පළමු ලිපිය : ජපන් ගමන් - ටෝකියාවේදී පළමු දවසෙන් දෙවෙනි දවසට
ෆුජි කඳු මුදුන කරා -
අපේ ටැක්සිය විනාඩි දහයකට කලින් හොටෙල් එකට ආවේ . අපිත් එහෙම්ම ගියා . උදේට ට්‍රැෆික් වැඩියි කියල තේරුනා . අපට යන්න තිබ්බේ ලව් චතුරශ්‍රයට . එහෙම නමක් දැම්මේ මොකටද කියල නම් දන්නේ නැහැ . ලංකාවේ බීච් එක පැත්තේ ඉන්නවා වගේ කුඩ ජෝඩු වත් හිටියේ නැහැ . අපි යනකොටත් ගෘප් වල අනිත් කට්ටිය ඇවිත් . යුරෝපියානු රටවල සහ ඉන්දියාවෙන් තමයි සංචාරකයෝ වැඩියෙන් හිටියේ . ලතින් අමෙරිකානු රටවලින් කිහිප දෙනෙක් හිටිය . ෆ්ලොරන්ස් වලින් ආපු කපල් එක එයාලගේ මධු සමයට ඇවිත් තියෙන්නේ .
ගයිඩ් මහත්මිය දුන්න බස් එකේ ඉඳ ගන්න සීට් මැප් එක . හැම පේලියටම නොම්මරයක් දාල. පේලියට දෙපැත්තේ සිට් දෙක දෙක තියෙන්නේ . ඉතින් අපි එක පැත්තක වාඩි වුනා . මිනිත්තු පහකට දහයකට පස්සේ පරක්කු වෙලා ආව කපල් එකක් . මෑන් කිව්වා ඔයාල ඉඳගෙන ඉන්නේ අපේ පැත්තේ නැගිටලා අනිත් පැත්තට යන්න කියල . එයා සීට් මැප් එක පෙන්නලා කීව දොර තියෙන පැත්තේ එයාගේ නම තියෙන්නේ . අපි ඉතින් නැගිටල අනිත් පැත්තේ ඉඳ ගත්ත . ඊට කලින් සීට් පේලියේත් ඔය සිද්දියම වුනාට ඒ කපල් එක අනිත් පැත්තේ ඉඳගත්ත, ඉඳගෙන හිටි අයට එතනම ඉන්න දීල . ඩෝන්ට් වොරි කියල . ඒ දෙගොල්ල හෙනට කතාව යාලු වෙලා.
ඔන්න බස් එක හරියට වෙලාවට ඇද්දුව . පරක්කු වෙලා ආවනම් සොරි ඩොට් කොම් . පාරේ දෙපැත්තම එක වගේ ටෝකියෝ නගරය පහු වෙනකන් . උස බිල්ඩින් . පොඩි බිල්ඩින් හැම පැත්තේම . සෙනග මිලියන් 13 කට ඉන්නත් එපාය . වැඩිපුරම තට්ටු නිවාස කියලයි පෙනුනේ පයින් වගාවක් පටන් ගත්ත . මේ කැලෑව දෙපැත්තේ ගස් කපන්න තහනම් . ඒ අවට ඉන්න ජනතාව ශ්‍රමදාන කර කර කැලෑව වරින් වර පිරිසිදු කරනවලු . අපි ඉඳගෙන හිටිය පැත්ත කන්ද පැත්ත කියල ටික වෙලාවකින් තේරුනා . ඉතින් ෆොටෝ ගහන්න ගත්ත . ටුවර් ගයිඩ් කියනවා -"ඔන්න හැංගි හැංගි එබී බලන ෆුජි කන්ද පේන්න ගන්නවා . ෆොටෝ ගහන්න කැළෑව සුද්ධ කරපු තැන් තියෙනවා කියල" . ඔන්න අපේ පැත්තේ හැමෝම ගජ රාමෙට ෆොටෝ ගහනවා . මම අර අපට නැගිටින්න කියපු උන්ද දිහා බැලුව . පොරගේ මූණ මිරිකපු දෙහි ලෙල්ලක් වගේ . පොර ගාව වටිනා කැමරාවකුත් තියනවා . බෙල්ල උඩට දික් කරගෙන මෑන් ෆොටෝ එකක් ගහන්න දඟලනවා . කර්මය ළමයා . කර්මය .
අපේ ටුවර් ගයිඩ් එයාව හඳුන්වල දීල රියදුරු මහත්මයාගේ නමත් කිව . කියල අත්පුඩියක් ගහන්න කීව එයා අපිව අරන් යනවට . අපි බොහොම සතුටින් අත්පුඩි ගැහුවා . ඕනේ නම් කියන්න පුළුවන් මොකටද අත්පුඩි ගහන්නේ එයාගේ ජොබ් එකනේ කියල . නමුත් ජිවිත පනහක විතර වගකීම ඒ මනුස්සයාගේ අතේනේ තියෙන්නේ . එයා නැගිටලා ස්තුති කළා . ඒ විතරක් නෙමේ නතර වෙන හම තැනදීම හැමෝටම වෙන වෙනම ස්තුති කළා . බස් එකට නගින කොට වෙන වෙනම ආචාර කළා .
ජපන්නු මේ ජීවමාන ගිනි කන්දට කියන්නේ ෆුජි - සං කියල . නොරිකෝ සං හෙම මතක ඇතිනේ . පිරිමි ගැහැණු දෙගොල්ලටම සං කියනවා කියල . සාමා හෝ සමා කියන්නේ ටිකක් වැදගත් නම් ලු . පිරිමි ළමයි ගේ නම අගට කුන් කියල දානව . ගැහැණු ළමයින්ට චන් කියනවා . ජපන්නුන්ට ෆුජි ගිනි කන්ද පණ තියෙන වැදගත් මහත්මයෙක් වගේ .
ඒ නිසාම මේ ගිනි කන්දට නොයෙකුත් කවි , ගී , හයිකු , පොත් ලියැවී තිබෙනවා. ඒ වගේම අප්‍රමාණ සංඛ්‍යාවක් සිත්තරුන් නොයෙක් අන්දමින් එය සිතුවමට නගා තිබෙනවා . හොකුසයි කත්සුෂිකා කියන්නේ එහෙම කෙනෙක් . ඔහු ලී වලින් හදන නිර්මාණ යුකියෝ විධි ක්‍රමය කියල කියෙන්නේ . ඒවා යේ රූප ඇතුලත් පොතක් ඔහු පල කර තිබෙනවා - ෆුජි කන්දේ හැඩයන් සියයක් කියල . "One Hundred Views of Mount Fuji."
ඇත්තටම එතැනට ගියාට පස්සේ තේරෙනවා ඇයි ෆුජි මහත්තයා මෙපමණ නිර්මාණ වලට හේතුව වෙලා තියෙන්නේ කියල . ජපානය කියන්නේ කඳු වලින් පිරිච්ච රටක්. ෆුජි තමයි ඒ කඳු රාජධානියේ අධිරාජයා . ෆුජි කියන්නේ ජපානයේ ජාතික සලකුණ . ඒක මිටර් 3776 ක් උසයි . අපි ගිය පස්වැනි ස්ටේෂන් එක මීටර් 2500 (අඩි 7000 විතර ) විතර උඩින් තියෙන්නේ . අවුරුද්දකට ලක්ෂ දෙකක් විතර කන්ද මුදුනට එනකන් යනවලු . මේක එක්තරා ආකාරයක වන්දනා ගමනක් වගේ . ශින්ටෝ ආගමේ එක කන්සෙප්ට් එකක් තමා ස්වභාව ධරමයා සමග ඒකාත්මික වීම . හුඟක් අය අර අපේ සමනළ කන්ද නගිනවා වගේ දෙතුන් පාර යන අයලු. හැබැයි ජපනුන් ගේම ප්‍රස්ථාව පිරුලක් තියෙනවා "නුවණැත්තා ෆුජි කන්ද එකවරක් පමණක් තරණය කරයි . මෝඩයා දෙවන වරටත් යයි " කියල . මම ඉංග්‍රීසි බ්ලොග් එකට පොඩි කවියක් ලීවා . මේ ඒකෙ පරිවර්තනය :
ලොකු තට්ට හිසක්
සුදු හිම වලින් පිරුණු
ඉදුණු හිසකේ මග හරින්නට
නුවණැති මහළු යෝධයෙක්
ජපනගේ ආඩම්බරය
This is my poem:
A giant bold head
White snow spread
to replace the white hair
An old wise giant
Pride of Japan
23/05/2025 Ajith Dharmakeerthi
සියළුම පින්තූර මවිසින් ගත් ඒවාය.
Station 5:
ගම ගෙදර රාජ්‍ය භාෂාව ඉංග්‍රීසිද?
ReplyDeleteගමරාලාමිගෙ උර පත්තේ අමාරුව ආයෙ ආවද?
පෝස්ට් එක ටයිප් කලේ ගම හාමිනේද?
ගමරාල වට වන්දනාවේ ගිහින් එක කොට අපේ පෝස්ට්, බ්ලොග් රෝලට ඇවිත් අඩියට ගිලිලත් ඉවර වග දන්නවාද? ( මුදල්නොගෙවා පල කල දැන්වීමකි)
මෙන්න මගෙන් කෙටිම-කෙටි ජපන් කතාවක්:
මම පාර අද්දර, සකුරා මල් ගස යට තිබුන බංකුවේ වාඩි වෙලා "කොනිචිවා බෙන්ච්- කුන්" කිව්වා. ටික වෙලාවකට පස්සෙ, ෆෝන් එක දිහා බලාගෙන පාරට බැහැපු අවුල්-සාන් ට්‍රක්-කුන් එනවා දැක්කෙම නෑ. බලා හිටිය මිනිස්සු කිව්වෙ, පිහාටු වගයක්
විතරමයි පියෑඹුවෙ කියලයි.
හයියෝ දෙයියනේ නිදි මරාගෙන ලියපු ලිපිය නැහැ
Deleteබසු තුමා මෙහෙම එකක් ලීවේ ඇයි කියල අද උදේ කල්පනා කළා . පෝස්ට් එකට ගිහින් බැලුවම තේරුනේ ඉංග්‍රීසි එක මේකටම කොපි කරලා කියල . මම ඉංග්‍රීසියෙන් ලියලා ඊට පස්සේ සිංහලට ට්‍රාන්ලේට් කරනවා .
Deleteගම ගෙදර රාජ්‍ය භාෂාව ඉංග්‍රීසිද? - ඔව් නේ , ඉස්සෙල්ල ඉංග්‍රීසියෙන් ලියල සිංහලට පරිවර්තනය කරන්නේ . චැට් ජිපිටි හෙම නෙමේ හැබැයි . ජෙනුයින් ඈ
Deleteගමරාලාමිගෙ උර පත්තේ අමාරුව ආයෙ ආවද? මොන කරුමයක්ද මන්ද දෙපැත්තම දැන් . යාලුවෝ කියන කොලෙස්ටෙරෝල් වලාට් දෙන පෙත්ත අටෝර්වස්ටටින් එක නවත්තන්න ලු . ඩොකා කියනවා හාර්ට් ඇටැක් හැදිලා මැරෙනවද නැත්නම් හන්දිපත් රුදාව තියන් ඉන්නවද කියල .
පෝස්ට් එක ටයිප් කලේ ගම හාමිනේද? මොන . පැත්ත බලන්නේ නැහැ බ්ලොග් ලියන කොට . ඒවාට තරහයි දැන්
චැට් ජිපිටි වලට වඩා ගූගල් ජෙමනායි හොඳයි සිංහලට පරිවර්තනය කරගන්න. ඒත්, සමහර පද තෝරා ගැනීම් එහෙම සෑහෙන්න අවුල්. අනිවාර්යයෙන් "හියුමන් ටච්" එකක් ඕනෙමයි. මේවා ටූල්ස් විදිහට භාවිතා කරන එකේ වරදක් මම දකින්නෙ නෑ.
Deleteඩොකාගෙ තර්කය හරි කියල මටත් හිතෙනවා.
//මොන . පැත්ත බලන්නේ නැහැ... ඒවාට තරහයි දැන්//
හුටා!🤣😁
ඔව් අප්පා . කම්පියුටරේ නැත්නම් මොබයිල් එකේ නැත්නම් මේ ලියන නෝට්බුක් එකේ කියල බර බරේ
Deleteඅකුරු දිගේ ලෝකෙ පුරා යමු.
ReplyDeleteමේං මගෙන්
Deleteමම ස්ට්‍රෙස් අඩු වෙන්න බලන එකක් ඕක.
Follow the white rabbit
Deleteඑසේය එස්යේ ලිට් සිකර් තුමනි . බසු ඒ ලින්ක් දෙක මරු . මම මේ කියන්න හැදුවේ සෙකන්ඩ් චෑන්ස් එකක් ලැබෙනවනම් ජැපනීස් නන්ග කෙනෙක් බඳිනවා අප්පා . ඒ තරම් ලවබල් මේ ඈයෝ . බසු බැඳලා නැත්නම් ඔය මල මගුල් කැනඩාව දාල මෙහෙ එන්න
Deleteමම ඇවිත් නැති වුනත් ජපානෙ ගැන සෑහෙන්න හොයල බලල තියනවා. මිලිටරි ඩිසිප්ලීන් එකක් තියන, homogeneous සොසයිටි එකක්.හොඳ/නරක දෙකම තියනවා, එත් introvert බස්සෙකුට ඒ ටොක්සික් වර්ක් කල්චර් එක ගැලපෙන්නෙ නෑ.
Deleteසමහර වෙලාවට සංචාරකයෙක් විදිහට පෙනෙන සුන්දරත්වය විඳින එක තමයි හොඳම. ඕනවට වඩා ගැඹුරට හොයන්න ගියොත් "ක්‍රැක්ස්" පේන්න ගන්නවා. මෙහෙත් සර්වසම්පූර්ණම නැහැ, ඒත් දන්න යකා, නොදන්න යකාට වඩා හොඳය බවත් දන්නවා.😁
ක්‍රැක් ස් නැති රටක් නැහැ . තට්ටු ගෙවල් වල ඉන්න එකට නම් අකමැතියි . මම ගැහැණු ළමයි ගැන සලකල විතරයි කිව්වේ . වැඩ කිරීම ගැන කියනවනම් මිලිටරි ඩිසිප් එක විසින් මිනිස්සු අගේට වැඩේ කරනවා . නැත්නම් ඔය ලෙවල් එකට බඩු ලැබෙන්නේ නැහැ , ඕක මම පස්සේ ලියන්න හිතන් ඉන්නව . මේකත් බ්ලොග් සටහන් දහයක් වත් වේවි දවස් දාහයට
Delete//ශින්ටෝ ආගමේ එක කන්සෙප්ට් එකක් තමා ස්වභාව ධරමයා සමග ඒකාත්මික වීම//
ReplyDeleteබුදු දහමෙත් එහෙම ඒව තිබ්බට අපේ උංනං කරන්නෙ ගිය තැන වනසල එන එක. සමනල කන්දම ඒකට හොඳ උදාහරණයක්.
මට වෙලාවකට හිතනවා ඔය යුඇන්පී , සජබේ , ශ්‍රී ලනිප , පොදු පෙරමුණ , මාලිමාව නෙමේ ශුද්ධ ජවිපෙ ආණ්ඩුවක් ආවත් මිනිසුන්ගේ ඇටිටියුඩ් එක වෙනස් වෙන තුරු මුකුත් වෙන්නේ නැහැ කියල .
Delete+++++++++++++++++🤣🤔👌🙏
Deleteඑහෙම කියන්න එපා අජිත් හාමු, අපේ කැප්ටන් කයිතන් සිඤ්ඤා මේ මාස කීපෙට ඇල්ටිටියුඩ් එක 68 ඉඳන් 45ට ගෙනාවෙ. තව මාස කීපෙකින් ලෑන්ඩින් එකම කරාවි. 😜😂😂😂
Deleteමිනිසුන්ගේ ඇටිටියුඩ් එක නිකං වෙනස් වෙන්නෙ නෑ නෙ? ඒක වෙනස් කරන්න බලතල පාවිච්චි කරන්න ඕනෙ. කලින් තුනෙන් දෙකේ බලේ නෑ කිව්වා, ඒකත් දුන්නා."මේක හදන්න බැරි නං, හදන්න වෙන රටක් නෑ" කියලත් කිව්ව මතකයි වගේ.
Delete"අපි ඔක්කොම පොඩි හොරු, තුන් සිංහලයම නෑඳෑයෝ" තමයි ඉතිං. අර කන්ටේනර්, චෙක් නොකර රිලීස් කරපු සීන් එකකුත් තියනවා නේද? අනේ මන්දා......
පලමුවෙනි කොටස හෙවත් ඇටිටියුඩ් නීති වලින් වෙනස් කරන්න බහ . කරන්න හැදුව සෝවියට් දේශයේ හෙම . කියුබාවේ . එහෙම නීති දැම්මොත් නිදහස් අහිමි කරනවා කියල කෑ ගහයි . කුණු දාන එක වගේ දේ ඇඟෙන් ම එන්න ඕනේ . ප්‍රධාන නගරවල නීති දැම්මට කමක් නැහැ . ප්‍රාදේශීය සභා වලටත් එහෙම නීති දාන්න පුළුවන්නේ . එතනින් එහාට යනවා කියන්නේ පුටින් ලෙවල් එකනේ .
Deleteකන්ටේනර් කතාව මම දන්නා විධිහට වරාය ඇමති දැනගෙන තියෙන්නෙත් ඒ විධිහට කරනවා කියල වැඩේ වුනාට පස්සේ . ඒ කියන්නේ ගුදම් ගාස්තු ගෙවන්න වෙනව වරායේ බඩු බානවා ප්‍රමාද නිසා . ඒනිසා වරින් වර ස කෑම බඩු හෙම ඇතුළු කන්ටේනර් චෙක් කරන්නේ නැතිව පිට කරනවා . ඒක සම්ප්රදායක් හැටියට කරගෙන් ආව දෙයක් අෂ්රෆ් ලාටත් කලින් ඉඳන් . (ඒ කියන්නේ හොරට පන්නන්නත් ඇති ) වාරයේ සේවකයෝ වැඩි හරියක් ජාතික සේවක සංගමේ - සහ අෂ්රෆ් දාපු මුස්ලිම් කොන්ග්රසේ සෙට් එක . එක පාර අස් කරන්නත් බහ . කඩා පනින හමුදාවල් හෙම දාල හීන් සැරේ දෙන්න ඕන ගේමක් . එහෙම තමා වෙන්නේ.
Anonymous26 May 2025 at 08:39, ක්‍රෑෂ් ලෑන්ඩින් එකක් වගේ? 😂
Delete//ඒනිසා වරින් වර කෑම බඩු හෙම ඇතුළු කන්ටේනර් චෙක් කරන්නේ නැතිව පිට කරනවා . ඒක සම්ප්රදායක් හැටියට කරගෙන් ආව දෙයක්..//
Deleteඅහා. ලංකාව ආසියාවේ කුඩු හබ් එක වුනේ කොහොමද කියලා දැන් පැහැදිලියි. ආණ්ඩු පිලිනොගත්තට රටේ ආර්ථිකයට, සෑහෙන දායකත්වයක් කලු සල්ලි ගේනවත් ඇති. කොහොමත් අන්රයියටවත්, විපක්ෂයෙ එකෙකුටවත් කිසිම පැහැදිලි ආර්ථික වැඩ පිලිවෙලක්වත් නෑනෙ? අවු 75ක් ණයටම කාලා, මොලේ කළඳක් තියෙන කිසිම ආයෝජකයෙක් මෙහෙ එන්නෙත් නෑ, අපිව ගොඩ දාන්න. අනික රටේ ඉන්නෙ කිසිම ටැලන්ට් එකක් නැති, කම්මැලි ජාතියක් නෙව?
මම කියන්නෙ රටේ කලු සල්ලි ආර්ථිකයක් ගොඩ නැගුව නං ඉවරයි. ඔය ඩුබායි, ස්විස් බෑන්ක් එහෙම යස අගේට වැජඹෙන්නෙ?
//කුණු දාන එක වගේ දේ ඇඟෙන් ම එන්න ඕනේ //
Deleteෂුවර්ද? ඔය වටේම කුණු දාන එකාලා, පිටරටදි ටොපි කොලෙත් සාක්කුවෙ දාගෙන ගිහින්, නියමිත තැන දානවා කියලයි මම නං දන්නෙ.
ඇඟෙන්ම එන්න නං පරම්පරා තුන හතරක්වත් යාවි නේද? මම දැක්කා ප්‍රවෘත්තියක්. ඒකෙ තිබුනා මෙහෙම. යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති කියල. මුංගෙ මේ නම් දැමිල්ල දෙවනි වෙන්නෙ "විල්ලූද අලීත යටිකුරිත්තා" වගේ කුරුලු නම් වලට විතරයි. මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි. දෙසපාලුවොත්, රාජ්‍ය සේවයෙ පිංබතාලත් ණයට කාලා, අඩුවෙන්ම වැඩ කරලා, වැඩියෙන්ම නිවාඩු වරප්‍රසාද ඉල්ලන විශම චක්‍රයේ "පොයින් ඔෆ් නෝ රිටර්න්" පහු කරලා ඉවරයි. අනුර නෙමෙයි අනුරගෙ බාප්පා ආවත් ඕක වෙනස් කරනව බොරු.
//දෙසපාලුවොත්, රාජ්‍ය සේවයෙ පිංබතාලත් ණයට කාලා, අඩුවෙන්ම වැඩ කරලා, වැඩියෙන්ම නිවාඩු වරප්‍රසාද ඉල්ලන විශම චක්‍රයේ "පොයින් ඔෆ් නෝ රිටර්න්" පහු කරලා ඉවරයි. අනුර නෙමෙයි අනුරගෙ බාප්පා ආවත් ඕක වෙනස් කරනව බොරු.// ditto...
Deleteඔය නම් දැමීම සිංහලෙන් කරන්න පටන්ගත්තේ සිරිමා ආණ්ඩුව කාලේ වගේ මට මතක . ඊට පස්සේ ඕක රැල්ලට ගියා . දැන් මෙහම එකක් තියනව , මම ඉස්තාන්බුල් (තුර්කිය ) ගිය වෙලා එහෙ පිරිසිදු කම් දැක්ක . අපේ මෙහෙ වැඩිපුර ඉන්න තුර්කි සහ කුර්දි අය දැන් . හැම තැනම කුණු දානවා . කාර් පේව්මන්ට් වල ගහනව . මම දෙතුන් දෙනෙක්ව මුනටම කියල අල්ලලා දුන්න . තමන්ගේ රටේ නොකරන් දේ වෙන රටක කලාට කමක් නැහැ කියල හිතනවා මුන් . ලංකාවේ ඔකේ අනිත් පත්තඩ් අකොහෙද . සිංගප්පුරුවේ වගේ නීති දාමු . කසෙන් පස්සට 10 ක් ගහනවා අහුවුනොත්
Deleteසමහර දේ වලට අනිවාර්යයෙන් නීතී දාන්න වෙනවා. පස්සට ගහන එකට වඩා රිදෙන්න දඩ ගැහුවා නං ඉබේම නවතීවී. හැබැයි ඉතිං කුණු දාන්න කූඩ වගේ පහසුකම් සපයන්නත් වෙයි. සමහර ජන-අප්‍රිය තීන්දු ගන්නෙ නැතුව කිසිම දෙයක් වෙන්නෙ නෑ.
Deleteසම්පුර්ණ ෆුජි කන්දේ දර්ශනය Lake Kawaguchiko දෙසින් පැහැදිලිව පෙනෙනවා. කාලගුණය තමයි සමහර දිනවල හරහට හිටින්නේ.සමහර දේවල් තියනවා ළඟට වඩා දුරින් බලනකොට තමා ලස්සන. ජිවිතේ පාඩම් ෆුජි සාන් කියල දෙනවා නිහඬවම.
ReplyDeleteහ්ම් පොඩ්ඩක් දර්ශනවාදිව යන්න ඕනේ . ලේක් එක ගැන ඊළඟ ලිපියේ
Deleteඔබ ඔය සඳහන් කරලා තියන හොකුසායි කියන චිත්‍ර ශිල්පියා වෙනුවෙන් හදපු මියුසියම් එකක් තියනවා. අපි ඒක බැලුවා.ඔහු හැබෑ දක්ෂයෙක්.
ReplyDeleteස්තූතියි . ඒක නම් මිස් වුනා
Deleteපොඩි ඉරිසියාවක් හෙමිහිට උපද්දමින්
ReplyDeleteඅජිත් ලියයි විස්තර යන අතරෙ ජපන්
නෙලාගන්න බැරිමුත් අත දිග නැත්තෙන්
අනේ කෝටි ගණනින් තව මල් පිපියන්!
ඉරිසියා කරන්න එපා නිදි මිතුර ඉතින්
Deleteහෙට යයිද දන්නේ නැහැනේ මේ ජීවිතය ඉතින්
ඉන්න කලට සැසී මම ගමන් ගොසින්
ගෙවනවා මේ ජිවිතේ අරගෙන යන්න කලින්
කිසිම ඉරිසියාවක් මගෙ නං හිතේ නැත
Deleteකඩේ ගිහින් ආවේ දැන් ලිපේ බත
ගම ජෝඩුව සැරි සරනව හතර අත
හාමිනෙ පිප්පුවත්, ලිපි පෙල ලියනු ඇත
බස්සා ඉරිසියා නැති බව දන්නවනේ
Deleteලොකු කම කියා බුකියේ අය ඉවත් වෙතේ
අහිංසක මම ලියන්නෙ මේ ජොලියටනේ
ඒ කාලේ මිමනලත් ලිව්ව එකේ
// ලේක් එක ගැන ඊළඟ ලිපියේ //
ReplyDeleteඉතාම වටින ආරංචිය...!
තව ගොඩක් ගොඩක් විස්තර ලියන්න
සංචාරක විස්තර තමයි මම කැමතිම
මම ලියන්න හදන්නේ ලේක් අශිනොකෝ ගැන . අර කීව එක නෙමේ
Deletehttps://sakura.co/blog/folktales-from-fuji?srsltid=AfmBOooNHTGAuymGvIoohwamKjtB4PdP7CqPs5Mxa4QAGoviTP_Nt5RK
ReplyDeleteස්තූතියි ප්‍රා
Delete@ Pra Jay
Deleteපරණ වීඩියෝ සමාජ ජාලවල දැම්මොත් නීතියෙන් දඬුවම් කරන බවට අර සංචාරක පහරදීමේ සිද්ධිය දඩමීමා කරගෙන ආණ්ඩුව පනවන්නට හදන නව නීතිය පිළිබඳව වැඩිදුර විස්තර පැහැදිලි කරන්න පුළුවන්ද?
//පෙර සිදුවූ සිදුවීම් හෝ ප්‍රකාශ වලට අදාල වීඩියෝපට හෝ නැවත නැවත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය කරවීමට කටයුතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් එමගින් රට අපකීර්තියට පත් කිරීමට හෝ ජනතාව කැළඹීමට හෝ එවැනි වෙනත් අරමුණකින් එසේ සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඔවුනට එරෙහිව දැඩිලෙස නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
-පොලිස් මාධ්‍ය කොට්ඨාසය.//
මෙම ප්‍රකාශය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහෝදරයා ප්‍රශ්න කරන්නේ මේ නීතියෙන්ම රිංගලා ආන්ඩුවේ නායකයෝ මැතිවරණ කාලයේ කියපු දේවලුත් තහනම් කරයිද….? කියන කාරණයයි. මොකද ඒවත් දැන් ආන්ඩුවේ අයට මල වදයක් වෙලානේ තියෙන්නේ.
දුමින්ද නාගමුව සහෝදරයා මේ ගැන කරන මාධ්‍ය ප්‍රකාශයක පවසන්නේ පිටින් වෙනත් සිද්ධියක් අරගෙන ඒක නීතියක් කරගෙන යන්නෙ මේ පචයන් කියපු දේවල් උන්ම නෑ කියනකොට ඒ අය කියපු දේවල් පෙන්වන්න තියෙන එකම සාක්ෂිය මේක නිසා බවයි, මේක ඇත්තක් ද?
සෙසප මේ ගැන විස්තර කළේ මීට පෙර ජවිපෙ අය නොව විශේෂයෙන්ම NPP එකට මීට වසර හය හතකට පමණ පෙර සම්බන්ධ වී සිටින කලින් යහපාලන ආණ්ඩුවට සහාය දුන් ඇතැම් පච ප්‍රචාර සිදුකරන අය බලය ලබාගැනීමට පෙර වෙනත් පක්ෂ වල අයට විරුද්ධව එඩිට් කළ විඩියෝ දාල මිනිස්සුන්ගෙ මොළ හේදුව බවයි. ඒත් NPP අය ජනතාවට පොරොන්දුව වුණ සහ වේදිකාවල බොරුවට කියපු දේවල් එඩිට් කරන්න දෙයක් නැති බවයි.
දුමින්ද නාගමුව සහෝදරයා පෙන්වා දුන් ඒවායින් කීපයක් මෙන්න
ජාතික ජන බලවේගය කියපු දේවල් පස්සේ කිව්වේම නෑ කියලා පච වෙච්ච් අවස්ථා කීපයක් පමණක්
1. වසන්ත සමරසිංහ ලයිට් රේල් එක එක පැත්තකට විතරයි යන්නෙ කියපු එක.
2. එයාම ඛණිජ තෙල් සංස්ථාව ගැන කියපු බොරු එහෙම නෙමෙයි කියලා පහුවෙනිදම කංචන, වරුණ පෝස්ට් කළා.(150/=ට ඒ අයගෙ ආණ්ඩුවක් ආවහම තෙල් වල මිල අඩු කරනව කියලා පස්සෙ අපි එහෙම කිව්වෙ නෑ කියලා)
3. කොට්ටහ්ච්චි බියගම පිහිටි තෝමස් ඩිලාරු ලංකා සමාගමෙන් උගණ්ඩා රාජ්‍යට කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ මුදල් අච්චු ගහපු සිදුවීම. ඒක ගැන ඒ අය මොනතරම් බොරු කිව්වද?
4. අගමැති පාරවල් හරස් කරගෙන පරණ අය වගේ යන්නෙ නෑ කියලා වටගල කියනකොට සජබ චමින්ද විජේසිරි එතනම ඒක පෙන්වනවා. වටගල ඔප්පු කළොත් අයින් වෙනව කියලත් කියනවා, එතකොම ඔහු එතන වීඩියෝ එක දාල පෙන්වනවා. නමුත් වටගල ඒක පිළිගන්නේ නෑ කියල මගහරිනවා
5. ලක්මාලි හේමචන්ද්‍ර ජනාධිපති අනුර කියපු දෙයක් එහෙම කිව්වෙ නෑ කියලා දොළවත්ත එතනම පෙන්වනවා. අනුර කියනවා හිටපු රජයේ හැමෝම පාවිච්චි කරන වාහනයට මිල ඩොලර් මිලියනයකට වඩා වැඩියි කියලා, නමුත් ඒක සම්පූර්ණයෙන්ම බොරු කතාවක් බව එතනදී ඔප්පු වුණා
තව ඕනෙ තරම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු බොහෝ අයට මේ අය ගහපු මඩ තියෙනවා. ඒත් මේ සිදුවීම් අල්ලගෙන මේ කරන්නෙ ඒ අය කියපු දේවල් බොරු බව ලේසියෙන්ම ඔප්පු වෙන මේ වගේ පරණ වීඩියෝ ෂෙයාර් කරන එක නතර කරන දෙයක් ද ඇත්තටම?
heh heh
Delete@ඇනෝ , මම නම් දන්නේ නැහැ . එහෙම වුනොත් ඒ ගොල්ලන්ට පුළුවන්නේ ඒ ගොලන්වම අල්ලන්න //වසන්ත සමරසිංහ ලයිට් රේල් එක එක පැත්තකට විතරයි යන්නෙ කියපු එක.// මෙහෙම එකක් නම් දන්නේ නැහැ . වීඩියෝ එකක් තියෙනවද
Deleteඅගමැති ජනපති එනකොට පාර හරස් කලාට කමක් නැහැ . තර්ජනයක් තිඑය්නවා
Delete++++++++++++++++++++++++
ReplyDeleteස්තූතියි
Deleteෆූජි කන්දෙ කැලෑවට ගිහින් සිය දිවි නසා ගන්න අය ඉන්නවා කියලා අපිත් එක්ක ගිය ගයිඩ් කිව්වා. අපි ගිය දවසේ බොහොම පැහැදිළි කාළගුණයක් තිබුන නිසා ලස්සනට දැක්කා. මගෙත් එක්ක වැඩ කරන තවත් කපල් එකක් කලින් දවසේ ගිහින් වලාකුළු විතරයි දැකලා තිබුණේ.
ReplyDeleteසිය දිවි නසා ගන්න කතාව ඕන කමින් හැලුවා . ඒක ගැන වෙනම ලියන්න සාකච්චා කරන්න ඕනේ මාතෘකාවක් . දොරකඩ ගහේ බස්සා මහතාගේ මිලිටරි රෙජීම් එක්ක වගේ වැඩ කියන කතාවත් අදාලයි නේ ඒකට
Deleteසිය දිවි නසා ගන්න කතාව ඕන කමින් හැලුවා . ඒක ගැන වෙනම ලියන්න සාකච්චා කරන්න ඕනේ මාතෘකාවක් . දොරකඩ ගහේ බස්සා මහතාගේ මිලිටරි රෙජීම් එක්ක වගේ වැඩ කියන කතාවත් අදාලයි නේ ඒකට
Deleteඔව්. ජපානයේ අයගේ සේවා ස්ථානයේ සංස්කෘතිය ගැන අපේ ගයිඩ් කල විස්තර අනුව හිතනකොට ඔබ හරි.
Deleteඔයාල ගේ ගයිඩ් යුරෝපියන් එක්කෙනෙක්ද ජැපනීස් කෙනෙක්ද ?
Deleteජපන් යන්න ආසාවක් තිබේ .. Kyoto හෙන ලස්සනයි කියල අහල තියෙනවා . Fuji කන්ද උඩට ගියා ද ? ඔය ෆොටෝ යන පාරේද
ReplyDeleteෆුජි කන්දට ගිය පින්තූර තමා ඔය දාලා තියෙන්නේ . නොගිය ගමනක ගැනය ලිව්වේ . ෆොටෝ ඔක්කොම මම ගත්ත ඒවා , වීඩියෝ ටික අප්ලෝඩ් කරන්වැ අද යුටියුබ් එකට
Deleteකන්ද උඩ පින්තුර ටික දැක්කේ නැහැ .. මම හිතුවේ යන පාර කියල .. ජපන් ටුවර් එකට වියදම කොහොමද ? දල වශයෙන්
Deleteඔය දාල තියෙන්නේ පස්වෙනි ස්ටේෂන් එකට ගියා කියල, පින්තූර එක්ක . කඩ තියෙන හරිය . එතනින් උඩට යන්න නම් පයින් නගින්න ඕනේ . ඒකට වෙනම ටුවර් එකක් දාගෙන යන්න වෙන්නේ . එක්කෙනුකුට ටිකට් , හොටෙල් පහසුකම් , ටුවර් දෙක ගානේ එක නගරයකට , පවුම් 2700 විතර ගියා . ඊට අමතරව රෑ කෑම , ගත්ත තෑගී , එහෙ මෙහෙ යන්න තව පවුම් තුන් හාරසීයක් යන්න ඇති .
Deleteඅජිත්,
ReplyDeleteමේ වසර මුලදී සැක සහිත අන්දමින් කිසිදු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 තොරතුරු ඇතුලත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව ශ්‍රී ලංකා රේගුව විසින් ලඛිතව දන්වා එවා ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙසේ පරික්ෂාවකින් තොරව බහලුම් 323ක් 2025 ජනවාරි 18 කොළඹ වරායෙන් නිදහස් කිරීමේ භයානක කම රටට හෙලි කලේ රේගු නිලධාරින් විසින්.
නමුත් එවිට බිමල් ඇමතිවරයා වීරයෙකු වගේ මාධ්‍ය ඉදිරියට ඇවිත් කිව්වා තමන්ගේ නියෝගයකින් තමයි ඒවා නිදහස් කලේ කියලා. ඒත් ඔහුට වරාය භාර වුණත් රේගුව භාර දීලා නෑ. රේගුව තිබෙන්නේ මුදල් ඇමති විධියට ජනාධිපති අනුර යටතේ. තමන්ට අයිති නැති රේගුවට නියෝග දෙන්න බිමල් ඇමතිට තිබෙන අයිතිය මොකක්ද? බලය මොකක්ද? බහලුම් තදබදයට පිලියම් සොයන්න පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති බිමල් රත්නායක ඇමතිවරයා බව ඇත්ත. කමිටුවට තිබෙන්නේ තමන්ගේ නිර්දේශ සහිත වාර්තාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීම මිස රේගු අධ්යක්ෂ ජනරාල්ට නියෝග දීම නොවේ.
මෙම බහාලුම් වල මොනවාද තිබුණේ කියන එක අහලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2025 පෙබරවාරි 8 රේගුවට ලිපියක් යැව්වා. මාස දෙකක් මග ඇරලා 2025 අප්‍රේල් 3 දා එවලා තිබෙන්නේත් “කොහේද යන්නේ – මල්ලේ පොල්” උත්තරයක්. පරික්ෂා නොකර යැවූ බහාලුම් වලින් කීයක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබුණු ඒවා ද කීයක් තැඹිලි මාර්ගයේ යවන්න නිර්දේශ කර තිබුණු ඒවා ද කියලා පෙසප ඇහුව්වා. අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා වෙනුවට ජනවාරි 29 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ පිටපතක් එවලා තිබෙනවා. ඒ වගේම ඒ ලිපියේ මෙහෙම කියනවා “ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුලත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි”. පරික්ෂා නොකර යැවූ බහාලුම් වලින් කීයක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබුණු ඒවා ද කීයක් තැඹිලි මාර්ගයේ යවන්න නිර්දේශ කර තිබුණු ඒවා ද කියන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න අවශ්‍ය ලේඛන රේගුවේ නෑ කියන එක අස්වාභාවික තත්වයක් නොවේ ද? මෙතැන රේගුව සඟවන්න හදන ලොකු රහසක් තිබෙන බව පැහැදිලියිනෙ.
ඒ බහලුම් පරික්ෂා නොකල නිසා ඒවායේ මොනවාද තිබුණේ කියලා අහන ප්‍රශ්නයට ඒ අයට උත්තර දෙන්න බෑ. අපි විශ්වාස කරන්නේ මේ බහලුම් වල තිබුණේ අවි ආයුද සහ මුනිස්සම්. මොකද මේ බහලුම් නිදහස් කරපු 2025 ජනවාරි 18න් පස්සේ තමයි වෙඩි තැබීම් පිම්මේ වැඩෙන්න ගත්තේ. පාතාලයට වෛරය තිබුණත් උවමනාව තිබුණත් අවි නැතිව මූනිස්සම් නැතිව අක්‍රිය වෙලා තිබුණේ. බහලුම් නිදහස් කිරීමත් එක්ක පාතාලයත් සක්‍රිය වුණා. දැන් වෙඩි තැබීමක් නොවන දවසක් නැති තරම්. දැන් සමහර මාධ්‍යවල ප්රවෘත්ති විශේෂාංගයක් තිබෙනවා “දවසේ වෙඩිල්ල” කියලා. මේ මාස දෙක තුනේදී පමණක් මේ වන විට වෙඩි තැබීම් 49ක් වෙලා 30ක් මිය ගිහින් තිබෙනවා. මේ සෑම මරණයකම ලේ බිමල් ඇමතිගේ අත්වල ගෑවිලා තිබෙනවා කියලා පුබුදු ජාගොඩ සහෝදරයා අවධාරණය කළා.
බහලුම් නිදහස් කරන්න රේගුවට නියෝගය දුන්නේ තමන් කියලා බිමල් ඇමතිවරයා පිලිගන්නවා නම් රේගුව තිබෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ නම් බිමල් ඇමති මුදල් ඇමති නොවේ නම් ඔහු කර තිබෙන්නේ නීති විරෝධි කටයුත්තක්.
රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තමන්ගේ කැබිනට් ඇමති කෙනෙකු වන කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට පත් කරලා අළුත් වාර්තාවක් තිබ්බා. ඊට කලින් බලයේ සිටින ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු අත්අඩංගුවට පත් වෙලා නෑ. දැන් නීතිය බිමල් රත්නායක ඇමතිවරයා අත්අඩංගුවට අරන් අඩුම ගණනේ රනිල් වික්‍රමසිංහට සම වෙන්න උත්සාහ කරන්න කියලා අපි අනුර ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.
මම දන්නා දේ තමා උඩ බස්සට ලිව්වේ . ඕක කාලයක් සිටන් කරගෙන එන දෙයක් හුඟක් මුස්ලිම් ඇමතිවරු වරාය තමා ඉල්ලන්නේ ඉස්සර දන්නවනේ . බිස්නස් ගොඩක් අල්ලාගෙන හිටියෙත් ඒ අය . ගිය ආණ්ඩු කරන සෙල්ලම ම මේ අයත් කරනවා වෙන්න පුළුවන් . පොලසිය ස්වාධීනයි නම් හොයන්න පුළුවන්නේ
Deleteකන්ටේනර් 323 කතාව පට්ට පල් බොරුවක් කියල කියනව මෙතන
ReplyDeleteකස්ටම් එකේ යුනිට් 2ක් දෙපැත්තට බෙදිලා පගාවට මරාගන්න ගිහින් ගොතපු අමුලික බොරුවක් මේක කියල මෙතන කියනවා
https://www.facebook.com/watch/?v=1514900339472192
ජොබ් එක කරන අතරේ ඒ වගේ එන feedback තමා ජොබ කරන වෙලාවේ අපිව සතුටින් තියන්නෙ හිටං. මේවා ඉතීම් ethics තමා!
ReplyDeleteඔව් ඔව්
Delete