Friday, 10 October 2025

ෆින්ලන්ත ගමන 1- හෙල්සින්කිය

අප හෙල්සින්කි නගරයට ගියේ සැප්තැම්බර් හය වනදාය .  හය වෙනදා  සහ හත්වනදා අපි නගරයේ සැරි සැරුවෙමු. මෙවර හෝටලයක නොව Air bnb එකෙන් කුලියට ගත් තට්ටු නිවසක නවාතැන් ගත්තෙමු. එහි බිල්ඩිම පිහිටියේ ගේට්ටුවකින් ඇතුලතය. සුපුරුදු ගතියක් දැනුනු බැවින් ඒ බව ඉනේස්ට හා දියණියට කීවද ඔවුන්ට එය වැටහුනේ නැත .  නමුත් අප එලියට පැමිණ අසල සුපර්මාකට් එකට යාමේදී මට පසක් වූයේ ගොඩ නැගිලි හා තට්ටුනිවාස මා සිටි රුසියාවේ  මොස්කව්  නගරයට හෝ සෙන්ට් පිටර්ස්බර්ග් නගරයට සමාන බවය .  එහි පින්තූර පහල ස්ලයිඩ් එකේ තිබේ.  

කහ පාට බනිස් එකක් වැනි පින්තුරයේ ඇත්තේ අල වලින් හදන ලද  කෑමකි. උදයට හෝ දවල්ට කෑ හැකිය .  අප සිටින හරියේ එලියට ඇවිදින විට ෆින්ලන්තයේ අප දුටු පළමු දූපත වෙරලට ඉතා ළඟින්  පිහිටා තිබුණි.  ෆින්ලන්තය විල් රාජ්‍යයකි. වර්ග මීටර් පන්සීයට වඩා විශාල විල්  187888ක්  තිබේ .  ඒ හැම එකකම වාගේ දුපතක් ද ඇත . මද දුරක් ඇවිදින විට පරණ කාර් ප්‍රදර්ශනයක් ද නැරඹීමට හැකිවිය .  බිරින්දෑ ගේ කණු කුණුව මධ්‍යයේ පින්තූර කිහිපයක් ගතිමි .  ලිප්ටන්  තේ පැකට් රුසියානු අර්ල් ග්‍රේ කියා විකිනීමට තිබීම කුහුලක් දැනවූයේ රුසියාවේ එවැනි තේ වැවෙන්නේ නැති නිසාය .  

.    

      පහුවදා අපි හෙල්සින්කි නගරය හඳුන්වා දෙන ටුවර් ගයිඩ් කෙනෙකුට එකතු වුනෙමු .  ඔහු ගේ මව ස්පාඤ්ඤ හා පියා ෆින්ලන්ත ජාතිකයෙක් බව පැවසිය .  ශීත සමයට ඔහු ස්පාඤ්ඤ යට ගොස් වාසය කරයි.   ඔහු පැවසූ පරිදි ස්වීඩන  පාලනය යටතේ වසර 300කට ආසන්න කාලයක් හෙල්සින්කි තිබුණේ පුංචි ගමක් ලෙසටය . ඔවුන් හෙල්සින්කි වල ගමක් ස්ථාපිත කරන ලද්දේ ඒ අසලින් යන නෞකා , බෝට්ටු ආදියෙන් බදු ගැනීමටය .  එය එතරම් සාර්ථක නොවූ නිසා ඔවුන් හෙල්සින්කි හැර දමා තිබුණි .  නමුත් 19 වැනි ශතවර්ෂයේදී රුසියානුවන් එය තමන්ගේ පාලනයට නතු කර ගත් පසු සියල්ල වෙනස් වුනි . සාර් ඇලෙක්සැන්ඩර් II, ශාන්ත පීටර්ස්බර්ග්හි ගොඩනැගිලි ඉදි කල ජර්මානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ කාල් ලුඩ්විග් එංගල්ටම, හෙල්සින්කි නගරය සැලසුම් කිරීමට සහ නිර්මාණය කිරීමට උපදෙස් දුන්නේය. පෙරදා  ගමක් ව තිබූ හෙල්සින්කිය සෙන්ට් පිටර්ස්බර්ග් මෙන් විශාල නගරයක් වූයේ එලෙසය .   

හෙල්සින්කි වැසියන් කෘත ගුණ දැක්වීම සඳහා  සාර්  රොමානොව්  ගේ ප්‍රතිමාවක් නගර මධ්‍යයයේ සාදා තිබේ. මට සිතුනේ   මේ දිනවල ඔවුන් ගරු කරන එකම රුසියානුවා ඔහු විය හැකි බවය .  නමුත් අපේ ගයිඩ් මහතා අප පුදුමයට පත් කලේ  ලෙනින් ගැනද පැවසීමෙනි .  ෆින්ලන්තවාසීන් ගරු කරන අනිත් රුසියානුවා වන ලෙනින් 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ගින්ලන්තයට නිදහස ලබා දීමේ ගිවිසුමට අත්සන් කළේය. (ෆින්ලන්තය රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ රටකි . )  සාර්  පාලනයෙන් පලා ගිය හැම විටම ලෙනින්ට මුලින්ම රැකවරණය දුන්නේ ෆින්ලන්තයයි .  ලෙනින් නතර වී සිටි නිවස තිබෙන්නේ  සොර්නන්ස්ටන් රන්ටටි නමැති විදියේය . එසේම ඔහු සහ ට්‍රොට්ස්කි ඔවුලුන්කිලා දිස්ත්‍රික්කයේද සැඟවී සිටි අතර ලෙනින් ඩොක්ටර්  ම්යුලර් නම් අන්වර්ථ නාමයක්ද භාවිතා කළේය . 

මේ නගර දෙක අතර ඇති සෘජු සම්බන්ධය සහ ශතවර්ෂයක ඉතිහාසය මෙම ගොඩනැගිලිවලින් පිළිබිඹු වන ආකාරය දැකීම ඇත්තටම පුදුම සහගතය. මේ ප්‍රතිමාව ළඟ සිටින්නේ අපේ ගයිඩ් මහතාය. ප්‍රතිමාවේ සටහන් ලියා ඇත්තේ ස්වීඩිෂ් භාෂාවෙනි .  එය කතා කරන්නේ 3% පමණ ජනතාවක්  වුවද එය රාජ්‍ය භාෂාවක් හෙවත් දෙවැනි භාෂාවයි .  එනිසා සෑම  පුවරුවක්ම පාහේ   ස්වීඩන භාෂාවට පරිවර්තන කර තිබෙනු  දැකිය හැකිය . 

හෙල්සින්කි වල නග්න  දිය කිඳුරියකගේ ප්‍රතිමාවක් එහි මාකට් එක ආසන්නයේ ඇත. එය නම්කර ඇත්තේ හවිස් අමන්දා  යනුවෙනි .  එය වල්ග්‍රෙන් පැරිසියන් නම් කලාකරුවාගේ නිර්මාණයක් වන එය විවෘත කර ඇත්තේ 1908 වසරේදීය. ඇය සාගරයෙන් මතුවන සෙයක් දක්වා ඇති හෙයින් එය හෙල්සින්කි නගරයේ නව උපත සංකේතවත් කරන බවට ෆින් වරු විශ්වාස කරති .  


 මාකට් චතුරශ්‍රයේ වැඩිපුර තිබුනේ මාළු බැද විකුණන පොඩි අවන්හල්ය.  ඒ අතරේ නොයෙකුත් සුකුරුත්තම් විකුණන කඩ ද තිබුණි .  එක තැනක සිටි රුසියානුවෙකු අපි කොහි  සිට දැයි ඇසුවේය .  බොහෝ තැන්වලදී  ලන්ඩන් වලින් යයි කී පසු ඔවුන් මගින් නමුත් ඔබ ඇත්තටම කොහි  සිට දැයි අසයි .  එංගලන්තයේ එවැනි ප්‍රශ්නයක් ඇසුවොත් එය වර්ණවාදී හෝ ජාතිභේදවාදී  ප්‍රශ්නයක් ලෙස සලකති .   නමුත් ලෙහෙසියට මම නිතරම මා උපන්නේ  ශ්‍රී ලංකාවේ යයි පිළිතුරු දෙමි .  මෙහිදී රුසියානුවා කීවේ ඔබේ රටේ කෙනෙකුත් මෙහි සිටිනවා කියා ඒ කඩය පෙන්වීය. ලංකාවෙන් ගෙන්වන, දැවයෙන්  සෑදු ළමා සෙල්ලම් බඩු  හා අධ්‍යාපන අංග විකුනන එහි කඩ හිමියා ශ්‍රී ලංකාවේ සිට වසර හතළිහකට පමණ පෙර පැමිණියෙකි .  අවාසනාවට මට ඔහුගේ නම අමතකය . 

 එහි ඇති විශාල පුස්තකාලයට සහ රොක් කොන්සර්ට් හලටද ගිය අපි කොෆි බිමට  නැවතුනෙමු .  ඉතා රහ කේක් ජාති දෙක තුනක්  අරගෙන ඒවාට ගෙව්වත් කෝපි හා තේ වලට මුදල් අයකළේ නැත .  සොයා බලනවිට ඒවා නොමිලේය. පුස්තකාලයේ හා ඒ අවට පින්තුර දෙවන ස්ලයිඩයේ ඇත .  පුස්තකාලයේ සිංහල  පොත් නොතිබුනත් රුසියානු සහ වෙනත් භාෂාවල පොත් තිබේ. රුසියානු පොත් ගැන විශේෂයෙන් සඳහන් කලේ පසුගියදා යුක්‍රේනයේ රුසියානු සාහිත්‍ය පොත් බොහොමයක් ගිනිබත් කළ හෙයිනි .  මෙහි බොහෝ ෆින්වරු  හොඳින් ඉංග්‍රීසි කතා කරන බවද නිරීක්ෂණය කෙරුවෙමු.

සමහර ගොඩනැගිලි හා තට්ටුනිවාස අසල සතෙකුගේ පින්තුරයක් කොටා තිබේ .  බොහෝ ෆින්ලන්ත වාසීන්ට අකුරු කියවීමේ හැකියාවක් තිබී නැත .  එනිසා ස්වීඩන පාලන කාලයේ ඔවුන් ලිපින හෝ ඉන්න ස්ථානය හඳුනාගෙන ඇත්තේ සතුන්ගේ නම් වලිනි .  "අපි ඉන්නේ වලහා ගේ බිල්ඩිම ගාවින් හැරී ගොස් අලියාගේ බිල්ඩිම අසලම තිබෙන ඌරාගේ බිල්ඩිමේ යයි" ඒ දවස් වල සාමාන්‍ය ලිපිනය කීමේ විලාසයකි. 

 

දවස අවසානයේ අපි අවන්හලකට ගියේ රාත්‍රී ආහාරය සඳහාය .  එහි රැකියාව කල බොහෝ අය ෆින්ලන්තයේ  නොව වෙනත් ජාතිකයන් ය .  එහි විශ්ව විද්‍යාලයක උගන්නා සිංහල ශිෂ්‍යවක්ද  අපට මුන  ගැසුණි .  ෆින්ලන්ත වරු තමන්ගේ ගොවිබිම්  සහ ට්‍රැක්ටර් වැනි ඒවාට භාවිතා කරන වාහන ගැන ඇති උනන්දුව මහත්ය .  මේ "ගොවි ආපන ශාලාවේ "  ට්‍රැක්ටර් කිහිපයක් ඇතුලේ තබා තිබුණි . අපි පිසූ විවිධ මාළු සහිත  බඳුනක් , බ්ලිනි සහ පිනි මුවන් (reindeer soup)  සුප් එකක් ඇණවුම් කළෙමු .  ඒවායේ රහ බොහෝ රුසියානු සහ ජර්මන් කෑම වලට සමානය. ජර්මනියේ ශීත සමයට ඉනෙස් ගේ මව ගෝන මස් වලින් හදන  සුප් එක ඒ වගේමය .  අවසන් පින්තූරයේ ඇති අළු පැහැති නිවස අවුරුදු 250 ක පමණ පැරණි  එකකි .  








මේ ට්‍රෑම් කාර් වීඩියෝ දෙක සහට්‍රේන්  වීඩියෝ අප්ලෝඩ් කරන්න අමතක වුනා .  



ෆින්ලන්ත ගමන ගැන තව ලිපි  දෙක තුනක් ලියවෙනු ඇත . 

කොලඹ  ගමයා 10/10/2025  


 

63 comments:

  1. ෆින්ලන්තෙටත් අප එක්කං යන විදිහ
    හොඳයි, සරුයි, වෑහෙනවා එහේ රහ
    ස්තුතියි අජිත් ලිව්වට එහෙ විදිහ
    ෆොටෝවලින් ඉස්මතු වෙයි තවත් රහ

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ඉස්සෙල්ලම ආවාට
      ක්වියම් මඝින් පිළිතුරු මට දුන්නට
      ස්තුතියි නිදිතුම මා මිතුරාට
      අන්තිම පේලියේ ගන වැරදිල ඔබට

      Delete
    2. අපමණ විරිත් ඇත සිංහල කව් ලැකියේ
      ඒවා ගොඩක් ගැන මං දන්නෙත් නැතියේ
      'මත්' ගනිමින් නොවෙයි මම කවි පද ලීයේ
      තාලෙට ගැයේදැයි බලමිනි කඩිමුඩියේ

      කවියක වරුණ මේ විදිහට විමසීම
      වැරදි වෙතොත් හෙම එව්වා පෙන්වීම
      අභ්‍යාසයකි අප කාටත්, එය කෙරුම
      ගැන තුති අජිත් මැතිඳුනි, තුති පුදමි මම

      Delete
    3. මේකට කවියක් ලියපං බස්සෝ
      වහගන් කට දැන් රිංගයි මැස්සෝ
      දැක්කද ඉන්නව තඩි පොකිරිස්සෝ
      කෑමට බීමට හපන්නු රුස්සෝ

      Delete
    4. එහෙම ලිව්වාට නිදිතුමනේ අපගේ
      වැරදිලා මටත් පෙළ දෙවනිය නොලිව් අගේ
      "කවියක් මගින් පිළිතුරු මට දුන්නාට" වගේ
      ලියැවිය යුතුයි හැදුවා මේ හරිද මගේ

      Delete
    5. රුස්සෝ නම් කන්නට හපන්නු ය
      බස්සෝ කවි ලියන්නේ කට ඇරගෙනද
      තඩි පොකිරිසෝ කන්නට නම් මට බැරිය
      ඉස්සෝ කුනිස්සො ඔහෙ කන්නේ නැත්ද ?

      Delete
    6. අජිත් මහත්තයෝ,

      දැන් දැන් ලියන කවි පිරිපුන් කවි වාගෙයි
      පොඩි පොඩි වැරදි එහෙමත් නැතුවාම නෙවෙයි
      මුලදී කාට කාටත් ඔය ටික ඔහොමයි
      දිගටම ලියද්දී සුපිරියටම ලියැවෙයි

      Delete
    7. අලුතෙන් එක්කල විඩියෝ ටිකේ අගේ
      ගල් ඇල්ලූ පාර වික්ටෝරියන් යුගේ
      ටෑම් කාර්, විදුලිය හිඟ නැතුව වගේ
      ටිකක් පාලු බවක් දැණුනා හිතට මගේ

      Delete
    8. නිදි අයියා අපි කවි ලිව්වා කවි එදා ඉඳන්
      ඔය ආවේ මේ පැත්තේ ලඟදි ඉඳන්
      බස්සාණෝ කතාව නම් ඇත්ත තමයි
      රට ලොකු වැඩි නිසා පාළුව දැනෙනවා තමයි

      Delete
    9. මම කැමති ඔහෙන් ආපු කොමිඩියන් කෙනෙක්:
      https://www.youtube.com/shorts/BNT3MrgsDmc

      Delete
    10. ආ මම මෑන් ව දන්නවා . මරු

      Delete
  2. කියෙව්වා. ආයෙ එන්නම් පස්සෙ සාකච්චාවට.

    ReplyDelete
  3. පේන විදිහට සෑහෙන රුසියන් මයිනෝරිටි එකක් ඉන්න පාටයි. ඒ ගොල්ලන්ගේම කෘෂිකර්ම වාහන තියෙන, කෘෂිකර්මයෙන් දියුණු රටක් වගෙයි පේන්නෙ.

    අර සාර්, ලෙනින් දෙන්නටම ගරු කරන එකත් මාරයි. රුසියන් උපකාර සෑහෙන ලැබිල තියෙන නිසා, සංස්කෘතිය සහ දේශපාලනය ඒ පැත්තට බර ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ . ඉතාම අඩුයි . ස්වීඩන් අය වැඩියි . 1.7% ලක්ෂයක් වගේ ගානක් ඉන්නේ .ඒක තමා මාරුව වැඩේ . සංස්කෘතිය රුසියනු බලපෑම අඩුයි . අර ලප්ලන්තයේ ඉන්න අය ඇරුනහම, සාමි කියල කියන්නේ . ඒ ගොල්ලෝ එක්ක පොඩි වලියක් තියනව . සාමි අය ඔරිජිනල් ෆින්ලන්තේ මිනිස්සු . සයිබීරියාවේ ඉන්නේ අ අයගේ නෑදෑයෝ . දේශපාලනය සම්පුර්ණයෙන්ම යුරෝපියන් යුනියන් පැත්තට . පුටින් ට විරුද්ධයි .

      Delete
  4. Replies
    1. ඔව් නේද . හෙල් කියන එක නම් . සින් නම් තමා . වැන් හෙල්සින් ඇත මතක් වෙනවා

      Delete
  5. චාරිකා සටහන සුන්දරයි. ලෝකයේ 8 වතාවක් මුල් තැනට පත්වුණු , සතුටින්ම ජිවත්වන මිනිස්සු ඉන්නවා කියන රටනේ. ඉදිරි චාරිකා සටහනකින් ඒ ගැනත් කිව්වොත් හොඳයි. මට නම් ඒක ගැන ලොකු සැකයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . ඔය සතුටු කතාව නම් ඉතින් පොඩ්ඩක් ලුණු එක්ක ගන්න ඕනේ . අයිස්ලන්තේ වගේම මෙහෙ මානසික ආතතිය (ඩිප්රේෂන් ) වැඩි වෙන්ව වින්ටර් කාලෙට . ඇල්කොහොලික් ල වැඩියි . ආණ්ඩුව බිම ගණන් වැඩි කරනවා හිටු කියල . මිනිස්සු ජපනුන්ගේ විධිහයි . . ඒ වගේ ගොඩක් .

      Delete
  6. මාතලන් මහත්මයාගේ බ්ලොගයේ මගේ නමින් කොමෙන්ටුවක් දමා ඇතැයි වාර්තාවී තිබේ . මා එහි ගොස් ප්‍රතිචාර දමන්නේ නැති බව කරුණාවෙන් සලකන්න .

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana11 October 2025 at 15:48

      ඒකේ ඔයාගේ ශෛලිය නෑ. ඒක බොරු බව අඳුනාගන්න පුලුවන්
      මම ලිව්වා නම් ඔයාටවත් අඳුරාගන්න බැරි විදියට ලියනවා.

      Delete
  7. Jagath Pathirana11 October 2025 at 15:55

    මම නම් ඔයවගේ අමුතු කෑම කන්න බයයි. බෙදාගත්තට පස්සේ කන්න බැරිවෙයි කියලා. මම කැමති නෑ කෑම අහක දාන්න.
    මාලු මිරිස්,තක්කලි දාලා සාලයෝ කරවල හොද්දක් හදලා.
    සම්බෝලයක් හදලා
    බෝංචි තෙම්පරාදුවක් හදලා බත් කනකොට එන ආතල්එක ඔ්කෙන් එනවද?

    ReplyDelete
    Replies
    1. ඒකට ජැප්පෝ වගේ කන්න ඕනේ. ටිකක් කන්න ගන්න . ඒක කන්න පුලුවන්නම් ඊලඟ දවසේ ආයෙත් ගන්න , /මාලු මිරිස්,තක්කලි දාලා සාලයෝ කරවල හොද්දක් හදලා.
      සම්බෝලයක් හදලා
      බෝංචි තෙම්පරාදුවක් හදලා බත් කනකොට// ඒක වෙනම ආතල් එකක් . ඊට පස්සේ ටිංකිරි දාල හොඳ සැර තේකක් බොන්න ඕනේ

      Delete
  8. හරි අපුරුයි ලියමන. මට දැනුනේ හරියට මමත් එහෙට ගියා වගේ

    ReplyDelete
    Replies
    1. ලියෝනි නංගි මෙහේ ආවට මට හැපිය
      දැන් ඔය තුමියට කවි ලියවෙන්නේ නැතිද
      හතර පදය ගලපා ලියවෙන හොඳට
      නිදි මහතා සමග තරඟය දෙන්නට බැරිද ?

      Delete
    2. ස්තූතියි ප්‍රතිචාරයට

      Delete
    3. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. කවියත් මාරු ආ.

      Delete
  9. බණ ගෙදරක, දානෙ ගෙදරක උනත් හොඳ නරක කියන්නේ කෑම දිහා බලලනේ.

    ReplyDelete
    Replies
    1. එහමත් එකක්ද , හොඳ වෙලාවට කෑම ගැනත් ලිව්වේ

      Delete
  10. අහා.................! මෙන්න ෆින්ලන්තේ විස්තරේ ඇවිත්. සතුටුයි.....සතුටුයි....ලිපින කියවිල්ල....හා..හා..නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුමුදු

      Delete
  11. ට්‍රෑම් කාර් වීඩියෝ දෙක සහ ට්‍රේන් වීඩියෝ එක අප්ලෝඩ් කළා .

    ReplyDelete
    Replies
    1. බැලුව ඒව ඔක්කොම. හංගගෙන ඉන්නෙ නැතුව ඔක්කොම දාන්න අප්පා.😋

      Delete
    2. ඇත්තටම අමතක වුනා . දැන් ඒ ටික දාල මේවා ලියන්න ඕනේ

      Delete
  12. අපූරුයි චාරිකා විස්තරේ..ජපානෙ සිට පින්ලන්තයට. ස්විඩිශ් භාශාව කතා කරන්නෙ 3% නම් ඉතුරු ගොබිලෝ කතා කරන්නෙ මොන භාශාවෙන්ද? මේ කාලෙත් එහේ වින්ටර් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෞශල්‍ය . ඉතුරු ගොබිලෝ කතා කරන්නේ ෆින්ලන්ත භාෂාව නොවැ .88.9 % ෆින් වරු ඉන්නේ . සැමි වරු 7500 ලු ඉන්නේ . ෆින්ලන්තය නෝර්වේ සහ රුසියාව රටවල් තුනම සැමි මිනිසුන්ව බලයෙන් ඉන්ටග්‍රෙට් කරගත්ත . හරියට ලංකාවේ අබෝරෝජින් ජනතාව සින්හලිකරණය සහ දෙමලකරනය කරා වගේ

      Delete
    2. Jagath Pathirana14 October 2025 at 06:10

      හරියට අජිත් ධර්මකීර්ති ඇංග්ලිකන් ක්‍රිස්තියානි කලා වගේ

      Delete
    3. එහෙම වෙලාද , රෝයල් ගියේ ලංකාවේදී , ස්කවුටින් කලේ ඇන්ග්ලිකන් පල්ලියේ , ආභාෂය තිබ්බට පන්සලේ ධර්මාචාර්ය විභාගෙත් කළා ජගත්

      Delete
    4. පන්සලේදි සෙල්ලම් කළේ නැද්ද අජිත්? පන්සලේ සෙල්ලම් කළාට පවක් නෑ නේද?

      Delete
  13. එහෙනං ෆින්ලන්තය වටෙත් අපිව එක්කන් යන්ඩකෝ.ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඔයාව එක්කන් යනවා . කෑම සප්ලයි එක තමා ඕනේ . ඔයාගේ පොත කියවල් ඉවරයි . ලිපුයක් ලියන්නම් ඉක්මනින් . අනිත් බ්ලොගයේ ලියන්නත් හිතයි .

      Delete
    2. අනිත් බ්ලොගය මොකක්ද? Link එක පීස්

      Delete
    3. ඒ මේක . https://anogamaya.blogspot.com/2025/10/blog-post_21.html

      Delete
  14. ලස්සන සටහනක් . ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ තුමා

      Delete
  15. අජිත් මහත්මයා, හෙල්සින්කි දිනපොත කියලා හොඳ fb acccount එකක් තියෙනවා. පොඩ්ඩක් බලන්න. මේ දවස්වල අපි ඉන්නෙ කයියගෙ බිල්ඩිමේ. එතන රස සාගරයක්.😜🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔත්තුවට . බලන්නම්

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හෑ ආතර් ඇවිත් ගිහින්

      Delete
    2. අර කොමිඩියන් ගැන දාන්න ගිහින් ලින්ක් එක වැඩ නොකර ගිය නිසා මැකුව. පස්සෙ කවි සංවාදෙ අගට අමුවෙන්ම එබුව.😋

      Delete
  17. Earl Grey blended / packed in Russia?

    ReplyDelete
    Replies
    1. සමහරවිට . බෙගමුට් ටී එක වගේමයි

      Delete
  18. Jagath Pathirana18 October 2025 at 03:44

    ඔබතුමා අශ්ව දෝලාව දැකල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නැහැ . දන්නේ නැහැ . දෝලාවක් අස්සයෝ හතර දෙනක් එක්ක අදිනවද ? ඒක අස්ස කරත්තේ නේ

      Delete
    2. Jagath Pathirana19 October 2025 at 01:02

      https://www.youtube.com/watch?v=6A1bLsBy7xA

      Delete
    3. ඒ අශ්ව දෝලාවක් යැ . නාන බේසමක් නේ . බාත් ටබ් එකක්

      Delete
    4. Jagath Pathirana19 October 2025 at 16:48

      විනාඩි 46 ඉඳන් බලන්න.
      මම බැලුවේ ඉතාලි ගෑණු ලස්සනයි. පිරිමි කැතයි.
      යු‌දෙව් ක්‍රිස්තියානි චින්තනයට ආවඩන චිත්‍රපටියක්.

      Delete
    5. ඉතාලි කාන්තාවෝ ලස්සනයි තමා . නමුත් උතාලි අම්මලා වැඩිය තැන දෙන්නේ පුතාට . ලංකාවේ වගේ . ඉතින් ඔතන තියෙන්නේ අස්ව කරත්තයක් තමා . සෙඩන් එක නැත්නම් දෝලාව මිනිස්සු උස්සන් ගියා . පස්සේ ඒකටම අස්වයන්ව දැම්මා . අස්ස කරත්තේ ට වැඩිය වෙනස් තමා . මම ඔය Palanquim කිහිපයක් දැකල තියනව කොබර්ග් (ජර්මනියේ ) මාලිගාවේ

      Delete
  19. ඊයේ හම්මලිනා වල සිදුවුණු අනතුර . මෝටර්වේ එක මීදුමින් වැහිලා නිසා . https://www.facebook.com/share/r/1A4uGqLcQ3/?mibextid=wwXIfr

    ReplyDelete
  20. අද තමා බ්ලොග් කියවන්න ගත්තේ මාස දෙකකට විතර පස්සේ .. ෆින් ලන්ත සවාරියේ ඉතිරි ටිකත් දාන්න ..

    මටත් ඔය මිනිස්සුන්ගේ ජිවිත හෙන සතුටුයි කියන එක ගැන ප්‍රශ්න තිබ්බා .. අනිත් එක අධ්‍යාපනය හෙන හොඳයි ගගා කියන කතා ගැනත් සැකයි .. ඔය ක්‍රම ෆේල් කියලත් මම දැක්කද කොහෙද .. ඉදිරි ලිපි වලදී ඒවා ගැනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා . අධ්‍යාපනය නම් හොඳයි තමා

      Delete
  21. https://www.ruokavirasto.fi/en/foodstuffs/food-sector/product-and-industry-specific-requirements/meat-and-meat-products/medium-cooked-minced-meat-burgers/

    ReplyDelete
    Replies
    1. මේක තුන්වෙනි ලිපියට දාන්න ඕනේ . ස්තූතියි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .