Friday, 6 June 2025

ටෝකියෝවේ උසම කුලුන සහ මොඩෙල් ට්‍රේන් ෂොප්

පළමු ලිපිය :    ජපන් ගමන් - ටෝකියාවේදී  පළමු දවසෙන් දෙවෙනි දවසට 


අපි ටෝකියෝවේ ගතකල දෙවන දවසේදී ගියා ටෝකියෝවේ ස්කයිට්‍රී කියන කුළුණ බලන්න .  මේක තියෙන්නේ සුමිඩා ප්‍රදේශයේ .  හොටෙල් එකේ ඉඳන් පයින් ඇවිදගෙන යන දුරක තිබ්බේ .  හරියටම උදේ දහයට තමා උඩට යන්න ස්ලොට් එක.  ඒ වෙලාවට ගියේ නැත්නම් බඩු බනිස් .  කලින් ටිකට් බුක් කරලා තිබ්බ නිසා පැය භාගයකින් වගේ මීටර් 350 ක් උඩින් තියෙන ඩෙක් එකටත් ඊට පස්සේ මීටර් 450 ඩෙක් එකටත් ගියා .  මේකේ සම්පූර්ණ උස මීටර් 634ක් (අඩි  2000 විතර ) . ඒ කියන්නේ ලෝකයේ තියෙන උසම මේ ජාතියේ රූපවාහිනී සන්නිවේදන සහ නැරඹීමේ කුලුන .  හැබැයි උසම බිල්ඩිම නෙමේ. (ඩුබායි වල  බර්ජ් කලීෆා තමයි උසම බිල්ඩිම -මීටර් 828)

සෑහෙන ජනතාවක්  මේක බලන්න එනව කියල තේරුනා. හැමෝටම වෙලාවක්  දීල තියෙන්නේ ඒ නිසා .  හොඳට සංවිධානාත්මකව කට්ටිය උඩට අරගෙන යන්නේ .  හැම විදුලි සෝපානයම  බලා ගන්න,  ක්‍රියා කරවන්න සහ විස්තර ඉදිරිපත් කරන්න ස්ටාෆ් එකෙන් දාල හිටිය .  විදුලි සෝපාන වලට කෙනෙක් දාන එක යල්පැනගිය දෙයක් කියල හිතුනත් ඒ එන සෙනග පාලනය කිරීම හොඳින් වෙනවා ඒ නිසා .  ටිකක් ජර්මනියේ තැනකට ගියා වගේ හැඟීමක් ආව එතැන සංවිධානය දැකල. ටෝකියෝ වටේම හොඳට බලන්න පුළුවන් .  පින්තූර නම් සෑහෙන ගොඩක් ගත්ත .  කිහිපයක් තමයි මේ. වීඩියෝ  අප්ලෝඩ් කළා යුටියුබ් එකට කැමැති නම් බලන්න .  








උඩ නිරීක්ෂණ වේදිකාවේ ඇතුල් බිත්ති වල හෙමේ ප්‍රධාන ජපන් ඇනිමේ කතාවක චරිත සිතුවම් කරලා තිබෙනවා .  














මෙපමණ උඩ ඉඳන්  බැලුවහම තේරෙන්නේ ටෝකියෝව කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ කියල .  හුඟක් ජනතාව ජීවත් වෙන්නේ තට්ටු නිවාස වල  කියලත් තේරෙනවා . මේකට හේතුව ඇත්තටම ජපානයේ ජනගහන සාන්ද්‍රණය වර්ග කිලෝ මීටරයට මිනිසුන් 338 ක් (ලංකාව 370, එක්සත් රාජධානිය 287 ) .  ජපානයේ ජනගහනය මිලියන් 123 ක්, එක්සත් රාජධානියේ මිලියන් 69.5 , ලංකාවේ මිලියන් 23. ජපානය  ලංකාව වගේ පස් ගුණයක් විශාලයි . බ්‍රිතාන්‍යය වගේ 1.5ක් විශාලයි .  ජපානයේ මේ විධිහට නිවාස  ප්‍රශ්නය විසඳුවත් ඒත් මදි වගේ. ජපානයේ ජනතාව වැඩි වශයෙන් නගර වල ජිවත් වෙන්නේ.   මේ නිසා තමයි මම බොහෝ විට ලීවේ උදාගම් වගේ දේ ලංකාවේ  හදන්න හොඳ නැහැ  කියන එක .  ඒකෙන් තිබෙන බිම් ප්‍රමාණය තවත් අඩු වෙනවා.  හොඳම දේ තට්ටු නිවාස තමයි  ලංකාව වගේ රටකට .  භුමිය ඉතිරි කර ගත යුතුයි .     
ටෝකියෝව හරිත නගරයක් නම් නෙමෙයි ලන්ඩනය වගේ. ලන්ඩනයේ වික්ටෝරියා පාක් එක  වගේ විශාල උයන් තිබෙනවා  සහ රුක් රෝපණය හොඳින් කෙරෙනවා .  ලොකු ගෙවතු සහ හැකි හැම තැනම  ගහක් සිටුවා තිබෙනවා .  ටෝකියෝව දැන් මේ උත්සාහය දරුවත් ඒත් මදි .  මම දැකපු විශාලතම හරිත  නගරය තමා මොස්කව් .  උයන් තිබෙනවා වර්ග කිලෝමීටර් 100 විතර . හැබැයි ටෝකියෝවේ තියෙන  උද්‍යාන ටික නම් පුදුම ලස්සනයි . 
මේ  ටවර් එකේ යට ලොකු සාප්පු  සංකීර්ණයක් තිබෙනවා .  ධනවාදයේ උපරීම දියුණුවද ජපන් නිසාද  දන්නේ නැහැ එකම කෑම ජාතියේ වෙනස් වර්ග දකින්නට ලැබෙනවා . මම වගේ  මාළු කන්න කැමති  අයට පාරාදීසයක්.   

මේක බලල ,  ඊට පස්සේ අපි ඇවිදගෙන ගියා අසකුසා කියන ප්‍රදේශයට .  පාර දන්නේ නැහැ .  ඉන්ටනෙට් තිබ්බේ  නැහැ .  වැඩිය ඉංග්‍රීසි නොදන්නවා වුනත් ජපන්නු හරියට උදව් කළා .  එක තැනක පොඩි කඩයක අයිතිකරුවෙක් මැප් එකක් පවා ඇඳලා දුන්න .  හැබැයි ෆෝන් බූත් එකක් හෝ ෂොපින් මෝල් එක්ක ගාව ෆ්‍රී වයි ෆයි තිබෙනවා .  ලන්ඩනයට වඩා තුනෙන් එකක් ලාභ නිසා ටොමික්ස්  කියන මොඩෙල් ට්‍රේන් සෙට්  එකක් ගන්න ගියේ .  මේකේ වීඩියෝ දෙක තුනක්ම  අපේ ප්‍රා ජේ හිතවතා වෙනුවෙන්ම ගත්ත , 










අපි ගිය  දවසේ උත්සවයක් තිබුන ඒ අසල ශින්ටෝ පන්සලේ . ඉතින් හැමෝම වගේ සම්ප්‍රදායික ජපන් ඇඳුමෙන් (කිමෝනා )වලින්  සැරසිලා හිටියේ .  පහත හිටිය ජපන් පවුල  බොහොම කැමැත්තෙන් කැමරාවට මුහුණ දුන්න.  මම ෆේස්බුක් දානවා , කමක් නැත්ද කියල ඇහුව .  හයි හයි . කීවා . තේරුනාද මන්ද .  




අපි ගිය  පාරේ තිබ්බ පොඩි කැෆේ එකක් .  තේ සහ රසකැවිලි ජාති විතරයි තිබුනේ . ඒකෙන් චීස් කේක් වගේ එකකුයි බ්‍රිටිෂ් ටාර්ට් කියල කියන ජාතියේ පොඩි පලතුරු කේක් එකකුයි ගත්ත .  සුන්දර ජැපනීස් ගැහැණු ළමයි දෙන්නෙක් තමා හිටියේ .  දන්නා  ඉංග්‍රීසියෙන් එයාලත් පාර කිව්වා .  මේ ගොල්ල මචා  ටී , මචා  අයිස්ක්‍රීම් එහෙම හරියට කනවා .  මොචා නැති තැනක් නැහැ .  මොචා කියන්නේ ග්‍රීන් ටි හෙවත් හරිත  තේ (මාධව ජයරත්න කීව විධිහට )  පොඩි කරලා පිටි කරලා හදල තියෙන  දෙයක් .  ඒකෙන් තේ හදන්න පුළුවන් .  අයිස්ක්‍රීම් හදන්න පුළුවන්.  රස කැවිලි හදන්න පුළුවන් .   අපි මොචා අයිස් ටී දෙකක් ගත්ත .  මේකේ  හොඳකම  තමා ඇන්ටි ඔක්සිඩන්ට් වීම .  එනිසා අනවශ්‍ය බඩේ ගෑස්, ඇසිඩ් එන්නේ නැහැ .  ඇත්තටම මම හොඳට නිදා ගත්ත ඒ හිටි දවස් දහයෙන් අටක්ම  ඇහැරෙන්නේ නැතිව . ග්‍රීන් ටී වැඩියෙන් බොන ඕනේ කියල හිතා ගත්ත .  





ඇවිදින කොට  ඉවත දමන ලද ප්ලාස්ටික් ආදිය එකතු කරන දෙදෙනෙක් දැක්ක .  මේවා විකුනන්න පුළුවන්ලු .  එහෙම අයත් ඉන්නවා ජපානේ . අවශ්‍ය ට්‍රේන්  සෙට් එකත් අරගෙන අපි ඒ පැත්තේ තියෙන සුමීදා  (සුදු අම්මි නෙමේ )  ගඟට ආව බෝට් ටුවර් එකකට . ගඟේ  ඉඳන් අර අපි නැග්ග ස්කයි ට්‍රි කුලුන  හොඳට පෙනෙනවා .  ස්කයි ට්‍රි එකේ සුදු පාට  මොඩල් වගේම රත්රන් පාට මොඩල් නුත් විකුනන්න  තියෙනවා.  දැන් මම ගත්ත පින්තුරය බලන්න .  ඒ මොඩල් එක එන්නේ මෙහෙම .  අර ස්කයි ට්‍රි එකෙන් දවල්ට හෙවනැල්ලක් වැටෙනවා ඒ ළඟම තියෙන අසාහි බියර් කම්පැනියේ බිල්ඩිමේ පැත්තකට. ඒකෙ බිත්ති බියර් වල කහ /රත්රන් පාට පේන්න හදල  තියෙන්නේ . කහ පාට බියර් බින්දුවට පූ බින්දුව කියල කියන්නේ .   ඔන්න මමත් රත්තරන් ස්කයි ට්‍රි එකේ ෆොටෝ එකක් ගත්ත. 



















මේ ලිපිය දිග වැඩි වෙනවා. නමුත් ටෝකියෝ සංචාරය නිම කරන්නයි හදන්නේ .  මොකද තව නගර හතරක විස්තර තිබෙන නිසා . අපේ හෝටලේ දැරිවියෝ දෙන්නට සමු දීල ගියා .  ඇත්තම උන් හරිම හොඳයි . 
දෙන්නගේ ෆොටෝ එකක් දැම්ම .   ඊට පස්සේ අපි ශිකන්සන් බුලට් ට්‍රෙන් එකට නැග්ග ක්යෝටෝ යන්න .  බෙන්ටෝ  බොක්ස් එකක් ගත්ත කෑමට . ඇත්තටම අපි දෙන්නටම එකක් ඇති වුනා .  මේවා  ටෙලිවිෂන් සීරිස් වල බලල තියෙන නිසාම තමා ඒ විධිහට කරන්නම හිතුන . සීලිමේ උඩමෝස්‌තර  රවුම  ස්ටේෂන් එකේ ඇතුළුවන තැන .  පහල තිබෙන පින්තූර දුම්රියේ යද්දී  ගත්ත ඒවා.








 ගඟේ යනකොට ගත්ත වීඩියෝ සහ දුම්රියේ යද්දී ජපානයේ ගම නියම්  ගම් පසු කරමින් යන වීඩියෝ දෙක තුනක් ම යූටියුබ් චැනල් එකට දැම්ම .  සමාවෙන්න ,  අනිත් අයගේ වගේ මගේ ඇවිදින කමෙන්ට්‍රි නැහැ .  මම සාමාන්‍යයෙන් වීඩියෝ ගන්නේ මට බලන්නත් එක්ක පස්සේ .  


අපි ෆුජි ඉඳන් එන දුම්රියේ සීට් බුක් කරලා තිබ්බේ නැහැ .  තුන් දෙන ඉන්න සීට් පේලියේ මැද ඉඩ තියල වැඩි වෙනවා වගේම ලන්ඩන් වල වගේ බෑග් එක තියල තියනවා .  අපි ඉතින් කෙලින්ම ගිහිල්ල බෑග් අයින් කරන්න කියල වාඩි වුනා .  සමාජීය නැති ගතියක් දැක්ක වෙලාව .  හැබැයි ඉඳගන්න ගියහම ලන්ඩන් වගේ නෙමේ බෑග් අයින් කරනවා .  කවුරුත් කකුල් දෙක සීට් වල තියල ඉන්නව දැක්කේ නැහැ . ක්යෝටෝ ට්‍රේන් එකේ සීට් බුක් කරල ගියේ .  පැය දෙකහමාරක විතර  ගමනක් නිසා. ජපානේ කුඹුරු දැක්ක .  ටිකක් ලංකාවේ වගේ තමා .  කඳු, මිටියාවත් හෙමත් ඒ වගේමයි ටිකක් .  මගීන්  බොහොම නිහඬව යනව .  ඒ අතින් ලන්ඩන් වලට වැඩිය නම් හොඳයි . 



    

තව වීඩියෝ වගයක් අප්ලෝඩ් කරනවා බලන්න ඉදිරියේදී .  

- අජිත් 06/06/2025



.  

32 comments:

  1. කුලුණු වලට කැමති නැත. නමුත් එක මගේ පෞද්ගලික අකමැත්තක් පමණි.
    අනෙක් විස්තර හොඳයි. මම විශේෂයෙන්ම කැමති වුනේ, සාමාන්‍ය මිනිසුන් ගැන ඔබේ අත්දැකීම්, කෑම බීම ගැන විස්තරයටයි.

    වීඩීයෝ වල කමෙන්ට්‍රි නොදැමීම ගැන මගේ ස්තූතිය. වීඩීයෝ ටික ඔතෙන්ටික් සහ ඔරිජිනල් ගතියක් දැනුන නිසා, බොහොම කැමැත්තෙන් බැලුව. ස්තූතියි. ඔහෙම යං!

    ReplyDelete
    Replies
    1. මම කැමතිත් නැහැ . ලන්ඩන් වල ඔෆිස් එකෙත් 17 වෙනි තට්ටුවේ ඉන්නේ . ඒකත් තටු 47 උසයි . මේක තනිකරම බිරින්දෑ ගේ උවමනාවට ගිය එකක් . මම කෝච්චි පිස්සා නිසා ඒවාට ඉඩ දෙනවට එයාටත් මොනවා හරි දෙන්න එපැයි . සමනය මිනිස්සු කෑම බිම ගැන ඉදිරියට එනවා . මේක ටෝකියෝ ඉවර කරන්න ඕනේ නිසා ලීවේ . හැබැයි ටෝකියෝ කෑම කාපු තනක් ගැන අමතක වුනානේ ලියන්න

      Delete
  2. ගෑනු ලමයි සම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී සිටීම සාමාන්‍ය දෙයක්ද සංචාරකයින් ආකර්ෂණය කරගන්න කරන දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. සංචාරක සීන් එකක් නෙමේ . සම්ප්‍රදාය රැක ගැනීම එකක් . අනික ඕක අපි සිල් රෙදි සුදු ඇඳුම් පෝය දවසට අඳිනවා වගේ වැඩක් . ශින්ටෝ පන්සලට යන්නේ සම්ප්‍රදායික ඇඳුමින්

      Delete
  3. රසවත්
    හරවත්
    ලිපියකි සිත් ගත්
    පිනවූ දෙනෙතත්!

    ReplyDelete
    Replies
    1. යන්තන් ඇති එහෙනම්
      හිතේ දුකක් නැතිව
      බලනවා නම්
      දෙනෙතින් දෙසිතින්

      Delete
  4. ඔහොම යං.
    උඩුබිම්ගත කරන හැටිත් බලන්න වටිනව. හැක්..

    ReplyDelete
    Replies
    1. කූ බෑනේ ඉතින් . ඔන්න අප්ලෝඩ් කියල සිංහලෙන්ම ලීවා . ඉංග්‍රීසි නොතේරෙන අයට

      Delete
    2. ඇර සොයිසා! උඩුබිම්ගත කියන්නෙ අප්ලෝඩ් ද?🤣 උඩු කුරැඤ්ඤං වගේ නෙව?

      Delete
  5. අපි ගිය දවසේ මේ වගේ පැහැදිලි කාළගුණයක් තිබුනෙ නෑ. ඒ නිසා හුඟක් ඈත පෙනුනෙ නෑ. ඇයි ඉන්ටර්නෙට් නෑ කියලා තියෙන්නේ. අපි යන්න කලින් E sim දෙකක් ගත්තා. AU$ 24 එකක්. ඒ නිසා ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් වුණේ නැහැ.

    ReplyDelete
    Replies
    1. රසිකත් ඕක කියල තිබුන . අපි හොඳ වාසනාවන්තයි ඒ අතින් . ඉන්ටනෙට් ඒකෙ තිබුන . ඕන ෂොපින්මෝල් එකක තියනවා . සිම් නම් ගත්තේ නැහැ . මගේ අයි ෆෝන් එකක් තියෙන්නේ . සිම් දෙකක් දාන්න බැහැ . ගිය සරේක සිම් මාරු කරලා හෙන ලකලන්චියක් වුනා . ඊට පස්සේ ඒ වැඩේ කරන්නේ නැහැ . වෙන සැම්සුන් ෆෝන් එකක් අරගෙන ගියා සිම් එකක් දාල පාවිච්චි කරන්න . එයාපෝර්ට් එකෙන් ගන්න මතක වුනා . බදු ආවේ නැති නිසාත් මහන්සියටත් . ඒක එහෙම්ම අත ඇරලා දැම්ම

      Delete
    2. ඇත්තටම ඊ සිම් සීන් එක දැනන් හිටියේ නැහැනේ . අද රුසියන් යාළුවෙක් එක්ක කතා කළා . බලනකොට රුසියාවේ හාර්ඩ් සිම් පාවිච්චිය හරිම අඩුලු. මිට පස්සේ ඔයා වගේ E sim අර ගන්නවා කියල තීරණය කළා . මොකද ඔරිජිනල් සිම් එක අයින් කරන්න ඕනේ නැහැනේ . ෆෝන් එකෙන් තමා බැංකු වැඩ අරව මේවා ඔක්කොම කරන්නේ . ඒක නිසා ඒ සිම් එකඅයින් කරල ලංකාවේදී පොඩි අවුලක් වුනා. E sim එකේ ඒ ප්‍රශ්නේ නැහැනේ . ස්තූතියි

      Delete
    3. ඇත්තටම iPhone කියන්නේ මිල අධික, තාක්ෂණික වශයෙන් දියුණු උපාංගයක් වුණත්, මේ වගේ මූලික පහසුකමක් වත් නැති එක පුදුමයි. මේක Apple සමාගමේ ව්‍යාපාරික උපාය මාර්ගයක්ද, එහෙමත් නැත්නම් වෙනත් හේතුවක්ද කියලා හිතාගන්න අමාරුයි. හැබැයි මේ නිසා විදෙස්ගත වෙන අයට විශාල අපහසුතාවයක් වෙනවා.
      ජපානය වගේ රටවලට යනකොට මේකට කරන්න පුළුවන් දේවල්:

      eSIM පාවිච්චි කරන්න (eSIM): මේක තමයි හොඳම විසඳුම! ජපානයේ බොහෝ ප්‍රධාන දුරකථන සමාගම් (NTT Docomo, SoftBank, au) සහ අනෙකුත් ජාත්‍යන්තර eSIM සපයන්නන් (Airalo, Nomad, Holafly) eSIM සේවා සපයනවා.

      කොහොමද කරන්නේ? iPhone එක eSIM පහසුකම් තියෙන මාදිලියක් නම් (iPhone 15 pro max/ 16 pro max සහ ඊට පසුව ඒමට නියමිත මාදිලි වල මේක ලේසියෙන්ම කරන්න පුළුවන්, මගේ 16 Pro Max එකට හොඳට වැඩ කළා), ඔබට ජපානයට යන්න කලින් හෝ ගියාට පස්සේ අන්තර්ජාලය හරහා eSIM එකක් මිලදී ගන්න පුළුවන්. මේවා සාමාන්‍ය සිම් කාඩ්පත් වගේ දුරකථනයට දාන්න අවශ්‍ය නැහැ. QR කෝඩ් එකක් ස්කෑන් කරලා පහසුවෙන් ඇක්ටිවේට් කරගන්න පුළුවන්.

      මේකෙන් පුළුවන් ඔබේ ලංකාවේ සිම් එක එහෙම්මම තියාගෙන, ජපානයේදී දත්ත (data), ඇමතුම් සහ කෙටි පණිවිඩ සඳහා eSIM එක පාවිච්චි කරන්න. මේක ගොඩක් පහසුයි වගේම කාඩ්පත් මාරු කරන කරදරයකුත් නෑ.

      පරණ iPhone කබලක් තියෙන කෙනෙක් නම් ඉතින් නෝ ඔප්ෂන්, 15 Pro Max වලට කලින් ආපු පරණ ලට්ටක් නම් ඒක හදන්න යන්නේ නැතිව හොඳ Android phone එකක් Honor, Samsung, Xiomi, මෝටරෝලා Vivo වගේ හොඳම බ්‍රෑන්ඩ් එකක වෙනමම ෆෝන් එකක් අරන් යන්න: පරණ iphone කටු වලින් වැඩ දාන්න ගිහිල්ල ඇනගන්න එපා

      සැම්සුන් (Samsung) වගේ හොඳ ඇන්ඩ්රොයිඩ ෆෝන්: බොහෝ සැම්සුන් දුරකථනවල සිම් කාඩ්පත් දෙකක් දාන්න පුළුවන්. එහෙම ෆෝන් එකක් අරන් ගියොත් ඔරිජිනල් සිම් එක එක ස්ලොට් එකට දාලා, ජපානේදී ගන්න සිම් එක අනිත් ස්ලොට් එකට දාලා.පහසුවෙන් සිම් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්.තව ෆෝන් එකක් අරන් යන එක කරදරයක්. ඒක චාර්ජ් කරන්න වෙනවා, නැතිවෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න

      ජපානයේදී Wi-Fi විතරක් පාවිච්චි කිරීම: මේක තාවකාලික විසඳුමක්. ජපානයේ පොදු Wi-Fi පහසුකම් හොඳයි. ඒත් හැම තැනම Wi-Fi නැහැ. ඇමතුම් ගන්න, මැසේජ් කරන්න බැරි වෙනවා.
      ඇත්තටම මේ iPhone එකේ මේ අඩුපාඩුව ගැන Apple ආයතනය හිතන්න ඕන. ගෝලීය වශයෙන් ජනතාව ගමන් බිමන් යන රටක, මේ වගේ මූලික පහසුකමක් නොමැති වීම විශාල ගැටලුවක්. මම හිතන්නේ Samsung වගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මේ පහසුකම ලබා දීලා තියෙන එකෙන් පාරිභෝගිකයාට ලැබෙන සැබෑ වටිනාකම තේරෙනවා.
      ඉතින්, ජපානයට යනවා නම්, ඔබේ iPhone එක eSIM පහසුකම් සහිත එකක්ද කියලා මුලින්ම බලන්න. එහෙමනම් eSIM එකක් ගන්න එක තමයි හොඳම විසඳුම. නැත්නම්, වෙනමම සිම් දෙකක් දාන්න පුළුවන් ෆෝන් එකක් ගෙනියන එක ගැන හිතන්න වෙනවා.

      Delete
    4. මට iphone 14 ප්ලස් එකක් තියෙන්නේ . දැන්නම් අලුත් එකකට යන්නත් පුළුවන් මේක දීල. e-sim දාන්න පුළුවන් කියල එනවා

      Delete
  6. ස්කයිට්‍රී කුළුණ වගේද අනෙ නෙලුම් කුළුණ 🙈

    anime ගැන කියද්දී මතක් උනෙ Spirited Away (2001). ගස්, පරිසරය ගැනත් හොඳහැටි කතාවෙනවනෙ ඒකෙ.
    ඒත් එක්කම මතක් උනෙ Noriko trilogyය. මේ ෆිල්ම් තුනම බලල ඇතිය කියල හිතනව

    //සුදාමී (සුදු අම්මි නෙමේ)// 🤣🤣

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන ආසයි මමත් බලන්න . දැන්නම් අමුතු අමුතු ඒවත් බලනවා . හේ හේ ඔය ට්‍රිලොජිය සම්බන්ධ නැහැනේ එකකට එකක් . එහෙම කීවට . වැරදුනනේ මටත් . සුමිදා ගඟ

      Delete
    2. තෝකියෝවෙ පාරවල්, මහල් නිවාස, මඟතොට ගැන නිවැරදිව නිරූපනය වෙන anime එකක් තමයි "Whisper of the heart". ඔය අජිත් කියන කොන්ක්‍රීට් ජංගල් කතාවත් ඒකෙ තියනවා. Studio Ghibli කලේ.

      මම නියමෙට රස වින්ඳ anime එකක් තමයි.

      Delete
    3. මම හිතන්නේ බෞවද කොහෙද . බාගත්ත ලිස්ට් එකක් තියෙනවා බලන්න ඕනේ

      Delete
    4. ජපන් සිහින මැද, හිත whisper of the heart වෙත ගෙන යන්නට මේක බලන්න

      https://www.youtube.com/watch?v=-RjwMnLVrNg&pp=ygUbd2hpc3BlciBvZiB0aGUgaGVhcnQgVG9reW8g

      කොන්චිවා! 👋 මේ දවස්වල ජපානේ හරිම ලස්සන, පිළිවෙළ රටක්. ජපානේ තේ සංස්කෘතිය නම් හරිම අපූරුයි. මෝචා (Matcha) තේ එකේ අමුතුම රසක් තියෙනවා. කොළ කුඩු කරලා හදන මේ තේ එකේ තියෙන ගැඹුරු කොළ පැහැයයි, උමාමි රසයයි සැබෑම අත්දැකීමක්. හැමදාම බොන සෙන්චා (Sencha) වගේම, බදින ලද සහල් එක්ක හදන ගෙන්මයිචා (Genmaicha), කැෆේන් අඩු හෝජිචා (Hojicha) වගේ තේ වර්ග රස විඳින්න ලැබුණා. ජපානේ හැමදේම සංවිධානාත්මකයි, පිළිවෙළයි.
      ඒත්, මේ හැමදේම අතරේ මට ලංකාවේ තත්ත්වයයි, අනාගතයයි ගැන නිතරම හිතෙනවා. විශේෂයෙන්ම, ටෝකියෝ ස්කයි ට්‍රී (Tokyo Skytree) වගේ උසම කුළුණු දැක්කම! ජපානේ මේ කුළුණු සංචාරක ආකර්ෂණයට වගේම ගුවන් සම්ප්‍රේෂණ කටයුතුවලටත් යොදාගෙන විශාල ආදායමක් උපයනවා. ලංකාවේ නෙළුම් කුළුණත් ඩොලර් මිලියන 104ක් වියදම් කරලා හැදුවා. (එයින් ඩොලර් මිලියන 80ක් චීන ණය ඉතිරිය ලංකාවේ මුදල්). මේක සාර්ථකව කළමනාකරණය කළොත් අපිටත් ගිණුම්කරණ ලාභ (accounting profits) වගේම, සංචාරක ව්‍යාපාරය, රැකියා අවස්ථා වැඩිවීම, විදේශ විනිමය ගලා ඒම වගේ ආර්ථික ලාභ (economic profits) ඕනෑ තරම් ගන්න පුළුවන්. ඒත් ඇයි අපිට මේවා සාර්ථක කරගන්න බැරි?

      ලංකාවේ "දේශපාලනික" යථාර්ථය... 😔
      දැන් මේ ජපානේ සුන්දරත්වය අතරෙත් මගේ හිතට වද දෙනවා ලංකාවෙ දේශපාලන තත්ත්වය. අපිට "වෙනසක්" ගේන්න ආපු ජාතික ජන බලවේගය (NPP) ගැන තිබ්බ බලාපොරොත්තුත් බිඳී යනවා. මතකද, එදා රවී කරුණානායකත් "කළු ආර්ථිකයයි", "මාෆියාවයි" ගැන කතා කිව්වේ? ඒ ඔක්කොම බොරුවක් බව ඔප්පු වුණා. අද අනුර කුමාර දිසානායක සහෝත් ඒ පරණ කතාවම ප්‍රතිචක්‍රීකරණය කරලා අපිට ආයේ කියනවා!ශ්‍රී ලංකන් ගුවන් සේවයට කෝටි 2000ක් (බිලියන 20ක්) වෙන් කරලා, මාස 6න් කෝටි 300ක් පාඩු ලබනවා! ඊයේ පෙරේදා අවුරුදු 14ක් පරණ ප්ලේන් එකක් කුලියට ගත්තා කියල දේශපාලන සංදර්ශණ දානවා. මිලියන ගණන් ඉන්ධන පුච්චලා රට වටේ දේශපාලන ප්‍රවර්ධන වැඩ කරනවා. මේවා අපේ බදු සල්ලි! ලංකාවේ අයවැය හිඟය බිලියන 2000ක්! ආදායම් එකතු කරගන්න බැරුව වියදම් විතරක් වැඩි වෙනවා.ගොවීන්ගෙන් වී ගන්න බිලියන 5ක් වෙන් කළත්, අරගෙන තියෙන්නේ මිලියන 5ක් වගේ සොච්චම් ගාණක්. ඒකෙන් සහල් මිල වැඩි වෙනවා. ඊට පස්සේ කියයි "සහල් මාෆියාවක්" තියෙනවා කියලා!

      කෘෂිකර්ම අමාත්‍යාංශය වගාවට හානි කරන සතුන් ගණන් කරන්න කෝටි 7ක් වියදම් කළාලු! ඒත් වාර්තාවක්වත් නෑ! ඒත් රටට පළමු වතාවට දියර පොල්කිරි ආනයනය කළා!

      දේශීය සීනි කර්මාන්තය බිඳවැටෙනවා, රජයේ කර්මාන්තශාලා සේවකයන්ට පඩි ගෙවන්න සීනි පාඩුවට විකුණනවා.

      විදුලි බිල තවත් 15%කින් වැඩි කරන්න යනවා.ඇමරිකාව එක්ක වෙළඳ සාකච්ඡා බිඳ වැටුණොත් ලොකු ප්‍රශ්නයක්. ලංකා ඇඟලුම් කර්මාන්ත ශාලා බංග්ලාදේශයට, ඉන්දියාවට යන්න සූදානම් වෙනවා. දහස් ගණන් රැකියා නැති වේවි!
      අලුත් ආණ්ඩුව ඇවිත් මාස 7ක් වෙනවා. තාමත් තියෙන්නේ දේශපාලනික කටයුතු මිසක් රටක් ලෙස ස්ථාවර වෙන්න ගන්න ක්‍රියාමාර්ග නෙවෙයි. ලංකා ලුණු සංස්ථාවත් ශ්‍රී ලංකන් වගේම ජනතා බදු මුදලින් සංදර්ශණ දාලා පාඩු ලබනවා. මේ බොරු සංදර්ශණවලට රැවටුනා ඇති!

      ලංකාව.මේ ජපන් සිහිනෙන් චීන යථාර්ථයට යා යුතුයි! 🇨🇳
      මේ හැමදේම හිතනකොට මට හිතෙන්නේ ලාංකිකයෙක් විදියට ජපානයට වඩා, චීනයට ගිහින් බලන එක කොච්චර වටිනවද කියලා. ජපානය ලස්සනයි, ඒත් සමහර විට චීනය අපේ බලාපොරොත්තු වලට වඩා සමීප වෙන්න පුළුවන්.

      චීනයේ තියෙන්නේ ඇත්තටම විශ්මයජනක නවීනත්වයක්! ෂැංහයිවල අහස සිඹින ගොඩනැගිලි, ලෝකයේ විශාලතම වේගවත් දුම්රිය (High-Speed Rail) ජාලය, WeChat Pay, Alipay වගේ ඩිජිටල් ගෙවීම් ක්‍රම, අති නවීන ගුවන්තොටුපළවල්... මේ හැමදෙයක්ම අපිට හොඳ ආදර්ශයක්.

      ඒ වගේම චීනේ ස්වභාවික සුන්දරත්වය සහ ඓතිහාසික පොහොසත්කම කියලා නිම කරන්න බෑ. චීන මහා ප්‍රාකාරය, තෙරකොටා හමුදාව, ෂැංජියාජි කඳු වගේ තැන් සැබෑම ආශ්චර්යයන්. පුදුම තරම් පිරිසිදුකමකුයි, සංවිධානාත්මක බවකුයි චීන නගරවල තියෙනවා.
      වැදගත්ම දේ තමයි, චීනයේ සංචාරය කිරීම ජපානයට වඩා ගොඩක් ලාභයි! නවාතැන්, ආහාර, ප්‍රවාහනය, සාප්පු සවාරි – මේ හැමදෙයක්ම ජපානයට වඩා අඩු මිලට ලබාගන්න පුළුවන්.

      ඉතින්, ඊළඟට ට්‍රිප් එකක් යනවා නම්, ජපානයට වඩා චීනයට යන්න පුළුවන් නම් ලොකු දෙයක්! ඒක අපේ රටටත් අලුත් අදහස් ගේන්න, දියුණු වෙන්න උදව් වේවි.
      ඔබේ අදහස් මොනවාද? මේ ගැන අපි කතා කරමු!

      Delete
    5. මේක බිව්වා . //බදින ලද සහල් එක්ක හදන ගෙන්මයිචා // මරු . කමෙන්ට් එකට ස්තුතියි . මොචා කුඩු ගෙනාව තේ හදන්න . මොකද ඒකෙන් බඩේ ඇසිඩ් අඩුවෙනවා . පොඩි කරුණු විපක්ෂයේ බොරුවක් ඔය කොටි 7 කතාව සම්පුර්ණ වියදම පවුම් 6000 නැත්නම් රුපියල් මිලියන් දෙකයි රිලා සංගණනයට ගිහින් තියෙන්නේ . ශ්‍රී ලන්කන් එකේ පාඩුව අඩු කරගෙන තියෙන්නේ . ඒක දැන් ස්වාධීනව මෙහෙයවන් ආයතනයක් . තව මාස හයකින් බලමු . විදුලි බිල අඩු කරන්න නම් ඩිසල් මාෆියාව පරාජය අක්රන්න් ඕනේ . ලංකාවේ කළු ආර්ථිකයක් තිබෙන කතාව අත්තක් නේ . කි දෙනයිද හරියට බදු ගෙවන්නේ . ඔක්කොම බදු ගෙවන නිලධාරීන් අල්ලාගෙන හොර කරන්නේ . - මම මුලින් යන්න හිටියේ චීනයට , බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකට වීසා ඕනේ . ගන්න වෙලාවක් තිබ්බේ නැහැ . මාස තුනක් යනවා . ඒ නිසා චිනේ යන්න ඉන්නේ ලබන අවුරුද්දේ . - චීන ක්‍රමය කරන්න නම් පොඩි ඒකාධිපති ක්‍රමයකට යන්න වෙනවා .

      Delete
  7. ලස්සන ගමනක්. Tokyo සිට කියෝතෝ වලට 400km විතර මම හිතන්නේ. ලෝකයේ හදපු ප්‍රථම bullet Train system එක ජපානයේ නේද ? පැය 2.5 ගමන අවසන්. දකුණු පසින් වාඩි වුණා නම් ෆුජි සාන් ආයෙත් දකින්න තිබ්බා.ඉන්ටෙර්නෙට් නැතුව දැන් නම් ගමන් කරන්න අමාරුයි. අපි දැකපු එක දෙයක් තමයි rent a Pocket Wi-Fi device airport එකේ.ගත්තේ නම් නෑ . Roaming තමයි පාවිච්චිය.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ 1964 තමා පළමුවෙනි ශිකන්සෙන් එක දැම්මේ. අපි ෆුජි ඉඳන් බුලට් එකේ එනකොට දැක්ක . අර ෆොටෝ වල තියෙන්නේ . ඉන්ටනෙට් නැති එකේ ලොකු අවුලකුත් තිබ්බේ නැහැ . ගිය හැම තැනම බස් වල කෝච්චියේ ෆ්‍රී ඉන්ටනෙට් තිබ්බ

      Delete
  8. ඔක්කොමත් හරි අර බෙන්ටෝ බොක්ස් එකත් හරි

    ReplyDelete
  9. හොඳ සංචාරයක් ! කොවිඩ් එක්කම අපේ සංචාරත් නතර උනා වගේ .. දකුණු කොරියා පැත්තේ ගිහින් තියෙනවද අජිත් අයියේ ?

    මට බුලට් ට්‍රේන් යන්න බොහොම ලොකු ආසාවක් තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජපානයේ බුලට් දුම්රිය (Shinkansen) ගැන කලක් ලෝකයේම කතා කළා තමයි, ඒත් චීන අධිවේගී දුම්රිය පද්ධතිය කියන්නේ ඊටත් එහා ගිය විශ්මිත නිර්මාණයක්!

      වේගයෙන්, කාර්යක්ෂමතාවයෙන්, සහ විශාලත්වයෙන් ලෝකයේ වෙනත් කිසිදු දුම්රිය පද්ධතියකට දෙවැනි නොවන චීන අධිවේගී දුම්රිය පද්ධතිය, සැබවින්ම නූතන ලෝකයේ පුදුම හතෙන් එකක් කිව්වොත් වැරදි නැහැ.

      ඔබ දන්නවද? චීනය සතුව ලෝකයේ විශාලතම අධිවේගී දුම්රිය ජාලය තියෙනවා. ඒක කිලෝමීටර් 45,000කටත් වඩා දිගයි! මේ ජාලය රටේ ප්‍රධාන නගර සියල්ලම පාහේ සම්බන්ධ කරන අතර, සංචාරකයන්ට වගේම ව්‍යාපාරිකයන්ටත් අතිශයින්ම පහසුවක් සපයනවා.
      චීන අධිවේගී දුම්රියේ වේගය සහ කාර්යක්ෂමතාව:පැය 10කින් කිලෝමීටර් 2500ක්!

      චීන අධිවේගී දුම්රියකට සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 350ක පමණ වේගයකින් ගමන් කරන්න පුළුවන්. සමහර දුම්රිය පැයට කිලෝමීටර් 400ක වේගයත් ඉක්මවනවා! මේ වේගය නිසා, පැය 10ක් වැනි කෙටි කාලයක් තුළ කිලෝමීටර් 2500ක් වැනි දැවැන්ත දුරක් පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවෙ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට යනවට වඩා වැඩි දුරක් පැය කිහිපයකින් ගෙවා දමන්න පුළුවන්.

      නිරවද්‍යතාව: මේ තරම් වේගයෙන් ගමන් කළත්, චීන අධිවේගී දුම්රිය පද්ධතියේ වේලාවට වැඩ කිරීමේ හැකියාව විශ්මයජනකයි. බොහෝ විට නියමිත වේලාවටම පිටත්වී, නියමිත වේලාවටම ළඟා වෙනවා.

      විශ්මයජනක චීන කාගෝ දුම්රිය:
      චීන අධිවේගී දුම්රිය පද්ධතිය මගී ප්‍රවාහනයට පමණක් සීමා වෙන්නේ නැහැ. ඔවුන්ගේ කාගෝ (භාණ්ඩ) දුම්රිය පද්ධතියත් හරිම දියුණුයි.

      වේගවත් භාණ්ඩ ප්‍රවාහනය: යුරෝපය දක්වාත්, ආසියානු රටවල් දක්වාත් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඔවුන් වේගවත් කාගෝ දුම්රිය යොදා ගන්නවා. මේ නිසා නාවික හෝ ගුවන් ප්‍රවාහනයට වඩා අඩු වියදමකින් සහ වේගයෙන් භාණ්ඩ බෙදාහැරීමේ හැකියාව ලැබිලා තියෙනවා.

      බිලියන ගණනක ආර්ථික වාසි: මේ කාගෝ දුම්රිය පද්ධතිය චීනයේ ආර්ථිකයට විශාල ශක්තියක් සපයනවා. භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂම වීම නිසා වෙළඳාම දියුණු වී රටේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් ලැබෙනවා.

      තාක්ෂණික අභිමානය:
      චීන අධිවේගී දුම්රිය පද්ධතිය යනු හුදෙක් දුම්රිය මාර්ග ජාලයක් පමණක් නොව, එය චීනයේ තාක්ෂණික දියුණුවේ සහ ඉංජිනේරු හැකියාවේ කදිම නිදසුනක්. සංකීර්ණ භූ දර්ශන හරහා ඉදිකර ඇති මේ දුම්රිය මාර්ග, උමං මාර්ග, සහ පාලම් සැබවින්ම ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා.
      ඔබත් කවදා හෝ චීනයේ සංචාරය කරනවා නම්, මේ අධිවේගී දුම්රියක ගමන් කරලා බලන්න. ඒක අමතක නොවන අත්දැකීමක් වේවි! මේක හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් නොව, අනාගතයට පිවිසෙන දොරටුවක් වගේ. ලංකාවට නම් මේ වගේ දියුණු යටිතල පහසුකම් කවදාවත්ම ලැබෙන එකක් නැතිවෙයි? හැමදාම වලපල්ලට නේ යන්නේ ඒකට හරියන පාලකයොයි තුප්පහි කසඩ දේශපාලන පක්ෂයි ඒවාට රෙදිනැතුව කඩේ යන අමු සක්කිලි පොල් බුරුවොයි ඉන්නකම් සදා සොත්ථි !

      Delete
    2. චීනයට යන්න ඉන්නේ ලබන අවුරුද්දේ . එක පාරක් ගිය දවසකට . හුඟක් පිරිසිදුයි , ලස්සනයි . ඉතා දියුණුයි

      Delete
  10. ලස්සන විස්තරයක්. ජපන් යන්න ආසාව වැඩිකරනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම යන්න මම ආයෙත් යන්න හිතන් ඉන්නේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .