Friday 11 December 2015

හෙට එලි දකින බස්සිගේ බසු කවි හා එලි දැක්වූ නෙළුම් යායේ ප්‍රථම ප්‍රකාශනය


ඉතා කෙටි කලබල සිහින 

 අපි දුන්න බස්සිට සම්මානයක් 2014 දී නෙළුම් යායෙන්. ඒ බස්සිගේ "මොඩෙලින් කිරිල්ලී" කියන කවි පෙලට. ඒ දවස් වලම හිතුන මේ නම් හීන දකින කවි කාරියක්, කතා සාගරයක්, පොත් ලියන්නියක් (කවද හරි) කියල. කියවල තෝර ගත්තට පස්සෙත් බස්සිගේ බ්ලොගේට මමත් වහ වැටුන. මේ මොංගල් පික්සු බස්සි ලියන ඒවා නොකියවා පුලුවන්ද? අර ඉවාන් පව්ලුෂ බට කොස්සි කියල ආදරයෙන් අමතන පික්සු බස්සිට ආදරය නොකර පුලුවන්ද? (දැන් බස්සා වලියට එයිද දන්නේ නැහැ)

 ඉතින් බස්සිගේ ලියපු ඒවා එකතු කරලා බ්ලොග් නොකියවන අයටත් දෙන්න ඇත්නම් කියල කීප වාරයක් හිතුන. නමුත් හොඳ හිතින් අරඹන හැම වැඩක් ම වගේ නෙළුම් යායටත් ගල් මුල් එක්ක වෙනත් ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ධ වුනා. ඉතින් අර හිතන් හිටපු වැඩ බොහොමයක් තවම කෙරුනේ නැහැ. ඒ අතරේ තමා මේ සුභ ආරංචිය ආවේ. ඒ මේ පුංචි බස්සියා දුක් මහන්සි වෙලා වැඩක් කරලා. බසු පොතක් ගහලා. එලි දක්වන්නේ හෙට. බස්සිගේ පොත දොරට වැඩුමක් දෙසැම්බර් දොළොස්වැනි සෙනසුරාදා, පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා. මමත් ලංකාවේ හිටියා නම් යනවා. පුලුවන් නම් යන්න.


බස්සි කියන අදර නාමයෙන් තමන්ව හඳුන්වා ගන්නේ බස්සිගේ නවාතැන බ්ලොගය ලියන යශෝධා සම්මානි ප්‍රේමරත්න.

නෙලුම් යායේ ප්‍රථම ප්‍රකාශනය


මේකට වැඩි ප්‍රසිද්ධියක් දෙන්න හිතුවේ නැහැ. නමුත් නෙළුම් යාය සහෘද සංසදය විසින් මේ වසරේ ඇසළ මස එළි දක්වන්නට නියමිතව තිබූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් ලියන ලදුව, මෙතෙක් පල නොවුණු  නිසඳැස් සහ කවි "නොසැලෙන් ඉන්ද්‍ර ඛීලය සේ සහ තවත් කවි" මැයින් උඳුවප් මස දහවැනි දින මහරගම යොවුන් රඟහලේදී සමාජගත කලා.  

නොවැළක්විය හේතුන් කිහිපයක් නිසා උඳුවප් මස දක්වා පමා වුනු නෙළුම් යාය සහ ශ්‍රී ලංකා බ්ලොග් සංසදය විසින් ඉදිරිපත් කරන ප්‍රථම ප්‍රකාශනය ද මෙයයි.

එදාම ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් ඔහුගේ "හද ගී පොතෙන්" නමැති ග්‍රන්ථයද එළි දැක්වුණා. එසේම ඔහු නමින් නව වෙබ් අඩවියක් ද ජනගත කෙරුණා.

ප.ලි:

 ප්‍රේමකීර්ති  ද අල්විස් 1947 ජුනි 3 වන දින  උපත ලද අතර මරදාන මහා විද්‍යාලයේ හා කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනීම ලැබුවෙකි.

1967 වසරේ එවකට රේඩියෝ සිලෝන් හි නිදහස් නිවේදකයකු වශයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් ලද ඔහුට එම ආයතනයේම ස්ථිර නිවේදකයකු වශයෙන් 1971 වසරේ ජුනි මස පත්වීම ලැබුණි. ඉන් පසු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේත් රුපවාහිනී  සංස්ථාවේත් නිවේදකයෙකු මෙන්ම ජනප්‍රිය වැඩ සටහන් නිෂ්පාදකයෙකු  ලෙස කටයුතු කල ඔහු ඉතා ජනප්‍රිය වුයේ ගීත රචකයෙකු වශයෙනි.

1989 අවුරුද්දේ ජුලි 31ද හතලිස් දෙවැනි වියේ දී කිසියම් කණ්ඩායමක් අතින් ඔහු ඝාතනයට ලක් විය.

21 comments:

  1. මේකට ඊයේ විවෘත කරපු ප්‍රේම්ගේ වෙබ් එකේ ලින්ක් එකත් දාන්න..
    http://www.premakeerthidealwis.org/

    ReplyDelete
    Replies
    1. දැම්මා. ස්තුතියි.

      Delete
  2. Replies
    1. Chadima asked me to write something few weeks back. But I forgot completely. Besides there was a death in the family too. So I was busy as well.

      Delete
  3. හෙට යශෝගේ වැඩේට යන්න පුළුවන් වේවිද කියන එක තාමත් සැකසහිතයි.පුළුවන් නම් මමත් අනිවාර්යෙන් යනවා.කොහොම වෙතත් හදවතින්ම සුබ පතනවා යශෝට.

    ප්‍රේමකිර්තිගේ සින්දු නම් සර්වකාලීනව රස විඳින්න පුළුවන්.

    ReplyDelete
  4. යන්න උපරිම ට්‍රයි එකක් දෙනවා..

    ReplyDelete
    Replies
    1. අඹ අහුලන්න එන්න

      Delete
    2. එන්න ට්‍රයි එකක් දෙනවා, ආවත් අඹ අහුලන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා...
      පෙරේදා රෑ ගෑස් වැඩිවෙලා හොස්පිටිතාලෙක නතරවෙලා ඉඳලා ඊයේ හවස එළියට ආවේ, ඒ ඉන්න අතරේ හැම එකම චෙක් කලා...
      ෆැටි ලිවර් සහ තව ඒ හා සම්බන්ධ පොඩි පොඩි ගැටළු තියෙනවලු (ඕක කලිනුත් තිබ්බනේ)...
      මාව බලන්න ආපු පොඩි දොස්තර මැට්ටෙක් හාමිනේත් ඉන්න තැන කිව්වනේ දැන් ඉතින් අඹ අහුලන එක නතර කරන්න වෙනවා කියලා...
      ලොකු දොස්තර තැන දෙවි කෙනෙක් වගේ කිව්වේ "ඔයාගේ කෝටා එක කලින් ප්‍රමාණයෙන් බාගෙකට අඩු කරන්න" කියලා විතරයි...
      ඒ යකා කන බොන මනුස්සයෙක්ද කොහෙද...
      කරුමේ කියන්නේ ඒ ටික කිව්වේ මම විතරක් ඉන්න තැන...

      Delete
  5. මේක නොකියාම කරාට නං ටිකක් විතර අවුල්...... මොනවා වුණත් හැබෑ නිර්මාණකරුවෙකුගේ නිර්මාණයන් සමාජගත කිරීම නං ඉතාම වැදගත් දෙයක්.... නෙලුම්යායේ පළමු ප්‍රකාශනයත් කවි වලට සම්බන්ධවීම තවත් සතුටට කරුණක්.....

    බස්සිටත් හෙට වැඩේට අපේ උණුසුම් සුභපැතුම්....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒ අතපසු වීම මගෙන් කෙරුනේ.සුමාන දෙක තුනකට කලින් දැනං හිටියත්වැඩේ වෙනවා කියල පෝස්ට් එකක් දාන්න බැරි වුණා.

      Delete
  6. බස්සිගේ වැඩේට මම කලිනුත් සුබ පැතුවා.ආයෙමත් නෙලුම් යායෙනුත් සුබ පතනවා.ලංකාවෙ හිටියනං නොවැරදීම යන වැඩක්.

    ReplyDelete
  7. මමත් ada havasa ලංකාවේ හිටිyoth නම් යනවා යනවාmayi.

    ReplyDelete
  8. බස්සිට වෙන තැන් වලදිත් සුබ පැතුවා.....මෙතනදිත් සුබ පතනවා.

    ReplyDelete
  9. බස්සියාට ජයවේවා!

    ReplyDelete
  10. බස්සියේ සුබපැතුම් ...

    ReplyDelete
  11. බොහොම ස්තූතියි අජිත් අයියේ මේ පුවත බෙදාහැරියාට!

    ප්‍රේමකීර්තිගෙ පොතේ වැඩේට එන්න හිටියත් එදා ඔෆිස් එකෙන් එද්දි රෑ දහයට කිට්ටුයි. බසු අයියානම් (බස්සාගේ අයියා) ගියා වැඩේට. හොඳින් තිබුනා කිව්වා. දුකයි සහභාගි වෙන්නට නොලැබීම ගැන.

    ReplyDelete
  12. හැමෝගෙම සුභපැතුම්වලට බොහොමත්ම ස්තූතියි!!

    ReplyDelete
  13. අපරාදෙ අජිත් අයියෙ පොඩි ප්‍රචාරණයක් දෙන්න තිබුනා ප්‍රේමකීර්තිගෙ පොතේ වැඩේට. මමත් දවස් දෙකකට කලින් දැනගත්තෙ පූර්ණගෙ යාලුවෙක්ගේ යාලුවෙක් මාර්ගයෙන්. මම හිතුවෙ බ්ලොග්ස්වල වැඩේ ගියාට මට මිස් වෙන්න ඇති කියලා. චුට්ටක් කිව්වනම් අපිට මක්කාවත් ලියන්නවත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. මම බිසි වෙලා හිටියේ මුකුත් ලියන්න. අන්තිමට මිස් වුණා ලියන එක. බ්ලොග් සංසදයේ කවුඩ් ඉන්නේ කියල මගේ අදහසක් දැනට නැති නිසා යන්න කියන්නේ කාටද කියන එකෙත් ප්‍රශනයක් තිබ්බ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .