Sunday 3 January 2021

කෝවිඩ් 19 වෛරසයේ පැවතීම, වර්ගයා බෝ කිරීම සහ පැතිරීම අතර වෙනස

විද්‍යාවයත්  අවිද්‍යාවත්  අතර වෙනස සෙවීමට තැත් කරන්නන් සඳහා විශේෂයෙනුත්, මේ ප්‍රශ්නය දඩ මීමාකරගෙන එක්තරා සුළු ජන කොටසකට  එරෙහිවන ජාතිවාදින්ටත්, ප්‍රශ්නයට දේශපාලනය ඇදගෙන දේශපාලන හේතු මත තම ස්ථාවරය වෙනස් කරන්නන් සඳහාත් ලියමි.

කෝවිඩ් 19 වෛරසයේ හෝ වෙනත් වෛරස් වල පැවතීම (live virus)  සහ පැතිරීම (trasnmission) යනු දෙකකි. මේ වෙනස එක්කෝ මේ අයට  නොතේරේ. නැතිනම් තේරුනත් බොරු වචන හරඹයක් කරමින් "මෙන්න අවිද්‍යාවට ලැදි අය වෛරස් වතුරෙන් බෝවෙනවා කියනවා" කියමින් ගේමක් ගෙනියති. 
මෙම කෝවිඩ් 19 වයිරසය ජලයෙන් බෝවෙනවා යයි කවුරුහරි කී  බවක් මම කොහේවත් කියවා නැත.  

මේ පහත  ලියන සියල්ල  මේ දක්වා විවිධ රටවල විද්‍යාගාර සහ රෝහල් වල කරන ලද පර්යේෂණ වාර්තා  මත පදනම්ව ලියන්නකි. 
 
කොවිඩ් 19 වෛරසයේ සීඝ්‍ර  පැතිරීම - මිනිසුන් ගෙන් මිනිසුන්ට සහ සතුන්ගෙන් මිනිසුන්ට (කහිනා විට, කතා කරන විට කිවිසුම් යන විට ආදී ලෙසින්) බෝවීමට හැකිය. මෙයට ප්‍රධාන පැතිරීමේ ක්‍රමය කියා (main form of transmission) වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් නිශ්චිතවම කියා තිබේ. 

වයිරසය වැඩිවීමට (multiply or reproduce) නැතිනම්  වර්ගයා බෝ කිරීමට නම් ජීවී ධාරක සෛලයන් අවශ්‍යමය. 

(ජලය ගැන අවසානයට ලියා ඇත)
කොවිඩ් 19 වෛරසයේ පැවතීම -   පර්යේෂණ වලින් සොයාගත් කරුණු අනුව පෘෂ්ඨ වල පවතින කාලය 
දොර යතුරු,ආභරණ , හැඳි ගෑරුප්පු - දවස් 5
පත්තර - දවස් 5 
වීදුරු, පිඟන්, කෝප්ප  - දවස් 5 
ලී බඩු, ඩෙක් - දවස් 4
ප්ලාස්ටික් - කිරි දමන ප්ලාස්ටික් බෝතල්, බස් සහ සුම්රිය සීට්, බෑග්, ලිෆ්ට් වල බොත්තම දවස් 2-3
වානේ (ශීතකරණ, කෑම උයන භාජන, සින්ක්) - දවස් 2-3
කාඩ්බෝඩ් - පැය 24
තඹ පෘෂ්ඨ - පැය 2 සිට 8 
ඉහත පෘෂ්ඨ ඩේටොල් වැනි විෂබීජ නාශක , මත්පැන්, බ්ලීච් ආදියෙන්  සෝදන්නට කියන්නේ එබැවිනි. ඒ මේවායින් වෛරස් සංක්‍රමණයක් වීමේ සම්භාවිතාවක් ඇති බැවිනි.

ජලය -බොන වතුර -  යුරෝපයේ හා ඇමෙරිකාවේ බොන වතුර ඉතා පිරිසිදු කර එවන නිසා වෛරසය ඒවායේ නැත. (ටැප් වතුර ඉතා සුරක්ෂිතය ) 
පිහිනුම් තටාක - ක්ලෝරීන් සාන්ද්‍රණය වැඩි නිසා මෙන්ම වෛරසය  ජලයේ පැතිර යන නිසා පැවතිය හැකි වුවත් බෝවන්නට තරම් වෛරස් සාන්ද්‍රණයක් නැත. මිනිසුන් තටාක භාවිතා කරනවා නම් පමණක් සම්ප්‍රේෂණයේ සම්භාවිතාවක් තිබිය හැක. පිහිනුම් තටාක වසා ඇත්තේ එබැවිනි.

ස්වභාවික වැව් ආදිය - වෛරසය දින  5 සිට සති කිහිපයක්  දක්වා පැවතිය. වෛරස් සාන්ද්‍රණය ඉතා අඩු නිසා මිනිසුන්ට බෝවීමේ හැකියාව අවමය. ස්නානය කරන්නේ  නම් සබන් භාවිතා කිරීම  නිසා වෛරස ලෙඩක් සෑදීමේ සම්භාවිතාව ඉතා අඩුය.

මළපහ ආදිය මුසුවන කුණු කානු, හෝ මළාපවාහන පද්ධති - දවස් 5 සිට දවස් 25 දක්වා පැවතිය හැකිය.

 දැන් මිනිසුන් ගෙන් මිනිසෙකුට පමණක් බෝවනවා නම් පෘෂ්ඨ ශුද්ධ කරන්නේ ඇයි? එම පෘෂ්ඨ වෛරසය තිබෙද්දී අතින් ස්පර්ශ කර පසුව   නාසය, ඇස හෝ මුව ඇල්ලීමෙන් බෝවීමේ සම්භාවිතාවක් තිබේ. මේ තත්වයම අප ජලයටත් තිබිය හැකිය. එය එසේ නොවේ යයි කිසිදු පරීක්ෂණයකින් කියා නැත. 

මියගිය තැනැත්තෙකුගේ ශරීරයේ වයිරසය කොපමණ කල් තිබේදැයි තවමත් කිසිවෙකු හරියටම සොයා බලා නැත. සාමාන්‍ය පිලි ගැනීම නම්  පැය හතරේ සිට  දිනකින් දෙකකින් වයිරස විනාශ වනු ඇත කියාය. එහෙත් වියලි නොවන පෘෂ්ඨයක හෝ වියලි නොවන පසුබිමක වෛරසය ට පැවතීමේ හැකියාවක් ඇත. මතක තබා ගත යුත්තේ  බෝවෙන්නට හෝ වර්ගයා බෝ කරන්නට නොව පැවතීමට හැකියාවක් ඇත යන්නය. මේ දින 5 ක සිට 25 දක්වා වියහැක. එම වෛරසයට ජීවී සෛලයක් විනාශ වීමට කලින් මුණ ගැසුනොත් සංක්‍රමණය සිදු නොවන්නේ යයි අපට තර්ක කළ හැකිද? 

මහාචාර්ය මලික් පීරිස් මහතා  ගේ පර්යේෂණ වාර්තාවේ වයිරසා සම්ප්‍රේෂණය හෝ  සංක්‍රමණය (transmission)  වන ආකාර ගැන හොඳ පැහැදිලි කිරීමක් කර ඇත.(ලිපිය අංක 5) 

භූමදානය හෝ ආදාහනය අතර ප්‍රශ්නය සඳහා මගේ අදහස නම් ඉහත කි වෛරසය දින කිහිපයකට පැවතීමට අවකාශ නොමැති ඕනෑම තැනක භූමදානයකට ප්‍රශ්නයක් නොමැති බවය. 
එසේම  සෞඛ්‍ය බලධාරීන් සහ විද්‍යාඥයන්, වෛද්‍යවරුන් (දේශපාලුවන් නොවේ) කිසියම් ජලාශ්‍රිත පෙදෙස් පිලිබඳ අවදානමක් ඇතියයි  සිතන්නේ නම් ඔවුන්ගේ අවවාද පිළිපැදිය යුතු බවය. 



මූලාශ්‍ර:  


11 comments:

  1. විදුහුරු මතවලට ලක්බිම ඉඩක් නැත
    ගොඩ වැඩි වෙනම් - අන්නේකින් වැඩක් වෙත
    කොමිස් කුට්ටිවලිනුත් - පලයක්ම වෙත
    ජහමනයාට හෙණ ගැහුවත් කමක් නැත

    ReplyDelete
    Replies
    1. මේ එන පොකුරු වල හැටියට එංගලන්තේ වගේ වෙයිද නිදි ?
      යුක්රේන් එකකුත් එයිද?

      Delete
    2. ආවත් මොකද අජිත් මහත්තයෝ. උදයංග මහත්තයාගේ සාදර අනුග්‍රහයෙන්නේ. උදම් අනලත් තිබ්බේ!

      Delete
    3. එකනේ අනේ වාසනාවන්

      Delete
  2. මේ වගේ පැහැදිලි කිරීමක් තමයි උවමනා. මේක මම අද ම යි කියෙව්වෙ. අද රෑ ෂෙයා කරනව. අඩුගානෙ හොයල බලල වැඩකරන උදවිය වත් ප්‍රයෝජනයක් ගනීවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි . හැමදේම පරිවර්තනය කරන්න ගියෙත් නැහැ

      Delete
  3. පෘෂ්ට වල පවතින කාලය රටේ උෂ්ණත්වය සමග වෙනස් වෙනවා වෙන්න ඕනි

    ReplyDelete
    Replies
    1. ඔය පර්යේෂණ බොහොමයක් මේ රටවල් කරන ඒවනේ. චීනයේ හා ඉන්දියාවේ පර්යේෂණ ගැලපෙනවා ලංකාවට. ඔය දවස් ගණන් ඉන්දීය පර්යේෂණයක ඒවා. ලනක්වට ගැලපෙනවා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .