Tuesday 19 March 2024

මාර වැඩක් වුනානේ


පහුගිය දවසක පොඩි නිවාඩුවක් ගන්න ඉස් තාන් බුල බලා ගියානේ. මෙන්න බොලේ එහෙත් නෙලුං කුළුණක් තියනවා. මේ මොන විගඩමක් ද , සමාවෙන්න මොන අරුමයක්ද කියල ඒක බලන්න ගියා. වැඩිය ලඟට යන්න දුන්නේ නැහැ. එඩුවාන්  රාජපස්ස මහත්තයා එතනට රැකවල් දාල තියෙන්නේ.




ඒක අර ලංකාව කියන රටේ තියන එක වගේ නම් නෙමේ. හදපු කෙනා පොඩ්ඩක්  වෙනස් කරලාහදලා  තියෙන්නේ. 
පස්සේ මම කණින් කොනින් විස්තර කොරල ඇහුව්වා. ළඟ ඉන්න තුර්කි කාරයෝ දෙතුන් දෙනෙක්  ගෙන් අහල බැලුව. ඉතින් මට කීව කතාව අනුව ඔය ඉස්තාන්බුල් පොහොට්ටු කුළුණ  හැදුවේ ලංකාවේ සිවිල්  ඉංජිනේරුවෙක් ලු. හොඳ වැඩ්ඩෙක් කියල තමා කීවේ.   එයාගේ නම තිලක හා තිලකාවගේ එකක්. නෑ. ඒක ලීවේ ඉලංගරත්න උන්නැහේ නොවැ.  තිලකවර්ධනත් නෙමේ. තිලකසර් හරි තිලක සූර් හරි  වෙන්න ඕනේ මට මතක විධිහට. එයා ඒක නා යකා කියන පරම්පරාවේ කියල තමා අලි කියන ටුවර් ගයිඩ් ඒ වෙලාවේ මැදට පැනල කීවේ.

ඉතිං මේ තිලකස ලංකාව කියන රටේ තියෙනවයි කියන නෙලුං කුළුණේ කොපියක් තමා ගහන්න ඉඳල තියෙන්නේ. පස්සේ එඩුවාන්  සුල්තාන් කීවලු එහෙම බැහැ තිලකේ , මට රාජ පස්සට සෙකන්ඩ් වෙන්න පුලුවන්ද. ඕක ඔයිට වැඩිය උසට වෙන විධිහකට හදන්න ඕනේ කිවලු. එහනම් සුල්තාන් තුමනි ලෝටස් පොහොට්ටුවක් විධිහට හදන්නද කියල තිලකස අහල. එඩුවාන් නුත්  හා කීවලු ඉතිං . 

හැබැයි තද කොන්දේසි දෙකකුත් දීල තියනව. ඉස්තන් බුල් වල ඕනෑම තැනක හිටගෙන හිටියොත් රට වැසියාට මේක පේන්න ඕනේ. ඊලඟට රට වැසියාට හිතෙන්න ඕනේ එඩුවාන් තමන් දිහා බලන් ඉන්න විත්තිය. හරියට අර බිග් බ්‍රදර් වගේ. ෆුකෝ ද කවුද කියල ප්‍රංශ මගෝඩියෙකුත් ඔහොමම  කතාවක් කියල තියේලු.  රාජ්ජයට ඕනේ තමන් මිනිස්සු දිහා හැම වෙලේම බලන් ඉන්නවා  කියල මිනිසුන්ට හිතවන්නලු.

වැඩේ කියන්නේ ඔය බන  අපේ තිලකෙට තේරිලා නැහැ. ඒ නිසා ඇස් දෙකක් වෙනුවට කෝට්ටක් වගේ එකක් හයි කරලා රූප පෙට්ටියට කතා යවන්න. ඒකට එඩුවාන්  ට තරහ ගිහින්  තිලකස ලංකාවට පටවලා යැව්වලු හදිසියේම. වහාම නයිට් විෂන් ඔක්කොම තියෙන නේත්‍රා  දෙකක් රාවණා ගෙන් හරි හොයාන  එන්න කියල. 

හැබැයි තුර්කි මිනිසුන්ට වැඩේ අහුවෙලා කුළුණටයු එඩුවාන් ටයි  විරුද්ධව උද්ඝෝෂණ කරනවලු. මේක තනිකරම ඔත්තු බලන්න හදපු එකක කියල. ආපහු තිලකෙව ගෙන්නන්න කියලත් කියනවලු කුළුණේ ඉඳන් ඇන්කාරා වෙනකන් රේල් පාරක් හදන්න. ඔව් , ඒවා බැරි වැඩ නෙමේ තිලකේ වගේ  ඉන්ජිනේරුවෙකුට. රාකි ටිකක් ගැහුවා . වැඩ පටන් ගත්ත. 

මේ තියෙන්නේ තිලකේ ගේන්න එර්දොවන් එලවන්න  උද්ඝෝෂණ.



මේ තියෙන්නේ පාලම.

.


හැබැයි අවංකවම ඇත්තටම කියනවනම් කතාව කීවේ තුර්කි කාරයෙක් වගේ වෙස් වලාගෙන හිටපු  මැන්චෝසන් සාමි වරයා. ඕක කියපු ගමන්ම වගේ මිනිහා පල්ලහා ගිය හයි ස්පීඩ් බෝට්ටුවකට පැන්න කියහන්කෝ. ඔය උඩ තියෙන්නේ බෝට්ටුව. ලංකාවට යනවලු  නුවර එළියේ ඉන්න බාල මලයා හමුවෙන්න.

ඕක තමා වුනේ.

- ගමයා - 19/03/24
මූලික සත්‍යවාදී ලිපියට අදාළ නැති නිසා පසුව ලියන වගනම්: 

හැබැයි මේක මේ නෙළුන් කුලුන වගේ නෙමේ කියල තව කට්ටියකට ෆයර් වෙලාලු, නෑ ටිපර් පාක් කරනවලු. අවුරුදු  ගානකට කලින් තිබ්බ නෙළුමක් ගැන එයාල තවම වද වෙනවලු.  අච්චර අර ගෝඨ මාතියා කියල හඳුන්වන මැන්චෝසන් සාමි ගේත්  බාප්පා වෙන කෙනෙකුට කඩේ ගිහින් ගිහින් එයාව රාජාසනේ ඉන්දවල ඇරගත්ත  ඇර ගනිල්ලට   වැඩිය තවම රිදෙන්නේ අර නෙලුම් යාය ටළු. නෙළුම ගෙනාපු එවුනුත්දමල ගහල ගිහිල්ල තියෙද්දී අර සෙන් කතාවේ වයසක හාමුදුරුවෝ ගඟ හරහා උස්සන්  ඇවිත් මෙගොඩින් තියල ගිය දුහුල් ඇඳුම් ඇඳ සිටි රුපශ්‍රියෙන් අනූන කාන්තාව ගැන හිත හිත කෙට්ටු වෙන  පොඩි හාමුදුරුවෝ  වගේමලු.  ඒ අහිංසකයන්ට සමාව දෙන්න සමින්ද්‍රයාණනි. 
😏





26 comments:

  1. පෙත්ත නොගෙන - ඉන්න එපා
    කිව්වෙ නැද්ද - ඔහෙ දොස්තර
    අදම පෙත්ත - ගනිං රජෝ
    එතකොට කුලුනෙන් වැටේවි

    මෙහෙ උන්දැල - වැටුණු පිළිම
    කෙළින් කළා - කලකට පෙර
    දැන් නං බෑ - ඒ සෙල්ලං
    උන්දැල සේරම නට්ටං

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් පෙති හොඳ නෑ කියනවනේ
      පෙති දුන්න කුළුණු රජෙක් හිරේ නේද

      Delete
  2. බුකියේ දැක්කා තිලකෙත් එක්ක ඉස්තාන්බුල් වල ඉන්න ෆොටො...මෙහෙ කට්ටිය තුර්කි යනවා තට්ටෙට කොණ්ඩේ හිටවා ගන්න...ඒක ගොඩක් ජනප්‍රිය වැඩක් මෙහෙ..

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ බුකියේ නැති කෙනෙක් කියල. අර නෙලුම් කුලුන පින්තුරේ ගහල අමතක වෙලා මගේ වෝල් එකේ වැටිලානේ. ඒක මේපෝස්ට් එකට දාන්න හිටියේ. 😀 මෙහෙ කට්ට්ටිය තොල් ලොකු කරන්න, පස්ස හදන්න, තන හදන්න ඔය ඔක්කොටම යානාව, සමහරු ආපහු එන්නේ එක්කෝ තන අතේ අරන්. නැත්නම් පෙට්ටියක.

      Delete
    2. අජිත් , ලන්ඩන් ඉන්න මගෙ යාලුවෙකුත් යනවා කිව්ව breasts and buttocks sizes XXXL ඉඳන් L වගේ කරගන්න. මම ඇහුවා ඇයි ඕකට එහෙ යන්නෙ London වල ඊට වඩා හොඳට කරනවා ඇතිනෙ කියල. එයා කියන්නෙ Turkey වල වැඩේ පට්ට ලාබයිලු. ඒක ඇත්තක්ද?

      Delete
  3. http://kolompure.blogspot.com/2024/03/deck-machineries.html?m=1

    ReplyDelete
    Replies
    1. හරි හරි අනේ යන්නං. ඔය මගේ බ්ලොග් රෝලේ වැටිලා තියෙන්නේ

      Delete
  4. නන්දසේන නොහොත් ලංකාව හොදටම කරලා බංකොලොත් කරපු මිනීමරුවා පොතක් ලියවගෙන, දැක්කද? ඌ හිතන්නේ ( මිනිස්සු නොමග යවන්න හදනවා කියල මන් හිතන්නේ) ඌව පැන්නුවේ පොදු ජනතාව නෙවෙයි විදේශ කුමන්ත්රනකාරයෝ කියල....

    ReplyDelete
    Replies
    1. Niyama Jeppa talk

      Delete
    2. ලලිත්, ඕකට අඩිය තරහ ගන්න එපා. ඔය නහින දෙහින කාලෙනේ එයාගේ. බකට් ලිස්ට් එකක් ඇති කූරිය ගහන්න කලින් කරන්න ඕන දේවල් ගැන. මගේ ලඟත් තියනවා. පොතක් ලියන එක එකක් වෙන්න ඇති. ඉතින් අර වියත් මගෙන් ලණු කෑව වගේ තව එකෙක් පොතක් ලියල දෙන්න ඇති. විදේශ කුමන්ත්‍රණ කොහොම වෙතත් පීබී ජයසුන්දරයි වියත් මගයි දිහා බැලුවනම් එයාටම හොයා ගන්න තිබ්බ කුමන්ත්‍රණය

      Delete
  5. කුමාරවරැ කීප දෙනෙක්ම... මෙහෙ රජ වෙන්ටයි බලාන ඉන්නෙත්!

    ReplyDelete
    Replies
    1. ඒ අස්සෙ පුටින් රජානෝත් තව චිරාත් කාලයක් වැජබෙන්ටනෙ හදන්නෙ හිටං

      Delete
    2. පූටින් ව තෙන්ටා දාන්නේ කේජිබි කාරයෝ නේ බං . අපේ කුමාරවරු එන්නැති තරමට හොඳයි. හැබැයි එතකොට ඉතුරු වෙන්නේ අනුර කුමාර තමා

      Delete
  6. Jagath Pathirana24 March 2024 at 01:45

    https://www.tumblr.com/blackmansbitch87-blog
    මේ වගේ තමන්ගේ ගෝත්‍රය පහත්කරලා එයින් සතුටුවීමට කියන තනි ඉංග්‍රීසි වචනයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මේ මොකක් හරි ජරා බ්ලොග් අඩවියක් හරි ඩේට බාගන්න ලින්ක් එකක්ද. එහෙමනම් ඩිලීට් කරන්න වෙනවා

      Delete
  7. ඒ ගමන තිලක බොසා සිවිල් ඉංජිනේරු උපාදියකුත් කරලද 🤔

    ReplyDelete
    Replies
    1. ඔයා විතරද අපි දන්නා සිවිල් ඉන්ජොන්ට ඉන්නේ. හුහ්

      Delete
  8. ඇත්තයි , ප්‍රබන්ධයි හොයා ගන්න බැරුව කරකැවිල ඉන්නෙ.

    ReplyDelete
  9. //රුපශ්‍රියෙන් අනූන කාන්තාව ගැන හිත හිත කෙට්ටු වෙන පොඩි හාමුදුරුවෝ වගේමලු.//
    ඔය කුළුන ඇඹරිලා තියෙන්නෙ ඒකද?

    ReplyDelete
    Replies
    1. තිලකෙට එක එක ඒවා කියන්න එන්න එපා. උපාසක මහතෙක් වගේ ඉන්නේ

      Delete
  10. ගයාන් පෙරේරා තුල තියෙන ටොක්සික මැස්කියුනිටිය ගැන ඔබේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. කවුද ගයන් පෙරේරා කියන්නේ

      Delete
    2. https://www.youtube.com/watch?v=aNw7vbbimiY

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .