Saturday, 31 December 2016

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 3

අරාබි වසන්තයේ ෆේස්බුක් බලපෑම 
සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් -2

අරාබි වසන්තය ගැන බොහෝ දේ කීමට මගේ අදහසක් නැතත් පටන්ගත්තේ කෙසේද යන්න  සඳහන් කල යුතුය.  එය පටන්ගත්තේ හදිසියේය. කිසිදු බාහිර බලවේගයකින් තොරවය. ටියුනිසියාවේ ප්‍රාදේශීය නුවරක් වන සිඩි බෞසිද් නගරයේ පදික වේදිකා වෙළෙන්දෙක් වන මොහමඩ් බෞසිසි රජයේ නිලධාරීන් අල්ලස් ඉල්ලා ඔහුගේ වෙළඳ කරත්තය අත් අඩංගුවට ගැනීමට විරුද්ධව තමාට ගිනි තබාගෙන මිය ගියේය.  දුප්පත් තරුණයෙකු වූ ඔහුට හා ඔහුගේ පවුලට ඉන් වූ අසාධාරණය දුටු අනිකුත් ටියුනිසියනුවෝ නැගී සිටි අතර මොබයිල් දුරකථන එස්එම් එස් පණිවුඩ, ට්විටර් හා ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා පැන නැගුනු විරෝධය  නගර ගම දනව්  වල වීථිවල මහා  විරෝධත්වයකට පරිවර්තනය විය.

ටියුනීසියාව  බටහිර හිතවාදී රටක් වන අතර එහි ඒකාධිපති නායකයා වූ බෙන් අසි ට බටහිරින් ප්‍රශ්නයක් තිබුනේ නැත. බටහිර සංචාරකයන් බොහොමයක් ටියුනිසියාවට ඇදී ආහ. නමුත් ඉස්ලාමික සහෝදරත්වය මෙන්ම වෙනත් රජයට එරෙහි සංවිධානද සටනට එළඹුණි. මෙහිදී ටියුනිසියානු හමුදා ඉතා වැදගත් තීරණයක් ගත්හ. ඒකාධිපති බෙන් අලි ට රටේ ජනතවගේ සහයෝගය නැති බවට තීරණය කල ඔවුන් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළහ. බෙන් අලි පලා ගියේය.

අවසානයේදී හමුදාව තාවකාලික ආණ්ඩුවකට රටේ පාලනය භාර දුන් අතර දශක දෙකකට පසු නිදහස් මැතිවරණයක් පැවැත්වුණි. වාසනාවකට අන්තවාදී මුස්ලිම් සංවිධාන පරාජය වුනි. ටියුනිසියාවේ විප්ලවය සුභ වාදීව අවසන් වුනි. බටහිර මැදිහත්වීමක් කියා දෙයක් මෙහි සිදුවූයේ නැත.

නමුත් butterfly effect හෙවත් එක සිදුවීමකින් හටගන්නා තවත් සිදුවීමක් වශයෙන් වන සිදුවීම් පෙළක් වැනිව මුළු මැද  පෙරදිගම ජනතාව  තම රජයන්ට එරෙහිව පාරට බැස්සහ.    ඕමානය , යේමනය, ඊජිප්තුව, සිරියාව හා මොරොක්කෝව  මුල් තැනක් ගති.

කලකට ඉහත ඇමෙරිකන් විදුලි බල සමාගමක් වූ ඒඊ එස්  (AES) එංගලන්තයේ කෙන්ට් හි මෙඩ්වේ විදුලි බලාගාරය කළමනාකරණය කළේය. (ඔවුන්ට 25% අයත්ය). ඔවුන්ට 1996 දී පමණ කසක්ස්ථානයේ එකිබස්තුස් බලාගාරය මිලදී ගැනීමට අවශ්‍ය විය. රුසියානු භාෂාව දන්නා නිසා විදුලි ඉංජිනේරු පරිවර්තකයෙකු ලෙස එංගලන්තයෙන් ගිය කණ්ඩායම සමග මටද යාමට අවස්ථාවක්   උදවිය. මේ කාර්යය facilitate හෙවත් අතර මැදි  වශයෙන් කටයුතු කළේ ඊශ්‍රායල  කොම්නිපැයකි. එහි අයිතිකරු එම දිගු  ගමන තුලදී   මා සමග මිතුරු වුනු අතර ඔහු කී කතාවක්  මට හොඳට මතකය. (ඊශ්‍රායල පලස්තීන ප්‍රශ්නය  ගැනද අපි සාකච්ඡා කළෙමු.)

ඔහු කීවේ ඊශ්‍රායල රජයේ හා සියොන්වාදී සංවිධානය තුල ප්‍රධාන අදහසක් වන්නේ මැද පෙරදිග කිසිම බලවත් රටකට පැවැත්මට ඉඩක්  නොතැබීමයි. ඔවුන් එකිනෙකා සමග සටන් කර ගන්නා තරමට වාසිය ඊශ්‍රායලයට බවයි. ඔවුන්ගේ යුද්ධ පවතින තුරු ඊශ්‍රායලයට නිදහසේ ජිවත් විය හැකි බවයි. ඒ සඳහා කටයුතු කලයුතු බවයි.

එය වැරදි අසාධාරණ නැත්දැයි මා  ඇසූ  විට අර මා  මුලින් කී  ප්‍රථම  හා දෙවන අරාබි ඊශ්‍රායල යුද්ධ මතක් කරමින් ඔහු පැවසුවේ ඔවුන් සමගි වුවහොත් මුලින්ම  පහර දෙන්නේ ඊශ්‍රායලයට නිසා අරාබින්  එකිනෙකා   මරා ගනිමින් සිටීමට මොසාඩ් සංවිධානය ඕනෑම උදව්වක් කරන බවයි. රුසියාවේ සිටියදී අරාබින් ගේ ආඩම්බරකම් නිසා ඔවුන් සමග එතරම් හොඳින් නොසිටි මා  මේ ගැන සතුටු වූ බව මතකය.

ඇල්ජීරියාවේ අරාබි වසන්තය එලියට ආවේ මුස්ලිම් සහෝදරත්වය (අන්තවාදී සංවිධානයකි) හරහාය. මුස්ලිම් අන්තවාදයට විරුද්ධ ඇල්ජිරියානු හමුදා ලක්ෂයක පමණ පිරිසක් මරා බලය රැක  ගත්හ. ඇල්ජීරියාවේ හමුදාවේ මානව හිමිකම්  කඩ කිරීම් වලට වැඩි විරුද්ධත්වයක් බටහිර පැන නැගුනේ නැත.

 ඊජිප්තුවේ මුබාරක් රජය ඊශ්‍රායලය සමග ඇයි හොඳයිකම් පැවැත්විය. නමුත් මුබාරක්ට විරුද්ධව පැන  නැගුනු විරෝධතා බලවත් වූ අතර ඔහුද බලයෙන් පහවිය.  බලයට පත්වූයේ ඉස්ලාමික සහෝදරත්වයේ ඉත්තෙකු වූ මොර්සිය.

වසරකට පසු මොර්සිට විරුද්ධව සමාජ ජාලා  ආශ්‍රයෙන් මෙන්ම පාරේද විරෝධතා ඇරඹුණු අතර ඔහු බලයෙන් පහ කර බලය පැහැර  ගත්තේ සිසිය.  අබ්දෙල් එල් සිසි හිටපු හමුදා නායකයාය. එංගලන්තයේ හා ඇමෙරිකාවේ යුද විදුහල්වලින් පුහුණුව ලැබූ ඔහු ඊජිප්තු රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂකය. ඊශ්‍රායලයේ හිතවතෙකි.

බහරේන් ආදී බටහිරට සහයෝගය දුන් රටවල විරෝධතා දරුණු ලෙස මැඩ පවත්වන අතර  ඒවායේ මානුෂික අයිතීන් කඩ කිරීම් ගැන හඬක් නැගුවේ බටහිර වාමාංශික පුවත්පත්  කිහිපයක් පමණි.

වසර 2011 දී බටහිර හා ඊශ්‍රායලයේ සහයෝගයද ඇතිව ලිබියාවේ ගඩාෆි බලයෙන් පහ කෙරිණි. මෙහිදී ඇමෙරිකන් හමුදා උපදේශක වරු හා බ්‍රිතාන්‍ය , ප්‍රංශ කොමාන්ඩෝ භටයන් ද සිටියහ. වෙනත් අරාබි මුදල් ක්‍රමයක් ආරම්භ කිරීමට උත්සහ කිරීම නිසා ඇමෙරිකාව සිටියේ ගඩාෆි ට විරුද්ධවය. චීනය විසින්  අප්‍රිකාවේ මිනිසුන් එහි ඔවුන්ගේ පෞද්ගලික ට්‍රාන්ස් නැෂනල් කොම්පැනි වලට වහල් වැඩට ගන්නේ යයිද අප්‍රිකාවේ ඉඩම් මිලදී ගැනීමද විවේචනය කිරීම නිසා ගඩාෆි ට චීනයේ සහයෝගය හිමිව නොතිබුණි. බ්ලෙයාර් හමුවීමට එංගලන්තයට යාම නිසා රුසියාවේ සහයෝගයද අහිමිව තිබුණි.

සිරියාවේ විරෝධතාද පටන් ගත්තේ මේ කාලයේය. සිරියාව ලෙබනනයේ කරන ක්‍රියාදාමයන් නිසා ඊශ්‍රායලයට  සතුරු රටක් වශයෙන් ඔවුන් විසින් සලකන ලදී.  මා පෙර ලිපියේ සඳහන් කල ගෝලාන්  ප්‍රශ්නයද බල පෑවේය. ගෝලාන්  ප්‍රශ්නයේදී බටහිර වැසියන්ගේ හොඳ හිතද තිබුනේ සිරියාව සමගය.  මේ කාලයේදී මට මතක් වුයේ අර ඊශ්‍රායල් ජාතිකයා කී  කරුණය. ඊශ්‍රායලය දිනමින් සිටි.

සිරියාවේ විරෝධතා එක්වරම වගේ කැරලි බවට පත් විය. මුල්ම කැරැල්ල ආවේ අසාද් ගේ පියා දශකයකට ඉහත සංහාරයක් කල හෝම්ස් නගරයේය. "නිදහස් සිරියන් හමුදාව" එහි මුලිකත්වය ගත්තේය.  අසාද් කළේ බෝම්බ දැමීමය. මින්  සිවිල් වැසියන් 250 කට අධික සංඛ්‍යාවක් මිය ගියහ. කාරිමික හා සශ්‍රික වූ අලෙප්පෝ නගරයේද සටන් පැන නැගුණි. "නිදහස් සිරියන් හමුදාව" ලංකාවේ  එල්ටීටීඊ  සංවිධානයේ මෙන් එක උපක්‍රමයක් ක්‍රියාත්මක කළේය. ඒ ජනගහනය රැස්  වී ඇති තැන්  වල සිට සිරියන් රජයේ හමුදා වලට පහර දීමයි.  අසාද් ගේ හමුදා ඒ තැන වලට බෝම්බ දැමීමෙන් වැඩි හරියක් මියගියේ  සිවිල් වැසියන්ය. මින් බටහිර ජන මතය අසාද් ට විරුද්ධව තදින් ඇවිස්සුනි. (ශ්‍රී ලංකාවට විරුද්ධව බටහිර ජන මතය ඇවිස්සුනේද මේවා නිසාය - උදා  යාපනය කෝවිල් සංහාරය )

අසාද් ට විරුද්ධව බටහිර මෙන්ම මැද පෙරදිගද ජනතාව ඇවිස්සුනේ  මින් පසුවය. අසාද් බලයෙන් ඉවත්ව යාම සාකච්චා කිරීමටද චන්ද පැවැත්වීමටද හදිසියේ එකඟ විය.  නිදහස් සිරියන් හමුදාව (Free Syrian Army ) මුලදී කැරලි කරුවන් කණ්ඩායම් කිහිපයක් ගේ එකමුතුවකි.  ඔවුන්ට ඇමෙරිකා  උප ජනාධිපති ජෝ බයිඩන් ගේ මුලිකත්වයෙන් ආධාර ලැබුණු බව විකිලීක්ස් හෙළි කළේය. එසේම මුලින් සිටි ඉස්ලාමික සහෝදරත්වයේ කණ්ඩායමට ඊශ්‍රයලය සහයෝගය දුන් අතර අල් කයිඩා , අයිසිස් කණ්ඩායම් වලට තුර්කිය හා සවුදි අරාබියාව උදව් කළේය. ඇමෙරිකන් හමුදා ඉරාකයේ තබා ගිය ආයුධ බොහොමයක් අල්ලා ගත්තේ අයිසිස් ය.

නමුත් මේ හැමෝම අමතක කල කරුණක් විය. ඒ 1971 සිට අසාද් ගේ පියාගේ බාත් සමාජවාදී පක්ෂ රජය සමග සෝවියට් දේශය අත්සන් කල ගිවිසුමයි. මේ අනුව සිරියාවට ආරක්ෂාව සැපයීමට සෝවියට්  යුධ මධ්‍යස්ථානයක් ටර්ටුස් නගරයේ ඉදි විනි. එම නගරයට සෝවියට් දේශයට ඇති වැදගත් කම නම් එහි ඇති වරායයි . සෝවියට් යුද නෞකා  එහි රැඳවුනි . මැද  පෙරදිගට හා එහි මධ්‍යධරණී මුහුදට සෝවියට් බලපෑම් එල්ල කිරීමට අවශ්‍ය තැනක් සකස් වුනි.

සෝවියට් දේශය 1991 බිඳ වැටෙන විට එහි ණය ගිවිසුම් , යුධ මධ්‍යස්ථාන  හා අනිකුත් ගිවිසුම් භාර ගත්තේ රුසියන් සමුහාණ්ඩුවයි. මෙනිසා නිත්‍යානුකුලව සිරියානු යුද්ධයට අත පෙවීමට තවත් රටක් හෙවත් - තවත් අයෙක් ඉදිරිපත් විය. ඒ රුසියාව හා රුසියන් ජනාධිපති ව්ලැඩිමීර්  පුටින්ය. ඇෆ්ඝනිස්ථානයේ සිදුවූ දෙයෙහිම   අනිත් පැත්ත වන්නට පටන් ගත්තේ ඉන්පසුවය.

 - මතු සම්බන්ධයි

BBC Investigation Exposes Western Aid To Syrian Rebels As ‘Wal-Mart’ For Extremists


ප.ලි.
බ්ලොගය කියවන්නට පැමිනෙණ  ඔබ සැමට සැපත සෞභාග්‍යයෙන් පිරි  සුභ 2017 නව වසරක් වේවා. 

18 comments:

  1. කොහොම යුද්ධ කලත් මැරෙන්නෙ මිනිස්සු. අවුරුදු ගානක් දුක් විඳල උස් මහත් වෙලා වෙඩි උන්ඩයකට ජීවිතය දෙනව කියන එක දුකක්.

    ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලි. ස්තූතියි.

      Delete
  2. Желаю тебе счастливого Нового года!

    ReplyDelete
    Replies
    1. и вам токше , с новым годам

      Delete
  3. මා බොහොම කැමැත්තෙන් කියවන සටහන් මේ...
    මෙවන් සටහනක් ලිවීම ගැන මගේ ස්තුතිය අයියේ...

    ReplyDelete
    Replies
    1. ඔබට මෙහි පැමිණීම ගැන ස්තූතියි.

      Delete
  4. Ajith

    Wish you and your family a very happy new year. Hope we will read more of your writings this year

    ReplyDelete
    Replies
    1. ථුසුඅ මෙහි පැමිණියාට බොහොම ස්තූතියි. ඔබටත් සෞභාග්‍යය පිරි නව වසරක්

      Delete
  5. Replies
    1. ස්තූතියි. මගේ උස්ත්සාහය වුනේ පාක්ෂික නොවී කාරණා ලියන්න පුලුවන්ද බලන්න.

      Delete
  6. හප්පේ.. දැන් තමයි ක්ලියර් උනේ. මම කියවල අහල තියෙන විදිහට ඊශ්රායලය කියන්නෙ මුහුණු දෙකක සර්පයෙක් වගේම සෞදි අරාබියත් එහෙම්මමයි.

    කොහොමත් අවුරුදු 10ක් 12කට කලින් සිරියාව ඊජිප්තුව කියන්නෙ ගොඩක් සාමකාමී (දරිද්‍රතාවය රැකියා හිඟය තිබ්බත්) වැඩිය අවුලක් තිබ්බේ නැති රටවල්.

    මොකද මම 2002 දි පමණ අරාබියේ සේවය කරනකොට නරක වගේම හොඳ අරාබි කාරයොත් දැකල තියෙනව.

    ඔබ මේ ලිපියේ කියල තියෙනව වගේම මේ ප්‍රශ්නෙදි රුසියාව යුද්දෙන් වගේම සාමයෙනුත් කරන දෙය ඉතාම වැදගත්.

    මම හිතන පරිදි ඇමෙරිකාවේ සහ සෞදියේ ප්‍රදාන අවශ්‍යතාවය වන්නේ සාමාන්‍ය තත්වයේ අරාබි රටාවක් විනාශ කිරීමයි.

    ගොඩක් වෙලාවට 2017 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමග බැරක් ඔබාමා විසින් මෙපමණ කාලයක් ගෙනගිය ඇමෙරිකන් ගොන් පාර්ට් නතරවී, රුසියාව සමග එක්වී මේ ලෝකෙට වැඩදායක දෙයක් කරයි කියල බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායල යයි සෞදි අරාබියයි දෙකම ඒ වගේ තමා. නමුත් ඔය දෙකෙන් ඊශ්‍රායලය වඩා ප්‍රජාතන්ත්‍රවාදී රටක්.
      //ගොඩක් වෙලාවට 2017 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමග බැරක් ඔබාමා විසින් මෙපමණ කාලයක් ගෙනගිය ඇමෙරිකන් ගොන් පාර්ට් නතරවී, රුසියාව සමග එක්වී මේ ලෝකෙට වැඩදායක දෙයක් කරයි කියල බලාපොරොත්තු වෙනව.// හැම දෙනාගේම අපේක්ෂාව තමා , නමුත් ඕක අනිත් පැත්තට යන්නත් පුළුවන් රහස් ඔත්තු සේවාවන් නිසා.

      Delete
  7. ඊශ්‍රායලය වටේම සතුරන් ඉන්නවිට ඊශ්‍රායලය කොහොමත් කැමති වෙන්නේ නැහැ තමන්ගේ අසල්වාසි රටවල් බලවත්ව ඉන්නවා දකින්න.මැදපෙරදිග ආරාබි රටවල් ආරාජික වෙන එක ඊශ්‍රායලයට පැහදිලිවම වාසියක් තමන්ගේ ස්ථවරත්වය පවත්වා ගන්න.

    ReplyDelete
  8. ඒත් කවදාවත් ඇමරිකාව වගේම රුසියාවත් ඊශ්‍රායලයට එරෙහි වන්නේ නෑ.. මන්ද ඊශ්‍රායල් ජනගනය අතරේ රුසියානූ යුදෙව්වන්ගේ ප්‍රතිශතයක් යම් මට්ටමකට තිබීමත්, රුසියානූ පාතාලය ඊශ්‍රායලයේ රජින් වීමත්, ඊශ්‍රායලයේ සිටිනා රුසියානු විදෙස් සේවකයින්ට ඇති ලිහිල් ප්‍රතිපත්තියත් නිසා....

    ReplyDelete
    Replies
    1. යුදෙව්වන්ට රශියන්ලා කැමති නෑ, ඊශ්රායලයට සංක්‍රමණය වූ අය කියන්නේ, රුසියාවේ සිටින තුරු අපි යුදෙව්වෝ, ඊශ්රායලයට ආවට පස්සේ රශියන්ලා කියලා.

      Delete
    2. මාතලන් ඕක තමා මම හතරවන කොටසේ ලියන්න ඉන්නේ. ඇණය කියන එකත් හරි.

      Delete
  9. When discussing the reasons for Syrian war, there is a more practical (and more cynical) factor. There were two conflicting proposals for gas pipelines through Syria. One through Qatar, Saudi and Turkey, which US favoured, (https://en.m.wikipedia.org/wiki/Qatar-Turkey_pipeline) and the other through Iran and Iraq, which had Russian support. (https://en.m.wikipedia.org/wiki/Iran-Iraq-Syria_pipeline) Assad's decision to go with the latter, rather than his human rights record, is a more likely reason for US regime-change agenda and "Assad must go" mantra. Note how the beneficiaries of each pipeline are on opposing sides of the war.

    Here's one write-up on the topic. http://www.news.com.au/world/middle-east/is-the-fight-over-a-gas-pipeline-fuelling-the-worlds-bloodiest-conflict/news-story/74efcba9554c10bd35e280b63a9afb74

    -Sumudu

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .