නොයෙකුත් හේතූන් නිසා වසර 2004 අපට හොඳට මතකයි. දේශපාලන කණ්ඩායමක පිපුරුණු බෝම්බයක් නිසා සමහරුන්ට මතකයි. මට මතක බොක්සින් ඩේ සුනාමිය නිසා. මම හිටියේ ජර්මනියේ කොබර්ග් නගරයේ. අපි නත්තලට හැම වසරකම වගේ බිරිඳගේ දෙමාපියන්ගේ නිවසට යන නිසා එදා දෙසැම්බර් 26 දා හිටියෙත් එහෙ. ලන්ඩනයේ ජිවත්වන යාළුවෝ සහ ජර්මනියේ මගේ බිරිඳගේ නෑදෑයෝ එක දිගට කෝල් කරන්න පටන් ගත්ත.
" ටීවී එක දාන්න "
"ටීවී එකේ නිව්ස් දාන්න"
"ඔයාගේ ලංකාවේ පවුලට කොහොමද?" වගේ ප්‍රශ්න අහල. එතකොට තමයි දැන ගත්තේ මුහුද ගොඩ ගලල කියල. දිගින් දිගටම පෙන්නුවේ ගාල්ල ඒ මුල් දවස් කිහිපයේ. මට දිගින් දිගටම කියන්න වුනා අපේ නෑදෑයෝ හොඳින් ස්තූතියි කියල. පස්සේ ඉන්දුනීසියාවට වඩා ප්‍රබලව සුනාමිය වැදිලා තියනව කියලත් දැනගත්ත. ලංකාවේ නැගෙනහිර හා දකුණු වෙරළබඩ පෙදෙස් විනාශ වෙලා.
නිවාඩුවෙන් පස්සේ ලන්ඩනයට ඇවිත් සාගර, ශ්‍රීනාත් , ශාන්ත, මෙන්ඩිස් වැනි යහළුවෝ කිහිප දෙනෙක් එක්ක ෂෙයාර් ඇන්ඩ් කෙයාර් කියන පදනම පිහිටුවා ගත්ත. මුලින් අපි බඩු කන්ටේනර් කිහිපයක් යැව්වා ලංකාවට. දකුණේ සහ නැගෙනහිර පාසැල් දෙකක ළමයින්ට භාණ්ඩ බෙදල දුන්න.
ඉන් පස්සේ මව හෝ පියා අහිමි වුන ළමයි විසි ගණනකට ශිෂ්‍යත්ව දෙන්න පටන් ගත්ත ලංකාවේ දකුණේ විහාරස්ථානයක තිබුන පදනමක් සමග එකතු වෙලා. මේ කතාවට පාදක වෙන ජර්මන් ජාතික මහාචාර්ය මොනිකා ශාෆර්ෆෙහ්ර Monika Shaffer-Fehre හඳුනාගන්නේ මේ වකවානුවේ. ඇයට ලංකාවේ ළමයි දෙන්නෙක් ස්පොන්සර් කරන්න ඕන වුනා. එයින් පස්සේ අපේ පදනමේ නොයෙකුත් ආධාර එකතු කිරීමේ වැඩ වලට 2004 පටන් පහුගිය අවුරුදු 14 මුළුල්ලේ ඇය සහයෝගය දුන්න.
ඇය රැකියාව කලේ ලෝක ප්‍රසිද්ධ උද්භිද උද්‍යානයක් වන කිව් ගාඩ්න් එකේ, ඇය ශාක වර්ග ගැන ප්‍රසිද්ධ උපදේශකවරියක්. Flora of Ceylon (ශ්‍රී ලංකාවේ ශාක වර්ග ) කියන පොතේ මූලික සම්පාදකවරිය (එම් ඩී දසනායක හා ක්ලේටන් සමග) ඇය. තවත් පර්යේෂණාත්මක ලිපි බොහොමයක කතෘ. වරක් ඇය ශ්‍රී ලංකාවට යන අපේ යෙහෙළියක අත අන්වීක්ෂයක් යැව්වා ඉගෙන ගන්න දියණියකට. අද ඒ දියණිය ශ්‍රී ලංකාවෙන් ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවට ඉගෙනීමට ගොස් දැන් ලන්ඩනයේ රැකියාව කරනවා කියල දැන ගන්න ලැබුන.
ඇය එවැනි උදව් බොහොමයක් නිහඬව කර තිබෙනවා. ඇගේ එක හීනයක් වුනේ ලංකාවට නැවත යන්න. වැඩ අධික කමක් ඇගේ සැමියා මිය යාමත් නිසා එය කර ගන්නට නොහැකි වුනා. (සැමියා මයිකල් ශාෆර් නමැති ඉංග්‍රීසි ජාතිකයෙක්. )
දරුවන් සඳහා ඇයගෙන් දිගටම මුදල් ලැබුනත් ගිය වසරේ ඔක්තෝබරයේ සිට ඇයගෙන් මේලයක් ලැබුනේ නැහැ. එනිසා මම ඊමේල් දෙක තුනක්ම යවා බලා හිටිය. ඇය විශ්‍රාම ගොස් නිසා කිව් ගාඩ්න් එකට කතා කර වැඩකුත් නැහැ කියා හිතුව.
පහුගිය සතියේ ඇගෙන් මේලයක් ලැබුන.
ඇයටත් සැමියාටත් ළමයි නැහැ. ඔවුන් ජිවත් වුනේ දකුණු ලන්ඩනයේ සුවපහසු නිවසක. ඔහු මිය ගිය පසුත් ඇය එහි ජිවත් වුනා. පහුගිය ඔක්තෝබරයේ ඇය නිවසේ ඇද වැටී තිබෙනවා. ලන්ඩනයේ එක දෙයක් වන්නේ බොහෝ විට මෙහි ජිවත්වන්නන් අනෙක් අයගේ දේවල් සොයා නොබැලීම හා ඇඟිලි නොගැසීම. අනිත් අයට කරන අපහසුතාවයක් යයි සිතා එසේ නොකිරීම එකේ හේතුවක්. එසේම අනුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම. සමහර වෙලාවට වෙලාවක් නැතිකම. ඇය මොබයිල් දුරකතනයක් භාවිතා නොකරන්නියක් නිසා කිසිම සමාජ ජාලයකත් නැහැ. "ලින්ක්ඩ් ඉන්" රැකියා ජාලයේ ඇරෙන්න. මා සමග ඉඳහිට ඊමේල් හුවමාරු කර ගන්නවා පමණයි.
ඉතින් ඇද වැටුණු තැනින් නැගිට ගැනීමට නොහැකිව ඇය දින අටක්ම නොකා නොබී වතුර පොදක් නැතිව බිම වැතිරී ඉඳල. කාටවත් කියන්න විධිහක් වත් නැහැ. දුරකථනයත් ඈත. අට වන දවසේදී, ඉඳහිට ඇය ස්වාධින සේවයක යෙදෙන ප්‍රොතෙස්තන්ත නිකායක චැරිටි පදනමේ යහළුවන් දුරකතනයෙන් අමතලා . පිළිතුරක් නැති තැන පොලිසියට දන්වලා. පොලිසියෙන් ලන්ඩන් ඇම්බියුලන්ස් සේවාව සමග ඇවිත් දොර කඩා ඇතුළු වී තිබෙනවා.පොලිසියට පමණක් නොව වෛද්‍යවරුන්ටත් යෙහෙළියන්ටත් පුදුමයි වතුර පොදක් නැතිව දින අටක් එක තැන වැතිරී මේ කුඩා කාන්තාව ජීවිතය රැක ගැන්මට සටන් කළේ කොහොමද කියා. පොලිසිය බේරා ගන්න කොටත් ඇය හොඳ සිහියෙන් ඉඳ තිබෙනවා. අන්වීක්ෂය රැගෙන ලංකාවට ගිය ඇය දැන සිටි මගේ යෙහෙළියක් වන ආශා කිවේ ඇය කරන, කළ හොඳ වැඩ හේතුවෙන් කර්මානුකූලව ඇගේ දිවි බේරෙන්නට එය බලපාන්නට ඇත කියායි. කරුණාවන්ත මේ කාන්තාවගේ සිතේ මානසික ශක්තියත් බලවත් හේතුවක් වන්නට ඇති.
මමත් අපේ පදනමේ අනිත් අධ්‍යක්ෂකවරයා වන ශාන්තත් වහාම ඇය බලන්න කෑම බීමත් රැගෙන ඇගේ නව නිවසට ගියා. ඇගේ නව නිවස තිබෙන්නේ රෝහලක් ඉදිරිපිට. සැමියා සමග දිවි ගෙවූ නිවස විකුණා ඇය මෙහි පදිංචියට ඇවිත්.එහි වැඩිපුර ඉන්නේ මහලු අය . විදුලි සෝපානද ඇතිව ඉතා පහසුවෙන් නිම කරන ලද්දක්. මගේ බිරිඳ සාදා දුන ජර්මන් කෑම බීම ඇය ඉතා කැමැත්තෙන් ආහාරයට ගත්ත.
අද 2019 ජනවාරි පළමුවනදා උදයේම මට දුරකථන ඇමතුමක් දී සුභ පැතුවා ඇය. ඉතින් මේ කාරුණික දිරිය කාන්තාවගේ කතාවත් සමග මගේ බ්ලොග් අවුරුද්ද පටන් ගන්නයි අදහස.
මෙතෙක් දවස් මෙය කියවන්නට පැමිණි පාඨක ඔබ සැමටත් බ්ලොග් ලියන සේම සින්ඩි පවත්වාගෙන යන සැමටත් වාසනාවන්ත, සෞඛ්‍ය සම්පන්න, මිල මුදලින් මෙන්ම සතුටින් ද පිරුණු සුභම සුභ 2019 නව වසරකට ආසිරි පතමි.

මොනිකා ශාෆර්- ෆෙහ්ර |

ශාන්ත සමග |