අයිස්ලන්ත සංචාරයේ දෙවෙනි දිනයේ අපි නැවතී සිටි හෝටලය ළඟින්ම සංචාරක බස් රථයකට ගොඩ වුනෙමු. මට මතක හැටියට එහි නම ගෝල්ඩන් ටුවර්ස් වැනි එකකි. අපේ සංචාරක මග පෙන්වන්නාගැන අප සිතා සිටියේ ඔහු අයිස්ලන්ත ජාතිකයකු බවයි. නමුත් අපට දැන ගන්නට ලැබුනේ ඔහු ක්‍රොශියානුවකු බවයි. මිලියන් ගණනක් අයිස්ලන්තයට සංචාරකයන් පැමිණෙන නිසා ඔවුන්ට සේවා සපයන්නට අවශ්‍ය තරම් ජනගහනයක් නැත.
අයිස්ලන්තයේ මුළු ජනගහනය ලක්ෂ හතරක් පමණ වේ. අපේ බසයේ වැඩිපුර සිටියේ ජර්මන් සංචාරකයන් වුවද ඔහු කතා කලේ ඉංග්‍රීසියෙනි. ජර්මන් මග පෙන්වන්නන් ඉතා අඩු බවද ඔහු පැවසීය. ඒ අතරම ඔහු කීවේ අපූරු කතාවකි. අයිස්ලන්තයේ ජනගහනය ඉතා අඩු නිසාත් බොහෝ අය එකිනෙකාට ඥාතීන් වන නිසාත් ඔවුන්ට කසාද බැඳීම මහත් ප්‍රශ්නයකි. තමන් ආදරය කරන තරුණිය හෝ තරුණයා ඥාතියෙක් දැයි දැන ගැනීමට මොබයිල් ෆෝන් ඇප් එකක්ද තිබේ.
දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මන් හමුදා අයිස්ලන්තයට ගොඩ බැස්ස හොත් බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව අතර නාවික ගමනගමනයට බාධා සිදුවිය හැකිව තිබුණි. අයිස්ලන්තය ඇත්තේ නොර්වේ, ග්‍රීන්ලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර නෝර්වේජියන් මුහුද හා අත්ලාන්තික සාගරය අතරය. මුලින් බ්‍රිතාන්‍ය හමුදා ගොඩ බට අතර ඔවුන්ට පසුව අමෙරිකානු හමුදා ඩිවිෂන් එකක්ද එහි නතර කරන ලදී. අයිස්ලන්තයට පමණක් නොව පියකරු අයිස්ලන්ත වයිකිං තරුණියන්ටද ආරක්ෂාව සැපයීම නිසා යුද්ධය අවසන් වන විට බොහෝ ඇමෙරිකානු භටයන් මේ වයිකින් කෙල්ලන් සමග ඇමෙරිකාව බලා ගියහ. අයිස්ලන්ත පිරිමින් තම තරුණ ගැහැණුන් ඈත ගොවිපල වලට යවමින්, නීති වෙනස් කරමින් මේ සම්බන්ධතා නැවතීමට උත්සහ කලද ඔවුන් අසමත් විය. අයිස්ලන්තයේ කාන්තා ජනගහනය අඩු විය. මේ නිසා 1949 අවුරුද්දේ සිට යුද්ධයෙන් පරාජය වී සිටි ජර්මනියේ තරුණ කාන්තාවන් ට අයිස්ලන්තයට ඒමට අරාධනා කරන ලදී.
බොහෝ ජර්මන් කතුන් පැමිණ අයිස්ලන්තයේ ගොවිපල වල රැකියා කලද ඔවුන්ට අයිස්ලන්ත පිරිමින් සමග විවාහය පවත්වා ගැනීම අසීරු විය. අයිස්ලන්ත පිරිමින්ට අවශ්‍ය වූයේ ඔවුන් ධිවර රැකියාව හෝ වෙනත් සීමිත රැකියා ප්‍රමාණයක් කරණ විට නිවසට වී ළමයි බලාගෙන, උයාගෙන සිටින බිරිඳකි. ජර්මානු කාන්තාවන් බොහොමයක්ජර්මනියේ රැකියා කල පුරුදු අය වීම නිසා ඔවුන් බෝහෝ දෙනෙකු නැවත ආපසු ජර්මනිය බලා ගොස් තිබේ. මේ නිසා වසර ගණනක් යනතුරු අයිස්ලන්ත ජනගහනයේ කිසිම වැඩි වීමක් සිදුව තිබුනේ නැතිලු.
මේ තත්වය හදිසියේම වෙනස් වුනේ අනු ගණන්වල අග භාගයේ සමාජවාදී ලෝකයේ බිඳ වැටීමත් සමගය. රැකියා සොයා නැගෙනහිර යුරෝපීය රටවලින් බොහෝ කාන්තාවන් බටහිරට පැමිණි අතර අයිස්ලන්තයටද එවැනි කතුන් පැමිණියහ. අපි එහි සිටින විටද රුසියානු , යුක්රේන , පෝලන්ත භාෂාවලින් කතා කරන්නේ සංචාරක කාන්තාවන් යයි කියා මා සිතුවද ඔහුගේ පැහැදිලි කරීම අනුව ඒ බොහෝ කාන්තාවන් අයිස්ලන්ත ජාතිකයන් සමග විවාහ වී එහි නතර වී සිටින අය වෙති. මේ අනුව අයිස්ලන්තය යන්තම් පරපුර රැකගෙන ඇත. 😆
අපේ ක්‍රොෂියානු සංචාරක මග පෙන්වන්නා ගේ නම යෝසිෆ්ය. යෝසිෆ් ගමනේ යන ගමන් කතාවේදී යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපතිවරයා වන ටිටෝ ව කිහිප වරක්ම මතක් කළේය. ටිටෝ ගේ මුල් නම්ද යෝසිෆ් ය. අප කෑමට බසයෙන් බැස යද්දී මම ජනාධිපති ටිටෝ දුටු බව ඔහුට කීවෙමි. ඔහුට එය අදහාගත නොහැකි විය. ඔහු සමග තවත් ක්‍රොශියානුවන් කිහිප දෙනෙක් සිටි අතර ඔවුන් යුගෝස්ලාවියාව ගැන අප සමග කතා කළහ. මා ටිටෝ දුටුවේ 1976 නොබැඳි සමුළුවට පැමිණි අවස්ථාවේය. දැන් තිබෙන සිනමන් රිසොර්ට් හෝටලය ඉදිරියේ සෙපෙට්කෝ නමැති (ඒ කාලයේ ලංකා පෙට්රෝල්) පෙට්රෝල් ෂෙඩ් එක ළඟ බෝගසක් තිබේ. ඊට පිටුපස තිබුනේ දැන් හෝටලය තිබෙන තැන තිබුනේ පාපන්දු පිට්ටනයකි. ඊට ඉදිරියේ ඇත්තේ කොම්පඤ්ඤ විදිය පොලිසියයි. ටිටෝ ගේ රථ පෙළපාලිය ගියේ එතැනිනි. මා සිටියේ බෝගස අසලය.
මා 2014 දී "යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්" යනුවෙන් ලිපියක් ලීවෙමි. ("පොල්කට්ටෙන් එලියට" පොතේ මේ ලිපිය තිබේ) ඒ ලිපිය ඒ දිනවල දේශපාලන අනාථයන් වශයෙන් සිටි සේම එසමයේ ජාතිවාදී යුද්ධයකින් පිඩා විඳින රටවල් තුනක් වූ සර්බියන්, ක්‍රොශියන් සහ බොස්නියන් කෙල්ලන් තිදෙනෙකු ගේ සමගිය ගැනය. යුගෝස්ලාවියාවේ මාෂල් යෝසිෆ් බ්‍රොස් ටිටෝ ක්‍රොශියානු සුළු ජාතියේ වුවද එහි සමාජවාදී රාජ්‍යයේ දිගු කාලීන ජනාධිපති විය. අවුරුදු තිස් තුනකට පසුවත් තවමත් යුගෝස්ලාවියා වට ආදරය කරන මිනිසුන් හමුවීම පුදුමයක් නොවේද? යෝසිෆ් එතරම් වයසක අයෙකු නොවේ. ඔවුන් තරුණ වියේ අයයි. නමුත් ඔවුන්ද ටිටෝට හා යුගෝස්ලාවියාව ට ආදරය කරති. බසයට නැග්ග වහාම යෝසිෆ් මා ගැන බසයේ සියල්ලන්ටම පැවසුවේය. ටිටෝ දුටු ශ්‍රී ලංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ වෙසෙන්නෙකු හමුවීම පුදුමයක් බව ඔහු කිවේය.
අපි මුලින්ම ගියේ කෙරිත් නමැති ගිනි කන්දක් පුපුරා යෑමෙන් හැදුනු ආවාටය බලන්නටය. ඉතා පියකරු තැනක් වූ එහි වැහි වතුර එකතුවී සෑදුනු ස්වභාවික විල ඉතා නිල් පැහැයෙන් බැබලුනි. මේ පින්තූර ගත්තේ එහිදීය. එහි ජලය පානය කළ හැකි තරම් පිරිසිදුය. මෙහිදී ඉතාමත් වැදගත් දැන්වීමක්ද දුටුවෙමි. කිසිවෙකුට එහි ඇති තණකොළ හෝ කිසිම පැළෑටියක් පෑගීම තහනම් ය. එය පවුම් සීයක් පමණ දඩයක් වදින වරදකි. ඔවුන් රටේ ගහකොළ වලට එපමණ ආදරයක් දක්වති. ගහකොළ වල වටිනාකම දැනෙන්නේ ඒවා නැති රටක වැසියන්ටය.
- අජිත් ධර්ම. 2024-02-04
ඔය කියන ටිටෝ අත්දැකීම මටත් තියනවා. සමුළුව ට යන රාජ්ය නායකයින් බලන්න මාත් ඔය ගුවන් විදුලිය හරියෙ පාරෙ හිටියා. හොඳටම දැක්ක සහ මතක අය තමයි ගඩාෆි,ටිටෝ, සයිප්‍රස් වල අගරදගුරු,කවුන්ඩා වගේ අය. මට මෙහෙදි හම්බවුන පරණ යුගෝස්ලාවියාවියන් අයට මම ටිටෝ ගැන දන්නවා සහ දැකලා තියනවා කියලා කිව්වම හරි සතුටුයි. එක්කෙනෙක් කිව්වා ටිටෝ ගේ කාලේ තමයි හොඳම කියලත්.
ReplyDeleteකවුන්ඩා ත් දැක්ක වග මතකයි. මෙතැන සීන් මේ යෝසිෆ් වයසක මනුස්සයෙක් නෙමේ. තරුණයෙක්. අපට වඩා බාලයි. නමුත් අම්මල තාත්තල කියල වෙන්න ඕනේ යුගෝස්ලාවියාව ගැන
Deleteඅම්පාරේදි හමු වුණු සමහර තරුණන්
Deleteඔවුනගෙ මාපියන් අඩි පාරේම යමින්
ඩී.එස්. මැතිඳුන්ට බුහුමන් පුද කරමින්
බත් පිඬු තියනු දැක්කෙමි මම කඳුළු මැදින්
කොයි දෙස මොන ජාතියකට අයිති වුණත්
තියෙනව නං උත්තම ගතියක් මනුසත්
දනෝ කරති කළගුණයට සැලකීමත්
යෝසිෆ් එවැන්නෙකි කියලා සිතුණි මටත්
වෙන්න පුලුවන්. ඒක යුගෝස්ලාවියන් කෙනෙක් මට කිව්වා ඒ කාලේ අපිට රැකියා තිබුන. හොඳට ජීවත් වුනා.නිවාඩුවක් එහෙම යන්න පුළුවන්.හැබැයි බටහිර රටවල්වල යන්න බැරි එක ඇරෙන්න වෙන ලොකු ප්‍රශ්න තිබුනෙ නෑ කියලා. මම ඇහුවා ඉතින් වෙන රටවල් වල වගේ දේශපාලනය කරන්න බෑ නේද එහෙම නිදහසක් තිබුනද කියලා. ටිටෝ කියනවලු දේශපාලන ට මට කරන්න දෙන්න මම රටේ අයට කරදරයක් නැතුව ඉන්න සලස්වා දෙනවා කියලා.
Deleteඔව් ඒක හරි. අර මගේ අනිත් ලිපිය කියෙව්වා නම් ඒකෙත් මම ගැන කියනව. ඔවුන්ට නිවාඩු යන්න හෙම පුළුවන්. බටහිරට යන්න ඕනෙම නැහැ. කරෝශීයව , මකිඩොනියාව , මොටෙනේග්රෝ හෙම ලස්සන රටවල්. ටිටෝ සාමාන්‍ය වෙළඳාම ට සහ කර්මාන්ත අයිති කරගෙන පවත්වා ගෙන යන්න ඉඩ දුන්න
Delete+++++++++++++💐👌🙏
ReplyDeleteතෑන්ක් යූ
Deletevalhalla calling me
ReplyDeleteසිංදුවක්ද ගේම් එක්ක කෑල්ලක්ද. මරු වයිිබ්එක ක්
Deleteදෙකම. සිංදුව miracleofsound, විෂුවල්ස් assassin's creed valhalla වලින්
Deleteඕක අර වල්හාල්ලා රයිසින් ෆිල්ම් එකෙන් හදපු එක්ක නේ. අර තව සීරිස් එකකුත් ගියේ
Deleteපට්ට මියුසින් ටිකක් .. තැන්කු බස්සා
Deleteබස්සෝ වල්හල්ලා කෝලින් මී අහන්නේ නැතුව නින්ද යන්නේ නැති වෙලා ... :D
Deleteහම්මට ඔහෙ ආවොත් වයිකිං කෑම්ලක් උස්සන්න බැරිවෙයිත දම්නෑ. 🤭
ReplyDeleteමේ පාර එකේ කෑම ජාති මොකුත් නෑ. ඒම වුණාමත් ගතියක් නෑ වගේ 🙈🙈
ඔය විලේ වතුර කොහට්ට හරි යනවද. එක.තැන රැදිල තියෙනවද.
තණකොල පෑගුවට පවුං 100 නං මෙහෙ උං ගස් කපන විදිහට ගහන්ඩෝන කෝටි දෙකක් ඉතර.
කලිං පෝස්ට් එකට මම දාපු කොමෙන්ටුව නැති එක ගැන මගේ් බලවත් මෙව්ව එක
වයිකින් කෑලි වයිකින් එවුන්ටත් නැති නිසා තමයි රුසියන්, යුක්රේනියන් කෑලි ගෙනත් දාගෙන ඉන්නේ. හැමදාම කෑම ගැන දාන්න හොඳ නැහැ. එතකොට කෑමත් එපා වෙනවා. වතුර එතනම රැඳිලා යටට යනවා. //තණකොල පෑගුවට පවුං 100 නං මෙහෙ උං ගස් කපන විදිහට ගහන්ඩෝන කෝටි දෙකක් ඉතර.// ඒක හරි. කලින් පෝස්ට් එකේ කමෙන්ට් එකක් තියනවද බැලුව. නැහැනේ
Delete//හැමදාම කෑම ගැන දාන්න හොඳ නැහැ//
Delete💔😡.......සුරුස්......
කලින් පෝස්ට් එකක් නැහැ මල්ලි. ස්පෑම් එකෙත් නැහැ. කෑම කැම, බස්සට එපේ වෙන්නේ නැත්ද
Deleteටකර් කාල්සන් පුටින් එක්ක. https://tuckercarlson.com/the-vladimir-putin-interview/
Deleteබියකරු කෙරිත් ගිණි කඳු පුපුරා සැදුණු
ReplyDeleteපියකරු පෙනුම ආවාටෙක රූ මැවුණු
පැහැ දැරු නීල පිරිසිඳු ජලයෙන් පිරුණු
නැත බොරු කදිම ලිපියකි අද මෙහි රැඳුණු ....
ලස්සනයි ඒ විස්තරේ අයියේ.
ජයවේවා !!!
විනාශයක් ඇවිල්ල ඊට පස්සේ ලස්සන වෙනවා නේද , කවිය එළ ඈ
DeleteLand of Ice and Fire උන අයිස්ලන්තය ගැන මේ විස්තර වලට ගොඩක් ස්තූතියි...
ReplyDeleteඅහලා තියෙන විදිහට LGBT සීන් ඉහලින්ම පිලිගන්න රටක්...ඉස්සෙලම් මේ කට්ටියගෙ කෙනෙක් රටේ රාජ්‍ය නායකයා විදිහට පත්වෙලා තියෙන්නේ අයිස්ලන්තේ.
දූපත් සීන් එක හින්දා ද ලංකාවේ පිරිමි වගේම කාන්තාවො ගෙදරට වෙලා වැඩපොල කරගෙන ඉන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ..
ඔව් අර ගෑනු කෙනා නේද 1975 විතර. පිරිමි මුහුදට ගියහම ගැහැණු විතරයි ලු ඉතිරි වෙන්නේ. ඒ වෙලාවට පොඩි පොඩි සම්බන්ධතා තිබිල තියනව. පිරිමි ඒකට ඉඩ දීලත් තිබෙනවා. සෙනග අඩු නිසාම හම්බ වෙන කොහෙන් හරි ගන්න හැදිච්ච කට්ටියක්. හේ හේ ගැහැණු හැබැයි සෑහෙන්න ස්වාධීනයි . වයිකින් සෙට් එක,
Delete++++++++++
Deleteමට අයිස්ලන්‍තෙට යන්ට ඕනෑ 🙃🙃
ReplyDeleteගියොත් ඉතින් හබීට ඔයාව නැති වෙන එක තමා වෙන්නේ. යන්න දෙන එකක් නැහැ.
Deleteහරිම ලස්සන සටහනක්. සංචාරක සහ ඉතිහාස තොරතුරු හරිම වටිනවා. අයිස්ලන්තය යන්නම ඕන තැනක් .
ReplyDeleteස්තූතියි අනුරුද්ධ , අර වීඩියෝ ලස්සනයි . එන්නම් ඕනේ ඒ පැත්තේ
Deleteවිවිධ ජාතීන් අතර ඇතිවන සුහදකම් අපූරු අත්දැකීම් ලබාදෙන අවස්ථා තියනවා.
ReplyDeleteඒක ඇත්ත
Deleteතණකොළ පාගනවද බලන්න කවුරුහරි ඉන්නවද ?
ReplyDeleteහේ හේ මටත් ඕක ප්‍රශ්නයක් වුනා. බස් එකට ඇවිල්ල යෝසිෆ් හේන් ඇහුවම මෑන් කීවේ මිනිස්සු සෑහෙන්න ආදරෙයි රටට, එන සංචාරකයොත් එහෙමයි. කවුරුත් පාගන්නේ නැහැ. පෑගුවොත් අනිත් අය අල්ලලා දෙනවලු.
Deletehttps://www.whatismymovie.com/item?item=0070758
ReplyDeleteමේක මෙතැනට අදාල වෙන්නේ කොහොමද? ආ බොස්නියා දෙවන ලෝක යුද්ධේ ගැන . පාටිසන් හමුදාව රන් කලේ ටිටෝ තමා
Deleteලිපියත් පොටෝ ටිකත් පංකාදුයි...
ReplyDeleteබොහොම සස්තූතියි ලලිත්
Deleteමරු විස්තරෙයි ෆොටෝ ටිකයි.
ReplyDeleteස්තූතියි දෙමළ ණයන්ණ මහත්මයා
Deleteකෝ බොල මං දැම්ම කොමෙන්ටුව
ReplyDeleteගූගලගෙන් තමයි අහන්න ඕනේ රාළහාමි , මගේ අතේ කිසි වැරැද්දක් නෑ ආයිබෝවන්ඩ
Delete1+2+3+4+ ........= -1/8ද? -1/12 ද?
ReplyDeleteramanujan summation එකට අනුව නම් -1/12, -1/8 කියල ඔප්පු කරන්න ඔයාට පුලුවන්නම් බ්ලොග් පෝස්ට් එකක් දාන්න
Deleteපොඩි දෙයයි තියෙන්නේ
DeleteS=1+2+3+4+5+6+7+8+9+10
S=1+(2+3+4)+(5+6+7)+(8+9+10)+.....+([3n-1]+3n+[3n+1])+....
S=1+9+18+27+....+9n+.......
S=1+9(1+2+3+4+.....)
S=1+9S
s=-1/8
ඔය විදියටම 5,7,9 ගොඩවල් වලට බෙදලා ඔය උත්තරයම ගන්න පුලුවන්. මගේ වැඩක් නෙමෙයි මේකේ වැරැද්දක් තියෙනවද?
රාමනුජන් ගේ එකේ තියෙන වැරැද්දම තමා ඉතින්. අනන්තයට අගයක් නැහැනේ. 1+2+3+...............~ =~ , අනන්තයට අගයක් නැත්නම් ඒක සමිකරනයක්ට දාන්නේ කොහොමද , මේක S=1+(2+3+4)+(5+6+7)+(8+9+10)+.....+([3n-1]+3n+[3n+1])+.... අනන්තය දක්වා යනවනේ, අනන්තයට එකක් එකතු කරල නාමයෙන් වැඩි කලත් අනන්තයම තමයි.
Deleteයොසිප් බ්‍රිෙටා් අපේ රටේ මිතුරෙක් - ඒ කියන්නේ සිරිමාවෝගේ සමයේ. අනිත් දේ තමයි බ්‍රිෙටා් සෝවියට් දේශයෙන් ස්වාධීනව තමන්ගේ රට ගොඩ නැගීම - එය සෝවියට් දේශයේ යකඩ තිරය පිටුපස රාජ්‍යයක් වුනේ නෑ
ReplyDelete