Tuesday 5 March 2024

කතා වස්තුවට ඌන පූර්ණයක්



මම හිතුවේ නැහැ සාමාන්‍ය උපහාස කතාවක් ලීවහම -  ගංජාසීල වලිමඩුව කතා වස්තුව -  ඒක ඊට පස්සේ විස්තර කරලා දෙන්නත් වේවි කියල.  නමුත් මේ දවස් වල හුඟක් අය තේරුම් ගන්න විධි වෙනස් කියල මට දැන් වැටහිලා තියෙන්නේ. විශේෂයෙන් ආගම  සම්බන්ධව යමක් ලියන කොට. හුඟක් අය කැමති නැහැ ප්‍රසිද්ධියේ යමක් කියන්න වත්.

හරි මුලින්ම   මම භාවිතා කරපු  පාත්‍ර  වර්ගයා ගැන ලියන්න ඕනේ. මම ඇත්තටම  ඒ අය ගැන වරදක් නෙමේ කියල තියෙන්නේ.  උදාහරණයක් වශයෙන් මාතර ගෙයක් තියනවා  කියල   මම ලියපු සහෝදරි මගේ හොඳ  හිතවත් යෙහෙලියක්. කටුනායක ඉන්නේ. එයා මගේ පොතක් ගැන වරක් එයා වැඩ කල පුවත් පතකට ලිපියකුත් ලියපු කෙනෙක් . (මම කියන්නේ නැතිව. ඒක තමා වැදගත් කම එතන). එයා කොහොමත් වැඩ අධික කෙනෙක්. ඉතින් එයාට මට කෝල් කරන්න  වෙන්නේ හුඟක් වෙලාවට යක්කු ගස් නගින වෙලාවට තමයි. මම ඒකට අකමැති නැහැ. මොකද මම වෙලාවට නිදියන කෙනෙකුත් නෙමේනේ.

ඒ විතරක් නෙමේ . එයට ලඟදි ඔපරේෂන් එකකුත් කළා නිදන්ගත රෝගයක් නිසා. එනිසා එයාට  දැන් වෛද්‍ය උපදෙස් මත බෙහෙත් දිගටම අරගන්න වෙලා තියෙන්නේ. මම ලංකාවට ගියහම මට ගන්න පොත් හොයන්න මහන්සි නොබලා එන්නේ එයා.  

අර පශු වෛද්‍ය තුමී ගැන ඉතිං  හැමෝම දන්නවනේ.  එයත් එක්ක ඉතින් රණ්ඩු වෙවී යාළු වෙවී තමා නිතරම ඉන්නේ, මේ  දවස් වල මම හිතන්නේ යාලුයි. මොකද ඊයෙත් නිසඳැසක් ද කොහෙද එවල තිබුනා. ඉතින් එයත් සෑහෙන්න බිසී , ක්ලිනික් දෙකකම වැඩ නිසා. ඉතින් එයා කොයි වෙලේ කතා කලත් මම තරහ වෙන්නේ නැහැ.

රෑ දහයෙන් පස්සේ නැතිව කොයි වෙලාවට මෙසේජ් එවන්නද හාන්දුරුවනේ කියල තමා අහන්න තියෙන්නේ.

මගේ දුවල දෙන්න රෑ  වෙලාවක කතා කරන එක, කෝල් ගන්නේ කෑමක් තියනවනම් කියල ලියපු දේ, ඒවා ඉතින් පොඩ්ඩක් උපහාසයට අතිශයෝක්තියෙන් ලියන ඒවා. ඇත්තටම උන් දෙන්න එහෙම නැහැ. ඉගෙන ගන්න වැඩ අඩුවෙච්චි ගමන් සිකුරාදාට ගෙදර දුවන් එන්න බලාගෙන ඉන්නේ. අපිම විහිළු කරනවා දැන් උඹල කැදැල්ලෙන් යන්නෙම නැත්ද කියල. එයාලටත් ඉතින් වෙලා තියෙන වෙලාවට තමා කතා කරන්නේ.  උන් දෙන්නම දන්නවා අපි කොපමණ  එයාලට ආදරේද කියල.

මගේ සොහොයුරියෝ ගැනත් මම ලියල තියෙනවනේ. එක්කෙනෙකුට ෂොප් එකේ වැඩ , ගෙදර වැඩ, පන්සලේ, ගමේ වෙන නොයෙකුත් සමාජ සේවා වැඩ එක්ක ඇත්තටම වෙලා නැහැ, ලංකාවේ  උයනව  කියන එකත් මේ අපට එංගලන්තේ වගේ විගහට ඉක්මනට කරණ දෙයක් නෙමෙයි.  ඉතින් පව්. එයාට ඉතින් නිදහස් වෙලාවටනේ කතා කරන්න වෙන්නේ. 

අනිත් සොහොයුරියට ඇත්තටම කතා කරන්න වෙලාවක්  නැහැ. එයට වැඩ අධිකයි කියල මම දන්නවා. ඇත්තම අලංකාවේ කාන්තා පක්ෂය සෑහෙන්න මහන්සි වෙලා වැඩකරන කට්ටියක්. වැඩට යනවනම් ඊටත් අමාරුයි. මාර්ගයටම ගත වන වෙලාවකුත් තියනවනේ.  මං හිතන්නේ ඒ දෙන්නම දන්නවා මම උන්ට කොඡාර ආදරේද කියල. මම වාසනාවන්තයි ඒ අතින්. සොහොයුරියෝ හිටිය නිසා බවලත් උදවිය එක්ක කතා කරන්න අමුතු සබකෝලයක්  තිබ්බේ නැහැ.

 මේ හැමෝම සහ අනිකුත් යෙහෙළියන්,  ඥාති කාන්තාවන් හැමෝම වගේ මගේ ජිවිතේ එලි කරපු අය. මේ කාන්තාවෝ නිසා අපේ ජිවිත වඩා හොඳ වෙලා කියන එකයි මගේ අදහස. 

සමහර වෙලාවට , අසීරු දික්කසාදයක් වුන වෙලාවක,  මවක්, මිත්තනියක්  අකරුණාවන්ත වුන වෙලාවක තරහ ඇති වෙනවා ඇති. ඒක ස්වභාවිකයි.  එහෙම වුනා කියල හැම මිත්තනියක්ම , හැම මවක්ම, හැම කසාද ද බැඳපු බිරිඳක් ම එහෙම නැහැ.  ගැහැණු එපා කියන සම ලිංගික සහෝදරයෙක් හෝ කිසියම් ආගමික නිකායක බ්‍රහ්මචාරී ව දිවි ගෙවන කෙනෙක් වුනත් උපදින්නේ මවකගේ කුසයකින් මිසක් ඕපපතිකව නෙමෙයි නේ .

එමනිසා එවැනි තරහක් පැසව පැසව තියා  ගන්න එකේ තේරුමක් නැහැ.  

ඉතින් බ්‍රාහ්මණ ආගමකින්  එකතු කරලා අපිරිසිදු  කරල තියෙන ආගමක ලියල තියෙන දේවල් මොළෙන්  කල්පනා කරන්නේ නැතිව ගිරව්  වගේ දේශනා කරන එකෙන් වෙන්නේ සමාජයේ වැදගත්ම කොටසකට අපහාසයක්  කරන එක. එවැනි වෙලාවක අපට වුනත් ස්වභාවිකව එනවා,  කෝප සහගත හැඟීමක්. ඉතින් අර ලිපියෙන් කලේ කෝප වෙන්නේ  නැතිව ඒක උපහාසයට පෙරලීම. 



05/03/2023

 

 

  


28 comments:

  1. මා සිතන්නේ උපහාසාත්මක රචනයක් උනත් පෞද්ගලික ජීවිතයට ලංවුන තරමට එය සැබෑවක් හා පෞද්ගලික පහර ගැහීමක් ලෙස ගන්න තියන ඉඩකඩ වැඩියි. හැකි තාක් පොදු අත්දැකීමක් කරන්න පුළුවන් නම් වඩා සාර්ථකයි කියලයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අවවාදයට ස්තූතියි සහ පිලි ගන්නම්. මගේ පැත්තෙන් මෙන්න මෙහෙම දෙයක් තියනව. දැන් ඔයා බලන්න ස්ටෑන්ඩ්අප් කොමඩි දිහා මේ රටවල් වල යන. හුඟක් වෙලාවට තමන්ගේ බිරිඳ, දෙමව්පියෝ, පෙම්වතියො, සහෝදර සහෝදරියේ තමයි ටාගට් කරන්නේ. නම් කියන්නේ නැතිව . ඒ අය දන්නවා මේ කොමඩි එකට කියල කරන්නේ. සමහර වෙලාවට ඕඩියන්ස් එකේ ඉන්න කෙනෙක් අල්ල ගන්නවා. දැන් නම් හුඟක් අය කරනවා. ඒක තමා කරන විධිහ. මම මෙතන නම් කියල නැහැ කාගෙවත්. පාඨකයා ට අනුමානය කරන්න පුළුවන් වුනාට සැබවින් නොදන්නා චරිත. මම හිතන්නේ නැහැ ඔයා මේ කියන චරිත එකක් වත් (ප්‍රධනම චරිතය) හැර දන්නවා කියල. ඒත් ලංකාවේ මේක ටිකක් පෞද්ගලිකවත් හිතනවා. පුරුදු නැති නිසා වෙන්න ඇති.

      Delete
  2. එක්ස්ප්ලනේෂන් අවශ්‍යයි කියල හිතුවෙ ඇයි. එක තේරුමක් නෑ. හැම කෙනෙක්ම දෙයක් අල්ලගන්න කොණක් තියේ. එතනිං එහා බලන්න කැමති නෑ. සමහර වෙලාවට අපිත් ඒම වෙන්න පුලුවන්.
    මොකද හැම කෙනාම වයිඩ් ඈන්ගල් එක්කිං බලන්නෑනෙ සහ බැලෙන්නෙ නෑ. ඉතිං කෙනෙක්ට යමක් තේරුං කර කර ඉන්නවට වඩා එයාල තේරුං ගන්න විදිහටම ඒක ඇදං යන්න දෙන එක ලාබයි.

    අනික ලිට්සීකර් කියල තියෙනව වගේ සාක්ස්ටික් පෝස්ට් එකක් පුද්ගලානුබද්ධ වෙනවට වඩා පොදු වෙනකොට ඒකෙ.ගතියත් වැඩී අනික අපිට ආපහු ස්ට්‍රයික් බැක් වෙනවත් අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මම පුද්ගලනුබධ වෙන්නෙම පාඨකයට කියන්නේ මේ දේවල් යථාර්ථයේ තියෙනේ දේවල් බව. මගේ හිතළු නොවන බව

      Delete
    2. ඒක හරි. ඒම කියල චන්ද්‍ර අනගිරත්න මානි වගේ අයත් එක්ස්ප්ලනේෂන් ලිය ලිය ගියා නං එයාලට වෙන වැඩක් කරන්න වෙලාව නැති වෙන්න තිබුණ.

      ලිව්වට පස්සෙ ඒක ගන්නෙ කෝමද කියනෙක පඨෙකයගෙ වැඩක්

      Delete
    3. හොඳ වෙලාවට මම අනගිරත්න නොවුනේ 😀

      Delete
  3. උණ පුරු..? කාටද? තේරුනේ නෑ.......සුරුස්.....🤭
    ඔන්න ඕව අල්ලල දාලා අර ලියනවයි කිව්ව කතාව ලිව්ව නං, අපේ හාංදුන්නේ.🙏

    ReplyDelete
    Replies
    1. මොන කතාවද. මොන හාන්දුරුවොද? හන්දුරුවෝ කියයි කියල මම නමත් වෙනස් කරන් ඉන්නේ. භාගයක් කලා. වස් වදිනවා කියල හන්දුරුවෝ දෙතුන් දෙනෙක්ම බැනලා ඉන්නේ. 😀මගේ තාත්ත දාපු නමට මම මක් කොරන්නද? වෙනස් කරපු නීතිඥයා ඒක කලෙත් වැරදියට වෙච්චි කොට. 😀

      Delete
    2. ඇයි විසිරි සිහින බ්ලොගේදී කිව්ව අර ලියන්න හිතෙනවයි කිව්ව අසල්වාසියගෙ කතාව?😮

      Delete
    3. ඌ මැරිලා දැන් ගොඩක් කල්. ලියන්නත් හිතනවා

      Delete
    4. එහෙනං ආයෙ මොකටද හිත හිත ඉන්නෙ? ලියමු, ලියමු බලන අයටවත් වැඩක් වෙයි නෙව?🙏

      Delete
    5. ඒක බ්ලොග් එකේ ලියනවා පොතක් වශයන් ලියන්වාඩ් අකියල හිත හිත ඉන්නේ. මේ බ්ලොග් එකේ හා අනිත් බ්ලොග් වල කොමෙන් ට කරන එකත් හරිම වුල්. ඇනෝ වැටෙනවා. ලොග් වෙන්න කියනව. මගේම ජීමේල් එකට ලොග් වෙනකොට 2-step verification එක අවුල් යනව. බ්‍රව්සර් එක සේව් කෙරුවට වැඩක් නැහැ.

