වජිර යාපා නමැති ජවිපෙට හිතවත් සහෝදරයෙකු දැන හෝ නොදැන කොමෙන්ටුවකින් මට මඩ පහරක් ගසා තිබුණි. ඒ දැක තවත් "මං තුමෙකුට" හා ඇනෝ කෙනෙකුට ජොලියක් පහළවී තිබේ. "මං තුමාගේ" ජොලිය කඩන එක පවක් වුනත් පිළිතුරක් දීම යුතුකමක් යයි සිතමි.
("මං තුමා ලා " - යනු තමන්ට තුමා කියා ගන්නා හීනමානයෙන් පෙළෙන්නන් රැසකි. මොවුන් බොහෝවිට තම තමන්ම මංතුමා ඔබතුමා යනුවෙන් පිට කසා ගනිති. වෙන කවුරුත් නොකියන නිසා විය යුතුය. )

මා බුකියට දැම්මේ මේ කොමෙන්ටුවයි.
//සුනිල් මාධව ප්‍රේමතිලක. අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත වී හිටිය. හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපාලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. // Ajith Dharma
වජිර යාපා ගේ පිළිතුර: මෙයත් වර්තමානයේ ඉදන් අතීතය ගලපන්න හදන එකයි කරන්නේ .යන එන මං නැතුව හිටපු ''නිකම්මු'' සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා ,බරපතල ටෝක්ස් දෙන එක රුසියාවට ගිය බොහෝ අය කරනවා .කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා .ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි .ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්.හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .මෙතන රුසියන් භාෂාවෙන් කොටන අනිත් අයටත් මේ කතාව අදාලයි.අඩු ගානේ අවුරුද්දකට සැරයක් පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න ,මං පොර සංකල්පේ පැත්තක තියලා .ලැජ්ජයි
මුලින්ම මම ලියුවේ මොකක්ද කියල පැහැදිලි කරන්නම්.
///සුනිල් මාධව ප්‍රේමතිලක. අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත් වී හිටිය.// සත්‍යවාදියෙකුගේ දිනපොත ලිව්වේ පහු කාලෙක වගෙයි මට මතක. මම ඒකට හුඟක් කැමැත්තෙන් හිටි කාලයක් තිබුන. හැබැයි ඔහු ටිකක් හැඟීම්බරයි කියලත් හිතිච්ච වාර අනන්තයි. "දිවයිනේ" ඔහු ගේ පිටුව ටත් මම කැමතියි. හැම දෙයක්ම කියවනවා. දවසක් ඔහු කැමරාවක් නැතිය කියලත්, තියනවා නම් හොඳ පින්තුර ටිකක් දාන්න පුළුවන් කියලත් ලිව්වා. මම මගේ ඒ දිනවල තිබ්බ සෙනිත් කැමරාවත් අරන් ඒක දෙන්න ගියා මම හිතන්නේ බ්ලූමැන්ඩල් පාරේ කාර්යාලයට. එතන හිටි කවුරු හරි ඕනෑවට එපාවට වගේ කතා කලේ. එයා හිටියේ නැහැ කීව. මම ආපහු හැරිලා ආව. තවම දුකයි ඒ ගැන. හැබැයි මම අද මළකඳක් වගෙයි කියල ලීවේ, එයා ගැන බුකියේ මහා වාදයක් ගියා මොකක්ද සමරුවක් ගැන. අපි දන්නා කතුවරයෙක් හා බ්ලොග් කරුවෙක් වුන හෙන්රි වර්ණකුලසූරිය මහතාත් පැටලිලා හිටිය. ඉතින් මට හිතුන මේ මනුස්සය දැන් මැරිලා වගේ ඉන්නේ කියල. අර ජීවය මුකුත් නැහැ. පහු කලෙක පොඩ්ඩක් ජාතිවාදය පැත්තටත් ඇදිල හිටිය කියල සමහරු කියනවා. මට ඇත්තටම ආපු හැඟීම ඒක.
// හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි//
මා අපොස උසස් පෙළ පළමු වරට කළේ 1983 දී රාජකීය විදුහලේ 12MS1 පංතියේය. මා කලේ ගණිත විෂයන්ය. මට මොරටුවට යාමට ලකුණු මදිවුනි. මේ නිසා නැවත දෙවන වර කරන ලෙස ගෙදරින් හා යහළුවන් ගෙන් බලපෑම් තිබුණි. නමුත් මම ඒ දිනවල දේශපාලනයට ආශා කලෙමි. මුලින්ම "මව්බිම සුරකිමු" කියා සිරිල් මැතිව් මහතා සම්බන්ධ දෙමළු හෙළා දැකීමේ ව්‍යපාරයකටත් පසුව ජවිපෙ හිතවාදී ව්‍යාපාරයකටත් සහයෝගය දුනිමි. රාත්‍රී කාලයේ ජවිපෙ පෝස්ටර් වගයක්ද ඇලෙව්වා මතකය. බොහෝ රුසියානු පොත්පත් හා සෝවියට් පොත් ද කියෙව්වෙමි. මා කුඩා කාලයේ සෝවියට් ළමා පොත් බොහොමයක් තාත්තා අපට කියවීමට ගෙනත් දුනි. නන්දා මාලිණි ගේ ජාතිවාදී ගීත ගැන සුචරිත ගම්ලත් මහතාගේ ලිපියක් කියෙව්වේද මේ කාලයේය. ඉන්පසු ඔහුගේ දේශනා අසන්නට ගියෙමි.
අපගේ යහළුවා වන නන්දන වීරරත්න සහෝදරයා මහජන පුස්තකාලයේ සංවිධානය කල" නිර්මාණ සංවාද කුලකයේ" චිත්‍රපට විචාර වලටද සහභාගී වුනෙමි. දවසක මැයි පළවෙනිදා ජවිපෙ පෙළපාලිය නරඹමින් සිටියදී තාත්තාට මා හසුවිය. ඔහුගේ ප්‍රධානියෙකුට ආයාචනය කර එර්නස්ට් ඇන්ඩ් යන්ග් සමාගමේ ප්‍රධානියකු හමුවීමට පියා මා රැගෙන ගියේය. ඔහු මට බ්‍රිස්ටල් විදියේ ගොඩ නැගිල්ලක පවත්වන එම ආයතනයට ගණකාධිවරුන් ගන්නා විභාගයට පෙනී සිටීමට නියම කළේය. මම එය සමත් වීමි.
අපොස උසස් පෙළ ප්‍රතිපල වලින් මොරටු යාමට මදි වුනත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව කිරීමට අවස්‌ථාව ලැබුණි. ඒ අතරේ මොරටුවේ තාක්ෂණ විද්‍යා පාඨමාලාවටද (NDT) තේරුණි.
මම නිතරම සෝවියට් සංස්කෘතික මන්දිරයේ නොමිලේ පෙන්වන චිත්‍රපට නැරඹීමට පුරුදුව සිටියෙමි. නව සම සමාජ පක්ෂයේ "කම්කරු විත්ති" නිති පතා කියවූ නිසා එහි සාමාජිකයෙකු වන චන්ද්‍රජිත් විතානගේ මා සමග මිතුරු වුනි. අප දෙදෙනා බොහෝ විට සෝවියට් සංස්කෘතික මන්දිරයේ චෙස් ඇදීමටත් රුසියානු පරිවර්තන පොත් රැගෙන ඒමටත් ගියෙමු. ඇමෙරිකානු සෙන්ටර් එකට වරක් දෙවරක් ගියමුත් එය මගේ හිතට ඇල්ලුවේ නැත. එහි සිටි ඔලුව උදුම්මා ගත් "මන්තුමා" වැනි විසුළු කොල්ලෙකු නිසා බව නම් මතකය.
සෝවියට් සංස්කෘතික මන්දිරයේද මෙවැනිම පිරිසක් සිටි අතර ඔවුන් අපට අකමැති බවත් වෙනත් අය එහි එනවාට අකුල් හෙලන බවත් මට වැටහුණි. හේතුව සොයා ගත්තේ චන්දනය. ඔහු කිවේ මේ අය සෝවියට් ශිෂ්‍යත්ව බලා පොරොත්තුවෙන් එහි සිටින බවයි. අලුතින් අය එනවාට එතන කිසියම් ඉරිසියාවක් තිබුණි. මා සෝවියට් ශිෂ්‍යත්ව ගැන දැන ගත්තේ එදාය. වැඩිදුර විපරම් කිරීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් ඒවා ගැසට් කරන බව දැන ගතිමි. පත්‍රයේ පලවූ පසු අයදුම් කළෙමි. කිසියම් හේතුවකට මමද සිලෙක්ට් වී තිබුණි.
දැන් ප්‍රශ්නය වුනේ තෝරා ගන්නේ කුමක්ද යන්නය. අර ගණකාධිකාරී ආයතනයේ ප්‍රධානී මහතා කිවේ මට තිබෙන්නේ සෑම දිනකම වරුවක් ඉගෙන ගැනීමත් වරුවක් වැඩ කිරීමත් බවය. මට රුපියල් 350 පඩියක් ද ලැබේ, අවුරුදු තුනක ඉගෙනිමකින් පසු රුපියල් 15000 මාසික පඩියක් සමග රැකියාව ලැබෙන අතර සමහර විට රථයක්ද ලැබෙනු ඇතැයි කිවේය. (එය ඒ දවස් වල හොඳ පඩියකි) මගේ ලකුණු ඉතා හොඳ බවද තවත් රාජකීයයන් එහි සිටින බවද කීවේය. මා එයට නොගියේ අරුම පුදුම හේතුවකටය. එනම් එහි ටයි දමා ගෙන වැඩ කිරිල්ල මට ඇල්ලුවේ නැත.
ඉන්පසු යන්නේ කොහිද කියා කොලයක එක එක ඔප්ශන් එකේ වාසි අවාසි ලියුවෙමි. මා දන්නා පරිදි මගේ සහෝදරිය මේ කොලය සුරක්ෂිතව තබා ගෙන තිබේ. ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලිපි පෙළක් දිවයින පුවත් පතේ ගියේ මේ කාලයේය. එහිදී සෝවියට් දේශය පාලනය කරන්නේ නිලධාරීන් ගෙන් යුත් "සමාජවාදී පන්තියක් " බව ට අදහසක් ඔහු ගෙනාවේය. විජේවීර මහතාගේ පොත් හා ලිපි මෙන්ම ඔරුවල බන්දු ගේ පොත් ("සෝවියට් සිර මැදිරියේ සිට" වැනි ) දෑ කියවා සිටි මට මේ තර්කය ඉමහත් කුහුල දනවන්නක් විය. අපනාසියෙව් ගේ දයලේක්තික භෞතික විද්‍යාව ගැන වූ පොත්ද මා සතුව තිබුණු අතර ඒවායේ ලියූ අදෝ සංසාරයක් මට තේරුනේ නැත. අන්තිමේදී මා කොලයේ ලියුවේ සෝවියට් දේශයේ "සමාජවාදී පන්තිය " පන්තියක්ද යන්න සෙවීම වැදගත් බවයි. ලයනල් බෝපගේ මහතා ජවිපෙන් අයින් වුනේ මේ කාලයේ බවද මට මතකය.
ආචාර්ය දයාන් ජයතිලක මහතා කල දේශනා වලටද ගියෙමි. ඔහුගේ දේශනා බොහෝ තිබුනේ ගර්ල් ගයිඩ් මුලස්ථානයේ වන අතර ඒවා වූයේ "ලතින් ඇමෙරිකානු විප්ලවය" ගැනය. "ශ්‍රී ලංකා ගාඩියන්" ද නිතර කියවුයෙමි.
ජවිපෙ දේශපාලනයට සම්බන්ධ වීමට සිතා සිටි මම එය ප්‍රතික්ෂේප කලේද මේ කාලයේය. ඒවාට බලපෑවේ එසේ කියවූ ප්‍රකාශන හා ගිය දේශන බව සිතමි. නමුත් ඒකාලේ ජවිපෙ සිටි සමහරු තවම මිතුරන්ය.
එනිසා මා තෝරා ගත්තේ සෝවියට් දේශයට යන්නටය. මෙය පොර කතාවක් නොව ඇත්තකි.
//හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .//
සෝවියට් දේශයට යන්නට ටිකට් වියදම ලංකා රජය දෙන්නේ නැත. එනිසා ඒ වියදම් දැරුවේ මගේ පියා ය. අනිත් ළමයින්ට ද එසේය. ටිකට් එක රුපියල් 17000 බවද මට මතකය. 1984 දී එය අපට ලොකු මුදලකි.
//කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා.ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි//
මෙයද වැරදි නොදන්නා කතාවකි. හෙවත් බොරුවකි. රුබල් 90න් ඉතිරි කරගත් මුදලින් අපි ලන්ඩනයට ගියෙමු. එහේ තාවකාලික රැකියාවක් කර හෝ ලන්ඩන් හෝ බර්ලින් වලින් රැගත් ඇඳුම් ආදිය (ඩෙනිම් ) ගෙන රුසියාවට පැමිණ ඒවා විකුණා ලබා ගත් මුදලින් ටිකට් රැගෙන ලංකාවට ගියෙමු. වජිර මහතා ගේ සහෝදරයා කීව් නගරයේ උගත් අතර ඒ විස්තර ඔහු දන්නවා ඇත. අමිහිරි වුවද සත්‍යය එයයි.
//ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.//
ලංකාවට මා මුදලක් යැව්වා නම් යැව්වේ එංගලන්තයේ රැකියාව කර උපයා ගත් මුදල්ය. අනිත් අයද එසේය. නැත්නම් බිස්නස් කර උපයා ගත් මුදල්ය. මේවා සියල්ල ඔප්පු කල හැකි දේවල්ය.
//අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්//
ලෙනින් විප්ලවය නොකලා නම් මම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනු ඇත. එය අවසන් කර පශ්චාත් උපාධියක් කර හෝ නැතිව ගුරුවරයෙක් වී කොහේ හරි උගන්වනු ඇත. නැත්නම් ගණකාධිකාරවරයෙක් වී සිටිනු ඇත. 1988-89 තබා 1971 ද ලංකාවේ සිදු නොවනු ඇත. දයා පතිරණ, විජේවීර, නන්දන මාරසිංහ, විජය කුමාරතුංග මෙන්ම 60000 වැසියන්ද අද ජිවතුන් අතර වනු ඇත. වජිර යාපා 1994 කීව් නොයනු ඇත. "මං තුමා"ට අපට මඩ ගහන්නට ලිපියක් ලියන්නට බැරි වනු ඇත.
අපට ප්‍රශ්නය ඇත්තේ ලෙනින් කළ විප්ලවය ගැන නොව ස්ටාලින් කළ ප්‍රති-විප්ලවය ගැනය .
නමුත් සෝවියට් දේශයේ ගතකල සොඳුරු අතීතය කිසිදා අමතක නොවේ. මා ඒ ගැන බ්ලොග් ලිපි ලියන්නේද එබැවිනි. අවුරුද්දකට සැරයක් ජවිපෙ හා අනිත් අය කරන විරු සමරු සෝවියට් දේශය ගැන කරන්නට මට අවශ්‍යතාවයක් නැත. ඒ වෙනුවට ඒ රටේ තිබු සෞභාග්‍යය මෙන්ම කාලකන්නි කම ගැනද ලියමි.
ප.ලි.
මං තුමාගේ බ්ලොගයේ අපොස උසස් පෙළ ගැන ප්‍රශ්න කර ඇති බැවින් මෙසේද ලියමි. සෝවියට් දේශයේදී විදුලි ඉංජිනේරු උපාධිය අවසන් කලෙමි. මා වරලත් (chartered) පරිගණක ඉංජිනේරුවෙක් වෙමි. වසර තුනකට පෙර රසල් ගෘප් හි විශ්ව විද්‍යාලයක් වන ක්වින් මේරි හි අභ්‍යවකාශ භෞතික විද්‍යාව (astrophysics) පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් මෙරිට් එකක් සහිතව නිම කලෙමි.