Saturday, 6 September 2025

ඔසාකාවේ කෑම ටුවර් එක, සයොනාරා ජපානයට


ඔන්න  මේ ලිපි මාලාවේ අන්තිම එකට ආව.  වෙජිටේරියන් නම් කියවන්න එපා .  ඔසකාවේ හවස් වරුවේ ගියා කෑම ටුවර් එකක් .  ඒක ගැනයි කතාව.  කෝබේ ගිහින් ආපු දවසේ රෑ තමා ටුවර් එක .  ඇත්තම කන්නත් බැහැ . නමුත් ඉනෙස් කීව මේක ෆුඩ් ටුවර් එකක් කියන්නේ තමන්ට තෝරලා කන්න තියෙන්නේ .  පොඩි පොඩි දීසි . ඒ නිසා අවුලක් නැහැ කියල .  අපේ ටුවර් ගයිඩ් වුනේ ඇමෙරිකන් ජාතිකයෙක් .  එයත් අර වගේ ජපන් යුවතියක් බැහැල ජපානේ බින්න බැහැපු කෙනෙක් .  එයාගේ රස්සාව තමා ඕක .  හැබැයි මෙයා අනිත් අයට වඩා වෙනස්. ජපානය ගැන වැඩි විවේචනයක් කලේ නැහැ.


අපේ ටීම් එකට කැලිෆෝනියා වල ඉන්න ඇමෙරිකන් පිරිමි  හතර දෙනෙකුයි නෙකුයි උතුරු ලන්ඩනයේ අපේ පැත්තේම මැදිවියේ ඉංග්‍රීසි කපල් එකකුයි හිටියේ .  ටිකකින් එයාලගේ දුවත් එකතු වුනා .  මේ ස්ට්‍රීට් ෆුඩ්  ටුවර්  එක ඔසාකා වල ජපන් වීදි කෑම කොටසේ  (කලින් ලිපියේ කීව කොරියන් කොටස නෙමේ )  මගේ ඉස්සරහින් ඉන්නේ ටුවර් ගයිඩ් .  අපි ගියේ ඔසාකා වල ෂින්සෙකයි කියන දිස්ත්‍රික්කයට.   පටන් ගත්තේ බියර් වලින් .  අපි ඔක්කොම බොන නුහුගුණ උන් නිසා අවුලක් නැහැ. ජපන් බියර් මරු . ඒ කියන්නේ බඩ  පිපෙන්නේ නැහැ  වැඩිය.  ඒල් (ale) එකයි ලාගර්  එකයි අතර .  හරියට ලයන් ලාගර් එකට පොඩ්ඩක් ස්ටවුට් එක පොඩ්ඩක් මික්ස් කරලා බොනවා වගේ . 

 හවස නිසා අර ඊයේ ගිය රෙස්ටුරන්ට් එකේ වගේම ගයිඩ් මහත්මය කීවේත් පොඩි පොඩි බයිට් සයිස් කෑම වලට යමු කියල .  ඔසාකා වලට ආවේණික (එහෙන් පටන් ගත්ත )  කෑම උයන ක්‍රමයක් තමා කුෂිකට්සු කියන්නේ .  ඒ කියන්නේ නොයෙක් මස් වර්ග ,  එළවලු ,  සහ මාළු ජාති උණ බම්බු වල ගහල (skewer) පිටි සහ පාන් වලින් හදපු සැහැල්ලු බැටර් එකක  ඔබ්බල බැදලා දෙනවා .  සොයි සෝස් වගේ දෙයක් එක්ක ගෝවා දෙනවා .  ගෝවා ජර්මනියේත් හරියට කනවා .  හේතුව මස් හෙම දිරවන්න ලෙහෙසි වෙන්න. කුෂි  කියන්නේ skewer නැත්නම් දින බම්බු හෝ ලෝහ කූරට .  කට්සු කියන තෙලේ හොඳට බැදලා ගන්න කට්ලට් එකට .  
මේකයි ටෙම්පුරා එකයි මික්ස් කර ගන්න එපා .  ඒක වෙනස් .  ටෙම්පුරා එකේ   බැටර් එක හෙවි . ඒ කියන්නේ ගොඩක් ඝන කමට බැදෙන්නේ .  පැන්කෝ පාන් කුඩු දානවා ඒවාට .  පැන්කෝ පාන් කුඩු පපඩම් හෝ ක්‍රිස්ප් වගේ හැපෙන්නේ. ඒවා කන්න නෙලුම් පෙතිත් බැදලා දෙනවා . පටන් ගත්ත තැන නුඩ්ල්ස් උණු වතුරට දාල එවෙලම හදල දෙනවා .  ඒකට පොඩි පොඩි මස් මාළු බැදලා සකේ වඩියක් එක්ක . මේ හැම කෑම එක්කම නම් ම ලියා ගත්තේ කොලේක .  නමුත් බිරින්දෑ තුමී ඒක විසික් කරලා .  ඒ නිසා කවුරු හරි දන්නවනම් ලියාගෙන  යන්න. මම බ්ලොග් එකට ඇතුළු කරන්නම් . 







අනිත් කෑම ජාතිය තමා කරගා (කරාගේ) කියන්නේ .  මේකෙදි  අපි මස්  බාබෙකිව් කරන්න කලින් මැරිනෙට් කරනවා වගේ හොඳට සෝස් වල දාල ඒදල ගන්නවා  .  ඊට පස්සේ පිටි සහ අල පාප්‍පයක් වටේ තවරලා බදිනවා.  ආයෙත් කියන්නේ මේකත් ටෙම්පුරා නෙමේය කියල .  මේ කෑම හැම එකේම රහ වෙනස් .  හදන ක්‍රමයට  අනුව, හදන චෙෆ්ට අනු , අමු ද්‍රව්‍ය  ගෙනාපු පළාත අනුව රස වෙනස් ව කෑම හදන රටක් මේක. මේ කෑම පින්තුර ටික ස්ලයිඩ් එකට දැම්ම.ඒ එක්කම අපි ගිය ආපන ශාලා වල පින්තුරත් දැම්ම .  .  

  අපේ ඇමරිකන් ගයිඩ් මහතා ඊළඟට අවන්හලකට ගිය වෙලේ ලොකු ටෝක් එකක්  දුන්න .  ඕගොල්ලෝ මේවානම් කන්නේ  නැහැ .  ගන්නත් නැහැ. ඔන්න බනින්න එපා .  අනම්  මනම් කියල අරන් දුන්නේ මොනවද - අශ්ව  මස්.  එංගලන්තේ අශ්ව මස් තහනම් නැහැ. නමුත් කන්නේ නැහැ .  2013 දී ටෙස්කෝ සහ අනිකුත් සුපර්මාකට් මස් වල අශ්ව මස් තියනවා කියල ලොකු කළබගෑනියක්  ඇතිවුනා .  කමෙන්ටුවක් නිසා දැන  ගත්ත අශ්ව මස් අවශ්‍ය නම් එංගලන්තයේ ගන්න තැන්  තියන බව  . ඇමෙරිකාවේ කන්නෙත් නැහැ , ගන්නත්  නැහැ .  වෙන රටවලට මසට අපනයනය කරනවා .  ඔන්න අපේ උතුරු ලන්ඩන් ඉංග්‍රීසි කපල් එකයි දුවයි ලොකු හුස්මක් උඩට  ඇද්ද .  එක්කෙනෙක් අතින් කට වහ ගත්ත .  ඇමෙරිකන් කොල්ලෝ  හතර දෙනාත් පොඩි විශ්මය ජනක වුනු ස්වභාවයක් දැම්ම .  මමයි ඉනේසුයි නන් ප්ලස් .  ඔහේ බලන් ඉන්නව .  "ඔහ්,  ජර්මනියේ කනවද" කියල ගයිඩ් මහත්මය ඇහුව .  ඉනෙස් කිව්වා - මම නම් කාල තියනව ,  අජිත් කාල තියනවා රුසියාවේදී කියල. මදැයි කොලා .  ඒ ගමන ඒ විත්තිය කියන්න වුනා අශ්ව මස් කන ගමන්. 
 ඉඟුරු ,  සුදු ළුණු වගේ ජාතියක් ,  වසාබි එක්ක කන්න දුන්නේ . මේකට කියන්නේ ශශිමි  නැත්නම් බසස්ස්හි කියල .  මසට අශ්වයන් ඇති කරන රටක් .  දෙවන ලෝක යුද්ධෙන් පස්සේ කෑම  හිඟ කාලෙ  තමා වැඩියෙන්ම පුරුදු වෙලා තියෙන්නේ . . 
   

ගිය අන්තිම තැන අර කලින් බ්ලොග් එකේ විස්තර කරපු කෑම එකමයි .  ටකෝ ටමාගෝ. මතකයි නේ ඔක්ටෝපස් හෙඩ් එක ලයිට් බැටර් එකක බැදලා.  හැබැයි මේ වෙන විධිහකට හදල තියන්නේ .  කෑම කඩේ පින්තුරෙත් මේ එක්කම තියනව. සයිඩර් වගේ බිමක් තමා තිබ්බේ .  ඒක නොබී අරක කන්න බැහැ ඇත්තටම . 




 මේ කඩ දෙක තුනකම තරහ කෝකිය හෙවත් ඇන්ග්‍රී චෙෆ් කෙනෙක් ඉන්නව .  මේ චෙෆ් හැම වෙලේම  තරහෙන් ලු .  මිනිස්සු කෑම නොකා ඉතිරි කරනවනම් බනිනවලු . බැදපු මස් කූරු දෙකක් අතේ තියන් ඉන්නව .  ගන්සෝ කුශිකට්සු දරුමා  කියන ආපන ශාලා ජාලයේ මැස්කොට් .  එකම මස් කෝටුව දෙපාරක් සෝස් වල ඔබන්න බැහැ කියන නීතිය එයා තමා පනවල තියෙන්නේ .  උඩ පින්තූරේ හොරෙන් බලන් ඉන්නෙත් එයා තමා  

දවල් අපි කොෆි ෂොප් එකකටත් ගියා .  මොචි කේක් එකක් එක්ක  ජපන් අයිස් කොෆි දෙකක් . 

 ජපානයේ තවම අර ලන්ඩන් පිකඩිලී සර්කස් වල සෝහෝ ප්‍රදේශයේ තිබ්බ වගේ ලිංගික ක්‍රියා දැක්වෙන පෝන් චිත්‍රපටි පෙන්වන තැනක් තවම තියනව .  ලන්ඩන් වගේ නගර වල මේවා දැන් නැහැ.

ඉතින් මේ අපේ අන්තිම දවසේ අපි බඩවල් පුරවාගෙන කට්ටියට සමු දීල ආව . කල්පනා කරලා බලන කොට තව එක ලිපියක් ලියන්න තරම් ජපානය ගැන කරුණු තියනව.

මේ ගමන් බුක් කලේ මට අපේ කම්පැනි එකෙන්  වසර විසි පහක සේවයට දුන්න ත්‍යාගයකින් .  මම හුඟක් වෙලාවට භාණ්ඩ වගේ  දේවල් ගන්නේ නැහැ .  අවුරුදු විස්ස අවසන් වුනු වෙලේ ලැබුණු ත්‍යාගයෙන් මම කාම්බෝජයට සහ ශ්‍රී ලංකාවට ගියා .  හුඟක්  ඉංග්‍රීසි අය කරන්නේ අයි ෆෝන් , රෝලෙක්ස් , මොන්ඩියා වගේ ඔරලෝසු, ගෙදරට වටිනා බඩු, ඉතා වටිනා ඇඳුම්  හෙම ගන්න එක .  මට ඒ දේවල එපමණ ආසාවක් කවදාවත් තිබ්බේ නැහැ . ගල් අල්ලපු මොන්ඩියා ඔරලෝසුවක් තිබිල නැති වුනා .   රට රටවල ඇවිදීම ඊට වැඩිය වටිනවා .     
මේක බුක් කරන කොට චීන සහ ජපානය යන රටවල් දෙකම බැලුව .  චීනෙට වීස ගන්න මාස තුනක් ඕනේ . ඒ නිසා චීනේ අත හැරලා ජපානේ යන්න තීරණය කළා .  ඒක දැන් දන්නවා ඉතා හොඳ තීරණයක්  කියල .  ජපාන ටුවර්ස් ගණන් වැඩියි මෙහේ . ෆේස්බුක් එකේ දැන්වීමක් දැක්ක ෆෙයාර් ෆොර් යූ කියල කම්පැනි ටුවර් එකක් .  ගාණ සාධාරණයි .  මෙහෙ රොම්ෆෝඩ් පපැත්තේ  ඔෆිස් එක. එකපාරක් රිසර්වේෂන් ඒජන්ට් කතා කළාම   ආසියානු වගේ තේරුනේ නමුත් නම ඉයන් ස්මිත් .  නමේ අකුරක් වැරදියි .  ගිය අවුරුද්දේ ලංකාවේ ඉද්දි කතා කලාම ටක් ගාල ෆෝන් එක ඉස්සුවා .  අර මෙහෙ එනේ ඩිලේ එක නැහැ .   ඉනෙස් තමා හුඟක් දේවල් පැකේජ් එකේ වෙනස් කලේ .  ගේෂාවෝ බලන්න හිටි එක හෙම අයින්  වුනා. ඒ වෙනුවට පන්සල් වැටුන .  ලන්ඩන් වලදී කතා රණ කොට මම ඇහුව ඔයා ආසියාවේ  රටකින් ද කතා  කරන්නේ කියල .   බලන කොට ලංකාවේ .  ඉයන් කිව මම ලංකාවේ ඉඳල  එයාට කතා  කරන කොට අහන්නත් හිතුන ඒත් ඇහුවේ නැහැ කියල .  ඉයන් සහ ෆෙයාර් ෆෝ යූ හොඳ  කම්පනි එකක් .  ගාන සාධාරණ වගේම හොඳ  සර්විස් එකක් දෙනවා .  අපේ මුලු  ගමන පුරාමත් හොයල බැලුව .  ඊලඟ ටුවර් එකත් හුඟක්  වෙලාවට එයාල ගෙන්ම බුක් කරනවා . 
  
හැබයි ආපහුජපන්  යන්න කැමැත්ත ගොඩක් තියනව ,  ඩිපාට්මන්ට් බොසා කීව මම රිමෝට් වැඩ කරන නිසා කැමැති නම්  මාස තුනක් විතර ගිහින් එහෙ වැඩ කරන ගමන් රට බලන්න කියල . ලන්ඩන් ඔෆි එකේ මීටින් ගැන එයා මොනව හරි කරන්නම් කියල නැත්නම් අවුරුදු දෙකක විතර රස්සාවක් හොයා ගන්න ඕනේ .  තවම තීරණයක් අරන් නැහැ . 
එහෙනම් ඊලඟ ලිපියකින් හමුවෙමු .  හෙට ෆින්ලන්තයේ . 
කොළඹ ගමයා - 06/09/2025 

  


60 comments:

  1. මස් පරිභෝජනය සඳහාම අශ්වයින් හදනවද නැතිනම් සේවයෙන් ඉවත්කරන අශ්වයින් මරනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් හදනවා මසටම. කැනඩාවෙන් සහ ප්‍රංශයෙන් ආනයනය කරනවා මස් කන්නම . ඉස්සරත් අඩුවෙන් කාල තියනවා . ඒත් දෙවන ලෝක යුද්ධෙන් පස්සේ සාගතයක් පැතිරුනහම මිනිස්සු කන්න පුරුදු වෙලා .

      Delete
  2. ස්තුතියි අජිත් චාරිකා සටහන් පෙලට. මේක කෑම සහ පන්සල් වන්දනාවක් වුනත් අන්තිමට යන්තම් touch කරපු දේත් ජපානයට හරිම සුවිශේෂයි. ලිංගිකත්වය ජපානයට fantasy එකක් විනෝදයට කලාවට බර එකක්. පොදුවේ ප්‍රසිද්දියේ ජපන්නු කතා නොකෙරුවත් පෞද්ගලිකව විදින දෙයක්. ආගම, ලිංගිකත්වය එතරම් වැරද්දක් විදිහට දකින්නේ නැති දෙයක්. යුරෝපයේ වගේ Human Rights වලට වැටෙන්නෙත් නැහැ නේද? දෙපැත්තම balance.
    අශ්ව මස් නම් කාලා නැහැ.

    ReplyDelete
    Replies
    1. මට හරිම දුකක් දැනුනා නිහඬ පාල මහත්මයා මගේ දුම්රිය ගමන් විස්තර දැක්කේ නැති එක , හා හා . යුරෝපයේ හියුමන් ගේ රයිට් වලට ලිංගිකත්වය වැටෙනවද ? මොන තෙරුමෙන්ද ? ජපානයේ වික්ටෝරියානු සදාචාරය නැහැනේ . ඒ නිසා පරණ ක්‍රමයවල් දිගටම ගෙනියනවා , ඒක හොඳයි . ඒක ලියන්න ඕනේ .

      Delete
  3. ස්තුතියි අජිත් චාරිකා සටහන් පෙලට x 2.🙏
    අර ටුවර් ඒජන්ට්ගෙ විස්තරත් දාපු එක හොඳයි.

    ජපානෙ වැඩ කරන්න කැමැත්ත ගැන කියන්න තියෙන්නෙ "grass is always greener on the other side" කියල තමයි.
    //ඩිපාට්මන්ට් බොසා කීව ...ගිහින් එහෙ වැඩ කරන ගමන් රට බලන්න කියල// අපි බොහෝ විට අපට තියෙනෙ හොඳ දේ අවතක්සේරු කරනවා. මම වැඩ කරපු තැන් එක්ක බැලුවාම, අජිත් දැන් ඉන්න කම්පැණිය නිධානයක් කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇවිත් කියෙව්වට . ජපානේ මිනිස්සු වැඩ කරන්න කැමැතියි ඇඟෙන් ම . මම දැක්කේ එහෙම . මමත් එහෙමයි . ඒ නිසා වෙන්නත් පුළුවන් . වැඩ කරන්නේ නැතිවනිකන් සහනාධාර ගන්න උන් මටපෙන්නන්න බැහැ . බසු මම හිතන්නේ අපි වැඩ කරන ප්‍රමානය අනුව අපි වගේ උන් ගන්න එක ලෙහෙසි නැහැ . බහුතරයක් සුද්දෝ දැන් වැඩ කරන්න හරි හොරයි . මෙහෙ ලෙෆ්ටිස්ට් ලා කියන්නේ මිනිස්සු අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් ෆිල්ම් බලන්න ඕනේ කියල හිතන් උන් .

      Delete
    2. මගෙ සත පහත් මෙතනටම දානව එහෙනං. මුලින්ම අජිත්ට ඔලුව නමල ඉස්කෝතුයි කියනව මේ චාරිකා පෙල අරන් ආවට. අජිත් කියන විදියෙම ඩෑල් එකක් තමයි මාත්. නිකන් ආන්ඩුවෙන් අරන් පාණ්ඩුවෙන් ඉන්න උන් මටත් පේන්න බැහැ. අලුත් ජෙනරේශන් එකේ උන් ටිකක් එහෙමද කියලත් හිතෙනව. අපෙත් ගොඩක් යාලුවෝ රිටයර් වෙනකන් බලං ඉන්නේ. මට නං පුලුවන් කල් වැඩ කරන්න ලැබුනොත් ලොකු දෙයක් කියල හිතෙන්නේ ඇත්තටම වැඩ කියන්නෙ එක හොබි එකක් නිසා.

      Delete
    3. ස්තුතියි කෞශල්‍ය . රිටයර් වෙලා නිවාඩු අරගෙන ආතල් එකේ ඉන්නව කියල හිතපු මගේ යාලුවෝ දෙතුන් දෙනෙක්ම ගුඩුස් ගාල ගියා . දැන් එහා ලෝකේ . ජපානේ එක ට්‍රේන් ස්ටේෂන් එකක ඉන්නවා පොරක් . අවුරුදු 80 90ක් . එයා පෙන්ෂන් ගියාට ට්‍රෙන් වලට කැමති නිසා අර ස්ටේෂන් එකේ නිකන් ඇවිත් ක්ලින් කරලා යනවා . අවුරුදු 30 එක දිගට . එයා කැමති නිසා ට්‍රේන් කම්පනියත් මුකුත් කියන්නේ නැහැ . මිනිහට තනිකමක් නැහැ වයසට ගියාට .

      Delete
    4. //රිටයර් වෙලා නිවාඩු අරගෙන ආතල් එකේ ඉන්නව කියල හිතපු මගේ යාලුවෝ දෙතුන් දෙනෙක්ම ගුඩුස් ගාල ගියා//

      හෙහ්.හෙහ් ඕවා ඔහොම තමයි උපාසක. එකාතකට ගුඩුස් ගාල ගිය එකම බෝනස් එකක්.

      Delete
    5. ඒකත් ඇත්ත තමයි . නමුත් බලාපොරොත්තු ගොඩක් තියන් රිටයර් වෙච්චි කෙනෙකුත් හිටිය .

      Delete
    6. //බලාපොරොත්තු ගොඩක් තියන් රිටයර් වෙච්චි කෙනෙකුත් හිටිය//
      😞🥹

      Delete
  4. ගේරා බෝයි.7 September 2025 at 19:38

    මම මේ ලිපි පෙල එක දිගටම කියෙව්වෙ නෑ. මම කොහොමත් දේශාඨන කියවන්න පොඩ්ඩක් අකමැතියි. අන්තිම ලිපි දෙක වගේ කියෙව්වා.

    මේ දවස් වල ජර්මනියේ ජපන් කෑම වලට ඔෆර්ස් දාලා තියෙනවා. ඕන්නම් එව්ව හැකි පැකට් ටිකක් පාර්සල් කොරලා. රස පිළිබඳ වග කියන්න බැරිය.

    "ඉනෙස් තමා හුඟක් දේවල් පැකේජ් එකේ වෙනස් කලේ . ගේෂාවෝ බලන්න හිටි එක හෙම අයින් වුනා. ඒ වෙනුවට පන්සල් වැටුන ."
    මේකට කොමෙන්ට් එකක් විදියට මෙමෙ එකක් දාන්න විදියක් නෑනේ අප්පා.... :P :P :P

    ReplyDelete
    Replies
    1. කවුද බන මෙහෙ දේශාටන ලියන්නේ . අපි මේ ආගිය තැන් කතා කරනවනේ . හේ හේ 😀 අපෝ අපේ පැත්තේ ජපානිස් සුශි කඩයක් තියනවා . ඕවා කන්න ඕනේ ෆ්‍රෙෂ් පිට . එක දවසක් තියා ගත්ත හැකි . එහෙම නැති සුපර් මාකට් ජරාව කෙමිකල් දාපු ඒවා . මම නම් කටේ තියන්නේ නෑ . ඉනෙස් ඇවිල්ල එක්ස්පිරියන්ස් ට්‍රැවල් එක්සෙක් කෙනෙක් . එයා ගේ තේරීම් සාමාන්‍යයෙන් හොඳයි .

      Delete
  5. අගේ ඇති ජපං ලිපි පෙළක්.

    අස්ස මස් කෑවම පවු නැද්ද මන්ද. හැක්..

    ReplyDelete
    Replies
    1. පෝයට කෑවොත් තමයි පව්. ඕනෙම නං, ඇංග්‍රි ෂෙෆ්ට කියල පව් සමා කරගත්තෑකි.

      Delete
    2. ඔයා අස්ස රේස් දානවා නම් පව් . ඒ සතා ගෙන් උපයාගෙන ඊට පස්සේ මසට විකිනුවොත් පව් සිද්ධ වෙනවා . ජපානේ රේස් අස්සයෝ නෙමේ නේ මසට මරන්නේ . මසටම හදන උන් . අස්සයගෙන් පොඩි කෑල්ලක් නේ කන්නේ . හාල් මැස්සෝ දහයක ගේ විතර පාපයක් තමා වැටෙන්නේ . පන්සලට ගිහින් මල් වට්ටියක් ආධාර පිණිස සල්ලි දීලා ගතටම පව කැපිල යනවා .

      Delete
    3. //අස්සයගෙන් පොඩි කෑල්ලක් නේ කන්නේ ....පන්සලට ගිහින් මල් වට්ටියක් ආධාර පිණිස සල්ලි දීලා ගතටම පව කැපිල යනවා//😮

      මතු බුදු වෙන මාලුවෙක්

      Delete
    4. ඒක දැක්කම නම් අවුල් වුනා . අර ජපානේද කොහෙද කාලයක් වඳුරු මොළ කන සීන් එකක් තිබ්බ නේද ? දැන් නැත්ද කොහෙද ?

      Delete
    5. ගේරා බෝයි11 September 2025 at 13:42

      මට මේ කොමෙන්ට්ස් කියවන කොට මතක් උනේ කාලෙකට කලින් ලංකාවේ වෙච්ච දෙයක්.

      ඒ කාලේ කොටි ගහනවා හෝ ගාලා. කොහොම හරි ලංකාවේ විද්වතෙක් හොයාගෙන තිබුනා ලංකාවේ හමුදාවට දෙන කෑම සලාකේ හරක් මස් තියෙනවා කියලා.

      ඊළඟට පත්තර වලයි හැම තැනම කියලා තිබුනා හින්දු අය හරකාට දේවත්වයෙන් සලකන නිසා දෙවියො කොටින්ට උදවු කරනවාය, ලංකාවේ හමුදාව හරක් මස් කන නිසා දෙවියෝ කෝප වෙලා හමුදාවට කොටින්ට විරුද්ධව දිනන්න බෑය කියලා.

      අපරාදේ කියන්න බෑ පස්සේ හමුදවේ අහාර සලාකෙන් හරක් මස් අයින් කරලා තිබ්බා.

      Delete
    6. ඇත්තට එහෙම කලාද ? ආමි කොල්ලෝ අනිත් පැත්තට තිබ්බේ නැති එක පුදුමයි . හරක් මස් කියන්නේ ආමි එකේ ස්ටේපල් ඩයට් එකක්

      Delete
  6. Replies
    1. වැටමාර මස්සිනේ ආයිබෝ වේවා

      Delete
    2. කොහෙන් හොයා ගන්නවද මන්ද මේවා , කෙල්ලත් පූසියෙක් වගේ

      Delete
  7. "...එංගලන්තේ අශ්ව මස් තහනම් . ..."
    මේක වැරදියි. එංගලන්තේ තහනම් මස් කියල තියෙන්නේ බලු, බළල් සහ Bush Meat කියන ඒවා විතරයි. අශ්ව මස් විකිණීම සහ කෑම කවුරුවත් නවත්වල නෑ . ඕස්ට්‍රේලියානු අවන්හල් වල කිඹුල් මසුත්, තායි කඩවල අලි මසුත් මට හම්බවෙලා තියෙනව . අශ්ව මස් සහ අශ්ව සොසේජ් හෙව්වොත් හොයාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ . ඔයා හරි . තහනම් නැහැ . අශ්ව මස් මරණ තැන දෙක තුනක් තියෙනවලු . මිට අවුරුදු කිහිපයකට කලින් ටෙස්කෝ එකේ අශ්වමස් මිශ්‍ර මස් වගයක් විකුණලා හෙන හා හුවක් ගිය . ඊට පස්සේ ලිඩ්ල් සහ සේන්ස්බරි ත් අහුවුනා . තහනම් කරන්න කියල උද්ඝෝෂණ ගිය නිසා මම හිතුව තහනම් කියල . නිවැරදි කලාට ස්තුතියි . අපිට පොලිෂ් කඩෙන් ගන්න පුළුවන් . අපේ ළමයි කන්නේ නැති නිසා ගේන්නේ නැහැ

      Delete
    2. බ්ලොග් ලිපිය නිවැරදි කළා . ස්තුතියි .

      Delete
  8. ස්තූති මේ හැම විස්තරයක්ම අපි එක්ක බෙදා ගත්තට.ඔය කෑම,වල විස්තර කොහොමද ඔහොම මතක තියාගන්නේ.මටනං කෑම දැක්කම සේරම අමතක වෙනව 😂

    ReplyDelete
    Replies
    1. මම ලියා ගන්නවා කොලේක හරි මොහොක හරි . බිරිනදා කොලයක් විසි කරල කිව්වේ එකනේ . ස්තුතියි ඈ

      Delete
    2. මටනං කෑම දැක්කම සේරම අමතක වෙනව x 2

      Delete
  9. ජපන් විස්තරයට ගොඩක් ස්තුතිය. ඔක්කොම බැලුවා. ෆින්ලන්ත විස්තරෙත් ලැබෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමුදු . ලංකාවේ අය ගොඩක් ජපානේ ඉන්නව ලියනවා කියල කතවක් ඇහුවා . මම නම් මගේ අදහස නේ ලියන්නේ කියලත් කිව්වා . ඒ අතරේ ෆින්ලන්තය ගැන ලියන ඒවා ගොඩක් තියනවලු . දැක්කේ නම් නැහැ . අපේ බ්ලොගර් කෙනෙක් ඉන්නවා දැන් ලියන්නේ නැති . එයාගෙන් අහල බලන්න ඕනේ . අත්දැකීමක් දෙකක් ලිව්වට කමක් නැහැනේ නේද ? -

      https://www.facebook.com/ajithd/posts/pfbid02MPpxrse2sFdPCXapjWEZLzkL7qB8hoY593C96Bj5PXSueQZ1ECLHRfWnt8x8FVcxl

      Delete
    2. මම නම් කියවන්නේ blog කිහිපයකුයි ඒවා හරහා යන තවත් කිහිපයකුයි විතරයි. ෆින්ලන්ත විස්තරයක් නම් හමුවුනෙම නැහැ

      Delete
  10. එන්න පමා විණි blog එක කියවන්න
    ඒකට මොකද රහ අඩු වෙනවැයි ඔන්න
    මෙච්චර කෑම! විස්තර ඇත හිත පිරෙන
    ෆොටෝවලින් තව ඔප වෙයි ගුණ වරුණ

    ReplyDelete
    Replies
    1. අහන්නමයි හිටියේ මේ නිදි මිතුර
      එන්නේ නැත්තේ මොකදැයි කියලා
      අසනීපෙන් වත් දෝ කියල හිතුනි මට
      ඔය ඉන්නේ නිදි ගොයියා යස අගට

      Delete
    2. අපෙ ගම් පලාතේ කපුවෙක් විය සොබන
      පුපට බූමිතෙල් ගැහු වාගෙයි ගමන
      නිදි උන්නාන්සේ පෙර පිං ඇති බැවින
      හිතමිත්, නෑ සේනාව සමඟින් කල් ගෙවන

      Delete
    3. අජිත් මහත්තයෝ,

      යන්නට වුණා හම්බන්තොට රෝහලට
      දෙදිනක් ගියා ඒ වැඩ කටයුතුවලට
      දුර ගමන් ගියම වෙහෙසයි පැලෙන්නට
      ඒකයි පමා වූයේ blogs කියවන්ට

      Delete
    4. බකුසුතුමෝ,

      හිතමිත් කැලම බිතු සිතුවම් සේ සිටින
      නංගිල මල්ලිලා නෑයෝ මා රකින
      අතරේ ඔයාලත් හොඳ හිත පළ කරන
      විට නං දැනෙයි ඒ 'පෙර පිං' ඇති බැවින

      Delete
    5. පෙරපින් අතෙව් නිදි මිතු හට ඇති පදම
      හම්බන්තොට යැවුනෙ කිමදෝ කියව
      බසු උන්දැටත් පින් ඇතිවෙයි ඔය ලෙසම
      බ්ලොග් දැන් ගෙනියන්නේ තනි උන්දැ හෙම නොවෙද

      Delete
    6. හම්බන්තොට ගිහිං බෙහෙතුත් අරං හෙම
      හිතවත් රැසක් හමු වීමත් කරමි මම
      තව තව ගමන් ගොඩකුත් ගොඩ ගැහුණාම
      විවේකය තමයි අඩු වෙන්නේ බොහොම

      Delete
    7. බෙහෙත් ගන්න කිම හම්බන්තොට යන්නේ
      ඇයි යකඩෝ බෙහෙත් නැත්ද කොලොම් පුරේ
      මහින්ද මාතියා බලන්නට නොවෙද ගියේ
      අහුවුනා නේද බයි නිදියා අතට අපේ

      Delete
  11. මේ ජපන් සංචාර ටික ඉවර වෙනවා කිව්වාම, හිතට දුකක් දැනුනා. අනේ ඉතිම් අපේ බඩ පිරුනෙ නැතත් හිත පිරුනා නෙව? 😁

    ReplyDelete
    Replies
    1. හැම දේම ඉවරයක් වෙන්නත් එපැයි . බ්ලොග් එක ඉවර කරන්න හිතන් ඉන්න කොට තව එකක් ඇරුන නොවැ . 'මම දසයා දසයා ' හමු වුනා ඊයේ පින්ලන්තයේදී

      Delete
    2. ගේරා බෝයි12 September 2025 at 22:51

      මේ බ්ලොග් එකත් ඉවර උනොත් කියවන්න තියෙන ප්‍රමාණය තවත් අඩු වෙනවා. දිගටම ලියන්න පුළුවන්නම් වටිනවා.

      මම ඉතින් ඔය කාගේ කාගෙත් බ්ලොග් වල කරක් ගහනවා. වැඩිය කොමෙන්ට් දාන් නැති උනාට. (ඉකොනොමැට්ටා / මාතලන් / ට්‍රාන්සිල්වේනියා / බකමූණු කතා / අම්බලන්ගොඩ කතා / මීදුම / හවු අයි සී / පංචතංත්‍රේ /රයිගම් හංදිය / එකී මෙකී නොකී තව බොහෝ ඇත. )

      Delete
    3. ස්තුතියි ගේරා බෝයි!
      මට නං blogs කියන්නේ වෙනමම ගතියක් තියෙන කලාවක්.
      පංච තන්තරේ කියවන අයගෙන් නං සීයට එකකටත් අඩුවෙන් comment කරන්නේ. (ඒකට මම නං පුදුම වෙන්නෙත් නෑ!)

      Delete
  12. /රට රටවල ඇවිදීම ඊට වැඩිය වටිනවා ./

    මේක නම් ඇත්ත. ඔලුවෙ මැවෙන චිත්‍රපටි ටිකම මදැයි මැරෙනකම් ආයෙ බලන්න. මොකෝ ඕවා කල් ඉකුත් වෙනවයෑ.

    ReplyDelete
    Replies
    1. ඔලුවේ මැවෙන චිත්‍ර වගේම , ඒ රටවල කෑම . මිනිසුන්ගේ හැසිරීම් , සංස්කෘතිය , රටේ ඉතිහාසය , ඔක්කොටම වැඩිය දුම්රිය ගමන් - ඔය ඔක්කොම තමයි

      Delete
  13. අශ්ව මස් දැක්කම මතක් උනේ කැන්ගරු මස් .. පාට ඔය වගේ .. මමත් තවම කාල නැහැ .. මෙහෙ සුපර් මාකට් වල තියෙනවා ..

    ජපන් සංචාරය ඇත්තටම රසවත් .. ෆින්ලන්තය ගැනත් මෙහෙම විස්තර එක්ක එකක් ලියමු ..

    ReplyDelete
    Replies
    1. @ පැතුම්

      මේකේ අජිත් කියන විදියට ජපානේ වගේ එංගලන්තයේදී අශ්ව මස් මිලදී ගැනීම හෝ පරිභෝජනය කිරීම සාමාන්‍ය දෙයක් නෙවෙයි. එංගලන්තයේ බොහෝ සුපිරි වෙළෙඳසැල් සහ මස් කඩවල අශ්ව මස් විකුණන්නේ නැහැ. එයට ප්‍රධාන හේතුවක් වන්නේ, බ්‍රිතාන්‍ය සංස්කෘතිය තුළ අශ්වයා සුරතල් සතෙකු ලෙස සහ ක්‍රීඩා කටයුතු සඳහා පමණක් යොදා ගැනීමයි. එබැවින් අශ්ව මස් ආහාරයට ගැනීම බොහෝ දෙනා පිළිගන්නේ නැත. කෙසේ වෙතත්, විශේෂිත වෙළෙඳසැල් කිහිපයක සහ සමහර අවන්හල්වල අශ්ව මස් සොයාගත හැකියි.

      තායි සහ ඕස්ට්‍රේලියානු අවන්හල්වල මස් වර්ග ගැන කීවොත් තායි අවන්හල් ගත්විට එංගලන්තයේ තායි අවන්හල්වල සාමාන්‍යයෙන් අලි මස් (elephant meat) ලබාගත නොහැකියි. අලියා යනු ආරක්ෂිත සතෙක් වන අතර, අලි මස් විකිණීම සහ පරිභෝජනය කිරීම නීති විරෝධී වේ. එබැවින්, එංගලන්තයේ පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල අලි මස් පරිභෝජනය තහනම් කර ඇත.

      බ්‍රිතාන්‍යයේත් ඕස්ට්‍රේලියානු අවන්හල්වල කැන්ගරු මස් (kangaroo meat) සහ කිඹුල් මස් (crocodile meat) සාමාන්‍යයෙන් ලබාගත හැකියි. කැන්ගරු මස්, ඕස්ට්‍රේලියාවේ සුලබ ආහාරයක් වන අතර, එය අඩු මේද ප්‍රමාණයක් සහිත ප්‍රෝටීන් බහුල මස් වර්ගයකි. කිඹුල් මස් ද සමහර අවන්හල්වල සොයාගත හැකිය.

      දඩමස් Bushmeat ගත්තාම බ්‍රිතාන්‍යතුල "Bushmeat" යනු අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකාව වැනි කලාපවල, වනාන්තරවලින් දඩයම් කර ලබාගන්නා මස් වර්ගවලට පොදුවේ භාවිතා කරන යෙදුමකි. මේවා සාමාන්‍යයෙන් දඩයම් කරන වන සතුන්ගේ මස් වන අතර, ඒවා අතර වඳුරන්, වවුලන්, සර්පයන්, මීයන්, වල් ඌරන් උරුලෑවන් සහ විවිධ කුරුල්ලන් ද ඇතුළත් විය හැකියි.

      ​අනතුරුදායක "Bushmeat" පරිභෝජනය කිරීම ඉතාම අවදානම් සහිතයි. එයට ප්‍රධාන හේතුව, මෙම සතුන්ගෙන් මිනිසුන්ට රෝග බෝවිය හැකි වීමයි. ඉබෝලා (Ebola) සහ කොවිඩ්-19 (Covid-19) වැනි වෛරස්, සතුන්ගෙන් මිනිසුන්ට පැමිණීමට "Bushmeat" පරිභෝජනය හේතු වූ බවට විශ්වාස කෙරේ.

      එංගලන්තයේ වෙනත් අසාමාන්‍ය කෑම වර්ග ලෙස එංගලන්තයේ සමහර විශේෂිත වෙළෙඳසැල් සහ අවන්හල්වල විවිධ අසාමාන්‍ය මස් වර්ග සොයාගත හැකියි.

      හරක් දිව (Ox tongue) මෙහි සම්ප්‍රදායික ඉංග්‍රීසි ආහාරයකි. එය තම්බා, පෙති කපා හෝ වෙනත් ආකාරවලින් පිළියෙල කරනු ලැබේ.

      ​වටු මස් (Quail) කුඩා ප්‍රමාණයේ කුරුළු මස් වර්ගයකි. එය ග්‍රිල් කර හෝ බැදීමෙන් ආහාරයට ගන්නා අතර, බොහෝ අවන්හල්වල සුලබ ආහාරයකි.

      ඔටු මස් (Camel meat) අරාබි සහ මැදපෙරදිග ආපනශාලාවල ඔටු මස් සොයාගත හැකියි. ඔටු මස්, හරක් මස්වලට වඩා අඩු මේද ප්‍රමාණයකින් යුක්තයි.

      ​ඌරු මස් වර්ග, සාමාන්‍ය ඌරු මස්වලට අමතරව, ඌරු කකුල්, කන්, වලිග සහ වෙනත් කොටස්වලින් සාදන ලද කෑම වර්ග ද එංගලන්තයේ සමහර අවන්හල්වල දැකිය හැකියි.

      Delete
    2. ස්තූතියි පැතුම් . ස්තූතියි ඇනෝ දීර්ඝ කමෙන්ටුවට . මම කැන්ගරු මස් කාල නැහැ . මෙහෙ විකුණනවා . (ලන්ඩන් වල ) .කිඹුල් මස් කෑව කම්බෝජයේදී . කිසි රහක් දැනුනේ නැහැ . හරක් දිව ජර්මනියේ බහුල කෑමක් . අපේ බිරින්දෑ අරන් එනවා . මම කන්නේ නැහැ . දිව කියල දන්නා නිසා . නොදැන නම් කයි

      Delete
  14. ජපානයේ ට්‍රාන්ස් ජෙන්ඩර වර්ග 4ක් ඉන්නවා.
    1.බෝල ඇති ධ්‍රැවය ඇති
    2.බෝල නැති ධ්‍රැවය ඇති
    3.බෝල නැති ධ්‍රැවය නැති (දුර්ලභම වර්ගය)
    4.ලිංගික වෙනසක්.
    ගිය ඒකේ ඒ් ගැනත් හොයලා බලන්න.

    ReplyDelete
    Replies
    1. මොන මගුලක් වත් තේරුනේ නැහැ . උත්තර ධ්‍රැවය ළඟටම ගිහින් ආවේ

      Delete
    2. あなたは赤ちゃんですか?

      Delete
    3. බෝල කියන්නේ වෘෂණ කෝෂ කියලා ලිව්වහම ඉවරයි නේ මගුල් ලියන්නේ නැතිව

      Delete
    4. Reply from Google AI: Based on the Sinhala text you provided, here is the translation and an explanation of its meaning:

      The text says that there are four types of transgender people in Japan. However, the descriptions of these four types are not accurate or standard ways of categorizing gender identity.

      Here is the literal translation of each point:

      "බෝල ඇති ධ්‍රැවය ඇති" - "Has balls, has a pole."

      This is a nonsensical phrase when discussing gender. "Balls" likely refers to testicles, and "pole" might be a slang term for a penis.

      "බෝල නැති ධ්‍රැවය ඇති" - "Doesn't have balls, has a pole."

      Again, this phrase is medically and socially inaccurate for describing transgender people.

      "බෝල නැති ධ්‍රැවය නැති (දුර්ලභම වර්ගය)" - "Doesn't have balls, doesn't have a pole (rarest type)."

      This is another inaccurate and confusing description. The parenthetical note suggests this is the "rarest type," but this categorization is not based on any recognized understanding of gender identity.

      "ලිංගික වෙනසක්" - "A gender change" or "sexual difference."

      This phrase is very general and doesn't clearly define a fourth category. It's more of a generic statement.

      In summary:
      The text you provided attempts to categorize transgender people in Japan into four types based on physical characteristics (specifically, genitals), but this information is completely incorrect and misleading. Gender identity is a person's internal sense of being male, female, or something else entirely. It is not defined by or limited to a person's physical body parts. The way the text describes these "types" is not a recognized or respectful way to discuss gender.

      Transgender people may undergo medical procedures like hormone therapy or surgery as part of their transition, but their identity is what matters, not a checklist of body parts. It's important to rely on accurate and respectful sources when learning about gender and identity.

      Delete
  15. ප්‍රි විලයක් නොමැති නිසා අජිත් ධර්මකීර්ති ලියන ඊලඟ ලිපිය උපකල්පනය කල හැක.
    එනම් එය බිරිතානියේ මහජාතියේ කෝපය සාධාරණීකරණය කරන එකකි.
    එසේනම් සුද්දාගේ කොපය සාධාරණ වීමටත් 83 මහා ලොකුයැයි කියක කලු ජූලියේදී සිංහලයාගේ කෝපය වැරදි වීමටත් හේතුව පහදන්න.

    ReplyDelete
    Replies
    1. ඔහේ මා ගැන දන්නා හැටිනේ ඔය . මගේ ෆ්‍රී විල් එකට විරුද්ද නම් තමා මම ලියන්නේ නැත්තේ . සුද්දගේ කෝපයට හේතුව සුද්දාමය කියන එක තමා මගේ අදහස . මම උන්ට ඒක කියනවත් එක්ක . ඔයාගේ ප්‍රශ්නේ ඔයාඅ සුද්දව සාධාරණිකරණය කරන එක , සුද්ද ඉරාකයට , ලිබියාවට , සිරියාවට අත දැම්මේ නැත්නම් මේ අනාථයෝ එන්නේ නැහැනේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .