පළමු ලිපිය :
ජපන් ගමන් - ටෝකියාවේදී පළමු දවසෙන් දෙවෙනි දවසට දෙවන ලිපිය :
ෆුජි සන් කන්දට ගමනක්
ජපානය කියන්නේ අවුරුදු හැට පහට වැඩි ජනතාව 30% ක් ඉන්න රටක් . ජපන්නුන්ගේ ආයු කාලය අනිත් රටවලට වඩා වැඩියි . වැඩි පුරම අවුරුදු 100 පිරුණු වැඩිහිටියෝ ඉන්නෙත් ජපානේ. එතනිනුත් ඔකිනාවා පළාතේ මුළු ජපානයේ මධ්‍යම අගයට (ඇවරේජ්) වඩා වැඩියෙන් වයස සීය පැන්න අය ඉන්නේ . විද්‍යාඥයෝ හොයල බලන කොට ඔවුන් මුළු ජපානයේම අනිත් පැති වලට වඩා 10% අඩුවෙන් ලුණු කන්නේ . (මාලිමා ආණ්ඩුව විසින් මුදල් ගෙවා පළ කරන ලද දැන්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න 😆) . ඒ එක හේතුවක් . ජපානේ ගත කල් දවස් වල මට දැනුන දෙයක් තමයි මම චීන කෑම කෑවහම වතුර බාල්දියක් වත් බොන්න ඕනේ . ලංකාවේ කෑම වලට බාල්දි බාගයක් වත් බොන්න ඕනේ . ජපානේ කෑම කෑවට ලොකු තිබහක් දැනෙන්නේ නැහැ . ලුණු සහ සීනි අඩුයි. ඔවුන් ගේ මේ දීර්ඝ කාලයක් ජිවත් වන එකට තව හේතු තියනව. මේ එක හේතුවක් විතරයි .
ෆුජි ගිනි කඳු බලල ඉන්පසු අපි ගියේ දහවල කෑම ගන්න ඔවකුඩනි නිම්නයේ තිබුන සෞන්සන් කියන උණුදිය උල්පත් වලින් ස්නානය කරන තැනකට . මෙතන නාල කෑම කාල එන්න පුළුවන් තැනක් . හැබැයි අපි නාන්න ගියේ නැහැ . ආපන ශාලාවේ අපට බුෆේ ක්‍රමයට කෑම ලැහැස්ති කර තිබුනත් අපි මෙනු එකෙන් තෝරා ගන්න තීරණය කලා. සපත්තු ගලවල තමයි ඇතුළට යන්න ඕනේ . ජපානේ යනවනම් හිල් තියෙන මේස් අරගෙන යන්න එපා ඔන්න . අපි ගිහින් බිම පහසුවට ඉඳ ගන්න පුළුවන් මේසයක් තෝරා ගත්ත . තේ වලට ජැස්මින් තේ සහ ග්‍රීන් ටී (කොළ තේ කියලද කියන්නේ ) තමා තිබුනේ .
උදේ බඩ පැලෙන්න කාල හිටි නිසා අපි ටෙම්පුරා සහ සෝබා නූඩ්ල් සුප් එකක් තමා තෝරා ගත්තේ . බොහොම සිම්පල් වගේ පෙනුනට කන්න බැරි තරම් නුඩ්ල්ස් ගොඩක් දෙනවා . ජපන් ටීවී කතා වල දැකල තමා ඒව ගත්තේ . ටෙම්පුරා එකට ලොකු ලැන්ගුස්ටින් (නොර්වේ ලොබ්ස්ටර් ) එකක් , බ්‍රොකොලි , මාළු කෑලි දෙකක් හෙම බැදලා දෙනවා . මිරිස් කුඩු තියනවා මේසේ ඕනේ නම් දාගන්න . ජපානයේ කෑම ඉදිරිපත් කරන විධිහ හරිම අලංකාරයි . කන් න හිතෙන විධිහට කෑම ඉදිරිපත් කරන එකත් කලාවක් . ඒ ඇති ඉතින් . තව මෙලන් ජූස් එකකුත් බීව. අපිට මේස් දාගෙන ඉන්න වෙන නිසා වැසිකිලි ගියොත් වෙනම පාවහන් තියල තියනවා පාවිච්චි කරන්න . මේ වගේ තැන්වල වැසිකිලි නම් ජපානයේ හුඟක්ම පිරිසිදුයි . ඒ ස්ථානය ඉදිරියේ තමා පින්තුරය ගත්තේ .
ඊට පස්සේ අපිව අරන් ගියා හැකොනේ රෝප්වේ හෙවත් කේබල් කාර් ස්ටේෂන් එකට . ගොන්ඩෝලා කියලත් කියනව . අපි මෙතනින් උඩට යනව සෝන් කියල ස්ටේෂන් එකකට . ඒ යන්නේ ඔය හැකොනේ ගිනි කන්ද උඩින්. කේබල් කාර් එකේ නැත්නම් ගොන්ඩෝල එකේ විස්සකට විතර ගිය හැකියි . උඩට යන මාර්ගය දෙපැත්තේ ගස් කෝලන් ඇත්තටම ටිකක් යුරෝපයේ වගේ. ගොන්ඩෝල එක පතුල විදුරු දාල තියන නිසා යට පේනවා .
VIDEO
මීදුම වගේ පින්තූර වල පේන්නේ ගිනි කන්දෙන් නැගෙන දුම . මේ පළාතම සල්ෆර් වායුවෙන් පිරිලා ඒ ගඳ එනවා . ඒ කියන්නේ කුණු බිත්තර ගඳ . කේබල් කාර් එක මාරු වෙන්නේ ඔකුවඩනි කියන ස්ටේෂන් එකෙන් . මේ වගේ පොලොව තුලින් දුමාරය එන අනිත් තැන් මම දැකලතියෙන්නේ අයිස්ලන්තයේ . (
බ්ලොග් ලිපි බලන්න ) කන්ද උඩට ගියහම මේ දුමාරයෙන් උයපු
නැත්නම් පුච්චපු කළු බිත්තර කන්න පුළුවන් . මේකේ යනකොට පුජියාමා නැතිනම් ෆුජි සං ගිනි කන්දන්ත් ලස්සනට පෙනෙනවා . මේ මාර්ගයේ අපි හැකොනේ කන්ද සහ වාෂ්ප දුමාරය එන තැනුත් බලල පහලට ආවේ ආශි කියන වැවට . ඇත්තටම මේ වැව කල්දේරා එකක් නැතිනම් ගිනි කන්දක් පිපිරිම නිසා ඇතිවු ආවාටයක්. හරියට අර මම ග්‍රීසියේ
සැන්ටෝරිනි දූපතේ දැක්ක වගේමයි . යුටියුබ් එකේ මම මේ ගමනත් දමල තියෙනවා . මේ වැව කනගාවා දිස්ත්‍රික්කයේ තිබෙන්නේ . ගිනි කන්ද පිපිරුනේ වර්ෂ 1170 දී . මේකේ වටේට උණුදිය උල්පත් තිබෙනවා . ර්යෝකන් කියන්නේ ඔය අපි කන්න ගිය තැන වගේ නෑමට , කෑම ගැනීමට අවශ්‍ය නම් නිදා ගැනීමටත් , සවුනා ආදිය තිබෙන තැනක් . මේවා ක්‍රිස්තු වර්ෂ 700 වගේ ඉඳන් පැවත එන බවයි කියන්නේ .
මේ වැවට හෙවත් කල්දෙරමට බහින්න තහනම් . මීටර් 15 ත් 45 ත් අතර ගැඹුරක් තිබෙනවා උනත් හේතුව ඒක නෙමේ . වතුර අංශක හැත්තෑවට වඩා හිටපු ගමන් රත් වෙන එක . අවුරුදු පන්සීයකට විතර කලින් සමුරායි වරයෙක් පිහිනන්න ගිහින් . එකපාරට ම වතුර රත් වෙලා . වැව මැද හරියක ඉඳන් පිහිනන් ආපහු එද්දී ඔහු පිළිස්සී මිය ගිහින් . රට පාලනය කල ශෝගුන් වරයා තහනම් කරලා තිබෙනවා වතුරට බහින්න . ඒක අදටත් ක්‍රියාත්මකයි .
ලස්සනට හදපු පයිරේට් නැව් දෙක තුනක් තියනවා වැව වටේ යන්න .
ඉන් පස්සේ අපි ආපු බස් එකෙන්ම ඔදවරා කියන දුම්රිය නැවතුම් පලට පැමිණියා . එතන ඉඳන් ජපන් බුලට් ට්‍රේන් එකෙන් ඔදවරා ඉඳන් ටෝක්යෝ වලට ජේ ආර් ටොකයිඩෝ ට්‍රෙන් එකක ආවේ. පැයට කිමී 250 ක පමණ වේගයෙන් යන නිසා විනාඩි හතළිහෙන් වගේ ටෝක්යෝ ආව. ( බස් එකට පැය දෙකහමාරක් ) . මේ ගමන් වාරයේදී දැක්කේ කොපමණ තට්ටු නිවාස ජපානයේ තිබෙනවද කියල . ඒ තරමට තට්ටු නිවාස දැක්කේ මිට කලින් සෝවියට් දේශයේදී . මේ ගෙවල් ලාභයි . ඒ වගේම පොඩියි . නමුත් ඉතා පිරිසිදුව හැම බිල්ඩිමක්ම , නිවසකම පවත්වාගෙන යන්නේ .
පින්තූර සියල්ල මම ගත්ත
ඒවා .
- අජිත් 29/06/2025
අපිනං ඉතිං කොහොමත් හිටි හැටිය රත් වෙන ගිනි කන්දක් උඩ ඉන්න හින්ද ඕව අලුත් දේවල් නෙමෙයි කියල හිතාගමු. නැත්තං ඉතිං අපි කවද ජපං යන්නද ඕව බලන්න.
ReplyDeleteඔය රත් වෙලා තියෙන ගිනි කන්ද පුළුවන හැටියට නිවා ගන්න හැමෝම උත්සහ කරමු . බැරි වැඩක් නෙමේ . දක්ෂ මිනිස්සු ඉන්න රටක් . //නැත්තං ඉතිං අපි කවද ජපං යන්නද ඕව බලන්න.// මේක නොලිය ඉනත් හිතෙනවා . නිදි සහෝදරයත් පොඩි දුකකින් වගේ කවියක් ලියල තිබ්බ . මේවා ඉතින් මගේ කම්පනියෙන් මට දුන්න එකක් යන්න . වසර 25 සේවය කලාට
Deleteනොලිය ඉන්න ඕන නෑ. අපි මේ විස්තර මෙහෙම හරි දැනගන්නෙ ලියන හින්දනෙ.
Deleteදුක හිතුණත් මටත් ටිකක්
Deleteගණන් ගන්න එපා ගොඩක්
ශෝකී රසයත් රසයක්
නව නළු රසවලින් එකක්!
නව නළු රස වලින් එකක්
Deleteඑහෙම නම් කමකුත් නැහැ
ඒවා ගැන කියා දීල
ලිපියකුත් හෙමිහිට ලීව නම්
++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteස්තූතියි වැට මාර ඉනි වලට
Deleteඅද පිංතූර ටික මසුරං. ආයෙ එන්නම්.👌
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteමගේ මල්ලි කෙනෙක් ජපානේ ඉන්නව. මිනිහනම් කියන්නේ ටිකක් ජීවිතේ යාන්ත්‍රිකයි වගේ කියල .කොහොම වෙතත් මම දන්නේ ලංකාවෙ උන්දලට ගැලපෙන්නේ ලංකාවම විතරය ි
ReplyDeleteමම වෙනස් විධිහකට බලන් නරුම වාදියෙක් නිස මගේ කියවීම වෙනස් එකක් . ඉදිරියේදී තේරෙයි .//ලංකාවෙ උන්දලට ගැලපෙන්නේ ලංකාවම විතරය ි// විය හැකි දෙයක්
Deleteඅජිත්
ReplyDeleteඔයා ඔය ෆූජියාමා ගිනිකන්ද ගැන කියද්දී අපට නම් මතක් වෙන්නේ සිරි ලංකාව කියන ලයිව් ගිනිකන්ද තමයි ඉතින්, හැබැයි ලංකාවේ ඇවිලෙන ගින්නට හේතුව නම් ලංකාවේ පවතින ගර්හිත දූෂිත දේශපාලන බලවේග බවට කියන කතාව මමත් පිලිගන්නවා, මෙතනදී ඔබේ අදහස්වලට අනුව, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසක් සඳහා තරුණ නායකත්වයක් අවශ්‍ය බව ඔබ පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන විපක්‍ෂ බලවේග දෙකට අරක්ගෙන සිටින බහිරවයන් දෙපලක් වු නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම ඔවුන්ගේ නායකත්වයෙන් ඉවත් වී, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ සහ චානක වැනි එම පක්ෂයි තරුණ දක්ෂයින්ට සහ සජබ පක්ෂයේ සිටින අලුත් තරුණ පිරිසට නායකත්වය ලබාදිය යුතු බව ඔබ යෝජනා කරනවා. එහෙම කළොත් ලංකාවේ බහුතර ජනතාවට දැනට එපාවී සිටින මේ NPP ආණ්ඩුව එලවා දැමීමට ජනතාව කැමති කර ගැනීමට සහ දැනට කිසිවකුට ඡන්දය ප්‍රකාශ නොකරන 40% ක පමණ අතිවිශාල පිරිසකට වගේම ඡන්දය කටුගා දමන මිලියන එක හමාරක දෙකක පමණ පිරිසේ බොහෝ දෙනෙකුට ඒ තීරණ වෙනස් කර ගැනීමට එය රුකූලක් වේවි
ඔබේ අදහස්වලට අනුවත්, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසක් සඳහා තරුණ නායකත්වයක් අවශ්‍ය බව ඔබ පෙන්වා දෙනවා. නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම ඔවුන්ගේ නායකත්වයෙන් ඉවත් වී, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ සහ චානක වැනි තරුණ දක්ෂයින්ට සහ සජබ පක්ෂයේ සිටින තරුණ පිරිසකට නායකත්වය ලබාදිය යුතු බව ඔබ යෝජනා කරනවා.
තරුණ නායකත්වයේ අවශ්‍යතාවය:
පැරණි දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට තරුණ නායකත්වයක් අවශ්‍ය බව ඔබ පෙන්වා දෙනවා.
තරුණ දක්ෂයින්ට අවස්ථාව ලබාදීමෙන් නව අදහස් සහ ප්‍රවේශයන් දේශපාලනයට ගෙන ඒමට හැකි බව ඔබ විශ්වාස කරනවා.
පොහොට්ටුවේ සහ සජබයේ වෙනස්කම්:
පොහොට්ටුවේ රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ සහ චානක වැනි දූෂණ චෝදනා එල්ල වී නැති දක්ෂයින්ට නායකත්වය ලබාදිය යුතු බව ඔබ යෝජනා කරනවා.
සජබ පක්ෂයේ සිටින තරුණ පිරිසකට නායකත්වය ලබාදී සජිත් ප්‍රේමදාස අනුශාසක තනතුරකට පත් කළ යුතු බව ඔබ පෙන්වා දෙනවා.
වර්තමාන දේශපාලන තත්ත්වය:
නාමල් සහ සජිත් දූෂණ චෝදනා නිසා හිර වී සිටින බව ඔබ විශ්වාස කරනවා.
ඉන්දියාව විසින් NPP ආණ්ඩුව නූල් රූකඩ ලෙස මෙහෙයවන බව ඔබත් දන්නවා ඇති. ඒ නිසාම පාලිත විපක්ෂයක් (Controlled opposition) ඇති බව ලංකාවේ ගොඩක් අය විශ්වාස කරනවා.
අනුර සහ විජිත, රනිල් සහ රාජපක්ෂලා, ප්‍රේමදාසලා සමඟ යටින් සමීප මිත්‍ර සම්බන්ධතා පවත්වන බව හැමෝම හොඳින් දන්න කාරණයක්.
මේ නිසා නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාසගේ ෆයිල් නිසා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඉන්දියාව අනුර ලවා තර්ජනය කරන බව ඔබ දන්නවා ඇති.
ස්වාධීන විපක්ෂ බලවේග ලංකාවේ නැති බව ඔබත් පිලිගන්නවා.
ඔබේ අදහස්වලට අනුව, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසක් සඳහා තරුණ නායකත්වයක් අවශ්‍ය බව පැහැදිලිය. මෙම වෙනස සඳහා ඔබගේ යෝජනා සමාජ මාධ්‍ය ජාලවල සාකච්ඡා කිරීම වැදගත් වෙනවා.
නමුත් අප මේ වෙනුවට විකල්පයක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජන අරගල සංධානය සමග එක්වීමට ආරාධනා කරනවා
ජන අරගල සන්ධානයේ අරමුණ වන්නේ සමාජවාදී සමාජයක් ගොඩනැගීම තුළින් ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ දේශපාලන හා ආර්ථික ක්‍රම පරිවර්තනය කිරීමයි. ජනගහනයෙන් බහුතරයකට බලපාන ගැටළු විසඳීම, දිගුකාලීන ජාතික ගැටළු විසඳීම, IMF වැනි බාහිර බලපෑම්වලට විරුද්ධ වීම සහ ඉන්දියාව සහ එක්සත් ජනපදය වැනි රටවල අනවශ්‍ය විදේශීය ඇඟිලි ගැසීම් වලට එරෙහි වීම අපගේ අරමුණයි. බහුතරයක් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීමට සහ රාජ්‍ය ව්‍යුහය, ආර්ථිකය, සමාජ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ජන බලය ගොඩනැගීම අපගේ අරමුණයි. ඒ නිසා සමස්ත ක්‍රමයම පරිවර්තනය කරන සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ පුළුල් වැඩපිළිවෙළක් අපි යෝජනා කරනවා
ඔබේ අදහස් මගේ අදහස් වගේ ලිවීමත් අපූරුයි
Delete//සමස්ත ක්‍රමයම පරිවර්තනය කරන සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ පුළුල් වැඩපිළිවෙළක් අපි යෝජනා කරනවා//පොල්පොට් වාදී කාම්බෝජයක් හදන්නේ නැත්නම් හා
Deleteඅහා ලංකා/ඉන්දියානු සිග්නේචර් කියමන "ඉස්න්ට් ඉට්?" කියනව ඇහුනා. උපහාසයක් පමණයි, ආරේ ගුණ නෑරේ.😋
ReplyDeleteසීයක් නොහිටියට කාරි නෑ, අසනීප වෙලා දුක් විඳින් නැතුව හුචස් ගාලා යන්න තියනව නං. පරිසරය ,කෑම-බීම වගේ සියලු අත්දැකීම් ගැන ලියපු එක හොඳයි. අපට ඕනෙ " ගමයා දුටු ජපානය" අත්දැකීම ගැන අහන්න. ලොකු කමක් ගැන කිසිම හැඟීමක් මට නං ආවෙ නෑ.
'Cause the players gonna play, play, play, play, play
And the haters gonna hate, hate, hate, hate, hate
Baby, I'm just gonna shake, shake, shake, shake, shake
I shake it off, I shake it off
- තයිලර් සුවිප්ට්-
එක එක අය එක එක විධිහට නේ හිතන්නේ . මගේ කොලේජ් යාලුවෝ ටිකක් තමා සෝබනේට ලියනව කියල කාඩ් එක ගහල් තියෙන්නේ . මොකද ඇ ගොල්ලොත් ඕව යනව උනාට ෆේස්බුක් එකේ වමාරන්නේ නැහැ කියල . මම ඉතින් 'සත පහකට ගණන් ගන්නේ නැහැ ' කවිය මරු ඈ
Deleteසත පහකට ගණන් ගන්න එපා. කවිය මගේ නෙමෙයි මෙයාගෙ
Deleteඔය මනුස්සයට මිනිස්සු බනිනංවා තමා . නමුත් හුඟක් චැරිටි වැඩ කරනවා සල්ලි දෙනවා . තමන්ට වැඩ කරන අයට හොඳට පඩි ගෙවනවා . සතැහැ පහකට ගණන් ගන්න එපා කියල මම බ්ලොගේකුත් ලිවානේ
Deleteවියහියදම් නොකර- එක තැනකම ඉඳලා
ReplyDeleteඅඩු කාලයක් වැය කර - සතුටක් විඳලා
ජපානේ ගිහිං ආවා! 'මරු' කියලා
ස්තුතියි අජිත්, නියමෙට ඇත ලියලා!
වචන වගේමයි සුන්දර foto ටිකත්
කියයි ජපානේ රටතොට පරිසරයත්
Post එකෙන් කියැවෙයි හොඳ පාඩමකුත්
අඩුවෙන් කෑ යුතුයි ලුණු වාගෙම සීනිත්!
ඔය ලමයට ජපන් එහෙම පුළුවන්ද
Deleteඅරිගතෝ ඔසෙයි-මස් මට වගෙ බැහැ නේද
ජපනුංගෙන් "ඉල්ල ගන්නෙ" එහෙමයි හොඳ
සිංහාසනේ, පිය උරුමය මටද බොටද
මේ ළමයට ජපන් බෑ ඇයි මක්කටද
Delete'තොගේ මසුයි- ඕසෙයි' නං අපෙ නේද
ඉල්ලං කකා ඉල්ලන් කාලා මදිද
පිය උරුමය තියා ප්‍රිය උරුමෙත් නැතිද
ඔහායෝ ඔහායෝ
Deleteගෙන්කිදෙසු කා
අරිගතෝ ඔසයිමස්
සයොනාරා සයොනාරා
සයොනාරා කියනකොටම මට මතක් වෙන්නේ film එකකුයි සිංදු දෙකකුයි.ෆිලුම 'Seven Nights in Japan'- ලස්සන ආදර කතාවක්. රීගල් තියටර් එකේදී බැලුවේ.
Deleteපළමු ගීතය 'අතුල සෝමසිරි' ගයන්නේ. මගේ කෝණයෙන් නම් හොඳම පෞරුෂවත් පිරිමි හඬක් තිබුණු ගායකයෙක්.
https://www.youtube.com/watch?v=-lv3IqGaY8I
'මළ ගිය ඇත්තෝ' ඇසුරෙන් ලියවුනු ගීයක්.
දෙවැන්න ජී.එස්.බී. රාණි පෙරේරා ගායිකාව ගයන්නේ.
https://www.youtube.com/watch?v=Fky12r2pxSs
ඔයාලත් අහල ඇති.
සින්දු දෙකම ලස්සනයි නිදි . මේ සින්දුව මතකද යුරෝපයේ හිම වැටෙන කාලේ https://www.youtube.com/watch?v=xWVPgNPfVhU
Deleteජපන් කෙල්ලෝ හුඟක් ෆොරින් මිනිසුන්ට කැමතියි
Deleteඉයන් තුමා කියල ගියාමයි ඊළඟ ලිපිය ලියන්න කියල . පැත්ත පළාතේ ආවේ නැහැ . නිදි සහ බසු තුමන් ලා මොකද කියන්නේ . මේ ලිපිය තවම 150 විතර බලල තියෙන්නේ . ඊළඟ ලිපියට යන්නද ඉන්නද . සාමාන්‍යයෙන් මම 500 මාක් එක එනකන් ඉන්නවා ඊළඟ ලිපියට යන්න .
Deleteයුරෝපයේ හිම වැටෙන කාලේ පට්ට සින්දුව. 👌
Deleteමේක සීරීස් එකක් නිසා ලියල තියාගෙන කැමති වෙලාවක පබිලිස් කරන්න. වැදගත් වෙන්නෙ ලිපි ටිකයි, පිංතූර ටිකයි දාන එක මිසක්, දාන දවස නෙමෙයි කියලයි හිතෙන්නෙ.
මෙන්න එතෙක්
යුරෝපයේ හිම ගීතය තියෙන්නෙ 'උතුම් ස්ත්‍රිය' film එකේ. ජෝ අබේවික්‍රම හා ක්ලැරිස් ද සිල්වා රගපෑවේ.
Deleteඅජිත් මහත්තයෝ, posts ගැන විස්තර බලද්දී පෙනෙන දෙයක් තමයි post එක කියවන්න එන ගණනට ඉතා වැඩි ගණනක් blog අඩවියට පිවිසෙන බව.
Deleteඒ ගැන නේද කල්පනා කළ යුතු.
උදාහරණයකින් කියනවා නං 'මඟුල් වදේ - පළමු කොටස' මෙතෙක් කියවා ඇත්තේ 196ක්. නමුත් ඒ පෝස්ටුව පළ කළාට පස්සේ blog අඩවියට පිවිසුම් 1,110ක්.
නිදි ෆිල්ම්ස් ගැන ගොඩක් දන්නවා . ඒ වගේ සීරිස් එකක් කලොත් නරකද ? ඒකත් හරි තමා , පිවිසුම් ප්‍රමාණය
Deleteආන්න ජංසං! තව දාහක් වටිනවා.🙏
Deleteඅර හිටි ගමන් වතුර රත් වෙන එකට හේතුව මොකද්ද?
ReplyDeleteපුලුවන්නම් මේ බ්ලොග් එකේ ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි කරන්නකෝ. කියවන්න ලේසියි එතකොට..
ඇයි ගිණි කන්දක බේසමක් කියල කිව්ව නේද?
Deleteඔව් ඒක තමා හේතුව . කල්දේරා (කල්දේරමක් ) එක්ක නේ . යට ගිනි කන්දක් නේ තියෙන්නේ තවම
Deletehttps://www.youtube.com/watch?v=rGk7iygDgns
ReplyDeleteඒක නියමයි👌💐
Deleteපොඩි යෝජනාවක්. වීඩියෝ කොලොටිය පට්ට. ඔච්චරම දිග නූනත් කෙටි වීඩීයෝ කෑල්ලක් වුනත් මසුරං වටිනව, අදාල තැනදී. සමහර දර්ශණ් සඳහා කොලිටි පිංතූරයක් වුනත් ඇති වුනාට, මේ වගේ තැන්වල දී වීඩීයෝව දාහක් වටිනවා.
ඒත් ඇයි අර හතර අතේ සූම් ඉන්-අවුට් කරන්නෙ?😡
නොදන්නා කමටනේ . මේ වෙලේ අපේ ප්‍රා ජේ තුමා වෙනුවෙන් මොඩෙල් ට්‍රේන් විදියෝම් අප්ලෝඩ් කරනවා . https://studio.youtube.com/playlist/PL_Oj2Xg5aXrkdJSyPghAGe0YReCnrMUsW/edit
Deleteඒ ලින්ක් එකට යන්න බෑ
Delete-බකුස් -
https://www.youtube.com/watch?v=dizWX0GidQo
Deleteඅජිත් මහත්තයා වැඩිපුර කැමති
ReplyDelete竿有り/玉有
竿有り/玉無し
竿無し/玉無し
මෙයින් කොයි වර්ගයටද?
මොකද්ද කියලවත් දන්නේ නැහැ
Deleteජපානේ ニューハーフ නම් පිරිසක් ඉන්නවා. එයාලගේ වර්ග 3.
Deleteඑන්න ටිකක් ප්‍රමාද වුනා. අනේ දිගටම ලියන්න. කොච්චර රසවත්ද. නිකම් article වල කියවනවා වගේ නෙවෙයිනෙ ගිහිල්ලම ලියනකොට.
ReplyDeleteබොහොම ස්තූතියි කුමුදු , ඔය මල මොකද්ද - සුදු නෙලුම් ද
Deleteකුමුදු කියල search කලාම ආව මල තමයි
Deleteහත්වලාමේ ඒක කුමුදු නෙවෙයිද
ඔය තනි මලක foto එකක්. එයන් හරිම කුමුදු මල ගැන අවබෝධ වෙනවා අඩුයි. මෙන්න ලින්ක් එකක් .ගිහිං බලන්න.
Deletehttps://www.facebook.com/Mihisarasevana/posts/%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94/114240773639245/
මම දන්නා තරමට කොඳ මල් කියන්නෙත් මේකට. පිපෙන්නේ රෑ හඳ එලියට.
Deleteගිහින් බැලුවා...................තැන්ක්ස් නිදි.
Deleteඔන්න එහෙනම් වෙනස් කලා
ස්තුතියි කුමුදු!
DeleteNymphoides, or floatingheart,[1] is a genus of aquatic flowering plants in the family Menyanthaceae. The genus name refers to their resemblance to the water lily Nymphaea. Nymphoides are aquatic plants with submerged roots and floating leaves that hold the small flowers above the water surface. Flowers are sympetalous, most often divided into five lobes (petals). The petals are either yellow or white, and may be adorned with lateral wings or covered in small hairs. The inflorescence consists of either an umbellate cluster of flowers or a lax raceme, with internodes occurring between generally paired flowers.https://en.wikipedia.org/wiki/Nymphoides
Deleteමලත් වෙනස් කළානේ :) මේක ඉන්දියන් භාෂාවෙන් කුමුද් කියන එකද .
Deleteවෙන මලක් නේ එතන තිබිල තියෙන්නෙ ....ඉතින් වෙනස් කළා. "කුමුද්"....වෙන්නත් පුළුවන්. සමහර විට එකම වංශයේ...
Deleteකල්දේරා කිව්වාම මට දෙන්නෙක් මතක් වෙනවා.
ReplyDeleteඑක්කෙනෙක් උත්තරමාලා කල්දේරා
අනිත් කෙනා ජිතමාලා කල්දේරා.
දැන් දෙන්නම ගොඩක් වෙනස් වෙලා.
මුනගැහුනොත් මටම අඳුනාගන්න බැරිවෙයි.
දෙන්නවම දන්නේ නැහැ
Deleteජපන් වැසිකිලි. අන්න වැසිකිලි!
ReplyDeleteලංකාවේ පොදු වැසිකිලිත් මෙහෙම තත්වයකට එනවානම් කියල හිතුන. කාලයක් යයි.
බුලත් කෙල ගහන එව්වා, ටිකට් කොල විසිකරන එව්වා වගෙ පුරුදු තුරන් වෙලා එනකොට අපිත් සෙත්තපොච්චි වෙලා ඉඳිද මන්ද 😅
වැසිකිලි ගැන වෙනම ලිපියක් ලියන තරමට ඒවා මරු
Delete//තට්ටු නිවාස ජපානයේ.. පොඩියි . නමුත් ඉතා පිරිසිදුව හැම බිල්ඩිමක්ම // චැක්: පොටෝ එකක් නැද්ද ගත්තෙ
ReplyDeletehttps://www.surfacemag.com/articles/tokyo-micro-apartments-spilytus-ququri/
Deleteමේක මේ අපි කලින් පෝස්ට් එකක් කතා වුන දෙයකට සම්බන්ධයි.
ReplyDeleteමේ රටේ පෙනෙන සාමකාමී පද්ධතියට යටින් කළු පද්ධතියක් තිබෙනවා
ඔය කතාවේ සෑහෙන සත්‍යයක් තියනවා . ඇනෝ ල මොනව කීවත් . අර සෙව්වන්දි ව හෙම අත් අඩංගුවට ගත්තොත් ජේල් එකේ ඇතුලෙම වැඩේ දෙන්න පුලුවන් . ජේලර් ල ඒ තරමට මෙහෙයවන්නේ පාතාලයෙන් . නීතිඥ සෙට් එකකුත් ඒ වගේම ඉන්නව . ඔය සෙට් එකේ ෆේස්බුක් කට්ටියකුත් ඉන්න්ව් අනිව්ස් පැල කරන්න . ටිකෙන් ටිකේ තමා ඔය අවුල ලිහන්න් වෙන්නේ . ටිකක් දරුණු වෙන්නත් වෙයි
Deleteපාතාලය, ආණ්ඩුවෙ නිළධාරී මාෆියාව, වෙලඳ මාෆියාව සහ දූෂිත දේසපාලුවො මේ ඔක්කොම එකට සම්බන්ධයි. ඕක ඉතිං ප්‍රසිද්ධ රහසක් නෙව? අනුර මේක ප්‍රසිද්ධියේ කිව්ව එක හොඳයි. ඒත් කිව්ව වගේම, යම් ටැංජිබල් වැඩක් කරන්න හැකි වුනොත් නම් නියමයි. ඒත් සෑහෙන තර්ජනයක් නම් ඒවි.
Deleteමම දන්නා තරමින් නම් තර්ජනය දැනටම ඇවිල්ල තියෙන්නේ . ඉදිරි මාස දෙක තුන කෘෂල්
Delete@ බස්සා ඔයාගේ අදහස් සහ ලංකාවේ තත්වය පිළිබඳව ඇති සංවේදීතාවය අගය කළ යුතුයි. "කළු ආර්ථිකය" සහ "මාෆියා" පිළිබඳව සමාජයේ විවිධ මත පැතිරෙනවා. ඔබ කියනවා වගේ, මේවා ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය වසා ගැනීමට ගොතන කතන්දරද, එසේත් නැතිනම් මේවාට වඩා බරපතළ දූෂිත නිලධාරීන් සහ පාතාල ක්‍රියාකාරකම් තිබෙනවාද යන්න විවෘතව සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.
Delete"කළු ආර්ථිකය" සහ "මාෆියා" - සැබෑ තත්ත්වය ලංකාවේ "කළු ආර්ථිකය" සහ "මාෆියා" පිළිබඳව කෙරෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරද නැද්ද යන්න තීරණය කිරීම සංකීර්ණයි. මේවා බොහෝ විට අළු පැහැති කලාප (gray areas) වන අතර, පැහැදිලිව කළු හෝ සුදු යැයි බෙදා වෙන් කළ නොහැකියි.
රජයේ ප්‍රකාශ සහ ඒවායේ අරමුණ නම් හැමෝම දන්නා පරිදි, සහල් මාෆියා, පොල්වලට හානි කරන රිළා මාෆියා, ලුණු මාෆියා වැනි දේ පිළිබඳව රජය නිතර කතා කරනවා. මෙවැනි ප්‍රකාශ පිටුපස රජයේ අකාර්යක්ෂමතාවය හෝ ගැටලු විසඳීමට ඇති නොහැකියාව වසා ගැනීමට උත්සාහ කිරීමේ අරමුණක් තිබිය හැකියි. බොහෝ විට උද්ධමනය, භාණ්ඩ හිඟය වැනි ප්‍රශ්න ඇති වන විට, ඒවාට බාහිර සාධක හෝ "මාෆියා" කණ්ඩායම් හේතු කොට දැක්වීමෙන් රජයට ජනතා අප්‍රසාදය සමනය කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා.
ආර්ථික විද්‍යාව අනුව "කළු ආර්ථිකය" (Black Economy) යනු ආණ්ඩුවට බදු නොගෙවා, නීති විරෝධී ලෙස හෝ නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයන් හරහා මුදල් උපයන සමස්ත ක්‍රියාවලියයි. මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම, මිනිස් ජාවාරම, මහා පරිමාණ හොර බඩු ප්‍රවාහනය, ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය, බදු පැහැර හැරීම් මේවාට උදාහරණ. සමහර විට "මාෆියා" යන යෙදුමෙන් අදහස් කරන්නේ මේවාට සම්බන්ධ සංවිධානාත්මක ජාවාරම් කණ්ඩායම් විය හැකියි.
පක්ෂ දේශපාලන වහල්භාවයෙන් මිදී
"දේශපාලනයෙන් තොරව මේවාට හඬක් නැඟීම" ඉතා වැදගත්. රටක ප්‍රගතියට, සැබෑ වෙනසකට දේශපාලන පක්ෂවලට හෝ එම පාක්ෂිකයන්ට සීමා නොවූ ස්වාධීන බලගතු පුරවැසි මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි. දූෂණය, අකාර්යක්ෂමතාවය වැනි ප්‍රශ්න පිළිබඳව දැනුවත් වී, ඒවාට එරෙහිව හඬ නැඟීම සෑම පුරවැසියෙකුගේම වගකීමක්.
මේක බලන්න
https://youtu.be/14uvVr1al1E?si=5hzNySWnlmTgt59g
මේක ගැන ඔබේ අදහස කියන්න පුළුවන්ද?