මට පටාචරා නමැති නාට්‍යයක් ගැන දැන ගන්නට ලැබුනේ හදිසියේය. නම ඇසූ සැනින්ම වාගේ මට එය දැක ගැනීමේ එපමණ ආශාවක් ඇතිනොවුනේ "තවත් ජාතක පන්නයේ කතාවක්" ලෙස හිතේ කෙටුනු බැවිනි. නමුත් දර්ශන හෙට්ටි ආරච්චි සහෝදරයාත් සහ ගාමිණී මුතු කුමාරණ සහෝදරයාත් පැවසුවේ කතාව වෙනස් කර පවසන එකක් ලෙස දැනගන්නට ලැබුණු බවයි. ඒ නිසා සුගත් සෙනෙවිරත්න සොයුරා අපට ප්‍රවේශ පත්‍ර ද ඇණවුම් කල හෙයින් නරඹන්නට ගියෙමි. සම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීමක් බෙර හඬ මධ්‍යයේ පැවැත්මට සූදානම් කර තිබුණි. නමුත් සිදුවුනේ ආරාධිතයන් ඉටිපන්දම් වගයක් පත්තු නොකර පහනේ තැබීමකි . ඒ එංගලන්තයේ ශාලාවක පහන් දැල්වීම තහනම් හෙයිනි. මේ නාට්‍යය ප්‍රදර්ශනයට සහය දුන් අයට ගරු කිරීමක් ලෙස නාට්‍යය "ඇරඹීම" සඳහා ආරාධනයක් ලෙස යයි සිතුවෙමි. එනමුත් වෙනුවට බැටරි බලයෙන් ක්‍රියා කරන පුංචි විදුලි ලාම්පුවක් ආරාධිතයන් ට දෙන්නට තිබුණි. දේසේ හැටියට බාසේ කියන්නේ නිකමට නොවේ.
නාට්‍යය පටන් ගන්නේ පටාචරා ගේ දෙමාපියන් ගේ විවාහය හා ඔවුන්ට දරුවන් ලැබීමත් අපට පෙන්වීමෙනි . පටාචාරා ඉපදුනු අවස්ථාව, පිය සිටුවරයාගේ හා මව් දේවියගේ සතුටු කඳුළු , බ්‍රාහ්මණයෙකු විසින් හඳහන් බලා ඇගේ අනාගතය හොඳ එනමුත් විවාහය අඳුරු යයි පැවසීම ආදිය නාට්‍යානුසාරයෙන් නරඹන්නට ලැබුණි. මට හිතුනේ මෙහෙම ගියොත් ඉඳුල් කට ගෑමද පෙන්වා නාට්‍යය පසුද එළිවන යාමයේ ඉවර විය හැකි බවය.
පටාචාරා ගේ මුල් නම රුපවතී යයි මා අසා ඇති මුත් නාට්‍ය යේ ඇය හඳුන්වනුයේ චන්දා කුමරිය කියාය. මා දන්නා පරිදි ඒ පටාචාරා භික්ෂුණිය සමග සිටි වෙනත් මෙහෙනියකි . නමුත් රූපවතී ට වඩා චන්දා වත්මන් කාලයට උචිත යයි සිතමි. ඉන්පසු පෙන්වූයේ සිටු කුමාර සොහොයුරා හා කුමරියගේ ළමා කාලයයි . මෙහිදී මට ඇත්තටම කම්මැලි කමක් දැනුනු අතර දර්ශනට හා ගාමිණීට හිතෙන් දොස් පැවරුවෙමි . තත්වය වඩාත් උග්‍ර වූයේ "එළුවන් කන්නට මං ආවේ " යන පුංචි සමයේ සෙල්ලමක් නාට්‍යනුසාරයෙන් ඉදිරිපත් කිරීමයි. එළුවන් කෑමේ සෙල්ලම බුදුන් දවසේ භාරත දේශයේ තිබුනා දැයි නොදනිමි. බ්‍රහ්ම ජාල සුත්‍රයේ අස්තපාද, දසපාද (දාම් ), චතුරංග , කැට දැමීම , ඔලිඳ කෙලිය, ඛෝ-කෝ සහ කබඩි ඒ කාලේ තිබූ සෙල්ලම්ය . මා පැමිණියේ ළමා නාට්‍යයක් නරඹන්නට දෝ යැයි සිතුනි . එක අතකට එංගලන්තයේ ජිවත් වන අයට ලංකාවට ඇති නොස්ටල්ජීය සබඳතාවය නිසා එවැන්නක් ඇතුලත් කරන්නට ඇතැයි සිතුවෙමි .
හැබැයි ඒ දරුවන්ගේ උද්යෝගය හා හැකියාවන් දකින විට මගේ අදහස් වෙනස් වන්නට විය. අපේ දරුවන් කුඩා කාලයේ පාසැලේ නොයෙක් උත්සව වලට පුරුදු පුහුණු වෙද්දී කෙතරම් ආඩම්බරයෙන් හා ආදරයෙන් ඒවා රූපගත කළේ දැයි සිතුවෙමි. මේ දරුවන් උපන්නේ එංගලන්තයේය . ඔවුන්ට හරි හැටි හෙළ බසද හැසිරවීමට නොහැකිය . එසේම ඔවුන් ජීවත්වන්නේ එකිනෙකාට ඉතා ඈත නගර වලය . ඒ සියලු බාධක මධ්‍යයේ දරුවන් ද ඔවුන්ගේ දෙමාපියන්ද කරන මේ කැපවීම අගය කල යුතුමය.
ඉන්පසු නාට්‍යය ඇත්තටම ගීත නාට්‍යයක් (මියුසිකල් ) බවට රූපාන්තරණය වුනි . ඒ චන්දා කුමරිය නව යොවුන් යුවතියක් බවට පරිවර්තනය වෙමින් පවතින කාලයයි . ඇය සහ සොහොයුරා ද , සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ළමයින් සමග ගත කරණ ප්‍රීතිමත් කාලය නොයෙකුත් ගීත ජවනිකා මගින් රඟපෑවෝය. එහිදී ඒන්ජල් මාරසිංහ ගේ රංගනය විශිෂ්ට යයි සිතමි . ඇය රඟ පෑවේ යොවුන් (ටීනේජ් ) චන්දා කුමරිය (පටාචාරා ) ගේ චරිතය බව සිතමි. ඇන්ජලා පමණක් නොව ඇය සමග අන්ර්තනයන් ඉදිරිපත් කල යොවුන් වියේ දරුවන් ඉතා හොඳින් තම රංගනයන් ඉදිරිපත් කළහ . ඇත්තටම ඔවුන් ගැන අපට ආඩම්බර විය හැකිය .
ගීත නාටකයේ අධ්‍යක්ෂිකා මධුකා ෆර්ඩිනන්ඩ්ස් ඉතා සුක්ෂම ලෙස සිටු මැදුරේ සේවකයන්ගේ විවාහයක් නිර්මාණය කරමින් දෙසවන්පි, දෙනෙත් පිනවන සාර්ථක ගීත ජවනිකා කිහිපයක්ද නිර්මාණය කර තිබුණි.
සේවකයන් දෙදෙනකු ලෙස රඟ පෑ දෙදෙනෙකුගේ විකට ජවනිකා කිහිපයක් තිබුනද ඒවා එතරම් සාර්ථක යයි මට හැඟුනේ නැත . එහෙත් යොවුන් චන්දා කුමරියට රෑ පානේ විවාහ උළෙල ට යාමට මව ඉඩ නොදීම නිසා ඇතිවුන වාග් සංග්‍රාමයේදී සිටු දේවිය ඉංග්‍රීසියෙන් "නෝ No -ඔයාට යන්න දෙන්නේ නැහැ " යයි පැවසීම නරඹන්නන් සිනා සයුරේ ගිල්වීම ට සමත්විය.
මේ නිසා විවේක කාල සීමාව එනතුරු කාලය ගතවීමක් නොදැනුනි . විවේක කාලයෙන් පසු අපගේ දෘෂ්‍ය හා ශබ්ද රසයන් තීව්‍ර කරන රංගනයන් ඉදිරිපත් කිරීමට නාට්‍ය කණ්ඩායමට හැකිවුණි . වැඩිවියපත් චන්දා හෙවත් පටාචාරා කුමරියගේ භූමිකාවට පන පෙවුයේ සඳුනි විජේසින්හයි . ඇයගේ අත ගන්නට සැරසී සිටින රෞද්‍ර පෙනුමෙන් යුතු සිටු කුමරා (ඔහුගේ නම නොදිමි ) සභාවට හඳුන්වා දෙන අතර සිටු දෙමාපියන් ඒ මගුල සැලසුම් කරන්නට සැරසේ . ඒ අතරේ භානු නම් මෘදු පෙනුමැති දර කපන්නා සමග කුමරිය ආදරයෙන් බැඳේ. භානු ගේ චරිතයට පන පෙවුයේ රංගජිත් අබේසුරියයි. මේ දෙදෙනාගේම රංගනයන් අති සාර්ථක යයි හඟිමි . එයිනුත් සඳුනි විජේසිංහ රංගන ප්‍රතිභාව සමස්ථ ගීත නාට්‍යයම නව තලයකට ඔසවා තැබීමට හැකි වුනි .
චන්දා කුමරියගේ සහ භානු ගේ ආදරය දන්වන ගීතයක් මධුකා විසින් නිර්මාණය කර තිබූ අතර නෘත්‍ය කණ්ඩායම එයට උපරිම ලෙස හැඟීම් දනවමින් ඉදිරිපත් කලහ.
ශෝකයෙන් උමතු වන චන්දා කුමරිය ළමුන් සොයා දිව යද්දී සැවැත් නුවර ගම් වැසියෙකුට මුණ ගැසේ . ඔහු දෙමාපියන් සහ සොහොයුරා ගින්නට හසුව මිය ගිය බව දැනුම් දෙයි. රත් පැහැ කොඩි වනමින් අචිරවතී නාටිකාවන් වේදිකාවේ වේගයෙන් රඟයි. අපට දැනෙන්නේ පටාචාරාවගේ ව්‍යාකූල වූ මනසත් , ගින්නේ දැවුනු මාලිගයත් වේගයෙන් ගලන ගඟත් පමණක්ම නොවේ . ඒ අවස්ථාවේ බිහිසුණු කමත් , ඇගේ ශෝකයත් වේදිකාවේ මොනවට රඟ දැක්වෙයි .
සිහි විකල් වෙන පටාචාරා ලුහු බැඳ නිලියක් ශාලාවේ මැදින් වේදිකාවට දුවන 'අතර ගලේ බණ්ඩාර දෙවියනේ ' කියමින් කෑ ගසමින් බැන වදී. ගලේ බණ්ඩාර දෙවියන් හිටියේ ලංකාවේ නිසා පටාචාරා ලංකාවේ යයි ඇය සිතුවා දැයි නොදනිමි. (සිදුහත් කුමාරයා ලංකාවේ උපන් බවත් බුදුන් සිටියේ ලංකවේ බවටත් කියන්නන් සිටින නිසා). කතාවට උචිත වුවද පටාචාරා නම පට බැඳුනේ ඇඳුම් උනමින් දිවයනනිසා (ඇඳුම් උනා දැමීමක් කල නොහැකි නිසාත් ) සමහර විට වැරහැලි ඇඳුම් ටිකක් අන්දවා වේදිකාවේ දිව්වා නම් වඩා උචිත විය හැකිව තිබුණි.
ඉනික්බිතිව මුලික කතාවෙන් බැහැරව ප්‍රවීණ සිනමා හා වේදිකා නළුවෙකු හා ගායකයෙකු ද වන නිශ්ශංක දිද්දෙණිය මහතා ආගමික යතිවරයෙකුගේ වෙස් ගෙන ධර්ම දේශනාවක් කරන අතර පටාචාරා වේදිකාවේ බංකුවක් උඩ නිසලව බලා සිටියාය . ඒ ජවනිකාව එතනට අවශ්‍යද යන්න මගේ සිතට නැගුණි . එංගලන්තයේ දර්ශනය කරන ලද නාට්‍යයකට සමහර විට මිට වඩා රැඩිකල් විය හැකිව තිබුනාදෝ කියාත් සිතුනි. බුදුන් වහන්සේ පෙන්වීමට නොහැකි නම් තිරයක් පිටුපසින් හඬ ඇසීමට සලස්වා උන් වහන්සේ පටාචාරා වට බණ වදාළ බව දැක්විය හැකිය. එසේම පටාචාරා මෙහෙණිය ජලය බැසයන අයුරුත් ඉන් කොටසක් වියලි පොලොවට උරා ගන්න බවත් දැක සෝවාන් වීම පෙන්වා නාට්‍යය අවසන් කළා නම් මැනවයි යන අදහස මගේ මනසට නැගුනේය. සඳුනි විජේසිංහ ගේ රඟපෑමේ ආහ්ලාදජනක බවත් ඇගේ ප්‍රතිභාපුර්ණ රංගනයත් නාට්‍යයට සැපයූ ජීවය නොනසාම අවසන් කල හැකිව තිබුණි .
නාට්‍යයේ පොතේ ගුරු ලෙස රඟ පෑවේ ප්‍රවීන වේදිකා නාට්‍ය නළුවෙකු හා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසුරිය මහතායි . ඔහුට සහ නිශ්ශංක දිද්දෙණිය මහතාට නාට්‍ය සන්විධාකයෙන් ගෙන් නාට්‍ය කලාවට කල විශිෂ්ඨ මෙහෙවර උදෙසා සම්මාන ද්වයක් ද පිරිනැමුණි .
නාට්‍යයේ නිර්මාණාත්මක අධ්‍යක්ෂණය වෙනුවෙන් මධුකා ෆර්ඩිනන්ඩ්ස් මහත්මියට මගේ ආශින්ෂන සමග මහත්වු ස්තුතිය පිරි නමමි. එසේම ඇයට උදව් කල අනිකුත් මහත්ම මහත්මීන්ටත් දරුවන්ටත් , දෙමාපියන්ටත් අපගේ ප්‍රණාමය හිමි වේ . ඉතා හොඳින් නැටුම් ඉදිරිපත් කල සියලුම ළමා හා යොවුන් වියේ දරුවන්ට සම්මානයක් වත් පිදුවා නම් හොඳ යයි සිතේ . මෙවැනි වේදිකා ගීත නාට්‍යයක් එංගලන්තයේ වැනි රටක මෙසේ විශිෂ්ට ලෙස නිර්මාණය කිරීම හා රඟ දැක්වීම පහසු කරුණක් නොවේ .
කනගාටුවට කරුණ නම් මෙය අවසන් අවස්ථාව බවට කළ දැන්වීමයි. ප්‍රසන්නජිත් මහතා පැවසුවේ මේ නිකම්ම නාට්‍යයක් නොවේ මහා සංස්කෘතික අංගයක්, සිංහල සංස්කෘතියේ නිරූපණයක් බවයි . එයට මම එකඟ වෙමි .
අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා ) 08/10/2025
🤣🤣🤣 මේ නාට්‍යයත් මාලිමා ආණ්ඩුව වගේමනෙ. කොහොම වුනත් නාට්‍යය නැවත රඟදක්වන්නෙ නැති බව දැන ගැනීමට ලැබීම සන්තෝෂයක්. මාලිමා නාඩගමත් තව ටික කාලයයි. ඊට පස්සෙ සදහටම නිමි. 🤣🤣🤣
ReplyDeleteඅපි බලමු . හීන දකින්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවනේ . 🤣🤣🤣
Deleteපටාචාරා රීමේක් කරල වගෙයි.
ReplyDeleteඔව් ඔව් , ඒ වගේ තමා
Delete+++++++
ReplyDeleteස්තූතියි වැටමාර වැටට
Delete//මට එය දැක ගැනීමේ එපමණ ආශාවක් ඇතිනොවුනේ "තවත් ජාතක කතාවක්" ලෙස හිතේ කෙටුනු බැවිනි// අජිත් මහත්මයාගේ හිතේ එහෙම ඇඳෙන්නේ හැම බෞද්ධ කතාවක්ම ජාතක කතාවක් කියලා අපිට හිතෙන නිසා වුනත් පටචාරා ජාතක කතා ගනයට අයිති නැහැ නේද ?
ReplyDeleteඔබ හරි . පටාචාරා කතාව ජාතක කතාවක් නෙමේ . නමුත් බුදු හාමුදුරුවෝ සංසාරයේ ගත කල ජිවිත ගැන දේශනා කළා මම හිතන්නේ . සම්නය්යෙන් ජාතක කතා නාට්‍ය මට ටිකක් බෝරින් . මේක එහෙම නැහැ
Deleteඉංගිරීසි ලොකුම නගරයේ
ReplyDeleteගමයෙක් විය අළුත් තාලයේ
තරහ ගියොත් මිනිහ හරි සැරයි
බඹරෙ වගේ ගමන කඩිසරයි
ටෙලස්කෝප් දාලා අහසෙ තරුත් බලනවා
කෝච්චියක් එහෙම් පිටින් ගෙදර දුවනවා
පෝක් කරිය, පොල් රොටිය හොඳට කැපෙනවා
සුරුට්ටුවක් ගහලා වැටිලා හොඳට නිදනවා
හා,හා .........පින්ලන්තෙ, පින්ලන්තෙ 😋
ආ ඒක පොල් රොටියට කියල දාගන්න, ඈ?
Deleteලන්ඩන් වල හිටියත් ගමයා ගමයාමයි
Deleteකඩිසර ගමනේ කතාව දන්නේ කොහෙමෙයි
අනේ ඒ සැර තියෙන්නේ වැඩිපුර මා ගැනමයි
කවි දෙකනම් ඇත්තට මසුරන් ගානයි
දෙවෙනි කමෙන්ටුව තේරුනේ නැතිය
Deleteකවියෙ දෙවනි කොටසෙ පොල් රොටිය--->පොල් රොටියට
Deleteකඩිසර ගමනේ කතාව දැණන් වුන්නෙ නෑ. ඕව්වා රී-කන්ඩිෂන් කවි නිසා ඔරිජිනල් එකේ තිබ්බෙ එහෙමයි.😁
Deleteකොට මිනිස්සු විගහට ඇවිදිනවා නේද ? හේ හේ . දෙවෙනි කවිය නම් මරු . හරියටම මගේ දවස අරගෙන තියනවා . තරු වදේ අන්ම අත ඇරලා තියෙන්නේ කාලයක් . වෙලාවක් නැහැ
Deleteවේදිකා නාට්ටියක් නම් අවුරුදු 20කින් මෙහා බලල නැහැ .. අන්තිමට බැලුවේ මොකක් ද කියලත් මතක් කරගන්න අමාරුයි .. :(
ReplyDeleteඔය සිද්දි ඔක්කොම උනාට පස්සේ පටාචාරාගේ ජීවිතය කොහොම වෙන්න ඇත්දැයි හිතල හදපු නාට්ටියක් බලන්න තිබ්බ නම් කියල තමා මට නම් හිතුනේ ..
කොහොම උනත් විදෙස්ගත දරුවන් එක්ක මෙවැනි දේ කිරීම හොඳ දෙයක් කියල මට හිතෙනවා ..
හෙට අනිද්දට යනව හැම්ලට් බලන්න ලන්ඩන් වල . අපේ හිරාන් අබේසේකර කොලූ රඟ පානවා නොව . ඔලිවියේ ත්‍යාගයත් ලැබුණු නාට්‍යකරුව . //ඔය සිද්දි ඔක්කොම උනාට පස්සේ පටාචාරාගේ ජීවිතය// ඒ කෑල්ල තියෙනවා නේ , ඒ චන්ඩ කියා තව භික්ෂුණියක් තමන්ගේ යටතට අරගෙන මග පෙන්නුවා වගේ කතාවක් යනවනේ . පස්සේ නිර්වාණය අවබෝධ කර ගන්නවා . මේ කතාවේ වගේම අපේ අය බයයි නේ බුදු හාමුදුරුවන්ගේ චරිතය රඟ පාන්න . එනිසා ඒක වෙන එකක් නැහැ .
Delete[පස්සේ නිර්වාණය අවබෝධ කර ගන්නවා]. මෙන්න මේකෙන් පස්සේ කෙනෙකුගේ ජීවිතය කොහොමද කියල කොහෙවත් සඳහන් වෙලා නෑ නේද ? හැමදාම ඕක කියපු ගමන් අපි සාදු කාරයක් දෙනවා විතරනේ .. ඊට පස්සේ මොකද උනේ කියල අපි දන්නවද ?
Deleteපැතුම් ඔබ අදහස් කරන්නේ නිර්වාණය අවබෝධ කරගත් අයෙකුගේ පිරිනිවීම දක්වා ජීවිතය ගැනද? ථෙර ගාථා සහ ථේරී ගථා වල සඳහන් වන්නේ නිර්වාණ අවබෝධයෙන් පසු ඔවුන් අත්විඳි ප්‍රීතියයි. පටාචාරා තෙරණිය ගාථා කීපයක්ම දේශනා කරනවා.
Deleteනිහඬපාල ස්තුතියි !. ගාථා මම පොඩි කාලේ අහල තියෙනවා ..ලඟකදී ඇහුවේ නැහැ .. ආයේ අහල බලන්නම් .. ජාතක කතා හෝ වෙනත් කතාවක කෙනෙක් නිර්වාණය අවබෝධ කර ගත්තට පස්සේ මරණය දක්වා ජීවිතය ගැන තියෙනවද ? බුද්ධ චරිතය හෝ රහතන් වහන්සේලාගේ චරිත කතා ඇරුණම
Deletehttps://www.buddhistinquiry.org/resources/women-in-the-buddhas-life/patachara-and-her-student-chanda/
Deleteබසු ස්ටයිල්
ReplyDeleteමෙහෙත් ලන්ඩන් වගේ තමයි දැන්. නාට්‍ය බලන්න නම් කොළඹ යන්නම වෙනවා.
ReplyDeleteමම මහා ලන්ඩනය තුල ඉන්නේ . පැය භාගයක ගමනක් . කොළඹ ඇත්තටම හොඳ නාට්‍ය පුරවරයක්
Deleteදුම්රිය වාගේ දුම්දම දමමින
ReplyDeleteසුරුට්ටුවක් ඉදහිට උරමින
හිසේ කෙස් ගානට පොත් ලියමින
පියඹත් සමගින් රටතොට පියබන
ඉද හිට ලංකාවට ගොඩවෙන
ලංඩන් ගමයයි ආවේ කොළඹින
කොළොම්පුරේ තුමා මෙන්නමෙහෙ ඇවිදිල්ලා
Deleteරස කවියක් ගොතාල නේ හිටු කියලා
හිසේම කෙස් ගනනට මට දැන් ලියන්න හිතිලා
ගණන් කරනවා කෙස් ටික පිය බිරිඳට කියලා
ඇත්තටම සමහර නාට්‍ය එහෙම තමයි. කම්මැලි කමෙන් ගියාට අපහු එන්නේ සතුටින්.
ReplyDeleteඒක ඇත්ත
Delete+++++++++++++
ReplyDeleteස්තූතියි නීතිඥ වැටමාරසිංහ මහත්මයාණෙනි
Deleteගීයේ වචන නං මට තේරුණේ නැත
ReplyDeleteරැඟුම් හොඳට තිබ්බේ යැයි කියයි හිත
ජාත්‍යාලෙ මතු වෙන හැටි පෙනී යත
අරුමය එයයි, කොහෙ සිටියත් හිතේ ඇත!
ගීයේ වචන රැස හෙළ බස නොවෙද
Deleteහෙළ බස් හුරු නිදිගේ කන් නොමැසේද
ඔය නම් ජාති ආලය නොවේ දන්නේ නැත්ද
සංස්කෘතිය නැමදීමක් ය වැටහුනේ නැත්ද
රත්නපුරේට නාට්‍යයක් ආපු කාලයක් මතක නැහැ අප්පා. කොලබටම යන්න ඕනි හොද දෙයක් බලන්න නම්.
ReplyDeleteඔයා නාට්‍යයක් කරන්න ඒකට . රත්නපුරේ සෙට් එකක්ම ඉන්නවනේ බ්ලොගා ලම
Deleteලංකාවෙන් දෙයක් පිටරට හියහම එකේ දැනෙන වින්දනය ලබන්න පිට රටකම ඉන්න ඕනේ. ලංකාවේ බොහෝ අයට නොදැනෙන හැඟීමක් මේක.
ReplyDeleteමං හිතන්නේ මව් රට පිලිබඳ හැඟීම වෙන්න ඕනේ . අනිත් රටවල අයත් තම තමන්ගේ සංස්කෘතික සංදර්ශන කරනවනේ මෙහෙ
Deleteඑහෙම එකක් කරපු එකම මදෑ. කස්ටියට එකතු වෙන්නත් එක්ක හිටං!
ReplyDelete