පසුගිය ජුලි 2 වන සෙනසුරදා දහවල සිට පැවතුනු යුරෝපා සංගමයෙන් වෙන්වී යාමට විරෝධය පෑමේ රැලියට සහභාගී වුනෙමි. මා සමග මගේ බිරිඳ හා දියණියන් දෙදෙනාද මේ රැලියට සහභගි වූයේ පැන නගින ජාතිවාදී සිද්ධීන් වලට විරෝධය පෑමටය.
හතලිස් දහසක පමණ ජනකායක් සහභාගී වූ රැලිය අමතා කථිකයන් කිහිප දෙනෙක්ම කතා කළ අතර, යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට සහයෝගය දුන් කණඩායම අසත්‍ය පොරොන්දු දෙමින් ජනතාව මුලා කිරීම පිළිබඳව ඔවුනට චෝදනා නැගුහ.
මින් එකක් වූයේ බ්‍රිතාන්‍යය යුරෝපයට ගෙවන මුදලින් සතියකට පවුම් මිලියන 350 බ්‍රිතාන්‍යයේ නිදහස් සෞඛ්‍ය සේවය නගා සිටවිමට යෙදවිය හැකි බවයි. මෙය ඉටු කල නොහැකි පොරොන්දුවක් වන්නේ බ්‍රිතාන්‍යයෙන් ඇත්තටම ගෙවන සතියකට පවුම් මිලියන් 180ක් පමණ වන හෙයිනි. එයිනුත් වසරකට පවුම් බිලියන 2-3 ත් අතර ප්‍රමාණයක් විද්‍යාත්මක පර්යේෂණ හා අධ්‍යාපන පර්යේෂණ සඳහා බ්‍රිතාන්‍ය ආයතනවලට නැවතත් ලැබෙයි. එසේම යුරෝපා සංගමය විසින් පවුම් බිලියන 4 ක පමණ සහනාධාර මුදලක් බ්‍රිතාන්‍යයේ ගොවීන්ට ලබා දෙයි. වේල්සයේ බැටළු මස් 40% පමණ මිලදී ගන්නේද යුරෝපා සංගමයයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව යෑම ගැන සිහි කරමින් දර්ශන වාදියෙකු වන ජිජැක් පැවසුවේ බ්‍රිතාන්‍ය වැසියන්ට තෝරාගැනීමට දී තිබුනේ "නරක තේරීම්" දෙකක් බවයි. යුරෝපා සංගමයේ රැඳී සිටීම ද ප්‍රශ්නයක් ඇති කරන අතර ඉන් ඉවත් වීමද ප්‍රශ්නයකි. මේ නිසා ජනතාවට සිදු වුයේ වඩා හොඳ "නරක තේරීම"ට චන්දය දෙන්නටය. ඔවුන් ඉන් වඩාත්ම නරක තේරීම තෝරාගෙන ඇත.
ග්‍රීක වාමවාදී දේශපාලනඥයෙකු වන ස්ටතිස් කුවාලකිස් මෙහිදී ගන්නා ස්ථාවරය තරමක් ප්‍රශ්නකාරී එකකි. ඇත්තටම යුරෝපිය නිලධාරිවාදය ප්‍රශ්නයක් බව ඇත්තය. නමුත් යුරෝපයේ නීති වෙනස් කරන්නට නොහැකි යයි කියන කතාව තරමක් සාවද්‍ය එකකි. ජනතාව වඩා වාමාංශික මන්ත්‍රීවරුන්ට චන්දය දෙන්නේ නම් නීති වෙනස් කිරම ප්‍රශ්නයක් නොවේ.
උඬගු ලන්ඩන් නගරයේ සමස්ත ස්වයං තෘප්ත ස්ථාවරය රැඳී සිටීමට සහය දැක්වූවා යැයි ඔහු දක්වන අදහසින් ම කුවාලකිස් සිටින ස්ථාවරයේ වැරැද්ද හෙළිවේ. ලන්ඩනයේ සිටින්නේ නොයෙකුත් ජාතීන්ගෙන් සැදුම් ලත් ජාත්‍යන්තර වැඩ කරනජනතාවකි. ඔවුන්ට වැඩියෙන් මුදල් තිබෙන බව සැබෑය. නමුත් ඔවුන් ජාතිවාදයට එරෙහිව, සැබෑ සංහිඳියාව හා ජාත්‍යන්තර සහෝදරත්වය වෙනුවෙන් චන්දය පාවිච්චි කළහ. මට පෙනෙන්නේ කුවාලකිස් මෙහිදී අතරමන් වී ඇති බවයි.
මා 1990 දශකයේ රැකියා කල කාලයේ බ්‍රිතාන්‍යයේ කොම්පැනි හිමියන්ට අවශ්‍ය නම් සේවකයෙකුට පැය 12 ක් වැඩ කරන්නට යැයි කිව හැකිව තිබුණි. එය ප්‍රතික්ෂේප කළ හොත් රැකියාව අහිමි වේ. එසේම මාතෘ නිවාඩු තිබුනේ සුමාන දෙකකි. පිතෘ නිවාඩු තිබුනේම නැත. සෞඛ්‍ය රක්ෂණය හෝ විශ්‍රාම වැටුපට මුදල් ගෙවීම අනිවාර්ය නැත. මේ නිසා රක්ෂණයක් තිබුනේ නැති අතර විශ්‍රාම වැටුප ලැබුනේ රජයෙන් පමණි. ජර්මන් හා ප්‍රංශ ජාතිකයන්ට තමන් කළ රැකියාවේ වැටුපෙන් 80%-90% පමණ විශ්‍රාම වැටුප ලෙස ලැබෙන තත්වයක් තිබුණි.
යුරෝපා සංගමය විසින් රැකියා කරන්නන් සඳහා ලියවිල්ලක් ඉදිරිපත් කර එය නීතියක් වශයෙන් සම්මත කර ගත් (worker's rights charter) පසු බ්‍රිතාන්‍යයේ රැකියා කරන හැමෝටම පැය අටට වඩා වැඩ කරන්නට නම් සේවක අනුමැතිය අවශ්‍ය බව නීතිගත කරන ලදී. පඩි සහිත මාතෘ නිවාඩු මාස හය දක්වා දික් කෙරුණි. පිතෘ නිවාඩු මාස දෙකකි. විශ්‍රාම වැටුප සඳහා ගෙවීම අනිවාර්ය කර තිබේ. බොහෝ බහු ජාතික සමාගම් මෙයට අකමැති වුනු අතර ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට කෝල් සෙන්ටර් හදාගෙන ගියේ මේ බහු ජාතික සමාගම්ය. යුරෝපා සංගමයේ සිටියොත් බහු ජාතික සමාගම් වල සූරාකෑම වැඩි වෙතැයි කියන කුවාලකිස් මෙන්ම ඇතැම් ශ්‍රී ලංකික වාමාංශිකයන්ගේ ස්ථාවරයද සාවද්‍ය එකකි.
මේ ඉංග්‍රීසි ජාතික යුවල ජෝන් ලෙනන් ගේ ගීයක කොටසක් ලියාගෙන සිටිති. දේශ සිමා නැති ආගම් භේද නැති යුරෝපයක් ඔවුන් ගේ පැතුම විය. එය දැන් බිඳී ගොස් තිබේ.
- මේ ලිපිය සත්හඬ පුවත් පතේ යුරෝපියානුවාගේ කොළම යටතේ පලවී තිබේ.
හතලිස් දහසක පමණ ජනකායක් සහභාගී වූ රැලිය අමතා කථිකයන් කිහිප දෙනෙක්ම කතා කළ අතර, යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට සහයෝගය දුන් කණඩායම අසත්‍ය පොරොන්දු දෙමින් ජනතාව මුලා කිරීම පිළිබඳව ඔවුනට චෝදනා නැගුහ.
මිලියන් 350ක් නැත |
මින් එකක් වූයේ බ්‍රිතාන්‍යය යුරෝපයට ගෙවන මුදලින් සතියකට පවුම් මිලියන 350 බ්‍රිතාන්‍යයේ නිදහස් සෞඛ්‍ය සේවය නගා සිටවිමට යෙදවිය හැකි බවයි. මෙය ඉටු කල නොහැකි පොරොන්දුවක් වන්නේ බ්‍රිතාන්‍යයෙන් ඇත්තටම ගෙවන සතියකට පවුම් මිලියන් 180ක් පමණ වන හෙයිනි. එයිනුත් වසරකට පවුම් බිලියන 2-3 ත් අතර ප්‍රමාණයක් විද්‍යාත්මක පර්යේෂණ හා අධ්‍යාපන පර්යේෂණ සඳහා බ්‍රිතාන්‍ය ආයතනවලට නැවතත් ලැබෙයි. එසේම යුරෝපා සංගමය විසින් පවුම් බිලියන 4 ක පමණ සහනාධාර මුදලක් බ්‍රිතාන්‍යයේ ගොවීන්ට ලබා දෙයි. වේල්සයේ බැටළු මස් 40% පමණ මිලදී ගන්නේද යුරෝපා සංගමයයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව යෑම ගැන සිහි කරමින් දර්ශන වාදියෙකු වන ජිජැක් පැවසුවේ බ්‍රිතාන්‍ය වැසියන්ට තෝරාගැනීමට දී තිබුනේ "නරක තේරීම්" දෙකක් බවයි. යුරෝපා සංගමයේ රැඳී සිටීම ද ප්‍රශ්නයක් ඇති කරන අතර ඉන් ඉවත් වීමද ප්‍රශ්නයකි. මේ නිසා ජනතාවට සිදු වුයේ වඩා හොඳ "නරක තේරීම"ට චන්දය දෙන්නටය. ඔවුන් ඉන් වඩාත්ම නරක තේරීම තෝරාගෙන ඇත.
ග්‍රීක වාමවාදී දේශපාලනඥයෙකු වන ස්ටතිස් කුවාලකිස් මෙහිදී ගන්නා ස්ථාවරය තරමක් ප්‍රශ්නකාරී එකකි. ඇත්තටම යුරෝපිය නිලධාරිවාදය ප්‍රශ්නයක් බව ඇත්තය. නමුත් යුරෝපයේ නීති වෙනස් කරන්නට නොහැකි යයි කියන කතාව තරමක් සාවද්‍ය එකකි. ජනතාව වඩා වාමාංශික මන්ත්‍රීවරුන්ට චන්දය දෙන්නේ නම් නීති වෙනස් කිරම ප්‍රශ්නයක් නොවේ.
උඬගු ලන්ඩන් නගරයේ සමස්ත ස්වයං තෘප්ත ස්ථාවරය රැඳී සිටීමට සහය දැක්වූවා යැයි ඔහු දක්වන අදහසින් ම කුවාලකිස් සිටින ස්ථාවරයේ වැරැද්ද හෙළිවේ. ලන්ඩනයේ සිටින්නේ නොයෙකුත් ජාතීන්ගෙන් සැදුම් ලත් ජාත්‍යන්තර වැඩ කරනජනතාවකි. ඔවුන්ට වැඩියෙන් මුදල් තිබෙන බව සැබෑය. නමුත් ඔවුන් ජාතිවාදයට එරෙහිව, සැබෑ සංහිඳියාව හා ජාත්‍යන්තර සහෝදරත්වය වෙනුවෙන් චන්දය පාවිච්චි කළහ. මට පෙනෙන්නේ කුවාලකිස් මෙහිදී අතරමන් වී ඇති බවයි.
මා 1990 දශකයේ රැකියා කල කාලයේ බ්‍රිතාන්‍යයේ කොම්පැනි හිමියන්ට අවශ්‍ය නම් සේවකයෙකුට පැය 12 ක් වැඩ කරන්නට යැයි කිව හැකිව තිබුණි. එය ප්‍රතික්ෂේප කළ හොත් රැකියාව අහිමි වේ. එසේම මාතෘ නිවාඩු තිබුනේ සුමාන දෙකකි. පිතෘ නිවාඩු තිබුනේම නැත. සෞඛ්‍ය රක්ෂණය හෝ විශ්‍රාම වැටුපට මුදල් ගෙවීම අනිවාර්ය නැත. මේ නිසා රක්ෂණයක් තිබුනේ නැති අතර විශ්‍රාම වැටුප ලැබුනේ රජයෙන් පමණි. ජර්මන් හා ප්‍රංශ ජාතිකයන්ට තමන් කළ රැකියාවේ වැටුපෙන් 80%-90% පමණ විශ්‍රාම වැටුප ලෙස ලැබෙන තත්වයක් තිබුණි.
යුරෝපා සංගමය විසින් රැකියා කරන්නන් සඳහා ලියවිල්ලක් ඉදිරිපත් කර එය නීතියක් වශයෙන් සම්මත කර ගත් (worker's rights charter) පසු බ්‍රිතාන්‍යයේ රැකියා කරන හැමෝටම පැය අටට වඩා වැඩ කරන්නට නම් සේවක අනුමැතිය අවශ්‍ය බව නීතිගත කරන ලදී. පඩි සහිත මාතෘ නිවාඩු මාස හය දක්වා දික් කෙරුණි. පිතෘ නිවාඩු මාස දෙකකි. විශ්‍රාම වැටුප සඳහා ගෙවීම අනිවාර්ය කර තිබේ. බොහෝ බහු ජාතික සමාගම් මෙයට අකමැති වුනු අතර ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට කෝල් සෙන්ටර් හදාගෙන ගියේ මේ බහු ජාතික සමාගම්ය. යුරෝපා සංගමයේ සිටියොත් බහු ජාතික සමාගම් වල සූරාකෑම වැඩි වෙතැයි කියන කුවාලකිස් මෙන්ම ඇතැම් ශ්‍රී ලංකික වාමාංශිකයන්ගේ ස්ථාවරයද සාවද්‍ය එකකි.
දක්ෂිණාංශික පුවත් පතක් වන ඩේලි මේල් වලට විරෝධය |
එසේම බොහෝ දක්ෂිණාංශික පුවත් පත් හා වේ අඩවි බොහෝවිට බොරු ප්‍රචාරය කළහ. යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයේ ස්වාධීනත්වය උදුරාගෙන ඇතැයි යන්න එකකි. පසුගිය අවුරුද්දේ පමණක් වැඩි චන්දයෙන් සම්මත වූ බ්‍රිතාන්‍යයේ සශෝධන ගණන 2644 කි. වැඩි චන්දයෙන් ප්‍රතික්ෂේප වුයේ 56ක් පමණි. අනිත් කරණය නම් තමන් මුදල් ගෙවා සංගමයක රැඳී සිටිත් නම් එහි වැඩි චන්දයෙන් සම්මත වන යෝජනාවලට හිස නමන්නට සිදුවේ. මේ බොහෝ චෝදනා හානිකර ඒවා නොවේ. මිට අමතරව රුමේනියාව, බල්ගේරියාව වැනි දියුණුවෙන් අඩු රටවල් රුසියාව තනි කිරීම සඳහා යුරෝපියානු සංගමයට ඇතුලත් කර ගැනීමට බල කළ රටක් වුයේද බ්‍රිතාන්‍යයයි. එසේ යුරෝපියනුන් පැමිණීම වැඩිවූ පසු ඉවත්ව යන්නේද මේ රටමය.
බ්‍රිතාන්‍යයේ, විශේෂයෙන්ම ලන්ඩනය වැනි නගර වල මිශ්‍ර විවාහ බොහෝ තිබේ. මව හෝ පියා ජර්මන්, ප්‍රංශ, පෘතුගීසි වැනි දරුවන් බොහොමයක් සිටිති. එවැනි පවුල්ද මේ වෙන්වීමට දැඩි විරෝධය පළ කරති. ඉහත රූ පයේ සිටින්නේ එවැනි දරුවන් දෙදෙනෙකි.