      Delete
  4. තාත්තෙක්, පුතෙක් කාලයකට පෙරදී
    බූරුවෙකුව විකුණන්නට ගෙනියද්දී
    කියැවුණු විවිධ අදහස් හැමටම කන්දී
    වැඩ කෙරුමට ගිහිං කෙළවුණි අවසනදී

    ReplyDelete
    Replies
    1. කතාව අහල තියනව. කයියෙන් ඇහුවේ අදයි. ඇත්තටම කියනවනම් ලියන්න හේතුව ඔය පාත්‍ර ර වර්ගයා මුකුත් කීව එකට නෙමේ. එයාල කිසි දෙයක් කීවේ නැහැ. මගේ එක අක්ක කෙනෙක් නම් කීව ඕක පරණ කතාවක් නේ කියල. අර බොරු කියන අයට දුවල හම්බ වෙන එක. එයා දැනගෙන හිටියේ නැහැ දහයෙන් පස්සේ මෙසේජ් දේශනය. නමුත් සකර්බර්ගයට රිපෝර්ට් කරලා තියෙන්නේ මම කාන්තා වර්ගයාට අපහස කරනවා කියලනේ. මට තේරුනේ එහෙමයි. පස්සේ තේරුම් ගත්ත කවුද කියලත්. දිගට හරහට අහවල් මෙව්නාවේ දේශකලා ගැන පෝස්ට් දෙක තුනක් දානකොට බුකියේ . මට හිතා ගන්නම බැරි මේ කන්තාරත්නයන් ඒවාට සාධුකාර දෙන්නේ කොහොමද කියල. අවුල් අප්පා. 😀

      Delete
  5. පැහැදිලි කිරීම් වල තියෙන ප්‍රශ්ණය තමයි ඒක පැහැදිලි කරන්න තවත් එකක් ලියන්න වෙන එක. ඔන්නොහෙ ඕන විදිහකට ගන්න කියල හිටියනම් මොකද?

    ReplyDelete
  6. අජිත් මහත්මයා යුක්‍රේනෙ මොකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අදිව්කා අල්ල ගත්තනේ ගිය සුමාන දෙකකට කලින් රුස්සෝ. දැන් තව ඒ අසල ගම් තුනක් අල්ලල තියෙන්නේ. රුස්සෝ පරදිනවට වඩා දිනලා තියෙන්නේ. දැන් බටහිර පත්තර වුනත් බොරු ප්‍රචාර යම් තරමකට නවත්වල තියෙන්නේ. යුක්රේනයේ සොල්දාදුවෝ අඩුයි. දැන් බලෙන් පාරේ යනකොට බලෙන් උස්සන් යනවා. බටහිර ආයුධ නැත්නම් මෙපමණ කල් වත් අල්ලන් ඉන්නේ නැහැ. 50% වැඩිය මිනිස්සු සෙලෙන්ස්කිට කැමති නැහැ. ඒ හා සමානව පුටින් ට අකමැති කට්ටියත් වැඩි වේගන යනවා.

      Delete
    2. බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව අනත්නම් යුද්ධය ඉවර වේලලා. නමුත් මම ප්‍රජාතන්ත්‍රවාදයට කැමතියි. රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. පරම ස්ටාලින් ක්‍රමයට නැවත ගිහින් තියෙන්නේ. (සමාජවාදය නෙමේ. පාලනය) හැබැයි ඉදිරියට ලෝකේ ට්‍රෙන්ඩ් එක ඒ වගේ.

      Delete
  7. මං නං කියන්නෙ ලිව්වට පස්සෙ ඩිස්ක්ලේමර් දාන්න නරකයි

    ReplyDelete
    Replies
    1. මේධානි ද කිව්වේ

      Delete
    2. සොරි හොල්මන

      Delete
    3. මේධානි නෙවේ ඔයා කරන වැඩ ද නිසා මිනිස්සු තරහවෙලා අන්න

      Delete
    4. කවුද අනේ ඒ

      Delete
  8. මහත්මයානෙනි. ඇපල් විශන් ප්‍රෝ පරිගනකයක් ගැනීමට ලක්ෂ 15ක් උපයාගන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නැහැ. මම නම් රස්සාව කරලා උපාය ගන්න සල්ලි වියදම් කරනවා. ඉතුරු කරන්නේ නැහැ.

      Delete
  9. ප්‍රශ්න විවිධාකාරයි, මිනිස්සු විවිධාකාරයි. තමන් කැමති විදිහට කැමතිනම් ලියන්න.නැත්නම් කැමති වෙන විදිහකට ලියන්න, නැත්නම් කැමති තවත් විදිහකට ලියන්න, නැත්නම් .................. :D
    අපි කියවන්නම් ... කැමතිනම් :DD

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .