Saturday 9 January 2021

රේඩියෝ රන් ලංකා සමග පිළිසඳරක්



මම  තාරකා භෞතික විද්‍යාව ලිපි පෙළ ලියල  සෑහෙන කාලයක්. මේ ලඟදි ඒ ලිපි සියල්ලම එකතු කරලා  තාරකා භෞතික විද්‍යාව (astrophysics) ලෙසින් නම්කර පිටුවක්  හැදුව.  මේ පිටුව හැදුවේ  බ්ලොග් එක වෙනස් කරන්න හිතාගෙන.  ලිපි ලිවීම නම් නතර වුනේ "සියාමා" සහ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොත් දෙක ලියන්න ගත්ත නිසා ඒ කාලෙම වගේ. 

රේඩියෝ රන් ලංකා කියන සිංහල වෙබ් ගුවන් විදුලියේ  ප්‍රියංග  ප්‍රේමරත්න මල්ලි ගිය දෙසැම්බරයේ  ෆේස්බුක් එක හරහා  පණිවිඩයක් එවල තිබුන  කතා කරන්න කැමතියි කියල. ඔහුට අවශ්‍ය වුනේ මම තාරකා භෞතික විද්‍යා  විෂයට සම්බන්ධ වුනේ කොහොමද කියල දැන ගන්න. මම ඒක ඉගෙන ගත්තේ සහ ඉගෙන ගන්නේ විනෝදාංශයක් වශයෙන් කීවම මම හිතන්නේ ඔහු පුදුම වෙන්නත්  ඇති. 

මම "භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි" කියල ලිපි පෙළකුත් 2016 විතර  ලීවා. ඒ ලිපි ලීවේ  මළවුන්  ගෙන්වන අය සමග සාකච්ඡා  කරලා. මම ඔය දෙපැත්තම එක වරම බැහැර කරන්නේ නැහැ.  අධි මානසික විද්‍යාවන් තියෙන්න පුළුවන් වගේම සමාන්තර විශ්වයන් තියෙන්නත් පුළුවන්.

ඉතින් ඒ කරුණු ගැන ප්‍රියංග ප්‍රේමරත්න සමග කළ පිළිසඳර තමයි මේ.




2 comments:

  1. ප්‍රියංග මගෙ junior batch එකේ...ඔහු එක සීමාවකට කොටු නොවී විවිධ විෂයයන් ගැන රන් පිලිසදරෙන් කතා කිරීම සතුටක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තද ? ප්‍රියංගට විෂයයන් ගැන හොන්ඩ අදනුමක් තියනවා තමයි. මමත් කලින් දැනගෙන හිටියේ නැහැ ඒ රේඩියෝව.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .