Saturday, 29 December 2018

දැවෙන විහඟුන් සමග දැවුනෙමි

ලන්ඩනයේ දී  "Unseen Pictures london" මගින්   "දැවෙන විහඟුන්"  චිත්‍රපටය ප්‍රදර්ශනය කළා මසකට ඉහතදී. මේ ලඟදී මුහුණු පොතේ එයට හොඳ පාඨක  ප්‍රතිචාරයක් ලැබිල තිබුන. ඒ ප්‍රතිචාරයට එකඟ වෙන ගමන් තවත් යමක් ලියන්න හිතුන.

අනෝමා ජනාදරී (කුසුම්)

පටන් ගත යුත්තෙම ඕන අනෝමා ජනාදරී ගේ විශිෂ්ට රංගනය ගැන කියල.  මෑත කාලයකදී සිංහල හෝ වෙනත් ආසියානුඅප්‍රිකානු  චිත්‍රපටයක නොදැක්ක ප්‍රබලම  රංගනයක්. චිත්‍රපටයේ එක අවස්ථාවක් මගේ මතකයේ තදින්ම රැඳිලා තියනවා. ඒ තමයි මට මතක විධිහට මස් කඩේ මුදලාලි ගෙන් සහ ඔහුගේ පිරිවරෙන් දූෂණය වෙලා ඒ රැකියාවත් නැති වෙලා  කුසුම් නිවසට එනවා රෝහලෙන්. ජිවත් වෙන්න එන්නේ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක. නැන්දම්මා (සැමියාගේ මව) එක්ක කල්පනා කරනවා "ළමයි බඩ ගින්නේ", උන්ට කන්න දෙන්නේ කොහොමද , ජිවත් කරවන්නේ කොහොමද කියල.  ඒ මොහොතේ  දැඩි පීඩාවකින් සිටින කුසුම්, මහළු නැන්දණියගේ   උරහිස හෙමින් අල්ලනව ආදරෙන්. ඉන් පස්සේ දෙන්නම ජනේලෙන් එලිය බලාගෙන ඉන්නවා. අනෝමා ජනාදරී හෙවත් චිත්‍රපටයේ කුසුම් ගේ ඒ බැල්ම, සමාජ අසාධාරණය හමුවේ දරු මල්ලෝ හදන්න වෙර දරන  දහසකුත් එකක් දුක් විඳින මව්වරුන්ගේ ජීවිතය මූර්තිමත් කරනව. එතැනදී  ප්‍රබලයි ඇගේ මුහුණේ ඉරියව් වලින් දැනෙන නිරූපණය ඉතාම ප්‍රබලයි.
සමන්මලී ෆොන්සේකා 

ඊට පස්සේ මම කල්පනා කරා අනෝමාජනාදරී ගේ හා සමන්මලි ෆොන්සේකා ගේ ප්‍රබල හා සිත් කාවදින රංගනයන් සමග  ඒවගේ තව චිත්‍රපට මම බලලා  තියනවද  කියල.

මේ වගේම අයර්ලන්තයේ  කතාවක්  රැගත් චිත්‍රපටයක්  මම බලල තියනවා මතක් වුනා  කාලෙකට ඉහතදී. තාත්ත නැති වුනාට පස්සේ  අම්ම දරු පැටව් රැක ගන්න කරන යුද්ධේ. පොතකින් සිනමාවට නැගුනු නිර්මාණයක්. චිත්‍රපටයට  පාදක වුන පොත ලියල තියෙන්නේ ෆ්‍රෑන්ක් මැකෝට්. ඔහුගේම සත්‍ය ජිවිත කතාව.  කෘතියේ නම "ඇන්ජෙලා ගේ අළු - Angela's Ashes". චිත්‍රපටයේ නමත් ඒකමයි. ඒක ආවේ 1999 දී. අයර්ලන්තය ඉතාමත් දුප්පත් රටක් කාලයකට ඉහතදී. බ්‍රිතාන්‍ය  අධිරාජ්‍යවාදයත් ඒ දුප්පත්කමට බලපෑවා. මේ කතාවේ පියා බේබද්දෙක්. ලැබෙන සල්ලි වලින් ඔහු බොනවා. පියා අන්තිමට අතුරුදහන් වෙනවා. මව ඔහුගේ නෑදෑයෙක් ගාවට ළමයි එක්ක යනවා ගෙදරින් එලවන නිසා. මවට ඒ නෑදෑයා සමග නිදා ගන්න (රමණය කරන්න)  වෙනවා දරුවන්ට ඉන්න, කන්න දෙන්න නම්. ඔවුන් නිතරම ඉන්නේ කුස ගින්නේ.
ලොකු  පුතා ෆ්රැන්කි රැකියාවක් හොයා ගන්නවා. ඔහු දවසක් හිතේ අමාරුවකට බීල එනවා. බීල  ඇවිත් මවත් එක්ක රණ්ඩු  වෙලා මවගේ  කම්මුලට ගහනවා"

මේ වගේ සිද්ධියක්  "දැවෙන විහඟුන්" චිත්‍රපටයෙත්  වෙනවා. බස් කාරයෙක් මවට නරක  විහිළුවක් කරපු කතාව දියණිය අහනවා. එතනදී ඇතිවන දැඩි කතාබහේදී කුසුම් දුවට කම්මුල් පහරක් ගහනවා. කුසුම් කියන මවට ගණිකාවක් වෙලා හරි දරු පැටව් රකිනවා ඇරෙන්න  වෙන කරන්න  දෙයක් නැහැ. සමහර වෙලාවට, ඔව්  සමහර වෙලාවට හිතෙනවා දුව කියපු විධිහට නිදහස් වෙළඳ කලාපෙට වැඩ කරන්න  ඇරියනම් මොකද කියල? නමුත් හැම අහිංසක දෙමාපියෙක් ගේම බලාපොරොත්තුව තමන්ගේ ළමයින්ට කොහොම හරි කරලා උගන්වන්න. නිදහස් කලාපේ රැකියාවකට යනවට වඩා. ඒත් මම නම් අහල තියෙන්නේ උසස් පෙළ කරලත්  ඒ රැකියාවලට යන අය ඉන්නවා කියල. යථාර්ථය ඒකනේ. මේවැනි  රැකියා පහත්  කරලා පිළිගන්න මනෝ  භාවය නම් නැති කරන්නම ඕන දෙයක්.

ඔය චිත්‍රපට දෙක සංසන්දනය කලහම මට හිතුනේ Angela's Ashes චිතපටයේ එමිලි වොට්සන් හා සමානවම ප්‍රතිභාපූර්ණ රංගනයක් අනෝමා ජනාදරී ඉදිරිපත් කරනවා කියල.
අනෝමා දැවෙන විහඟුන් හි 

එමිලි වොට්සන් "ඇන්ජෙලා ගේ අළු " චිත්‍රපටයේ 

බ්‍රිතාන්‍යය හෝ ජර්මනිය වගේ දියුණු ධනවාදී සමාජයක නම් මවක් ගණිකා වෘත්තියේ යෙදිලා මුදල්  හම්බ කරලා ළමයින්ට කන්න දෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒ රටවල් ඇත්තටම   එහෙම කරන්න  අවශ්‍යතාවයකුත්   නැහැ. රැකියාවක් නැත්නම් රජයෙන් සහනාධාරයක් සහ ඉන්න ගෙයක් ලබා  දෙනවා. ගෙයින් එළවල දාන්නෙත් නැහැ. එනිසා කුසුමට අත්වුණු ඉරණම අත්වෙන්නෙත් නැහැ. අනික ගෙවල් වල කුණු එකතු කරණ රැකියාව  උනත් පහත්  එකක් නෙමේ මේ වගේ රටවල. ඒවගේ රැකියා වලටත් සෑහෙන ඉල්ලීමක් තියනව මේ රටවල.
මහේන්ද්‍ර පෙරේරා 

    මස් කඩේ මුදලාලිගේ (මහේන්ද්‍ර පෙරේරා මම හිතන්නේ) රංගනයත් අපූරුයි. හැම රටකම මස් කඩ මුදලාලිලා ඔය වගේද මන්ද? සුරුට්ටුවක් ගහගෙන කොකුවල එල්ලලා තියන මස් ගොඩවල් අස්සේ ගැවසෙන මස් කඩ  අයිතිකාරයෝ මම මේ වගේ රටවලත් දැකල තියනව. ඇත්තටම කියනවානම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා හැම නළු නිළියෙක්ගෙන්ම උපරිම ප්‍රයෝජනය අරන් තියනවා. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙලාවක හරියට සියුම් කැටයම් දන්නා වඩුවෙක් වගේ. තව වෙලාවක දක්ෂ ගුරුවරයෙක් වගේ. ලීය කැටයම් වලින් ඔප නංවල ලස්සන කරලා ගන්න වඩු මහතාට  පුළුවන්. දක්ෂ ගුරුවරයෙකුට  සිසුවෙකුගේ හැකියාවන්  හඳුනගෙන සිසුවා දක්ෂයෙක් කරන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සංජිව පුෂ්පකුමාරට  ඒ හැකියාව තිබෙනවා.

මේ චිත්‍රපටය නිකම්  වාර්තාවක් වගේ කියල කෙනෙක් කියනවා ඇහුන මට. මටනම් ඇත්තටම එහෙම හිතෙන්නේ නැහැ. ඒ අදහසම මගේ   "සියාමා" කෘතිය ගැනත් කියනව. ඒ කියන්නේ මෙවැනි සිද්ධීන් තියනවා, ලෝකේ වෙනවා. අපි ඒවා මේ  වගේ පෙන්වන්න ඕනෙද නැත්නම් ලියන්න ඕනෙද කියල. එහෙම  නැත්නම් ඒකට  සින්දුවක්, කලාත්මක විස්තරයක් බලෙන් දාල ඔප මට්ටම් කරලා භාෂා සෙල්ලමක්, කලා සෙල්ලමක් දාල  ගත  සිත පිනවන්න ඉදිරිපත් කරනවද? මම හිතන්නේ මේ වගේ චිත්‍රපට බිහි වෙන්නෙ ගත සිත පිනවන්නම  නෙමේ. පොප්කෝන් කාල හිනා වේගෙන ශා මරුනේ කියල සිනමාහලෙන් එලියට එන්න හදන චිත්‍රපට  වෙනම  තියනව. ස්ටාර් වෝර්ස් හරි බ්‍රැඩ් පිට් ගේ මිස්ට ඇන්ඩ්  මිසිස් හරි බැලුවහම ඒ මනදොල සපුරගන්න පුළුවන්.

මේ චිත්‍රපටය 88-89 බිහිසුණු වකවානුව තුල දිවි අහිමි කළ පියෙකුගේ පවුලක් වටා ගෙතෙන්නක්. එහෙම ඒවා ගොඩක් වුනාය කියල ඒ ගැන නොඅසපු කතාවක් තියෙන්න බැරිද? දෙවන ලෝකය යුද්ධය ගැන තවම කතා ගොතනවා. සිනමා පට නිපදවෙනවා. ප්‍රයිවෙට් රයන් වගේ ඒවා බලන්න. ඕනෑම ඓතිහාසික සිද්ධියක, යුද සමයක නොකියවුණු නොලියවුණු කතා දහස් ගණන් ඇති. එයින් එකක් අරගෙන අධ්‍යක්ෂක   වරයෙක් උත්සාහ දරනවා ඒක ලෝකයට කියන්න. ඒ වෑයම ඒ දහිරිය අගය කළ යුතු දෙයක් හැටියටයි  මට හැඟෙන්නේ.

   මම චිත්‍රපට විචාර ලිපි කිහිපයකම   කියෙව්වා, සිංහල සිනමාව අගාධයකට වැටිලා කියල. මට නම් එහෙම පෙනෙන්නේ නැහැ.   පහුගිය කාලේ  සංවිධාන කිහිපයක් නිසාම හොඳ සිංහල චිත්‍රපට කිහිපයක්ම ලන්ඩනයේදී නරඹන්න වාසනාව ලැබුන. බොරදිය පොකුණ, දැකල පුරුදු කෙනෙක්, සුළඟ එනු පිණිස, ඔබ නැතිව ඔබ එක්ක, ගුරු ගීතය,  ඇගේ ඇස අග, 28,  සුළඟ අප රැගෙන යාවි , උසාවිය නිහඬයි වැනි හොඳ චිත්‍රපට 2016 ඉඳන්ම  ඇවිත් තියනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒවා පෙන්වන්න චිත්‍රපට පෝලිමේ සිටින්නට සිදුවීම මිසක් චිත්‍රපට හදන්නේ නැතිකම නෙමෙයි. විශාල  මුදලක් වැය කරලා සිනමා පටයක් නිර්මාණය කරලා රජයේ කවුද නිලධාරී ගොන්නක් සිනමා හලක් දෙනතුරු අවුරුදු  ගණන් ඉන්න ඕනේ . ප්‍රශ්නය  තියෙන්නේ එතැන මිසක් සිංහල සිනමාවේ නෙමේ.

ඉතින් සිනමා කෘතිය ගෙනත් පෙන්වීම ගැන "නුවන් ජේ, සන්ජේ දලුගොඩ" චිත්‍රපට ඔස්තාර්ල දෙදෙනාට ස්තූතියි. එසේම  සංජය පුෂ්ප  කුමාර මහතාට  තවත් මෙවැනි සිනමා කෘති නිර්මාණය කරන්න අවකාශයක් ලැබෙනවා නම් අගෙයි.
  

18 comments:

  1. ' මම චිත්‍රපට විචාර ලිපි කිහිපයකම කියෙව්වා, සිංහල සිනමාව අගාධයකට වැටිලා කියල. මට නම් එහෙම පෙනෙන්නේ නැහැ. පහුගිය කාලේ සංවිධාන කිහිපයක් නිසාම හොඳ සිංහල චිත්‍රපට කිහිපයක්ම ලන්ඩනයේදී නරඹන්න වාසනාව ලැබුන. බොරදිය පොකුණ, දැකල පුරුදු කෙනෙක්, සුළඟ එනු පිණිස, ඔබ නැතිව ඔබ එක්ක, ගුරු ගීතය, ඇගේ ඇස අග, 28, සුළඟ අප රැගෙන යාවි , උසාවිය නිහඬයි වැනි හොඳ චිත්‍රපට 2016 ඉඳන්ම ඇවිත් තියනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒවා පෙන්වන්න චිත්‍රපට පෝලිමේ සිටින්නට සිදුවීම මිසක් චිත්‍රපට හදන්නේ නැතිකම නෙමෙයි. විශාල මුදලක් වැය කරලා සිනමා පටයක් නිර්මාණය කරලා රජයේ කවුද නිලධාරී ගොන්නක් සිනමා හලක් දෙනතුරු අවුරුදු ගණන් ඉන්න ඕනේ . ප්‍රශ්නය තියෙන්නේ එතැන මිසක් සිංහල සිනමාවේ නෙමේ.'

    පෝලිමේ ඉදං හරි චිත්‍රපටය පෙන්නුවට ඒක බලන්න මිනිස්සු යන්නේ නෑ. ඒකයි ගැටලුව. දැන් මේ දවස් වල පෙන්නන්නවා මැතිව් කියන චිත්‍රපටය ලංකාවේ. මේක ගොඩක් තැන්වල දවසට එක පාරයි පෙන්නන්නේ. මොකද මිනිස්සු නෑ මෙව්වා බලන්න. සමහර වෙලාවල මිනිස්සු නැති නිසා ෆිල්ම් එක පෙන්නන්නේත් නෑ.

    දැන් ලංකාවේ චිත්‍රපට බලන්නේ මිනිස්සු කියෙන් කියද? හොදටම පීක් එකේ දුවන චිත්‍රපටයක් උනත් ලංකාවේ උපරිම දවස් පෙන්නලා කෝටි 10 ක් හොයන්න බෑ. අජිත් කියලා තියෙන ෆිල්ම්ස් සේරම ලංකාවේ ෆේල්. මිනිස්සු බැලුවේ නෑ. චිත්‍රපටියේ ගානවත් හොයාගන්න බැරි උනා.

    ලංකාවේ මිනිස්සු කල්පනා කරනවා ඇති පවුල පිටින් චිත්‍රපටයක් බලන්න ගිහිං අඩුම තුන් හාරදාහක් වියදම් කරනවට වඩා ඒ සල්ලි වලින් වෙන දෙයක් කරන එක හොදයි කියලා.


    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවේ සත්‍යතාවයක් තිබෙනවා.
      මේ චිත්‍රපට ගොඩක් කල් බලන් ඉන්න දෙන්නේ නැතිව හදපු කාලෙම පෙන්නුවා නම් මිනිස්සු බලන ප්‍රමාණය වැඩි වෙනව කියලයි මම හිතන්නේ, එම කාලය පහු වුණාම කතාව එපමණ අදාල නොවෙන ගතියකුත් එනවා. මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. චිත්‍රපටයක් හදල අවුරුදු ගණනක පෝලිමේ ඉන්න වෙන එක අන්ත අසාධාරණයි.
      මිනිස්සු බලන්න යන්නේ නැති එකට කියන්න තියෙන්නේ ටිකට් වල ගාණ අඩු කරලා පෙන්වන චිත්‍රපට වැඩි කරන එක. ලංකාවේ රුපවාහිනියේ පෙන්වන කසිකබල් ඉන්දියානු සෝප් ඔපෙරා නවත්වන එක නෙමෙයිද?

      Delete
    2. තව එකක් තමයි චිත්‍රපට ශාලා වල පහසුකම්,පිටරටකදී අපි චිත්‍රපටයක් නරඹන්න යන්නේ ඒක සරලවම කිව්වොත් සමස්ත අත්දැකීමම ආතල් එකක් නිසා ,චිත්‍රපට ශාලා ඇති නවීන විදිහට හදලා තියෙනවා ,නැචෝස්,පොප් කෝන් සහ එවැනි කෙටි කෑම බිම තියෙන දර්ශනීය ආපනශාලාවක් තියෙනවා ,ශාලාවේ අසුන් පනවා තියෙන පිළිවෙල ඒවායේ සැප පහසුව ,චිත්‍රපට ශාලාවේ තියෙන සවුන්ඩ්ස වල කොලිටිය, මේ ඔක්කොම එකතු උනාම චිත්‍රපටයක් පුළුල් තිරේ නැරඹීම වෙනස්ම අත්දැකීමක් ,දැන් අපේ රටේ බලමුකෝ කැඩිච්ච ලි ආසන ,ඉඳගෙන ඉන්න තියෙන අපහසුව පැත්තක දාන්නකෝ ,සමහවිට මකුනොත් ඉන්නවා , කැන්ටිමේ එළියේ ගානට වඩා දෙගුණයක් ගෙවලා ගන්න තියෙන්නේ මොනාද,වැසිකිලි පහසුකම් එහෙම ගන්න දෙයක් තියෙනවද ,ඔක්කොටම වඩා හෝල් එකේ සවුන්ඩ් සහ පික්චර් කොලිටි එක ,මෙහම උනාම කවුද චිත්‍රපට බලන්න හෝල් වලට යන්නේ , ගෙවල් වල හෝම් තියටර් ප්‍රොජෙක්ටර් ,අඟල් පනහේ විතර ටීවී ,ලැප්ටොප් තියෙන කාලෙක ටොරන්ට් එකකින් කැමති ෆිල්ම් එකක් බාගෙන ,අඩියකුත් ගහන ගමන් සුව පහසු අසුනක හිඳගෙන චිත්‍රපටය බලන්න පුළුවන්නේ, ඕකයි ඇත්ත තත්වේ , කොහොමටත් තව කාලෙකදී අද පවතින ටීවී රේඩියෝ චිත්‍රපට ශාලා ඔක්කොම අහෝසි වෙනවා මොබයිල් ෆෝන් ,ලැප් ටොප් හරහා මේ ඔක්කොම දේවල් අන්තර්ජාලෙට පැවරෙනවා,

      Delete
    3. සැන්ඩි නැතිව අරක්කු බී, හොදට බොරේ හිටින්නට හදාපු හරක් මස් කරියක් සමග කිරිබත් කා අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරමු !!!

      Delete
    4. හසිත ඔබ කියන දේත් හරි. දැනට ලංකාවේ චිත්‍රපට පෙන්වන තැන හොඳ නැතිව ඇති. නමුත් ඒ කාලේ රීගල් , සැවෝයි , මැජෙස්ටික් හෙම නරක සිනමා ශාලා නෙමෙයි. ඉතින් ඒවල ආයෝජනය කරන්නත් ඕනේ. හැබැයි ඒ සංස්කෘතික පැත්තට යෝජනා හොඳ වෙන්නේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට. එහම් නැත්නම් සමාජවාදී වගේ රජයන් තියනකොට කියල මම හිතන්නේ. සෝවියට් දේශයේ හෙම චිත්‍රපට ශාලා හුඟක් හොඳයි, ඒ වගේම ලාභයි. හැබයි අන්තර්ජාලයේ ගෙවලා බලන සිංහල චිත්‍රපටත් තියනවා නේද.

      Delete
  2. අජිත්
    ප්‍රින්ස් ගුණසේකර මහතා මියගිය බව දැනගන්නට ලැබුණා.වැඩි තොරතුරු දන්නවාද?

    ReplyDelete
    Replies
    1. එතුමා අභාවප්‍රාප්ත වූ බව දැන ගැනීමට ලැබුන

      Delete
    2. වෙනත් තොරතුරක් දැනට දන්නේ නැහැ. දැනගත් ගමන් දාන්නම්

      Delete
  3. කන්නංගර සමුහ ව්‍යාපාරය වෙතින් නව වසරට උණුසුම් සුභ පැතුම්...

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර සමුහ ව්‍යාපාරය

    කන්නංගර හාඩ්වෙයාර්
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර උත්සව ශාලාව
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ
    කන්නංගර බේකරිය
    කන්නංගර වයින් ස්ටෝර්ස්
    කන්නංගර රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්
    කන්නංගර උකස්‌ බඩු ගන්නා ස්ථානය

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවුක ඉංජිනේරුවරයා.

    ReplyDelete
  4. අන්ත දක්ෂිනාංශික ධනපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා රට පුරා ඇති පන්සල් වන්දනා මාන කිරීම පටන් ගැනීම ගැන අජිත් ධර්ම මහතාගේ අදහස කුමක්ද? ඔබතුමා ධනපති එක්සත් ජාතික පක්ෂයට නේද ලැදි?

    ReplyDelete
    Replies
    1. ඇනෝතුමා, මම හිතන්නේ රනිල් මහතා ඔය කරන්නේ රාජපක්ෂ මහතා කරන දේමයි කියා. ලංකාවේ සිංහල බෞද්ධ මනසිකවත්වය තියෙන අය තමන්ගේ පැත්තට ගත යුතුය කියන මානසිකත්වයේ ඉන්නවා ඇති. මම එජාපයට ලැදියි කියන කතාව ආවේ කොහොමද දන්නේ නැහැ. මම ප්‍රජාතන්ත්‍රවාදිව හැසිරෙන ඕනෑම දේශපාලනඥයෙකුට හා පක්ෂයකට කැමැත්ත දක්වනවා. කිසියම් සහයෝගයක් දක්වනවා නම් දක්වන්නේ දීප්ති කුමාර ගුණරත්න මහතාගේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට පමණයි. ඒ ඔවුන්ගේ මනෝ විශ්ලේෂණය පිලිබඳ අධ්‍යාපනික වැඩ නිසා.

      Delete
  5. ඉහත මා ප්‍රතිචාර පළ කළ ඇනෝ ලා නොව කුණුහරපෙන් කොමෙන්ට් එවන මෝඩ , නූගත් අශිලාචාර ඇනෝ පඟර නැට්ට,
    (මේ ඇනෝ ලියන දේවල්ම ඔහුට නැවත ශිලාචාර භාෂාවෙන් ලිවීමක් බව කරුණාවෙන් සළකන්න)
    තොගේ මුළු පවුලටම හෙන වැදේවා, තොට විතරක් නොවෙයි පවුල්වල එවුන්ටත් හෙනගහනවා , නුවර සිට එනවිට වාහනය පෙරලියන්, තොට මන් පොල් ගෙඩියකුත් ස්පගැටි මන්ස්ටර් දේවතාවුන් වහන්සේගේ දේවාලයේ ගහලා ඉල්ලා සිටිය තොගේ හිස හත් කඩකට පැලියන් කියල. මට කියන හැම දේම තොට වැදියන්

    ReplyDelete
    Replies
    1. එම ඇනෝ ටම:
      දිනක් බුදුන් වහන්සේ කුඹුරක් මැදින් ගමන් කරමින් සිටියහ. උන්වහන්සේ සමග ආනන්ද හිමියෝ ද වැඩියහ. කුඹුර මැද දී බුදුන් වහන්සේ ගේ මුඛයට සිනාවක් පහළ වෙනු දුටු ආනන්ද හිමියෝ “ඒ කවර හේතුවක් නිසාදැ”යි බුදුන් වහන්සේ ගෙන් විමසූහ.

      මක්නිසාද යත් සිනාසීම වර්තමානයේ අපිට ඒ තරම් සැළකිය යුතු කටයුත්තක් නොවුවත්, බුදුන් වහන්සේ සිනාසෙන්නේ කුමන හෝ අරුතක් පසුබිම් කර ගනිමිනි.

      ආනන්ද හිමියන්ගේ පැනයට පිළිතුරු දෙන බුදුන් වහන්සේ “ආනන්ද. අප යන මේ මග අසල කුම්භාණ්ඩයෙක් වාඩි වී සිටී” යැයි උන්වහන්සේ කීහ.

      කුම්භාණ්ඩයා කුම්භ + අණ්ඩ යන වචන දෙක් එක්ව සැකසුනු වචනයකි. කුම්භ+ අණ්ඩ හෙවත් “කළගෙඩියක් වැනි වෘෂණ කෝෂ ඇත්තා” යන්න එහි අර්ථයයි.

      “ඉතිං සිනා පහළ කළේ ඇයිදැ”යි ආනන්ද හිමියන් විමසූ කළ බුදුන් වහන්සේ “මේ කුම්භාණ්ඩයා වාඩි වී සිටින්නේ ඔහුගේම විශාල වෘෂණ කෝෂ මත” යැයි පැවසූහ.

      “ඔහු මේ ආත්මයේ එසේ ඉපදී ඇත්තේ කවර හේතුවක් නිසාදැ”යි ආනන්ද හිමියන් විමසන කල්හි ඊට පිළිතුරු දෙන බුදුන් වහන්සේ “මොහු මේ නගරයේ විසු ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ඔහු විසින් නිවැරදි පුද්ගලයින්ට අතිශය අපහාස උපහාස සෝපාහාස කළ අයෙකි. ඔහු කළ පව් නිසා අද ඔහු අන් පිසාචයින්, පෙරේතයින් පමණක් නොව කුම්භාන්ඩයින්ගෙන්ද අපහාසය හා උපහාසයට ලක් වන්නේ යැ”යි කීහ.

      Delete
  6. රට ජාතිය ගැන බේගල් ලියලා දේශපාලන වාසිතකා කටුකන කුක්කෝ තොග ඔය අදෝනාව කන්නලව්වේ ලංකාවේ දෙවිවරු අහයිද? තෝ පර ගැති කමට සංක්‍රමණය වෙලා කුම්භාණ්ඩ යෙක් වගේ නැවත ශ්‍රීලංකාව වෙත බැල්ම දාන්නේ අහවල් බිජ්ජ මිරිකන්නද

    තොගේ මුළු පවුලටම හෙන වැදේවා, තොට විතරක් නොවෙයි පවුල්වල එවුන්ටත් හෙනගහනවා , නුවර සිට එනවිට වාහනය පෙරලියන්, තොට මන් පොල් ගෙඩියකුත් ස්පගැටි මන්ස්ටර් දේවතාවුන් වහන්සේගේ දේවාලයේ ගහලා ඉල්ලා සිටිය තොගේ හිස හත් කඩකට පැලියන් කියල. මට කියන හැම දේම තොට වැදියන්

    අපි තොපට ගම්මිරිස් අඹරන්නේ සීනිගම දේවාලේ ඇඹරි යන්න. දකුණේ අපි යකුනටවත් බය නැ බිජ්ජෝ

    තෝ කිසිම ආගමක් අදහන නැති secular පරපොශිත්යෙක් තෝ දැන් අපිට බුදුන්ගේ ධර්මයෙන් බණ ටෝක් දෙන්නේ හරි හරියට බුද්ද දර්මය පිළිපදිනවද උබ ත්‍රිවිදරත්නයට ගරුකකරනවද කවද්ද උඹ අන්තිමට ලන්ඩන්වල තියන් විහාරයටගොස් මලක් බුදුන් වෙනුවෙන් පිදුවේ.
    තෝ ගැනිට බයේ secularවෙලා අපිට බන කියන්න තොපි ලංකාවේ දුගී ජනතාවගේ බදු මුදල්වලින් ඉගෙන ගත්තනම් ඒ ගිය වියදම පියවපන්

    ඇයි මේවා පළකරන්නේ නැත්තේ තොගේ පුකෙන් ගු බඩයනවා ලාංකිකයෝ උඹේ කෙරුවාව ගැන දැනගත්ත වීට තොපේ අධිරාජ්‍යවාදී සංකල්ප කුමන්තරණ වලට තවත් මෙ රටේ අපි ඉන්නකම් ඉඩදෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇනෝ උඹට හුණූ බිජ්ජක තරම්වත් මොළයක් නැහැ කියල පෙන්වන්න මම මේ කොමෙන්ට් එක පළ කරන්නේ. නැත්නම් උඹට අඬන්න දීල ඉන්නවා. මෝඩයෝ Flying Spaghetti Monster කියන්නේ අදේවවාදීන්, උඹල වගේ බුරුවන් අනිකුත් රටවල් ඉන්න නිසා උන්ට හිනාවෙන්න හදපු ආගමක් විතරයි. යකෝ සීනිගම නෙමෙයි ඕන ලබ්බක අඹරගනින් මට කිසි දෙයක් වෙන්නේ නැහැ. උඹට හෘදයාබාධ හැදෙයි උඹ තරහෙන් ක්‍රෝධයෙන් උතුරන නිසා. උඹේ කොමෙන්ට් වලින් ඒක පේනවා. . මා ඉතාම ප්‍රීතියෙන් පවුලේ අය සහ යහළුවෝ සමග අලුත් අවුරුද්ද සැමරුවා. උඹ මම ලියපු ඒවාට බය වෙලා. උඹ මේ දවස් වල හිටියේ නුවර කියල මම දන්නවා. බුද්ධ ධර්මය ගැන මම ලියපු එකක් පහළ දානවා. කියවල ඉගෙන ගනින්. මොකද උඹලට වෙලා තියෙන්නේ පොඩි කාලේ මහන කරලා ලොකු වෙලා කාර් පර්මිට් විකුණමින් නොයෙකුත් බිස්නස් කරන දේශපාලන හාමුදුරුවරු පස්සේ ගිහිල්ල අසමජ්ජාති වෙලා. මගේ මහලු මවට පවා අශිලාචාර කුණුහරප කියන්න තරම් උඹ කුම්බකරණයෙක් වෙලා ඉන්නේ ඒ නිසයි. අපි උඹලට අනුකම්පා කරනවා. යකෝ මම secular වුනේ ලංකාවේ ඉන්දෙද්දී. දහයේ පන්තිය විභාගේ කරද්දී. උඹ මගේ පොල්කට්ටෙන් එපිටට පොත කියවපන් විස්තර තියනවා. යකෝ පළ කරන්නේ නැත්තේ කුණුහරප නිසා. නැතිව උඹට බයේ නෙමෙයි. උඹල වගේ ඇනොනිමස් පඟර නැට්ටන්ට බයනම් මේවා ලියනවද . උඹට හසිත සමගත් අනිත් අය සමගත් සංවාද කරන්න බහ. දන්නේ නැහැ. එනිසා උඹට ලෙහෙසිම දේ කුණුහරප කියන එක. අපහස කරන එක. උඹල වගේ ගෙවලයෝ බ්ලොග් වලට කලින් කලට එනවා. ඒ පෙරේත ආත්මේ ඉවර වුනහම තව කාගේ හරි ෆේස්බුක් එකවුන්ට් එකකට වහ වැටෙනවා. උඹලට කන්න බොන්න ලියන්න කියවන්න දන්නේ නැහැ. පෙරේත ආත්මෙක ඉන්නේ. ඊළඟ සැරේ උඹට බ්ලොග් අනුමෝදනාවක් කරන්නම් . හේ හේ

      Delete
    2. ස්පගැටි මන්ස්ටර් දේවතාවුන් වහන්සේ
      Flying Spaghetti Monster

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .