මම ඉල්ලා සිටිනවා වහාම ඒ ගැහැණිය නිදහස් කරන්න. අමනුෂ්‍ය බලවේගයක් තියනවා කියල ඒ කාන්තාව දේව පූජාවක් කරලනේ ඒක සනීප කරන්න.
ඒක පොඩ්ඩක් වැරදිලා.
නාථ දෙවියන්ට වකුගඩු රෝග හොයල දෙන්න පුලුවන්නම් , කාලි අම්මට කොරෝනා මර්දන පැණි හදල දෙන්න පුලුවන්නම්, බෝන් අගේන් දෙවියන්ට ආදරණිය ගායකයෙකු ගේ උගුර හොඳ කරන්න පුලුවන්නම් (ගායකයා වෙන ආගමකට යාම ගැන ඇති ලේබල් සිංහල බෞද්ධ කල්ලියේ හොර විරෝධය ගාවා නොගන්න), සෝවාන් කරවන්න ලක්ෂ දෙකක් ගන්න සිවුරක් පෙරවාගත් හාමුදුරු කෙනෙකුට පුලුවන්නම්, මේ වැඩේ වැරදි ඇයි?
අමනුෂ්‍ය බලවේගයක් අයින් කරන්න දේවාලෙකට ගිහින් පූජාවක් තියල ලෙඩේ සුව කරන්න දෙවියෝ කියපු විධිහට ගහන්න ඇති ? අර අම්මත් බයට බලන් ඉන්න ඇති?
එක පැත්තකින් අමනුෂ්‍යය බලවේගය. අනිත් පැත්තෙන් දේවාලේ ආඥාව.
මෙයාව විතරක් අල්ලල නඩු දාන්නේ ඒ අහිංසක ගෑනු ළමය මැරුණ නිසාද?
එහෙම නම් ඒ මරණයට වගකිව යුතු ඔය කියන අමනුෂ්‍ය බලවේගය නේද අල්ලලා හිරේ දාන්න ඕනේ.වරද වෙලා තියෙන්නේ එතනනේ.
(පොලිසියේ අවධානයට)
එහෙම නැත්නම් ඔය ඉහත කී මිත්‍යාවන් අනුමත කරලා ලියන මාධ්‍ය සෙට් එකත් අල්ලනවද?
මේ ගැහැණු ළමයගේ මරණය පිළිබඳව මම චෝදනා කරන්නේ ලිබරල් වේශයෙන් ඉන්න හොරුන්ට, ද්වන්ධාත්මක දෙපිටකාට්ටු (හොර භෞතික) වාදීන්ට සහ ලේබල් ආගම් කාරයන්ට. තමන්ගේ පාඩුවේ ආගමක් දහමක් කරගෙන ඉන්න මිනිසුන්ට නොවේ. ඒ මෝඩ ගැහැණියටත් නොවේ.
මේවා වෙන්නේ අර නාතවාදී , කාලිවාදී , බෝන් අගේන් කාරයෝ නිසා හා ඔවුන්ව වර්ණනා කරන මාධ්‍ය නිසා නොවේද?
පුවත ගොසිප් ලංකා අඩවියෙන්
https://www.gossiplankanews.com/2021/02/delgoda-girl-incident.html