රුස්සන්ගේ ඝෝෂාව සෙමින් මැකී ගියේය. කාමරය පුරාවට ඇසුණු සංගීතය මැද ගිහාන් තම පෙම්වතිය දෙස සෙනෙහසින් බලා සිටියේය. ඇය ඔහුට අත දිගු කර ළඟට එන ලෙස සන් කලාය.
"තානිච්කා, දුක හිතෙන්න ඕන දවසක මට හරි සතුටුයි. නමුත් ලේනා, ඕල්යා, ඉන්ගා ඔක්කොම එකතුවෙලා අපි දෙන්නව බන්දපු එක විහිළුවට හරි. ඒක හරිම ආදරණීයයි. "
"මට කිව්වෙත් නැහැ ඔහොම කරනව කියල. මම කාමරේ ඉල්ලුව විතරයි. මටත් සතුටුයි ගිහන්චික් මොයි" ගිහන්චික් ආදරයට ගිහාන් නම වෙනස් කර කියුමකි. මොයි යනු "මගේ" යන අරුත දෙයි.
"තාන්යා, එදා ඔයා කීව එක හරි. මම ගොඩක් කල්පනා කලා ඒ ගැන. ඔයාට ඕනේ නම් අපි දරුවෙක් ...."
"ෂ් ෂ්" ඇය ඔහුගේ දෙතොලට ඇඟිල්ල තැබුවාය.
"ගිහාන්චික්, නැහැ අවශ්‍ය නැහැ. ලේනා කීවෙත් ඔයා කීව දේ. මගේ හැඟීම් වලින් අනාගතේ තීරණය කරන්න එපා කියල. අපි අද සතුටින් ඉඳිමු ඉතිරි පැය කීපයයි නේ තියෙන්නේ. පවුලක් හදන්න පුළුවන් පස්සේ"
"මම හෙට ගියත් ඔයාව එහෙම අමතක කරන්න බැහැ. මම හිතන් හිටියේ මම ලංකාවේ දැන හඳුනාගෙන හිටපු විශාඛා මම මුලින්ම ආදරය කළ කෙනා කියල. නමුත් දැන් හිතෙනවා එයා ගැන මට තිබ්බේ නිකම් ආදරණීය හැඟීමක් වගේ එකක් කියල . අපේ රටේ විධිහට වැඩිමහල් සහෝදරයා හා බාල සහෝදරිය වගේ අපි දෙන්න කතා කළේ . ඒ ඇමතුමට කියන්නේ අයියා හා නංගී කියල."
" ඒ කියන්නේ සහෝදර සහෝදරියෝ අතරේ තියන ලෙන්ගතුකම , මායි ලේනයි අතරේ වගේ. මම ලේනට හුඟක් ආදරෙයි. මගේ එකම සහෝදරී. ඔයත් ඒ වගේ එයාට ආදරේද? එහෙනම් ඒක ගැඹුරු එකක්නේ "
"නැහැ එහෙමත් නැහැ.අපි දෙන්න ඥාතීන් නෙමේනේ. ඒක මට පැහැදිලි කරන්න අමාරුයි. නමුත් මම ඇත්තටම හිතින්, ගතින්, හදවතින් කොටින්ම මුළුමනින් ම මම ආදරේ කරන්නේ ඔයාට." ඔහු ඇයගේ මුහුණ දෝතට ගෙන සිප ගත්තේය.
"ඔයාට මතකද අපි අර මොස්ක්වා ස්ල්යෝසම් නි වේරිත් චිත්‍රපටය බලන්න ගියා. සෝකල් පැත්තේ සිනමා ශාලාවක. ඔයාගේ යාළුවොත් හිටිය නේද. එතැන පොඩි වැවක් තිබ්බ නේද? ඔයා ලිස්සල වැටුනේ අයිස් මිදුන පඩි පෙලේ. මම ඔයාව අල්ලන්න ගියහම මාත් වැටුනා. මම තී උපාලි දා කියල ඇහුවම ඔය කිව්වා නෑ මම ගිහාන් කියල " තාන්යා පරණ සිද්ධියක මතකයකින් සිනා සුනාය.
" ඔයා ඔහොම හිනාවෙලා ඉන්න එක මගේ හිතට සහනයක්. ඔයාව දාල තාවකාලිකව හරි යන්න වෙන එක ගැන හුඟක් හිතේ බරකින් මම ඉන්නේ. "
මොස්ක්වා ස්ල්යෝසම් නි වේරිත් යනු මොස්කව් කඳුළු මත රඳන්නේ නැත (moscow does not believe in tears ) යනුවෙන් හැඳින්වෙන ජනප්‍රිය චිත්‍රපටයකි. කෘර පෙම්වතෙකු විසින් දරුවකුද ලබා දී අතරමන් කරන ලද තරුණියක් ස්වෝත්සාහයෙන් උගෙන , අමාරුවෙන් දරුවා ද හදා වඩාගෙන, උපාධිය සීරුවෙන් අවසන් කර පසුව කම්හලක අධ්‍යක්ෂිකාවක වෙයි. එසේ සිටියදී කෘර පෙම්වතා ඇයත් ඇගේ නව පෙම්වතාත් අතරට නැවත පිවිසෙයි. කතාව සතුටුදායක ලෙස අවසන් වේ. හොඳම විදේශ චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය 1981 දී ලැබුණි.
"උපාලි" යනු රුසියානු භාෂාවෙන් වැටුනා යන තේරුම දෙයි. "තී උපාලි දා" යනුවෙන් තාන්යා එදා ඇසුවේ "උඹ වැටුනා නේද" කියාය. ගිහාන් එය විහිළුවකට ගෙන "උඹ උපාලි ද " යන අරුතින් ගෙන නැහැ මගේ නම ගිහාන් යයි කීවේය.
"මතකද අපි ප්‍රියානුයි නතාෂායි හිටි අර්බාත්ස්කයා තට්ටු නිවසේ ඉඳල මොස්කව් ගඟ ගාවට ඇවිත් පැයක් විතර ගඟ දිගේ ඇවිද්ද හවස. ඔයා කකුල් රිදෙනවා කියල බොරුවට රණ්ඩු කලා. ඒත් ඇවිද්දනේ මා එක්ක."
"ඉතින් රුෂ්කයා නබෙරෙශ්නයා එනකන්ද කොහෙද ඇවිද්දනේ. ඔයාට ඇවිදලා පුරුදුයිනේ. ඊට පස්සේ සර්යද්යේ උද්‍යානයට ගිහින් ඉඳගෙන ඉඳල අයිස්ක්‍රීම් කෑවේ."
නබෙර්ශ්නයා යනු ගඟ අසබඩ යන අරුත දෙන්නකි. අර්බත්ස්කයා , බරෝවිත්ස්කයා පෙදෙස් පසු කර ගඟ දිගේ බල්ශෝයි (මහා) උස්තින්ස්කි පාලම අසලට ගොස් පාලමින් ගඟ තරණය කර සර්යද්යේ උද්‍යානයට ගඟ අනිත් පැත්තෙන් පැමිණිය හැකිය.
"මට ඒ ගමන් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මතකද ගෝර්කි ලෙනින්ස්කියේ ගියා. ඒ මුළු පැත්තේම අපි ඇවිද්දේ කෞතුකගාරේටත් ගිහිල්ල. අර මහා පාර දෙපැත්තේ ගස් වල කොළ එක එක පාට. වැඩිපුරම ලා රත් පාට යි , කහ පාටයි නිකන් සිතුවමක් වගේ. පුදුම ලස්සනයි. ඔයා මාව ගහකට හේත්තු කරන් සිප ගත්තා කවුරුත් නැති වෙනකන් ඉඳල. " තාන්යා ඔහුට තුරුළු වුනේ අතීත මතකයක ස්නේහය විඳිමිනි.
"මට මතකයි හොඳටම ඒක" ඔහු ඇගේ රතුවූ දෙතොල් නැවත නැවතත් සිප ගත්තේය.
"අර ඔයාගේ යාළුවෙක් හමුවුනා මතකද මගදී කෙට්ටුම කෙට්ටුයි, එක පාරයි හමු වුනේ ඒත් මට ඒ මුහුණ හරියට මතකයි මූණ පුරාම රැවුල වවාගෙන කොණ්ඩේ අවුල් වෙලා ටෝල්ස්ටෝයි වගේ, හැබැයි ලස්සන කෙල්ලෝ දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලාගෙන ගියේ. ඔයා දර්ශනවාදියා කියල කිව්වේ. එයා කිව්ව නේද සතුටු වෙන්නද මොකක්ද එකක් ?"
"හා ඔව්. ප්‍රශාන් නේ. ජීවිතය විඳිනවද බං කියල මගෙන් ඇහුවා. මම කිව්වා මම එක පැත්තකින් විතරයි. උඹ දෙපැත්තෙන්ම විඳිනවා කියල."
ඒ කතාව මතක් වී ගිහාන්ට මහා සිනාවක් ගියේය.
"එයා කියන්නෙත් ගොර්බචොව් මේ ක්‍රමය නැති කරලා දානව නම් හොඳයි එයාට එපා වෙලා කියල. ප්‍රියාන්ල කියන්නෙත් ඒකමයි. මට තේරෙන්නේ නැත්තෙත් ඒකමයි. එයා ගියා ලංකාවට ඉවර කරලා. "
" මේ ක්‍රමය තමයි අපි දන්නේ. මට ඒක දැනට හොඳයි අපි දෙන්නට ඉන්න දෙනවා නම් සතුටින්. එහෙම දෙන්න දෙන්න සතුටින් හොඳට හිටියොත් ඔක්කොම වගේ හොඳින් ඉඳී නේද? මගේ අම්මයි තාත්තයි සතුටින් ඉන්නේ. එයා ආයේ හම්බවුනොත් ඔයා කියනවද ජීවිතය වින්ද කියල."
"එහෙම වෙනවා නම් හොඳයි. ඒත් අපි දෙන්න ගැන විතරක් අපි හිතුවට ලෝකේ වෙනස් වෙන විධිහට අපිට හැඩ ගැහෙන්න වෙනවනේ. එතන තමා අමාරු. ඔයත් එක්ක මේ ගත කරපු ජිවිතේ මගේ කෙටි ජිවිතයේ හොඳම දවස් තාන්යා. ඉගෙනීම කරන්න විතරක් හිතන් හිටිය මට ජිවිතේ මෙපමණ සුන්දර දෙයක් කියල වැටහෙන්න ගත්තේ ඔයා හමු වුනාට පස්සේ "
ඒ අවස්ථාවේ ඉදිරියේ සිදුවීමට නියමිත භුමි කම්පාවක් වැනිවූ මහා දේශපාලන වෙනස්කම් පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත. ඔවුන් දන්නා , ජිවත් වූ සෝවියට් දේශය නමැති මහා දේශය බිඳ වැටී කැබැලි වලට කැඩී යාමට නියමිත බව කෙසේ සිතන්නද? දේශපාලනය හෝ එදිනෙදා සිදුවන සිද්ධීන් ගැන වැඩි අවධානයක් නොදී, එතරම් බරක් පතලක් නොමැතිව ඉගෙනීම, ප්‍රේමය හා එකට බැඳුණු තරුණ දිවියේ කිසියම් සන්ධිස්ථානයකට එළඹුණු ඒ වැනි මොහොතක දේශපාලන පෙරලියක් විසින් තමන්ගේ ජීවිත බරපතල වෙනස්කම්වලට භාජනය කරනු ඇතැයි කිසිවෙකුට සිතෙවිද? කොතරම් අවට ලෝකයට නිරාවරණය නොවී දිවි ගෙවීමට තැත් කළද ඕනෑම මොහොතක සිදුවිය හැකි ප්‍රබල දේශපාලන පෙරළියක, ආර්ථික කම්පනයක දැඩි තිගැස්මක් හැමෝටම අනිවාර්යයෙන්ම ලැබේ. එයින් වියුක්තව ජිවත් වීමට නම් නගරයෙන් හා ගමින් බැහැරව හුදෙකලාව වනයක ජිවත් විය යුතුය.
පෙම්වතුන් දෙදෙනාටද එවැනි කිසිදු දෙයක හැඟවීමක් තිබුනේ නැත.
ඔහුගේ දණහිස් තුල හිස රඳවා ගෙන සිටි තාන්යා ඔහුගේ ඉළයට අතක් තබා බර කරමින් හීන් සීරුවේ ඇඳෙන් නැගිට ගොස් ගී තැටිය මාරු කළාය.
"ඔයා අහන්න කැමති ගීතයක් තියෙනව. මේ හැන්දෑව වෙනුවෙන්".
තැටියෙන් වාදනය වූයේ ගිහාන් නිතර ඇසීමට කැමැති රුසියානු ගීතයකි. ඇත්තටම එය කිසියම් අයෙකු සුන්දර නගරයක් වූ මොස්කව් ජීවත්වී හැරගිය අයෙකුට ඇතිවන නොස්ටල්ගියාව, සංකාව විස්තර කෙරෙමින් ගයන ගීයකි. ඉතා ප්‍රසිද්ධ ස්වර රචනයක් වන එය "පද් මොස්කව්නියේ වේචෙරා " හෙවත් මොස්කව් අසබඩ සන්ධ්‍යාවක් නමින් හැඳින්වේ.
ගිහාන් කැමති සෝවියට් රතු හමුදා වාද්‍ය ඛණ්ඩයක් විසින් සාමූහිකව ගයන ගීතයට බව තාන්යා දැන සිටියාය.
සෙමින් ඇඳ වෙත පැමිණි ඇය හෙමින් ඔහුගේ උකුලට හිස තබා ගිහාන්ගේ සිරුරට තුරුළුව ඇඳේ ගුලි ගැහුනාය. මෙවැනි සැඳෑවන්, රාත්‍රීන් කොපමණක් ගත වෙන්නට ඇත්ද? මින්පසු කිලෝමීටර හය දහසක් පමණ ඈත සිට සිතින් පමණක් හමුවිය යුතුය.
ඇය සිහින් හඬින් පද් මොස්කව්නියේ වේචෙරා ගයන්නට පටන් ගත්තාය. ගිහාන් මද වේලාවකින් ඇයට එක්වුනේය. ඒ මොහොත එකතකට අතිශය හැඟුම්බර එකක්ද මේ රැයෙන් පසු මුහුණ දීමට සිදුවන යථාර්තයට පෙළ ගැසීමක් ද විය.
"කෙඳුරුමක් වත් නෑසෙන ගෙඋයන් කොනේ
සැම දෙයක්ම මියගිහින් ය උදෑසන එළඹෙන තුරු
ඔබට වැටහේ නම් කොතරම් දයාබරද මට
මේ මොස්කව්හි සන්ධ්‍යාවන් ,
නදිය විටෙකදී ගලා යයි විටෙකදී නිසලය
හැමෙකක්ම රිදී සඳ රැස් හි ගිලී
ගීතයක් ඇසෙයි නෑසී යයි
මේ නිහඬ සන්ධ්‍යාවන්හි,"
තෙවෙනි පද පේලිය තාන්යා ගයන්නේ බිඳුණු හඬින් බව ගිහාන්ට වැටහිණි.
"ඇයි මගේ දයාබරිය සැකයෙන් බලන්නේ
ඔබේ හිස නැඹුරු කරගෙන
ඉතා අපහසුයි මට පවසන්නත් , එළෙසම අපහසුයි සඟවාගන්නත්
මගේ හදවතේ ඇති සැම දෙයක්ම"
නිල් පාට රවුම් ඇස් ලොකු කරමින් ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ඇගේ දෑස කඳුලින් පිරි තිබුනි. ඇයට අවසන් පද ගීතයත් සමග ගයන්නට නොහැක. තාන්යා සිටියේ ඒ තරමටම හැඟීම්බරවය.
ගිහාන් අවසාන පද පේලිය ගැයුවේ උස් හඬිනි.
"මා පිරිමියෙකි. ඇය ඉදිරියේ හඬන්නට මට නොහැකිය. ඉන් වන්නේ දුක වැඩිවීම පමණකි." ඔහුට සිතුනි.
"හිමිදිරිය උදාවේ, එළිය වැටීගෙන එයි
එනිසා, කරුණාව පාන්න දයාවී
අමතක නොකරන්න නුඹ, මේ ගිම්හානයේ
මොස්කව් අසබඩ සන්ධ්‍යාවන්"
ඔහු ගේ අවසන් දහිරිය ද සිඳී යාමට ඉඩ නොදී ඔහු ඇය වැරෙන් සිප ගත්තේය.
ඇත්තටම සාදය බොහෝ වෙලාවක් ඇදී ගිය නිසා ඒ රාත්‍රිය ඉක්මනින්ම අවසන්ව යමින් පැවතුනි. අරුණ නැගී ගෙන එයි. සතුට මෙන්ම ශෝකයද පෙම්වතුන් ගේ එක්වීමට උත්තේජනයන් සපයයි. ඉතා සෙමින් ඇගේ සිරුර පිරි මදිමින් ඔහුත්, ඔහු පුරාවට සිප ගනිමින් ඇයත් එකිනෙකාගේ ශෝකය නිවාලන්නට තැත් දැරූහ.
නිදා නොනිඳා ඒ රාත්‍රිය අවසන් වූයේ එලෙසය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~ මතු සම්බන්ධයි
කතෘ සටහන: පද් මොස්කව්නියේ වේචෙරා මුල් ගීතය ගයන්නේ ව්ලදිමීර් ට්‍රොචින් ය.
මේ ඇත්තේ සෝවියට් රතු හමුදා වාද්‍ය කණ්ඩායම ගයන විලාසයකි.