Monday 5 November 2018

ලංකාවේ වර්තමාන තත්වය

පුදුම වැඩක් කියන්නේ අපිත් එක්ක හිටිය හොඳ බ්ලොග් යාලුවෝ පවා කියන්න පටන් අරන් - මේ ඔයාල පිටරට නේද ඉන්නේ. ගිය විධිහකට ඉන්න අපි මෙහෙ බලා ගන්නම් කියල. ඒ කියන්නේ දැන් අදහසක් ප්‍රකාශ කරන්නවත් බහ පිටරටක ඉන්නවා නම්. හැබැයි මුදල් එව්වට කමක් නැහැ. මොකද ඩොලර් ,පවුම් වඩාත්ම ඕනේ කාලේ.

ඉතින් මෙදා සැරේ ලංකාවට ගිහින්  සති දෙකක් විතර හිටිය. සමනලවැව සර්කිට් එකට යන අතරමග එක පාරටම  රතිඥ්ඥා පත්තු වෙනවා මග. බලන කොට මහින්ද මහත්මයා අගමැති කරලා. මහියංගනේ දීත් රතිඥ්ඥා පත්තු වෙනව දැක්ක. ඒ ඇරෙන්න කවුරුත් වැඩිය මුකුත් කියන්නේ නැහැ. මිනිසුන් පාඩුවේ තමන්ගේ වැඩ. දේශපාලනය  කතා කරන්නෙත් නැහැ. ජිවත් වෙන්න කීයක් හරි හොයා ගන්න දඟලනවා වැඩි හරියක්.

  සති දෙකකින් පස්සේ තමා හරියටම වෙබ් ලෝකෙට හා බුකියට එන්ටර් වුනේ. මේකෙනේ අප්පා ඔක්කොම පෙරලි.  ලංකා ඊ නිව්ස් එකේ අගමැති - රනිල්,  ලංකා සී නිව්ස් එකේ අගමැති මහින්ද, බුකියේ දැනට මහින්ද හා  අනුර කුමාර අතර තීව්‍ර සටනක්.  අනිත් වෙබ් අඩවි සල්ලි ලැබෙන පැත්ත බලල අගමැති තීරණය කරයි වගේ. විචාරකයෝ වැහි වැහැල. මෙතැනනේ සොමිය.

තිබ්බ ආණ්ඩුව සෑහෙන්න ජන -අප්‍රිය වෙලා වගේ පෙනුන නිසා චන්දයක් තිබ්බ නම් මහින්ද ගේ පොහොට්ටුව  කොහොමත් දිනයි වගේනේ තිබුනේ. ආයි චන්ද තියන්න මහන්සි වෙන්නේ මොකටද කියල මයිත්‍රී හිතන්න ඇති.

මම මේ බැලුවේ දැන් මෙහෙම  බල අරගලයක් ඇවිත් , ධනවාදයේ අර්බුදයක් ඇවිත් අර කවුද කිව්වා වගේ විෂය මූලික තත්ව සාක්ෂාත් වෙලා තියෙන කාලෙක - කෝ යකෝ වම කියල.
[දීප්ති කුමාර ගුණරත්න කියනවා හිච්කොක් ගේ psycho බලන්නලු. නෝර්මන් බේට්ස්  කියන්නේ සිරිසේන ජනාධිපතිටද ?]

අර  කාල් මාක්ස් කිව්වයි කියනවා නේද නැපෝලියන්ගේ 18වැනි බ්රුමියෙර් ගැන කියද්දී History repeats itself ... first as tragedy, then as farce - ඉතිහාසය පුනරාවර්තනය වන්නේ පළමුව ඛේදාන්තයක් ලෙස හා දෙවනුව ප්‍රහසනයක් ලෙස කියල.

1983 දී ජනාධිපති ජේ ආර් ජයවර්ධන කිසිම සාධාරණ හේතුවක් නැතිව ජවිපෙ ඇතුළු පක්ෂ තුනක් තහනම් කරනවා ප්‍රජාතන්ත්‍ර විරෝධීව. ඉන්පසු ඇතිවූ ඛේදාන්තය තමයි 88-89 (අජිත් පැරකුම් ජයසිංහගේ කේ පොයින්ට් කියවන්න).එතකොට ද්‍රවිඩ එක්සත්  විමුක්ති පෙරමුණු  මන්ත්‍රීන් පාර්ලිමේන්තුවෙන් තහනම් කරනවා.  අද ඔහුගේ බෑණා  රනිල් වික්‍රමසිංහ සඳහා (ඔහුගේ වරදක්ම නොවේ) ප්‍රජාතන්ත්‍රවාදය රකින්න වෙලා තියෙන්නේ ජවිපෙට සහ ද්‍රවිඩ ජාතික  සන්ධානයට. මේක එක්කෝ අර මිනිස්සු  කියන විධිහට කරුමයක් තියනවා නම් පල දෙන්න ඕනෙලු වගේ එකක්. නැත්නම් මාක්ස් කිව්වා වගේ  ප්‍රහසනයක් (farce එකක් ) වගෙයි මට පේන්නේ. තිබුන ආණ්ඩුව මහා මැතිවරණයක් තිබ්බ නම් පරදින තැනක හිටියේ කියල මතයක් තියනවා.

නමුත් අනුර කියන මෙන්න මේ කතාවට එකඟ වෙන්න පුළුවන්.
//“මහින්ද රාජපක්‍ෂත් මෛත්‍රීපාල සිරිසේනත් පෙන්නුම් කරමින් තිබෙන්නේ වරදාන, වරප‍්‍රසාද ලබාදී, කළු සල්ලි ලබාදී ආණ්ඩු හදන්න පුළුවන් කියලා. එම නිසා එම කුමන්ත‍්‍රණය පරාජය කළ යුතුයි. අපි කථානායකවරයාට කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. මොකද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. බලය ලබාගැනීමේ කුමන්ත‍්‍රණයේම කොටසක් වන පාර්ලිමේන්තුව කල් දැමීමේ කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. කළු සල්ලිවලින් ආණ්ඩු හැදීමේ කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි.//

හැබැයි ඔහොම සල්ලි සඳහා මාරු වීම ප්‍රධාන පක්ෂ දෙකම කළා කියලයි මම හිතන්නේ. ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රජාතන්ත්‍රවාදය රැක්කේ නැහැ.

උපුටා ගැනීම: මෙතැනිනි. 

43 comments:

  1. You are 100% correct, no one in politics want to change the law to stop jumping. Current UNP govt change the law to protect PM from Executive President that's all, they all want to keep the door open for jumping. Even current speaker Karu Jayasuriys jump with 21 of UNP to Podu Peramuna Govt. We Sinhala have short memory.

    ReplyDelete
    Replies
    1. ඔව් මුලින්ම කරන්න තිබ්බේ "පැනිල්ල " ව්‍යවස්ථාවෙන් තහනම් කරල ඔය කියන ප්‍රජතන්ත්රාදය සුරකින එකනේ. කරුත් කළා යුද්ධයට සහය වෙන්න නේද. එතන සල්ලි මාරු වුනාද දන්නේ නැහැ. නොවුනා කියල කියන්නත් බැහැ.

      Delete
  2. මේ සිද්දියෙන් පස්සෙවත් මිනිස්සුන්ට මේ පාරම්පරික හොරු සෙට් එක නැතුව අලුත් මිනිස්සු ටිකකගේ අවශ්‍යතාවය දැනුනොත් හරි

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙමයි.

      Delete
  3. “He that walks into the political marsh cannot come out with polished boots.”
    ― J. Norville Clarke

    ReplyDelete
    Replies

    1. BUT
      “From the day to till the day there are two humans living together they were and they will be involved in political process.”
      ― Zaman Ali

      Delete
  4. සිරිසේනගේ පිස්සු නැටිල්ලෙන් වෙන්නේ රටම විකාරයක් වෙන එකයි.අන්තිමට උන් හැමෝම දිනුම්,රට පරාදයි.

    ReplyDelete
    Replies
    1. විකාරයක් වෙලා ඉවරයි. සමහරවිට චන්දයක් තිබ්බනම් මහින්ද දිනන්න තිබ්බ අත උඩින් දකුණේ

      Delete
  5. පුදුම වැඩක් කියන්නේ අපිත් එක්ක හිටිය හොඳ බ්ලොග් යාලුවෝ පවා කියන්න පටන් අරන් - මේ ඔයාල පිටරට නේද ඉන්නේ. ගිය විධිහකට ඉන්න අපි මෙහෙ බලා ගන්නම් කියල. ඒ කියන්නේ දැන් අදහසක් ප්‍රකාශ කරන්නවත් බහ පිටරටක ඉන්නවා නම්. හැබැයි මුදල් එව්වට කමක් නැහැ. මොකද ඩොලර් ,පවුම් වඩාත්ම ඕනේ කාලේ......./////

    ලෝටස් අජී ඔයා බබා...
    හරියට ඔයා පවුම් ඩොලර් දහස් ගණන් එවනවා වගේ කතාව ඔය පොමි /ඔසී/ කැනඩා/ යැංකි සංක්‍රමණයකරලා සල්ලි දීලා නැවත ලංකාවේ පුරවැසිබව ගත්ත දෙබිඩ්ඩෝ ඔක්කොම එකයි
    ඔයා එවන්නෙත් NGO සල්ලි ඊටපස්සේ ඒ එවන මුදල් චරටි වැඩ වලට ආධාර වියදම් කියලා
    තමාගේ ඉපයුම් මුදලෙන් එය අඩුකරගන්න , ටැක්ස් රිටන් එක හදන කොට තමන්ගෙන් මුදල් පුණ්‍යාධාර අරමුදල්වලට ලබාදුන්නා කියලා ටැක්ස්කේලම් කරලා බදු සහන ලබාගන්නවා

    ඕවා ලංකාවේ බුවාලා දන්නේ නැති වුනාට ලංකාව්ඇල්බට් ලා දන්නවා ...කොහොමද එක
    අපි නොදන්නා charity work ඔව්වා වියට්නාම් එවුන්ට කියාපන් චීන්නු දැන් කොන්දේ බඳින්නෙ නෑ බූ ගානවා ලෝටස් අජ්ජෝ

    කෝකටත් මහින්ද බැන්දුම්කරේ අදිනකොට ඇලෝශියස්ගේ චෙක්වලින් සල්ලි ගත්ත නෙලුම් යායේ සංවිධානය නඩේ ඉහල උසාවි යනකොට වරෙන්තුව හම්බව්යි

    ඊටපස්සේ හොර ඔප්පු ලියපු ලන්ඩන් පැනපු බුවාට රෙඩ් නෝටිස් වැදුනාවගේ අජියගේ නමත් ජාත්‍යන්තරේට ගියාම සැප කනේ ලාම්පුව ලිඳේ වගේ ඉන්න. අපොයි දුදරුවෝ දුකයි සාන්ත !

    ReplyDelete
    Replies
    1. ඔය කියල තියන්නේ මම ගැන විතරද බං , පිටරටවල ඉන්න හැමෝම ගැන , පිටරටවල් ඉන්න එවුන් එවන මුදල් හතරවෙනි තැන තියෙන්නේ ලංකාවේ ආදායම් බැලුවම. ලංකාව ගත්ත නය සර්විස් කරන්නේ එවලින්. ඒ සල්ලිවලින් කකා ඒවාටම ගරහන පරපෝෂිතයෝ.
      කොහෙද බං ඔය කියන NGO කා වැඩ තියෙන්නේ. මටත් හොයල දියං. ලංකාවේ ඉන්න එවුන් එවුන් තමයි NGO කාක්කෝ .
      නෙළුම් යාය වගේ රුපියල් ලක්ෂයේ ෂෝ එකකට එකකට ඔය සල්ලි ගත්ත කියල ඔප්පු කරල හිටපන්කෝ ඉස්සෙල්ල. ගොන් කතා නොකිය.

      Delete
    2. උඹ වගේ සංකර්මිකයෝ කවදා බන් උපයන මුදල එවන්නේ ලංකාවට. කාලා කටු දානවාවගේ සොච්චමක් එවනවා. එකට මැදපෙරදිග ගිය ලාංකික ශ්‍රමිකයෝ වගේද උඹලත් එකෙන් ගොඩයන්න පුලුවන්ද ...පුන්ඩේ කතානේ මේවා

      ඔය ගත්තෙම නෑ කියාපු නෙලුම්යායේ "" නෙළුම් යාය වගේ රුපියල් ලක්ෂයේ ෂෝ එකකට එකකට "" කොහොමද එක ඔය එන්නේ .... උසාවියේඇත්ත වමාරපන් .... පොමි සිටිසන් නේ බොරු කිව්වොත් පොමියොත් ටොපි කවයි..

      Delete
    3. අනේ නිකන් පලයන් මි හරකෝ යන්න. උසාවි දාපන් ඕන රෙද්දක්. දන්නා රෙද්දක් නැතිව මෙතන තප්පු ලන්න ගත්තේ

      Delete
    4. බොක්ක රත්වෙන කොට හුජ්ජ බර වෙනාවා නේද අජිත් මහත්තයෝ වෙලාව ආවම කාපුවා වමාරපන්. ඉවසපන් නම ගම කතන්දරේ ලංකාවේ මාධයේ පල වෙනකම්
      ඔය චන්ඩි වගේ ටෝක් එතකොට උසාවියේදී කියපන්

      ඔය ලංකාවේ අටවපු නෙලුම්යාය ලිකෙලි නඩේ රැඩිකල්එවුන් කියාපු මාතලන් , අටමා .රණවිරු ලේබල් කමියා ඉවාන්පලුශා පැරකුම්.ඔක්කොම සින් එකට බයේ ඇනෝ මොඩරේට් කරලා තියෙන්නේ බයට.
      මොනෞනත් උන්ට වඩා උඹට කොන්දක් තියනවා ඒ පොමි සිටිසන් හින්දා වෙන්න ඇති.අපි එකට ගරු කරනවා.

      Delete
    5. අනේ ඔව් නේ. මම දැන් බයේ වෙව්ලනවා. බ්ලොගේ වහල දාල සයිබීරියාවට එක්සයිල් වෙන්න යන්නේ.ටය්ප් කරන්න බෑ අත ආඅ අ අ අ වෙව් ව්ව් ලන ...වා. අනේ පලයන් බං යන්න. නම ගම කතන්දරේ පත්තර වල දාන්න මොනවට බය වෙන්නද බං දැන් දාපන්කෝ. ඔය මගේ බ්ලොග් එකේ තියෙන්නේ දාල කරපු හැටි විස්තර ඔක්කොම. මගේ අර පොතටත් පත්තරේක ගියේ ලිපියක්. සම්මාන උත්සව කරලා උසාවි දාන්න කලින්, ඔය සල්ලි අල්ලස් දීලා අලුත් ආණ්ඩුවට ගත්ත එවුන්ව දාපල්ලකෝ උසාවි.
      උඹල දෙගොල්ලගෙම ප්‍රශ්නේ තමයි නිස්සරණාධ්‍යශ්‍යයෙන් මිනිසු වැඩ කරනවා කියල පිළිගන්න බැරිකම. මොකද උඹල පුරුදු වෙලා තියෙන්නේ හොරුන්ට. අනේ මේ පව් නොදී මේවා ගිහින් දාපන් අර සරසගේ බ්ලොගයේ. අනිත් එවුන් ඇනෝ වහල තියෙන්නේ බයකට වඩා මදුරු කරදරේ නිසා, කන ළඟින්ම කුං කුං ගානකොට වදයක්නෙ. දැන් ඉතින් මමත් වහනවා. මොඩරේට් කර කර ඉන්න වෙලා නැති නිසා මමත් ඇරලා දැම්මේ. නමුත් උඹල වගේ ඉන්ටනෙට් එකේ අනුන්ව බුලි කරලා ෆන් ගන්න හදන මානසික රෝගීන් නිසා ඇනෝ වහන්න වෙනවා මොනවා කරන්නද. ගූගල් එකේ වැරැද්ද.
      අර නව අගමැති මහින්ද මහත්මය උදිතට කිව්වා වගේ උඹත් ඇවිල්ල
      "මෝඩ ගොන් යකෙක්"

      Delete
  6. අර චීනෙ උන්දලා වගෙ එකෙක්ව ලයිෆ් ටයිම් පත් කරගත්තනම් වැඩෙ අහවරයි. කණක් ඇහිලා ඉන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. මාත් වැඩේට කැමතියි . පූටින් අනුගමනය කරන්න ගිහින් ඇන ගත්තා වත්ද

      Delete
  7. අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සම්බන්දව අජිත් ධර්ම මහතාගේ මෙතරම් ඇල්මක් ඇයි? ඔබගේ පඩිපත එක්සත් ජාතික පක්ෂයෙන් ලැබෙන නිසාද?

    ReplyDelete
    Replies
    1. රනිලා පිළිබඳව මගේ කිසිම ඇල්මක් නැත. හැබැයි පොර අන්ත දක්ෂිණාංශික නොවේ. එහෙමබැලුවොත් මහින්ද මහතා ඔහුටත් වඩා දක්ෂිණාංශික දේශපාලකයෙකි.මගේ පඩිපත ලැබෙන්නේ මා රැකියාව කරන ආයතනයෙනි. ලංකාවේ ඇතැම් ලියන්නන් සමග සමාන නොකරන්න හේ හේ මේ මම කාලෙකට ඉහත ලියපු එකක

      Delete
  8. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට තමන්ගෙ වැඩක් බලාගන්න කිව්වට දැන් ගේමට බැහැල ඉන්නෙ තානාපති කාර්යාල. මනුෂ නානායක්කාර මහගෙදරට ආපහු ආව වගේ DSගෙ මුණුපුරා වසන්ත සේනානායකත් ආපහු ඒවිද?

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ. හැබැයි ජනාධිපතිව ඔතැනට තල්ලු කලෙත් යහපාලනේ කියාගෙන ඇවිත් ඒ වචනය පවා කෙලසපු එවුන් ටිකක්ම තමා

      Delete
  9. ලංකාවේ තට්ටුමාරු ක්‍රමයේ තවත් කඩඉමක් .

    ReplyDelete
    Replies
    1. ඕක දිගටම ඔහොම තමයි , රටත් ටික ටික දියුණු වෙයි

      Delete
  10. "පුදුම වැඩක් කියන්නේ අපිත් එක්ක හිටිය හොඳ බ්ලොග් යාලුවෝ පවා කියන්න පටන් අරන් - මේ ඔයාල පිටරට නේද ඉන්නේ. ගිය විධිහකට ඉන්න අපි මෙහෙ බලා ගන්නම් කියල. ඒ කියන්නේ දැන් අදහසක් ප්‍රකාශ කරන්නවත් බහ පිටරටක ඉන්නවා නම්. හැබැයි මුදල් එව්වට කමක් නැහැ. මොකද ඩොලර් ,පවුම් වඩාත්ම ඕනේ කාලේ"
    මෙන්න මේක ගැන මට විවේචනයක් තියෙනවා පිටරට ශ්‍රම බලකායේ කොටස් දෙකක් ඉන්නවනේ, මේ රටේ වෙන කර ගන්න දෙයක් නැති නිසා මැද පෙරදිග රටවල් වලට ගිහින් මුදල් හොයන නුපුහුණු ශ්‍රමිකයෝ,පුහුණු ශ්‍රමිකයෝ විදිහට යන්නේ අපේ රටේ පිටරටට යන ශ්‍රම බලකායෙන් සියයට එකක් වගේ මතක විදිහට ,අනිත් පිරිස මේ රටේ උගතුන් යයි සම්මත යුරෝපා රටවල් වල හෝ ලෝකයේ දියුණු රටවල් වල ඉස්තිර පදිංචිය හිමි ,එහි දරු පවුල් නඩත්තු කරන, වසර ගණනාවක් එහි පදිංචිව සිටින ,ඔවුන්ගේ දරුවන් පවා එම රටේ සංස්කෘතියට අනුව හදගැහුණු පිරිසයි,මෙන්න මේ කියන පිරිස දෙනවා ටෝක් ලංකාව ගැන ,සිංහල කම ගැන , මහින්ද ගේන්න ඕනි ,රනිල් ගේන්න ඕනි ,තම්බි මරන්න ඕනි ,දෙමළාට ෆෙඩරල් දෙන්න ඕනි , සමලිංගිකත්වය නීතිගත කරන්න ඕනි නොයෙකුත් ජාති,මේ කියන්නේ ඔබ ගැන නෙමෙයි පොදුවේ ඉහත කියූ කුලකය ගැන,මේ අයගෙන් බොහෝ දෙනෙක් අහන පොදු ප්‍රශ්නය වන එහෙනම් ඇයි ලංකාවේ ජිවත් වෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නයට ලැබෙන පොදු පිළිතුරත් ඔබ දෙන පිළිතුර සහ තව ඒවා ,අපි එවන මුදල් හොඳද,අපි වෙන රටක හිටියට රටට මාර ආදරෙයි වගේ ඒවාය, නමුත් ඇත්ත කථාව ඔවුන් රටට ආදරේ නම් රට හැර යන්නේ ඇයි ,උදාහරණෙකට මම බැන්දේ මෙයා උනාට ආදරේ අල්ලපු ගෙදර කෙනාට කියනවා වගේ කතාවක්ය, බැඳපු ගෑනි පැත්තකින් තියාගෙන අල්ලපු ගෙදර එකීගේ ඇද කුද සෙවීමේ ඇති පලය කුමක්ද ?ඔබට ඇය අයිති නැත ,අතීතයේ ඔබට ඇය සමග ප්‍රේම සම්බන්දයක් තිබුනා විය හැක නමුත් දැන් ඔබ විවාහකය ,ඒ නිසා අල්ලපු ගෙදර ඒකිගේ රෙද්දේ දිග පළල ගැන ,මිනිහා බිලා ගෑනිට ගහනවාද නැද්ද කියන එක ගැන තැන් තැන් වල කියවීමෙන් පලක් නැත ,සමහරවිට ඔබට අඩියක් ගසන ගමන් යමක් ඇය ගැන ලියා නොස්ටල්ජික් ආතල් එකක් ගත හැක ,දෙවෙනි එක මුදල් එවන කාරණය රට ඉන්න අය මුදල් එවන්නේ කාරනා දෙකකටය එක්කෝ මෙහෙ ඉන්න තමන්ගේ නෑදෑයන් හිතවතුන්ගේ නඩත්තුවටය ,නැත්තම් තමන්ගේ දේපලක් නඩත්තු කිරීමට වැනි පෞද්ගලික කාරනයකටය , එහෙමත් නැත්තම් පුණ්‍යාධාර ලෙසය එයත් පෞද්ගලික කාරනාවකි,ඔබ ඒවා එවන්නේ ඔබෙගේ තෘප්තිය පිණිසය ,ඔබේ ලිපියේ අනිත් අන්තර්ගතය සමග එකඟ වන මුත් මේ ඉහත තර්කයත් සමග එකඟ නැත

    ReplyDelete
    Replies
    1. //මේ අයගෙන් බොහෝ දෙනෙක් අහන පොදු ප්‍රශ්නය වන එහෙනම් ඇයි ලංකාවේ ජිවත් වෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නයට ලැබෙන පොදු පිළිතුරත් ඔබ දෙන පිළිතුර සහ තව ඒවා ,අපි එවන මුදල් හොඳද,අපි වෙන රටක හිටියට රටට මාර ආදරෙයි වගේ ඒවාය, නමුත් ඇත්ත කථාව ඔවුන් රටට ආදරේ නම් රට හැර යන්නේ ඇයි// ඔබට මම කොටස් දෙකකකින් පිළිතුරක් දෙන්නම්. තමන් උපන් රටට ආදරේ බවත් රට හැර වෙනත් රටක ජිවත් වීමත් දෙකක්. වෙන රටක වෙන තැනක ජිවත් වුවත් තමන්ගේ මවට පියාට ඇති ආදරය හෝ උපන් රටට ඇති ආදරය වෙනස් වන්නේ නැහැ. තමන්ගේ මව පියා සහෝදරයා තෝරා ගන්නට බහ වගේම උපන් රට තෝරාගෙන වෙන රටක් කර ගන්න බැහැ . ඔබ මිය යන තුරුම ඒ දේවල් රැඳී තිබෙනවා. උදාහරණයකට මම මේ රටේ වෙසෙමින් (එංගලන්තයේ) තවමත් බොහෝ ගෝත්‍රික ලෙස ජාතිවාදය පතුරුවන ලංකාවෙත් ජාතිවාදය පතුරුවන අයට විරුද්ධයි. නමුත් ඔවුන්ගේ මතය පැවසීමට ඇති අයිතියට ගරු කරනවා. ඔබට අයිතියක් නැහැ ඔවුන්ගෙන් එය උදුරා ගන්නට. බොහෝ අය රට හැර යන්නේ ලංකාවේ රැකියා මද කමින්. සමහර ය දේශපාලන අනාථයන් ලෙස . (දමිල අයට 83 සමහර ජේ වී පි යට 88-89 ඒ ප්‍රශ්න තිබුනා ). ඉතින් එහෙම ගියාය කියල රටට ඇති ආදරයේ වෙනසක් වන්නේ නැහැ. සොල්ශ්නිට්සින් මාක්ස්වාදී ක්‍රමයට විරුද්ධ නිසා පිටුවහල් වුනාට රුසියාව කෙරෙහි ඔහුගේ ආදරයේ වෙනසක් වුනේ නැහැ. එනිසා මේ තර්කය සම්පුර්නයෙන්ම වැරදියි. ඔබ කියන කසාද කටහ්ව ගලපෙන්නෙම නැත. දික්කසාද බිරිඳ ඔබට හැර ගිය හැකිය. ඇය ගැන හෝ ඔහු ගැන කතා නොරකර මැරෙන තුරාවට නොබලා සිටිය හැකිය. නමුත් ඉපදුනු රටෙන් දික්කසාද වීමට ඔබට නොහැකිය. එය ඔබ හා බැඳී පවතින්නේ මරණය තෙක්ය.

      Delete
    2. මා දුටු දෙවන කරණය නම් මේ තර්කය බොහෝ විට ගෙනෙන්නේ මහින්දවාදීන් බවයි. ජවිපෙ, පෙරටුගාමී සමාජවාදී සහ යුඇන්පී බොහෝ අය පිටරටවල් සිටින නිසා විය හැක. නමුත් බොහෝ මහින්දවාදීන් ද එංගලන්තයේ ජිවත් වේ. එසේ එංගලන්තයේ සිටින ගමන් එහි නීති රීති වලට ඔවුන් විරුද්ධය. උදාහරණයකට සමරිසි සම්බන්ධකම් පිලිබඳ එංගලන්තයේ ලිබරල් ආකල්ප අඩිය ගත හැකිය. එයාඩ් අඔවුන්ගේ අයිතියකි. නමුත් එසේ සිටිමින් අනිත් අය ශ්‍රී ලනක්වේ දේශපාලන හා නිහී ගැන කරන විවේචන ඔවුන් නොරුස්සති. මට මෙය අතිශයින් විහුලු සහගතය. හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් මහතාද ඇමෙරිකානු පුරවැසියන්ය. එසේනම් ඔබලාට අනුව ඔවුන්ට දේශපාලනය වෙනස් කිරීමට අයිතියක් නැත. ඔව්න් එසේ කර තිබේ. තවමත් සේ කරනු ලබයි. ඔබ ඔවුන්ටත්මේ තර්කය ගෙනෙනවද .

      Delete
    3. //දෙවෙනි එක මුදල් එවන කාරණය රට ඉන්න අය මුදල් එවන්නේ කාරනා දෙකකටය එක්කෝ මෙහෙ ඉන්න තමන්ගේ නෑදෑයන් හිතවතුන්ගේ නඩත්තුවටය ,නැත්තම් තමන්ගේ දේපලක් නඩත්තු කිරීමට වැනි පෞද්ගලික කාරනයකටය , එහෙමත් නැත්තම් පුණ්‍යාධාර ලෙසය එයත් පෞද්ගලික කාරනාවකි,ඔබ ඒවා එවන්නේ ඔබෙගේ තෘප්තිය පිණිසය ,ඔබේ ලිපියේ අනිත් අන්තර්ගතය සමග එකඟ වන මුත් මේ ඉහත තර්කයත් සමග එකඟ නැත // මේ කතාවේ හිල් බොහෝය. 19 වන ව්‍යවස්ථාවේ මෙනි, මේ තෘප්තියට සල්ලි එවන කතාව විකාරයකි. හොඳයි අපි නෑදෑයන් හිතවතුන් ගේ නඩත්තුවට මුදල් එව්වේ නැති මොහොතකට සිතමු. පුණ්‍යාධාර එව්වේ නැති සිතමු.මේ දෙකම මම කරන දේය. පුණ්‍යාධාර නම් සෑහෙන්න අඩු කර තිබෙන්නේ හා NGO කතා නිසාය. මෙන්න ඔබලාට ඔය කියන නඩත්තුව නිසා ලැබෙන මුදල් ප්‍රමාණය. ඩොලර් මිලියන් 562 නොවැම්බර් මාසයේ විතරක්
      Sri Lanka's worker remittances fell 7.27 percent to 6,080 million dollars, in the 11 months to November 2017, down 476 million US dollars from 6,556 million dollars a year earlier, amid a tightening labour market and unrest in the Middle East, official data showed.

      In November expat Sri Lankan workers remitted 562.19 million dollars marginally down from 567.3 million US dollars a year earlier, showing some recovery.
      https://economynext.com/Sri_Lanka_foreign_remittances_down_7.2_pct_up_to_Nov_raising_questions-3-9457-.html
      Remittances in Sri Lanka decreased to 534.20 USD Million in August from 619.30 USD Million in July of 2018. Remittances in Sri Lanka averaged 501.42 USD Million from 2009 until 2018, reaching an all time high of 729.35 USD Million in January of 2018 and a record low of 241.34 USD Million in February of 2009
      https://tradingeconomics.com/sri-lanka/remittances

      මේ සල්ලි ආවේ නැත්නම් මොකද වෙන්නේ කියා හිතුවද ? මහින්ද හෝ රනිල් මහතා චීනයෙන් ගත් මුදල් වල වාරික ගෙවීමට වත් ඔබට නොහැකි වනු ඇත. අපි අපේ ගෙවල් වලට එවන සල්ලි නිසා ඔබට තෙල් මාසයකට ගැනීමට මුදල් ලැබේ. එය GDP එකෙන් 8.25%. ඉතින් අපේ තෘප්තිය අපි වෙන තැනකින් හොයන්න ගත්තොත් ඔබේ GDP වල ඇතිවන හිල වසා ගන්නේ කොහොමද යයි හිතුවාද

      Delete
    4. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙවැනි දෙයක් - මම සාමාන්‍යයෙන් පවුම් 200 මසකට ලංකාවට එවනවා මවගේ බෙහෙත් වලට, දාන මාන වලට හා පුණ්‍යාධාර ලෙස.ඉන් ඇය හෝ ලැබෙන අනිත් අය වියදම් කරන්නේ දේශීයව . එම මුදල් දේශීයව සංසරණ වෙනවා . දේශීය ව්‍යාපාර හා සේවා සපයන්නන්ට මුදල් ලැබෙනවා.දේශීය ආර්ථිකය ඇය සිටිනා ප්‍රදේශයේ සවිමත් වෙනවා . අලුතින් මුදල් ප්‍රමාණයක් ලැබුනහම.මේවා ණය නොවේ.
      දෙවැන්න මම මේ පාර ලංකාවට ආවහම අප හතර දෙනාට ගිය වියදම (හෝටල් වල - සිටීමට මම නෑදෑ නිවෙස් වල ඉන්නේ නැහැ ) ලක්ෂ පහක් පමණ.අපි හයි එන්ඩ් සංචාරකයන් නොවන නිසා . නමුත් ගමන් වියදම්, කෑම බිම ආදිය බැලුවහම ලක්ෂ 8-10 පමණ අපි සති දෙකට වියදම් කරලා තියනවා.ඔබට ලොකු මුදලක් නොවෙන්න පුළුවන්.නමුත් මේවා ඔක්කොම ලංකාවට ලැබෙන සල්ලි . ඒ මාසයේ එංගලන්තයෙන් ලංකාවට 200-300 වත් ආව . රුපියල් ලක්ෂ 100-300 ලංකාවේ ආර්ථිකයට එකතු එනවා.එයින් සෙත සැලසෙන්නේ කාටද? නමුත් ලංකාවේදී අපට සලකන්නේ හොඳ විධිහට නොවේ. .

      Delete
    5. ඔබ කොටස් කිහිපයකින් පිළිතුරු ලියලා තියෙන නිසා එක වර සියල්ලටම පිළිතුරු දෙන්නම්
      පලවෙනි කොටසේ සාරාංශය ඔබ රටට ආදරේ බවත් මවට පියාට කොහේ හිටියත් ආදරේ බවත් රටට ඇති ආදරයද ඊට සමාන බවත් ඔබ පවසයි , ආදරේ පහල වන්නේ හිතේ නිසා එහි ගැටළුවක් නැත ,ඔබ රටට බොහෝ ආදරේ උවත් ඔබ මේ රටේ ජිවත් වන්නේ නැත ,එය දුරස්ථ ප්‍රේමයකි,මා කලිනුත් පැවසු ලෙස මෙය ඔබව පමණක් ඉලක්ක කර ලියුවක් නොවේ බටහිර රටවල ස්ථිර පදිංචියට ගොස් අපේ කම ගැන , සිංහල කම ගැන,ගමේ ජීවිතය ,කෝස් පොලොස් ,තම්බි මරමු වැනි විලම්බීත බුකියේ ලියන සියල්ලන්ම පොදුවේ හිතේ තබාගෙන ලියුවෙකි මෙවැනි ජීවිතයකට දැඩි ලෙස ආසා කරනවානම් එවැනි ජිවිතයක් අත් පත් කර ගන්න ඔවුනට ඇති බාදාව කුමක්ද වරෙන්කො ලංකාවට ඇවිත් ඔය කියන සියල්ල කරපංකෝ ,කවුද එපා කියන්නේ ,හැබැයි බැලුවොත් අවරුදු විස්සක් ඇමෙරිකාවේ ,ලංකාවේ ගමක ජිවත් වෙන්න ආසයි ,එක්කෝ මොනාහරි ජාති වාදී සීන් එකක් ගියාම ලංකාවේ ඉන්නේ පො ...ද වගේ ඒවා අහන සෙට් එකක් ඉන්නවා ,ඇවිත් කරන මගුලක් කරපල්ලකෝ මෙහෙට ඇවිත් බොරුවට නාහෙන් අඬ අඬා ඉන්නේ නැතුව

      Delete
    6. දෙවෙනි කොටසේ ඔබ අහලා තියෙන්නේ ගොටාභය සහ බැසිල් ගැන ඔව් ඔවුන්ටත් මේ තර්කය අදාලයි

      Delete
    7. තුන් වන කොටසේ ඔබ කියන්නේ ඔබ එවන මුදලින් වන සේවය ගැනය ,ඔය මුදලින් සියයට අනුවකට වඩා මදපෙරදීග හවුස්මෙඩ් ලා එවන මුදල්ය,මේ මුදල් නිසා රට ඇදගෙන යාමට ලොකු සේවයක් වන බව ඇත්ත මිත්‍රයා ,හැබැයි ඔබ මුදල් එවන්නේ රට ඇදගෙන යන්න නෙමෙයිනේ නේද ,ඔබේ පෞද්ගලික කාරනා වලටනේ,එහෙම නැතුව රට ගොඩ දාන්න හිතාගෙන නෙමෙයිනේ ,ලංකාවේ ඔබට හොඳ විදිහට සැලකුවේ නෑ කියලා ඔබ කියනවා ඔබට විතරක් නෙමෙයි ලංකාවේ පුරවැසියන් වන අප කිසිවෙක්ට හොඳට සලකන්නේ නෑ ඉතින් ඒක අමුතු දෙයක් නෙමෙයි ,දැන් ඇඟලුම් මහන කෙල්ලෝ ,හවුස් මේඩ් ලා නිසා අපේ රට යන්තන් ගොඩ යනවා ඉතින් ඔය දෙගොල්ලන් ගැනම රටේ තියෙන ආකල්පය ,ඒ අයට සලකන විදිහ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ,උන්ටත් සලකන්නේ නැති එකේ ඔයාට සලකයිද

      Delete
    8. //අපේ කම ගැන , සිංහල කම ගැන,ගමේ ජීවිතය ,කෝස් පොලොස් ,තම්බි මරමු වැනි විලම්බීත බුකියේ ලියන සියල්ලන්ම පොදුවේ හිතේ තබාගෙන ලියුවෙකි // මම හිතන්නේ නැහැ මම එතැන් ඉන්නවා කියල. ලංකාවේ මිනිසුන්ට එක එක ඒවා කරන්න කියල කියන්න කලින් මමත් ඒවාට සහභාගී විය යුතුයි කියන මතයේ මමත් ඉන්නවා. හැබැයි කොස් පොලොස් මැල්ලුම් , අමුල්තියල් වගේම මාළු ජාති කන්න මමත් අසයි. හැබැයි ඒ මම විතරක් නෙමේ එංගලන්තයේ ඉපදුනු මගේ දුවත්, ජර්මන් ජාතික මගේ බිරිඳත් කැමැතියි . ඒක ගැන ආඩම්බර වෙන්න. එහම රස කෑම ජාති හදන කන් පුළුවන් රටක ජිවත් වෙනවා කියල. මේ පාර ආපු වෙලේ මගේ දුව කියපු දෙයක් තමයි එයාලට අවුරුද්දකට දෙකකට සැරයක් වත විත් මාස දෙක තුනක් ඉන්න තැනක් හදන්න කියල.
      //ක්කෝ මොනාහරි ජාති වාදී සීන් එකක් ගියාම ලංකාවේ ඉන්නේ පො ...ද වගේ ඒවා අහන සෙට් එකක් ඉන්නවා ,ඇවිත් කරන මගුලක් කරපල්ලකෝ මෙහෙට ඇවිත් බොරුවට නාහෙන් අඬ අඬා ඉන්නේ නැතුව// මේ කතාවට නම් මගෙත් විරුද්ධත්වයක් නැත.

      Delete
    9. //තුන් වන කොටසේ ඔබ කියන්නේ ඔබ එවන මුදලින් වන සේවය ගැනය ,ඔය මුදලින් සියයට අනුවකට වඩා මදපෙරදීග හවුස්මෙඩ් ලා එවන මුදල්ය,මේ මුදල් නිසා රට ඇදගෙන යාමට ලොකු සේවයක් වන බව ඇත්ත මිත්‍රයා ,හැබැයි ඔබ මුදල් එවන්නේ රට ඇදගෙන යන්න නෙමෙයිනේ නේද ,ඔබේ පෞද්ගලික කාරනා වලටනේ,එහෙම නැතුව රට ගොඩ දාන්න හිතාගෙන නෙමෙයිනේ ,// ඉතින් මනුස්සයෝ මැද පෙරදිග ඉඳන් එවන සල්ලි රට ගොඩ දාන්න එවන්න ඒවාද? නැහැ පෞද්ගලික් කාරනා වලට එවන්නේ. දැන් ඔයා ලංකාවේ රක්ෂවක් කරනවා ඇතිනේ ? රට ගොඩ දාන්නද ජිවත් වෙන්නද? බදු ගෙවනවා නම් ඔයාට කතා කරන්න අයිතියක් තිබෙනවා. ඒ වගේ තමයි අපටත්. ඔයාට කිසිම අයිතියක් නැහැ මට ලංකාව ගැන හෝ වෙන රටක් ගැන කතා කරන්න අයිතියක් නැහැ කියල. එක පාරක් මෙහෙ ඉන්න කුණු සුද්දෙක් ඔය කතාවම මට කියාගන ආව. අපේ රට විවේචනය කරනවා නම් ආපු තැනකට පලයන් කියල. මම උගෙන් ඇහුව උඹ යකෝ ජිවත් වෙන්නේ පිනට අපි බදු ගෙවන සල්ලි වලින්, මම කාටවත් බරක් නැතිව ජිවත් වෙන ගමන් බදුත් ගෙවනවා ඇයි මට කතා කරන්න බැරි මම නිත්‍යානුකුලව ඉන්න රට ගැන උඹ කවුද ඒගැන මගෙන් අහන්න කියල. කට වහ ගත්ත.ඔයත් ඌ වගේ තමා කතා කරන්නේ . ලෝකේ ඕනෙම මිනිහෙකුට වෙන රටක ක්‍රියා ගැන ප්‍රශ්න කරන්න පුළුවන් ඒක තමන්ට බලපානවා නම්. අපි සවුදිය යේමනයට බෝම්බ දානවට විරුද්ධ වෙන්නේ ඇයි ? කටයි පුකයි වහගෙන හිටිය හැකිනේ. ඇමසන් වනාන්තරයේ කොම්පැනි ගස් කපන කොට ඇයි අපි ඒවාට විරුද්ධ වෙන්නේ. උන්ගේ රටේ උන්ට ඕන දෙයක් කියල සද්ද නැතිව හිටිය හැකි. නැහැ ඒක අපට බලපානවා. ලෝකයේ පැවැත්මට ඒක බලපානවා.


      //ලංකාවේ ඔබට හොඳ විදිහට සැලකුවේ නෑ කියලා ඔබ කියනවා ඔබට විතරක් නෙමෙයි ලංකාවේ පුරවැසියන් වන අප කිසිවෙක්ට හොඳට සලකන්නේ නෑ ඉතින් ඒක අමුතු දෙයක් නෙමෙයි ,දැන් ඇඟලුම් මහන කෙල්ලෝ ,හවුස් මේඩ් ලා නිසා අපේ රට යන්තන් ගොඩ යනවා ඉතින් ඔය දෙගොල්ලන් ගැනම රටේ තියෙන ආකල්පය ,ඒ අයට සලකන විදිහ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ,උන්ටත් සලකන්නේ නැති එකේ ඔයාට සලකයිද// ඉතින් එහම කියල කට වහගෙන ඉන්න ඕනේ නේද? ඒක තමයි හෙන ගැහිලා තියෙන්නේ

      Delete
    10. ඔයා මෙතන වලිගෙ පාගගෙන මම නොකිව්ව දේවල් වලට මගෙත් එක්ක ඇර ගන්න ඇවිල්ලා වැඩක් නෑ ,කවුද කිව්වේ ඔයාට මේ රට ගැන කතා කරන්න අයිතියක් නෑ කියලා මම කිව්වේ ඒක නිකන් වෙන ගෑනියක් බැඳගෙන අල්ලපු ගෙදර ගෑනිට ආදරෙයි ඒ ගෑනි අරහෙම වෙන්න ඕනි මෙහෙම වෙන්න ඕනි කියලා කියනවා වගේ වැඩක් කියලනේ ,ඔයා ලංකාව ගැන නෙමෙයි ඉන්දියාව ගැන හරි කතා කරන්න ඒකට කාගෙන්වත් බාදාවක් නෑ , අනික කවුද කිව්වේ මැද පෙරදිග අය රට ගොඩ නගන්න සල්ලි එවනවා කියලා මම එහෙම එකක් කියලා නෑ ,මම කියන්නේ හවුස් මේඩ් ලා රට ඇත හැර යන හේතුවයි ඔබ වැනි පිරිස රට අත හැර යන හේතුවයි,සහ ඔබ වැනි අය සහ හවුස් මේඩ් මැද පෙරදිග ශ්‍රම බලකාය ගෙවන ජිවිත අතරයි වෙනසක් තියෙනවා කියලා, ඔබට මේ රටට එනවනම් ඇවිත් මේ රටේ රැකියාවක් කරන්න තියෙන බාදාව කුමක්ද ?අධ්‍යාපනයේ අඩුවක්ද ,දැනුමේ අඩුවක්ද ,වරප්‍රසාද වල අඩුවක්ද ,නෑනේ එහෙම දෙයක් නෑ මැද පෙරදිග යන්නේ එහෙම අය නෙමෙයි වෙන ඔප්ෂන් එකක් ඇත්තෙම නැති අය , ඒ නිසා මම නොකිව්ව ගොඩක් දේවල් ඇදලා අරගෙන ඔයා උත්තර දුන්නට මට කරන්න දෙයක් නෑ ,මගේ තර්කය මේකයි ඔබ ඔය රටේ සුපිරි ප්‍රජාතන්ත්‍ර වාදය බුක්ති විඳින ගමන් මේ රට ගැන කතා කරනවා ලියනවා කියනවා නොයෙක් දේවල් ,ඔබ කියනවා වගේ ඔබට ඒ සඳහා පුර්ණ අයිතිය තියෙනවා ඒකත් ඇත්ත ,නමුත් ඔබ (ඔබ කියලා මම අදහස් කරන්නේ විදේශ රට වල ස්ථිර පදිංචි කාරයෝ )නිදහසේ කතා කරන අදහස් සමාජයට කාන්දු වෙලා මේ රටට වෙන බලපෑම් වලට අහු වෙන්නේ මේ කොදෙව්වේ ඉන්න අපි ,මොකද ඔබ මේ රටේ නැති නිසා

      Delete
    11. "//ලංකාවේ ඔබට හොඳ විදිහට සැලකුවේ නෑ කියලා ඔබ කියනවා ඔබට විතරක් නෙමෙයි ලංකාවේ පුරවැසියන් වන අප කිසිවෙක්ට හොඳට සලකන්නේ නෑ ඉතින් ඒක අමුතු දෙයක් නෙමෙයි ,දැන් ඇඟලුම් මහන කෙල්ලෝ ,හවුස් මේඩ් ලා නිසා අපේ රට යන්තන් ගොඩ යනවා ඉතින් ඔය දෙගොල්ලන් ගැනම රටේ තියෙන ආකල්පය ,ඒ අයට සලකන විදිහ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ,උන්ටත් සලකන්නේ නැති එකේ ඔයාට සලකයිද// ඉතින් එහම කියල කට වහගෙන ඉන්න ඕනේ නේද? ඒක තමයි හෙන ගැහිලා තියෙන්නේ"
      ලොක්කා එංගලන්තයේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය බුක්ති විඳින ගමන් ඔයාට මෙහෙම පොර ටෝක් දෙන්න පුළුවන් මේ රටේ කැට වහගෙන ඉන්නේ නැතුව කතා කරපු උන්ට වෙච්ච දේ ඔයා දැක්කනේ ඉතිහාසය පුරා

      Delete
    12. //යා මෙතන වලිගෙ පාගගෙන මම නොකිව්ව දේවල් වලට මගෙත් එක්ක ඇර ගන්න ඇවිල්ලා වැඩක් නෑ ,// කොහෙත්ම නැහැ. අපේ පෞද්ගලික වැඩ වලට සල්ලි එවන්ව න්මිසක් රට වෙනුවෙන් නොඑවන නිසා අපට කතා කිරීමට අයිතියක් නැහැ කියන එකයි ඔබ ලියූ දෙයින් ගම්‍ය වන්නේ. හැමෝම එහෙමයි කියල ඔය එවන ඒවා නතර කරන්නකෝ. 8.25% අදායමක් කවුද පියවන්නේ.
      //කවුද කිව්වේ ඔයාට මේ රට ගැන කතා කරන්න අයිතියක් නෑ කියලා මම කිව්වේ ඒක නිකන් වෙන ගෑනියක් බැඳගෙන අල්ලපු ගෙදර ගෑනිට ආදරෙයි ඒ ගෑනි අරහෙම වෙන්න ඕනි මෙහෙම වෙන්න ඕනි කියලා කියනවා වගේ වැඩක් කියලනේ ,//
      ඔතන තමා වැරැද්ද. තමන් උපන් රට අල්ලපු ගෙදර ගෑනිට කොහොමද සමාන කරන්නේ කියල මම කලිනුත් ඇහුවනේ. තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. ගහනියක්ව දික්කසාද කරන්න පුලුවන්. උපන් රට දික්කසාද කරන්න බැහැ.

      // ඔබට මේ රටට එනවනම් ඇවිත් මේ රටේ රැකියාවක් කරන්න තියෙන බාදාව කුමක්ද ?අධ්‍යාපනයේ අඩුවක්ද ,දැනුමේ අඩුවක්ද ,වරප්‍රසාද වල අඩුවක්ද ,නෑනේ එහෙම දෙයක් නෑ // එහෙම බාධාවක් තියනවද දන්නේ නැහැ. හැබැයි සෝවියට් දේශය අවසන් කරලා ආපු ගොඩක් යහළුවන්ට කෙනෙහිලි තිබ්බ කියල අහල තියනවා. ඒ ගොඩක් අය දැන් ඉන්නේ වෙන රටවල.
      //මගේ තර්කය මේකයි ඔබ ඔය රටේ සුපිරි ප්‍රජාතන්ත්‍ර වාදය බුක්ති විඳින ගමන් මේ රට ගැන කතා කරනවා ලියනවා කියනවා නොයෙක් දේවල් ,ඔබ කියනවා වගේ ඔබට ඒ සඳහා පුර්ණ අයිතිය තියෙනවා ඒකත් ඇත්ත ,නමුත් ඔබ (ඔබ කියලා මම අදහස් කරන්නේ විදේශ රට වල ස්ථිර පදිංචි කාරයෝ )නිදහසේ කතා කරන අදහස් සමාජයට කාන්දු වෙලා මේ රටට වෙන බලපෑම් වලට අහු වෙන්නේ මේ කොදෙව්වේ ඉන්න අපි ,මොකද ඔබ මේ රටේ නැති නිසා// නමුත් ඒ කතා කරන දේවල් පිලි ගන්න නොගන්න එක ඔබේ වැඩක්නේ. කවුරුත් බල කරනවද? හුඟක් වෙලාවට මම ඔය සයිටම් විරෝධී ඒවාට අන්තරේ අරගල වලට මධ්‍යස්තව ඉන්නේ. මොකද මගේ ළමයි මෙහෙ ඉගෙන ගනිද්දී ලංකාවේ ළමයි ගේ ඉගෙනීම නැති වෙනවට මම කැමති නැහැ. ඒ වගේම විප්ලව කරනන් කියල කියන්නේ නැහැ. ඒක නම් මම 1983-84 ඉඳන් කිව්ව දෙයක්.මිනිස්සු මැරෙනවට අකමැති නිසා. නමුත් රුසියාව හෝ බ්‍රිතාන්‍යය ගැන ලියනවා වගේම ලංකාව ගැනත් ලියනවා. මම ජිවත් වෙලා හිටි රටවල් නිසා. මම බ්‍රිතාන්‍ය විවේචනය කරලා ලියූ ලිපිත් තියනවා. මේවා කවුරු කීවත් මම නතර කරන්නේ නැහැ. අනික ලංකාවේ කෙනෙකුට කරදරයක් වෙනවා නම් ඒවාට ඉදිරිපත් වෙනව.

      Delete
    13. //ලොක්කා එංගලන්තයේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය බුක්ති විඳින ගමන් ඔයාට මෙහෙම පොර ටෝක් දෙන්න පුළුවන් මේ රටේ කැට වහගෙන ඉන්නේ නැතුව කතා කරපු උන්ට වෙච්ච දේ ඔයා දැක්කනේ ඉතිහාසය පුරා//
      අංක එක- එංගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි සාපේක්ෂව ලංකාවට වැඩිය. නමුත් මෙහෙ නිදහස සිමා කරන වැඩ ඕන තරම් තියනවා. උදාහරණයකට නම් මම සවුදිය විවේචනය කරලා පොස්ට් දෙක තුනකට වඩා දැම්මොත් කොහෙන් හරි සුද්දෙක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දානවා. මෙසේන්ජර් එකට එනවා. තමුන් ව විවේචනය නොකරන තාක් කල් හැමෝම ප්‍රජාතන්ත්‍ර වාදියි. ඔයාල වගේ අය. මම රුසියාව ගැන දාපු ලිපියකට එක්තර අයතනියකින් මේල් එකක් පවා එව්වා. එහෙම සිමිතකම් තියනවා. හැමදේම ලියන්න බැහැ.චෙක් කරන්න පටන් ගන්නවා.
      //මේ රටේ කැට වහගෙන ඉන්නේ නැතුව කතා කරපු උන්ට වෙච්ච දේ ඔයා දැක්කනේ ඉතිහාසය පුරා// මේවා ලෝක ඉතිහාසය පුරා වෙනදේ. මම කෙලින් කතා කරන නිසා මට මේ රටේ අහිමි වෙච්ච දේ තියනවා . හැබැයි එක දෙයක් තියනවා ආණ්ඩුවලට විරුද්ධව අවි අරන් ඝාතනයේ යෙදීම මම අනුමත කරන්නේ නැහැ. පහුගිය කාල වල වුනු මිනීමැරුම් වලට විරුද්ධ වුනෙත් වෙන්නෙත් ඒ නිසයි. රතු කුරුසය වගේ ඒවා වලින් සිංහල තරුණයෝ බේරාගත් අවස්ථා තිබුන. බටහිර හැම දේටම විරුද්ධ වෙන එක මෝඩකමක්. මේ රටවල තියන මට්ටමට හරි ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි කියන්නේ ඒකයි. එවන් මර්දනය කිරීම් නවත්වන්න.

      Delete
  11. මෛත්‍රියාට මානසික රෝගයක්වද්දෝ කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ. බලන් ඉන්නකෝ. ඕව කැල්කියුලේට් කරලා ගහන ගේම් වගේ පේන්නේ

      Delete
  12. තව එකක් මිත්‍රයා ලංකාවේ සිරිසේන පමණක් නෙමෙයි බහුතරයක් මිනිස්සු නෝමන් බේට්ලා තමයි

    ReplyDelete
    Replies
    1. නොර්මන් බේට් කතාව මගේ නෙමේ දීප්තිගේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .