මුල් ලිපි:
පළමුවන කොටස
දෙවන කොටස
තෙවන කොටස
හතරවන කොටස
පස්වන කොටස
මා මුලදී ලියන්නට සිටි කොටසින් බැහැරව ම හතරවන කොටසේ සඳහන් කළ පැරණි පාසැල් මිතුරා විසින් එවන ලද මේ පිළිතුර පළ කරමි. මට ඔහු හමුවූයේ මීඩියම් කෙනෙකු වන ලවුලන් හෙවත් ජැමි විල්සන් ගේ වෙබ් අඩවියේ ඔහුගේ සොයුරා සමග කතා කරද්දී බව පැවසුවෙමි.
මේ අදහස් ඔහුගේ ඒවා මිස මගේ නොවේ. මගේ අදහස් නිල් අකුරෙන් දක්වා ඇත.
ඔහුගේ පිළිතුර:
නාඩි වාක්‍ය ලියා ඇත්‍තේ අවුරුදු 5000කට පමණ ඉහත සිටි ඍෂීන් විසින් යයි කියති. ඒවායේ කෙනෙකුගේ නම, දෙමාපියන්ගේ නම්, ඇතැම් විට සහෝදර සහෝදරියන්‍ගේ නම් ආදියද සඳහන් වේ. එනිසා දරුවකුට නමක් තබන්නට අප ගන්නා වෙහෙස ගැන වෙලාවට හිනා යයි. ඒ එය අවුරුදු 5000කට පමණ පෙර කවුරුන් හෝ ලියා ඇති බව සිහිවීමෙනි.
මේ වාක්‍ය අතරින් කාක භුජන්දර නාඩි වඩා නිවැරදි බව බළන්‍ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් කියා ඇත. එය යූටියුබ් හි ඇත.
//එඩ්ගාර් කේසි බොහෝ අනාගත කියවීම් ආදිය කලේ ස්වයං මෝහනයකට ලක්වීමෙනි. "නිදා ගෙන පේන කියන්නා " ලෙස ඔහුව හැඳින්වූයේ එබැවිනි. ඔහු බයිබලය හිස තබාගෙන නිදාගත් පසු එය මුළුමනින්ම මතක තිබු බව කියවේ. - මගේ කියමනකි //
මෙවැන්නක් මා අසා නැත. මා ඔහුගේ ජීවිත කථාව වන තෝමස් සුග්රූ විසින් ලියූ There is a River කියවා ඇත්තෙමි. එසේම ඔහු ගැන ලියා ඇති වෙනත් පොත් කීපයක් ද කියවා ඇත්තෙමි.
//ඔහු බොහෝ තෙල් නිධි ඇති ස්ථානද සොයා දී තිබේ යයි කියති. ඔහු ක්‍රිස්තියානි වූවද පුනරුත්පත්තිය දැඩි ලෙස විශ්වාස කළ අතර තමන්ගෙන් සුවය ලැබීමට හා අනාගතය දැන ගැනීම සඳහා එන්නන්ගේ පෙර ආත්ම ගැන කීමද කළේය.- මගේ කියමනකි//
මා දන්නා තරමින් ඔහු තෙල් නිධි සෙවූ බවක් කියවා නැත. එවැන්නක් කළා නම් ඒ යූරි ගෙලර් ය. ඔහු පුනරුත්පත්තිය විශ්වාස නොකළේ ය. ඔහුට මේ ස්වයං මෝහනයෙන් කථා කෙරෙන දේ බරපතල ප්‍රශ්නයක් විය. ඒ ඔහු දහම් පාසල් ගුරුවරයකු ද වූ බැවිනි. ඔහු මට මතක ආකාරයට මෙතෝදිස්ත ලබ්ධිකයකු වූයේ ය. මේ ගැටුම පිළිබඳව ඔහුගේ ජීවිත කථාවේ දැක්වේ.
ඔබ ද උපදින්නට පෙර මළවුන් අතර සිටියා විය හැකි ය. මේ මළවුන් යන්නට උපන්නට සිටින අය කීව ද නිවැරදි යයි මට සිතේ.
//අපි කරන ඕනෑම සුළු හෝ ක්‍රියාවකින් අනාගත වෙනස් වෙන්න ඉඩ තියෙනවා නම් අනාගත හරියටම කියන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතු වෙනවා නේද?-මගේ අදහසකි.//
ඔව්. සත්තකින්ම. නාඩි වාක්‍යවල දී ඊට ද ඉඩ සලසා තිබෙන බවක් කියැවෙනවා. ඔබ දැන් සිටින තත්ත්වය ඔබ විසින් ඔබට ලැබුණු විකල්පයන්ට ඔබ දක්වා ඇති ප්‍රතිචාර අනුව ළඟා කර ගත් නැතහොත් උදාකර ගත් තත්ත්වය ලෙස හැඳින්වෙනවා. ඔබගේ කර්මය නැත්නම් ඔබ කළ දේ අනුව. ඇතැම් නාඩි වාක්‍යවල අතීතය හා වර්තමානය නිවැරදි වුවත් අනාගතය වැරදිය. මට හමුවූයේ එවැන්නකි. එහි අතීතය හා වර්තමානය සියයට සියයක්නි වැරදි වුවත් අනාගතය සියයට සියයක්ම වැරදි ය. එය මා ඒවා ගැන සොයන්නට පෙළඹවීය. එතැනින්ම සිය අනාගතය නිවැරදිව කියවා අය ගැනද මම දනිමි. එසේම ඉන්දියාවට ගොස් එකම තැනින්ම දෙදෙනෙකුගෙන් එක් අයකු ගේ අනාගතය වැරදියටත් අනෙකාගේ අනාගතය නිවැරදිවත් කියැවුණු අවස්ථාවක් ගැන ද දනිමි. එය එසේ විය හැකි බව ද දැන් දනිමි. අප දැන් සිටිනා මානයේදී නොමැති වුවත් අනෙක් මානයේදී අතීතය ද අනාගතය ද වර්තමානය ද එකක් බව මා අසා ඇත. එනම් ඒවා අතර එතරම් වෙනසක් නොමැති බවකි. සොයා බලන්න.
උපන් දිනය හා මහපටැඟිලි සලකුණ මඟින් ලෙහෙසියෙන්ම දළ කේන්දරය සාදා ගත හැකි ය. ග්‍රහ පිහිටීම් ද කිව හැකි ය. එය එතරම් දෙයක් නොවේ (දන්නා අයට).
බුදු දහමට අනුව සත්ත්වයන් ඕපපාතිකව බිහි විය හැකි ය. එය මූලික සත්‍යතාවකි. නොදන්නේ නම් සොයා බලන්න. මේ ළඟදී දන්නා අයකුට වූ එවැන්නක් ගැන ඇසුවෙමි.
අද ගන්ධබ්බ අවස්ථාව වශයෙන් හැඳින්වෙන්නේ තවත් භව කිපයක් බව හැඟේ. මරණය යනු එක් භවයකින් තවත් භවයකට මාරු වන අවස්ථාවකි. අන්තරා භවයක් නැත. ඇතැම් භවයක් එසේ හැඳින්වෙන බව (මෙම මානය උද්දේශ රාමුව කරගෙන) කිව හැකි ය. එනම්, මනුෂ්‍ය හෝ සත්ත්ව නොවන්නේ අන්තරා භවයකි. ජීවත් නොවන්නේ මළවුන් ය යන තර්කය මෙනි.
Kenneth (in Beyond the Veil) is not a Catholic. He is an Anglican (නැතහොත් ලංකා සභාවට අයිති කෙනෙකි. කෙනත් ප්‍රනාන්දු බිෂොප් තුමා ද අයත් වන්නේ එයට ය). Rani was Rani Heendeniya (No relation of Punya Heendeniya the actress). She is an aunt of Sanjeewa Jayawardana (of our 83 Group - now President's Counsel). Rani died about 2-3 years back. I think her children do not believe what she has written in her books. Aloma has been a beauty queen in the fifties according what I had heard. Her husband Rohan (Ekanayake Amarasekera) is the first Sri Lankan Air Force Chief. Information is available at the Sri Lanka Air Force web site. Kenneth was an accountant. His hobby was music. Aloma is a Roman Catholic and she has studied to become a nun. But when she was back home once she met Rohan (who had been shown to her in a dream prior to their first meeting) and married him. Rohan has been a Methodist. But he has written three booklets touching on Karma, Buddhism and human development. These books may still be with Amal. What I had I gave away to people who deserve them more than myself. Aloma sent them to me.
If you have read those three books, you should remember about the 31 realms or planes mentioned in the third or second book. (තලයන් 31 ඇති බව) So far I have not seen anything that is in conflict with what has been preached by Lord Buddha! I have yet to find something of the sort. The problem lies with the people who could not properly differentiate what they see, hear or get through their senses. They get themselves confused by their own faulty thinking.
ඕල්කට්තුමා යනු අශෝක අධිරාජයාගේ පුනරාවතාරයක් බවට හැඟවෙන කථාවක් සමුද්‍ර වෙත්තසිංහ පළ කළ ආනන්ද මෛත්‍රෙය නාහිමි පිළිබඳ පොතක තිබුණා. ඒ ස්වාමීන්වහන්සේ දැන් සිය ඊළඟ භවයේ අනුරාධපුරයේ ඉගෙන ගන්නවා. 2035 දී පමණ ලංකාවේ අධ්‍යාපන ඇමති වීමට නියමිතයි. එතකොට හිටියොත් බලාගත හැකියි. එම වසරේදී ලංකාවට ධාර්මික නායකයකු ලැබෙන බව ද අසා ඇත්තෙමි.
මා මේ කාරණා ලීවෙී ඔබගේ ලිපි 5 සහ ඊට ලද ප්‍රතිචාර කියවා වන අතර, ඔබගේ දැන ගැනීම පිණිස මේවා ලීවෙමි. මෙි මට පෙනෙන හැටි ය.
ලිපි ලිවීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. ඔබට ජය!
ජූඩ්
එඩ්ගාර් කේසි ගැන වැඩි විස්තර මෙහි ඇත.
http://www.edgarcayce.org/about-us/blog/blog-posts/edgar-cayce%E2%80%99s-story-of-the-bible
මේ අය මෙතෝදිස්ත හෝ ක්‍රිස්තියානි නිසා කේසි ගේ බොහෝ පුනරුත්පත්ති කතා ඔවුන් ඉවත් කල බව මගේ අදහසයි. ඔහු බයිබලයේ එවන් තැන් උපුටා දක්වා ඇති බව මා කියවූ පොතක තිබුණි. (මා පුනරුත්පත්තිය විශ්වාස කරන බවක් මින් අදහස් වන්නේ නැත). කණගාටුවකට මෙන් ඒ පොත මා ළඟ දැන් නැත. ඔහු තෙල් නිධි, ජල උල්පත් ආදිය සොයන්නට ගිය මුත් ඒවා අසාර්ථක විය.
ලවුලන්ගේ කියවීම් කිහිපයක් මට අහක දැමිය නොහැකි සත්‍ය දේ වුවත් කේසි, සිල්වර් බර්ච් ආදීන් ගැන සොයා යනවිට මගේ ඒ විශ්වාසය කෙමෙන් හීන විය. ඉන්පසු මා උත්සහ කළේ කිසියම් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇත්දැයි සෙවීමටය.
උදාහරණයක් වශයෙන් ලවුලෙන් ට හෝ අනිකුත් මිඩියම් ලාට උපන්දිනය දිය යුතුය. උපන් දිනයෙන් ඔය විස්තර සොයන්නේ කෙසේද?
නාඩි වාක්‍ය අපේ අනාගතය ලියා ඇත්නම් අප තෝරා ගන්නා දේ වැරදි විය යුතුය. එහෙම දෙයක් මට පෙනෙන්නේ නැත. බුදු දහමේ පටිච්ච සමුප්පාදය ඊට වඩා තර්කාන්විතය. හේතුවක් නැතිව ඵලයක් නුපදී. (cause and effect) මතක තබා ගත යුත්තේ මෙය නිව්ටෝනියානු සංකල්පය (හැම ක්‍රියාවකටම ඒ හා සමාන ප්‍රතික්‍රියාවක් ඇති බව) නොවන බවය.
එසේම පුනරුත්පත්තිය පිළිබඳවද මගේ ඇත්තේ වෙනමම කියවීමකි. ඒ ගැන පසුව පැහැදිලි කරමි.
මේ සැක සහිත ප්‍රශ්න වලට ලවුලන් සම විටම පිළිතුරු දුන්නේ නව කියවිමකිනි. මගේ නිගමනය වූයේ බොහෝ හදිසි අනතුරු වලින් මැරුණු අය ගේ , සියදිවි නසා ගත් අය ගේ ඥාතීන් ඇය හමුවට එන්නේ ඔවුන්ගේ දෙමාපියන්, නෑදෑයින් , දරුවන් ශෝකයෙන් පෙලෙන නිසා බවයි. මගේ පියා රෝහලේදී මිය ගිය බව සත්‍ය නමුත් ඔහුට මළවුන්ගේ ලෝකයක රැඳී සිටීමට අවශ්‍යතාවයක් නැති බවත් මම ලවුලෙන් ට පැවසුවෙමි. එවිට ලවුලන් පැවසුවේ මගේ මව ඔහු නිතර සිහි කරන බවත්, අනිත් අයද එසේ කරන බවත්ය. මියගිය තැනැත්තා අත් හැරීමට මේ ලෝකයේ ජිවත්වන අය සූදානම් විය යුතු බවත්ය. එක අතකට මෙය බුදු දහමේ උගැන්විමකි. බුදු දහමේ එසේ අත් හැරීමට හා ශෝකයෙන් මිදීමට කියන බව ඈට කීවෙමි.
ඉන්පසු ඇය අලුත් කියැවීමක් කළාය. මගේ එක් ඥාතියක පියාව නිතර සිහි කර හඬන බව හා ඔහුගෙන් උපකාර ඉල්ලන බවය. ඇය සඳහන් කළ ඥාතියාට මා දන්නා පරිදි ප්‍රශ්න නැත. ඔවුන් පෙනෙන්නට හොඳින් ජිවත් වෙති. මා කීවේ ඇය වැරදි බවත් වෙනත් ඥාතියකු සඳහන් කර ඇයට නම් ප්‍රශ්න තිබිය හැකි බවත්ය. ලවුලෙන් දැඩි ලෙස කීවේ මා සඳහන් කරන තැනැත්තිය නම් සතුටෙන් වෙසෙන බවත් මා හොඳින් සිටී යයි කියන තැනැත්තිය ප්‍රශ්න ලෙසින් දැඩිව පීඩා විදින නිසා පියාගෙන් උපකාර ඉල්ලන බවත්ය.
මම මෙහිදී මගේ මවට මේ කාරණය පවසා මුලින්ම නැවත මෙසේ පියා ගැන කතා කිරීම ගැන සමාව ඉල්ලුවෙමි. කෝප ගනු වෙනුවට මගේ මව මා විශ්මයට පත් කරන කාරණාවක් කීවාය. ලවුලෙන් කියන ඥාතියාට ප්‍රශ්න ඇති බවයි. ඇය එය දැන සිටි මුත් මට කරදර කරන්නට ඇති අකැමැත්ත නිසා නිහඬව සිටි බවත් කීවාය. මා ලංකාවට නිවාඩුවට ගිය වෙලේ මෙම ඥාතියා හමුවී මේ විස්තරය ඇසීමි.
මගේ පියා අපට මුදල් නැතත් අතේ තිබෙන මුදල හෝ දෙන කෙනෙකි. අප අමාරුවෙන් ජීවත්වූ නිසා අපේ පියා එසේ මුදල් උපකාර ඉල්ලන නෑදෑයා ට එසේ උපකාර කිරීම ගැන මව අකැමති වුවත් නිහඬව සිටියාය. ඥාතියා කිවේ ඈට ඇති ප්‍රශ්න ඔහු සිටියානම් විසඳන බවත් එනිසා ඔහු ගැන සිහි කරමින් හඬන බවත්ය. ඇයට කියන්නට වෙන කිසිවකු නොමැති බවත් ය. මම තරමක් දුරට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා දුනිමි. එසේම පියා දැන් මෙලොව නැති නිසා ඔහුට අයැදීමෙන් පලක් නැති බවද කීවෙමි.
නමුත් මේ සිද්ධියෙන් පසු ලවුලන් ගේ හැකියාව පිලිබඳ මා තුල ඇති කළේ චකිතයකි. ඒ මා එවැනි ඥාතියෙක් ගැන හැඟවීමක් හෝ නොකළ බැවිනි.
~මතු සම්බන්ධයි
(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කෙදිනක වත් අත් හැර නැත. එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන් ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින් ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)