Thursday 1 November 2018

සියාමා ලත් ප්‍රතිචාර - බෝ සමරතුංග , නිපුන ප්‍රනාන්දු , ප්‍රසන්න සමරසේකර

පළමුව ගත් පොත නැති වී ඉන්පසු නැවත අද ඉයන් ලින්තොට අයියාගෙන් කෘතියක් තෑගි ලැබුණි. මා එය යුහුසුළුව කියවන්නට පටන් ගත්තේ ගෙදර යන ටිකට වාහනයේ සහ ජංගම දුරකථනයේ එළියෙනි.

පොත ලියා ඇති සරල මෙන්ම කියවිය හැකි ආකෘතිය නිසා එය එක හුස්මට කියවාගෙන ගියෙමි . 

61 වෙනි පිටුවෙන් ඔබ්බට යා නොහැකිව, බොහෝ බරැති සුසුම් සමගින් කඳුළු සැළුවෙමි.  හැම රටකම විනාශ වී යන විනාශ කරන දරුවන් ගැන සිහි කරමින් හැඬුවෙමි. 
අන්ත විනාශකාරී ආගම් අන්තවාදය මේ ලොවින් තුරන් විය යුතුම ය. හිත හදාගෙන පොතම කියෙව්වෙමි.

මෙය ඔබ කියවිය යුතුම බව මතක් කරමි.

තබ බිරිය හෝ දරුවා මැරුණත් කම් නෑ කියා ඇඳ ඉහපතේ සීසර් සැත්කමට විරුද්ධව අත්සන් තැබූ අන්තවාදය ද ගැහැණු දැරිවියන් වැඩි විය පැමිණි සැනින් විවාහ කර දෙන්න යැයි කියන්නාවූ අන්තවාදයද මා දැඩිව පිළිකුල් කරමි. 
කාන්තා සුන්නත් කිරීමට පක්ෂව වෛද්‍ය මතය ලියන්නට තරම් අඳබාල සමාජයකි. අලුත උපන් බිළිඳා ප්‍රතිශක්තිකරණයට විරුද්ධයැයි කියනා දහඅට වියැති මව්වරුන්‍ ය. 
අවාසනාව නම් ඒ සමාජ වලද උගතුන් බිහි වුනද ඔවුන් ද ඒ ආගමික අන්තවාදයට නතුව කල් ගෙවන එකය. වරද ඇත්තේ අන්තවාදය තුල මිසක ආගම හෝ දර්ශනය තුල නොවේ.

එවන් සමාජවල දහසක් කාමාතුරයින්ගේ ආශාවන් පිනවීමට විනාශ කරනා මල් කැකුළුය.
ගැහැණුන්ට දරුවන්ට දැරිවියන්ට අන්ත අසරණ දුකක් විඳ මියෙන්නට සිදුවෙනවානම් එවැනි රටවලට අත පොවන්නට ශිෂ්ට යැයි සම්මත ජාතීන් හෝ ජාත්‍යන්තර සංවිධාන වලට නොහැකි ඇයි දැයි මේ පොත කියවද්දී මසිතේ පැන නැඟි ප්‍රශ්නයකි.

අපේ වාසනාවට එවන් අන්තවාදීන් මැද නොඉපිද , නිවහල් නිදහස් මානව හිතවාදී දහමක් මූලික කරගෙන කල් ගෙවමි. එනමුදු එහෙව් මානව හිතවාදී දහමෙහි නාමයෙන්ද සමාජය කෙළසන අන්තවාදීන්‍ බොහෝ ය. බොදු කිතුනු ඉස්ලාම් හින්දු මේ කවර ආගමක හෝ වේවා අන්තවාදීන් සහ අන්තවාදී ඉගැන්වීම් අපි පිළිකුල් කර බැහැර කරමු.
සියාමා... සමාජය වෙත කෙරෙන එවන් මතක් කිරීමකි.  දරුණු මග හැරීමක් පෙන්වාදීමකි. 

Lost my copy of සියාමා the novel of Ajith Dharmakeerthi ,  from the book fair... as i was reading it while traveling to work.
Got a book gift from Ian lintota aiya.... started reading it from where i left off...with my phone light.
I was stuck in page 61, heart throbbed with immense pain remembering all the innocent lives and little souls destroyed by so called religious or political goons,rapists and psycopaths. Ended up crying ....
සියාමා Is a must read ! 
nocountry , no society should let this happen to its children ! 

සියාමා
අජිත් ධර්මකීර්ති 
අහස ප්‍රකාශන
මිල රු 350
-වෛද්‍ය බෝධිනි සමරතුංග

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැහෙන කාලෙකින් කියවපු නියම (පට්ට) පොතක්.
කවදාවත් මෙහෙම නවකතාවක් කියවන්න හිතුවේ නෑ. පරිවර්තන වලින් දකින ලෝකෙට නවකතාවකින් යන්න පුළුවන් උන එක ගැන තියෙන්නේ මාරම සතුටක්'
උත්සවයේදී ගොඩක් අය කිව්වේ පොතේ කතාව එක පාරට කියල ඉවර කරලා කියල. ඒ උනාට එහෙම කරපු නිසා මේ කතාව හිතට දැනෙන ගතිය වැඩි වෙලා තියෙනවා.
මේ පොත තුලින් කිසි දිනක නොදුටු පැත්තක් පෙන්නුම් කිරීම ගැන බොහෝම ස්තුතී...

තවක් මෙවන් කතාවක් ලිවීමට ශක්තිය ලැබේවා,,
- නිපුන ප්‍රනාන්දු

ඔබ තිලිනකල සියාමා කියවා නිමකල වහාම ස්තුතිය පල කරන්නට සිතීමි. අතිශයින්ම කෘර අත්දැකීමකට ලක්වූ යුවතියකගේ කතාව මෙතරම් චමත්කාර ලෙස ගොනුකිරීම ඔබේ ප්‍රතිභාව මනාලෙස හෙලිකරන බව පෙනේ. වියමනේ ඇතැම් තැන්වල යම් වාර්තාමය ස්වරූපයක් පැවතීම මෙහි රිද්මයට බාධාවක් වී ඇතැයි හැගෙන නමුත් ඇතැම් විට මෙය ඔබේ ප්‍රකාශන ශෛලිය වන්නටද පිලිවන. හිංසනයට අන්තවාදට එරෙහි ඔබේ මානව ප්‍රේමය කෘතිය පුරාම දකින්නට හැක. 

සුබ රාත්‍රියක්!

ප්‍රසන්න සමරසේකර 

11 comments:

  1. සියාමා කතාව බ්ලොග් එකේ ගියා ද? පොත ගෙන්න ගෙන කියවන්නම්. මට අජිත් ලියපු මේ අදහස තියෙන සංවේදී කතාවක් ගැන මතකයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සියාමා බ්ලොග් එකේ නොකියෙව්ව එක නම් අන්ඩස්ටෑන්ඩබල්. ඒත් මේ ලඟදි ඒ ගැන පෝස්ට් හා එෆ් බී කතා නොදැනගැනීම අන්විස්වාසබල්.

      Delete
    2. යකඩෝ වස ලැජ්ජාවයි... කලින් පෝස්ට් එකේ අජියා නමත් එක්කම දාල තියෙනවා. උඹල දෙන්න මේ ගන්න ආතල් එක මොකක් ද බලනකොටනේ ඒක මීටර් වුනේ... හෙහ් හෙහ් හෙහ්

      Delete
    3. මොනවා කියන්නද මට නම් නැත වැටහෙන්නේ :)

      Delete
  2. පැතුමට විශ්වාස භංගයක් ගේමු ,

    ReplyDelete
    Replies
    1. OK boss.... කීයක් දෙනවද?

      Delete
    2. අනේ එහෙම කරන්ඩ එපා ෆෙන්ස්... මම මේ අජියගේ බ්ලොග් එක පැත්තේ ආවේ කාලෙකින්..

      මට විස්වාසේ විතරයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ එකත් බංග උනොත් එහෙම වැලේ වැල් නැතුව යනවා පෙන්ස්..

      Delete
    3. OK Mr.Herath.....කීයක් දෙනවද?

      Delete
    4. බහුතරය එනකම් පොඩ්ඩක් ඉන්න බැරිද මිස්ටර් ප්‍රා? බහුතරය ආපු ගමන් සලකන්නම්

      Delete
    5. මේ තවත් අගමැති කෙනෙක්ද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .