Sunday, 10 August 2025

ඔසාකා නගරය නරඹා මිස්ටර් ජැක් ගේ බත් කඩේ රෑ කෑම


අර ඔසාකා ඇවිත් ආයේ ගිහින් ආයේ ඇවිත් කෑවේ මොනවද කියලවත් මතක නැහැ නින්දට ගියා .  එදා ගත්ත ඔසාකා නගරයේ පින්තුර ටික මේ බසු ස්ලයිඩ් එකේ දාන්නම්. ඔසාකා ස්ටේෂන් එක උඩම වගේ ලොකු ෂොපින් මෝල් එකකුත් තියෙනවා .  අපි නතර වෙලා හිටියේ ගඟ ගාව හොටෙල් එකක. සමහර පින්තුර එතන ගත්ත ඒවා. 
*************************
 
ඔසාකා නගරයේ විශාල ගොඩ නැගිලි ප්‍රමාණයක්  අතරේ පියකරු ගංගාවකුත් ගලාගෙන යනවා. යෝඩෝ ගාවා කියන ගන්වා ඔසාකා බේ  එකට වැටෙන්නේ. මෙහෙ   සමහර ගොඩ නැගිලි නිකන් ගිනි පෙට්ටි හිටවල වගේ .    අපි මැයි 25 උදේ කියල අපේ එදින ටුවර් ගයිඩ් හම්බ වෙන්න. එයා අයිරිෂ් එක්කෙනෙක් .  එහෙම හම්බ වුනු අනිත් අය වගේම ජපන් යුවතියක් බැඳලා ජපානයේම  නතර වෙලා.  හොඳටම වැස්ස නිසා අපි කාසල් පාක් එකේ හිර වුනා . ඒ අතරේ ගයිඩ් මහත්තයා  පරණ කතාවම කියාගෙන ආවා . ජැප්පෝ මැරීගෙන වැඩ කරනවා. මැරෙනවා වගේ කතාවක්. තද නීති වැඩ කරන තැන්වල. අමාරුයි .  ඒ වෙනකොට මම දත්ත හොයාගෙන සිටි නිසා කෙලින්ම කිව්ව ජැප්පෝ දිවි හානි කරගන්නේ වැඩිපුරම තනිකම සහ ජොබ් එකෙන් අයින් කලහම ,  ජොබ් එකක් නැත්නම් කියල.  උන් වැඩ කරන්න කැමතියි . මේ  අයිරිෂ් ගයිඩ් මල්ලිත්  උදේට ටුවර් දෙකක් විතර යනවා .  ඉංග්ලිෂ් ටීචින්  ජොබ් එකෙන් අයින්  වෙලා ජපන් බිරිඳ  හම්බ  කරන දේ කකා ඉන්නව වගේ මම දැක්කේ. දවසේ වැඩි කොටසක් නිකන් .  එංගලන්තේ  නම් සහනාධාර ලැබෙනවනේ.
   
  කාසල් එකේ මාලිගාව ඇත්තටම ලස්සනයි .  ලොකු ගල් පර්වත ගෙනත් බිත්ති හයි කරලා. ලොකු ගල් පැතලි විධිහට කපලා බිත්ති වල හයි කරලා තියෙන්නේ . 1583 හදපු එකක් නිසා එතරම්ම පරණ නැහැ. පොඩි පොකුණක් සහ මල් වවපු ගෙවත්තක් තියනවා ලස්සනට.   කාසල් පාක් එකේ ඉඳන් ගියේ ශින්ටෝ පන්සලකට .  වඳින්නේ ටිකක් අමුතු විධිහකට.  ඉස්සෙල්ල කකුල් අතපය හෝදන්න ඕනේ වතුර බේසමකින්. ටැප් එකක් තිබ්බ වගේ මතකයි .  ඊට පස්සේ කාසි වලින් සල්ලි පූජා කරලා , ඝන්ටාරය ගහන්න ඕනේ .  ඉන් පස්සේ දෙපාරක් ඔලුව නමල , දෙපාරක් අත්පුඩි ගහල අත්  දෙක එකතු කරල යාඥාව කියවන්න ඕනේ . 

ඔසාකා වල තියනව  කොරියන් සෙක්ටර් එකක් ඉකුනෝ කොරියා ටවුන් කියල.  සම්පුර්ණයෙන්ම ගෙටෝ එකක් වගේ .  පුංචි පුංචි ගෙවල් සහ කඩ එකට එකතු කරල  හදල තියෙන්නේ. එක පින්තුරේක බලන්න උඩ වහලේ  කුණු වතුර ගෙනියන බට හෙම තියනවා. උඩින් පාරවල් සහ රේල්ලුවකුත් යනවා.   ඒ යට තමා කඩවල් තියෙන්නේ. මට හිතුනේ ලන්ඩන් වල චයිනා ටවුන් එක මේ කොරියානු ගෙටෝවට වඩා ඉඩ පහසුයි කියල.
කොරියන් විදී කෑම ජාති කන්න නම් එතනට යන එක හොඳයි .   

මේ පින්තූරය වෙනම දානව මොකද මම මාළු ටැංකියේ පීනන මාළු අරන් උයල දෙනවා දැකල තියෙන නිසා .  රුසියාවෙත් මාළු කඩේ පණ පිටින් මාළු විකුණනවා. නමුත් මෙහෙ පණ  පිටින් පුංචි බුවල්ලෝ  විකුනනවා . එවෙල්ම හදලත්  දෙනවා . 

තවත් දැක්ක දෙයක් තමා ගේම් ෂොප් වල ඉන්න සෙනග කන්දරාව .  උදේ ඉඳන් සෙල්ලම් කරනවලු .  මේ සමහර ගේම් සුදූ. ජපානේ සූදු ගහල සල්ලි දිනන්න බැහැ. ඒක තහනම්.  නමුත් මොනවහරි ටෝකන් වගයක්  දිනුව හැකි .  ඉතින් මේ ෂොප් ආසන්නයේ තව ෂොප් දෙකක් තියෙනවා.  අර සූදු ගහල දිනන ටෝකන් දීලා මොකක් හරි භාණ්ඩයක් ගත්ත හැකි. භාණ්ඩය ඕනේ නැත්නං ඊලඟ ෂොප් එකට ගිහින් සල්ලි ගත්ත හැකි ඒක තහනම් නැහැ.
    
ඒ යන අතරමග ඔසාකා වල උසම බිල්ඩින් එකටත් ගියා .  අබෙනෝ හරුකස් ඒකෙ නම. මීටර් 300 විතර උසයි .  ඒකෙ ඉඳල පහලට බැලුවහම පෙනෙන ට්‍රේන් ලයින් එක ලස්සනයි .  මොඩෙල් ට්‍රේන් සෙට් එකක් වගේ පේන්නේ. ඒකෙ වීඩියෝ එකක් තියනව යුටියුබ් එකේ. ලිපියේ යට ලින්ක් එක බලන්න. 

ඒ ෂොපින් සෙන්ටර් හරියක තමා අපේ චාරිකාව ඉවර වුනේ. ගඟ මැද්දේ සෙනග පිරුණු පාලමක .  ඈතින් කහ පාට 'ෆෙරිස් වීල්' එකක් පෙනුන .  ඒක තියෙන්නේ  දොන් කිහොතේ කියන සාප්පුවට අල්ලලා. මේ ප්‍රදේශයට කියන්නේ දොටොන්බෝරි.  මේ දවල් එකට විතර ඇති එතකොට.  පුදුම සෙනග කන්දරාවක්, අපට පැයකට වැඩිය ගියා එතැන ඉඳන් පයින්ම හොටෙල් එකට යන්න.  සෙනග නිසා.  දුර වැඩි නිසා නෙමේ .   
තේකක් කාරිය බීල හවස් වෙනකන් පොඩ්ඩක් නිදහසේ හිටිය . 

අපි මතක තියා ගත්ත කන්න යන තැනක් .  ඔය කලින් කිවූ බුවල්ලෝ හිස අරගෙන ඒකට වටු කුරුළු  බිත්තරයක් ඇතුළු කරලා හදන කෑමක් තියනව ටකෝ ටමාගෝ කියා. තව කෑමක් තියනවා ටකොයාකි කියල .  බුවල්ලෝ එක එක විධිහට බැදලා. ඔය ආපනශාලාව ඒව හදන එකක් නිසා අපි ඒකට ගියා .  එතකොට රෑ අටයි තිස්පහට විතර ඇති .   වේටර් සහ කෝකියා එක අයෙක් වගේ මම දැක්කේ .  දෙන්නෙක් ඉන්නව කීවහම එයාල දැන් වහල කීව.  මේ ඇරල ඉන්න  තැන සුද්දෝ දෙතුන් දෙනෙක් කනවා දැක්කා.  (සංචාරකයෝ ) මම උන් පෙන්නා කීව අපි දෙන්නයි ඉන්නේ වැඩිය කන්නේ නැහැ .  ටක් ගාල යනව කියල. ඒත් බෑ කිව්වා .  අපි දෙන්න එලියට  ආවා. ඉනෙස්  බෝඩ් එක පෙන්වල කීව අට හමාරට වහනව වගේ නේද  ලියල තියෙන්නේ  කියල .  මම කීව ඒත් අනිත් අය ඉඳගෙන ඉන්නේ.  එයාලා තවම  කෑම හදනව නේ කියල .  මොකද මම කියවල තියනව  ජපන් රෙස්ටුරන්ට් වල - ජපන් කතා කරන්නේ නැතිනම් ඇතුළු වෙන්න එපා  කියල පොඩියට ලියල තියනවා කියල . 

ඉතින් අපි තව  ඇවිදින්න ගත්ත .  තව ලස්සන පොඩි ආපන ශාලාවක්  තිබ්බ. මම 'කොනිචිවා' කියාගෙන ඇතුලට ගියා .  ඉනෙස් පිටි පස්සෙන් ඇතුළු වෙනවා .  ඇතුලේ හිටිය ජපන් චෙෆ් එයාව දැක්කේ නෑ.  මෑන් මට දබර ඇඟිල්ල  දික් කලා.

! යූ ඩ්‍රින්ක් ? නෝ ඩ්‍රින්ක් නෝ කම්" .
මම  "ඉයස් ඉයස්  අයි ඩ්‍රින්ක් ' කියාගෙන ඇතුලට ම ගියා .  ඉනෙස් පිටි පස්සෙන් ආවා.  චෙෆා 

මගෙන් අහනව - "ශි ඩ්‍රින්ක් , නෝ ඩ්‍රින්ක්"?.

මම ටක් ගාලා "ඉයස්" කීව. "ඕකේ සිට්  සිට්" , කියල  උස ස්ටූල්  දෙකක් පෙන්නුවා .  ඒකත් අර කලින් එක වගේ බාර් එකක්  ළඟ ස්ටුල්ස් තියල වගේ .  
       
අපිත් ඉතින්  වටේ ඉන්න දෙතුන් දෙනා එක්ක හිනා වෙලා ඉඳ ගත්ත . 
"ඕකේ යූ ගෝ වෙබ්සයිට්  ඕඩර්. වන්  ස්ටාටර් , වන් ඩ්‍රින්ක්" .  (වෙබ්සයිට් එකට ගිහින් කෑම ඇණවුම් කරන්න .  මුල් බයිට් එකක් සහ ඩ්‍රින්ක් එකක් අනිවාර්යයි )

ඉනෙස් කිව්වා එයාට වතුර ඕඩර් කරන්න .  වැඩිය කන්නත් බැහැ කියල .    

චෙෆ් ට ඇහුනනේ. "නෝ නෝ, නෝ - වෝටර් යූ ගෝ " කියල සැරෙන් කිව්ව. ඒ අතරේ අල්ලපු ස්ටූල් දෙකේ ඉඳගෙන හිටිය ඇමෙරිකන් සංචාරකයා කතා කළා.  

"ඔයාල මෙතන බොන්න ඕනේ .  බොන්නේ නැති අයට එයා කැමති නැහැ .  මම හිතුවේ ඔයා තමා බොන්නේ නැත්තේ කියල" . මෑන්  මාව පෙන්නලා එහෙම කිව්වේ .  
ඉනෙස් කීව 
"එයා නම් ඕන තැනක බොනවා .  මට මහන්සි දැනුනම බොන්නේ නැහැ කියල ."  ඒ කපල් එක ඇමෙරිකාවේ ටෙක්සාස් දෙන්නෙක් .  
මම ඇහුව "ඇයි මම බොන්නේ නැහැ කියල හිතුවේ "  කියල . මිනිහ ඇහැක් චෙෆ් දිහාට ගහල කිව්ව.  "එයාම කියයි"  කියල.  ඒ දෙන්න කාපු කෑම ලිස්ට් එකත් අපට දීලා දෙන්න ගියා . 
මම ටක් ගාලා සකේ දෙකකුයි ස්ටාටර්ස් දෙකයි ඕඩර් කළා .  ඉනෙස් නැගිටලා යයි  කියල බයට.
  
මෙන්න මෙයා නැගිට්ට.  
"මට මෙයා උයන දිහා බලන්න ඕනේ කියා". අර ඇමෙරිකන් දෙන්න ඉඳගෙන හිටපු ස්ටූල් එකේ ඉඳ ගත්ත.  සාමාන්‍යයෙන් එයා  කරන ඕවගේ දේවලට  කවුරුත් චැලේන්ජ් කරන්නේ නැහැ . 
මෙන්න චෙෆ් කියනවා .  
"නෝ සිට් දෙයාර්. නෝ  සිට් දෙයාර් .නෝ  චේන්ජ් නෝ චේන්ජ්" . මෙයා ඉංග්‍රීසි කතා කරන්නේ ඊයේ පෙරේද එංගලන්තෙට ගොඩ බැහැපු 'කවුද' වගේ . 

 ඉනෙස් කිව්වා - "මම  ඔයා උයනවා බලන්න ඕනේ නිසා එතැනට ගියේ කියල".  එතැන ඉඳන් හොඳට පේනවා උයන විධිහ පැත්තෙන් බැලුවහම.  චෙෆ් කිව්ව සැරෙන් වගේ  "!
නෑ බලන්න ඕනේ නැහැ. හිටිය පුටුවට යන්න. " කියල .  



මට දැන් මැරෙන්න හිනා .  ඉනෙස් ට ඔහොම කතා කලේ නැහැනේ කවුරුත් .  මිනිත්තු දහයකට කලින් මට අනිත් ආපන ශාලාවේ ඉඩ නැහැ කිව්වා.  ඔය යන්තන් පේන්නේ චෙෆ් තමා. 


මම ඉල්ලුවේ කියුකම්බර් කපල සලාදයක් .  ඒකට මරු සෝස් එකක් ආව .  බෝතලෙන් නෙමේ ,  එයා එවලේම ඒක හදන්නේ .  උඩ පින්තුරේ තියෙන්නේ රෙස්ටුරන්ට් එකේ ඉස්සරහ.  යට මගේ කියුකම්බර් එක.  ඉනෙස් ගත්තේ අර එඩමමේ කියන සෝයා බෝංචි කරල්ටික .  මට ජැප්පෝ කියනව  ඇහෙන්නේ "එදා මාමේ" වගේ . 😆.
 
අනිත් පැත්තේ ඉඳන් හිටියේ ඉංග්‍රීසි  කතා කරන්න  පුළුවන් තරුණයෙක්. එයාගෙන් මෙනු එක පරිවර්තනය කර ගත්ත.   මං  ඉල්ලුවේ ටුනා එකක්. මෙහෙ කියන්නේ මගුරෝ කියල ටූන මාළුවට  මම ඒ ඩිෂ්  එක කලින් කාල තියන නිසා ඒක ඕඩර් කළා .  ඉනෙස් ට ගත්තේ ග්යෝසා.  චෙෆ් දැන් මාත් එක්ක හෙන ෆිට්.  මම සකේ එක ඉවර කරලා ඒ ටිකට .  එයාට මිස්ටර් ජැක් කියන්නලු .  ඒ වගේ නමක් ලු තියෙන්නේ. ඉනෙස් මාන කොකා වගේ ඔළුව උස්ස උස්ස මෑන් හදන්නේ මොනවාද   කියල  බලනව .  ඔන්න මිස්ටර් ජැක් ට දුක හිතුන.
  
"ඕකේ, යූ ගෝ දෙයාර්", කිව්වා .  ඉනෙස් ට මාරු වෙන්න කීවේ අයිනේ ස්ටූල් එකට.  මාත් මාරු වුනා ඒ ලඟට.  එතකොට තමා මට තේරුනේ මෙයා එපා කිව්ව හේතුව. අපි ඉඳගන්න තැන නම්බර් එකක් තියනව .  අපි ඕඩර් එක වෙබ්සයිට් එකේ කරන කොට එයා ඉඳ ගන්න තැන නම්බර් එක එන්ටර් කරනව එයාගේ අයි පෑඩ් එකේ. පුංචි මොනිටර් එක්ක හයි කරල තියනව උඩක .  එයාට ඒකෙන් ඕඩර් එක පේනවා . අන්තිමට බිල ගහන්නේ එහෙම.  ලෙහෙසියි පහසුයි.  වෙනම වේටර් ල ඕනේ නැහැ .  පොඩි ජපන් හෝ තායිවාන් කෙල්ලෙක් තමා අත් උදව්වට හිටියේ,  මෙතැන හුඟක් බිසි.  උඩ තට්ටුව කස්ටමර් ලාගෙන්  පිරිලා කියල එයාම කිව්වා .  මෙයා ඒ පැත්තේ ප්‍රසිද්ධයි කියල මට තේරුනා. 
 පහළ තියෙන මගේ ටූන මාලු  දීසියට  කියන්නේ ටකාකි . ඒ කියන්නේ මේක සුෂී හෝ සශිමි නෙමේ .  (අමුම නැහැ ) ලස්සනට ගානට ඔක්කොම මාළු පෙති වටේ ලස්සනට බදිනවා.  මැද පොඩ්ඩක් රෝස පාටට හිටින්න . මීඩියම් රෙයා හා මිඩියම් අතර  ස්ටේක් එකක් වගේ.   ඒක එක කලාවක් ඇත්තටම.  පුරුදු වෙන්නේ නැතිව එපමණ හොඳට ගන්න බැහැ. එයාගෙම සෝස් එකක් දෙනවා ඒක කන්න. තරිඳුව මේක කාලා තියනවද දන්නේ නැහැ.😆😆😎    


ග්යෝසා එකට දුන්නේ ටිකක් වෙනස් සෝස් එකක් ,  ජැක් මේ කෑම වල රහ ගන්නේ එහෙමයි .  උයන්නේ හරි සූක්ෂම විධිහට.  ඉනෙස් මට පෙන්නුවා එක තැනකදී, එයාට කෑම එකක් වැරදුන.  කෙලින්ම කුණු කූඩයට දැම්ම. 
ඔන්න ඔය වෙලාවේ ස්පැනිෂ් උච්චාරණයක් තියෙන කාන්තාවක් ඔලුව දැම්ම.  දෙන්නෙකුට ඇතුළට එන්න.  මිස්ටර් ජැක් කිව්වා ඉඩ නැහැ කියල.  එයා අපි දෙන්න කලින් ඉඳගෙන හිටි තැන පෙන්නුවා. එතැන සීට් දෙක හිස්.  ජැක් ඒත් බැහැ කිව්වා.  අර මනුස්සය දැන් බැගෑපත් වෙනවා .  ඉනෙස් කතා කරන්න හැදුව.  මම එයාව  නැවැත්තුව. "මේක එයාගේ රෙස්ටුරන්ට් එක.  එයා කැමති අය නේ  ගන්නේ.  එයාට සමහර විට තේරෙනව ඇති කවුද ඇවිත් කන්නේ බොන්නේ කියල .  එයාගේ කෑම අගයන්නේ කවුද කියල". අර දෙන්නව ගත්තෙම නැහැ . 

ඔන්න ටිකකින් තව ඉටිකිරිස් චීන වගේ පේන කෙල්ලෝ දෙන්නෙක් ආව. ඉඩ තියෙනවද කියල ඇහුව හිනා වේගෙන.  ගත්ත කෙලින්ම ඇතුළට. මම බිරින්දෑ ට  කිව්වා .  "මෙයා වර්නවාදී  කෙනෙක් නෙමේ.  නමුත් බොනවාදී අමුතු චරිතයක් කියල"
 අපි ගාව ඉඳ ගත්තේ චීන කෙල්ලෝ දෙන්නෙක් තමා.  උන් ජේ පොප් සංගීත ප්‍රසංගයක් බලන්න ඇවිල්ල.  එක කෙල්ලෙක් මෙහෙ ඉගෙන ගන්නවා.  අනික් එක්කෙනා  චීනේ ඉඳන් ඇවිත් බලල යන්න.  උන් අර ජර්මන් සයිස් එකේ ලොකු බියර්  දෙකක් ඉල්ලුම් කලා . කෙලින්ම ලොකු මේන් කෝස් එකක් ගත්ත .  අපි කන්නේ මොනවාද මේවනෙ කෑම. අර චීන කෙල්ලන්ගේ ඉන්ස්ට, ටික් ටොක් වීඩියෝ තියනව නේද කාගෙන කාගෙන යන.  ඒවා බොරුවට කරන ඒවා කියල මම හිතන් හිටියේ .  මොන පිස්සුද, මේ දෙන්න ඒ වගේමයි. 

මම නෝටිස් කරපු දෙයක් තමා චීන්නු ගොඩක් ජපානේ සංචාරයට එනවා .  ඉගෙන ගන්න වගේම. වියදම් කරන්නත් රුසියෝ. තායිවාන් ,  තායිලන්තය , පිලිපීනය වගේ රටවලින් වැඩ කරන්න එන්නේ කියල.    

චීන කෙල්ලෝ මේන් ඒවා ඇනවුම්  කලහම මිස්ටර් ජැක්  මට කියනව   
 "කෝ ඔයාල මේන් මීල් එකක් ගත්තේ නැහැනේ කියල ".
 අපි බැලුව ඒ මොනවාද කියල .  ලොකු රාමෙන් සුප් වගේ ඒවා ,  ලොකු රයිස් දීසි කන්න අපට අමාරුයි .  මම කිව්වා චීන කෙල්ලන් ගෙත් උදව්ව්වෙන් ජැක්ට, 
"අපි රෑට කෑම කන්නේ අඩුවෙන් බව".  ජැක්  "මම දන්නවනම් මම උඹට  එන්නේ දෙන්නේ නැහැ කියල" බක බක ගාල හිනා වුනා . හැබැයි මිනිහ අපට කැමතියි කියල තේරුනා.
 
ඊට පස්සේ කිව්වා මගෙන් බොනවද කියල ඇහුව හේතුව.  "අපි වගේ ඉන්දියන් කට්ටිය ඇවිල්ල වතුරලු ඉල්ලන්නේ "  මට හිනා .  
"ඉනෙස් කියනව "මෙයාට  කියන්න ඕනේ නැහැලු බොන්න" .  
මම කිව්වා "මම ලංකාවේ උපන්නේ.  ඉන්න ලන්ඩන් වල.  ලංකාවේ හුඟක් අය පොඩ්ඩක් ගන්නවා කෑමට බෙහෙතක් වශයෙන් .  ඒ නිසා බය නැතිව ඇතුලට ගන්න කියලා".  ඉනෙස් ඒ ගමන සන්ටෝරි බියර් එකක් ගත්ත .  දැන් ජැක් ගේ හිනාව කටේ පුරවල . 


මම ජැක් ට කීව , ඔබ ඇත්තටම කෝකියෙක් ට වඩා ආටිස්ට් කෙනෙක් කියල . මෑන් කියනව -" නෝ නෝ මී නෝ  ආටිස්ට් . අයි ඇම් කුක් ඇන්ඩ්  ඔව්නර්" ලු. මම තව සකේ එකක් එක්ක ඉස්සෝ දෙන්නෙක් ඉල්ලුව .  කරුමා එබි කියන මේවා අර ටයිගර් ප්‍රෝන් වගේ ලොකුයි. නෙලුම් අල කකෑලි  දෙකක් ලස්සනට සයිඩ් එකේ  තියල තමා දුන්නේ ඒක.

  අපට ඇත්තටම හිතුන කෑවේ නැතත් ලොකු මීල් දෙකක් ගන්න තිබ්බ කියල. හැබැයි ජැකාට ගානක් නැහැ.  එයා උයන දේවල් ගැන රනින් කමෙන්ට් එකකුත් දෙනවා අපට.  ඉනෙස් ලියා ගත්ත.  කොහෙද දන්නේ නැහැ ඒ ලියපුව.  මම ඩෙසට් එකට කියල තල බෝල දීසියක් ගත්ත.  අපේ තලබෝල වගේද කියල බලන්නත් එක්ක .  ඇතුළට බත් දාල, මොකක් හරි බෙරි ජාතියකින් හදපු  ජෑම් වර්ගයක් එක්ක. ලංකාවෙත් ලෙහෙසියෙන් හදන්න පුළුවන් කෑමක්. හරිම රසයි.  තල වල කිරි රසයි,  බතුයි,  ජෑම් නුයි එකතු වුනහම.   ඒක ඇත්තටම උදේට කන්න හොඳයි .  අනික මේවා කෑවහම බඩ ටක් ගාල පිරෙනවා .      


 අපි දෙන්න බිල ගෙවල එලියට ආවේ හරිම සතුටෙන්.  ජැක් ස්තුති කළා . අත වැනුවා එයාගේ වැඩේට ගියා. ඉනෙස් කියනවා හෙන අමාරුකාරයෙක්. ඒ වුනාට එයා කැමතියි කියල. මම කිව්වා කෙලින් කතා කරලා එහෙම කියන මිනිසුන්ට මම කැමතියි .  තේරුම් ගන්න ලෙහෙසියි කියල. අනික ජපන්නු එතරම් වර්ණවාදී නැහැ කියන අදහස තදින් මුල් බැස ගත්ත මේ වෙලේ. ඔවුන්ගේ හැසිරෙන විධියක් තියනව .  ඒක තේරුම් ගන්න ඕනේ. තව ලිපි දෙකක් ලියැවෙනවා. ඉන් එකක් මේ ගැන තව දුරටත් ලියන්න ඕනේ .  ඒ වගේම කලින් ලිපියක කමෙන්ටුවක සඳහන් කරලා තිබුන මගේ ජර්මන් ජාතික බිරිඳ  ඉනෙස් සිටි නිසා මට  එපමණ දැනෙන්නේ නැති වෙන්න ඇති වර්ණවාදී  කම  කියල .  හැබැයි ඒකට පිළිතුරත් මේකෙම තියනව .  එහෙම එකක් නැහැ .  ජැප්ප මූනට කියනවා කියන දේ කියල මට හිතුනේ.

ඔසාකා වීඩියෝ බිල්ඩිමේ උඩ  සිට : 


'ණ' මහතා අසන නිසා ටකෝ ටමාගෝ (වටු කුරුලු බිත්තර  හා බූවල්ලා) පින්තුරයක් දැම්ම . 



මේ මගේ මුලින්ම හමුවුන ජෙප්ප ගැන රුසියාවේදී .  කියවල බලන්න . 
          
     
අජිත් - 10/08/2025
  

45 comments:

  1. වටු බිත්තරයක් ඔබපු බූවල්ලො ඔළුවක්ද ඉස්සො දෙන්නෙක්ද මෙතන දාන්න හොඳ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔබ තුමා ඉල්ලා සිටින නිසාම පින්තූරයක් ඇතුළත් කළා . මම හිතුවේ එදා සෑ කාපු ඒවා විතරයි දාන්න ඕනේ කියල .

      Delete
    2. ෂා ඒ පිංතූර දෙක තමා සුපිරි. ටකෝ ටමාගෝ නං නියම කලාත්මක කෝකියෙක්.👌

      Delete
    3. ටකෝ ටමාගෝ තමයි ඒ ඩිෂ් එකේ නම හේ හේ

      Delete
  2. ජැපනීස් අය කතාකරනකොට මට ඇහෙන්නෙ හුඟක් රෆ් රූඩ් jarring abrupt ටෝන් එකක්. විශේෂයින් පිරිමි අය. මම දන්නව ඒ කල්චර් එකේ පොලයිට්නස් හුඟක් අගය කරනවයි කියල ඒත් මට ඇහෙන ටෝන් එක රෆ්. ඇරබික් අය ඒවගේ පොලයිට් නෑ. එත් හුඟක් වෙලාවට ඇරබික් liquid smooth flowing ටෝන් එකකින් ඇහෙන්නෙ

    අනිත් අයට කොහොමද දන්නෙ නෑ මට ඇහෙන විදිහ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මටනම් අරාබි භාෂාවෙන් කතා කරනවා ඇහෙන්නේ ටකරමකට ගල් ගහනව වගේ . , හරිම ඝෝෂාකාරී භාෂාවක් . ලෝකේ ලස්සනම සෙක්සි භාෂාව අහටියටේ ගෙනෙන්නේ ප්‍රංශ නේද ? ස්පාඤ්ඤ හා ඉතාලියානු භාෂා පවා ලස්සනයි අහන් ඉන්න . මේ අයුමි හැමසකි ජේ - පොප් - https://www.youtube.com/watch?v=ZSOl7Jf45As

      Delete
    2. most famoush japanese songs: https://www.youtube.com/watch?v=SX_ViT4Ra7k&list=PLj3yHoINc17ve9DMQpyU_clEGETrKSrbD

      Delete
    3. Agreed about Spanish & Italian.
      Arabic is less abrupt sounding compared to Japanese.

      Delete
    4. ඔයා ඇරබික් අහල තියෙනවද ලඟින් . අපි ඇබ්බෝ එක්කනේ ඉගෙන ගත්තේ . රුසියාවේ හිටි ඝෝෂාකාරී ම කට්ටිය

      Delete
  3. කෑම විස්තරය මරු . ඔසාකා ජපන්නුයි කියෝටෝ ජපන්නුයි ටිකක් වෙනස් නේද ? එහෙම දැනුනේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. කියෝතෝ ජපන්නු සම්ප්‍රදායිකයි . ලේඩ් බැක්. අර පන්සල් වලට වැඩිපුර එන්නේ ඔවුන් . සංචාරකයන්ට වැඩිය කියෝතෝ ප්‍රදේශයේ අය එනවා . ඔසාකා වල ජපන්නු කලබලයි , දුවනව හැම තැනම . බටහිර සමාජ ක්‍රමයට වඩා ලැදියි. සිගරැට , සිගාර් බොන් දෙනව අහම කෑම ශාලාවේම වගේ ෂොපින් සෙන්ටර් ඇරෙන්න , ෂොපින් වලට සෙනග පිරිලා .

      Delete
    2. ගමයගෙ ජපාන චාරිකා සටහන් වලින් මට අල්ලලම ගියෙ මේක. විශේශයෙන්ම ජැක් ගෙ චරිතය නිසා. වෙනම රටකට ගිහින් මෙහෙම කැරක්ටර් එකක් අඳුනගන්න ලැබෙන එක පට්ට.

      Delete
    3. ස්තූතියි කෞශල්‍ය , ඔයිට කලින් ලිපියේ අර අවුරුදු 80 ආච්චි අම්ම කොහොමද ? තවම කැෆේ එකක් රන් කරනවා . ජැක් හැබැයි වඩා වෙනස් . අර කිසියම් ශිල්පයක් හොඳට හදාරලා හොඳටම කරන්නා වගේ චරිතයක් . අනික මිනිස්සු එයා ගැන මොනවාද හිතන්නේ කියන එක අදාල කර ගන්නෙම නැහැ . පට්ට

      Delete
  4. ස්තූතියි ගමයෝ. ටුවරිස්ට්ල ගොඩවල් පිටින් එන එක ගැන ජප්පො අවුල්ද (over tourism)?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . මට එහෙම පෙනුනේ නම් නැහැ . ඔය ස්පාඤ්ඤය වගේ ප්‍රොටෙස්ට් යන තරමේ . උන් කැමතියි මිනිස්සු එනවට . බලනවට . එහෙම තමා දැනුනේ . හැබැයි උන්ගේ රූල් වලට අනුව .

      Delete
  5. 🍷🍷🍷🍷🍷🍷🍷🍷
    නෝ ඩ්‍රින්ක් නෝ කම්!
    පස්සෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. නෝ නෝ කම් කම් සිට් දෙයාර් ප්‍රා දෙයාර් ප්‍රා දෙයාර්

      Delete
  6. ටකෝ ටමාගෝ මෙහෙටත් හොඳ වාගෙයි
    බූවලු ඔලු හොයා ගැනුමත් හරි ලෙහෙසියි
    එක ගැටලුවයි මතු වෙන්නේ- ඒ මේකයි
    මෙහෙ බූවල්ලෝ පොඩි නෑ හරි සද්දන්තයි

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි එහමත් එකක්ද
      ඔය ඉන්නේ බේබි බූවල්ලෝ නෙමේද
      වටු කරුලු බිත්තර තහනම් නොවේද
      මේවා හදා නිදි හිරයට යයි නොවේද

      Delete
  7. ව්ස්තර කරන හැම කෑමම මස් හරි මාළු හරි. වෙජිටරියන් අයට ඔහේ තැනක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉතින් මගේ උදේ ආහාර විස්තර වෙජිටේරියන් මතක විධිහට. අපි දෙන්න ඉතින් මාංශ භාක්ෂිකයෝ නේ . සමාවෙන්න ඒකට . වෙජිටේරියන් අයට ලොකු චොයිස් එකක් තියනව . රයිස් කේක් (බත් අර ක්රිබත් වගේ හදල ) බෝංචි දාල , බෝංචි වලින් හදපු නොයෙකුත් කෑම බීම හෙම හරියට . හැබැයි මේක මාළු වැඩියෙන් කන රටක් .

      Delete
  8. Replies
    1. ස්තූතියි කුමුදු

      Delete
  9. සෝවියට් ජැප්පා, ගමයට කොකා පෙන්නල පිල්ලි නංගී එක්ක මාරු වෙලා නේද?😋🤣

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. නියම පොර . ඌ ට රුසියාවේදී හරි ගියේ අපි සෙට් එක විතරයි

      Delete
  10. මම වැඩියම රස වින්ඳෙ, අර බෑ කිව්ව රෙස්ටොර්න්ට් එක සහ ජැක්ගෙ කඩේ විස්තර. පේන විදිහට ජපානෙ සංචාරක ව්‍යාපාරය ප්‍රී-කෝවිඩ් ගානට ඇවිත් වගේ නේද?

    කොහොමත් එදිනෙදා හමුවුන මිනිස් කතන්දර තමයි හොඳම. 👌🙏

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් . මිනිස්සු එකා පිට එකා ඇතිල්ලෙනවා ඔසාකා වල. අපි කැමති ඔය වගේ තන්වල් ගිහින් මිනිස්සු එක්ක කතා කර කර කෑම කන්න

      Delete
  11. අඩේහ් මරු චෙෆෙක්නෙ එයා.. ඒ කෑම පින්තූර දකිද්දි සුවඳත් එනව කෑම වල 👌

    ReplyDelete
    Replies
    1. ඒකනේ . ඔයාගේ කෑම වගේම තමයි .

      Delete
  12. රසවත් චාරිකා ලිපියක්...කාලෙකින් බ්ලොග් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . වෙල්කම් බැක්

      Delete
  13. බුවල්ලා සහ වටු බිත්තර දැක්කම සත්තු දෙන්නා ගැනම දුක හිතුනා .. ඔය වටු බිත්තර ෆාම් වලින් වගේ ගන්න තියෙනවද ?

    කෑම කඩේ අත්දැකීම නම් සෑහෙන වටිනවා .. ඕවා හැමදාම මතක හිටිනවා නේද ?

    කොහේ ගියත් සුට්ටක් වෙන්න බොන්න පුරුදු වෙන්න ඕනේ කියන්නේ ඕක තමා .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මටත් මුලදී බූවළු කඩේට ගියාට දුක හිතුන . ඒ වුනාට ඊට පස්සේ දවසේ කෑව . බූවල්ලා හෙන නවනටි සතෙක් කියනවනේ . වටු බිත්තර කෑම ලංකාවේ තහනම් නේද ? ඩිංගක් හීනියට දැම්මට කමක් නැහැ කියල දොසත්රලත් කියනව හේ හේ

      Delete
    2. වටු බිත්තර මෙහෙ සුපර් මාකට් වල විතරක් නෙමෙයි ගම්වල සිල්ලර කඩවලත් තියෙනවා අජිත් මහත්මයා.

      Delete
    3. ජපානයේද ලංකාවේද ? ලංකාවේ තහනම් නැත්ද ? ජපානයේ තියනව දැක්ක

      Delete
    4. ලංකාවෙ අජිත් මහත්මයා

      Delete
    5. ඇත්තද ? මෙපමණ දවස් හිතන් හිටියේ වටු කුරුල්ලා ආරක්ෂා කටන් පක්ෂියෙක් කියලනේ

      Delete
  14. අම්මපා අජිත් මහත්මයා , ජපානෙත් "නෙලුම් අල යායට" තියෙනවද? 😜😂😂😂

    ReplyDelete
  15. Replies
    1. Amazing. බොහොම ස්තූතියි වීඩියෝ එකට

      Delete
    2. අලුත් පෝස්ට් එකක් ලියන්න කාලේ හරි , ඒකත් අමතක වුනා

      Delete
  16. Jagath Pathirana22 August 2025 at 20:29

    ඇයි සිංහල මිනිස්සු සිංහල භාෂාවෙන් පරිගනක ගැන කතා කරනවට අකමැති.
    ජපානෙනම් එහෙම නෑ ලු.
    විවරය හරියට උඩුගතකලා.

    ReplyDelete
    Replies
    1. තේරෙන්නේ නැති නිසා නේද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .