මේ ලිපිය ලියවෙන්නේ "භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි" ලිපි පෙලට සම්බන්ධ අතුරු ලිපියක් ලෙසය. එහි එකොලොස්වන කොටස හා සබැඳේ.
"නයනේ සිතුවිලි" ගේ ප්‍රතිචාරය: //අජිත්
"නයනේ සිතුවිලි" ගේ ප්‍රතිචාරය: //අජිත්
පළමුවෙන්ම මාව ඔබේ මනසේ ඇති "ථේරවාදී" "බෞද්ධ" යන කැටගරි දෙකෙන් ඉවත් කරන්න එය ඔබ විසින් හේතුවක් නොමැතිව සාදාගත් වර්ගීකරනයක් තුලට මා දැමීමකි. ථේරවාදී දහමෙහි දෙවියන් හා ප්‍රේතයන් ගැන සඳහන් වෙයි. එවැනි සංකල්ප මහා යානයෙහි නැති බවක් ඔබ කියන්නේද? //
//මා එසේ කියන්නේ නැත. //
//දෙවියන් හා ප්‍රේථයන් පසෙක ලන්න. බුදු දහම සාකච්චා කරන්නේ මිනිස් ඉන්ද්‍රියයන්ට ගෝචර වන හා නොවන සත්ත්ව කොට්ඨාශ ගැනයි.

ගධබ්බයා යනු අන්තරාභවිකයෙකි යන්න කවුරුන් කෙසේ දුන් අර්ථකථනයක් දැයි මා නොදන්නා මුත් ඔබ එසේ කියන නිසා ඔබේ මතය මත රැඳී පිළිතුරු දෙන්නෙමි. //
බුදු දහමෙහි ඇති මූලිකම ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාදය ඇසුරින් මම අතරාභවිකයෙකුගේ පැවැත්ම අභව්‍ය බව පෙර සඳහන් කලෙමි. //
මේ ගැන මගේ පිළිතුර පහත ඇත.

මෙය වටහා ගැනීමට බුදුදහමේහි ඉගැන්වෙන භවය යන සංකල්පය වඩා හොඳින් වටහා ගත යුතුය. එසේම මා විසින් පෙර ඔබ මා ඇතුළු සැම මලගියවුන්ය යනුවෙන් කල සඳහන ඔබ වටහා ගත්තාද?
ඉතින් මේවා ගැන වටහා ගැනීමකට හෝ හැදෑරීමකට නොපෙළැඹී පෙර මතයම පුනරුච්චාරණය කරන විට එය නැවත කීම හරසුන් බැවින් මා ඒ ගැන කතා නොකිරීමට තීරනය කලා මිස ස්වයං වාරණයක් පනවා නොගතිමි.
//මේ ගැන සම්පුර්ණ ලිපියක්ම ලියන්නට තීරණය කලේ මා මෙය හදාරා නැති බවට ඔබ සිතන හෙයිනි. //
ඔබ කියන අන්තරාභවිකයා, සිතුවිලි පහල කරන්නෙකු නම්, ලෝභ මෝහ ද්වේශ ගති ඇත්තෙකු නම්, කුමන අයුරකින් හෝ අන්‍යයන් හා ගනුදෙනු කරයිනම් ඒ අන්තරාභවිකයෙකු නොව යම්කිසි භවයක වෙසෙන සත්ත්වයෙකු බව මා කියමි. එසේම ඒ සත්ත්වයා දෙවියෙකු හෝ ප්‍රේතයෙකු යැයි යමෙකු කියනවානම් මා ඒ පිළිබඳව නොදනිමි. එහෙත් ඒ මිනිසාට ගෝචර නොවන යම්කිසි කොට්ඨාශයකට අයත් සත්ත්වයෙකු විය හැකි බව මාද කියමි. එසේ නැතිනම් ඔබ කියන මලගිය පුද්ගලයා (හෝ අන්තරාභවිකයා ) යනු නොනැසෙන ආත්මයක මරණින් පසු පැවැත්මක් ලෙස අප විසින් වටහා ගත යුතුය. බුදු දහමෙහි දැක්වෙන මා පෙර සඳහන් කල පංචස්කන්ධය පැහැදිලිව යමෙකු වටහා ගන්නවානම් සත්ත්වයා තුල නොනැසෙන ආත්මයක් පැවතිය හැකිද යන්න මැනැවින් වැටහෙනු ඇත. එසේ නොමැතිනම් එවැනි ආත්මයක් ඇති බව වටහා ගැනීමේ මග ඔබ විසින් අපට පෙන්වා දිය යුතුය ඒ ගැන හේතු දැක්විය යුතුය. ආත්ම සංකල්පය මහායානයෙහිද ප්‍රතික්ශේප වන බව ඔබ පිළිගන්නවාද?
මෙහිදී ඔබ දරන්නේ ඔබ විසින් හැදෑරූ කරුනු වලින් බැහැරව අන්‍යයන්ගේ මතවාද නිසා වාදය පලක් නැති වේවි. එහෙත් මුලින් ලේකන ගත වූවාය යන්නට අමතරව මේ දෙකින් කුමක් වඩා නිවැරදිදැයි කීමට ඔබ සතුව වෙනත් හේතූන් නැති බවක් පෙනී යයි. එවැනි සරළ හේතුන් මත එකක් වැරදිය අනෙක නිවැරදිය කීමට වඩා දෙකම හදාරා දෙකෙහිම කියැවෙන පොදු කරුනු තුලින් ඔබට මීට වඩා වැඩි වැටහීමක ලබා ගත හැකි වනු ඇත.එහෙත් ඔබේ උත්සාහය ථේරවාදය හෝ මහා යානය ගැන විමසීම නොවනා නිසා ඒ ගැන මෙහි වාද කිරීමෙන් ඇති ඵලය කුමක්ද?
මා ඔබේ ලිපිපෙල ආශාවෙන් කියවමි. ඉදිරියටද ඒ හා හැකි සෑම විට සම්බන්ධ වෙන්නෙමි.
හරවත් යමක් සාකච්චා කරමු එය අපි සැමගේම දැනුම අවබෝධයට හේතු වේවි.//
මේ ප්‍රතිචාරයට පිළිතුරක් දීම කොමෙන්ටුවේ අපහසු හෙයින් වෙනම ලිපියක් ලිවීමට තීරණය කළෙමි. ඇත්තටම මට අවශ්‍ය ආගම් ගැන සාකච්ඡාවක් නොවුනත් මෙය පැහැදිලි නොකර ඉදිරියට යාමට නොහැකි බව පෙනේ. සමහරවිට නයනේ කියන්නාක් මෙන් මට කිසියම් වචන පැටලීමක් සිදුවී ඇත්දැයි සොයා බැලීමි. නයනේ ගේ ප්‍රතිචාරයට වෙනම පිළිතුරු දීමට සිතුවේ මා මුල් අවධියේ සිට මේ අධිමානසික විද්‍යාවන් ගැන සොයද්දී සහභාගී වූ මිතුරා ද ඒ පිළිබඳව මේලයක් එවූ බැවිනි. එය මෙහි අගට ඉංග්‍රීසියෙන් දක්වා ඇත.
නයනේ කියන මේ කොටස මගේ අදහස් සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත හරවයි. //බුදු දහමෙහි දැක්වෙන මා පෙර සඳහන් කල පංචස්කන්ධය පැහැදිලිව යමෙකු වටහා ගන්නවානම් සත්ත්වයා තුල නොනැසෙන ආත්මයක් පැවතිය හැකිද යන්න මැනැවින් වැටහෙනු ඇත. එසේ නොමැතිනම් එවැනි ආත්මයක් ඇති බව වටහා ගැනීමේ මග ඔබ විසින් අපට පෙන්වා දිය යුතුය ඒ ගැන හේතු දැක්විය යුතුය//
මා මුල සිටම (ලිපි අංක 1-10 දක්වා) කීවේ මළගිය අය කියන්නේ ඔවුන් සිටින ස්ථානයේ (plain) සිට ආලෝකය දෙසට යන බවයි. ලවුලන් ඇතුළු මිඩියම් ලා පවසන්නේත් එය බවයි. නමුත් රුපවාහිනියේ පෙනී සිටින ඇතැම් බටහිර මීඩියම් ලා තමන්ගේ ක්‍රිස්තියාන දහම ලං කරගෙන ආත්මයක් ගැන සමහරවිට කතා කරයි. එයට කිසිම සාක්ෂියක් "මළ ගිය අය " කියන කතාවල නැත. එඩ්ගාර් කේසි විශ්වාස කළ නොහැකි බව මා ලිව්වේද එබැවිනි. එනිසා ආත්ම කතාවක් මා කොහෙවත් කියා නැත.
දැන් පටිච්ච සමුප්පාදය ගනිමු. මෙහි පටි + ඉච්ච හි පටි යනු බැඳීම (bonding) හා ඉච්ඡ යනු කැමැත්ත (liking) යන අදහස දෙයි. එනම් යමෙකට ඇති ඇලීම හා සම්බන්ධයයි. මෙයට ආශාව (craving) කියාද කිව හැක. සම + උත්පාද = සමුප්පාද හි සම යනු එකම (same) හා උප්පාද යනු ඇතිවීම, තිබීම උපදීම යන අදහස, හෙවත් භව (existence) යන අදහස දෙයි. එනිසා සමුප්පාද යනු පැවැත්ම හෙවත් භවය සඳහා යොමු කරවන්නක් හෙවත් බැඳීම ඇති කරවන්නක් වෙයි.
උදාහරණයක් වශයෙන් යමෙකු එල්ල කර කෙනෙකුට සතෙකුට තරම් තද කෝපයක් පහල වුණායයි සිතමු. එහිදී අප අර සතාට සමාන ලෙස පහුරු ගාන්නට, ගහන්නට යනවා යයිද සිතමු. අප භෞතිකව (ශාරීරිකව) නොකලත් සිතින් හෝ කරන්නේ යයි සිතමු. එවිට එතන අප විසින් "භවයක්" උපදවයි. එනම් සතෙකුට සමාන ක්‍රෝධාත්මක භවයක් අපේ සිතේ උපදී. එය අපේ ජාති හෙවත් නැවත උපතකට හේතුවක් විය හැක. එසේ වන්නේ අප ඒ මොහොත සඳහා බැඳීමක් ඇති කරගත් නිසාය. ථෙරවාද හාමුදුරුවරු පොලිසියට, විරුද්ධකරුවන් ට ගහ බැනගෙන යනු ඔබ බොහෝවිට දකින්නට ඇත. ඔවුන් එහිදී මේ බැඳීම හා නැවත උත්පත්තිය ඇති කර ගන්නා බව සිතිය හැකිය.
මේ භවය විසින් එම නිසාම කම්ම බිජ ඇති කරයි. එනම් සංඛාර, කම්ම, කම්ම බීජ, කම්ම විපාක යනුවෙනි. මෙය ඊට පසු "ගතියක්" හෙවත් සංසාරයේ ගතියක් හෝ ආසාවක් වෙයි. (ලිංගික අදහසක් ඉපදීමද මේ වැනිමය). කොටින්ම පටිච්ච සමුප්පාදයේ කියන්නේ ඇලීම/සම්බන්ධය නිසා ඇතිවන භවය මගින් නැවත ඉපදීම් සිදු කරන බවය.
මේ "භවය" යනු ඔබේ සිතෙහි නිතර ඉපිද මැරෙන සිතුවිලිය. (එනිසාම අපිද නැවත නැවතත් සිතුවිලි වශයෙන් ඉපිද මැරේ හෝ අපද මළවුන් වැනි යයි නයනේගේ තර්කයද නැගිය හැකිය). මේ ඇලීම හා ඉන් උපදින භවය නිසා නැවත ඉපදීමද ඇතිවේ.
උදාහරණයක් වශයන් ආචාර්ය නලින්ද සිල්වා විද්වතා සඳහන් කරන "සිංහල බෞද්ධයා" එම ඇලීම නිසාම නැවත ඉපදිය හැකිය. ඒ අනුව සිංහල බෞද්ධ සංකල්පයම පටිච්ඡ සමුප්පාද විරෝධිය.
දැන් මේ භව හෙවත් (existence) නමැති කොටස ගත්තොත් මා දහවෙනි ලිපියේ අප මේ සොයන්නේ පැවැත්ම ගැන බව, එනම් එහි ඔන්ටෝලොජිය (දේ යනු කුමක්ද) හා එපිස්ටමලොජිය (ඒ ගැන අප දන්නේ මොනවාද) ගැන බව කීවේ එහෙයිනි. නාගර්ජුන ගේ ශුන්යාතය වටහා ගත යුත්තේද මෙතනය. පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයෙහිය.
ඔබට වෛරී භාවයක් ඉපදුනොත් එය මැඩ ගත්තොත් ගතියක් නොවුන හොත් "ජාති" හෙවත් නැවත ජන්මයක් ඇති නොවිය හැකිය. නමුත් ඔබ ඒ තුල තදින් ඇලී ගැලී සිට මරණ අවස්ථාවේදී පවා සිතුවොත් ඔබ අනිවාර්යයෙන්ම වෛරී ආත්මයක උපදී.
බුදු දහමේ ඇත්තේ හේතු-ඵල වාදයකි. පැවැත්මට හේතුවක් ඇත. ඉපදීමට හේතුවක් ඇත. මෙය නිව්ටෝනියානු සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත යන්නට වෙනස් බව මුල් ලිපියක සඳහන් කලෙමි. පටිච්ච සමුප්පාදයෙන් මෙය මනාව විස්තර කෙරේ.
මුලින්ම ම අශ්වඝෝෂ, නාගර්ජුන ආදීන් ගැන කතා කිරීමේදී (දහවෙනි කොටස) ඔවුන් අදහස් කළ ධර්මකාය ගැන සටහන් කළෙමි.
නයනේ හා ප්‍රබෝද් නිවැරදිව කියන්නාක් මෙන් මහායානයේ දෙවි වරු (deities) සිටිති. එය මට ප්‍රශ්නයක් නොවන්නේ ගන්ධබ්බ අවස්ථාව ඔවුන් පිලි ගන්නා හෙයිනි. ඔවුන්ට මෙහිදී මගේ තර්කය කිසියම් විධිහකින් නොවැටහෙන්නේ ගන්ධබ්බ හා අන්තරා භවය යන වදන භාවිතා කිරීම නිසා බව හඟිමි.
මා එම වදන භාවිතා කළේ එය පහත සඳහන් සුත්‍රවල ඇති නිසාය. මේ සඳහා මේ ලිපිය අන්තර්ජාලයෙන් බාගෙන බලන්න. අන්තරාභාවය ගැන සඳහන් නොකරන්නේ ථෙරවාදීන් නිතර පරිශීලනය කරන මොග්ගලීපුත්ත තෙරුන්ගේ කථාවත්ථු පොතේ එය නැති නිසා බවද 11 වන ලිපියේ සඳහන් කළෙමි.
ථෙරවාදීන් කියන්නේ බුදුන් මේ අන්තර් අවස්ථාව ගැන නොකී බවයි. බුදුන් වදාළේ පැවැත්මේ (existence) අවස්ථා 3ක් ගැන බවයි. එනම් සංවේදී ලෝකය (ඇසට, කනට දැනෙන sense world), රූප ලෝකය (form world ) සහ අරූප ලෝකය (formless world ) ගැන පමණක් බවයි. - (කථාවත්ථු පොත)- මිලින්ද ප්‍රශ්නයේ නාගසේන හිමි ග්‍රීක රජු මිලින්ද හෙවත් මෙනන්දොස් ට පවසන්නේ නැවත ඉපදීම මැරුණු ක්ෂණයකින්ම සිදුවන බවයි. මේ ථෙරවාදී පාසලේ හැර අනි සියලු ගුරුකුල වල මහායානයේ හා වජ්රයානයේ (තන්ත්‍රයානයේ) ගන්ධබ්බයා ගැන පවසා තිබේ. මහා තණ්හා සංඛය සුත්‍රයේ මවගේ හා පියාගේ සංවාසයක් නැත්නම්, මව තම සෘතුවේ නොසිටී නම් ගන්ධබ්බයකු (being-to-be-born) ඇති වන බව කියවේ. ඒ අනුව නැවත ඉපදීමට මව හා පියා අතර සංවාසය, මව සෘතුවේ සිටීම හා ගන්ධබ්බයකු සිටීම අනිවාර්ය වේ.
ථෙරවාදීන් හඳුන්වන්නේ පහත් දේව කුලයක් වන ශුද්ධවාසයේ උපදින්නේ ගන්ධබ්බයා යනුවෙනි.
අස්සලායන සුත්‍රයේ බ්‍රාහ්මණ වරුන් හත් දෙනෙකුට දෙසන බණේ දීද මේ අවස්ථා තුන ගැන කියවේ. එසේම වච්ඡට දෙසන කුතුහලාසල සුත්‍රයේ මෙසේ කියයි. උපාදානයක් (හේතුවක්, ආශාවක්) ඇතුව නැවත උපදිම මිස ආශාවක් නොමැතිව නැවත ඉපදීමක් නැත. නැවත ඉපදීමට සිරුරක් සොයන්නේ ආශාවෙන් මඬනා ලද බැවිනි. මේ සිරුර සොයන්නේ ගන්ධබ්බ (intermediate state) තෙමේය.
බොජ්ජංග සීල සුත්‍රයේ සත්‍ය අවබෝධ කර ගන්නා සත් දෙනෙකු ගැන කියවේ. පළමු වැන්නා තම ජීවිතය තුල නිවන අවබෝධ කරගනී. දෙවැන්නා දහම ඉගෙනීම කරතත් ජීවිතය තුල අවබෝධ කර නොගෙන මරණය අවස්ථාවේ නිවන අවබෝධ කර ගනී. (ගන්ධබ්බයෙකු නැත) ඉන්පසු නැවත නොඑනා (නුපදින)පස් දෙනෙකු ගැන කියවේ.
තුන්වැන්නා නිර්වාණය තම ජීවිතයේ තුල දී අවබෝධ කර නොගෙන, මරණය එළඹෙන මොහොතේදී අවබෝධ කර නොගෙන නමුත් ගන්ධබ්බ අවස්ථාවේ , (අන්තරා පරිනිබ්බායි) (intermediate state)හි තණ්හා, ආශා ආදීන් මැඩ නිවන අවබෝධ කර ගනී. නැවත නුපදී.
හතර වැන්නා තම ජීවිතයේදී, මරණයේදී, ගන්ධබ්බ අවස්ථාවේදී නිවන අවබෝධ නොකර ඉහත යදම් බිඳ ඉපදීමට තැත් දරන වෙලේ නිවන අවබෝධ කරගනී.
පහ සහ හය වැන්නවුන් දේව ලෝක දෙකක ඉපිද නිවන අවබෝධ කර ගන්නා අතර සත්වැන්නා අකනිටා නම් ඉහල ස්තරයක (ලෝකයක් ?) දී නිවනට පත්වෙයි. මේ සෑම අවස්ථාවකම අන්තරා භවික අවස්ථාව පැහැදිලිව දක්වා තිබේ. මිට අමතරව තවත් සුත්‍ර 18ක අන්තරාභවික හෙවත් ගන්ධබ්බ අවස්ථාව දැක්වේ.
අන්තරා භාවයේ සැරිසරන ගන්ධබ්බ තෙමේ මුල් දින හත තුල මව්පිය සංවාසය හා මවගේ සෘතු පිහිටීම අනුව සුදුසු ගැබ නොලැබිණි නම් දින හතකින් නැවත මරණය වූ මුලින් ජීවත්වූ පෙදෙසට පැමිණේ. (හත් දවසේ දානය) ඉන්පසු සති 7 කින් පැමිණේ. (දවස් 28 -තුන් මාසයේ දානය සති 12කි). ඉන්පසු සති 49 කින් පැමිණේ. (අවුරුද්දේ දානය සති 52). එසේම බිරිඳට ආදරයෙන්, පෙම්වතියට නිවසට ඇල්මෙන්, ක්‍රෝධයකින් මිය ගිය විට ගන්ධබ්බයා ඒ ඇල්ම සහිතව සැරිසරයි. නැවත උපදීමට ප්‍රිය කරයි. මේ ජිවිතයේ මියයන හැමෝම වගේ එලෙස ඇල්මක් ඇතිව මියෙන අය නොවේද? මෙය පිලි ගැනීමට ථෙරවාදීන් අකැමැත්ත දක්වන්නේ මේ නිසා විය හැකිය.
මා "තිබ්බතයේ මළපොත" කියවුයේ 1983 අපොස උසස් පෙළ විභාගය කර ප්‍රතිඵල එනතෙක් ලැබුණු විවේක කාලසීමාවේ මහජන පුස්තකාලයේ තිබු පිටපතක් සොයා ගැනීමෙනි. ඉන්පසු නැවත සොග්යාල් රින්පෝචේ තුමාගේ "ජිවත් වන අයගේ සහ මළවුන්ගේ ටිබෙටන් පොත" (The Tibetan book of living and dying ) කියවූයේ මේ ගැන වඩාත් දැන ගැනීමටය.
මේ පොතේ "බර්දොස් (Bardos and other realities ) සහ අනිකුත් යථාර්තයන්" නමින් පරිච්ඡේදයක් තිබේ. (පිටුව 106) තිබ්බතයේ ඇත්තේ වජ්‍රයානය හෙවත් තන්ත්‍රයානයයි. එය මහායානය තරම් ම පැරණි හා ගැඹුරු දහමකි.
බර්දොස් හි අවස්ථා හතරකි. ස්වභාවික බර්දෝ හෙවත් මේ ජීවිතය බර්දෝ , වේදනාකාරී බර්දෝ හෙවත් මියයන බර්දෝ , ලුමිනස් (luminous - දීප්තිය සහිත ) බර්දෝ හෙවත් ධර්මාත බර්දෝ (නාගර්ජුන ගේ ධර්මකාය අදහස ) , කර්මයානුකුල බර්දෝ හෙවත් උපදින බර්දෝ (becoming) . මින් ධර්මාත හෙවත් දීප්තියක් ඇති බර්දෝ ගන්ධබ්බ අවස්ථාව හෙවත් අන්තරා භව අවස්ථාවයි.
මෙහිදී මරණින් පසු ඇති අත්දැකීම හෙවත් දීප්තියක් සහිත බර්දෝ (ආලෝකය සහිත) සිතේ දීප්තිමත් ස්වභාවය පෙන්නුම් කරන ශබ්දය, වර්ණ සහ ආලෝක තුනෙන් සමන්විත පිරිසිදු ආලෝකයකි. ලවුලන් ලා මියගිය වුන් ආලෝකය දෙසට යන බව කිහිප විටක්ම මට කියා තිබේ.
ඔවුන් (තිබ්බතයේ) කියන්නේ මුලික (primordial) බුදුවරයකු වන සමන්තභද්‍ර හිමි (අටවිසි බුදුන් ගෙන් කෙනෙක්) විසින් එම ධර්මය වදාළ බවයි.
මේ ගන්ධබ්බයා ට හෝ බර්දෝ හෙවත් ධර්මාත ට මුදල් අවශ්‍ය නැත. එනිසා එයින් ලොතරැයි නොම්මර ඉල්ලා ගත නොහැකිය. මීඩියම් වරු නිතර කියන කරුණක් නම් මුදල් ගැන ඔවුන්ගේ ඇල්මක් නැති බවයි. මුදල් ගැන ඇල්මක් ඇතිව මියගිය කෙනෙක් හමු වුවහොත් බොහෝවිට පෙර ජිවිතයේ මුදල් උපයා ගත් ආකාරය කියනු ඇත.
ඉතින් ලවුලන්ලා ඇතුළු මීඩියම් ලාගේ මොළයේ වෙනස් කම් සොයන ගමන්ම, පොළොවේ චුම්බක ක්ෂේත්‍ර සොයන ගමන්ම බෞද්ධ දර්ශනයේ මේ පිලිබඳ ඇත්තේ මොනවාදැයි සෙව්වෙමි. එසේ කලේ මේරි බ්ලවට්ස්කි ගැන අහම්බෙන් කියවීමෙනි. ඇය හා ඕල්කට් ගේ සම්බන්ධය සොයාගෙන ඔවුන් මළවුන් ගෙන්වා දර්ශන (seance) කළ බව දැන, ඔවුන්ද ඉන්දියාවට බුදු දහම සොයා ගිය බව කියවීමෙනි. මේ ගැන හතරවෙනි පස්වැනි කොටස් වල ලියා ඇත. ඉන්දියාවෙන් ලංකාවට පැමිණි ඔවුහු බෞද්ධ පුනරුදයටද උදව් වුනු අතර අනගාරික ධර්මපාල තුමන් සමග ඇති කරගත් ප්‍රශ්නය වන්නේ මේ ගන්ධබ්බ ප්‍රශ්නය බව සිතමි. එය ආත්මයේ දිගුවක් බවට කවුරුන් හෝ අනගාරික තුමාට වරදවා කියා තිබෙන්නට ඇත. සමහර විට ආචාර්ය නලින්ද සිල්වා මහතා ඕල්කට් බුදු දහමට විරුද්ධ වන්නේ, ඕල්කට් බෞද්ධයා යනු බටහිර බෞද්ධයා ලෙස සඳහන් කර සිංහල බෞද්ධ අදහස් ඉදිරිපත් කරන්නේත් මේ නිසා විය හැක.
නමුත් මට එය අදාළ නැත. ලවුලන් ඇතුළු මීඩියම් වරු සම්බන්ධ වන මළගියවුන් (ගැන) කියන දේ මේ ගන්ධබ්බ හෙවත් අන්තරාභව අවස්ථාවෙන් මට පැහැදිලි කර ගත හැකි විය. ප්‍රශ්නය මෙය විද්‍යාත්මකව ඔප්පු කළ හැකිද යන්නය. ලිපි පෙළ ලියන්නේ ඒ සඳහා මගේ වූ උත්සාහය පමණි.
මගේ මිතුරා මේ ගැන එවූ සටහන පහත ඇත. ඔහුටද පිළිතුර ඉහත දක්වා තිබේ.
//Ajith, you refuse to believe what.you have learnt since your childhood because of the wool that others have drawn over that. You don't test them because you need a physical explanation for everything. You think it is foolish or naive to accept anything which could not be explained physically. Am I right Ajith? Luckily you are open enough to investigate everything. But you try to explain everything from a physical point of view, which is limited to five senses. Unfortunately I am not wise or knowledgeable enough to explain those things to you at the moment. (From the blog posts I have seen in your blog so far, Nayane sithuvili is the best I have seen. He/she is such a good storehouse of knowledge and much more advanced than us in that respect. I do not know who that is, but what she/he has said so far is correct according to what I know). There are so many things that you have to accept as possible, without necessarily believing them to be true. - //
මගේ මිතුරා කියන ආකාරයට යමක් පිලිගන්නවා නම් දෙවියන් ලෝකය මැවූ ලෙසද එවැනි මැවුම්කාර දෙවියකු ඇතැයිද පිලිගත හැකි විය යුතුය. ඇයි තමන්ගේ සංවේදනයන්ට ගෝචර නොවූවාට දෙවියන් සිටිය හැකිය. මා එයට සුදානම් නැත.
විද්‍යාවේ කියන ක්වන්ටම් අංශුන් හෝ වෙනත් කුඩා අංශුන් අපට ගෝචර නොවේ. නමුත් පරීක්ෂණ, නිරීක්ෂණ සහ ගණිතමය ආකාරයෙන් අපට ඒවා ඇතැයි කීමට පිළිගත හැකි සාක්ෂි ඕනෑ තරම් ඇත.
අන්තර්ජාල ලිපිය: http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/2.17-Is-rebirth-immediate.-piya.pdf
පටිච්ච සමුප්පාදය - https://puredhamma.net/paticca-samuppada/paticca-samuppada-introduction/