ලෙනින් ලියෝ ටෝල්ස්ටෝයි නමැති මහා ගත්කරුගේ සාහිත්‍යකරණය ගැන වරක් මෙසේ ලියුවේය . "ලියෝ ටොල්ස්ටෝයි යනු රුසියානු විප්ලවයේ කැඩපතයි . " මේ කියන්නේ මොන මගුලක්ද කියා මට බොහෝ කලක් වැටහුනේ නැත . ඔහු ලියුවේ ටොල්ස්ටෝයි ගේ අදහස් සහ මුලධර්ම වල ඇති පරස්තරතාවයන් අහඹු දේවල් නොවන බවත් ඒවායින් පෙන්වන්නේ දහනව වන සියවසේ අග භාගයේ රුසියානු ජිවිතයේ පරස්පර විරෝධී තත්වයන් බවත් ය. නමුත් ටෝල්ස්ටෝයි ගේ කෘති බොහොමයකම මාතෘකාව වූයේ රුසියානු ප්‍රභූ හා රදළ ජිවිත ගැනය. ඇනා කරෙනිනා , යුද්ධය හා සාමය, සැන්දෑ සාදයෙන් පසු, ඉවාන් ඉලිච් ගේ මරණය ආදිය නිදසුන්ය.
එයිටත් එහා ගිය ප්‍රශ්නයක් වූයේ ටෝල්ස්ටෝයි දැඩි ක්‍රිස්තියානු ආගමිකයෙකු මෙන්ම සිටුවරයෙකුද වීමය.
නමුත් අනිත් පසින් ටෝල්ස්ටෝයි යනු රුසියානු ජිවිතයේ අසමසම චිත්‍රයක් මැවූ, සමාජයේ බොරු සහ කුහකකම් වලට අවංකව විරෝධය දැක්වූ, ධනය සහ දරිද්‍රතාවය අතර දැඩි වෙනස විවේචනය කල ප්‍රතිභාපුර්ණ පුද්ගලයෙකි. නමුත් පරස්පර විරෝධී ලෙස ඔහු ඉඩම් හිමියෙකු මෙන්ම ආගම දේශනා කරන්නෙකුද,ලෙනින් ගේ වචනයෙන් උමතු විලාප නගන රුසියානු බුද්ධිමතෙකු ද විය
.
රුසියානු දරිද්‍රතාවයේ ගිලී උන් ගොවි ජනතාවගේ අනිත් විරුද්ධ පාර්ශ්වය ඉඩම් හිමි ධනවතුන් විය. ඔවුන්ගේ ධනවත් එහෙත් නිසරු සහ දියාරු ජීවිත හෙළි දරව් කලේ ටෝල්ස්ටෝයි විසිනි . ටෝල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත වූයේ එසේය. මේ පරස්පරතාවය නිසාය .
ශ්‍රී ලංකාවේ නවකතා ගැන කල්පනා කරද්දී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාවන් මෙන්ම ඔහුගේ බොහොමයක් නවකතා 'ගම ' පාදක කොට ගෙන ලියවුනු ඒවාය. කේ ජයතික ගේ පොත් වල නාගරික ජිවිත ගැන සඳහන් වුවද ඒවා අයත් වන්නේ හැටේ දශකයේ අග භාගයට සහ හැත්තෑවේ දශකයටය . මා පසුගිය කලෙක කියවූ බොහොමයක් කතා ලියවී තිබුනේද ගම පාදක කරගෙනය. තවත් බොහෝ ඒවා අනුරාධපුරය හා පොලොන්නරුවටද , බදුලු ප්‍රදේශය හා දකුණද පාදක කොට ගෙන ලියවුනු ඒවාය. ගුණදාස අමරසේකර මහතාගේ 'යලි උපන්නෙමි ' නවකතාව නාගරික ජීවිතයක් හරහා ගලා ගිය එකක් බව මතකයේ පවතී . නමුත් එය අයත්වන්නේද අතීතයටය . හැත්තෑවේ දශකයේ ප්‍රේම කතා බොහොමයක් ලියවුනේ නාගරික හා ගම්බද ධනවත් මධ්‍යම පන්තික ජිවිත අලලාය. සුමිත්‍රා රාහුබද්ධ ගේ සිට අනුර වික්‍රමසිංහ දක්වා පොත පතද ඒ ආරයටම ලියු ඒවාය. ඒවා කියවීමට ආසා කරන වර්ගයේ ව බව සැබෑය. අසූවේ දශකයෙන් පසු කොළඹ හා අවට තදාසන්න ප්‍රදේශයන් හි ජන ජීවිතය ගැන ලියවුනු පොත් නැති තරම්ය . විශ්ව විද්‍යාල ජිවිත අලලා පොත් කිහිපයක් ලිවී තිබෙන අතර මෑතකදී කියවූ බෝධිනී සමරතුංග ගේ 'මගේ පස්සෙන් එන්න " එවැන්නකි. මෑතකදී කියවූ හොඳ පොතක් වූ උපුල් ශාන්ත සන්නස්ගලගේ "භික්ෂු පරිච්ජ්චේදය" පෞද්ගලික පන්ති උප සංස්කෘතිය අනුසාරයෙන් ලියුවකි .
තමන්ගේ ආරයකට පොත් ලියන තරිඳු හරි ලොකු ගමගේ මට මුලින්ම සම්මුඛ වන්නේ බ්ලොග් හරහාය . ඉන්පසු ඔහුගේ කොමඩි කතාවක් බඳු "ඔයිල් පැල්ලම්" පොතේ කියවා ඉමහත් රසයක් වින්දෙමි . ඒ ගැන මා "ජිවිතයේ
ඔයිල් පැල්ලම් නැත්තෙක් සිටීද" මන් බ්ලොග් ලිපියක් ලීවෙමි . කොමඩියක් සේ ලියවුනද එය සමාජයේ එක්තරා කොටසක් ගැන විග්‍රහ කෙරෙමින් ලියවුන ග්‍රන්ථයක් බව හොඳින් විමසනවිට පෙනී යා හැකිය.
ඉන්පසු මගේ ඇස ගැටුනේ ඔහුගේ රහස් පරීක්ෂක හෝ අපරාධ පන්නයේ නවකතාව වන 'වයර් පොටක සෞන්දර්යය' යි . එය මුල් පොතට සපුරාම වෙනස් පන්නයේ පොතක් විය . එම පොතේද ඔහුගේ උපමා යෙදීම් අඩු නැතිව තිබුණි . "බෝඩිම ප්‍රාග් ඓතිහාසික මහා ගංවතුරකට අහුවූණු ඩයිනෝසර සොහොනක් මෙනි ." යනුවෙන් 23 වන පරිච්චේදයේ ලියා තිබේ . ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ජුරාසික් ලෝකය බලා නැත්නම් එවැන්නක් හිතා ගත නොහැකිය . තරිඳුවා ගේ හිස තුල මයිනටෝර් හිටි ක්‍රිට් දූපතේ වංක ගිරිය මෙන් යයි මට සිතුනි . අපරාධ නවකතා කියවන විට අප කියන්නේ 'ක්‍රිමි' එකක් බලනවා කියාය. මේ පොත හොඳ ක්‍රිමි එකකි . ගමනක් හෝ නිවාඩුවක් යනවිට දවසක් දෙකක් තුල කියවන්නට අනගිය.
"ඇල්බට්වරුද මනුෂ්‍යයෝය" පොත කුමන වර්ගයේ එකක්දැයි මට මුලදී සිතා ගැනීමට නොහැකි විය. එහි ඇති චරිත වර්ගයා අතර පරස්පරතාවයන් බොහෝය . ඉහත ටොල්ස්ටෝයි ගේ කතාව සඳහන් කලේ ඒ නිසාය . නැතිව තරිඳු ලොකු ගමගේ පොත් ටෝල්ස්ටෝයි ගේ පොත් වලට සම කරන්නටම නොවේ. මට මේ පොත කියවන්නට සතියකට වඩා ගියේ එය කියවූයේ එකවිට නොවන නිසාය. උපමාකාරක වැඩි තැන්වලදී පොත පසෙක දමා වෙනත් දෙයක් කලෙමි.
"ලිප්ස්ටික් ඉලුවා වගේ රතු පාටක් තිබ්බ පඩි දෙකක් නැගලා , චොකලට් ඉලුවා වගේ දුඹුරු පාට දොරක් හරහා , මම කිරිපිටි ඉලුව වගේ කහ සුදක් තිබ්බ සෙටියක අනවසරයෙන්ම ඉඳ ගත්තා . ඊට පස්සේ අයිලයිනර් ඉලුව වගේ කළු පාටක් තිබ්බ කොෆි ටේබල් එකක් ..."පිටුව 184.
නවකතාවක් කියවන විටදී අපි බොහෝවිට චිත්‍රයක් හිතේ මවා ගනිමු . ඒ නවකතාවේ එන ප්‍රාදේශීය විස්තර , ස්ථානයේ විස්තර, ගෘහයේ විස්තර හෝ පාත්‍ර වර්ගයාගේ සිරුරේ විස්තර වලිනි . තරිඳු ඒවා ඉතා හොඳට ලියුවද - ලිපිස්ටික් සිතේ මවාගෙන, ඉන්පසු චොකලට් ද , කිරිපිටිද , අයිලයිනර් ද සිතේ මවා ගන්නාවිට තාරකා විද්‍යාව සම්බන්ධ පොතක් කියෙව්වාක් මෙන් හිතට මහන්සියක් දැනේ.
ඇල්බට්ලාගේ පොත් දෙවන වරට කියවිය යුතු යයි මට සිතුනේ මේ අවස්ථාවේය . "මනුස්ස ශිෂ්ටාචාරේ කියන්නේ කිරි ඉල්ලා හඬන දරුවෝ වගේ ආදරේ ඉඋල්ල විලාප ගහන ජීවින් පොදියක් " යෙදුම මට ඇස ගැසුනේ එවිටය .
චුට්ටා , පංකජ හා ගුත්තිල ඇල්බට් ගේ චරිත දෙස වඩා සීරු මාරුවෙන් බැලීමේදී කතුවරයා මිනිස් ස්වභාවයේ ඉතා සුක්ෂම තැන ග්‍රහණය කර ගන්නා බව පෙනීයයි
"කැම්පස් නං මචන් වෙන්නයි , කැම්පස් නෙමෙයි නං ඔයා වෙන්නයි හෙතුය්ව මොකද්ද?.
උප සංස්කෘතිය"
පාඨකයා තැනින් තැන නොදැනීම සිනා ගැස්සීම කතුවරයා කරන්නේ ආයාසයකින් තොරවය . එසේම කිසිම ආයාසයකින් තොරව චුට්ටා ගේ හා කුෂී ගේ ලෙසබියානු ආදර අන්දරය පොතේ පසුබිමින් ගලා යන්නට සලස්වයි. ඉනසු සීමා ඇල්බට් , දින දෙකකට පෙර ටිලිනි ටාරුකා රතු පාට මල් වැටුණු දනිස්ස්ට දිග ගවුමක් ඇඳ නෙටමොල්ට් පැකට්ටුවක් අතින් ගෙන පද්දමින් ගිය දසුන් පෙළ සිහිපත් කරමින් ස්වයං වින්දනයේ යෙදුනේය, යනුවෙන් ලියා පාඨක මනසට හීනි ෂොක් එකක් දෙයි. ඒ ෂොක ඉන්පසු කිහිප ගුණයකින් මල්ටිපල් වී ලැබෙන්නේ සීමා ඇල්බට් , නිරුක්ෂණ සමග රහස් පරීක්ෂක වැඩකට ගොස් මලී කොල්ලාගෙන් කට පුරා අසා ගන්නා අන්දම කියවන විටය .
කතුවරයාගේ නම් තැබීම ඔහුට ආවේණික ඒවාම නොවේ . කොළඹ හා තදාසන්න පෙදෙස්වල ජිවත් වූ අයෙකුට , පලක්කුවා , බීරළු ඩගියා, සීමා ඇල්බට් , ටික්කයියා, වලිනි ටාලුකා වැනි නම් සුලබ ලෙස අසන්නට ලැබේ . බජාර් එකේ ඇස ගැටෙන ඕනෑම අයෙකුට අන්වර්ථ නම් පටබැඳෙන එක අරුමයක් නොවේ . ඔහු ඒවා පොතේ පාත්‍ර වර්ගයා හැඳින්වීමට දක්ෂ ලෙස යොදා ගැනීම මනරම්ය .
දෙසිය හැත්තෑ එක්වෙනි පිටුවේ සිට "ඔයිල් පැල්ලම් " පොතෙන් කාර් පිස්සුව කෑල්ලක් ඇතුළත් කලේ මන්ද යයි තේරුම් ගන්නට මට සෑහෙන වෙලාවක් ගත වුනි . පිටුව 288 සිට ආපහු චුට්ටා කනට කිස් එකක් ලැබී තෙත් වෙන හරිය කියවගේන යනවිට මම මදක් යථා තත්වයට පත් වුනෙමි . එතැනින් එහාට නිර්භයව ලියවෙන එරෝටික් පරිච්ඡේදයක් පිටු තුන්සිය තිස් ගණන් වලදී හමුවෙන විට මේ කතාව චුට්ටා ගේ කතාව බවක් හැඟී යයි. නමුත් පොතේ ප්‍රධාන චරිත වන පංකජ , ගුත්තිල ඇල්බට් හා චුට්ටා නිතර අපට මුණ ගැසෙන අතර සෙසු චරිත සූක්ෂම ලෙස මෙහෙයවින් ගොඩ නගාගත් විශිෂ්ට නවකතාවක් කතුවරයා ගොඩ නගා ඇති බව මේ කියැවීමේදී මට පසක් වුනි .
කතුවරයා ඒ ඒ චරිත සියුම්ව ග්‍රහණය කරමින්, මානෝ විශ්ලේෂණයක් කරන්නෙකු භූමිකාවක් ද රඟ සක්වන්නේ යයි සිතෙයි . ඒ තරමට පත්‍ර වර්ගයා එකිනෙකා අතර රිදුම් දෙන ලෙස පිරිද්දයි .
වඩේ කිරි බී නැති නිසා ඒ ගැන කිව නොහැකි මුත් වඩේ කා හොඳ සැර කිරි තේ එකක් බීමට මම කැමතිය . අපි හැමෝගෙම රස වින්දනයන් එකිනෙකට වෙනස්ය . හැමෝටම හරියන පොත් කියා දෙයක් නැත .

ජම්පටා වීදියේ ඇල්බට් කෙනෙකු සිටි අතර ඔහු වයර් පොටකින් මැරුම් කෑවේ නැත . මේ පොතේ නැත්තේ ජම්පටා වීදිය ගැන පමණකි. පොත අත්‍යන්තයෙන්ම පරස්පර විරෝධී චරිත එක මිටට ගනිමින් කුඩා ජන කණ්ඩායම් ගොහොරුවක ගිලි ඇති නාගරික සමාජයේ පැති කඩක් අපට විදහා පෙන්වයි .
සෝලිස්ට් රියලිස්ම් හෙවත් සමාජ සත්තා යථාර්ථවාදය අනුව ලියුවුනු පශ්චාත් සෝවියට් නවකතා බොහොමයක් අසාර්ථක වූයේ ඒවා රජයේ හොරනෑ බවට පත්වීම නිසා යයි මම මින් ඉහත ලිපියක ලියුවෙමි . නමුත් යථාර්තවාදය පිළිඹිබු කෙරෙන ප්‍රබන්ධාත්මක නවකතා බොහොමයක් පළවී ඇති අතර ඒවායේ නිරූපණය වන්නේ සාමාජීය යථාර්තයයි. නගරාශ්‍රිත ජනයාගේ ජිවිත අරගලය ඉතා තාත්වික ලෙස හැඟෙන පරිදි යථාර්තවාදී සීමාවෙන් පිට නොපැන , කුමන්ත්‍රණ , අපරාධ හා කාමයෙන් පිරි විෂම හා සම ලිංගික සම්බන්ධකම් ඒ ආකාරයෙන්ම හුවා දක්වමින් ලියන ලද සාර්ථක වියමනාකි "ඇල්බට්වරුද මනුෂ්‍යයෝය" ග්‍රන්ථය .
තරිඳු ශ්‍රී ලොකු ගමගේට , කේ ජි කරුණාතිලක ගේ බස් වහර හෝ මනුතාපයේ බස් වහර හෝ මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ බස් වහර ඖගමනය කර පොතක් ලියන්නට මම කියන්නේ නැත . නමුත් මෙවැනි පොත් පරිවර්තනය කරන්නට ඇතිවන අවුල මම සිතා බැලුවෙමි . සමහර උපමා පොහොසත් සිංහලයටම පමණක් වැටහෙන ඒවාය. ඒ නිසා බස් වහර වෙනස් කර සුන්දර සාහිත හෙළ බසින් නැවුම් කතාවක් කතුවරයා ලීවොත් කෙසේ විය හැකිදැයි සිතමි.
ඒ කෙසේ වෙතත් ඔහුගේ තුන්වන පොතත් මා අමන්දානන්දයට පත් කළ එකක් බැවින් කතුවරයාට තව තවත් අනගි නිර්මාණ කරන්නට සුභ පතමි .
කොළඹ ගමයා 24/09/2025
ඔය තරිදුවා දැන් බියර් කොම්පැනියකින් ගානක් කොටාගෙන තව පොතක් ගහලා
ReplyDeleteහොඳයිනේ . ටැලන්ටඩ් කොල්ලෙක්
Deleteහ්ම්...හ්ම්...හ්ම්...හ්ම්...හ්ම්...හ්ම්...හූම්...👌
ReplyDeleteබස්සෙක් කියල දන්නවා , හූම් ගාන බස්සෙක් කියල දැනන් හිටියේ නැහැ
Delete//කිරිපිටිද , අයිලයිනර් ද සිතේ මවා ගන්නාවිට තාරකා විද්‍යාව සම්බන්ධ පොතක් කියෙව්වාක් මෙන් හිතට මහන්සියක් දැනේ//
ReplyDeleteආන්න ඒකයි අවයවය!🤔
අලුත් යෙදුමක් වගේ - අවයවය
Deleteලිස්ට් එක බකට් කට ළඟටම පිරිල ඇත
ReplyDeleteඒත් තව තවත් එව්වා එකතු වෙත
අජිතුත් දාන ලෙඩ නං පොඩි-පටුත් නැත
ඉතිං හොයාපල්ලාකෝ පොතෙන් පොත
ඔය පොත නම් ගන්නට ඇත හැම තැනම
Deleteපොඩ්ඩක් ගණන් සැර වැඩි එක ඇත්තමය
කියෙව්වොත් හොඳ පොතක් ඉඳ හිටලා වත්ම
ලැබෙන්නේ ජොලියක්ය නුඹ දනි මා හරිය
අජිත් පැරකුම් මහත්මයා,
ReplyDeleteමේ දිනවල බ්‍රිතාන්‍යය තුල ඇතිවී තිබෙන සම්ප්‍රදායවාදී ප්‍රවනතාවය ඔබේ පවුලට හානි කරන්න පුලුවන්.
1. ඔබ කලු වී ඔබේ බිරිඳ සුදුවීම
2. ඇය ඔබට වඩා උසවීම
3. ඇය පිරිමියෙක් මෙන් කොටට කොන්ඩය කැපීම සහ පිරිමි ඇඳුම් මෝස්තර වලට සමාන ඇඳුම් ඇඳිම.
4. ඇය කොමියුනිස්ට් රටක සහ ඔබ ඉන්දියාවට ආසන්න රටක ඉපදිම.
සම්ප්‍රදායවාදී ඉංග්‍රිසි ජාතිකයන් ඉවසන එකක් නෑ.
අඩුම වශයෙන් බිරිඳට ගවුම් අඳින්නවත් කියන්න.
මගේ නම අජිත් පැරකුම් නෙමේ , ඒ වෙන කෙනෙක් . මම අජිත් ප්‍රියන්ත
Deleteමගේ පාට මගේ බිරිඳට ප්‍රශ්නයක් නැත්නම් , ඇගේ පාට මට ප්‍රශ්නයක් නැත්නම් , මගේ උස ඇයට ප්‍රශ්නයක් නැත්නම් , ඇගේ උස මට ප්‍රශ්නයක් නෙමේ නම් ඔහෙට පාන්ද ? බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායක ප්‍රවණතා මගුලක් නැහැ . උන් මේ රටට එන නිත්‍යානුකුල නොවන උන්ට කැමති නැහැ . සහනාධාර ගන්නවට කැමති නැහැ . කොටට කොණ්ඩේ කපන එක නෙමේ උන්ට ප්‍රශ්නේ මුණයි ඇඟයි වහගෙන යන එක ලෝගුවකින් , කොමියුනිස්ට් රටක ඉපදෙනවා කියල මූණේ ගහල තියෙනවද බං ? මොළේ කචල්ද හැබෑටම ? මගේ බිරිඳට ඇඳුම් අන්දන්න කලින් උඹ මොළේ බලව ගනින් මචෝ .
අනිත් දේවල් නම් දන්නේ නෑ. පහත සඳහන් කොටස වැරදියි.
Delete//උන් මේ රටට එන නිත්‍යානුකුල නොවන උන්ට කැමති නැහැ . සහනාධාර ගන්නවට කැමති නැහැ //
ලංකාවේ බෝපත් ඇල්ල බලන්න නගරයෙන් පිරිස් එනවා.
ඔවුන් අතර සිටින තරුණියන් නාන ඇඳුම් ඇඳලා ජලක්‍රීඩා කරනවා.
ගමේ මිනිස්සුන්ට මෙව්වා දැක්කාම නෂ්ඨ කාමය ඇතිවෙනවා.
ඉන්පසු ලිංගික වාත්සල්යද මාත්සල්යද කියන එක ඇතිවෙනවා.
හැබැයි ඒක කෙලින් කියන්න ලැජ්ජයි. ඒ නිසා
බලන්න මේ නගරයෙන් තරුණ පිරිස් ඇවිදින් මත්පැන් පානය කර අවිනීතව හැසිරෙනවා කියලා චෝදනා කරලා කසිප්පු පොලට ගිහින් කසිප්පු ටිකක් බීලා ගෙදර යනවා.
සුද්දො කරන්නෙත් ඒ වගේ දෙයක්.
නැහැ . ඒත් වැරදියි . සුද්දියෝ නාන ඇඳුම් ඇඳගෙන එළියේ ඉන්නවා . නානවා ඔක්කොම . එයාලගේ කාන්තා පක්ෂය ඇඟ මුලුමනිම්ම වහගෙන වතුරට බහිනවා . ඒකෙ කිසි අවුලක් නැහැ . ප්‍රශ්නය ර ඇඟ එළියේ ගෙන ඉනෙන් සුද්දන්ගේ සංස්කෘතිය කියල නොදැනීම හෝ ඒ ගැන මුග්ධ වීම . එගහනුන් ස්ලට් කියල ඕන දෙයක් කරන්න පුළුවන් යයි සිතීම . ජර්මනියේ ගිය අවුරුද්දේ සිරියන් එකෙක් පොඩි ගැහැණු ළමයින් ගේ රහස් ප්‍රදේශ ල්ලල නාන තැනක් . ඌ ව අධිකරණයට ගෙනිච්ච හැම ඌ කියල උන්ගේ රටේ එහෙම නැහැ . ඒ නිසා ඌ හිතුවලු අල්ලන්න් පුලුඅවන් කියා . ඌ ව නිදහස් කළා . ඕනෑවට වැඩ ලිබරල් වෙලත් බැහැ කියල සමහර යුරෝපිය එවුන්ට තීන්නේ නැහැ , දැන් ඒ පැත්තේ එන යන හැම ෆොරින් කියල හිතන් එවුන්ට ජර්මන් කොල්ලෝ ගහනවා . ඕකනේ තත්වේ . ඔය අධිකරණ වැඩ ආණ්ඩු වලින් හංගනව . ඒවා වෙන විධිහකින් එලියට ගියහම මිනිස්සු ඇවිස්සෙනව
Deleteඔයා වලිගෙ පාගාගෙන.
Deleteමම කිව්වේ යුරෝපීයයන් ගැන නෙමෙයි. බෝපත් ඇල්ල බලන්න එන මිනිස්සු මත්පැන් බීලා අසෝබනව හැසිරෙනවා කියන චෝදනාව බොරු එකක්. ඇත්ත හේතුව මම කිව්ව වාත්සල්‍යය.
ඒ වගේ තමයි ඉංග්‍රීසි කාරයොත් ආර්ථික කතා කියන්නේ බොරුවට.
ඇත්ත හේතුව සංස්කෘතික ගැටුමක්.
ඔය ගමන් පොඩ්ඩක් අජිත් පැරකුම්වත් ටැග් කරගෙනම පලයන් මචෝ. අජිත් පැරකුම්ගේ බ්ලොග් එක නම් මං දන් නෑ. ප්‍රජා වෙබ් එක නම් කරන්නේ පොර.
Deleteජර්මනියේ කතාව ඔයිට වඩා වෙනස්. මම ඇස් දෙකටම දැකලා තියෙනවා සරණාගතයෝ විදියට ආපු තම්බි කරන දේවල්. ඒවා දැක්කාම ජර්මන් කාරයෝ විතරක් නෙවෙයි. අපිටත් තරහයි. තම්බි ජරා වැඩ කලාම ජර්මන් කාරයෝ හිතන්නේ හැම පිටරට එකාම සවුත්තු මිණිස්සු කියලා. ඊට පස්සේ සිරියන්ද, ශ්‍රී ලංකාද, යුක්‍රේන්ද කියලා උන්ට අදාල නෑ. පිට රට උන් ආපහු පලයන් කියලා තමා කියන්නේ.
Deleteකොහොමටත් ජර්මනියේ කොමියුනිස්ට් වාදීව තිබ්බ පැත්තේ මිණිස්සු සෑහෙන්න වර්ගවාදියි. එක අතකින් උන් අවුරුදු ගානක් රුස්සො යටතේ ඉදලා තියෙන්නේ. අනික ඒ පැති තාම දියුණුවෙන් අඩුයි. හොද ජීවන තත්වයක් ඒ පැතිවල මිණිස්සුන්ට අඩුයි. රස්සා අඩුයි. ඇළ්කොහොල්, සිගරට් වගේම ගොඩක් ඩ්‍රග්ස් එහෙමත් තියෙන ඒවාට ඇඩික්ට් වෙච්ච මිණිස්සු ඒ පැතිවල ඉන්නේ. ළමයි හරියට අද්‍යාපනය ලබන් නෑ. අවුරුදු ගානකට කලින් කොමියුනිස්ට් කාලේ ඉදලාම පිටරටවල මිනිස්සු ගැන ඔය පැතිවල මිණිස්සු දන් නෑ. උන් පිට රටවල් වල මිණිස්සු කියලා දන්නේ සෝවියට් යූනියන් එකේ මිණිස්සු. ඒ පැතිවල ඉන්න ජර්මන් කාරයෝ ඔය සෝවියට් රටවලින් එන මිණිස්සුන්ට කොහොමත් විරුද්දයි. මොකද උන් කියන විදියට සෝවියට් යූනියන් එක හදලා රුසියාව අනිත් රටවල් හූරන් කාපු එක තමා කරලා තියෙන්නේ.
@ජගත් . ඔව් ඒක හරි . සංස්කෘතික ප්‍රශ්නයක් තියනව . මේ රටේ සංස්කෘතිය අලුතින් එන අය පිලි ගන්නේ නැති එක . මෙහෙ ඉන්නව ලංකාවෙන් ආව බයියෝ සෙට් එකක්ම උනුත් එහෙමයි . මුස්ලිම් අයට විතරක් බැනල වැඩක් නැහැ .
Deleteඋන් අවුරුදු ගානක් රුස්සෝ යටතේ නෙමේ හිටියේ . සෝවියට් දේශය යටතේ. සෝවියට් කඳවුර කිව්වේ ඒකට . ඒක අස්සේ හිටියේ නැත්නම් බටහිර ජර්මනිය වගේ දියුණුයි . හැබයි ඔයා මේ එක තැනක් දෙකක ඉඳල ඒක ජෙනරලයිස් කරන්න එපා . මොකද මම පහිගිය අවුරුදු 30 ම ගියානේ . හැබැයි ගිය සැරේ ගිය වෙලේ පෙනුනා වර්ගවාදය . මේ මම කලින් ලිව්ව ලිපි දෙක තුනක් . නැගෙනහිර ජර්මනියේ හැම තැනම දුප්පත් නැහැ . ඒ දවස් වල සෝවියට් බ්ලොක් එකේ තිබ්බ හොඳ රටක . මම ගිහින් තියන නිසා කියන්නේ අසූ ගන්න වල . අපි බර්ලින් ඇවිත් කන්න යන්නේ නැගෙනහිරට . - https://kolambagamaya.blogspot.com/2019/01/blog-post_17.html
DeleteThis comment has been removed by the author.
Deleteජර්මනියේ කඳු මුදුනේ කැලෑ හෝටලය (නැගෙනහිර ජර්මනිය)
Deleteකියුබාව ගැන කීමට ප්‍රථම - නැගෙනහිර ජර්මනියේ නිවෙස්
Deleteගේරා වගේ තැන් දෙක තුනක් එහෙම වෙලා තියෙන්නේ. සුල් , ලිප්සිග් හෙම ලොකු අවුලක් නැහැ . ඒ පැතිවල වැඩිහිටි අය වැඩියි . උන් වර්ගවාදයට නැඹුරු වෙනවා දැන් වැඩියෙන් . යූකේ වලත් එහෙමයි . ඇයි මේ ලිබරල් ආණ්ඩු හොඳටම ලිබරල් වැඩියි . ජර්මනියේ ආර්ථිකය බැහැල යුකෙන් යුද්ධේ නිසා . ඉස්සර ලාබෙට රුසියනු ඔයිල් සහ ගෑස් ආව . දැන් නැහැ . ඒකෙන් බිලියන ගානක් පාඩු වුනා . ඔය තත්වය ඉස්සර ඔහොම තිබ්බේ නැහැ .
Deleteහොඳ කතාවක් කියන්නෙම් මෙහෙ ආපු සෝමාලි රිෆියුජි කෙනෙක් හොලිඩේ ඉන් හොටෙල් එකේ දාල , ඉල්ෆෝර්ඩ් පැත්තේ . එයාගේ මොකද්ද ලෙඩකට චෙකප් එකකට ළඟ හොස්පිටල් එකක් නැතිව දුර හොස්පිටල් එක්ක හොයාගෙන කිලෝමීටර් 200 ඈත . මූ කෝච්චියේ යන්න දන්නේ නැහැ කියල ටැක්සියක් ඕඩර් කරලා පවුම් හාරසිය ගාණක් බිල NHS එකෙන් ගෙවල . . ඉතින් කොච්චර බිලියන්පතින් ගෙන් ටැක්ස් අඩුවෙන් ගහනවා කියලා බැන්නත් වැඩක් නැහැ . ඔය වගේ කේස් අහුවෙනකොට මිනිස්සුන්ට තද වෙනවා .
Delete++++++
ReplyDelete+++++++++++++++++++
Deleteඕනෑම නිර්මාණයක් තාක්ෂණිකව සංකීර්ණ වෙනකොට කියවීම වෙහෙසකර වෙන්න පුළුවන්. මා ඉගෙනගත් එක් ගුරුතුමෙක් වරක් සඳහන් කරා "If I have to read 25 more books to understand one book, I don't like that book." කියලා.
ReplyDeleteඑහෙම කේස් එකක් පොඩ්ඩක් විතර තියනව . ඒ වුනාට පොත ඇත්තටම හොඳයි . කියවන්න ගන්න .
DeleteNice
ReplyDeleteතෑන්ක්ස්
Deleteවෝක් කල්චර් එක එහෙනම් ලංකාවේ පොත් වලටත් රිංගුවා ඈ... අනේ හොදයි. නැත්තන් ලෝකෙන් කොන් වෙනවානේ.
ReplyDeleteමොකද්ද මේකේ තේරුම ගේරා බෝයි ? ජර්මනියේ වගේ රටක ඉඳගෙන ජිවත් වෙවී ඒ කල්චර් එකවත් ටෙහ්රුම් ගන්නේ නැති කතාවක් නේ මේක . ඉතින් ඔය ඔයා උඩ ලියල තියෙන එකම මටත් කියන්න වෙනවා . මුස්ලිම් එවුන් විතරක් ඔයාලත් කොහොමද ඔය රටට ගැලපෙන්නේ . සමලිංගිකත්වය ඔය රටේ ආදී කාලේ ඉඳන් (අවුරුදු 50 විතර) ඉවසන රටක් . ලංකාවෙත් ඉවසුව මෝඩ වික්ටෝරියානු සුද්දෝ එන්න කලින් . ඕක වෝක් වෙන්නේ කොහොමද ? මුස්ලිම් අය සංස්කෘතිය වෙනස් කරන්න හදන එක තමා ලොකුම කරුමය වෙලා තියෙන්නේ .
Deleteජර්මන් කල්චර් එක මේ කොමෙන්ට් එකට අදාල නෑ. අලුත් කල්චර් එක තමා වෝක් කල්චර් එක.
Deleteමම සහෙන්න කාලෙක ඉදන් මාවල් මූවි ෆෑන් කෙනෙක්. හැබැයි දැන් දැන් හැදෙන මාවල් මූවිස් වල ඔය සමලිංගිකත්වය බලෙන් ඔබ්බලා තමා හදන්නේ.
ඔය මූවිස් වල තියෙන්නේ පොඩි ලමයින්ගේ සහ නව යොවුන් ලමයින්ගේ සුපර් හීරෝ ෆැන්ටසි කතානේ. ඕවාට සමලිංගිකත්වය තියා ලිංගිකත්වයවත් ඔබ්බන් නැතුව හදන්න පුළුවන්. හැබැයි දැන් එකට සමලිංගිකත්වය බලෙන් ඔබ්බලා තමා ෆිල්ම්ස් හදන්නේ. දැන් දැන් ඒවගෙ ෆිල්ම් වලට තියෙන ෆෑන් බේස් එක අඩු වෙවී යන්නේ.
අනික අපි ජර්මන් සංස්කෘතිය තේරුම් ගන්නවා කියලා මොන සංස්කෘතියද තේරුම් ගන්න ඕනේ? මොකද මෙහේ වර්ගවාදි සුද්දෝ නම් සමලිංගිකත්වයට සහ වෝක් කල්චර් එකට විරුද්දයි. වර්ගවාදී නොවෙන අයගෙනුත් සමහරු ඔය කල්චර් එක පිළිගන් නෑ. හැබැයි ඉවසගෙන ඉන්නවා. අනිත් අය ඒක ගනන් ගන් නෑ. කගේ සංස්කෘතියද හරි? කාගේ එකද වැරදි? අපි කොහොමද කියන්නේ එයා හරි මෙයා වැරදියි කියලා?
ලෝකේ හැම ජාතියේම මිනිස්සු ඉන්න ඕනේ තමා. මිනිස්සු විවිධ අදහසුත් දරන්න ඕනේ. හැබයි "ඔබේ සැරයටිය වැනීමට ඇති අයිතිය අනිකාගේ නාසයට මෙහායින් කෙලවර විය යුතුයි" කියන තැන තමා මම ඉන්නේ.
ෆිල්ම් වලට ඔබ්බන් කතාව නම් අවුල් බව මමත් පිලි ගන්නවා . කතාව වෙනස් කරලා හදන එක . උදාහරණයක් වශයෙන් ඇසිමෝව් ගේ ෆවුන්ඩේෂන් කතාවේ ජෙනරල් රෝඉස් සමලිංගික නැහැ . නමුත් එහෙම එකක් ටීවී සිරිස් එක ඔබ්බවල . කතා නායකයෙක් මිසක් කතා නායිකාවක් නැහැ . නමුත් කළු (ලස්සන ) කෙල්ලක් කතා නායිකාව කරලා . ඔන්න ඔය වගේ වෙනස් කම් සමහර වෙලාවට මට දිරවා ගන්න අමාරුයි මූලික කතාව වෙනස් කරලා නිසා .
Delete//අනික අපි ජර්මන් සංස්කෘතිය තේරුම් ගන්නවා කියලා මොන සංස්කෘතියද තේරුම් ගන්න ඕනේ? මොකද මෙහේ වර්ගවාදි සුද්දෝ නම් සමලිංගිකත්වයට සහ වෝක් කල්චර් එකට විරුද්දයි. වර්ගවාදී නොවෙන අයගෙනුත් සමහරු ඔය කල්චර් එක පිළිගන් නෑ. හැබැයි ඉවසගෙන ඉන්නවා. අනිත් අය ඒක ගනන් ගන් නෑ. කගේ සංස්කෘතියද හරි? කාගේ එකද වැරදි? අපි කොහොමද කියන්නේ එයා හරි මෙයා වැරදියි කියලා?// ජර්මනියේ හිට්ලර් සහ මේ ලඟදි සිරියාවේ මුස්ලිම් අන්තවාදී අයිසිස් කියන දෙකම සම ලිංගික මිනිස්සු මැරුව . නමුත් ජර්මන් සංස්කෘතිය ඕපන් එකක් . ඔය හොඳට හොයලා බලන්න නිරුවතින් ඉන්න එක පවා සාමාන්‍ය දෙයක් එයාලට . අම්මල තාත්තල ලමයි පොඩි කාලේ එහෙමයි . සම ලිංගිකත්වයට ඔවුන් විරුද්ධ නැහැ . AFD කියන දක්ෂිණාංශික පක්ෂයේ සම නායිකාව ඇලෙක්ස් විල්ඩර් ලෙස්බියන් . ප්‍රසිද්ධියේ . ප්‍රශ්නේ LGBTQ ප්ලුස් කියල ඇමරිකාවෙන් ආපු අලුත් ප්‍රවණතාවය . ට්‍රාන්ස්ජෙන්ඩර් ශිෂ්ණය තියන ගැහැණු සමග නිදා ගන්න පිරිමි කියනව ඔවුන්ව ගැහැණු වශයෙන් පිලි ගන්න කියල . ඒ අලුත් එකට විරුද්ධ . එංගලන්තයේත් සමහර ලෙස්බියන් ගැහැණු සහ සම ලිංගික පිරිමි පවා විරුද්ධයි . ඔය වෝක් කල්චර් කේ හොඳ නරක දෙකම තියනව . ඕනෑවට වඩා ලිබරල් යාමෙන් වෙන ප්‍රශ්න . නමුත් වෝක් කට්ටිය හුඟක්ම ජාතිවාදී විරෝධී මිනිස්සු . ඒ අය හොඳයි අපට .
Deleteඉස්සෙල්ල පන්සල්, පල්ලි, මදරසා, කොන්වන්ට් වල නවත්වන්න වෙයි හාමුදුරුවනේ - ඒවා වල වර්ධනය කර කර ආණ්ඩුවට බනිනවා //සමාජ පිරිහීමට හේතු විය හැකි රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති සහ සදාචාර විරෝධී සමලිංගික චර්යා ප්‍රවර්ධනයට රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගැනීම පිළිබඳව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය විරෝධය පළ කර ඇත.// https://lankacnews.com/108986-2/
Deleteපේන විදියට ඕවා පල්ලි, කොන්වන්ට්, පන්සල් වලත් ඒ කාලේ ඉදලාම තිබිලා තියෙනවා. දැන් යන ට්‍රෙන්ඩ් එකට කට්ටිය කිව්වොත් ඒ කාලේ ඉදලාම තිබ්බා. දැන් ඒක පිළිගන්න කියලා කොහෙන් කෙලවර වෙයිද දන් නෑ.
Deleteඅනික ඔය ෆිල්ම්ස් වල, ටී.වී. සීරීස් වල, පොත් වල එහෙම ඕක ඔබ්බන එකෙන් වෙන්නෙ ඔය වෝක් කල්චර් එකට පොඩි ළමයි ගොදුරු වෙන එක. මොකද ඔය ටීනේජ් ලාට එහෙම ඕක ඉස්සෙල්ලාම ෆැශන් එකක්. පස්සේ උනුත් නොදැනිම ඒක උන්ගේ පැශන් එක වෙනවා.
මම කියන්නේ ඕක සාහිත්‍යට ගාව ගන්න එපා කියන එක නෙවෙයි. ඕක සමාජයේ තියෙන දෙයක් විදියට සාහිත්‍යයේ එන එක වෙන දෙයක්. හැබැයි ඕක බලෙන් රිංගවන එක අවුල්. හොදම උදාහරණේ ද ඉමිටේශන් ගේම් ෆිල්ම් එක. සීන් එක තියෙනවා කතාවට අදාල වෙන විදියට විතරක්. ඒකෙන් මුළු කතාවම එපා වෙන විදියට සෙක්ස් කෑලි ඔබ්බලා විනාස කරලා නෑ.
සමලිංගික චර්යාවන් ඔයා පිලි ගත්තත් නැතත් ලෝකේ තියෙන දේවල් . නමුත් අයිසිස් වගේ මුස්ලිම් අන්තවාදීන් සමලිංගික මිනිස්සු මැරුව . ඒ අයට ගහනවා . මරනවා ඒවා වැඩි රටවල් තියනව . ඒ නිසා තමා පිලි ගන්න කියන්නේ . පොඩි ළමයි එහෙම ගොදුරු වෙනවා කියන කතාව අදාල නැත්ද පන්සල් වල වන දේවලට . සමලිංගික චර්යාවන් ෆැෂන් එකෙක් නිසා නෙමේ වෙන්නේ . එහෙම ඉපදෙන නිසා . ඒක පොඩ්ඩක් තේරුම් ගන්න මල්ලි . ලංකාව වගේ රටවල් නම් විරුද්ධ සෙක්ස් එකත් එක්ක නිදහස නැති නිසා වෙන්නත් පුළුවන් . ඔයාම කිව්වනේ දොස්තර ගාවට ගියහම අපොයින්ට්මන්ට් දුන්නේ නැත්ද මොකද්ද කතාවක් . දැන් ඒක වැරදි නේ . ඒවගේ දේවල් වලටත් ඔය වෝක් කල්චර් එකට සපෝර්ට් කරන අය විරුද්ධයි . ඒ නිසා ඒ අය ලිබරල් වැඩි වුනත් AFD වගේ දක්ෂිනන්ශිකයන්ට වඩා නම් හොඳයි .
Deleteමෙයාට නම් ජර්මනිය හොඳයි . https://www.facebook.com/Randu.Ranga
Deleteජර්මනියේ ගම් වල මිනිස්සු...
Deleteජර්මනියේ අපි දැන් ඉන්නේ, මියුනික් නගරයෙන් ටිකක් විතර ඈත ගමක. කලින් හිටියේ මියුනික් නගරයේමයි. මියුනික් නගරයේ ඉඳල මේ ගමට ආවම අපිට බොහොම ඉක්මනටම තේරුණ දෙයක් තමයි මේ ගමේ මිනිස්සු හරිම මිත්‍රශීලියි. නගරයේ වගේ නෙවෙයි, දැක්කම හිනා වෙනවා, අපිට ජර්මන් බෑ කියලා හිතලා කෙළින්ම ඉංග්‍රීසියෙන් කතා කරනවා ඒ වගේ ගොඩක් මිත්‍රශීලී දේවල් මේ සති දෙක තුනට වුණා.
ඒ වගේම අසල්වැසියෝ එක්ක සම්බන්ධතා ඇති කරගන්නත් එයාලා උත්සාහ කරනවා. අපි මියුනික් වල හිටිය අවුරුදු 3දි අල්ලපු ගෙදර කෙනා වත් අඳුරන්නේ නැහැ 🤪. වචනෙකට දෙකකට වඩා කතා කරලා නැහැ. ඒ හැමෝමත් අනොන්‍ය වශයෙන් එහෙමයි. හැබැයි මේ සති දෙක තුනට මෙහේ අසල්වැසියෝ කීප දෙනෙක්ම මේ වෙනකොටත් කතා බහ කරලා තියෙනවා.
බලන් ගියාම 'ගම් වල මිනිස්සු හරි මිත්‍රශීලීයි, අව්‍යාජයි, හොඳයි' කියලා ගම්වල මිනිස්සු ගැන ලංකාවේ තියෙන අදහස මෙහේටත් වැරදි නැහැ වගේ. එයාල ඇත්තටම මිත්‍රශීලීද කියල තව ටික කාලයක් ඉඳලම තමයි බලන්න වෙන්නේ. - රන්දුනු
අයියා වැරදි කොනෙන් අල්ලගෙන ඉන්නේ. මම කියලා නෑ කොහේවත් සමලිංගික චර්යා පිළිගන් නෑ කියලා. අයියා මම එහෙම එකක් කිව්වා කියලා හිතාගෙන තමා රිප්ලයි කරන්නේ.
Deleteමම කලිනුත් කිව්වා වගේ කොහෙත් හොද සහ නරක මිණිස්සු ඉන්නවා. මගේ අත්දැකීම් තියෙන්නේ නැගෙනහිර ජර්මනියේ. ඒවා ඉතාම නරකයි. එහෙමයි කියලා ජර්මනියේ හොද මිණිස්සු නෑ නෙවෙයි. මට ජර්මනියේ හොද මිණිස්සුත් මුණගැහිලා තියෙනවා.
අනික ඔය වෝක් කල්චර් එක ජර්මනියට විතරක් අදාල කරගෙන නෙවෙයි මම කොමෙන්ට් කලේ. මුළු ලෝකෙටම අදාල කරගෙන.
ඔය වගේම තව කල්චර් එකක් ස්ප්‍රෙඩ් උනා 70 ගනන් වල හිපි කල්චර් එක. තාමත් ඒක ටිකක් තියෙනවා. ඒවා මුලින් පටන් ගන්නේ ෆැශන් විදියට. පස්සේ මිණිස්සුන්ට ඒවා ඒගොල්ලන්ගේ පැශන් එක වෙනවා. ඔය ගැන සමාජ විද්‍යාව පැත්තෙන් රිසච් පවා කෙරිලා තියෙනවා. හැබැයි ටිකක් අඩුයි. මමත් ඔයින් රිසච් එකක් කරන්න අරගෙන අතරමග නැවැත්තුවා. එහෙම නැතුව නිකන්ම ජරමනියේ ඉන්න මිණිස්සු දිහා බලලා නෙවෙයි මම සංස්කෘතිය ගැන අදහස් දක්වන්නේ.
මම කරපු රිසර්ච් එකේ නම් මට සමලිංගිකත්වයට නැබුරු වුනු පිරිස් කොට්ටාශ කීපයක් හම්බ උනා. එතනදි ජීවවිද්‍යාත්මකව සමලිංගික වෙලා තිබ්බේ එක කොටසක් විතරයි. බහුතරය එයින් පරිබාහිරයි.
වලියට බර වුනත්, හොඳ සාකච්චාවක්. ස්තූතියි. සුරුස්...........
DeleteI'm genetically male
Deleteනැගෙනහොර ජර්මනිය කියල රටක් නැහැ දැන් හේ හේ . මගේ බිරිඳ ගේ පක්ෂයේ නෑදෑයෝ භාගයක් නැගනහිර ජර්මනියේ වාසය කරන්නේ ඔවුන් මගේ ගෙදර ඇවිත් තියනව . අපි ලොකු පාටි වලට යනව . මේ ළඟදිත් පාටියකට ගිහින් ආවේ . අර මම හිටිය බෙන්හවුසන් වල බුද්ධාගමේ ෆැමිලි දෙකක් ඉන්නවා . ඔයාගේ exposure එක මදි ලොකු ජජ්මන්ට් එකක් ගේන්න ඒකයි මම කියන්නේ . ඇවිල්ල වුරුද්දක් වත් නැහැනේ . . එක නගරයක ඉඳල සිද්ධීන් දෙක තුනක් වුනා කියල නැගනහිර ජර්මන් එවුන් එහෙම නැහැ . ඔවුන්ව බටහිර ජර්මන් කාරයෝ , කම්පැනි , බටහිර (දැන් රුසියාවට කළා වගේ ) රවට්ටපු හැටි හොයන්න . ඔය තරහෙ මූලය ඔයාට හොයා ගන්න පුළුවන් වෙයි . ජිව විද්‍යාත්මකව තමයි සමලිංගික වෙන්නේ . ජර්මනිය වගේ රටවල එහෙමයි . මොකද ලිංගික තහංචි නැහැ . ලිංගික තහංචි තියන ලංකාවේ ටිකක් පැහැපත් , සුදු කොල්ලෙක්ව හරි කෙල්ලෙක්ව හරි අපයෝජනය කරන එක සමලිංගික දෙයක් නෙමේ . ඒක ළමා අපයෝජනය . ඒක අපරාදයක් . ඔය දෙක දෙකක් .
Delete@බස්සා මම පැෂනේට්ලි කතා කලාට ඒක වලියක් නෙමේ . ගොඩක් කල් මගේ බ්ලොගයට ආවා වුනත් ඒක නොතේරුනද මන්ද . මම ගේරා බෝයි ප්‍රයිවෙට් අඳුරනවා . අනේ හොඳ කොල්ලා . එහෙමෙ කිසිම අවුලක් නැහැ . අපි මතයන් දෙකකට ගැටෙනවා විතරයි . අර අන්න මට හින්ට් එක්ක ගහල තියනව නිදි ගේ බ්ලොග් එකේ . මේකෙන් තරහ වෙලා ගිය එක්කෙනෙක් . ප්‍රතිචාරයක් දක්වනවද නැත්ද කියල දෙගිඩියාවකින් ඉන්නේ . තමන් පක්ෂ දේශපාලනයට දාන අනුන් ගේ ප්‍රතිචාර හොඳයි , කැමති නැති කෙනෙක් ප්‍රතිචාර දැම්මහම අවුල් . ඇම කාලා , අරව මේවා . 😁
Delete@බස්සා අප්පා එයාගේ ලස්සන . ප්රිමියෙක් කියල කොහොමටවත් කියන්න අමාරුයි
Delete//ඒක නොතේරුනද මන්ද //
Deleteමොකද නොතේරුනේ. මේවත් වලිද අපෙ හාංදුන්නේ.😋
හැබැයි ඔබතුමාත් පොර කුකුලා. දැන් ටිකක් හොඳයි, අප්පා ඉස්සර? 🤣
මේකයි වැඩේ. ඔහේගෙ විෂ්‍ය දැණුම, දුර්ලභ අත්දැකීම් අපට වටිනවා. දේශපාලන මතවාදීව ගැටුනට අවුලක් නෑ. අනික දැණට සක්‍රීයව බ්ලොග් ලියන්නෙ නිදියි, ඔබයි විතරයි.
ආ අපිත් ඉතිං අවාරෙට කජු වැටෙන්නැහෙ පෝස්ට් ලියනවා. පෝස්ට් එක රෝලෙ යටට ගිය නිසා නොදකින්න ඇති මහිතේ.🤔
@D.G.M බස්සා ඉතින් දිගටම ලියන්න හිතෙන් නෑ???
Deleteකියවන්න දේවලුත් නෑ අෆ්ෆා ඔයගොල්ලො ලියන් නැති උනාම. අර අම්බලන්ගොඩ කතා ලියපු කෙනත් යලට මහට ලියනවා.
Delete"හැබැයි ඔබතුමාත් පොර කුකුලා. දැන් ටිකක් හොඳයි, අප්පා ඉස්සර? 🤣"
Deleteඒක තමා. මේ දවස් වල හදිස්සියේ ලංකාවට ආවා. කොහිල ටිකක් පාර්සල් කොරලා යවන්නත් හිතයි.
@ගේරා බෝයි
Deletehttps://frozenlazyowl.blogspot.com/2025/10/blog-post.html
https://ambalangodakatha.blogspot.com/2025/10/blog-post.html
@ගේරා බෝයි මගෙන් අහගන්න් එපා තෝ , කොහිල එවන්න - මෙන්න වෝක් ප්‍රශ්නයි , LGBTQ ප්‍රශ්නයි තමයි වැරදි මේවා හොඳයි . https://www.gossiplankanews.com/2025/10/a-father-who-abused-his-two-daughters-for-many-years.html
Deleteවිහිළුවට බැන්නේ ඈ , ඒ ගමන් මේකත් තරහ වෙයි 😀
Deleteකුමුදු කුමාරසිංහගේ "කොළඹ මතක" හොඳ පොතක්. 70 80 90 දශක ගැන කටුක මතක ගැන ලියල තියනවා. "මී කනිච්ච" පැරණි මතක ගැන අපූරු පොතක්
ReplyDeleteස්තූතියි ඔත්තු දෙකටම . ලංකාවට ගිය වෙලාවක ගන්න ඕනේ
Deleteෆවුන්ඩේසන් කතාවේ වෙන්නේ මොකක්ද? මම කිව්වේ පොත් පෙලේ
ReplyDeleteඒක විශ්වයේ අනාගතයේ එන මහා අධිරාජ්‍යයක් දරුණු විධිහට කඩන් වැටෙන බව ගණිතඥයෙක් ඩේටා මොඩල් එකක් හදල පෙන්වනවා ඒකෙන් බේරෙන්න හදනවා ෆවුන්ඩේෂන් කියල පොඩි රාජ්‍යයක් . ඒ කතාව . ඇසිමෝව් ලිව්වේ නවසිය පනස් ගණන්වල . නමුත් හරිම අනාගතවාදී දේවල් ටිකක් කියනව . එයා රොබෝ වරු ගැන ලිව්වා නීති තුන අදත් පිලි ගන්නව ඓහලින් .
Deleteපොත ගත්තා.හිමිට කියවන්න ඕනි. මේ ලිපිය හරිම වටිනවා අයියේ.ස්තුතියි.
ReplyDeleteස්තූතියි නංගි
Deleteකාලෙකින් මේ පැත්තෙ ආවේ කියවන්න දේ ගොඩයි. හෙමිහිට එන්නම් කෝ .
ReplyDeleteබොහොම ස්තූතියි ගොඩ වැදුනට .
Delete