නත්තල් නිවාඩුවට ජර්මනියට ගොස් පැමිණියේ ඊයේය. නිවාඩු යනවිට මගේ අන්තර්ජාල භාවිතය අවම කිරීමට බිරිඳ දරන ප්‍රයත්නයන් පරාජය කරමින් ඊමේල් ටිකක් යවා ගත්තද බ්ලොග් කියවීම් අතපසු විය. අප ජර්මනියට යන්නේ වසරක් පාසා බිරිඳගේ දෙමව්පියන් හා නෑදෑයන් බැලීමට අප යොදා ගන්නා කාලය නත්තල නිසා මිස ආගමික සංවත්සරයක් සැමරීමට නොවේ. ඉතින් ඊයේ ලන්ඩනයට පැමිණි විට තවමත් තනපට යුද්ධය නිමා නොවී ඇදෙන බව දුටිමි. මෙහිදී මට මතක් වුනේ ජර්මනියේ විවාහ උත්සව වලදී කෙරෙන ක්‍රීඩාවක් ගැනය.
ශ්‍රී ලංකාවේදී සිදී කෙරුණු අපේ විවාහයේදී අපි සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කළෙමු. ජර්මනියේදී අප අනුගමනය කලේ එහි චාරිත්‍රය. එහි විවාහ උත්සව වල නෑදෑයන් හා යහළුවන් නොයෙකුත් "ක්‍රීඩා" සංවිධානය කරනු ලබයි. පටන් ගැන්මේදී ඒවා කවි කියවීම, පරණ මතකයන් එකිනෙක ඇවිස්සීම, මනාල යුවලගේ ප්‍රේම කතා හා ඔවුන්ට විහිළු තහළු කිරීම ආදියෙන් සමන්විත වෙයි. වඩාත් රාත්‍රිය එළඹෙද්දී හා මධුපානයන් නිදහසේ ගලා යද්දී ක්‍රීඩා ද වඩා "වැඩිහිටි" වෙයි. ජර්මනියේ ළමුන්ව රාත්‍රී 9.00 පමණ වන විට නිදා ගැනීමට යවති. අවුරුදු 14ට වැඩි ළමුන්ට 10.30 පමණ වනතුරු සිටිය හැකිය. මා සහභාගී වූ විවාහ උත්සව කිහිපයකම මෙය මෙසේ සිදු විය.
ඉන්පසු කරන "වැඩිහිටි " පන්නයේ ක්‍රීඩාවක් මට මතක් වුයේ තනපට කාල ගෝට්ටිය නිසාය. සංගීත පුටු තරඟය මතකද? මෙහි වැඩිහිටි වර්ෂන් එක මෙසේය. පිරිමි ගැහැණු සියල්ලෝම සංගීතයට වටේ යති හිටි හැටියේ සංගීතය නැවතුනු පසු අප අර කුඩා කාලයේ ක්‍රීඩා කල "කන් කන් බූරු සින් සින් නෝරු " ආකාරයේ අණක් ලැබෙයි. දුවල දුවල ගිහින් අණ කරන දේ කර වහා පැමිණ හිස් පුටුවකින් වාඩි විය යුතුය. මේවා බොහෝ විට සිනහ උපදවන හා "වැඩිහිටියන්ට පමණයි" ස්වරුපයේ අණවල්ය. එකක් වන්නේ "දුවල දුවල ගිහින් තනපටක් (බ්‍රා එකක්) අරන් ඇවිත් වාඩි වෙන්න" යන්නයි. තරඟයේ කාන්තාවන් සිටී නම් ඔවුන් බොහෝ විට අත යවා තමන්ම තනපට මුදාගෙන වාඩි වෙති. ප්‍රශ්නය වන්නේ උෂ්ණ කාලයක නම් (ශිත සෘතුවේ නොවේ නම්) බොහෝ ගැහැනුන් තනපට පැළඳ නොසිටීමයි. එවිට බොහෝ අය තරඟයෙන් පරාජය වෙති. විවාහක පිරිමින් තම බිරින්දන් ගෙන් තනපටය රැගෙන දිව එන අතර තනිකඩ අයට අවට සිටින කාන්තාවන්ගෙන් තනපටය සිඟා යාමට සිදු වේ. සමහර විට මේ තනපටය මුදා ගැනීම අසීරු වෙන අතර උඩුකය වැස්ම උස්සා තනපටය අදින කාන්තාවන්ද සිටිති. එවිට නොමිලයේ ලැබෙන කලාත්මක දර්ශන වලින් සිත සතප්පවා ගත හැකිය.
පිරිමින්ටද ගැලවී යා නොහැක. ඊළඟ අවස්තාවේදී දුවල දුවල ගිහින් යට ඇඳුම හෙවත් ජොකා ගළවා ගෙන ආ යුතුය. හිල් තිබෙන අපිරිසිදු ජොකෙක් ඇඳන් ආවා නම් කාඩ් ඉවරය. මෙය කල යුත්තේද සම්පුර්ණයෙන්ම කලිසම ගැලවීමෙන් නොවේ. කලිසම එක කකුලක තිබෙද්දී හා රහස් පෙදෙස වසා ගෙන ජොකා ගැලවිය යුතුය. මා දුටු එක දසුනක කාන්තාව කලේ තමන් ඇඳ සිටි කබාය ගලවා සැමියාට පොරවා ඔහුගේ කලිසම බලෙන් මෙන් ගලවා ජොකා අරගෙන දිවිමයි. මෙහිදී තමන් සැමියා ගේ යටි කය කබායෙන් වැසූ බව අමතකව ඇය කබායද ඇඟ ලා ගත්තාය. නිරුවත්ව කෑ ගසන සැමියා දැක සියල්ලෝම පෙරලි පෙරලි සිනා සුනහ. මෙවැනි ක්‍රීඩා බොහෝ විට කරන්නේ මිනිසුන් අපහසුතාවයට පත් කර සිනහ වීමටය.
ශීත සෘතුව අවසන් වීගෙන යන විටම අපේ කාර්යාලවල තරුණියෝද තනපට හැඳීම අත හරිති. කවුරුත් එය විවේචනය කරන්නට යන්නේ නැත. මේ සියල්ලේ මේ රටවල සංස්කෘතික විඥානය අනුව සලකා බැලිය යුතු හැසිරීම් වේ. මේ රටවල තනපටයක් ගැලවීමේ හෝ නොහැඳ සිටීමේ ලොකු ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය වන්නේ එම සංස්කෘතික තත්වයන් නොමැති රටවල එය එසේම කල යුතුද යන්නය. මගේ අදහස වන්නේ එසේ නොකළ යුතුය යන්නයි.
අප ශ්‍රී ලංකාවට යනවිට අපේ පවුලේ ගැහැණු කිසිවෙකු කොටට අඳින්නේ ඇත. රටේ සංස්කෘතිය අනුව එසේ හැසිරිය යුතු බවට මම ඔවුන් ට කියා ඇත්තෙමි. වරක මගේ දියණිය කොටට හැඳ සිටින ශ්‍රී ලංකික තරුණ කාන්තාවන් කිහිප දෙනෙකු කොළඹ දී මට පෙන්වූවාය. මා ඇයට කිවේ ඔවුන් එසේ ගියද පිට රටින් පැමිණෙන අප දෙස මිනිසුන් වඩා තදින් විමසා බලන බවත් සමහර නෑදෑ ගෙවල එසේ හැඳ ගියොත් විවේචනයට ලක් විය හැකි බවත්ය.
තමන් සිටින රටේ සංස්කෘතිය අනුව හැකිතාක් දුරට හැසිරිය යුතු බව මගේ අදහසයි. ශ්‍රී ලංකාවේ තනපට හා උඩුකය වැසීම ඉංග්‍රීසින් පටන් ගත් විට එයට විරුද්ද වූවෝ කුලිනයෝය. කුලහිනයන්ට උඩුකය වැසීම තහනම් වූ හෙයිනි. ඒ නිසා එදා එය ප්‍රගතිශීලී පියවරක් විය. දැන් තනපට ගැලවීම ප්‍රගතිශීලි ද ?
පිටරටවල වුනාය කියා ශ්‍රී ලංකාවේද එසේ හැසිරීම කල යුත්තක් නොවේ. ඒ නිසා සිරිසේන මහතා තමන් ජිවත් වූ පොළොන්නරුවෙන් උකහා ගත් සංස්කෘතික හැදියාවන්ට අනුව කළ චෝදනාව මෙතරම් තදින් විවේචනය කිරීමේ තේරුමක් නැත යන්න මගේ විශ්වාසයයි. විවේචනය කල යුත්තේ ඔහුගේ පුතා, බෑනා හා ඔහුගේ ගුවන් හමුදාපතිගේ දියණියද ගිය මේ ප්‍රසංගය වැනි ඒවා ඔහු තහනම් කල යුතු යයි පැවසීමය. ඒ කියන්නේ පවුලේ අය ගියා වුනත් මම මේවා තහනම් කරනවා යයි හෝ මඩු වලිගෙන් තලනවා යයි කීමය. ඔහු පුතාට හා ගුවන් හමුදාපති තුමාගේ දියණියට එසේ කළා දැයි මම නොදනිමි. නමුත් ශ්‍රී ලංකාවේ පවුලට සැලකීමේ ප්‍රවනතාවයෙන් වෙනස් ව පවුලේ කැමැත්තද ගණන් නොගෙනෙ මෙවැනි තහනමක් යෝජනා කිරීම පිළිබඳව ඔහුට මගේ ප්‍රසාදය හිමි වේ.
තන පටයේ බලය පිළිබඳව කියවෙන මේ රුසියානු වීඩියෝවත් බලන්න.
එසේම අතිගරු ජනාධිපති උතුමාණන් එන්රිකේ සමග ගයන ගීයක් ද අද වත් පොතේ දුටුවෙමි. එයත් නරඹන්න
සියලුම බ්ලොග් කරුවනට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.