දෙවන කොටස
නේවාසිකාගාරයට එද්දී දන්නා කවුරුත් හමුවුනේ නැත්නම් හොඳයි සිතුනත් ඒ අදහස වැරදි විය. 'වැස්සි' යන ආදර නාමයෙන් හඳුන්වන වසන්ති මූණටම මුලිච්චි වුනි. කට ඇදකර "ප්‍රීවියත්" කියා "එයත් හරි වගේ" විශේෂනයකුත් ඈඳාගෙනම වසන්ති මාරු වුනාය. "ප්‍රීවියත්" යනු රුසියානු බසින් හෙලෝ යන්නට සමාන සුබ පතා ඇමතීමකි.
"ෂිහ්, හොඳ තේකක් බීලත් ඉවරයි" ගිහාන් කණගාටු වුනි. වසන්ති තමන්ට කිසියම් ඇඟලුම් කමක් පාන බව ගිහාන් දනී. නමුත් ඉගෙනීමේ පොත් හැර වෙන පොතක් පත්තරයක් ආත්මෙකට කියවන්නේ නැති දේශපාලනය හෝ එවැනි වෙනත් මාතෘකා ගැන මොනවත් කතා නොකරන අහිංසක සුන්දර යුවතියකි. ගිහාන්ට ඒ මදිය. නමුත් ගිහාන් ඇගේ කාමරයට යන සෑම වෙලාවකම රසට උයා තිබු දෙයක් කන්නට දී හොඳ තේකක් සාදා දීම ඇගේ සිරිතය. ඒ තේක අම්මා උදේට හදා දෙන තේ එක වාගේම රසය. ඒත් ඉතින් මේ අතේ එල්ලී සිටින වස්තුව අතහැර වසන්ති පස්සේ දුවන්න බැරිය. ඒ මදිවාට රුසියන් හා අනිකුත් කෙල්ලන් සමග යාලුවී සිටින කොල්ලන් කෙරෙහි වසන්ති එතරම් මනාප නැත. ඒ ඉරිසියාවටම නොවේ.
"උඹල මේ කෙල්ලෝ එක්ක අවුරුදු ගණන් ඉඳල උන්ව දාල යනවා. උන්ගේ හොඳ කාලේ උඹල වෙනුවෙන් ගත කරනවා. ඊට පස්සේ උන්ට වෙන්නේ හොඳ කොල්ලෙක් නෙමේ වොඩ්ක බොන බේබදු තඩි මහත රුස්සෙක්ව බඳින්න. උන්ට පව්."
මේ විවේචන නිසාම විදේශික තරුණියන් යාලුවී සිටින සිසුන් වසන්ති මග හරිති.
කාමරයට පැමිණි විට ඔහුගේ රූමා වූ සුහද සිටියේය. තාන්යා කොරිඩෝරයේ මදකට රඳවා කාමරයට ගිය ගිහාන් අවුරුදු දෙකකට පසු ආඩම්බරයෙන් තමන්ට අද කාමරය ඕනෑ බව සුහදට දැන්වීය. සාමාන්‍යයෙන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු කාමරයේ වාසය කරති නම් හා එක අයෙකු මිතුරියක ගෙන ආ විට අනිත් රූමා හෝ දෙදෙනා වලක් බැහීමට වෙන යහළුවෙකුගේ කාමරයට යති. පෙම්වතියක් හෝ පෙම්වතකු සිටී නම් ඒ කාමරයට යා හැකිය. ඒ යුවලට නිදහසේ පෙම්සුව විඳීමට ඉඩ දීමටය. කොල්ලන් තම රූමා ගෙන් කාමරය ඉල්ලීමට භාවිතා කළේ "වතුර මාරු කරන්න වෙලාව ඇවිල්ලා, හෝ තුවක්කු බටේ සුද්ද කරන්න ඕනේ" යනුවෙනි. කවුරු හිටියත් රූමා මෙහිදී අවශ්‍යතාවය වටහා ගනී.
සුහදයා "අම්මට හුඩු මොකෝ උඹට නිලක් වත් ලැබුනද" ඇසිය. ඔවුන්ට වීඩියෝවක් තිබුණු අතර සමහරවිට පිටරට වීඩියෝවක් ලැබුනොත් කට්ටියම නරඹති.
"නැහැ බන්. ගෑණු දරුවෙක් හම්බ වුණා. මුකුත් කරන්න නෙවෙයි. අද නයිට ගහල හෙට යන්න. ".
"හා ඔව්, ඔව්, බොරු නැතුව ඉඳපන්. උඹත් ගේන බඩු. කීයක් කිව්වද? නැත්නම් වයසක ඇන්ටි කෙනෙක් උස්සන් එන්න ඇති ලැට්ටා වගේ." සුහද කීවේය.
ලැට්ටා යනු ලතින් ඇමෙරිකානු සිසුවෙකි. ඔහුගේ විශේෂත්වය ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවන් නිතර ඇසුරු කිරීමය. ඇසූ විට කියන්නේ ඔය බොළඳ කෙල්ලන්ට වඩා වැඩිමහලු කාන්තාවන් දෙන සැප වැඩි බවය. වරක් එකියක් ගිහාන්ගෙන් ඇගේ යෙහෙලියක් ගැන කියා හඳුනාගැනීමට කැමති දැයි විමසුවාය. ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කිරීම අනිත් සිසුන්ගේ උපහාසයට ලක්විණි. මේ අය දික්කසාද වුනු මැදිවියට එළඹෙන කාන්තාවන්ය. ළමයි බලා ගැනීම මෙන්ම රැකියාවට යාමද එක සේ කරන ඔවුන්ට ශිෂයෙකු සමග යහළු වීම වඩා පහසුය. වැඩි බලපෑමක් නැතිවම තමන්ගේ අවශ්‍යතාවය කරගෙන යා හැකිය. සමහර වැඩිමහලු කාන්තාවන් ලැට්ටා බලන්නට එනවිට හතර පස් දෙනෙකුට සෑහෙන්න සුප් හෝ වෙනත් කෑමද රැගෙන එති. එදාට හොඳ සුප් එකක් ලැට්ටා ගේ ගානේ බිව්ව හැකිය. නැතිනම් නිවසේ හදන ලද රස පිල්මේනි ටිකක රහ බැලිය හැකිය.
සෝවියට් දේශයේ තරුණියක් ගැබිණි වූ විට බොහෝ විට ළමයාගේ පියා කවුදැයි නම් කරයි. මාස තුනකට ප්‍රථම නම් ගබ්සා කිරීමට අවසර තිබේ. පියා නම් නොකර ළමයා තමන්ම බලා කියා ගන්නා තරුණියන් ද සිටිති. නමුත් බොහෝ අය කරන්නේ කසාද බැඳීමය. ඒ නිවසක් හෝ ඉවුම් පිහුම් කිරමට උදුනක්ද, වැසිකිලිය හා නාන කාමරයක් ද ඇති තනි කාමරයේ නිවසක් ලබා ගැනීමටය (මේවා ස්ටුඩියෝ ෆ්ලැට් වැනිය.) තවත් අය ජිවත් වන්නේ කොමියුනල් නිවාස වලය. කොමියුනල් නිවාස වල ලැබෙන්නේ කාමරයක් පමණි. දරුවන් දෙදෙනෙකු සිටිනම් කාමර දෙකක් ලැබේ. වැසිකිලි හා නාන කාමර සමහර හෝටල් වල මෙන් ඇත්තේ කොරිඩෝර වලය. අඩුම ගනනේ 10-15 ක් වත් ඒවා පාවිච්චි කරති. මේවා බොහෝ විට හවස් වන විට අපිරිසිදු වේ. පිරිසිදු කරන වයසක කාන්තාවන් එන්නේ උදයට පමණය. ඒ නිසා මේවා එතරම් හොඳ නිවාස සේ නොසැලකේ. වර්ෂ 1917 විප්ලවය සිදුවූ මුල් කාලයේ මේවා සමාගම් සතු විශාල ගොඩ නැගිලි, පෞද්ගලික මාලිගා හා විශාල වෙළඳ සල් විය. විප්ලවයෙන් පසු නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා මේ සියල්ල රජයට පවරා ගෙන පොහොසත් පවුල් වලට සෑහෙන ලෙස කාමර ඉතිරි කර ගෙන දුප්පත් අයට ජිවත් වීමට ලබා දෙන ලදී. තමන්ගේම නිවසේ දුප්පතුන් ලෙස වෙනත් නිවෙස් අහිමි දුප්පතුන් සමග විසීමට නොරිසි අය බටහිර රටවලට සංක්‍රමණය විය. පසු කලෙක මොස්කව්, සාන්ත පිතර්බුර්ගය ආදී නගර වල කොමියුනල් නිවාස වූයේ මේවාය. ළමයෙක් ලැබෙන්නට සිටිනම් මේ කොමියුනල් නිවාස වලින් පැන ගැනීම පහසුය. නිවස ගත් පසු යුවල හීන් සීරුවේ දික්කසාද වෙති. ඉන්පසු ද සමහර විට ළමයාගේ පියා සමග සම්බන්ධතාවය පවත්වා ගෙන යති. ඔහු (පෙම්වතා, දික්කසාද වූ සැමියා) එවිට ජිවත් වන්නේ වෙනත් නිවසක හෝ තමන්ගේ මව හෝ පියා සමග විය හැක. නො එසේ නම් දික්කසාද වී නැවත එකට ජිවත් වෙති. ගිහාන්ට මේ අරුම පුදුම ක්‍රමයන් මුලදී වටහා ගන්නට අපහසු විය. ගැහැණු ළමයින් අඩු වයසේ නම් හෝ ලැබෙන ළමයා අබාධිත නම් බොහෝ විට රජයේ ළමා නිවාසයකට ළමයා භාරදිය හැකිය.
සුහද දොරින් හිස එලියට දමා බැලුවේය.
"හම්මට හුඩූ ඌඋ..."
සද්දයක් දා ගෙන කාමරයට පැන්න සුහද ගිහාන් ගේ බඩට ඇන්නේය.
"යකෝ ඉවසීමෙන් බලාගෙන ඉන්න එකාට දෙවියොත් සලකනවා කියන්නේ ඕක තමයි. මාර කෑල්ලක්නෙ බන්. බල්ශෝයි තියෙටර් එක පැත්තේ වත් ගියාද? මම යන්නම් මරියා ගේ කාමරේට. හැබයි අර ජර්මන් කෑල්ල හැනා හිටියොත් මම රෑට නිදා ගන්න එනවා. ඒකි අදිනවා වලිය. ඒකිට කොල්ලෝ පෙන්නන්න බැහැ. ඊට කලින් කරන දෙයක් කරගෙන හිටපිය."
සුහද යහළු වී සිටින්නේ පියකරු නූස් නොමිටි කියුබානු යුවතියක සමගය. බොහොමයක් සති අන්තයේ සුහදට ඉඩදී කාමරයෙන් ගොස් කොහේ හෝ රෑ ගත කිරීම ගිහාන් ගේ සිරිතයි. ඊයේ පළමු වෛද්‍ය විදුහලට ගොස් මිතුරකු හමුව අද පැමිණියේද ඒ නිසාය. සුහදගේ මරියා සිටින කාමරයේ ඉන්නා නැගෙනහිර ජර්මන් යුවතිය සුහද එහි රැය ගත කරනවාට කැමැති නැත. ඒ ඇයට වෙනත් මිතුරන් නැතිවා පමණක් නොව වෙනත් කෙනෙකුගේ කාමරයට ගොස් නිදා ගැනීම නොකරන තද නීති රීති තබාගෙන ජිවත් වන තරුණියක බැවිනි. එනිසා මේ සති අන්ත පරිප්පුව කන්නේ සුහද ය. මුල් වරට අද එළඹුණේ ගිහාන් ගේ දවසයි.
"බල්ශෝයි තියෙටර් එකේ නටන කෙල්ලක් නෙමේ බන්. රොස්ටොව් වල. පාර්ක් කුල්තූරි වලදී හම්බ උනේ. පස්සේ විස්තර කියන්නම්"
"තෝ ඕවල යන්නේ ඒක තමා"
දඩ බඩ ගා පොත් කිහිපයක් පාඩම් කිරීමට රැගත් සුහද ගිහාන්ට ඇහැකුත් ගසා තාන්යා ට ප්‍රිවියත් කියා ගෙනම පිටව ගියේය. තාන්යා කාමරය තුලට ආවාය. නැත. ඇය පා වුනාය.
"මම හිතුවේ යකඩ ඇඳන් තමා තියෙන්නෙ කියල"
විමසුම් බැල්මකින් ඇය කීවාය. සාමාන්‍යයෙන් නේවාසිකාගාරවල ඇත්තේ යකඩ සැකිල්ල උඩ දමනලද විශාල මෙට්ටයක් සහිත ඇඳන්ය. විදේශික සිසුන් බොහෝවිට ඩිවාන් හෙවත් සෝෆා ඇඳවල් (sofa-bed) ගනිති. ඒවා නමා තබා සාමාන්‍ය වෙලාවට හිඳ ගැනීමටත් රැයට විවෘත කර නිදා ගැනීමටත් හැකි නිසා සැප පහසුය.
"ලස්සන කාමරේ"
කියමින් කාමරයේ ඇති ලංකාවෙන් ගෙන ආ ලීයෙන් නිමවූ පියකරු අලි ඇතුන්, සිගිරි ලලනාවියන් ගේ පින්තූර සහ පොත් රාක්ක දෙස බැලූ ඈ ඇඳේ කොනක ලැගුම් ගත්තාය.
ගිහාන් තේ දෙකක් සැදුවේය. රුසියාවේදී සීනි කියක් ඕනේ දැයි කියා ඇසීම පුරුද්දකි. තමන්ට අවශ්‍ය සුදු හෝ දුඹුරු සීනි කැට හෝ සිනි හැඳි ගණන කිව යුතුය. කිව්වේ නැත්නම් කවුරුත් සීනි දමන්නේ නැත. ලංකාවේ මෙන් තේ බලාපොරොත්තුවි නමුත් තේකක් නම් ඕනෙත් නැහැ කිවහොත් ලැබෙන තේකක් නැත. ගිහාන් මේ නිසා තේ අවශ්‍ය නම් ඔව් කියා සීනි කැට අවශ්‍ය ගනනද කලින්ම කියයි.
"ඔයාට සීනි කියද?"
"මට එපා. මම වරේන්‍යා එක්ක බොන්නේ".
වරේන්‍යා යනු බොහෝ විට කැලයෙන් කඩා ගෙන එන නොයෙකුත් රාස්ප්බෙරි, බ්ලැක්බෙරි වැනි දං වර්ග, චෙරි, ආදියෙන් සාදන ජෑම් වර්ගයකි. ජෑම් හා වරේනියා අතර වෙනස නම් වරේන්‍යා වල පලතුරු එලෙසම පෙනෙන්නට තිබීමයි. ශීත සෘතුවේ අසනීප නොසෑදී සිටීමට අවශ්‍ය විටමින් වර්ග බොහොමයක් මෙයින් ලැබේ.
"මං ළඟ එංගලන්තෙන් ගෙනාපු ස්ට්‍රොව්බෙරි ජෑම් තියනවා."
"එපා අපි මේක කමු. අම්මා ගෙදර හදපුවා. වඩා හොඳයි."
ගිහාන් ළඟ තිබූ චොකලට් එකක් කඩාගෙන කමින් දෙදෙනා නිහඬව තේ පානය කළහ. ගිහාන් කල්පනා කලේ ඊළඟට ගන්නා පියවර ගැනය.
චෙරි වරේන්‍යා |
"අපි ගොඩක් ඇවිද්දනේ. මම නෑවනම් හොඳයි."
මේ කාමරය සහ තවත් කාමරයක් එකට එක්ව එකට සැදි කාමර යුගලයේ නාන කාමරය පොදුවේ භාවිතා කළ යුතුය. ගිහාන් ඇයට නාන කාමරය පෙන්වූ පසු තම විශාල බෑගයෙන් තුවායක් හා ඇඳුම් කීපයක් ගෙන ගත් තාන්යා නෑමට ගියාය. ගිහාන් වහ වහා තම තුවාය ගෙන හැල්මේ අල්ලපු යුනිට් එකේ සිටි ලැට්ටා ගේ කාමරයට දිව ගියේය. අද හවස වෙනදාට වඩා වෙනස් එකක් වීමේ පෙරමග ලකුණු තිබේ.
නෑමෙන් පසු කාමරයට හනි හනික පැමිණ ගිහාන්ට දක්නට ලැබුනේ හැඳ සිටි පරණ ඩෙනිම හා බ්ලවුසය ඉවත් කර තරමක් කොට සැන්දෑ සාදයකට සුදුසු රතු ගවුමකින් සැරසී කකුලක් උඩ කකුලක් තබාගෙන සෝපාවේ කොනක වාඩි වී ඔහු දෙස නෙත් යොමු කරන තාන්යාය. ඇගේ පියකරු කලවා යුග්මය දෙසට නෙත් යොමු කල ගිහාන් ගේ හදවත එක වරම ගිඩි ගිඩි ගා ගැහුනි.
"අපි කොහේ හරි යනවද"
"මට නම් යන්න ඕනේ නැහැ. ඔයාට ඕනේ නම් යමු."
ඈ පිළිතුරු දුන්නාය. යුරෝපීය රුසියානුවන් තම නිවසේ රාත්‍රී භෝජනයට බොහෝ විට එළියට ඇවිදින්නට යන්නාක් මෙන් හැඳ පැළඳ සිටින බව ගිහාන් දැක තිබේ. සමහරු ටයි පටි පවා පළඳිති. ඇය සැන්දෑව තමා සමග ගත කිරීමට සෑදී පැහැදී සිටින බව ඔහුට හදිසියේම වැටහුණි.
"අපි සින්දුවක් අහමු"
"හොඳයි, බීජීස් කැමතිද"
"ඔව්"
එදා මේ ට්‍රැජඩි (ඛේදාන්තය) ගීතය පළමුවෙන්ම තෝරා ගත්තේ ඇයිදැයි ගිහාන්ට පසුව සිතුනු වාර අපමණය.
ගීතයට බදාගෙන නැටූමුත් මේ ඉංග්‍රීසි ගීත තාන්යා ට තේරෙන්නේ නැති බවට තමන් වරදවා සිතූ බව ගිහාන් දැනගත්තේ කලකට පසුය.
"ඛේදාන්තය"
මා මෙතන වැතිරිලා
නගරයේ අඳුරු අනාථ තැනක
කාලය නැවතී ඇති
කඳුළැලි වල ගිලෙමින්
නිවසට යමි
මට තනිව මේ සියල්ල කල නොහැකිය
මා ඔබ වැළඳ ගත යුතුය
වැළඳ ගත යුතුය
මා ඔබට ආදරය කළ යුතුය
ඛේදාන්තයකි
හැඟීම් වියැළී ගිය විට ඔබට තව දුරටත් යා නොහැක
එය ඛේදාන්තයකි
උදෑසනක් හඬන විට ඔබ ඇයිද නොදන්නා විට
දරා ගැනීමට අසීරුය
කිසිවෙකුගේ ආදරය නැති විට
ඔබට යා හැකි තැනක් නැත
මම ඔබ වැළඳ ගත යුතුව තිබුණි ඔබ වැළඳ ගන්නට හැකිනම්
මම ඔබට ආදරය කළ යුතුව තිබුණි ඔබට ආදරය කරන්නට හැකිනම්
ඛේදාන්තයකි
පාලනය ඔබ'තින් ගිලිහිලා ආත්මයඔබේ නැති වෙලා
එය ඛේදාන්තයකි
උදෑසනක් හඬන විට ඔබ ඇයිද නොදන්නා විට
දරා ගැනීමට අසීරුය
ඔබ ළඟ කවුරුත්ම නැති විට
ඔබට යා හැකි තැනක් නැත
හැඟීම් වියැළී ගිය විට ඔබට තව දුරටත් යා නොහැක
රැයේ හා දවාලේ
ඇතුලතින් ගිනිගෙන දැවෙයි මම
දැවෙන ආදරය
මේ ප්‍රාර්ථනය මට ඉන්නට නොදෙන විට
මම පහළට වැටෙමි
මට තනිව මෙය දරා ගැනීමට නොහැකිය
මම ඇත්තටම ඔබ වැළඳ ගත යුතුව තිබුණි වැළඳ ගත යුතුව තිබුණි
ආදරය කළ යුතුව තිබුණි ආදරය කළ යුතුව තිබුණි
ඛේදාන්තයකි
~~~~~~~~~මතු සම්බන්ධයි~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. "Tragedy"
Here I lie
in a lost and lonely part of town
Held in time
In a world of tears
I slowly drown
Goin'home
I just can't make it all alone
I really should be holding you
Holding you
I really should be Loving you loving you
Tragedy
When the feeling's gone and you can't go on
It's tragedy
When the morning cries and you don't know why
It's hard to bear
With no-one to love you you're goin' nowhere
Tragedy
When you lose control and you got no soul
It's tragedy
When the morning cries and you don't know why
It's hard to bear
With no-one beside you you're goin' nowhere
When the feeling's gone and you can't go on
Night and day
there's a burning down inside of me
Burning love
With a yearning that won't let me be
Down I go and I just can't take it all alone
I really should be holding you Holding you
Loving you loving you
Tragedy
When the feeling's gone and you can't go on
It's tragedy
When the morning cries and you don't know why
It's hard to bear
With no-one to love you you're goin' nowhere
Tragedy
When you lose control and you got no soul
It's tragedy
When the morning cries and you don't know why
It's hard to bear
With no-one beside you you're goin' nowhere
Tragedy... උපුටා ගැනීම: http://www.azlyrics.com/lyrics/beegees/tragedy.html
ට්‍රැජඩි (ඛේදාන්තය) ගීතය I love Barry Gibb
ReplyDeleteමී ටූ.
Deleteසෝවියට් දේශයෙ ජීවිතය ගැන මම යමක් දැනගත්තෙ මේ බ්ලොග් එකෙන් . ඒ ගැන ස්තුතියි. ඇත්තෙන්ම මේක තමා ජීවිතය කියන්නෙ. අපේ රටවල තියන විකාර සංස්කෘතිය මට නම් එපා වෙලා තියෙන්නෙ. බලෙන් ලිංගික හිංසනයන් කරන්න බැහැ. ආදරය කරන්න නිදහස උපරිමව තියනවා.මම හිතනව අපේ රටවලට වඩා මෙතන අව්‍යාජ බවක් තියනවා. ලිංගිකත්වය අරුම පුදුම දෙයක් නොවන ,එයට අනවශ්‍ය වැදගත්කමකුත් නොදෙන මේ ජීවිතය සුන්දරයි. ඇයි අපි තවම ප්‍රමාද අපේ විකාර බැහැරකරන්නට.
ReplyDeleteපිළිතුරු දීමට අපහසු ප්‍රශ්නයකි. ස්තුතියි විස්තර දැනගන්නවා කීවට. ලියන අදහසත් ඒකම තමයි.
Deleteඇත්තෙන්ම ඒරටවල සංස්කෘතියකට අනුගතවෙනවාට වඩා තියෙන්නේ පුද්ගලික නිදහස (සෝවියට් රුසියාවෙ කොහොමද දන්නෙ නෑ, මං කිව්වෙ බටහිර ). ඉන්ඩිවිජුවල් කෙනෙක් ලෙස සංස්කෘතියකින් ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස. ඒ නිදහස ලැබෙන විදිහේ සමාජයක් තිබීමම තමයි සංස්කෘතිය. නේද?
Deleteඔතන තියෙන ද්විඝටනාත්මක ප්‍රශ්නයත් එකයි නේද ප්‍රා? සංස්කෘතික බැඳීමකින් තොරව පවත්නා පුද්ගලික නිදහස හා සංස්කෘතියකට අනුගතව ජීවත්වීමට ඇති නිදහස. සෝවියට් රුසියාවේ පුද්ගලික නිදහස කියන එක රජයට විරුද්ධ දේශපාලනය කිරීමේ දී තිබ්බේ නැහැ. කොමියුනිස්ට් නිලධරයෙකු ප්‍රශ්න කිරීමේ නිදහස තිබ්බේ නැහැ. අනිත් පැත්තෙන් බටහිර නැති නිදහසකුත් තිබ්බ.
Deleteකතාව ඇතුලේ වෙනත් රටක සංස්කෘතියක් ගැනත් දැනගන්න ලැබෙනවා.ඒකනම් වටිනවා.
ReplyDeleteස්තූතියි. මිනිසෙක් සංචාරය කරනකොට දැනුම වැඩි වෙනවලු.
Deleteතේකට සීනි දැන් නම් මෙහෙත් අහනවා හැඳී කීයද කියලා...
ReplyDeleteඑතකොට අජියා යාළු වෙලා හිටියේ කොයි රටේ ගෑල්ලමෙක් එක්කද... (හාමිනාට හිනගල බැරුව ඇතැයි අනුමාන කරමි.)
අර ඇන්ටිලාගේ කතාව නම් සහතික ඇත්ත.
සීනි හැඳි ගාන ඉස්සෙල්ලම දැනගත්තේ රුසියාවේදී.
Delete//එතකොට අජියා යාළු වෙලා හිටියේ කොයි රටේ ගෑල්ලමෙක් එක්කද.// මෙය නිවැරදිව අසන ක්‍රමය
එතකොට අජියා යාළු වෙලා හිටියේ කොයි රටවල ගෑල්ලමයි එක්කද.
හාමිනා ට සින්හල බැරිය. යන්තම් පුළුවන.
ඇන්ටිලගේ කතාව නේද ...හ්ම්.............කතාවක් නම් තියෙනවා ...හ්ම් .............
සමාවෙන්න ඕන...
Deleteඑතකොට අජිත් යාළු වෙලා උන්නේ කොයි කොයි රටවල ගෑල්ලමයි එක්කද...?
Priyantha Hewage and Ajith Dharma, have you both studied together in the same school and were you in the same grade as him? Both blogs were very nice but they had different ideas. That's tremendous. Good luck.
DeleteSame school yes, but not in the same grade. Mathalan is a very very old chap and walking with a stick. He thinks young. hey, Thanks for the compliments.
Deleteමේ කතාව හරිම රහයි අජිත්.අත්දැකීමක්ද දන්නෙත් නෑ.මොකක් උනත් කමක් නෑ මේ දවස්වල කියවන්න දේවල් හරිම හිඟයි.
ReplyDeleteමේ කතාව කොටස් කීයක් විතර යනවද?
බොහොම ස්තූතියි හැලපේ. දිරියක් දීම ගැන සතුටුයි. දැනට සැලසුම් කරල තියෙන විධිහට තව කොටස් හතරකින් හෝ පහකින් ඉවර කරන්නයි බලාපොරොත්තුව නම් . කගේ හරි අත් දැකීමක් වෙන්නත් පුළුවන්.
Deleteඇත්ත හැලප අයියේ...
Deleteකියවන්න දේවල් හිඟයි තමා...
දෙවැනි කොටසේදී මට කිව්වනේ තුන්වෙනි කොටස කියෙව්වම බනීවි කියල.. කෝ එහෙම .දෙයක් නැහැනේ.. හතරවෙනි කොටස ඕන ඉක්මනට ..
ReplyDeleteතේවල සීනි ගැන ලිව්ව නිසා මගේ සීනි කතාවත් කියන්න හිතුන. තාමත් කඩේකින් කොපි එකක් ගනිද්දී කියන්නේ half and hafl three sugar කියලයි. එත් කොපි එක ලැබුනාම එළියේ තියන සීනි පැකට් වලින් පහක් විතර කඩල දාගෙන දියකරගෙන තමයි බොන්නේ. කෝපි හදන එකාට eight sugar කිව්වොත් එක්කෝ ඌ මැරිලා වැටෙනවා.. නැත්තම් මා එක්ක සේෆියක් ගහල ෆේස්බුක් දානව. හැක් ..
හෙහ් හේ කට්ටියගේ උනන්දුව තියා ගන්නත් එපාය.
Deleteසීනි නම් වැඩිය බොන්න එපා . ඇත්තටම හොඳ නැහැ.
හප්පේ කොටස් දෙකක් කලින් ගිය කතාවක් මට මිස් වෙලානේ. නිවාඩුවේ එකත් බලලම ඉන්න ඕන.
ReplyDeleteඊළඟ එක තව ප්‍රමාද කරනන් වෙනවා දිනේෂ්ට කියවනන්ව් වෙලාව දෙන්න
Delete//ඉවසීමෙන් බලාගෙන ඉන්න එකාට දෙවියොත් සලකනවා//
ReplyDeleteඉතුරු කොටස් දානකම් ඉවසීමෙන් බලාගෙන ඉන්නම්. අර ගෙවල්වල විස්තර වගේ දේවල් වැදගත් කරුණු.
දෙයියෝ සලකයි එහෙනම්.
Deleteහෙහ් හෙහ්.. ඊලඟ කෑල්ල තවත් රසවත්.... ඉතුරු එකත් ඉක්මනටම ලියමු.. ඉවසිමෙන් බලාගෙන ඉන්නවා...
ReplyDeleteදැම්ම නිගමන වලට එළඹෙන්න එපා.
Deleteඒ කියන්නෙ බඩු හැලප ස්ටයිල් එකට ඇදෙයි වගේ... හා හා ඔහොම යමු.. කොහොම ගියත් කතා රසවත්....
Deleteතනිකරම හැලපයගේ වැරැද්ද. අර ගොඩ්ප්‍රිව කුණු මලු කෑල්ල වගේ ඇදන් යන්නේ.
Deleteවිදේශීය ප්‍රේමයේ දේශීය දැක්ම :D
ReplyDeleteමම විචාරක ගේ සවුන්ඩ් බයිට් වලට බොහොම මනාපයි.
Deleteමේ සීරියස් එක එළ...
ReplyDeleteඑළකිරි කොමෙන්ටුවක්.
Deleteකතාව කියවලා බැලුවා..... පස්සේ අායෙම ගිහින් ගීතය නෙට් ඒකේ හොයලා අායෙම අැහුවා..... ඒ තරම් මේ කතාව විදින්න අාස හිතුණා.... ජයවේවා අජිත් අයියා.....
ReplyDelete(තව දින 3 යි........)
බොහෝම තුති. දින තුනක් කිව්වේ ?
Deleteකමෙන්ට් නොකලත් කියවීමට මඟ බලා සිටිමි. එතරම් මැ රසවත්යැ!
ReplyDeleteමොකද්ද මේ ඇ යනු කේස් එක. රසිකගේ බ්ලොගේත් දැක්ක. රසවත් බව හැඟීම මගේ සතුටට මැ කරුණක් යැ.
Deleteමුල ඉඳන්ම කියෙව්වේ ඊමේල් එකට ගෙන්වාගෙන. ඒකෙන් අජිත් අයියගෙ ලිපි එකක් නෑර කියෙව්වත් කමෙන්ට් කිරීම මගහැරෙනව. මේ කතාව මරු. ඔයාට තියෙන්නෙ නවකතාවක් ලියන්න!
ReplyDeleteස්තූතියි බස්සි. මෙච්චර ලොකු වැඩකුත් කට ළඟ තියාගෙන ඇවිත් කොමෙන්ට් එකක් දැම්මට. නවකතාවේ අදහසක් තිබේ. වෙලාවේ ප්‍රශ්නයක් තිබේ.
Deleteප්‍රථම නොවන ප්‍රේමයේ කතාව කියවන්න පටන් ගත්තා . ඒක රසවත් සහ මතක අවුස්සන සුළුයි
ReplyDeleteස්තුතියි තිලක සිත්, මම මේ කියන්න හිටියේ ඔයාගේ , බස්සිගේ තරු රසිගේ පොත් වල පින්තුරයක්, ගාන සහ ගණන් පුලවන් තැන එවොත් මම බ්ලොග්පවර් එකේ වෙනම පිටුවක් හදනවා පොත් වලට බ්ලොගාලගේ . දාන්න පුළුවන්.
Deleteසේහ්.. ඉඩමක් කඩමක් විකුනලා හරි උපාදියක් කරන්න රුසියාවට යනවා මෙව්වා කලින් කියවන්න හම්බුනා නම්.. ට්‍රැජඩි තමයි ඉතින් ගොඩක් වෙලාවට ලව් විදියට දකින්නේ.. ඔහොම යන්.. ඔහොම යන්..
ReplyDeleteඒ දවස් වල ශිෂ්‍යයත්තෙට ගිය උදවියගේ කෙරුම් නේ. සල්ලි වලට යන කාලේ වෙනකොට තත්වය වෙනස් වුනා. සොවියට් දේශය වැටුනට පස්සේ. ලව් කියන්නමේ ඉතින් විවාහයෙන් කෙළවර වෙන ට්‍රැජඩි යනේ, හේ හේ
Deleteසියාමා වගේම නැගල යන කතාවක් නෙව අජියෝ.. මරු.. එහෙම කියල වැඩක් නෑ.. තලු මර මර කියෙව්වා.. මාගල් රවි බගටයත් මතක් උනා.. හැක්
ReplyDeleteස්තුතියි දේශකයෝ. මම රවියා අර කතාව පරිවර්තනය කරලා දානකොටම පලවෙනි එකේ මම දාපු කොමෙන්ටුවේ කිව්වනේ මටත් මේ වගේම කතාවක් තියනවා කියල. මේක තමා ඒ. රවිගේ සිංහල දැනුමට හරියන්න ලියන්න මට බැහැ. දන්න තරමින් තමා ලියන්න වෙන්නේ. හැබැයි රවීගේ කතාව සුඛාන්තයක්. මේක ................ කියවලම බලන්න.
Deleteරවිය දන්න සිංහල බං.. ඒකා ඔය අරලු පෙති බීල ලියනවා මාගල් වගේ ඒවා. හැක්
Deleteමුල් කොටස් දෙකත් එක්කම කියෙවුවා.. කථාව ලස්සනයි..
ReplyDeleteදිඟට ම ලියන්න...
ජයවේවා...!!!
ස්තුතියි සම්පත්.
Deleteචෑ..රැසියාවේ ඉන්න තිබුනේ අෆ්පා..
ReplyDeleteඑල ද බ්‍රා අයියන්ඩි