මේ සිදුවීම් මීට දශක තුනකට පමණ පෙර සිද්ධ වූ ඒවාය . ලන්ඩන් වලට තම සබැටිකල් එක ගත කිරීමට ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ආචාර්ය වරයෙකු පැමිණියේය . ඔහු තමන් හඳුන්වා දුන්නේ අහවල් ෆැකල්ටියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුමෙකු හැටියටය . තමාට තුමා කියා ගන්නා පුද්ගලයෙකු මා දුටු ප්‍රථම වතාව එයයි .
සබැටිකල් යනු විශ්වවිද්‍යාලයකින් පඩි සහිතව දෙන නිවාඩු කාලයකි. ඒවා දෙන්නේ තම විෂයට අදාලව පර්යේෂණ කිරීමට හෝ වැඩිදුර ඉගෙනීම සඳහාය. ඔහු ලන්ඩනයට පැමිණ කල පර්යේෂණයක් නැත . ඉඳහිට ලන්ඩන් විශ්ව විද්‍යාලයට නම දමා එන්නට ගිය බව දනිමි . මෙසේ පැමිණ රැකියාව කල අය බොහෝ විය . වරක් බේස් වෝටර් වල පලතුරු කඩයක වැඩ කල ශ්‍රී ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර් වරයෙකු මට මුලිච්චි වුනි . ලන්ඩනයේ ඉගෙන ගන්නා දියණිය බලන්නට පැමිණි ඔහු, වීසා වැදුණු නිසා ඒ කාලයේ මේ පොඩි රස්සාවක් කරන බව කීවේය. ඉන්පසු හමුදාවේ අය හමු නොවුණු නිසා රජය ඔවුන්ගේ පඩි වැඩි කරන්නට ඇත .
මේ අපේ කතානායක ආචාරි මහාචාරිට ලන්ඩනයේ අපූරු යහළුවන් දෙදෙනෙකුද සිටියේය . එක් අයෙකු පැමිණ සිටියේ 88-90 අවුරුදු වල ලංකාවේ පැවති භීෂණය නිසා නීතිඥවරුන් තිස් හතලිස් දෙනෙකුට එංගලන්තය ලබා දුන් දේශපාලන රැකවරණ වීසා වලින්ය. ඔහු දැන් ජිවතුන් අතර නැත . අනිත් යහළුවා වර්තමාන ප්‍රකට වෙබ් අඩවියකටද ලිපි ලියන ප්‍රසිද්ධ මාක්ස්වාදී මහාචාර්ය කෙනෙකි . ඒ දිනවල ඔහුද මහාචාර්ය කෙනෙකු නොවේ .
වරෙක එම හොටෙල් පද්ධතියේ ප්‍රධාන හෝටලයේ (රැකියාව කරන හැමටම එහි ආහාර ගත හැකිය ) අර යහළුවන් දෙදෙනා සමග ආහාර ගෙන කතා කරමින් සිටියේය . එවෙලේ මමද එහි වැඩකළ මිතුරෙකු වූ ජයන්ත හමුවීමට තවත් මිතුරෙකු සමග ගියෙමි . ඔහු මා නොහඳුනන ලෙස හැසිරුණේය.
පසුව මා ඔහු රැකියාව කරන හෝටලයට ගිය විට (මා නතර වී සිටියේ එහි කාමරයකය ) ඔහු පැවසුවේ මෙවන් කතාවකි .
"අජිත්, අප හෙන වැදගත් දේවල් කතා කලේ, ලෝක දේශපාලනය, ලංකාවේ දේශපාලනය , සාහිත්‍ය කෘතීන් ගැන හෙම . ඔයාලට ඒවා තේරෙන්නේ නැති නිසා තමා මම ඔයාලාට අපේ මේසයට කතා කලේ නැත්තේ . "
"එහෙමත් නැතිනම් අපි එයාගේ පටි රෝල් කියයි කියල හිතන්න ඇති යාලුවෝ දෙන්නා ඉස්සරහ ." මේ බව ඇසු යහළුවෙකු කීවේය.
කථිකාචාර්ය තැන පසු දිනෙක තමා ජනාධිපති ප්‍රේමදාසගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු බව මට පැවසීය. මට ඒ වෙලේ සිතුනේ අර දෙදෙනාට මොහු වැනි කෙනෙකු සමග ඇති සම්බන්ධය කුමක්ද යන්නය. එසේම මෙවැන්නෙකුගෙන් විදේශ සම්බන්ධතා ගැනීම නිසා ප්‍රේමදාස මහතාගේ රජයට තවත් කෙළ වී යා හැකි බවය .
ඔහු මුදල් වියදම් කලේ ඉතා අර පරිස්සමිනි . යහළුවෙකු කීවේ "මචන් අසූචි ගොඩක පවුමක් තිබුනොත් ඔහු දිවෙන් එය ගනීවි" යනුවෙනි . මම පිටින් මිලදී ගෙන විවිධ කෑම කන බව දැක ඒවා වියදම් අධික බව කීය . ඔහු මට සැමන් ටින් එකක් රැගෙන ආවොත් බත් උයා දිය හැකි බව කීවේය . හාල් කිලෝ පහක් පවුම් දෙක තුනක් විය. සැමන් ටින් කීවේ පිල්චාර්ඩ් වැනි ලොකු මාළු දැමූ ටින් වලටය. ඒවා ඒ කාලයේ පැන්ස ගණනකි . ඔහු මට ළුණු කපා කෑලි මිරිස් දමා ඒවා උයන හැටි කියා දුන්නේය . ඇත්තටම ඒ කෑම රසය . ඔහු මගේ යහළුවන්ට කියා තිබුනේ " මම අජිත්ව නියමට ඇන්දුවා . මිනිහ සැමන් ටින් හෙම අරන් එනවා . මම උයලා දීල මමත් දවස් දෙක තුනක් තියාගෙන කනවා. මගේ සල්ලි ඉතුරුයි . " යනුවෙනි . අපි බඩ අල්ලාගෙන සිනා සුනෙමු . යාළුවන් කීවේ "උඹ නොදන්නා විධිහට ඇට් කරපන් අපිත් එන්නම් කන්න " යනුවෙනි .
මා ආචාර්ය උපාධියට (ඒ දිනවල ) හෝ ලන්ඩනයේ උපාධියක් කිරීමට මුදල් එකතු කරන බව දැනගත් පසු ඔහු තවත් යෝජනාවක් කළේය . ඔහුට මට ශ්‍රී ලංකාවේ ආචාර්ය උපාධියක් ලබා ගත හැකි බව පැවසීය. එය ඉතාම ලෙහෙසියෙන් කළ හැකි බවද කීවේය. කුමන ආචාර්ය උපාධියක්ද , ලන්ඩනයේ සිට ඉගෙන ගත හැක්කේ කෙසේද ? තැපැල් මගින් කරන උපාධියක්ද ? සුපර්වයිසර් කෙනෙකු මුණ ගැසෙන්නේ කෙසේද වැනි ප්‍රශ්න රාශියක් නැගුවෙමි . ඔහු කොක් හඬලා සිනා සුනේය .
"අපොයි ඔයා බබෙක්නේ . මම ඔය ගෑණු ළමයෙකු ලව්වා නිබන්ධනයක් ලියවල දෙන්නම් . ඒවාට අවශ්‍ය කරන කරුණු අරව, මේවා ළමයින් ගෙන්ම ගන්න පුළුවන් . ඔයා ගේ ඇටෙන්ඩන්ස් එකත් දාල දෙන්නම් එහෙ ගිය විධිහට . හැමදාම යන්න ඕනෙත් නැහැනේ . හැබැයි සාහිත්‍ය , ඉතිහාසය පැත්තෙන් තමයි . " ඔහු පැහැදිලි කළේය .
මට ඇත්තේ විදුලි ඉංජිනේරු උපාධියක් නිසා එසේ කල නොහැකි බව කීවෙමි .
"අයියෝ අජිත් ඒකට කමක් නැහැ. කවුරුත් ඕව හොයන්නේ නැහැ . ඔයාට ඩොක්ටර් කියල නමට ඉස්සරහින් දාගත්ත හැකි . කිසි අවුලක් නැහැ . "
"මම නම් කැමැති මොනව හරි ඉගෙන ගෙන රිසර්ච් එකක් කරලා ගන්න . නැතිව වැඩක් නැහැ . මම කරන්න යන එකත් ඒ වගේ දෙයක්. " මම ඔහුට කීමි.
" අරහෙම නිකන් පීඑච්ඩි ගන්න අයත් ඉන්නවද ? " යයි මා ඇසූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ
"අපෝ ඕන තරම් . " යන්නය .
ඒ දිනවල අපි රුසියාවේ සිටි පෙම්වතියන් ගැන කතා බහ කිරීමත්සා කළෙමු . මේවා දැන් හංගන්නට දේවල් නොවන නිසා ලියමි . මා ළඟ මෙන්ම තවත් අය ළඟ පින්තුර ආදියද තිබුණු අතර රුසියානු හෝ උකරයින පෙම්වතියන් සිටි කිහිප දෙනෙක්ද සිටියහ . මේවා ආචාරි තුමාත් දුටු අතර ඔහු ට කිසියම් ලිංගික මාත්සර්යයක් ඇතිවූ බව අපට පෙනුනි . ඔහු,
"අපටත් ඔය වගේ කේස් ඕන තරම් තියනවා . මේ දැනුත් එහෙමයි " යනුවෙන් වගඩාඩම්බරයක් ද තෙපළේය. අපිද ඔහු උනන්දු කළෙමු . මා සිටියේ විසි ගණන් වල අග භාගයේය . අනිත් යහළුවකු දෙදෙනෙකු ඊට වඩා ලාබාලය. අපි සිනා සෙමින් ඔහුගේ කතා අ සිටියෙමු . නමුත් ඔහු විස්තර කල දේ ඉමහත් ජුගුප්සාජනක විය .
ඔහු කීවේ විශ්ව විද්‍යාලයේ ගැහැණු ළමුන්ට ලකුණු දෙන ආකාරයක් ගැනය . ඒ සඳහා භාවිතා කල වදන්ද අප ලංකාවේ කොලු කාලයේ භාවිතා කළ ඒවාය . තද පාෂාණ වර්ග වලට කියන නමක් මතක් කොට ඒවා හොඳ නම් පුරුෂ අවයවය ඇතිල්ලීම අඩුම ලකුණු දෙන ක්‍රමයකි . ඉන්පසු හස්තෝපක්‍රම භාවිතය සඳහා ලකුණු වැඩියෙන් ලැබේ . ඔහුට සැළකීම වේගවත් කීරීම හා අයිස් ක්‍රීම් කෑම වැනි දෙයින් ලකුණු වැඩි වැඩියෙන් ලැබීමට හේතු වේ . ඇතුළු දොර හැර ගැනීම ඔහුගේ විජයග්‍රහණයක් වන අතර ඒවා කිහිපයක් ද ඔහුගේ මල්ලේ වෙයි .
මේ මා ලීවෙ හැකි තරම් සංයමයෙන්ය. ඔහු අමු කුණුහරුප භාවිතා කළේය . අප ඒ වෙලේ සිනා සුනද පසුව වෙනම කතා කිරීමේදී ඔහු කී දෑ අපරාධ වශයෙන් හැඟෙන්නට විය . ඉන්පසු අපි අපිම ඔහුට සමාව දීමට තීරණය කලේ වැරැද්ද අපට පටවා ගෙනය . ඔහු කීවේ බොරු යයි අපි තීරණය කළෙමු . අපි රුසියාවේදී ගත් පින්තූර නිසා උද්දාමයට පත්ව අප හා සම වීමට මුසා බස් කී බව අපේ නිගමනය විය .
නමුත් ඔහු සැබවින්ම ඒ දේ කළා නම්, ලන්ඩනයේ ටෙලිපෝන් බූත් වල එස්කෝට් කෙල්ලකුට මුදල් ගෙවා ආශාවන් පිනවා ගැනීම ඊට වඩා නම්බුකාර යයි සිතුවෙමි . පවක් වුවත් නම්බුකාර පවකි .
ඔහුගේ බිරිඳ පැමිණෙන බැවින් හෝටලයට ඒ සුමාන දෙකේම අපට පැමිණීම ඔහු තහනම් කළේය . එයට හේතුව වශයෙන් ඔහු කීවේ මෙවැන්නකි . "මගේ ගෑනි තැඹිලි ගෙඩියක් වගේ ලස්සනයි . උඹල තරුණ කොල්ලෝ ෂුවර් නැහැ " යනුවෙනි . මට දැන් සිතෙන්නේ මේ පුද්ගලයාට කොපමණ ලිංගික ඉරිසියාවක් තිබෙන්නට ඇත්ද කියාය .
ඔහුට ප්‍රයිවෙට් බස් කිහිපයක් තිබුණි . එකල තිබූ රජයට සහය දැක්වීමක් වශයෙන් රූට් පර්මිට් ලැබුණු බව ඔහු පැවසිය .
"මම සමහර වෙලාවට බස් එකක් මම එලවාගෙන යනවා . පොලිස් කාරයෝ නතර කරහම මම ඕකුන්ට කුණු හරපෙන් බනින්නේ . කට ගහගෙන ආවොත් මම සුචරිතේට කෝල් එකක් දෙනවා කීවම නැට්ට *කේ ගහගෙන යනව. මට ඕකුන්ව පෙන්නන්න බැහැ . " ජනධිපති තුමා මේවා දැන සිටියා යයි කිව නොහැකිය . ඔහුගේ මේ කතා වලට අප අතර වැඩි ප්‍රසාදයක් තිබුනේ නැත . පොලිසිය සමග සම්බන්ධකම් ඇති අයද සිටි නිසාය . ඉන්පසු ඔහු එනවිට 'ආචාර්ය ප්‍රයිවෙට් බස්සෙක' එනවා යනුවෙන් කාඩ් එකක්ද වැදුනි .
ඔහුගේ වසර අවසානයේ ලංකාවට ගියේය . මම ඉන්පසු ඔහුගේ ගේ ලිපි දිවයිනේ ප්‍රධාන පුවත් පත් වල දුටුවෙමි . එසේම රාජපක්ෂ සමයේදී ඔහු ඒ ආණ්ඩුවට හේත්තු වී තිබුණි . පත්තර ලිපි වල මහාචාර්ය ලෙස හැඳින්වුණු නිසා නිසා එම පදවියද ලැබෙන්නට ඇත . ඔහුගේ ලිපි වල එතරම් ගත යුත්තක් නොතිබුණද මැද පිටු පුරා පළවීමෙන් පෙනී ගියේ ඔහු කතුවරුන් ඇසුරු කරන බවය .
දැනට අවුරුදු කිහිපයකට පෙර බිබීසී පුවත් සේවයේ සේවය කල ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු මා ඇමතුවේය .
"අජිත් අර ඔයා දවසක් කිව්ව මහාචාරියා මතකද ? නඩුවක් ගියොත් සාක්කි දෙන්න පුලුවන්ද " කියා විමසීය. මම විස්තර වීමසුවෙමි . අර ආචාරි මහාචාරියා කාන්තාවකට උසස්වීමකට හා පිටරට ශිෂ්‍යත්වයකට යාමට අවහිර කරන බවත් දොළ (ස්ත්‍රී මාංශ ) පිදේනියක් ඉල්වන බවත් ඔහු පැවසිය . ඇය ඔහුගේ ශිෂ්‍යාවක් ලෙස සිටි නිසා ඔහුගේ රෙකමදාරුව අත්‍යවශ්‍ය එකකි . ඇය නඩු යාමට සූදානම්ව සිටියාය .
හිටි හැටියේම ඔහු ඒ කාලයේ කිවූ දේ සියල්ල ඇත්ත බව අපට වැටහුණි . මම සාක්ෂි දෙන්නට කැමති වීමි . ඒ කතා ඇසූ තවත් යහළුවෙකුගෙන් සාක්ෂි සඳහා විමසන බවටද මාධ්‍ය සගයාට පොරොන්දු වුනෙමි . නමුත් මාධ්‍යවේදී සගයා සති කිහිපයකට පසු කතා කර කීවේ , එය අනවශ්‍ය බවත් ඔවුන් කිසියම් සමාදානයකට එළඹුන බවත්ය .
මේ තැනැත්තා නැවතත් ලන්ඩනයට පැමිණි විටෙක මා සොයා තිබුණි . යහළුවෙකු මගෙන් ඇසූ විට මා කීවේ මා ඔහු හමුවීමට අකමැති බවය . යහළුවා ඔහුට පවසා තිබුනේ මට හදිසි වැඩ වගයක් නිසා හමුවීමට නොහැකි බවය .
ඔබ මෙය කියවන්නේ නම් ඔබ වැනි අයෙකු මට හමුවීම ගැන ,මා ලජ්ජා වෙන අතරම හමු නොවුයේ නම් හොඳ යයි සිතන බව කරුණාකර දැන ගන්න .
මේ අපයෝජන ගැන කියා මම කොහේදෝ බ්ලොගයක ප්‍රතිචාරයක් දැමූ අතර රසික සූරියආරච්චි මහතා ලියා තිබුනේ එවැනි දේ සිදු නොවිය හැකි බවත් , සිදුවේ නම් ඔවුන් දැන ගන්නා බවත්ය . ඒ බොහෝ පසු කාලයකය. මෙවැනි දේ සිදු වේ නම් ගැන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය යමක් කරන්නේ දැයි ඇසූ පැනයකට ඒවා රන් කරන පක්ෂයක සහෝදරයෙකු පැවසුවේ ඔවුන් ක්‍රියා කරන්නේ ශිෂ්‍ය සුභ සාධනය , නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම, ජනතාවට මාර්ගය කියා දීම ආදියට බවය . ඔහුට අනුව පෞද්ගලික ප්‍රශ්න පාලනාධිකාරිය සමග බේරා ගත යුතුය. මේ කතාව ඇසූ යුඇන්පී යහළුවෙකු කීවේ අන්තරේ එම ගුරුන් සමග සම්බන්ධ නිසා ඒවාට එරෙහිව කතා නොකරන බවය .
දැනට වසර දෙක තුනකට පමණ හදිසි අනතුරකින් මියගිය මගේ රැඩිකල් මිතුරියක සිටියේය , ඇයට මේ කතාව වරක් කීවේ විශ්ව විද්‍යාල ගැන කතාවකදීය . "අනේ අජිත් , මම දන්නා ගැහැණු ළමයෙක් හිටියා . ටිකක් දුප්පත් . තාත්තා හදිසියේ නැති වුනා මම හිතන්නේ . ලෙච්චර් කෙනෙක් හිටිය ටිකක් සැරයි . මෙයා ගාමන්ට් එකකත් පොඩි රස්සාවක් කළා මම හිතන්නේ , දේශන වලට එනවත් හොරයි . අර ලෙච්ච්ර ගේ විභාගෙන් ගැලවෙන්න බෑ . ගෑනි කොහොම හරි අරයව දැලේ දාගෙන ගොඩ ගියා . දැන් බැඳලා ද කොහෙද , රස්සාවකුත් කරනවා හොඳ . ඕවා කතා කරල වැඩක් නෑ . දෙපැත්තම සමහර විට ". ඒ ඇගේ අදහස විය . මා මෙය ලිවිම නිවැරදි දැයි නොදනිමි .
රන්වල තමන්ට නැති උපාධියක් තිබුනා කියා පෙන්වීම වැරදිය . ඉන්ජිනේරුවෙකුට එංගලන්තයේ නම් උපාධියක් අවශ්‍ය නැත . ඉංජිනේරු වෘත්තියක නිරත වීම පමණක් සෑහේ. නැති උපාධි පෙන්වීම වැරදි අතර හොරට ලියා ගැනීමද වැරදිය. අර ආචාරියා කී දේ නිවැරදි නම් හොරට ආචාර්ය උපාධි කිහිප දෙනෙකු හෝ සිටිනවා විය යුතුය . රන්වල ගේ බොරු කීම මෙන්ම විශ්ව විද්‍යාල වල මේ ප්‍රශ්නද ආණ්ඩුව මැදිහත්ව බේරා දිය යුතු බව මගේ අදහසයි .
ප්‍රමිතිකරණය පැමිණි කාලයේ යාපනයේ මෙන්ම කොළඹද ඉතා ඉහලින් ලකුණු ලබා ගත් අයට විශ්ව විද්‍යාල වරම් අහිමි විය . ඒ වෙනුවට ලකුණු 180, 190 ට වෛද්‍ය, ඉංජිනේරු කිරීමට විශ්ව විද්‍යාල වලට පැමිණි අය සිටියහ. ඉන් සමහරු කොළඹ , ගම්පහ ගාල්ල වැනි ප්‍රදේශ වලට ටියුෂන් පැමිණි අයයයි . . නැත්නම් ගෙවල් තිබූ නිසා උසස් පෙළ පමණක් ඒ පැති වල ලියූ යයි . ඉන්පසු ඒ අය ආචාර්ය මහාචාර්ය පවා වෙද්දී වඩා උසස් ලකුණු තිබුණු අයට සිදු වූයේ කාර්මික විද්‍යාල වලට යාමටය . නැතහොත් පිටරට යාමටය . අනුන් ගේ කිල්ලෝට වල හුණු ගැන ප්‍රශ්න කිරීමට මොවුන්ට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද ?
හැදෙන්නට තව බොහෝ දේ තිබේ .
කොළඹ ගමයා 15/12/2024
එකඟයි, හොඳට ලියල තියනවා. ආයෙ එන්නම්.👌
ReplyDeleteකෑල්ලක් ඇතුළු කළා
Deleteමේක මගේ පෞද්ගලික අදහස. වැරදිද මන්දා?
Deleteරටේ ප්‍රධානියෙක් විදිහට රන්වල කල දේ වැරදියි. ඒ ගැන ප්‍රශ්ණ කල එකත් හරි. අස්වුන එකත් හරි .
ඔය කියන සිද්ධි ගැන බොහෝ කලකට පෙර ටැබූ ලිව්වා. ඒ ගැන සාකච්චාවක් ඇදිලා ආවාම කීප දෙනෙක්ම එහෙම නෑ කියලම හිටියා. ඕකත් හොරකම් කලේ නෑ, කොමිස් ගත්තෙ නෑ වගේ කතාවක් වෙන්ටෑ,
හැමෝම දන්නවා, ඒත් හරිහමන් සාක්කි නෑ.
රන්වල ට ආචාර්ය උපාධියක් තියනවාද නැත්ද කියල රන්වල වත් දන්නේ නැත්ද කොහෙද ? ඒක හරි දැන් . අර මාතලන් ලියල තියනවා කතාව මුලින්ම ගෙනාවේ ආචාර්ය කුමාර කළු අරච්හි මහත්මයා කියල . එහෙම වැරදි තියෙනවනම් හොයන එක හොඳයි . ටැබූ ගේ කතාව මට ටිකක් මතකයි . එයා හිටියේ ඒ විශ්ව විද්‍යාලයේ කියල තමා මම දැනන් හිටියේ . ෂුවර් නැහැ . ඒ කාලේ කරන්න බැරි වුනත් දැන් පුලිඋවන් වෙයි , ලංකාවේ me too ව්‍යාපාරය පටන් ගන්න කල් හරි වගේ
Deleteඔව් ඔබ හරි දැන් එක එකා ලකුණු දාගන්න හදනවා. හොරා, හොරා කියකිය වැලලෙන්න තරම් දෙයක් ඔතන නෑ. Actions have consequences. ඉස්සර තිබ්බෙ නෑ, දැන් තියනවා. me too ව්‍යාපාරය පටන් ගන්න අවශ්‍ය දේශපාලන වාතාවරණය තිබ්බත්, තාම කුහක සමාජ ආකල්පවල වෙනසක් වෙලා තියනවද කියන එක සැක සහිතයි.
Deleteඒකත් හරි තමා. එකපාරට කරන්න බැරි වෙන්නේ නැති දේවල්
Deleteආචාර්ය උපාධිය තියෙන අය අතර ඔය වගේ ප්‍රශ්න ඕනතරම් තියෙනවා නමුත් මෙතන ප්‍රශ්නය බොරු උගත්කමක් පෙන්වා නැති බොරු උපාධි ඇති බව පෙන්වා ජනයා මුලා කිරීම, මේක වර්තමාන ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරුන් ගණනාවක්ම සිදුකර තිබෙනවා
ReplyDeleteඒ වගේම ලංකාවේ ජනප්‍රිය බෞද්ධ භික්ෂුවක වන පිටුදූවේ සිරිධම්ම නොහොත් උමන්දාවේ හිමි නිවැරදි සම්ප්‍රදායන් කඩනවා කියලා ජෙප්පන්ට බැන්නන්ට, මෑන් ශාසනයට කරන්නෙත් ජෙප්පො දේශපාලනයට කරපු වැඩේමයි.
ජෙප්පො දේශපාලකයොන්ගේ වැටුප්, වරප්‍රසාද විවේචනය කළා. කිසිම වැටුපක් වරප්‍රසාද නොගැනීමේ සිට පාර්ලිමේන්තු කැන්ටිමේ ආහාර ගැනීම පවා අනවශ්‍ය නාස්තිකාර වියදමක් බව කී,ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය දේශපාලකයො අමු හිඟන්නු වගේ ඉන්න ඕන කියන තැනට මිනිස්සු ගෙනාවා.
ලංකාවේ බහුතර ළිංමැඩි ගෝත්‍රවාදී
මිනිස්සුත් ඒක උඩින්ම වැලඳ ගත්තා.
දේශපාලකයො මීට පසසේනම් තමන්ට යටින්, අමු හිඟන්නු වගේ හඩු විදියට ඉන්න ඕන කියන පදනමෙන් ජෙප්පොන්ට ඡන්දය දුන්නා.
ඒ නිසාම ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටුණා.
විවිධ විෂයන් වල ප්‍රවීණ, දක්ෂ මිනිස්සු දැන් දේශපාලනයට එන්නේ නැහැ.
ඔවුන්ට පාර්ලිමේන්තු ඇවිල්ලා ලැබෙන්නේ ලක්ෂයකට අඩු වැටුපක් විතරයි.
හැබැයි ප්‍රයිවට් සෙක්ටර් එකේ හෝ තමන්ගේ බිස්නස් එකක වැඩ කළොත් ඔවුන්ගේ ආදායම මිලියන ගණනක්.
ජෙප්පොන්ගේ කුහක සිස්ටම් එක නිසා රටට ඒ මිනිස්සු අහිමි වුණා.
පක්ෂ අරමුදලකින් ජීවත් වන, පෝස්ටර් ගහපු, කැන්වසින් ගිය, පොකට් මීටිං කරපු සෙට් එකකට විතරක් රටේ දේශපාලනය ඇෆෝර්ඩ් කරන්න පුලුවන් තැනකට මේක ආවා.
ඔය අසෝක රන්වල වගේ ජවිපෙ වෘත්තීය සමිතිවල ෆුල් ටයිමර්ස්ලට හොර උපාධි පෙන්වා රජයේ ආයතන වල යන්ත්‍ර ක්‍රියාකරන තනතුරු වගේ රැකියාවල වැටුපත් නිකම්ම ඉඳලා අරගෙන ඊටපස්සේ දේශපාලනය කරන්නට ඇවිල්ල ආචාර්ය උපාධි ඇති බවට පච ප්‍රචාර කරලා ජනතාව රවටා ඡන්ද අරන්, වෘත්තිකයො වගේ පෙනී ඉන්න වෙන්නේ ඇත්ත වෘත්තිකයො මාලිමාව සහ දේශපාලනය ප්‍රතික්ෂේප කරන නිසා.
දැන් දේශපාලනය හිඟන තැනක්. හැකියාවන් අඩු උන් පිරුණු තැනක්.
පිටිදුවේ සාසනයටත් කරන්නේ මේකයි.
පිටිදුවේ සූක්ෂමව මතයක් හදනවා පන්සල් තියෙන්නේ මිනිස්සුන්ගෙන් ගන්න නෙවෙයි, මිනිස්සුන්ට දෙන්න කියලා.
කොහෙන්හරි දෙයක් ලැබෙනකම් බලන් ඉන්න අපේ කම්මැලි මිනිස්සු ඒ අලුත් සිස්ටම් එකට මාර කැමතියි.
වැටුප් නොගත්තට ජෙප්පෝ පක්ෂ අරමුදලින් ඊට වඩා විශාල ලෙස සල්ලි ගන්නවා වගේ උමන්දාවට පිටරට ඉන්න මොල සෝදා ගත්තු සෙට් එකක් කෝටි ගණන් ආධාර කරනවා.
ඒ නිසා උමන්දාවට පන්සලෙන් ගමට දීම ඇෆෝර්ඩ් කරන්න පුලුවන්. පන්සලේ හාල්, පොල් දන්සැල් දීලා ගොන් ආතල් ගන්න පුලුවන්.
හැබැයි ගම්වල දුප්පත්, සාමාන්‍ය, ජනප්‍රිය නැති පන්සල් දහස් ගානක් තියෙනවා.
ඒවා ගමෙන් නඩත්තු වෙනවා මිසක් ගමට දෙන්න බැහැ. පොඩි හාමුදුරුවො පිරිවෙන් පවා යන්නේ ගමේ උපාසක අම්මා අරන් දෙන පොත් පෑන් ටිකෙන්.
පිටිදුවේ සිරිධම්ම තනියෙන් 'බුදු' වෙන්න යන ගමනේ විනාශ කරන්නේ ඒ පන්සල් සහ ශාසන සම්ප්‍රදාය.
භික්ෂූන් වහන්සේලා උපාසක උපාසිකාවන්ගෙන් යැපිය යුතු මිසෙක, ඔවුන් පෝෂණය කළ යුතු බව බුදුන් වහන්සේ හෝ දේශනා කර නැහැ.
- සචින් රත්වත්තේ
ආචාර්ය උපාධිය තියෙන අය අතර එහෙම ප්‍රශ්න තියනව කියල ඒක අමතක කරපු එකනේ හැමදාම කලේ . මින් පස්සේ නොකර ඉමු . රන්වලල වගේම අනිත් අයත් පිළිතුරු දෙන්න ඕනේ . බ්ලොගයට පැමිණියාට ස්තුතියි . සිරි ධම්ම හාමුදුරුවන්ගේ තර්ක ඥානය උසස් එකක් . බිස්නස් මොඩෙල් එකත් හොඳ බව පේනවා . දානේ දෙන්නේ සල්ලි වැඩි නිසා වෙන්න ඇති . පෝසත් පන්සල් දුප්පත් සිංහල මිනිසුන්ට උදව් කරනවට මම කැමතියි , පල්ලි සහ මුස්ලිම් පල්ලි වගේ . ඒක හොඳ දෙයක් . හැබැයි සිරි ධම්ම හිමියන්ට මනි ලෝන්ඩරින් චෝදනා තියෙනව නේද
Deleteමේකට කොච්චර අදාලද දන් නැති උනත් දන්න කථා දෙකක් කියන්නම්.
ReplyDeleteපළවෙනි එක.
කැළණිය විශ්වවිද්‍යාලේ උපාධිය කරන්න තේරුණු ළමයින්ගෙන් ඉංග්‍රීසී විශේෂ උපාධිය කරන්න ඉන්නේ ගෑනු ළමයි විතරයි. ඒ අයත් ඉතින් දේවී බාලිකා, ලේඩීස් කොලේජ් වගේ අය විතරයි. බහුතරය කොළඹ සහ නුවර. කලාතුරකින් කුරුණෑගල. මම මේ කියන්නේ 2012 විතර ඉදන් 2019 විතර වෙනකන්. එකම එක පාරක් පිරිමි ළමයෙක් තේරුනා ඉංග්‍රීසී විශේෂ උපාධිය කරන්න. ටික දවසකින් ඌ ඉංග්‍රීසි අතඇරලා ජර්මන් ඉගෙන ගන්න ආවා. මං ඇහුවා මොකෝ බන් දැන් ඉංග්‍රීසී ඉගෙන ගන් නැද්ද කියලා. ඌ කියනවා "අනේ මට බෑ බන්. ඒ අම්මන්ඩි හිතාගෙන ඉන්නේ පෘතුවිය බිහිවුණු දා ඉදන් ගෑණුන්ට වෙච්ච අසාධාරණවලට පළි මමය කියලා. ලෙක්චර් එක පටන් ගත්ත වෙලේ ඉදන් පිරිමි ජාතියට බනින එක තමා කරන්නේ. මට පුළුවන්ද බං හැම වලත්තයාම කරපු කුපාඩි වැඩ වලට බැණුම් අහන්න. ඔය බැනලා ඉවර වෙලා වෙලාව තිබ්බොත් විනාඩි 20ක් විතර ඉංග්‍රීසිත් උගන්නනවා."
ඉහත සඳහන් අම්මන්ඩි කැළණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්‍යවරියකි. ඇගේ ස්වාමියා කීපවරක් රටේ අගමැතිද එකවරක් රටේ ජනාධිපතිද විය.
දෙවෙනි කතාව.
කැළණිය විශ්වවිද්‍යාලයේ ජර්මන් ඉගැන්වීමට මහාචාර්‍යවරයෙක් සහා මහාචාර්‍යවරියක් සිටියෝය. සිසුන් පිරිසක් අවසන් පර්යේෂණ වාර්ථාව ලියනවිට ඔවුන්ගේ සුපවයිසර් තනතුරට පත්වූයේ මහාචාර්‍යවරියය. ඒ අනුව සිසුන් කැමති මාතෘකාවක් යටතේ පර්යේෂණය කිරීමට මහාචාර්‍යවරිය අවසර දී තිබුනි. ආරම්භයේදී සිසුන් තෝරාගත් මාතෘකාවලට උපදෙස්ද ඇය ලබාදුනි. ටික දිනකින්ම මහාචාර්‍යවරයා බලෙන්ම සිසුන්ගේ සුපවයිසර් කම තමාට ලබාගෙන තිබුනි. ඉන්පසු සිසුන්ට ලැබුනු පලවෙනි උපදෙස වූයේ එතෙක් කරමින් තිබූ පර්යේෂණ වාර්ථාව ඉවත දමන ලෙසටය. ඒ වෙනුවට සෑම සිසුවෙකු සදහාම පර්යේෂණ කලයුතු මාතෘකාව ඔහු විසින් ලබාදී තිබුනි. පසුව ආරංචි වූයේ ඔහු තවත් පී.එච්.ඩී. එකක් කිරීමට පටන්ගෙන ඇති බවය. ඔහු ඔහුගේ පී.එච්.ඩී. එකේ පර්යේෂණය කොටස් වලට බෙදා ළමයින්ට බෙදා දී තිබුනි. උපාධි ළමයින් එම පර්යේෂණ අවසන් කොට උපාධිය ගන්නා විට, එම උපාධි පර්යේශණ නිබන්ධන සියල්ලම එකට එකතුකොට එක නිබන්ධනයක් සාදා දී ඔහු පී.එච්.ඩී. එකක් ලබා ගනී. නැති නම් අජිත් අයියා කියා ඇති පරිදි දන්නා අදුරන කෙනෙකුට පී.එච්.ඩී. එකක් අරන් දෙයි.
මේවායේ හැටි එහෙමය.
යනූශා ලක්මාලි නම් කතුවරියක් ලියා තිබූ පාර නම් නව කථාවද මෙවැනි සිද්ධි හා චරිත පාදක කොටගෙන ලියවුනු නවකතාවකි.
උපාධියේ හොද ප්‍රථිපළ ගැනීමට ක්‍රම දෙකක් ඇත. එකක් මහංසි වීමය. ප්‍රතිඵල ශුවර්ම නැත. අනික හාංසි වීමය. ප්‍රතිඵල ෆුල් ශුවර්ය. ඉස්සර ගෑනු ළමයින්ට පමණක් මෙය අදාල වුවද දැන් පිරිමි ළමයින්ටද මෙය අදාලය. (කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යයවරයා වැනි අයද සිටින නිසා.)
ගේරා බෝයි.
ගේරා බෝයි අදාල කතාවක් . දැන් ඔය දෙපැත්තම වැරදිනේ . අපි හිතමු සමරිසි ආචාර්ය කෙනෙක් ඉඳල එහෙම කලත් ඒකත් වැරදියි තමා . ඒක හරි වෙන්න විධිහක් නැහැනේ . එහම කාර්මික විදුහල්පති කෙනෙක් ගැන විස්තරයක් මම දන්නවා . හැබැයි මෙහෙමයි මම මගේ කතාව මට කියූ බව ඕන තැනක කියන්න ලැහැස්තියි . ඒ වෙනුවෙන් මට අපවාද එන්න පුළුවන් . මගේ ගැන ලියන්න පුළුවන් . ඒවා ඔක්කොම දිහා බලල තමයි මේක ලිව්වේ .
Deleteඔයාට ඔප්පු කල හැකි සාක්ෂි තියෙනවා නම් , අර මුල් කෙනාට උනත් එරෙහිව යන්න පුළුවන් නේද ? අනික ඔය මිලිටන්ට් LGBTQ ගැන මගේ එපමණ විශ්වාසයක් නැහැ . මොකද හැම පිරිමියෙක්ම හෝ හැම ගැහැ නියෙක්ම වැරදි නැහැ . ඕනා තරම් හොඳ පිරිමි ඉන්නව . තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් ජිවිතයම කැප කරපු අය ඉන්නවා. ටික දෙනක් කරන වැරැද්දක් නිසා හැම පිරිමියටම බනින්න යනවනම් ඒකත් වැරදියි. #]ඔය ලිංගික ප්‍රශ්න වලට එක හොඳ විසඳුමක් ජර්මනියෙන් දීල තියනව. නීතිගත කරල තියෙන්නේ. ආණ්ඩුවට බදුත් ලැබෙනවා. එයාලගේ සෞඛ්‍ය , ආරක්ෂාව දෙකත් තියනව. ලංකාවේ පොලිසියට ඔය මසාජ් ආයතන වටලන්නේ නැතිව ඉන්න බැරිද? අනවශ්‍ය වැඩනේ . නිතිගත් කරල් දැම්මහම පන්සල් , පල්ලි මැද්‍රසා වල අපයෝජන වන පිරිමි ළමුන් ප්‍රමාණයකුත් බේරා ගන්න පුළුවන් වෙයි. 100% ක්ම කිසිම රටක කරන්න බැහැ. අඩු කරන්න පුළුවන්. අනික විශ්ව විද්‍යාලයක හෝ පාසලක වෙනවා කියන්නේ ගුරුවරයෙකු වශයෙන් බලය අයුතු ලෙස භාවිතා කිරීමක්.
පිඑච් ඩි කරන කොට සුපර්වයිසර් ගේ වැඩ ටිකකුත් අක්රල් දෙන්න වෙන්චා. හැබැයි එයාගේ සමුරන් තිසිස් එකම ලිය ගන්නවා කියන්නේ නම් අසාධාරණයි. සුපර්වයිසර් වැඩ කර ගන්න එක මෙහෙත් වෙනවා. එයාලගේ සමහර වැඩ කරල දෙන්න වෙනවා රිසර්ච් එක යටතේ
@ Gera boy,
DeleteCheck this short clip of a media interview with a lecturer of open University of Sri Lanka.
https://www.facebook.com/share/r/1CLZCpioqT/
She has been accused of being cheated general public with a fake PhD holder. Could you please advise on this?
Also she has been further accused by male students and some male staff of OUSL for similar behaviour during her tenure there. She also said be toxic *fe%mini^st and with different orientation than the majority heteros. If you could please further elaborate more of herself as she is holding very important position in Sri Lankan education system which severely affects the thoughts of future generations.
This is a flse information by Yatinuwara UNP. https://www.sps.ed.ac.uk/news-events/news/sps-graduate-appointed-prime-minister-sri-lanka
DeleteFormer School of Social and Political Science (SPS) PhD student Dr Harini Amarasuriya has been appointed Sri Lanka’s first woman prime minister in 24 years. She was sworn into office on 24 September by the country’s president, Anura Kumara Dissanayake.
DeleteDr Amarasuriya completed a PhD in the Social Anthropology subject area at SPS in 2010. She was also a fellow at the University of Edinburgh’s Institute for Advanced Studies in the Humanities (IASH), where her project focused on dissent in Sri Lanka. Prior to her career in politics, Dr Amarasuriya worked as a lecturer at The Open University of Sri Lanka.
Jonathan Spencer, Emeritus Professor of South Asian Language, Culture and Society at SPS, said: “I’ve known Harini for nearly 20 years as a brilliant student and a close friend. She is a person who combines enormous integrity and striking emotional intelligence. The task facing her is extraordinarily challenging, but she is a woman of extraordinarily capacities.
“Harini worked for many years in the NGO sector, specialising in child protection issues. Her PhD, which I supervised, was a study of child protection policy in Sri Lanka. She was one of four Sri Lankan students who joined us for a joint PhD with Queen Margaret University soon after the 2004 Asian tsunami."
She does not have anything againts males and if she is lesbian that's her choice ano. It's well known facct that some Sri lankan men are chauvinists. (not all)
Deleteඅජිත්,
Deleteමෙහි සඳහන් කැලණියේ ආචාර්යවරියගෙ විෂයය ක්ෂේත්රය Gender Studies. එනිසා ඇය නිරතුරු ඒ ගැන කතාකරනවා විය යුතුයි.
ඇය මා සමග එක් දිනක් කතා කළේ ද, කාන්තාවකට බහුතර පිරිමින්ගෙන් සිදුවුණු අසාධාරනයක් ගැනයි.
https://rasikalogy.blogspot.com/2015/05/blog-post.html
අවාසනාවට ඇය විවාහ වූ පුද්ගලයාගේ වාසගමත් ඇගේ වාසගම ම වූ නිසා, විවාහයෙන් පසු සැමියාගේ නම නොගෙන සිටින බව පෙන්නීමට ඇයට නොහැකි වුණා ද විය යුතුයි.
ඔව් රසික ඒ පැත්ත තියනව . Gender Studies වලදී කතා කරන්න ඕනේ ඒ ගැන නේ. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට බහුතර පිරිමින් ගෙන් අසාධාරන වෙනව මං ඇහින් දැකල තියනව . අපේ අම්මලත් ඒ වගේනේ . කවනකොට පුතාල ට තමා කවන්නේ . දුවලව ගණන් ගන්නේ නැහැ . පොඩි පොඩි දේවල් තියෙනවා ළමයින්ගේ හිත රිදෙන . කෑම මේසෙට ගියොත් පුතාලට බෙදනවා . එන්න කන්න කියනව . දුවලට කියනව බෙදාපල්ලා කියල . මම කිව්වා මගේ ළමයි දෙන්නට කියන්න එපා කියල . හේ හේ හැබැයි ඊට එහා ගියා ප්‍රශ්නයක් තියනව . හොයල බලන්න අම්මල මැද පෙරදිග ගිය පවුල් වල දුවල කොපමණක් , තාත්තා , බාප්පා , මාමා , දාල ගිය ගෙදර අන්කල් ගෙන් අපයෝජන වෙලා තියනවද කියල ;
DeleteCase of Peradeniya univercity assistant lecturer was sexually harrased. https://www.facebook.com/photo.php?fbid=10162851850293384&set=p.10162851850293384&type=3
Deleteමං දන්න තරමින් නම් හරිනි මැඩම්ට ඩොක්ටර් රේට් එකක් තියෙනවා. මම ඉතින් එතුමියගේ සහතික දැකලා නෑ. හැබැයි විවෘත විශ්වවිද්‍යාලේ ඇතුලේ එහෙම රේට් එකක් පාවිච්චි කරන්න බෑ ඇත්තටම එහෙම එකක් නැතුව. එහෙම පාවිච්චි කලා නම් ඒවා ඒ කාලෙම කට්ටිය ඇදලා ගන්නවා. මොකද ඔය කොච්චර කිව්වත් අධ්‍යයන කුහකත්වය (ඇකඩමික් හිපොක්‍රසි ) එක තියෙනවානේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරෙත්. එතකොට ඕවා බොරු ටයිටල් නම් කලින්ම එළියට අදිනවා කට්ටිය. නැත්තන් ඒ අයගේ ප්‍රොමෝෂන් එකට කෙලවෙන්න පුළුවන් නිසා.
Deleteකැළණි විශ්වවිද්‍යාලේ මහාචාර්යයවරියගේ අවුල තියෙන්නේ රසික මහත්තයා පෙන්නපු තැන. එතුමිය ලිංගික තත්ව පිළිබඳ අධ්‍යනය (Gender studies) විතරක් නෙවෙයි. ඉංග්‍රීසි අංශයේ ප්‍රධානියත් ඇය. අනික ඉංග්‍රීසි උගන්නන්ත් එතුමිය එනවානේ. එතකොට ඉංග්‍රීසි උගන්නන්න ඇවිල්ලා ලිංගික තත්ව (Gender studies) පිළිබඳ එතුමියගේ දැනුමයි, එදාමෙදා තුර කාන්තාවන්ට සිද්ද වී ඇති සියලු අසාධාරණයන් ගැනැයි උගන්නන එක වැරදියි.
අනික ඉංග්‍රීසි ඉගෙන ගන්න කොළඹයි, නුවරයි විතරක් උසස්ම බාලිකා විද්‍යාල වල ගෑනු ළමයින් විතරක් තේරෙන එකත් ලොකු අභිරහසක්. ෂර්ලෝක් හෝම්ස්වත් නෑනේ ඉතින් මේවා ගැන හොයලා බලලා ඇත්ත නැත්ත නිරාවරණය කරන්න.
අජිත් අයියා, අදාල මහාචාර්යය උතුමා ඔහු දුන් මාතෘකාවක් නොගෙන මුලින් සිටි මහාචාර්යයවරිය දුන් මාතෘකාවටම නිබන්ධනය සකස් කල සිසුවියකට නිබන්ධනය සදහා ලබා දී තිබුනේ ඉතාම අඩු ලකුණු. ඒ විතරක් නෙවෙයි. ඔය මහාචාර්යය උතුමා මම දැණුවත්ව තුන්පාරක් බැච් තුනකට ඒ බැච් දෙවෙනි හෝ තුන්වෙනි වසරේ ඉගෙන ගනිද්දි අදාල බැච් එකේ බැච් ටොප් වෙන්නෙ කවුද කියලා ටක්කෙටම හරියන්න අනාවැකි කිව්ව පොරක්. "උපාධියේ හොද ප්‍රථිපළ ගැනීමට ක්‍රම දෙකක් ඇත. එකක් මහංසි වීමය. ප්‍රතිඵල ශුවර්ම නැත. අනික හාංසි වීමය. ප්‍රතිඵල ෆුල් ශුවර්ය."
මෙයත් ඔයා කිව්ව මහාචාර්යය ප්‍රයිවට් බස් ටයිප්ම තමා.
ගේරා බෝයි
ඔය්ස් ජෙන්ඩර් ස්ටඩි ගැන කියන්න ඇත්තේ , ජාතිවාදී පුරස්න වලට අමතරව ගේරා බෝයි ලොකු ප්‍රශ්න එන තරම ට ජර්මනියේ gender fluid එකක් තියෙන්නේ . මහාචාර්යවරි ඒ පැත්තෙන් රැඩිකල් අඩු කියල හිතෙයි . ඔය කියන මහාචාර්‍යවරයා එක්ක ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නව
Deleteඔබ ලියා තිබෙන සියල්ල සත්‍ය බව පිලිගන්නවා. මම මෙයට සමාන කතා ගොඩක් අසා තිබෙනවා. ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල අචාර්ය මහාචාර්ය වරු කියන්නේ ලෝක අපතයන් රුලක් බව නොකියාම බෑ. හැම කෙනාම නොවුනත් බහුතරය මේ වගේ අපතයන් බව කිව යුතුයි. හරියට ගත්තහම ශ්‍රි ලංකාවේ ශ්‍රමණයන්ද මේ විශ්ව විද්‍යාල අචාර්යවරුද එකම කුණු ගොඩක ඉන්න කඳ පනුවන් වැනිය. සියලුම දෙනා නොවුනත් බහුතරය මේ වගේය.
ReplyDeleteඑහෙමනම් ඕක සුද්ධ කරන්න වෙන්නේ ඊළඟ පරම්පරාවට
Deleteඔබ ලියා තිබෙන සියල්ල සත්‍ය බව පිලිගන්නවා. මම මෙයට සමාන කතා ගොඩක් අසා තිබෙනවා. ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල අචාර්ය මහාචාර්ය වරු කියන්නේ ලෝක අපතයන් රුලක් බව නොකියාම බෑ. හැම කෙනාම නොවුනත් බහුතරය මේ වගේ අපතයන් බව කිව යුතුයි. හරියට ගත්තහම ශ්‍රි ලංකාවේ ශ්‍රමණයන්ද මේ විශ්ව විද්‍යාල අචාර්යවරුද එකම කුණු ගොඩක ඉන්න කඳ පනුවන් වැනිය. සියලුම දෙනා නොවුනත් බහුතරය මේ වගේය.
ReplyDeleteඅපට අපයෝජන වින්දිතයන් සඳහා අර මුදලක් පිහිටුවන් බැරිද ? රජයට බල කරන්න බැරිද ඒ හැමෝටම වන්දි මුදලක් දෙන්න කියල .
Deleteඅරමුදල් හදලා වන්දි ලබාදෙන එක හොදයි. හැබැයි එතකොට ඒක හැමදාම එකතැන කැරකෙනවා. අරමුදල් හදලා වන්දි ලබාදෙනවා වගේම මේ වගේ දේවල් නැවත කරන්න බැරි වෙන තැනට සිස්ටම් එක හදන්න ඕනේ. එතකොට කවුරු ආචාර්ය උනත්, කවුරු මහාචාර්ය උනත් මොන දේශපාලකයා බලයට ආවත් කාටවත් අසාධාරණයක් නොවී ඉස්සරහට යන්න පුළුවන්.
Deleteගේරා බෝයි
ඒක හරි , මගේ ප්‍රශ්නේ එහෙම වන්දි ගෙවන්නේ නැතිව නිතිය ඉදිරියට මේවා ගේන්න අමාරුයි . වින්දිතයෝ සමහරු කසාද පුරුෂයට කියල නැහැ . 'ඔයාල නම් කියයි . මගේ කසාදෙ නැති වෙන පොටක් මේ . මේ මිනිහ මම වෙන කෙනෙක් දිහා බැලුවත් සැකයි . ", ඊලඟට - අපි නේ මේවල ජිවත් වෙන්න ඕනේ . ඔයාල යුරෝපේ ඉඳන් ඔහොම කීවට , මේ රටේ බලන්නේ වෙන විධිහකට . ' මේවා ඉතින් ඇත්ත . පිටරට ඉන්න අය තමයි පටන් ගන්න ඕනේ .
Deleteඔබ ලියා තිබෙන සියල්ල සත්‍ය බව පිලිගන්නවා. මම මෙයට සමාන කතා ගොඩක් අසා තිබෙනවා. ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල අචාර්ය මහාචාර්ය වරු කියන්නේ ලෝක අපතයන් රුලක් බව නොකියාම බෑ. හැම කෙනාම නොවුනත් බහුතරය මේ වගේ අපතයන් බව කිව යුතුයි. හරියට ගත්තහම ශ්‍රි ලංකාවේ ශ්‍රමණයන්ද මේ විශ්ව විද්‍යාල අචාර්යවරුද එකම කුණු ගොඩක ඉන්න කඳ පනුවන් වැනිය. සියලුම දෙනා නොවුනත් බහුතරය මේ වගේය.
ReplyDeleteඅජිත්
ReplyDeleteඔයා අභ්‍යවකාශ තාක්ෂණය ගැන දන්න කියන කෙනෙක් විදියට මේ කතාව ඇත්ත ද යන්න පිළිබඳව වැඩිදුර විස්තර විග්රහ කරන්න පුළුවන්ද?
https://www.facebook.com/tharusha.weerasinghe.161/videos/1110654184071627/?idorvanity=809486713267038&mibextid=rS40aB7S9Ucbxw6v
The fastest bullet from a handheld firearm (or a rifle gun) is .220 Swift, which achieves 4,100 feet per second (1,200 meters per second, 4,500 km/h, or 2,800 mph) when fired from a rifle. It is made specially to hunt prairie dogs, groundhogs, marmots, coyotes, and other vermin, where high-speed bullets are advantageous for taking down small animals.
DeleteThis extreme velocity of .220 Swift provides a relatively flat trajectory and excellent long-range accuracy. This fastest bullet typically has a caliber of .224 inches. Due to the relatively small bullet and high velocity, the recoil of a rifle chambered in .220 Swift is relatively mild, making it manageable for many shooters.
One potential disadvantage is that extreme velocities of the .220 Swift often lead to faster barrel wear compared to cartridges with lower velocities. Some riflemen even complained that barrel burn was severe, especially at slightly higher rates of fire, and this aspect eventually caused a decrease in the popularity of this ultimate bullet speed king.
If we talk about handguns, the fastest bullet is a .220 Swift which can fly at a velocity of up to 4,100 feet per second (1,200 meters per second), depending on the type of rifle it was fired from.
DeleteBut if we go toward larger guns, modern APFSDS rounds can achieve velocities that are up to 40% faster. The absolute speed record belongs to ballistic missiles – their warheads can achieve speeds of Mach 25, or 8,280 meters per second (27,170 feet per second
ඇනෝ -ධර්මකීර්ති (මම නෙමේ ) සහ නාගර්ජුන කියල මහායාන හිමිවරු දෙදෙනෙක් හිටිය . ඒ ගොල්ලෝ තමා පළමුවෙන්ම තර්ක කරල හොයා ගත්තේ අංශුවක (ක්වන්ටම් ) අවස්ථා තුනක් තියෙන්න පුළුවන් කියල . (බුදු හාමුදුරුවෝ කීවෙත් දෙකයි කියල ) පදාර්ථයක පැවැතීම හා නොපැවතීම , ධර්මකීර්ති හිමිගේ හේතු බින්දු පොතේ ඒ ගැන තියනව . කවද හරි දවසක පරිවර්තනය කරන්න තමා හිතන් ඉන්නේ
Deleteඔබතුමා කාලයක් "දස් කැපිටාල්" පොත පරිවර්ථනය කරන්නත් හිටියා නේද? ඒක ඉවර කලේ නැද්ද?
Deleteගේරා බෝයි
අවස්ථා තුන කීවෙ... උප්පාද, තිථි, බංග ගැනද. ඒක ඉතින් බුදුදහමෙ කියා තියෙනවනෙ ?
Deleteනමියා , උප්පාද , තිති , බංග කියන්නේ , ඉපදීම , පැවතීම සහ නැති වීම නේ . මේ ඒක නෙමෙයි . අංශුවක ස්ටේටස් එක
Deleteඅනේ ඔය දාස් කැපිටල් එක පරිවර්තනය කරලා කාටවත් වැඩක් නැහැ ගේරා බෝයි . මගේ කාලය නාස්ති වෙනවා විතරයි .
Delete//දාස් කැපිටල් එක පරිවර්තනය කරලා කාටවත් වැඩක් නැහැ//
Deleteහෙහ්, හෙහ් මේ ටික්-ටොක් සමාජෙ දාස් කැපිටල් පරිවර්තන තියා බ්ලොග් පෝස්ට් එකක්වත් ඔක්කොම කියවන්නෙ කී දෙනාද? ඊට වඩා හොඳයි, වෙලාව ආවම ඒකෙ තියෙනෙ වැදගත් දේ ගැන සාකච්චා කරන එක.
මේ ඩබල් ස්ලිට් පරීක්ෂනය, අන්සර්ටිනිටි ප්‍රින්සිපල් , ක්වොන්ටම්
එන්ටෑන්ගල් වගේ ඒවා ගැන තේරෙන බාසාවෙන් ලියමුද, අර කිව්ව ධර්මකීර්ති හිමිගේ හේතු බින්දු පොත ගැනත් එක්ක?🤔🙏
මගේ භාෂා දැනුම මදි කියල හිතෙනවා . ලංකාවේ භාවිතාකරන විද්යත්මක් වචන දන්නේ නැහැනේ . හේතු බින්දු පොත ගැනත් තත්වේ එකයි . වෙලාවකට හිතෙනවා පොතේ ඉංග්‍රීසි කෑලි දාල පාඨකයන්ට කියන්න පරිවර්තනය කරන්න කියල .
Deleteමගේ පෞද්ගලික අදහස ලංකාවේ භාවිතාකරන වැඩිහරියක් විද්‍යාත්මක වචන විසුලු වදන් බවයි. ඒවා හොයා ගත්තෙ පිටරැටියො, අපි ඒකට සිංහල වචන දාගෙන නිකං පිම්බෙන්න හදන එකේ තේරුම මොකක්ද? පාසැලේ දී ඉගෙනගත් සමහර විද්‍යාත්මක වචන භාවිතා කලාට කමක් නෑ. නොකලත් කමක් නෑ as long as the message get across. මෙතන අදහස සිංහල පාඨකයින්ට දැණුම ගෙන ඒම නේද? අනික ඇවරේජ් සිංහල පාඨකයො වැඩි දෙනෙක්, ඉංග්‍රීසී වචනයක්වත් නොදන්න මෝඩයොත් නෙමෙයි නෙව?
Deleteඅජිත් පටන් ගන්නව නං, අපි එන්නම් සාකච්චාවට. ටිකක් භාරදූර වැඩක් බව දන්නවා, ඒත් හැකි නං හිතල බලන්න.🙏😁
එහෙමනම් බලමු , මම ලීව වගයක් නම් තියනව
Deleteහදිස්සියක් නෑ. වැඩේ කෙරෙනව නං එච්චරයි. මේක සිංහල බ්ලොග් ලෝකෙ දැකලම නැති, ඒත් වැදගත් කියල හිතෙන විරල සබ්ජෙක්ට් එකක්. 👌🙏💐😊
Deleteමේ මුන්නහේ මොනවා කියනවද මන්ද
Deleteඔය ලිපිය කවුද කෙනෙක් ගෙඩිය පිටින් දාල තිබ්බ පේජ් එකක එයගේ නම් දාලා , හේ හේ ;ලිපි පෙළක්ම ලීවා , ඒ දවස් වල බසුන්නහේ විරුද්ධ පාර්ශවේ වෙන්ටෑ https://kolambagamaya.blogspot.com/2014/10/big-bang-cmb.html
Deleteවිරුද්ධ පාර්ශවේද මන්දා, ඒත් ඒ දවල්වල තිබ්බ වලි, මඩ , ඇනෝ කරදර නිසා ගියේ දන්න අයගෙ බ්ලොග් වලට තමයි.
Deleteලිපි දෙක හොඳයි, නමුත් මම බලාපොරොත්තු වෙන්නෙ, ඊට වැඩිය තාර්කික ලිපියක්. කොහොමද ධර්මකීර්ති හිමිගේ හේතු බින්දු පොත, අංශුවක ස්ටේටස් එක සම්බන්ධ වෙන්නෙ කියල වගේ එකක්. ඇයි භෞතික මූලධර්ම ඉවොන්ටම් ලෙවල් එකේදි බිඳ වැටෙන්නෙ, සරල විදිහට relativity vs quantum mechanics, quantum entanglement වගේ දෙයක්.
CMB වලින් බිග් බැන්ග් තහවුරු වුනාමද මන්දා, බිග් බැන්ග් ගැන අවිනිෂ්චිත දේවල් හුඟක් තියනවා නේද? මට තේරෙනවා මේක මේවා uncharted territories කියලා, ඒ නිසා මේ ගැන කුලල් කාගෙන, කෙස් පැලෙන තර්ක ගේන්නෙ අදහසක් නම් නෑ. ඒත් සාමකාමී, යමක් ඉගෙන ගතහැකි සාකච්චාක් නම් හා!
Deleteක්වොන්ටම් විද්‍යාව ගැන නම් එච්චර තේරෙන් නෑ. ඔය මහා පිපුරුම් න්‍යාය ගැන නම් ඉස්කෝලෙ යන කාලේ ඉදන් කියවලා යම් දැණුමක් තියෙන නිසා තේරුනා.
Deleteබසූ තුමාගේ බ්ලොග් එකේ තියෙන සමහර ඉලෙක්ට්‍රික් පාට්ස් ගැන තියෙන ලිපි උනත් එච්චරම තේරෙන් නෑ.
හැබැයි දේශපාන විද්‍යාව ගැන තියෙන ලිපි නම් සෑහෙන්න තේරෙනවා. ඒකයි මන් "දස් කැපිටාල්" ගැන ඇහුවේ.
ක්වොන්ටම් ගැන මටත් ඒ හැටි නොතේරෙන නිසයි සාකච්චා කරමු කිව්වෙ. එහෙම නං අජිත්ගෙත් අකමැත්තක් නැත්නම්, ඇඩම් ස්මිත් සහ මාර්ක්ස්ගෙ පොත් ගැන සමාලෝචනයක් වගේ එකක් වුනත් කමක් නෑ.
Deleteඇඩම් ගැන නම් එකොනෝ තමයි විශේසන්ඥයා , මාකස් ගැන ඉඳල හිටලා ටච් කරන එක හොඳයි . ක්වන්ටම් ගැන ලියන හුඟක් කල් ඉඳන් හිතේ තිබ්බ නිසා ඒක හොඳයි . මගේ අදහස මෙහමයි . මට අල්ලලා යන කෑලි ටිකෙන් පටන් ගමු .
Delete//මට අල්ලලා යන කෑලි ටිකෙන් පටන් ගමු//
Deleteඑකඟයි. ඒක ප්‍රායෝගිකයි. මම එන්නම් සාකච්චාවට.
මාත් එඥ්ඥං...
Deleteගේරා බෝයි
හරි ,බ්‍රයන් ගේ කොටසක් තියනව ඒක මේ සෙනසුරාදා දාල ඊට පස්සේ ඒක බලමු පටන් ගන්න . මටත් ඉගෙන ඟනන් පුළුවන් ආයි
Deleteගේරා බෝයි දැක්කනේ අද ජර්මනියේ වෙච්චි දේ මග්දෙබර්ග් වල . ඒ පැත්තේ දක්ෂිණාංශික ජර්මන් අය වැඩි නේ . ඒ පැත්තේම තමයි වැඩේ කෙරුවේ . ලංකාවේ ත්රස්තවාදීන් හමුදා භටයෝ 13 මරල දකුණ ඇවිස්සුවා . සාමාන්‍යයෙන් ජාති වාදී නොවන මිනිස්සු ජාතිවාදී කළා .ඉන් පස්සේ වුනත් හැම බෝම්බයක්ම දකුණේ ගැහුවේ ඒක කරන්න . මිනිස්සු ජාතිවාදී වෙනවා , අදාල නැති අහින්සකයන්ටත් ගහනවා මරනවා . කෙනෙහිලිකම් කරනවා . අන්තිමට අපි කියන්න ගන්නවා උන් ඔක්කොම ටෙරාල කියල . දැන් මේ ත්රස්තවාදීන් විසින් ජර්මන් වරු අතරේ තවත් වර්ගභේද වැඩි කරනවා , උන්ට ඕනෙත් ඒකමයි . ඊට පස්සේ ජර්මන් සහ රටට ආපු අය අතර භේද ඇති කරල වාසිය ගන්නවා . රටට ආපු ඔයාල වුනත් ඊට ජර්මන් වරු දිහා බලන්නේ දරුණු නාසි වගේ , ලංකාවේ සිංහල වැසියන්ට වැදුණු බෝඩ් එක ඒක . කාලයක්
Deleteඑක තමා අයියේ මං කිව්වේ. ඕකේ එක පැත්තයිනේ සේරම ජර්මන් අය නාසි විදියට දකිනවා කියන්නේ. ඕකෙම අනිත් පැත්ත තමා සේරම විදේශිකයෝ ටෙරාලා විදියට දකිනවා කියන එක. මම අර කලිනුත් කිව්වා වගේ අන්තිමට කාපු මකුණයි නොකාපු මකුණයි ඔක්කොම එකයි. දැන් මම මෙතෙන්දි කිව්වොත් ජර්මන් අය නාසි වෙලා විදේශිකයන්ට නරක විදියට සලකන එක වැරදියි කියලා මම හරිද?
Deleteටෙරා ලා කරන්නේ ඕක . අපි බෝම්බයක් පිපිරුවම වටේ ඉන්න එවුන්ට ගහනවා . ඊට පස්සේ උනුත් ටෙරලට සපෝර්ට් . හැබැයි මෙතැන් වෙනම පට්ට කෙස් එකක් නේද? මේ ටෙර ඉස්ලාම් උන්ට විරුද්ධයි . මෙය නාසි පක්ෂයට් සපෝර්ට් . හේතුව ආණ්ඩුව ඕනවට වැඩිය මුස්ලිම් අයට කත් අදින එක -But a 50-year-old Saudi ex-Muslim who lives in East Germany, loves the AfD and wants to punish Germany for its tolerance towards Islamists – that really wasn’t on my radar.”
DeleteAbdulmohsen had created a website to assist opponents of the regime in Saudi Arabia, in particular women, to escape the country and apply for asylum in Europe.
He had made considerable efforts to be taken seriously as a militant critic of Islam, describing himself in a 2019 interview in the august Frankfurter Allgemeine Zeitung as “the most aggressive critic of Islam in history”.
He also demonstrated considerable support for the Alternative für Deutschland (AfD), the anti-Islam, anti-immigrant party that is currently second in the polls.
His attention in recent months appeared to have turned to criticism of German authorities and a bias he thought they had against Saudis such as himself and female asylum seekers in particular who had renounced Islam.
In August, in one post, he reportedly wrote: “If Germany wants to kill us, we’ll massacre them, die, or go with pride to prison.”
ඒකම තමා ලංකාවෙත් උනේ. හමුදාවට ගැහුවා. මිනිස්සු දෙමළ ජාතිකයින්ට ගැහුවා. අන්තිමට සිංහලයා ජාතිවාදි උනා.
Deleteඔය මග්දේබුර්ග් වල ඇටෑක් කරපු එකාගේ කොලිෆිකේෂන් දැක්කද අයියා? මනෝ චිකිත්සකයෙක්. අවුරුදු ගානක් ඉදලා තියෙන්නේ මුස්ලිම් විරෝධීව. හැබැයි ඒවා ඔක්කොම බොරු මවා පෑම් කියලයි මට හිතෙන්නේ. ඕවා තමා ප්සයි ඔප්ස් කියලා කියන මානසික මෙහෙයුම්. මිනිස්සු අතරේ හැංගිලා ඉන්නවා බැටළු හමක් පොරෝගෙන. වෙලාව ආවම තමන්ගේ මෙහෙයුම සාර්ථක කරගන්නවා. ඕකනේ කියන්නේ උගත් මිනිස්සු හොරු උනාම අල්ලන්න අමාරුයි සහ කරන විනාශය වැඩියි කියලා.
ඒක අලුත් විධිහක කියවීමක් . ස්ලිපර් ඒජන්ට් කෙනෙක් දාලා ගස්සන එක . අපි බලමු , හැබැයි මේකෙන් කෙලින්ම නාසි කට්ටියට සපෝර්ට් එක යන්නේ
Deleteපහුව මේක කොටන්නෙ අර බසු කිව්ව වගෙ තර්කකරගෙන වැඩක් නැති හන්ද. හේතු බින්දු පොත හෙව්ව හෙව්වා. හම්බඋනෙ නෑ.
Deleteඔය කීව... උප්පාද, තිථි, බංග වෛදික දහමේ තමා ඔච්චර කාලයකට පෙන්වන්නෙ. සමහර විස්තර වල දෙයක හටගෙන අවසන් වීමට ප්ලැනට් එකෙ ජීවකාලය තරම් කියල පෙන්වනව. ආයෙම කුඩා මොහොතක් තරම් කාලයකුත් පෙන්වනව.
අභිධර්මයේ රූපය පවතින කාලය පෙන්වන්නෙ (පදාර්ථය) උප්පාද, තිථි, බංග විදිහට අර වීඩියෝවෙ දාල තියෙන කාලයට සමානව වගෙ. ධර්මකීර්ති පොතේ ඊටත් අඩු කාලයක්ද පෙන්වන්නෙ ??
ඒ පොත pdf තියෙනං එවන්නකො
ලියන ඕන දෙයක් ඉතීම් අපි කියවන්ට එන්නං 😉
බෙර හඬ නඟයි නියමෙට බෙර ඇතුළත හිස්
ReplyDeleteහුළඟින් හොඳට පිම්බෙනමුත් ඒකත් හිස්
ලොකුවට පෙනෙන හුඹහෙත් නෑ මොකුත්ම- හිස්
පිම්බෙන්නට කැමති ගොඩකගෙ ඇතුළෙ හුඹස්!
ඒක නම් සැබැයි නිදි , පිම්බිලා පෙන්නුවට අතුල හිස් අකියන් කතාවට එකෙන්ම එකඟයි
Deleteරසික සූරියආරච්චි "මහතා" යමක් ලියා තිබුණා නම් එහි අදහස විය යුත්තේ ඔහු සිව් වසරක් උගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නම් එවැනි කාන්තා අපයෝජන සිදුවුණු බවට කිසිදු රාවයක් හෝ නොතිබුණු නිසා එවැනි දේ සිදුවුණු බව විශ්වාස කිරීමට අපහසු බවයි.
ReplyDeleteඊට අමතරව ඔහු කථිකාචාර්ය"තුමෙකු" ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සේවය කළ වසර හතරහමාරක කාලය තුළ ද එවැනි කාන්තා අපයෝජන සිදුවුණු බවට කිසිදු රාවයක් හෝ දැනගන්නට නොතිබුණු නිසා එවැනි දේ සිදුවුණු බව විශ්වාස කිරීමට අපහසු බවයි.
පර්යේෂණ පත්‍රිකා හෝ උපාධි සහතිකයක් හෝ නොමැතිව LinkedIn හෝ WIkipedia තිබුණු පළියට රංවලට ආචාර්ය උපාධියක් ඇතිබව විශ්වාස කළ නොහැකි සේ, කටකතාවක් හෝ කණට නොඇසී (අදාල කාලවල, අදාල ස්ථානවල) බරපතල අපයෝජන සිදුවුණා යැයි විශ්වාස කළ නොහැක.
කාන්තා අපයෝජන කියනේව පෙන්නලා කෙරෙන්නේ නැහැ . හොරෙන්නේ කරන්නේ . අර වගේ තමන්ම පාපොච්ඡාරණ කරන ලොකු කමට හෝ වින්දිතයෙක් නඩුවක් දැම්මොත් තමයි . /කණට නොඇසී// කණට ඇහුනු එක තමා ඔය ලියල් තියෙන්නේ . අපි මුලදී ඒක බරපතලව නොගත්තත් මම පස්සේ දැන ගත්ත බරපතලකම . මම නඩුවකට පෙනී ඉන් සූදානම් . යාළුවොත් ඉන්නව , නමුත් විඳිත අයගේ ප්‍රශ්නයක් ටියන්ව් එයාලගේ උපාධි , ගත්ත ලකුණු කැන්සල් වෙයි කියල . ඒවත් ප්‍රශ්න තමයි . ලංකාවේ හැටියට . මිනිස්සු විශ්වාස කරන්නේ නැති කමත් ප්‍රශ්නයක් .
Deleteමෙව්වා ඉතින් අපයෝජනම නෙවෙයිනේ රසික මහත්තයා. විශ්වවිද්‍යාල වලට එන්නේ අවුරුදු 18ට වැඩි අයනේ. ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමන්ගේ ආචාර්යයවරයෙක් හෝ වරියක් එක්ක ලිංගික සම්භන්ධතාවක් පවත්වාගෙන යනවා නම් ඒක ඒ අයගේ පෞද්ගලික දෙයක්. ඒවයි ප්‍රතිඵලත් ඒ ගොල්ලො පෞද්ගලිකවම බලාගනියිනේ. ඔය ළමයි හම්බවෙන ඒවා, කසාද බඳින ඒවා එහෙම.
Deleteහැබැයි ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව අදාල විශයට හොද ලකුණු ලබා ගනිද්දි අනිත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙතින් මේ ලිංගික සම්භන්ධතාවය ප්‍රශ්ණ කරනවා. මොකද කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියන දේ ඔතෙන්දි බලපාන නිසා. ඔය උඩින් කියලා තියෙන මහා ශිෂ්‍ය සංගමේ හැසීරීමත් ඇත්ත. උන් ඕවාට මැදිහත් වෙන්නෙ නෑ. අනිත් ශිෂ්‍ය ශිෂ්‍යාවොත් ඔය ගැන ළිඳ ලඟ සංගමේ වගේ කතා කලාට කෙලින් කතා කරන් නෑ අදාල ආචාර්යය වරයාට එරෙහිව. මොකද තමුන් කැමැති ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව බැච් ටොප් කරන්න පවර් එකක් තියෙන පොරකට වෙන ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් රිපීට් කරවන එක මහ ලොකු දෙයක් නොවෙන නිසා.
එකඟයි ඇනෝ . ඒක තමා වෙන්නේ . ජවිපෙ සහ පෙරටුගාමී දෙකේම ශිෂ්‍ය සංගම් පවා කට්ට කමට නිහඬයි කියන එකයි මට හිතෙන්නේ
Delete//මෙව්වා ඉතින් අපයෝජනම නෙවෙයිනේ රසික මහත්තයා. විශ්වවිද්‍යාල වලට එන්නේ අවුරුදු 18ට වැඩි අයනේ//
Deleteමෙන්න මේ ආකල්පය නිසා වෙන්න ඇති, මේ "කාමරේ ඉන්න අලියව" දැක්කා නොදැක්කා වගේ ඉන්නෙ. ගුරුවරු, බාරකාරයො, සුපර්වයිසර්ලා තමන් යටතේ ඉන්න අය එක්ක ලිංගික සබඳතා පැවැත්වීම සමාජය අනුමත නොකරන්නෙ හේතුවක් ඇතිව. හේතුව "ලිංගික දඩයක්කාරයෙකුට" ඒ බලතල අවභාවිතා කරන්න ඉතාමත් පහසු නිසයි.
'අනේ එයා හරි වල ' කියල කියනවා නේද ? ඒකෙ ලොකු තේරුමක් ගැබ් වෙලා තියෙනවලු . දෙන්නෙක් ගේ කැමැත්තෙන් හෝ මුදලක් හුවමාරු වෙලා කරන එකේ කිසි අවුලක් මම දකින්නේ නැහැ . නමුත් බසු සහ ඇනෝ කීව වගේ විශ්ව විද්‍යාලයකදී ප්‍රශ්නයක් එනව . ඉස්සර අපි විභාග දෙනකොට එක රුස්සියෙක් හිටිය කොටම කොටට ඇඳගෙන සර්ලා ගාවටම යන . අපි විභාගේ ප්‍රශ්න පත්තරේ පැත්තක තියල ඒකි දිහා බලන් ඉන්නේ
Delete@බසූ තුමා
Deleteඑහෙම වෙනවා තමා. ඒත් නීතිමය පැත්තෙන්වත් සමාජීය පැත්තෙන්වත් මුකුත් කරන්න බෑ. ලංකාවේ ළමා අපචාර වැඩියි කියන්න හේතුව අවුරුදු 18ට අඩු අය කැමැත්තෙන් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීමත් බාල අපචාරයක් විදියට ගනන් ගැනීම. හැබැයි බටහිර රටවල බාල අපචාර අඩු වෙලා තියෙන්නේ කැමැත්තෙන් ලිංගික ක්‍රියාකාරකම් එක් වීමේ වයස අවුරුදු 14, 15 වගේ අඩු වයසක තිබීම. ඔය කතන්දරේ නිසානේ සක්විති රණසිංහ බාල අපචාර චෝදනා යටතේ සිරගත වෙන්නේ. බාල අපචාරයට ලක් වෙලා තියෙන්නේ ඔහුගෙම බිරිඳ. ඔහුටයි බිරිඳටයි ළමයිනුත් දෙන්නෙක් හිටියා වයස අවුරුදු 12, 13 වගේ.
ඉතින් අවුරුදු 18ට වැඩි එකෙක් ලිංගික සම්භන්ධතා පැවැත්වුවා කියලා පොලිසී යන්නයෑ.
තව මම අහපු සීන් එකක් තියෙනවා. මේක මට කිව්වේ ජපුරේ සහෝදරයෙක්. අපි දවසක් කතා වෙනකොට හඳගමගේ "ඇගේ ඇස අඟ" ෆිල්ම් එක ගැන කතා වෙද්දි තමා පොර කිව්වේ මේ කතාව.
ජපුරේ කෙල්ලෙක් ඉදලා ඔය වගේම ලෙක්චරස්ලා එක්ක හාංසි වෙලා එක්සෑම් ගොඩ දාන. පස්සෙ දවසක් කොල්ලො ටිකක් මේකිව අල්ලගෙන බැනලා වලත්ත වැඩ කරන්න එපා එක එකත් එක්ක බුදියගෙන කියලා. ඒකි එක සැරේට ඇහුවාළු "මට අවුලක් නැත්තං, මගේ පවුලේ අයටත් අවුලක් නැත්තං අයියලාට මොකද්ද තියෙන රුදාව?" කියලා. පස්සෙ අරුන් ආයි කිව්වාම ඒකි එක්සෑම් වලට ලකුණු ගන්න ලෙක්චරස්ලා එක්ක බුදියනවා කියලා ගත්ත කටටම කිව්වලු "ඔප්පු කරලා නඩු දාන්න" කියලා. එහෙම කියලා ඒකි ගියාලු යන්න. කොල්ලො ටික හිටියලු මල්ටිබොන්ඩ් කාපු රිලවු වගේ.
ඕවා හදන්න නම් සිස්ටම් එක හදන්න ඕනේ ලෙක්චරස්ලාට ඕනේ විදියට නටන්න බැරි වෙන්න.
ගේරා බෝයි.
ගේරා බෝයිගේ කමෙන්ටුව කියවද්දී ලස්සන කීමක් මතක් වුණා.
Deleteළිඳ මගේ නං මම ළිඳේ නං කාටවත් ඇයි වේදනා!
එතන එහෙම එකක් නෙම්නේ නිදි . මේ රටවල අවස්ථා තියෙන නිසා ඒ වගේ දෙයක් ශේප් කර ගත්තත් ලංකාවේ තරඟකාරී වැඩිකම නිසා අනිත් අයට ඒක අසාධාරණයක්
Deleteගේරා බෝයි සහ අජිත්ගේ අදහස් එක්ක එකඟයි. ඔය සංසිද්ධිය බටහිරත් නොවෙනවම( A for a lay) නෙමෙයි, වෙනස මෙහෙ ඉන්නව කස්ටිය ඒක නෑ කියන්න.
Deleteමොකෑ. මහාචාරියම බස්එක එලෙව්ව 😆. උන්දනම් මහාමාර්ග ආචාරියෙක් වගෙ.
ReplyDeleteඔය ලියා තියෙන කතා මාත් අහල තියෙනව. නවකවදය වගේම ඔය කෙරුවාවත් විශ්වවිද්‍යාලවලින් අයින් කරන්න කටයුතු වෙනවනම් අගෙයි.
නවකවද කතාවකුත් තියනව . ඒකත් ලියන්න ඕනේ . බැනුම් අහන්න වෙයි පට්ට .
Deleteඅනේ ලියන්ට. වෙන ඒව ලීව කියල අනංමනං නොකිය ඉන්ටවද අනෙ මේකට ගොඩවදින ඇනෝල 😃
Deleteඒකත් ඇත්ත
Deleteඑකඟයි
ReplyDeleteස්තූතියි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ බොග් අඩවියේ අත්භූත දේවල් සිද්ධ වෙනවා. හිටපු ගමන් කමෙන්ට් අතුරුදහන් වෙනවා. මගේ කලින් කමෙන්ට් එක ගියා,නොගියා මාව ලොග් අවුට් කරලා එලියට දැම්මා. කස්ටිය කමෙන්ට් දෙක දෙක පෝස්ට් කරන්නෙ ඒකයි. දාන්න ආවෙ මේ කතාවෙ ලින්ක් එක:
ReplyDeleteපිට සක්වලින් ආ රූමතිය