමින්, ඒ අතරෙ Prince Harryට රජකම ලැබෙන්න ඕනෙ කියලා කෑගහමින් ඉන්න එක// මේකට නම් පට්ට හිනා 😂 🤣 කවුද එහෙම කියන එක්කෙනෙක් දෙන්නෙක් වත් නම් කරන්නකෝ. මොකෙක් වත් එහෙම කියන්නේ නැහැ. මම කියලත් නැහැ. උන් දෙන්නට සහ ඩයනා ටත් ඕනේ රජ කම තියා ගන්න තමයි. නමුත් අරයලට දෙන වරප්‍රසාද එක්ක. මම කියන්නේ හිටියදෙන්. අපේ ටැක්ස් නැතිව. ඔය ජර්මනියේ වගේ.

      Delete
    9. "මෙගන් වුනත් කලින් ප්‍රසිද්ධියක් තිබුන කෙනෙක්". මෙගන් cable tv කතා මාලාවක චරිතයක් රඟපාපු කෙනෙක් විතරයි. රජ පවුලට සම්බන්ධ වුනාට පස්සෙ තමයි එයාට ප්‍රසිද්ධිය ලැබුනෙ. එයා Suits වල ප්‍රධාන චරිතයක්වත් නෙවෙයි, ප්‍රධාන චරිතයක love interest විතරයි. -මේ ඉතින් ඔයා දන්නා තරම තමා. ඒ කතා මාලාවේ මෙගන් එක චරිතයක් ඒකෙ ප්‍රධාන චරිත අටක් කඩ් අකොහෙද තිබ්බ මතක විධිහට. . මම හිතන්නේ ඔයා බලල වත් නැතිව ඇති. හැරියා යාලු වෙන්න කලින් මෙගන් ඒකෙ හිටියේ අවුරුදු 4-5ක්. ඔයා කියන විධිහට හැරී හොයන එන්න කලින් එයා බැඳල නේ හිටියේ. අනික මෙගන් ට ඩොලර් මිලියන් 4-5 ක වත්කමක් තිබුන කෙනක්. එයාට ඒක ඇති කැනඩාවේ ජිවත් වෙන්න ඕනේ ම නම්. හැරියා ඕනේ නැහැ. නමුත් ඌ කැත එකකේ නෙමේනේ. ප්‍රශ්න තිබ්බ එකෙක්.

      Delete
    10. // මාලිගාවේ වැඩ කරන එවුන්ට මෙගන් ඇල්ලුවේ නැහැ". She is a bully. Look at her body language in public events. She always dominates others and needs to be in the front and centre. Anyone with an open mind can see that (although, unfortunately, you don't see it)// මම දැකල තියෙන දෙයක් තමයි ෆොර්වර්ඩ් යන ගැහැනුන්ට විරුද්ධ වෙන්නේ පිරිමින්ට වඩා ගැහැණු අ යම බව. මෙතන ඔයා ඔප්පු කරලම පෙන්වනවා. 😅 ඔයා නෙට්ෆ්ලික්ස් එකේ ඉතාලියේ ප්‍රථම ගැහැණු නීතිඥවරිය ගැන කතාව බැලුවද. ඒක ගොඩක් දුරට ඇත්ත. ඉතාලිය දුන්නේ නැහැ එයාට ගැහැණු නීතිඥවරියක් වෙන්න. හැබැයි එයා නිසා movement එකක් හැදුනා. ඔයා ඒ කාලේ හිටියනම් ලීඩියා ටත් ඔය වගේ බනී. මෙගන් ඉස්සරහට යන්න, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බය නැහැ. මටනම් ඒක හොඳ දෙයක්. මම මගේ දුවල දෙන්න හදලා තියෙන්නෙත් ඒ විධිහට. උන් එහෙමයි . යට වෙන්න එපා මොකෙකුටවත් කියල තමයි උගන්නල තියෙන්නේ. අපි පුංචි කාලේ ඉඳන් පිටිපස්සේ පේලියේ ඉඳල , කිසියම් ජයග්‍රහණයක් ගත්තත් ඒවාගැන කියන්න මැලි වෙච්ච පරම්පරාවේ. modesty කියල එකක් නිසා. නමුත් බටහිර රටවල ඒක බැහැ . එහෙම හිටියොත් හැමදාම පස්සේ පේලියේ තමයි. මට ඒක තේරෙන කොට ප්‍රමාද වැඩියි. මෙගන් ල වගේ අයට වැඩිය හිනා වෙන්නේ අවුරුදු හතලිහ පැන්න සුදු පිරිමි. 😅good luck to මෙගන් - වැඩේ කියන්නේ ඔය පැලස් ඉන් එවුන් එහෙම ඉස්සෙල්ල අත ඉඹිනවා. ඊට පස්සේ තමයි ගේම දෙන්නේ. ඇයි මෙගන් ගේ විතරක් වැරදියි පත්තර වලට ලීක් වෙන්නේ. ඇයි ඩයනට විතරක් එහෙමෙ වුනේ. ඇයි andrew ගේ ඒවා අඩුවෙන් ලීක් වුනේ. මම හිතන්නේ ඔයාට මේ රටවල් වල media manipulation එක ගැන දැනුම zero කියල. හොඳයි මෙහෙම බලන්න. යුක්රේනේ ළමයි උස්සපු නිසා පුටින් කාරයා යුධ අපරාධකාරයෙක් කියල කියනව . හරි අපි එකඟයි. පලස්තිනේ ළමයි අම්බානක මැරෙනවා. නෙතන්හුයාහුට කවුරුහරි එහෙම කියනවද. හමාස් එවුන්ට කවුරුහරි කියනවද? (මොන හේතුවකට හරි උන්ට බනින්නෙත් නැහැ මේ සෙට් එක)

      Delete
    11. ලෝටස් සාමාන්‍යයෙන් මම heated debate වලට කැමැතියි. අවුලක් නැහැ කියා හිතනවා පිළිතුරු. aggressive වැඩි නම් සොරි 😊

      Delete
    12. "එකඟයි එතන hypocrisy එකක් තියනවා". එතන තියෙන hypocrisy එක පොඩි ලමයෙකුට වුනත් තේරෙනවා. අජිත් ඒකට එකඟ වෙච්ච එක මම අගය කරනවා.

      තමන් ගැන අනිත් අය කියන (විශේශයෙන්ම UK media කියපු) හැම දේම වැරදියි, "මෙන්න මගෙ පොතේ තමයි මන් ගැන ඇත්ත තියෙන්නෙ" කිය කිය ගිහින්, අන්තිමට වැරදුනාම "ආ ඒ තියෙන්නෙ පොත විකුනගන්න කියපු බොරු" කියලා දැන් backtrack කරන්න වෙලා. ඒක තමයි මගේ පොයින්ට් එක වුනේ. අජිත් වැල්වටාරම් කියලා අන්තිමට එකඟ වෙච්ච එක මදැයි.

      Delete
    13. "ඒ මම කියල තියෙන්නේ රජකම ගන්න ඕනෙවට එයා තාත්ත හා කුඩම්ම එක්ක සෙට් වුන එක ගැන හලෝ", ඔව් හලෝ ඉතින් සිහසුනට උරුමක්කාරයා William නම්, රජකම ගන්න ඕනෙවට තාත්තා හා කුඩම්මා එක්ක එකතු වෙන්න අවශ්‍ය නෑනෙ. He is the heir to the throne. තේරුමක් නැති තර්කයක්නෙ.

      "නමුත් අරයලට දෙන වරප්‍රසාද එක්ක. මම කියන්නේ හිටියදෙන්. අපේ ටැක්ස් නැතිව. ඔය ජර්මනියේ වගේ" ඔව් ඔව්... ටැක්ස් නැතුව ඉන්න වෙන්න ඇති දැන් හැරී කුමාරයා UK ආණ්ඩුවට විරුද්දව නඩු කියන්නෙ tax payer funded security හා IPP status ඉල්ලලා. ඒවට ටැක්ස් නෑනේ.. ඇයි අජිත් හැම වෙලේම එක පැත්තක් වහලා කමෙන්ට් කරන්නෙ.

      කෝ ඉතින් මම කියපු අනිත් දේට අජිත් උත්තර දීලා නෑනෙ. ඇයි ඉතින් ඔය තරම් නපුරු, දුශ්ට රජ පවුලෙන් ලැබිච්ච Duke and Duchess of Sussex කියන titlesවල හැරී හා මෙගන් තාම එල්ලිලා ඉන්නෙ. මෙගන් හැම වෙලේම කියන්නෙ "titles do not matter" කියලනෙ. What a hypocrisy.

      Delete
    14. "මම හිතන්නේ ඔයා බලල වත් නැතිව ඇති". නෑ අනේ.. මට ඉන්ගිරිස් බැහැනෙ. බැලුවට තේරෙන්නෙ නෑ.

      "මම දැකල තියෙන දෙයක් තමයි ෆොර්වර්ඩ් යන ගැහැනුන්ට විරුද්ධ වෙන්නේ පිරිමින්ට වඩා ගැහැණු අ යම බව. මෙතන ඔයා ඔප්පු කරලම පෙන්වනවා". නැතුව නැතුව.. හරියට හරි. අජිත්ට ඉතින් තව කෙනෙක් ගහන ඇසි පිල්ලමක් දැකලා වුනත් ඒ කෙනා ගැන උඩ සිට පල්ලෙහට විස්තර කරන්න පුලුවන්නෙ.

      "මෙගන් ඉස්සරහට යන්න, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බය නැහැ" තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න බය නැති අය ඉස්සෙල්ලම අනිත් අයගෙ මතයට ගරු කරනවා. මෙගන්ට තියෙන්නෙ හැම වෙලේම අනිත් අය තමන්ට වඩා පහතින් ඉන්නෙ කියන ආකල්පය. දැක්ක නේද එයා අර Netflix docuseries එකේදි, deep courtesy එකක් කරලා රැජිනව mock කරපු විදිහ. දැන් අජිත් කියන විදිහට මෙගන්ට රජ පවුලට එකතු වෙන්න කලින් ප්‍රසිද්දිය සල්ලි තිබුන කියමුකො, නමුත් ඒවා දහස් වාරයකින් වැඩි වුනානෙ රජ පවුලට එකතු වුනාම. Where's her modesty and gratitude.

      Delete
    15. "මම මගේ දුවල දෙන්න හදලා තියෙන්නෙත් ඒ විධිහට. උන් එහෙමයි . යට වෙන්න එපා මොකෙකුටවත් කියල තමයි උගන්නල තියෙන්නේ". කොච්චර හොඳයිද. Well done.

      හැබැයි ඉතින් අජිත් modesty කියන්නෙ තමන්ගෙ බ්ලොග් එකේ කමෙන්ට්ස් දාන අයට "මේ ඉතින් ඔයා දන්නා තරම තමා", "මම හිතන්නේ ඔයාට මේ රටවල් වල media manipulation එක ගැන දැනුම zero කියල" වගේ උත්තර දෙන එක නම් නෙවෙයි. I hope you have the self awareness to understand it.

      Delete
    16. "ලෝටස් සාමාන්‍යයෙන් මම heated debate වලට කැමැතියි. අවුලක් නැහැ කියා හිතනවා පිළිතුරු. aggressive වැඩි නම් සොරි" : සොරි කියන්නෙ මොකටද. අදහස් ප්‍රකාශ කර ගැනීමක්නෙ කලේ. සොරි කිව්වට ස්තුතියි.

      Delete
    17. 1. ලෝටස්, සොරි පරක්කු වුනාට. සිකුරාදා හෙන බිසි. පොතක් කියවන්න ගත්ත. ඒ නිසා සෝෂල් මිඩියා ආවේ නැහැ. හැරී එතැන් දෙබිඩි වුනාට හැරිට වට කරලා ගහන බව ඇත්ත. යූකේ මිඩියා ඒ අතින් හුඟක් දරුණුයි. ගහන රයිට් විං කුලියට ලියන්නෝ දෙතුන් දෙනෙක්ම ඉන්නවා. පොරයි මෙගනුයි මොනවා කරත් වැරදි වගේ. කේට් මොනවා කලත් හොඳයි. ඒක හරි කැතයි. දැන් අපිට කේට්, විලියම්, හෝ අනිත් අය ගැන ලොකු කැමැත්තක් වත් අකමැත්තක් වත් නැහැනේ. මෙගන් ආපු ගමන් මිනිස්සු අතර ජනප්‍රිය වුනා. අපි ඒක දැක්කනේ. එයාගේ ඇඳුම් ස්ටයිල් ජනප්‍රිය වුනා. කේට් එක්ක සම සමව ආවනේ . එතන ඉඳන් තමයි ඔය වලිය පටන් ගත්තේ. ඩයනා ටත් ඒකමනේ වුනේ. චාර්ල්ස් ට වැඩිය ජනප්‍රිය වෙන්න ගත්ත ගමන් පැලස් එකේ වැඩ කරන එවුන් ඇද්ද ගේම.

      Delete
    18. 2. ඔයාගේ අනිත් කොමෙන්ට් ඔක්කොටම කියන්න තියෙන්නේ agree to disagree කියල තමා. //"නමුත් අරයලට දෙන වරප්‍රසාද එක්ක. මම කියන්නේ හිටියදෙන්. අපේ ටැක්ස් නැතිව. ඔය ජර්මනියේ වගේ" ඔව් ඔව්... ටැක්ස් නැතුව ඉන්න වෙන්න ඇති දැන් හැරී කුමාරයා UK ආණ්ඩුවට විරුද්දව නඩු කියන්නෙ tax payer funded security හා IPP status ඉල්ලලා. ඒවට ටැක්ස් නෑනේ.. ඇයි අජිත් හැම වෙලේම එක පැත්තක් වහලා කමෙන්ට් කරන්නෙ.// මම රජ පවුලට විරුද්ධ නම් හැරී හා මෙගන් ගේ වියදම් වලටත් විරුද්ධ තමා. ඒක තේරුනේ නැත්ද? මම මේ ගොල්ලන්ගේ මේ මගුල් වලට සපෝර්ට් කරනවා කියල කොහේද ලියල තියෙන්නේ. ඩයනා ට වගේම මෙයාලටත් ඕනේ රජ පවුලේ ඉන්න. ඒක හැරී හැම තන්බම කියනවනේ. ඊයේ පෙරේද චාල්ස් ගේ පිළිකා එක ගැන බලන්න ඇවිල්ල කිව්වේ. අනික ජර්මනියේ වගේ ටයිටල් තියා ගත්තට මට නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රින්ස් විලියම් ලට වුනත්. ජර්මනියේ ටයිටල් සහ ගෙවල් තියා ගන්න පුළුවන්. මිනිසුන්ගේ ටැක්ස් වලින් ගෙවන්නේ නැහැ. ඒකට තමා මමත් සහයෝගය දෙන්නේ. ඒ ගොල්ලන්ගේ පරම්පරාවල් ගෙනිච්චට ප්‍රශ්නයක් නැහැ.

      Delete
    19. //හැබැයි ඉතින් අජිත් modesty කියන්නෙ තමන්ගෙ බ්ලොග් එකේ කමෙන්ට්ස් දාන අයට "මේ ඉතින් ඔයා දන්නා තරම තමා", "මම හිතන්නේ ඔයාට මේ රටවල් වල media manipulation එක ගැන දැනුම zero කියල" වගේ උත්තර දෙන එක නම් නෙවෙයි. I hope you have the self awareness to understand it.// ආඃ අනේ හිත රිදුන නම් සොරි ඈ. ඒත් මට හිතෙනවා තවම මේ රටවල් වල මිඩියා මැනිපියුලේෂන් එක ගැන ඔයාලගේ දැනුම අඩුයි කියල. මෙහෙ හිටියා වුනත්. හුඟක් වෙලාවට ඔයාගේ රැකියාව ඇකඩමිය පැත්තේ බිසී ඇති. ඒ නිසා අපට වගේ ඒවා හොයන්න වෙලාවක් නැතිව ඇති. අර පුටින්/නෙතන්යාහු කතාවට ඔයා මොකද කියන්නේ? දැන් කොහොමද andrew කුමාරය බේරා ගන්නේ බලන්න. එයට සෙක්ස් කේස් එක ගැන ප්‍රශ්නයක් උඩට ආපු ගමන් අනිත් පැත්තට මෙගන් ට ගහල ලිපියක් දානවා. නෙතන්යාහු ට බනින ඕනේ කෙනෙක්ට ඇන්ටි සෙමිටික් ලේබල් එක ගහනවා. අනික් බ්‍රෙක්සිට් එක බලන්න (මම විරුද්ධව චන්දෙ දුන්නේ) ඒක මැනිපියුලේට් කලේ මෙහෙ ටැක්ස් වලින් බේරෙන්න හදන සල්ලි කාරයොයි , පූටින් නුයි පුටින් ගේ සල්ලියි. (මුන්ට දැනුයි ඒක තේරිලා අඬන්නේ දැන්) . මිනිස්සු අහුවුනා ඒ බොරු වලට.

      Delete
    20. සාමාන්‍යයෙන් මික්ස් ළමයි දෙපැත්තකින් බැට කනවා. කළු අයගේ පැත්තෙන් සහ සුදු අයගේ පැත්තෙන්. දැන් සෑහෙන්න අඩුයි. විශේෂයෙන් ලන්ඩන් වල හෙම. අපි ඒක හොඳට දන්නව ලංකාවේ පාටි වලට ගියත් අපේ ලමයි දෙන්න කොන් වෙලා ඉන්නවා අපි දකින නිසා. ඒ නිසා හුඟක් වෙලාවට අපි යන්නේ නැහැ ඒවාට . පාටි දාන එකත් සෑහෙන්න අඩුයි. එයාල කැමැති සෙට් එක එක්ක විතරයි අපිත් දැන් සෙට් වෙන්නේ. ඕක මෙගන් වගේ කෙනෙකුට කොහොම බල පෑවද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒ ළමයි පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ තැනට ෆයිට් කරන නිසා එයාල aggresiv , බුලි කියල අනිත් අයට පේනවා ඇති. මගේ ලොකු දුවට ප්‍රයිමරි ඉස්කෝලෙදි වෙච්චි දෙයක් මේ. (මෙහෙ ප්‍රයිමරි හයේ පන්තිය වෙනකන් තියනවනේ.) එයා හයේ ඉද්දි D'Andre කියල බ්ලැක් පිරිමි ළමයෙක් හිටිය. මූ හෙන උසයි. ලොකුයි. අපේ දුව පොඩියි. මට වැඩිය අඟලක් උස ඇති. අර කොල්ල හැම විවේක වෙලාවෙම හැම කෙල්ලම තල්ලු කරල බිම දාල හිනා වෙනවා. අනිත් එවුනුත් වැටුණු කෙල්ලට හිනා වෙනවා. ක්ලැසික් ප්ලේ ග්‍රවුන්ඩ් බුලි. සමහර කෙල්ලෝ පිට්ටනියේ ටීච ට කිව්වහම එයා ගණන් ගන්නේ නැහැ. ආ ඒ කොල්ලෝ ආදරේට එහෙම කරන්නේ. එයාට ඔයාට ආදරේ කියන්න ලජ්ජා නිසා එහෙම කරන්නේ කියල ශේප් කරනවා . හැබැයි එක පාරටම මූ සුදු ඉංග්ලිෂ් කෙල්ලන්ව තල්ලු කරන එක නැවැත්තුව. (ටීචර් ඉන්ග්ලිෂ් එක්කෙනෙක්) කළු කෙල්ලෝ දෙතුන් දෙනෙක් හිටිය. එයාලටත් නැහැ. (පොරගේ වර්ගයා නිසා) එතකොට අපේ ලමයයි තව ඒෂියන් (චීන ඉරේනියන් මික්ස්) කෙල්ලෝ දෙතුන් දෙනෙකුටයි මු මේ වැඩේ හැමදාම කරනවා. දුව එක දවසක්ඇවිල්ල කිව්වා වැටුණු පාරට උරහිස් වැදිලා රිදෙනවා. මම සිද්ධාලේප ගාල හෙම කීව -ඔයා දැන් ටයෙක්වොන්දෝ කරනවනේ. මාස්ටර් කියල දීල තියෙනවනේ ටැකල් කරන්න කවුරුහරි පිටිපස්සෙන් එනකොට හෙම. ඇයි කරන්නේ නැත්තේ. මමී කියල තියෙන්නේ ඒවා කරන්න එපා කියල. හරි මම බලා ගන්නම් ඊලඟ දවසේ ඌ ආවොත් කරන්න. ඕනේ නම් මුණටත් එකක් ගහන්න කියල මම කිව. කෙල්ල මූ තල්ලු කරන පිටි පස්සෙන් ආවහම ටැකල් එකක් දාලා මූ පිට්ටනියේ බිම පත බෑවිලා. අනිත් එවුන් ඔක්කොම දැන් හිනා වෙනවා. මූ අඬාගෙන ගිහින් ටීචර් ට කියල. දැන් ඒකට විතරක් invesstigation. ඉතින් වයිෆ් මට බැන බැන ගියා ඉස්කෝලෙට.මාත් ගිහින් එළියේ හිටිය වැඩේ ඇදුනොත් කතා කරන්න කියල. වයිෆ් කෙලින්ම ඇහුව ඇයි මෙයා මෙහෙම කරනවා කියල කලින් කියල තියෙද්දී මුකුත් නොකළේ. ටීචර් ගේ "අර ආදරේට " කතාව ආයේ ආවා. එතකොට ආදරේට උඹල abuse කරන්න දෙනවද අපේ ළමයිව ? අපේ ප්‍රශ්නේ. අපට සපෝර්ට් එකට එළියේ අර තල්ලු කරපු තව ගැහැණු ළමයි කිහිපයකගේ අම්මලත් හිටිය. වැඩේ අනිත් පැත්තට පෙරලෙන කොට ඔන්න අර කොල්ලගේ අම්ම (බ්ලැක් එක්කෙනෙක්) අඬන්න ගත්ත. "මගේ ළමයට තාත්ත නැහැ. දාල ගිහින්. මම අමාරුවෙන් හදන්නේ." පස්සේ අපි එයාට වෙනම කතා කළා. එයා ශේප් වුනා. තමන්ගේ ළමයාගේ වරදත් පිලි ගත්ත. හැබැයි අපි ටීචර් ලට නම් කිව්වා සෑහෙන්න. මොකද එයාලට අපේ දුවගේ රිටැලියේෂන් එක තමා වරද හැටියට පෙනුනේ. වැඩේ ඉවර වුනා එතැනින්. (තව උදාහරණ තියනව. මේ සැර අඩුම එක ) .

      Delete
  8. ගංජාසීලයා පමණක් නොවේ ලිංගික අසහනය නිසා කාන්තාවන්ට අපහාස කරන තවත් කහකඩයින් ඉන්නවා.

    එයින් එකෙකු කියන හැටියට මෙලොව ඉන්නා කාන්තාවන් මීට කලින් ආත්මයක ස්ත්‍රී දූෂණ කරපු අය.
    https://rasikalogy.blogspot.com/2017/07/be-warned-human-race-is-doomed.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පෝස්ට් කලාට. අම්මප මේ වගේ අයියලාව සාසනෙන් අයින් කරන්න විධිහක් නැත්ද

      Delete
  9. සලිමඩ වැද්දාසීල 😂😂😂

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .