Sunday, 11 May 2025

දැරියගේ කතාව , පොඩි ඡන්දය සහ බීච් ක්ලීනින්


දැරියගේ කතාව:
  පහුගිය දවස් වල ආන්දෝලනයක් ඇතිවුනා නේ දැරියක් සියදිවි හානි කර ගැනීම නිසා .  ඒකෙදි මමත් හුඟක් පෝස්ට් ෂෙයාර් කළා ෆේස්බුක් එකේ සහ එංගලන්තයේ මාලිමාවට සහයෝගය දක්වන ලන්ඩන් කණ්ඩායමක් එක්කත් .  මට අවශ්‍ය වුනේ සිද්ධියට අදාළ ගුරුවරයා තවමත් උගන්වන එක වැරදි බව  කියන්න .  දෙවන ගුරුවරයා ළමයා ට ප්‍රසිද්ධියේ ආමන්ත්‍රණය කිරීම  වැරදි බව කියන්න .  සරෝජා පෝල්රාජ් ඇමතිතුමිය ගේ පෙත්සම් කතාව වැරදියි කියලත් කීව.    ඉන්පසුව ඇත්තටම දැන ගන්න ලැබුන එයා එහෙම කතාවක් කියල නැහැ කියල . එයා ඇත්තටම කියල තියෙන්නේ ඒ වෙලාවේ උද්ඝෝෂණය කරලා පෙත්සමක් භාර දෙන්න යන එක ගැන .  ඒකට එන්න කියල . හැබයි එයා ළමයට මානසික ප්‍රශ්නයක් හෙවත් විශාධියෙන් පෙළුණු බවක් කියල තියෙනවා .  ඒකනම් අනවශ්‍ය ප්‍රකාශයක් .  

 ආයතනයේ හිමිකරු එහෙම දෙයක් කියල නැහැයි කියලත් කියනව .  





මෙතැනදී දෙපිරිසක් හරිම අසාධාරණ විධිහට හැසිරුනා .  පළමුවෙනි  කොටස තමා  විපක්ෂයේ ඇතැම් පක්ෂ , මන්ත්‍රීවරු සහ දෙරණ ඇතුළු රජයට විරුද්ධ ජන මාධ්‍ය .  ඔවුන් පෝල්රාජ් මහත්මියගේ කතාව විකෘති කරලා පල කරලා  මිනිසුන් නොමග යවා තිබෙනවාට අමතරව මේ ගැහැණු ළමයාගේ සිද්ධිය අරගෙන ආණ්ඩුවට ගහන්නත් උත්සාහ කළා .  
ඒකෙන් වුනේ ඒ මියගිය ළමයා තවත් අපයෝජනයට පත් කිරීමක් .  

ඒ නිසාම ඇතැමුන් සාධාරණ  ලෙස අහල තිබුන මුස්ලිම් දේශපාලනඥයෙකු ගේ නිවසේ දී ගිනි තබාගෙන මියගිය දැරිවිය ට සාධාරණයක් ඉටු කලාද කියල .  (මම හිතනවා ළමා ආරක්ෂණ අධිකාරිය ඒ ගැන හොයන්න ඕනේ කියල)   

දෙවන කොටස තමා මාලිමාවට සහයෝගය දක්වන ඇතැමුන් .  අර යුටියුබ් කරුවෙක් දළඳා ප්‍රදර්ශනේ අතරතුර ජනාධිපති සහෝදරයා පිලිබඳ වංශ කුල කතාවක් ඇදල ගත්ත නේද ?  ඒ වගේ මේ මාලිමා ආධාරකරුවන් මේ සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කරන අප වගේ අයටත් පහර ගහන්න ගත්ත .  ආණ්ඩුව බේරා ගන්න .  ඒ අයට හිතෙන්නේ නැහැ ඒකෙන් වෙන්නේ ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිස් කළකිරෙන බව . 

කොහොම හරි දැන් තත්වය ආණ්ඩුව නිරවුල් කර ගෙන තිබෙනවා .  අගමැතිනි හරිනි අමරසූරිය සහ පෝල්රාජ් ඇමතිවරිය එකතු වෙලා සිද්ධිය සම්බන්ධ ආයතන තුනම එකා බද්ධ කරල තිබෙනවා .  අධ්‍යාපන අමාත්‍යංශය, ළමා රක්ෂණ අධිකාරිය සහ පොලිසිය .  බ්‍රිතාන්‍යයේ වුනත් මේ ආයතන එකට වැඩ කරන්නේ  නැති වුනහම ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා .  අර ගුරුවරයා මැයි 9 වෙනදා  සිට අනිවාර්ය නිවාඩු යවල තියනව. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි. පෝල්රාජ් ඇමතිතුමිය ඉල්ලා අස්වෙන්න කිසිම අවශ්‍යතාවයකුත් නැහැ . මේ ගැන පෝස්ට් ෂෙයාර් කරන අය  උද්ඝෝෂණය කරන අයට අවශ්‍ය වුනේ ඇක්ෂන් ගැනීම මිසක් ආණ්ඩුව පෙරලන්න නොවන බව විපක්ෂයේ ඇතැම් හොරගෙඩියන් ටත් මාලිමාවේ ම ඇතැමුන්ටත් තේරිලා නැහැ .  

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන ඉතා වැඩියි කියන එක මේ බ්ලොගයේ මිට කලිනුත් ලියල තියනව .  වසරකට විසිදාහක් පමණ .  සියදිවි හානිකරගත් නිසා මේ දැරිවියගේ කතාව එලියට ආව . නැතිනම් ඒකත් යට යනවා .  අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් වැඩ කරන විධිහ සහ පවත්නා  නීති පිළිබඳවත් ප්‍රශ්න පැන නැගිලා .  රජය ඒ ගැන ක්‍රියා කරන බව පේනවා .  ඒකට ස්තුතියි. 

විරුද්ධ පක්ෂ වලට කියන්න තියෙන්නේ ඔහෙලා බලයේ ඉද්දි මුකුත් කලේ නැහැ, ඒ නිසා සදාචාරාත්මක අයිතියක් වත් නැහැ විවේචනය කරන්න .  මේ 2022 වාර්තාවකින් උපුටා ගත්තක් .  මේකේ යොමුව යට ඇති . 
/Last year (2022), in Sri Lanka, in terms of incidents concerning children and the incidence of grave child abuse, there were cases of abuse (79); deaths (28); negligence (27); physical abuse (25); drug abuse (nine); abduction (seven); disappearance (four); three cases each of attempted murder, and being sold and trafficked; emotional abuse and trauma (two); one case each of an early marriage or forced marriage, and cyber bullying; and five cases of an unknown nature. //

පොඩි ඡන්දය - මේ ඡන්දේ ගැන ෆේස්බුක් එකේ ලිපි දැක්කම  ඇත්තටම හිනා ගියා .  නාමල් ට ලක්ෂ පහක වැඩි චන්දයක් ලැබීම උඩ දාන්නේ හරියට නාමල් මහා වික්‍රමයක් කළා වගේ .  එකම නගර සභාවක් වත්  පොහොට්ටුව  දිනලා නැහැ .  අන්න මාකටින්. සාමාන්‍යයෙන්  යුරෝපයේ වුනත් ඔය වගේ චන්ද වලට සෙනග යනවා අඩුයි .  පවතින ආණ්ඩු දිනන සම්භාවිතාවත් අඩුයි .  නමුත් වර්තමාන ආණ්ඩුව පැරදිලා නැහැ .  වැඩිම නගර සභා සහ ප්‍රාදේශීය සභා  කොට්ටාශ දිනලා තියෙන්නේ ඔවුන් .  ඕවරෝල් දිනා ගන්න බැරි තැන් තිබෙනවා.  ඒ සමහර තැන්වලත් වැඩි සභිකයන් ඉන්නේ ඔවුන්ට .  එනිසා ඒ පත්වුණා අයට ගමට ,  නගරයට සේවය කරල පෙන්වන්න හැකියාව තිබෙනවා .   අනික NPP හෙවත් මාලිමාවේ ප්‍රධාන පක්ෂය ජවිපෙ වුනාට සහයෝගය දෙන අය අතරේ පොහොට්ටුවෙන් ,  ශ්‍රී ලනිපෙන් ,  යූඇන්පියෙන් සහ වෙනත් පාවෙන චන්ද වලින් ආ අයත් ඉන්නව .  එනිසා ඔවුන්ට අනිත් තේරී පත්වුණු අය එක්ක සම්බන්ධ වෙන්න අමාරුවක් නැහැ.

යුඇන්පී එක සහ සජබ නැවත එකතු විය යුතුයි කියන එක නම් මේ චන්දෙ දීත් තහවුරු වුනු දෙයක් .  
පෙරටුගාමී සමාජවාදීන් ගේ දේශපාලන න්‍යාය හා භාවිතාවට මම විරුද්ධ වුනාට ඔවුන් දිනපු එකත් හොඳයි .  අඩු ගානක් වුනත් නගරය හා ගම ගැන හිතන ,  දූෂණ කරන්නේ නැති සෙට් එකක් එන එක හොඳයි . 
  
මට මෙතැන් තැන් දෙකක් ගැන හොඳ හැඟීමක් තියනව .  එකක් ආණ්ඩුවට අඩු වෙච්ච ඡන්ද ප්‍රමාණය .  ඒ ප්‍රමාණය නැවත  දිනා ගන්න ආණ්ඩුව වැඩ කරන්න ඕනේ. ඒ අනතුරු හැඟවීම දුන්න එක හොඳයි .  (එංගලන්තේ කියර් ස්ටර්මර් මත ඊයේ පෙරේද කෑවා කෑමක් පොඩි චන්දෙදි . ) 
දෙවැන්න, ලංකාවේ සාමකාමී මැතිවරණයක් තිබ්බේ .  යුරෝපේ වගේ. ඉස්සර වගේ ගැහැණු නිරුවතින් පාරේ ඇවිද්දන  ඒවා, විරුද්ධ පාක්ෂිකයන්ට වෙඩි තියන ඒවා වුනේ නැහැ. තොණ්ඩා කියන එකාගේ පෙළපාළියක් ගියා .  එපමණයි .  තොණ්ඩ ගෙන් ඒ අහිංසක මිනිස්සු ගලවා ගන්න ඕනේ. 
ඒ නිසා ලංකාවේ ජනතාවට ත් ආණ්ඩුවටත් මෙන්න අත් පොලසනක්. ජනතාව මේරූ මනසකින් කටයුතු කිරීම  දකින්නත් සතුටුයි . 
   
 ඇත්තටම පැරදිලා තියෙන්නේ විපක්ෂය .     

වෙරළ සුද්ධ කිරීම: 
මම වැඩ කරන ආයතනය The Access Group. ඉතින් අපට තියනව අවුරුද්දට එක දවසක් චැරිටි ඩේ කියල .  ඒ කියන්නේ ඒ දවස යොදා ගන්න පුළුවන් මොකක් හරි සහන සේවා සපයන පදනමකට උදව් කරන්න එදා දවස තුල .  ඒකට පඩි සහිත නිවාඩුවක් ලැබෙනවා .   අපේ කට්ටියක් තෝරාගෙන තිබ්බේ සමුද්‍ර සරන්ක්ෂණ පදනම .  (The Marine Conservation Society)  












වෙරළවල් පිරිසිදු කිරීම හේතුවෙන් සමුද්‍ර ජීවින් මෙන්ම වෙරළාසන්න ජීවීන්ද රැකෙනවා .  ඉතින් අපි කණ්ඩායමක්  Worthing වර්තින් වෙරළ සුද්ධ කරන්න ගියා .  ඔය පින්තූර වල තියෙන්නේ ඒ වෙරළ. 

අර ලංකාවේ රිලව් සංගණනය ට සෑහෙන විරෝධයක් ආව වගේම මිනිස්සු හිනා වෙන්න ගත්තනේ .  මම තැනදී ලීව කුරුල්ලන් වැනි සතුන් සංගණන වලට මම එකතු වෙලා තියෙනවා .  ඒවා යුරෝපයේ කරන දේවල් කියල .  නමුත් ඒකටත් සමහරු හිනා වුනා .  ඉතින් කොතරම් දුරට ලංකාවේ කරන්න පුලුවන්ද දන්නේ නැහැ. අපි පස් දෙන වශයෙන් කණ්ඩායම් වලට බෙදිලා සුද්ධ කලේ .  ඒ අතරේ අපට ෆෝම් දුන්න පුරවන්න .  පැන්සලක් එක්ක .  ඒකෙ අහුලන හැම කොලයක් ,  සිගරට් බට් එකක් ,  ලොලි පොප් කොට්ටක් ,  ප්ලාස්ටික් බෝතලයක් ,  චොකලට දවටනයක් ,  ටිෂු එකක් ගානේ ලියන්න ඕනේ .  අන්තිමට එකතු කරලා ටෝටල් එක දානවා .  මේ දත්ත ඉතා වැදගත් .  ඒ ඒ වෙරළ වල මොන කුණුද වැඩිය එකතු වෙන්නේ .  මොන දේවල් ද අයින් කරන්න ඕනේ ,  රජයමොන  ක්‍රියා මාර්ගද ගන්න ඕනේ වගේ දේට මේ දත්ත ඉතා වැදගත් .  ඇමෙරිකාවේ වෙරළවල් වල වැඩියෙන්ම එකතු වෙන්නේ සිගරට් බට් කියල දැන ගන්න ලැබුන . 


මේ දැන ගත්ත තව කරුණු කිහිපයක්.
විසි කරන වීදුරු බෝතලයක් දිරාපත් වෙන්න (decompose) ඒ කියන්නේ නැවත වැලි බවට පත්වෙන්න අවුරුදු මිලියනයක් විතර යනවා .   ප්ලාස්ටික් බෝතලයක්  (primarily made of PET polyethylene terephthalate) අවුරුද 450 යනව .  එතකොට පොලිතීන් බෑග් හරි කඩවල් වල දෙන බෑග් අවුරුද 20 සිට 1000 දක්වා යනව දිරාපත් වෙන්න .  ළදරුවන් ගේ නැපි එකක් දිරාපත් වෙන්න අවුරුදු 300-500 අතර යනවා .  ඇලුමිනියම් කෑන් එකකට අවුරුදු 80-200 තේ අතර කාලයක් .  අඩුම කාලය සිගරට් ෆිල්ටරයක් ,  අවුරුදු දහයක් විතර .  ප්‍රශ්නේ ඒක නෙමේ . අපි එකතු කරන මේ අපද්‍රව්‍ය නිසා මැරෙන මුහුදු ජීවින් ගණන් අති විශාලයි .  ඒ වගේම විශ්වයේ ඇති තරු ගණනට වඩා මුහුදු වල තියෙන ඉතා කුඩා මයික්‍රෝ සහ  නැනෝ ප්ලාස්ටික්  ප්‍රමානය වැඩියි . 

හිතා ගන්න පුලුවන්ද අප කරන විනාශය . 

ඉතින් අපි මිටර 200 ක වපසරියක් සුද්ධ කලේ .  කිලෝ 14 ක අපද්‍රව්‍ය ඒ ටිකේ තිබුන . 

එදා දවස හොඳ  දවසක් .  ලෝකයට සුළුවෙන් හරි යමක් කරන්න පුළුවන්  වෙච්ච එක . 
  

-කොළඹ ගමයා 2025-05-11

82 comments:

  1. දැරිය අපයෝජනය ගැන හොයලා පුංචි චන්දෙ දිනලා වෙරළ පිරිසිඳු වීම ගැන සතුටුයි

    ReplyDelete
    Replies
    1. හප්පා ඒක . දැලි පිහියක් මූණ දිගේ ඇදන් ගිය වගේ . තනි වාක්‍යයෙන් දීල තියෙන්නේ උපහාසය . 😁 ස්තූතියි ස්තූතියි , මම මේ දුවනව හැංගෙන්න

      Delete
  2. සුලුවෙන් හරි යමක් කිරීම මුකුත් නොකර ඉන්නවට වඩා වැදගත්. Hats off to Ajith and to your company.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. චැරිටි ඩේ කියල පඩි සහිත නිවාඩුවක් දෙන එකත් හොඳයිනේ. මේ මේ පොඩි පොඩි වැඩ ගැන ලියන්න හිතුව . කාට හරි හිතුනොත් . අර අපේ නිදි තුමා කරන උතුම් වැඩ වගේ

      Delete
  3. මෙවැනි අතවරවලට ලක්වන දරුවන්ගේ මානසික තත්ත්වය ප්‍රකෘතිමත් කිරීම සඳහා විධිමත් උපදේශන සේවාවක අවශ්‍යතාව පෙනෙනවා. ඒ ගැන ඔබ සිටින රටේ ක්‍රියාත්මක වෙන ආකාරය කියන්න පුළුවන්ද? ඡන්දය ගැනත් රජයේ ක්‍රියාකලාපය ගැනත් කියනකොට හිතෙන්නෙම රජයේ දේශපාලකයන්ගේ සන්නිවේදක හැකියාවන් දියුණුකිරීම සඳහා විශේෂ පාඨමාලාවක් අවශ්‍යබවයි.

    ReplyDelete
    Replies
    1. //ඡන්දය ගැනත් රජයේ ක්‍රියාකලාපය ගැනත් කියනකොට හිතෙන්නෙම රජයේ දේශපාලකයන්ගේ සන්නිවේදක හැකියාවන් දියුණුකිරීම සඳහා විශේෂ පාඨමාලාවක් අවශ්‍යබවයි.// හරියටම හරි . මම ඕක ගිය පාර ලංකාවට ගියේ වෙලෙත් දෙතුන් දෙනෙකුට කීව . ඒ වගේම මෙහෙ ඉහල ලෙවල් අයත් දන්නවා. ඒ නිසා සමහර අයගේ කතා සීමා කරලා තියනවා කියල දැන ගන්න ලැබුන . එහෙම සීමා කරනවට වඩා පුහුණුවක් දෙන එක තමා හොඳ .

      Delete
    2. //මෙවැනි අතවරවලට ලක්වන දරුවන්ගේ මානසික තත්ත්වය ප්‍රකෘතිමත් කිරීම සඳහා විධිමත් උපදේශන සේවාවක අවශ්‍යතාව පෙනෙනවා. ඒ ගැන ඔබ සිටින රටේ ක්‍රියාත්මක වෙන ආකාරය කියන්න පුළුවන්ද?// එංගලන්තේ හුඟක් දුරට පාසැල් වලින් දෙනවා උපදේශන සේවා . ළමයි ව තැන තැන ඇල්ලුවොත් ඒක වැරදියි කියන්න , වැඩිහිටියෙක් අනවශ්‍ය යෝජන කලොත් , ගෘමින් කියන්නේ මොකද්ද වගේ දේ උගන්වනවා . පොලිසියේ සහ ළමාරක්ෂක කාර්යාංශයේ උදව් දෙනවා . ලංකාවේ එක නේම් ප්‍රශ්නේ . දැන් මාලිමාව පෝල් රාජ් නේ අල්ල ගත්තේ . ඒ ළමයි . එයාගේ යාලුවෝ කතා නොකරන එක . ඉස්කෝලේ ගුරුවර ගුරුවරියෝ , විදුහල්පති හැසිරිච්ච විධිහ . ඇයි මේවා විවේචනය කරන්නේ නැත්තේ . ලංකාවේ පාසල් ගුරුවරුත් හදන්න ඕනේ නේද

      Delete
  4. පුංචි ඡන්දෙ අඩු ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණත්, අනුරට ඡන්ද ලක්ෂ 45ක් එනකොට, මහ මැතිවරණයට සාපේක්ෂව, ලක්ෂ 23ක අඩුවක්, ජනාධිපතිවරණයට සාපේක්ෂව ලක්ෂ 11ක අඩුවක්. සජිත් මහ මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ 3ක් වැඩි කර ගන්නකොට නාමල් බේබි ඡන්ද ලක්ෂ 6ක් වැඩි කරගෙන. ඊළඟ පළාත් සභා ඡන්දෙදි දැන් ගත්ත ඡන්ද ලක්ෂ 45, ලක්ෂ 30-35 සීමාවට බහින්න පුළුවන්. ඊට පස්සෙ මේ ආණ්ඩුවෙ ජනවරම ඉවරයි, ඊට පස්සෙ ඔය රාජ්‍ය නිළධාරීන්, පොලිසිය කවුරුත් වැඩ කරන්න බය වෙනවා. ව්‍යවස්ථා හදන ඒවා, ජනමත විචාරණ තියන ඒවා, system change කිරිලි කරන්න පුලුවන් වෙන්නෙ ආණ්ඩුවෙ ජනප්‍රියතාවය තියන පලවෙනි අවුරුද්දෙ, මේගොල්ලො හිතන් ඇති, අවුරුදු 5ක් තියෙනවනෙ කියලා, ඒත් චන්ද්‍රිකාට, යහපාලනේට, ගෝඨට, ඔක්කොටොම අවුරුදු 2 යනකොට කෙල වුණා, පාලිමන්ට් එකේ අවුරුදු 20ක් ඉඳලා අනුර ඉගෙනගෙන තියෙන්නෙ පච කෙලින්න විතරයි.
    තව එකක් කියන්න ඕනෙ, ඊළඟ ඡන්දෙ දිනන්න නම් අනුරට ක්‍රම දෙකක් තියෙනවා, පලවෙනි එක හොඳම එක, හොරු ඇල්ලීම, දඬුවම්දීම සහ හොරුන්ගෙ දේපල පවර ගැනීම, දීපු පොරොන්දු අනුව රට හැදීම. (බඩු මිල අඩු කිරීම, පඩි වැඩි කිරීම හෝ ජීවන වියදම අඩු කිරීම වගේ ප්‍රායෝගික නොවන දේවල් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ නෑ). දෙවෙනි ක්‍රමේ තමයි ලේසිම, මේ විධියටම පච කෙලමින් පිස්සු කෙලමින් යාම, හැබැයි නැවත 2029 වෙනතුරු ඡන්ද නොතියා ඉඳීම. පළාත් සභා පැවැත්වීමට පාර්ලිමේන්තු පණතක් ගේන්න ඕනෙ, ඒක පරක්කු කරමින් ඡන්දය පවත්වන්නෙ නැතුව ඉන්න පුළුවන්. ඊළඟ පළාත් පාලන නැවත එන්නෙ අවුරුදු 4කින්, ඒකත් අවුරුද්දකින් කල් දාන්න පුළුවන්. මීළඟ ජනාධිපතිවරණය 2029 පවත්වන්න තියෙන්නෙ. එතකොට ආයෙ ඉන්නෙ පුතාණෝ දෙන්නා, සජිත් සහ බේබි නාමල්, රනිල්ට වයස නිසා නැවත එන්නේ නැතිවේවි. නව නායකත්වයක් බිහි වෙන්න අවකාශයක් නෑ, ඒ නිසා ආයෙ, තුන් කොන් සටනකින් හා දෙවෙනි මනාපෙන් පච අනුරට ගොඩ යන්න පුළුවන්. ඊට පස්සෙ දිනපු ගැම්මත් එක්ක මහ මැතිවරණයෙන් 113 නිකන්ම ලැබෙයි. මේගොල්ලො මේක හොඳින් දන්නවා, ඒ හින්දා උද්දච්ච කුක්කුච්ච අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සෑහෙන දුරට හරි. අර මුලින් එකතු වෙච්චි පොහොට්ටු සහ යුඇන්පී කොටසක් ආපහු ගිහින් . නාමල් ගේ සජිත් ගේ ඡන්ද වැඩි වුනේ එහෙම කියා මම හිතන්නේ . //හොරු ඇල්ලීම, දඬුවම්දීම සහ හොරුන්ගෙ දේපල පවර ගැනීම, දීපු පොරොන්දු අනුව රට හැදීම.// මේ ටික කලේ නැත්නම් සෙත්තපෝච්චි තමයි. ඔයා විරුද්ධ වාදියෙක් නිසා පච අනුර කීවට කමක් නැහැ . මම කතා දෙක තුනක් හෙම අහල තියෙන්නේ . මටනම් මෑන් හොඳයි . එයාගේ කතා අහන්න කැමැතියි මම . ඒ වගේ දෙතුන් දෙනෙක් ඉන්නව . දීප්ති ගේ කතා අහන්න කැමැතියි. හර්ෂ ද සිල්වා ට කැමතියි.

      Delete
    2. මම අනුරගෙ විරුද්ධවාදියෙක් නෙවෙයි, අනුර ඇඩිලේඩ් ආපු වෙලේ, එයාගෙ කතා අහන්න ගියා, ප්‍රශ්න ඇහුවා, එයාගෙ වැඩ පිලිවෙලට මම කැමතියි. ලංකාවෙ ඉන්න අම්මා තාත්තගෙ, මල්ලිගෙ, බිරිඳගෙ පවුලෙ අයගෙ, තව යාලුවො කීප දෙනෙක් සහ ඒ අයගෙ පවුල්වලට කතා කරලා, අනුරට ඡන්ද අරන් දුන්නා. අපේ තාත්තා දැඩි මහින්දවාදියෙක්, ඒත් අනුරට ඡන්දෙ දෙන්න හිත හැදුවා. මට තියෙන ප්‍රශ්නෙ අනුරට විධායක ජනාධිපතිකමයි, තුනෙන් දෙකයි සේරම තියෙද්දිත්, වැඩේ කරන්නෙ නැතුව, පච කෙලමින් වටේ යන එක.

      Delete
    3. මම ලොකු දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ මම හිතන්නේ . ඒකනිසා තමා මට අවුලක් නැත්තේ . - පරණ සමාජවාදේ හෝ සරදියෙල් වාදය පිහිටුවන්නේ නැහැ කිව්වා . තවම නැහැ . එකට ජවිපෙ hard core ekata පෙසප වගේ පක්ෂ වලට ඒක අමාරු ඇති. පරණ ශ්‍රීලනිප ආණ්ඩු ක්‍රමයට ගියේ නැහැ. බුද්ධාගම හෙම විනාශ කරනවා , පන්සල් යන්න දෙන්න අනැහැ වගේ කතා චම්පික , සජබේ ඇතැම් අය කිව්වා . ඒවා වුනේ නැහැ. රනිල් ගේ ආර්ථිකය හදන ප්‍රතිපත්ති එහෙමං අරන් යනව . අයිඑම් එෆ් නය ටික ගන්නවා . විදුලිය ප්‍රයිවටයිස් කරන එක හිටලා තියෙනේ ඇතුලේ ප්‍රශ්න නිසා . ඊට අමතරව ඇමති මන්ඩලෙයි , නියෝජ්‍ය ඇමතිලයි අඩුයි . කෝටි ගානක් ආණ්ඩුවට ඉතුරුයි . අපි ඒ කාලේ ඉඳන් කීව දෙයක් . ඕක රනිල්ට කරගන්න බැරි වුන පොහොට්ටු සෙට් එක නිසා . ටුවරිස්ට් ලා එනවා . ආර්ථිකය සත්වර වේගන යන්නේ . ට්‍රම්ප් සහ බදු නිසා ටිකක අවුල් . නමුත් ගොඩ දාගන්න පුළුවන් . යුරෝපිය විධිහට මැතිවරණ . ඒ කාලේ ඉඳන් අපි කිව්වා ඇමති ලට මැතිවරුන්ට දෙන ඒවා වැඩියි , බස් කොච්හි වල පලයන් වගේ දේ . එහෙම කළා . කොටින්ම තමන්ට බෙදා ගන්න එක අඩු කරගෙන . ඉස්සර එහෙම තිබ්බේ නැහැ . අර අජපන් තානාපති හෙම කීව වගේ දුෂණ වංචා නැහැ . (තවම ) අර ඔයා කීව වගේ හොරු අල්ලන එක ටිකක් ඉක්මන් කළා නම් ආණ්ඩුව ගොඩේ ගොඩ . .

      Delete
    4. @ Robert

      ඔයා කියන මුල් කරුණු වලට එකඟයි, තාම ආණ්ඩුව පත් වෙලා මාස හතයි ඒත් අවුරුද්දක් විතර යනකොට ආණ්ඩුව දැඩිලෙස අප්‍රසාදයට පත්වෙන බවයි මට පේන්න තියෙන දේ මම ලංකාවට ගිහිල්ල ඇවිල්ල බලනකොට ගොඩක් දෙනෙකුට ආණ්ඩුව එපාවෙලා තියෙනවා තවම මාලිමාවට ඡන්දය දෙන අයට පවා ඒ ඡන්දය දීල තියෙන්නේ හිතවතුන්ට මොකද මේ වතාවේ මහනගර සභා ප්‍රාදේශීය සභා වලට ඉදිරිපත්ව සිටින මාලිමා අපේක්ෂකයෝ ඒ ඒ පලාත්වල ටිකක් ජනප්‍රිය දූෂිත නැති අය නිසා ඒත් මාලිමාවේ ඉහලම නායකත්වය විශේෂයෙන්ම අගමැතිනිය එහෙම රටතුල විහිලුවට ලක්වෙලා, ඇත්තටම අපිත් ජනාධිපතිවරණයේදී අනුර දිසානායක සහෝදරයාට ඡන්දය දුන්නේ ඒ charisma එකට ඒ වගේම දේශපාලන වශයෙන් NPP ආණ්ඩුව පීක් එකට ආවෙ ජනාධිපතිවරණය දි. ඊට පසුව 159 දෙනෙකු පාර්ලිමේන්තුවට ගිය මහමැතිවරණය නිකම්ම රැල්ලට ආපු flop එකක් විතරයි පැවැත්මක් එතන නෑ මාලිමාව දැන් කඩා වැටෙන ටර්න් එක පටන් අරගෙන. හැබැයි විකල්පයක් තවම පැහැදිලි නැති නිසා අවාසනාවන්ත ලෙස රාජපක්ෂලට රැල්ල ගහන්න පටන්ගෙන තියෙනව .

      මෙතන අවුල තියෙන්නේ හොඳ විකල්පයක් නැති කම, ඒත් ඒකට අලුත් නායකයෙක් විපක්ෂයෙන් මතුවෙන්න ඔ්න. ඒ නායකයාට එක්සත් ජනපදය භාරතය වගේ රටවල සහයෝගය ලැබෙන්න නම් "රනිල්ගේ" අනුමැතිය ලැබෙන්නත් ඕනේ. එක්කෝ රනිල් විශ්‍රාම අරගෙන ඔහුට එජාපය භාර දෙන්න හෝ එජාපය විසුරුවා හැර ඔහුට අලුතින්ම ගොඩනැගෙන්න ශක්තිය දෙන්න ඔ්න. මෙන්න මේ කරුණූ නොවෙනවනම් අලුත් නායකයට දුරක් යන්න බෑ... එහෙම වුණොත් අනුරලා අබිබවා ඉන්දීය ඇමරිකානු යුරෝපීය සහයෝගය සහ අනුමැතිය අනුග්‍රහය ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ වත් smooth විදියට මාලිමාවෙන් බලය හුවමාරුවකට ඉඩක් ලැබෙන්නෙත් නෑ

      එතකොට ඉතිරිවන එකම විකල්පය නාමල් වීම තමයි දැනට මට පේන්න තියෙන ලොකුම ප්‍රශ්නය. වහාම අපි අලුත් විකල්ප දේශපාලන නායකත්වයක් හදාගන්න ඕනේ

      Delete
    5. නාමලයා ට එන්න දෙන්නේ නැත . දකුණේ කියල සෙට් වෙන උන්ට නම් තව කමක් නැත

      Delete
  5. ++++++++++++++++++
    අර වෙරළ සුද්ධ කිරීම නියම වැඩක්.🙏👌💐

    ReplyDelete
  6. දැරියගේ සිද්දියේදී මුල්ම මාධ්‍යය සාකච්චාව තිබ්බේ ජෝශප් ස්ටාලින් සහෝදරයා, ලංකා ගුරු සංගමයේ. එතුමා මේ ආණ්ඩුවේ JVP පාර්ශවයේ ළඟම හිතවතෙක්. මේ සිද්දියේ මට තේරුම්ගන්න බැරි තැන එතනයි. ගුරු සංගම් නායකයා මාධ්‍යය සාකච්චාවට පෙර නිතිය මාර්ගයෙන් හෝ දේශපාලනික සම්බන්ධතා මාර්ගයෙන් වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරීමට උත්සහ ගත්තද දන්නේ නැහැ. එහෙම උනානම් මාධ්‍යය සදාචාරය ගැටළු හෝ පෝල්රාජ් හරිණි වැනි මාලිමා දේශපාලකයන්ට මහත්මීන්ට අපහසුතාවයන්ට ලක්වෙන්න සිදු වන්නේ නැහැ නේද? මීට වඩා යම් මැදිහත්වීමක් කරලා දෙමාපියන්ට උදව් කරන්න තිබ්බා. විපක්ෂයෙන් කරේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරපු එක නේද? ඔවුන් එයින් පිටත යම් විරෝධතාවක් දැක්වූවාද ? කොහොමටත් අපි තවම සියදිවිනසාගත් වින්දිත යන්ට හෝ ඔවුන්ගේ පවුල් වලට සාධාරණ සද්භාවයකින් යුතුව කටයුතු කරන්න අසමත්.
    පරිසරය සම්බන්ධව ඔබේ උනන්දුව අගේ කරනවා. 🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. ජෝශප් ස්ටාලින් ජවිපෙ හිතවතෙක් ? ඇහුවමයි ? 😀 ජෝසප් ස්ටාලින් ගේ ලංකා ගුරු සංගමය ජවිපෙට සහයෝගය දුන්නේ නැහැ . විජේවීර එක්ක වලියක් ගෙන අසූ ගණන් වල අයින් වුනා . මිනිහ මාලිමාවේ ඡන්ද වේදිකාවට නැග්ගේ නැහැ . දැන් එයා මාධ්‍ය සාකච්ඡාවක් කරල් ඕක ඇද්දේ අර මාලිමා අපේක්ෂකයා නිසා . එතනයි කැත වැඩේ . ළමය ගැන හරි ආදරයක් තිබ්බ නම් එයට කරන්න තිබ්බේ :
      එයාගේ සංගමේ සාමාජිකයෙක් වෙන ගුරුවරයාව එලවන්න
      2. විදුහල්පතිනියගෙන් අහන්න ඇයි ඒ ගුරුවය තියා ගත්තේ කියල . ඒ දෙකම නොකර මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ

      Delete
  7. දැරියගේ සිද්ධියෙදී මාලිමා ආධාරකරුවන් හැසිරුණෙ ටියුශන් කඩකාරයගෙ කිසිම වැරැද්දක් නැති විදිහට. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, තමන්ගේ පක්ශෙ එකා හින්දා හෝදන්න ගත්තා.

    ඒත් දැරිය සිය දිවි නසා ගන්න ආසන්නම හේතුව , ඔහු විසින් කරන ලද වාචික අපයෝජනයක්. චෝදනාව කරන්නෙ තෙවන පාර්ශවයකිනුත් නොව, දැරියගේ දෙමව්පියන්මයි.

    අනෙක් කාරණය ටියුශන් කඩකාඩයව හෝදන්න මාලිමා තමන්ගෙ නිල ෆෙස් බුක් පේජ් එකේ මුදල් ගෙවා බූස්ට් කරමින් කැන්වස් කලා. මේක හරියට මහින්ද කුඩු ලංසා බේරන්න හෙලිකොප්ටරයෙන් ගියා වගේ වැඩක්.

    පොල්රාජ්ගේ අසංවේදී කථාවත් , හරිම අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. මයියා මම මුලදී මාලිමා ගෘප් එකක් යමක් ලියල මට - ලඟදි මාලිමාවට හැරිච්ච බයියෙක් " කියල කෙනක් කීව. මම ගණන් ගත්තේ නැහැ . මයියාගේ අදහසේ මුලින් හිටියත් ඊට පසුව මා දැනගත් තොරතුරු අනුව: පෝල්රාජ් ගේ කතාවේ දෙරණ දාපු කොටස හිතා මතා වරදවා දාල තියෙන්නේ. ඔය මම වීඩියෝ එක අප්ලෝඩ් කළා . එදා තිබ්බ උද්ඝෝෂණ දී එයා ලා (දෙමාපියෝ ) පෙත්සමක් ලියන ඇවිත් . ඒක ගෙනත් දෙන්න කියල තමා කියල තියෙන්නේ . ඒ කොටස දෙරණ දැම්මේ නැහැ .
      //දැරියගේ සිද්ධියෙදී මාලිමා ආධාරකරුවන් හැසිරුණෙ ටියුශන් කඩකාරයගෙ කිසිම වැරැද්දක් නැති විදිහට. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, තමන්ගේ පක්ශෙ එකා හින්දා හෝදන්න ගත්තා.
      ඒත් දැරිය සිය දිවි නසා ගන්න ආසන්නම හේතුව , ඔහු විසින් කරන ලද වාචික අපයෝජනයක්. චෝදනාව කරන්නෙ තෙවන පාර්ශවයකිනුත් නොව, දැරියගේ දෙමව්පියන්මයි.// මේකත් ටිකක් වෙන්න වැරදි කතාවක් බව දැන ගන්න ලැබුන . දැන් පොලිස් පරීක්ෂණයක් යන නිසා ලියන්න බැහැ. දැරිය සිය දිවි නසා ගන්න ආසන්නම හේතුව ඒක වෙන්න පුළුවන් . ඒ කියන්නේ එහෙම හේතුවක් මේක ට්‍රිගර් කළා කියන්න පුළුවන් .
      නමුත් අම්මලා ඔය කියන කතාව , එයාලව කෝච් කරලා කියපු එකක් බවට චෝදනාවක් තියනවා නේද ? විපක්ෂයේ දේශපාලකයෙක් පිටිපස්සේ ඉඳගෙන . ඒ පන්තියේ ළමයි කියනව කීවට , ඒ පන්තියේ ළමයි දැන් කියන්නේ ටියුෂන් කඩ කාරයාගේ කතාව . (එයා එහෙම කියන්න කියලා කීවද දන්නේ නැහැ අනිත් ළමයින්ට . ) අර යෝෂිත කියන ටියුෂන් සර් නුත් ඊයේ නිදහස් වුනා නේද ? ළමයි කියා තියනව එයාලගේ කැමැත්තෙන් පහර දුන්නේ විහිළුවට කියල .

      Delete
    2. මම චුලානන්ද සමරනායක ගේ පොස්ටුවක් දාලත් කට්ටිය ඒකටත් බැන්න. චූල කියන්නේ මලිමාවට බැහැල වැඩ කරපු කෙනෙක් . මේ මම ලියපු ඔරිජිනල් පොස්ට් එක . මමත් වැරදියි මෙතන: //ටියුෂන් ආයතන හිමි කරුට මෙතැන මුකුත් කියන්නේ නැහැ අපි . විපක්ෂේ උන් ඒක භාවිතා කරනවා උන්ගේදේශපාලනයට . ටියුෂන් ආයතනයේ ගුරුවරයෙක් ළමයට පන්තිය මැද හිනා වුනා කියල කතාවක් යනවා. ඔයා නේද පොලිසියෙන් හෙව්වේ වගේ එකක් කියල. . ඒක හොයන්න කියන්න . නැතිව දෙමාපියන්ට පෙත්සම් අරන් එන්න කියන්න නෙමේ පිළිතුර .-තුෂ් වික්‍රමනායක ට අනුර ලන්ඩන් ආව වෙලේ කතා කරන්න දුන්න ළමා අපයෝජන වලට පියවරක් ගන්න කියල. බොරුනම් Darshana Hettiarachchi සහෝදරයාගෙන් අහන්න . ඔයාත් හිටියනේ ඒ රැස්වීමේ. එයාගේ දරුවට ගිය ආණ්ඩුවක් කාලේ වෙච්චි අපයෝජනයකට අදත් ඇක්ෂන් ඉල්ලනවා . මේ සිද්දියේ අවංකව නිහතමානිව පිලි ගන්න පෝල්රාජ් කීව කතාව වැරදියි . ඉතිරි ඒවා විපක්ෂ අතින් දාන ඒවා . නමුත් එතනට ගියේ ආණ්ඩුවේම වැරැද්දෙන් . ළමය අපයෝජන කරපු ගුරුවරයා වෙන පාසැලකට (ගිය ආණ්ඩුවෙන් ) දැමීම හරිද ? වැරදියි . මේ ආණ්ඩුවෙන් ඒකට ක්‍රියා මාර්ගයක් ගන්න ඕනේ . ඒකනේ මිනිස්සු ඉල්ලනේ. සුළු දේවල් ඔඩු දුවනකන් ක්‍රියා මාර්ග ගන්නේ නැහැ. ඊට පස්සේ බේරෙන්න මගුල් ලියනවා. දෙමාපියන්ට පෙත්සම් අරන් එන්න කියන්න නෙමේ පිළිතුර . අර අපයෝජන කරපු ගුරුවරයාගේ වැඩ තහනම් කරලා පරීක්ෂණයක් කරන්න ඕනේ විදුහල්පතින්ය ගැනත්. ටියුෂන් ගුරුවරයා කීව කතාව ගැනත්. නැතිව පොහොට්ටු එවුන් 100 දුෂණය කරපුව මෙතැන කියවල වැඩක් නැහැ. ඒකනේ මේ ආණ්ඩුව දිනුවේ

      Delete
    3. ඒකට මාලිමා ආධාරකරුවෙක් ගෙන් ලැබුණු පිළිතුර : //අජිත් සහෝගෙ කතාවෙ ඇත්තක් නැත්තෙ නෑ. හැබැයි සමහර දේවල් මාලිමාවට ටෙම්පරි කන්වර්ට් වෙච්ච ටිපිකල් බයියෙක්ගෙ කතාවක් වගේ. සමාවෙන්න ඕන වචන වලට. 🙏. ආණ්ඩුව සමහර තැන් වල ඇක්ෂන් එක ගන්න ප්‍රමාදයි වගේ පේනව. ඒකට දැනට තියන ප්‍රොසෙස් වල අවුලක් හෝ පිළුණු වෙච්ච ව්‍යවස්ථාවෙ අඩුපාඩු හෝ බලපාන්න පුලුහං. යම්දෙයකට ප්‍රොසෙස් එකක් හදනකල් හෝ අලුත් ව්‍යවස්ථාවක් ගේනකල් හෝ ඉක්මන් විසඳුමක් දෙන්න කලිං ආණ්ඩු වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අනීතික නියෝග දෙන්න හෝ ක්‍රියාත්මකවීමක් කරන්න npp ආණ්ඩුවට බැහැ. කලිං ආණ්ඩු කරපුව නොකරන්න නං මේ ආණ්ඩුව ගෙනාවෙ මේකටත් ඒක අදාලයි.

      සිද්ධිය වෙන්නෙ 2024 ඔක්තෝබර්. ඒ අතර කාලයේදි අතවරය සම්බන්ධයෙන් jmo වාර්තා අනුව පොලිසියට කරුණු දැක්වීම හරහා අදාළ පාසලේ ගුරා අත් අඩංගුවට ගන්න නීතිය ක්‍රියත්මක වෙලා තියෙනව. ඒ අතරෙ දරුව මානසික ප්‍රතිකාරත් අරං තියනව. මේ කෑගහන විපක්සෙ උන් අතවරයෙ ස්වභාවය ගැන මුකුත් කියන්නෙ නෑ. චූදිතයට ඇප ලැබෙන්නෙත් ඒ අනුවනෙ. නැත්තං ස්ත්‍රී හෝ ළමා දූෂකයෙකුට එහෙම ලේසියෙන් ඇප හම්බෙන්නෙ නෑනෙ. එතනින් පස්සෙ ඒ දරුවා සාමාන්‍ය තත්වයට පත්වෙන්න උත්සහ කරනව. නඩුව එහෙං යනව. ඉතිං සරෝජගෙ වැරැද්දක් නෑනෙ.ප්‍රශ්නෙ එන්නෙ දැරිය මොකක් හරි හේතුවකට සුයිසයිඩ් කරගන්න එකත් එක්ක ඇදුනු සංවාදෙකට පිළිතුරු සපයනකොට. ඒ වගේ සිද්ධි ඕන තරං රටේ සිද්ධ වෙනවනෙ. ඒ ගැන වෙනම විමර්ශන කරන්න ඕන. දැං මෙතනින් එහාට උපකාර පංතියෙ අයිතිකාරයා npp වෙච්ච එක උලුප්පගෙන දරුව මැරුණ කියන එක තනිකරම දේශපාලන අවශ්‍යතාවක්. සමහර විට දරුවගෙ දෙමව්පියො නෑදෑයො පිටිපස්සෙ මුජිබර්ල වගේ කුජීත වෙච්ච දේශපාලකයො ඉන්නවද දන්නෙ නෑ. මොනා උනත් අගමැතිතුමිය පැහැදිලිවම අද කිව්ව මේ සම්බන්ධව අදාළ පාර්ශව දැනුවත් කිරීමේ ලොකු අඩුපාඩුවක් පාසල පැත්තෙන් තියනව කියලත්. මොකද සිද්ධියෙ පලවෙනිම තැන එතනනෙ. විද්‍යා සිසුවිය දූෂණය කරල මරපු එකාව හිරේ දාන්න තියෙන කොට නිදහස් කරල රට පැටෙව්වෙත් මේ කෑගහන මුජිබර්ලගෙම ආණ්ඩු තියෙනකොට තමයි. 100 දූෂණය කරපු කතාවත් ඒවම තමයි. හැබැයි දැං ආණ්ඩුවෙන් ඉස්සර උන් කරපුව වෙන්නෙ නෑ කිහලත් සැරින් සැරේ මතක් කරල දෙන්නත් ඕන. නැත්තං ඔය ඉතුරුවෙලා ඉන්න තැරිදාර සජබයියො ඒවලින් තමයි මේ ජනතාවගෙ ආණ්ඩුවට ගහන්නෙත්

      Delete
    4. ළමයා අපයෝජනය කරලා ඉන් පස්සේ පොලසි අත් අඩංගුවට ගත්තට පස්සෙත් - ගුරුවරයා ගේ වැඩ තහනම් කානං අධ්‍යාපන අමාත්‍යංශ නීති වලට අනුව බැහැලු. විදුහල්පතිනිය එයාව තියාගෙන ළමයට යන්න කියල . පුදුම කැකිල්ලේ තීන්දුවක් නේ ඒකම. ඊට පසේ එයාගේ යාලුවෝ එයාව කොන් කරල . දෙවන පාසැලේ හොඳට සලකල . ටියුෂන් කාරයා කීව කතාව ගැන අනිවාර්යයෙන් හොයන් වෙනවා . එයා එහෙම කීව කියමු . "ඔය ළමයට පොලිසියෙන් ප්‍රශ්න කරලා තියනව . පන්ති එන්න එපා කියල ." මොන නීතිය යටතේ ද නඩු දාන්නේ ?

      Delete
    5. @ මයියා

      මෙහෙම කිව්වාට තරහ වෙන්න එපා අපි හැමෝම වැරදි දේ වැරදි ලෙස දකින්න පුරුදු වෙන්න ඕන නේද? ජවිපෙ මාලිමාව කරන හැමදේම 100% ක් හරි, සහ තමා කියන එක විතරක් හරි කියලා දඟලන එවුන් ටිකක් කියන මතය උඹලගෙනුත් prove කරගන්න ඉඩ තියන්න එපා.
      තමන් කැමති ප්‍රතිපත්ති තියෙන පක්ෂය වෙනුවෙන් පෙනීසිටීමට හැමෝටම අයිතිය තියෙනවා.ඒත් ටොයියෝ බයියෝ වගේ හංවඩු ගැහෙන්න ඕනි නෑ.

      අනිත් එක ළමා කාර්‍යංශයේ නිළධාරීන්ට ළමයෙක් ගැන හොයා බලන්න දෙමාපියන්ගේ ඉල්ලීම් අවශ්‍ය නෑ. අනෙක ලංකාවේ ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව අනුව ළමයින්ගේ අයිතිය තීරණය කිරීම බලය තියෙන්නේ දෙමාපියන්ට නෙමෙයි අධිකරණයට. ඒ නිසා දෙමාපියන්ට පැමිණ පැමිණිලි කරන්න කියලා කිව්ව කතාව මහ තුප්පහි අමන කතාවක්, මේකට වගකියන්න ඕන ළමා ආරක්ෂක අධිකාරිය ළමා හා කාන්තා කාර්යාංශය සහ ඒ සේරටම ඉහලින්ම සිටින අදාල අමාත්‍යාංශය හරි හමන් ලටක නම් මේ ඇමතිනිය ඉල්ලා අස්වෙන්න ඕනා, නමුත් ලංකාවේ ඉතින් සේරම ආණ්ඩු එකවගේ තක්කඩිනේ අන්තිමට අපිම පත් කරගත්ත ජාතික ජන බලවේගය ආණ්ඩුවත් පරණ හොරු ටික වගේමයි හැසිරීම අතින් ගත්තාම.

      Delete
    6. @ano //අනිත් එක ළමා කාර්‍යංශයේ නිළධාරීන්ට ළමයෙක් ගැන හොයා බලන්න දෙමාපියන්ගේ ඉල්ලීම් අවශ්‍ය නෑ. අනෙක ලංකාවේ ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව අනුව ළමයින්ගේ අයිතිය තීරණය කිරීම බලය තියෙන්නේ දෙමාපියන්ට නෙමෙයි අධිකරණයට. ඒ නිසා දෙමාපියන්ට පැමිණ පැමිණිලි කරන්න කියලා කිව්ව කතාව මහ තුප්පහි අමන කතාවක්,//
      ඔබේ කතාවේ වැරදි කිහිපයක් තිබෙනවා. ඇමතිනිය කියල නැහැ දෙමාපියන්ට පැමිණිලි කරන්න කියල. කොහෙද එයාගේ කතාවේ එහෙම තියෙන්නේ. මේක ඔයාල ගහන බොරුවක්.
      එංගලන්තයේ ඔය වගේ සිද්ධියක් වුනහම පාසලේ ගුරුතුමිය පොලිසියට සහ කවුන්සිල් (සමාජ සේවා ) එකට දැනුම් දෙනව. ඒ ගොල්ලෝ ඊට පස්සේ පරීක්ෂණ ගෙනියන්නේ. හැබැයි සමහර වෙලාවට දෙමාපියන් ගෙන් කෙනෙක් නම් අපයෝජන කරලා තියෙන්නේ වැරදිච්ච තැන් ගොඩක් තිබෙනවා. හොස්පිටල් අරන් ගියොත් ඩොක්ටර් වහාම සමාජ සේවා එකට දැනුම් දෙනවා. මගේ පොඩි එක වැටිලා අත පොඩ්ඩක් වැලමිට ලඟින් පතුරු ගිහින් බෙහෙත් දාන්න ගියහම් ඩොක්ටර් එහෙම කරල් තිබුන. ඊට පස්සේ ඒ ගොල්ලෝ ඇවිත් ප්‍රශ්න අහල සැහීමකට පත් වුනොත් යන්න දෙනවා.
      දැන් ඔය සින් එකේ වෛද්‍යවරයා නිවැරදිව පොලිසියට දන්නල. පොලිසියෙන් අරගෙන ඇප දීල. දැන් ආයේ පැමිණිලි කරන්න දෙයක් නැහැ.
      එය හිටිය පාසලේ ළමයි සහ ගුරුවරු හිනා වුනා කියල තියනව. විදුහල්පතිනිය ගුරුවරයා අස් කරනව වෙනුවට ලමයව අස් කරගෙන යන්න කියල දැන් ඒවා ඔක්කොම හොඳයි. ඇමැති වැරදියි. එයා කියපු එකම දේ පෙත්සම අරන් එන්න කියල, එදා තිබුණු උද්ඝෝෂණයේ. ඒකත් දෙමාපියන් අහපු නිසා.
      එයාගේ එකම වැරැද්ද හැටියට මම දකින්නේ විශාදයක් තිබුන කියල පාර්ලිමේන්තුවේ කියපු එක. එය ඒකට දැන් සමාව ඉල්ලලා.
      ඔයාල මේක දේශපාලන ෆුට්බෝල් එකක් කරගෙන ආණ්ඩුවට අකැමති නිසා. ලමයව ආයේ අපයෝජනය කරන්නේ ඔයාල. අර සජබ මන්ත්‍රී දෙමාපියන්ව කෝච් කරන්නේ ඇයි ,
      ගුරුවරය තවම සේවයේ සිටීම ආණ්ඩුවේ ආයතන වල වැරැද්දක්. ඒවා හදන්න ඕනේ. ඒවා අවුරුදු ගණන් තියෙන වැරදි.
      ළමා රක්ෂණ අ ධිකරයට වැඩ කරන්න නම් කවුරුහරි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ඕනේ. අධිකාරිය වැඩ කරන්නේ එහෙම. හුඟක් වෙලාවට, පොලිසිය, වෛද්‍යවරයා, ගුරුඅරු , ළමය හෝ දෙමාපියන්. නොදන්න දේවල් ඔයා ලියන්නේ

      Delete
    7. @ඇනෝ - මේ ක්ස් එකට මොකද වුනේ : හිටපු ජනපතිනි චන්ද්‍රිකා හරේන්ද්‍ර සහ ළමා අධිකාරිය ගෙනල්ල ගෙවල් වල වැඩ කාරකම් නැවැත්තුව කියල ලිපියක් ෂෙයාර් වෙනව දැක්ක . අවුරුදු 16 ළමයෙක් හැටියටද වැඩිහිටියෙක් හැටියටද ගණන් ගන්නේ . මේ ළමය ගෙනත් තියෙන්නේ ගෙදර වැඩ කාරකමට ඊට දු වයසේදී . එතකොට චන්ද්‍රිකා ?? - ළමයගේ නම ජූඩ් කුමාරි . ගිනි තියාගෙන මැරුණා . ඔප්පු වුනා අවුරුදු ගානක් අපයෝජන කරලා කියල . ෆේස්බුක් බලකාය ක්‍රියාත්මක වුනාද ඒ කාලේ ? දැන් මේ නඩුවට මොකද වුනේ ?

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. පෝස්ට් කරන්න අමාරුයි ලින්ක් එක : Justice For Ishalini : Rishad remanded, wife & father-in-law granted bail

      Delete
    10. මෙන්න මේක තමාම මම ප්‍රශ්න කරන්නේ . ජෙප්පා වැරැද්දක් අක්රනම පොරට නඩු දාමු . මොකද්ද දාන නදුව් . එයා කීව කතාවකට ළමය සියදිවි නසා ගත්ත කියල මුජිබර් නුයි ඔයාලගෙයි පොයින්ට් එක එකනේ . නඩු දාල ඔප්පු කරන්න පුලුවන්ද කියල බලන්න . ර යෝෂිත කියන ටියුෂන් කරයාය් බේරුනා වගේ එයත් බේරෙයි . ප්‍රශ්නේ එකද ? විදුහල්පතිට දඬුවම් දෙන්නේ ඕනේ , මේ ආයතන තුන එක්කහු කරන්න ඕනේ . දනී හරිනි කලේ ඒක නෙමෙයිද ? අඩුපාඩු වුනා කියල පිලි අරන් ළමා අධිකාරියයි . . අධ්‍යාපන අමතයන්ශයයි පොලිසියයි එකතු කළා . ඒක කලාට පස්සේ උඹල මේ කියන කතා නිකන් පුහු දේශපාලන කතා . බයට කියන ඒවා .

      Delete
    11. අර ඇමතියෙක් දැන් ඇතුලෙනේ. ඒ අමතියනේ ඒ කාලේ ළමා නිසසෙකින් ළමයි ඇද්දේ දේශපාලකයන්ට . දැන් හැමෝම රත් වෙලා ඉන්නේ ඌ වමාරයි කියල. අපරාදේ කියන්න බැහැ ගෝඨාභය ජනාධිපති විතරයි ඌටයි පුතාටයි පුකට පයින් ගහල පැන්නුවේ. මොකද ගෝඨා ඌ ගේ සර්විස් ගත්තේ නැති නිසා. නමුත් පොහොට්ටුවේ සෙට් එක අමතියව් ආරක්ක් නිසා ගෝඨා එතනින් එහාට ගියේ නැහැ. දැන් මේ සීන් එකට දේශපාලන ඇවිස්සිමක් කරන්නේ අරක් අයින් කරගන්න කියල තමා හිතෙන්නේ. එතැන වැල වගේ ඇදෙන කේස් එකක් නේ තියෙන්නේ.
      අර හරිනි කීව වගේ ලංකාවේ ලිංගික සේයා සපයන ස්ථාන නිත්‍යානුකුල කරලා, ඔය පොලිසියෙන් පනින ඒව නැවත්තුවම ඉවරයි. පන්සල්, පල්ලි වලට යන ළමයි ටිකයි ටියුෂන් යන ළමයි ටිකයි බේරෙනවා. අර නවක වදේ දෙන ලිංගික ඇරියස් තියෙන පොරවල් වලට වුනත් ගියහැකි.

      Delete
  8. දැරියගේ සිද්ධියෙදී මාලිමා ආධාරකරුවන් හැසිරුණෙ ටියුශන් කඩකාරයගෙ කිසිම වැරැද්දක් නැති විදිහට. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, තමන්ගේ පක්ශෙ එකා හින්දා හෝදන්න ගත්තා.

    ඒත් දැරිය සිය දිවි නසා ගන්න ආසන්නම හේතුව , ඔහු විසින් කරන ලද වාචික අපයෝජනයක්. චෝදනාව කරන්නෙ තෙවන පාර්ශවයකිනුත් නොව, දැරියගේ දෙමව්පියන්මයි.

    අනෙක් කාරණය ටියුශන් කඩකාඩයව හෝදන්න මාලිමා තමන්ගෙ නිල ෆෙස් බුක් පේජ් එකේ මුදල් ගෙවා බූස්ට් කරමින් කැන්වස් කලා. මේක හරියට මහින්ද කුඩු ලංසා බේරන්න හෙලිකොප්ටරයෙන් ගියා වගේ වැඩක්.

    පොල්රාජ්ගේ අසංවේදී කථාවත් , හරිම අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. පෝල්රාජ් ගේ කතාවේ එක ඔට්සක් හැරෙන්න් අනිත් ඒවා අසංවේදී උනේ කොහොමද ? වින්දිතයා වැරදි කරු කලේ හිටපු පාසලේ ළමයි . ගුරුවරු සහ විදුහල්පති නෙමයිද ? දිවි නසා ගන්න කියන එකට අසන්න හේතුව කියල එකක් තිබෙනවද ? ඔය මිනිහා එහෙම කීවද නැත්ද කියන එකත් disputed නේ . මුජිබර් රහමන් සහ දෙමාපියන් ඒක කීවට ඒ ටියුෂන් පන්තියේ ළමයි ඒක කියන්නේ නැහැ . මිනිහ හුඟක් වෙලාවට ඒකෙන් බේරෙයි . විදුහල්පතිනිය අස් කරන්න ඕනේ නැත්ද ?

      Delete
    2. මේ තියෙන්නේ පෝල්රාජ් ගේ කතාව . දැන් මේක කියන්නේ පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස . පාර්ලිමේන්තුවේ ප්‍රශ්නය අහන්නේ අර ටියුෂන් කඩ කාරයා හෙවත් මාලිමා අපේක්ෂකයා සම්බන්ධයි කියල දන්නා නිසා . දැන් මේ කතාවේ වැරදි තැන මොකක්ද මානසික විශාධිය ගැන සඳහන ඇරෙන්න . ළමා රක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ඕනේ එයාල පරීක්ෂණ කරන්න නම් . පොලිසියේ පරීක්ෂණයක් තියෙනවා , අර ඉහල ඇනෝ clearly වැරදියි . ළමා රක්ෂණ අධිකාරිය කියන්නේ කඩා පනින හමුදාවක් නේම් . දැන් ආර නිත් ටියුෂන් සර් අත් අඩංගුවට අරන් තියෙන්නේ කෙනෙක් කෝල් කරලා කිව්වහම . https://www.youtube.com/watch?v=Yx2Ud7m2dTU

      Delete
  9. කොහොම උනත් හොද දෙයක්

    ReplyDelete
  10. //මිනිස්සු හිනා වෙන්න ගත්තනේ//
    හ්ම්... ඒකෙන්ම පේනවා පරිසරය සුරැකීම ගැන අපේ අයගෙ තියෙන ආකල්පය.

    //..මිටර 200 ක වපසරියක් සුද්ධ කලේ . කිලෝ 14 ක අපද්‍රව්‍ය ඒ ටිකේ තිබුන//
    ඔය වගේ රටකත්, අපද්‍රව්‍ය වෙරලට දාලා එන නරුමයො ඔච්චර ඉන්නවා කියන එක දැකලා පුදුම හිතුනා. මේක පාලනය කරන්න, සමාජය සහ නීතිය දෙකම ඇවසි වෙනවා කියලයි හිතෙන්නෙ. අපේ සාවියෙ කඩවල නිකං ප්ලාස්ටික් බෑග් දෙන එක තහනම් කලා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු දේපාලන ආකල්ප වලින් බලන්නේ . බසු සමහර අපද්‍රව්‍ය මෙහෙ මිනිස්සු දානවටත් වඩා මුහුදෙන් ගහගෙන එන ඒවා. හැබැයි සමහරු ඔය පාටි මූඩ් එකේදී කන බොන දේ එතනම දාල යනවා . හැබැයි මේ කතාව වැරදි වෙන්න පුළුවන් මෙහෙම කියන එක . බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි එවුන් කුණු දානවා නම් අඩුයි. ටුවරිස්ට් ලාත් හුඟක් වෙලාවට ඕක කරනවා .

      Delete
    2. අජිත් අයියේ ඉන්දියාවේ නම් කඩවල පොලිතීන් බෑග් දෙන්නේ නෑ කඩදාසි බෑග් එහෙම වෙනම මිලදීගන්න ඕනේ මම පූනේ මුම්බායි මහාරාශ්ට්‍ර වල අත්දැකීමෙන් කියන්නේ වෙන පලාත්වල තත්ත්වය පිළිබඳව හරියටම කියන්න දන්නේ නෑ දැන් ලංකාවේ පහුගිය දවස්වල කරපු clean Sri Lanka එකෙන් ඔයවගේ දේවල් කළාද කියල විස්තර හොයලා බලන්න, අපට social media වල නම් පේන විදිහට වැඩේ අසාර්ථක වෙලා බවයි මට හිතෙන්නේ

      මම දාර්ශනික කතා විශේෂයෙන්ම අනුර කුමාර, දීප්ති කුමාර ගුණරත්න පාටලී චම්පික ප්‍රබුද්ධ සාකච්ඡා සහ සේපාල් වගේ අයගේ කතා අහන්න ආසයි

      සේපාල් මේ ක්ලිප් එකේ ටිල්වින් සහොදරයා ගැන කරන විවරණය කුමුදේශ් එක්ක කියන කතාව ගැන ඔයා හිතන්නේ මොකද ඇත්තටම?

      https://m.youtube.com/watch?v=26n0ONjwcd4

      ඒ වගේම ලංකාවේ ආර්ථිකය ඉදිරි මාස කිහිපය තුල අර්බුදයක් නිර්මාණය වෙන බව කියන මේ කතාව ඇත්ත වෙන්න ඉඩ තියෙනව ද?

      https://m.youtube.com/watch?v=IEMHErkXzBQ

      මේ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද ඔයාට?

      Delete
    3. එංගලන්තේ දෙන්නෙත් නැහැ . සල්ලිවලට ගන්න ඕනේ. තුර්කි කඩවල උන් ඒ නිතිය ගණන් ගන්නේ නැහැ හැබැයි . ක්ලීන් ශ්‍රී ලංකා එක ගැන දන්නේ නැහැ හරියටම . සේපාල් අමරසිංහ කියන එකා කියන දේවල් කවදාවත් ඇහුවේ නැහැ . ජෙප්පන්ට සහය දෙන කාලෙ පවා ඇහුවේ නැහැ . දීප්ති සහ දීප්තිගේ බිරිඳට මහා ජරා කතාවක් කියල තිබ්බ ඔය මනුස්සය . කොහොමත් මම යුටියුබ් කාරයන් ගේ ඒවා අහනව අඩුයි . ටිල්වින් ගැන ඕන දෙයක් කියපු දෙන් . ඒ මනුස්සය ඕව ගණන් ගන්නේ නැහැ .

      Delete
  11. https://en.wikipedia.org/wiki/Glass_Beach_(Fort_Bragg,_California)

    ReplyDelete
    Replies
    1. @ Pra Jay

      කැලිෆෝර්නියාවේ ග්ලාස් බීච් එක ගැන කමෙන්ට් එකක් ලියනවානම් මට කෙටියෙන්ම කියන්න පුළුවන් "වාව්! 🤩"

      මොකද කැලිෆෝර්නියාවේ ග්ලාස් බීච් එක ඇත්තටම පුදුම සහගත තැනක්! මුළු වෙරළ තීරයම පාට පාට වීදුරු කැබලිවලින් පිරිලා තියෙනවා දැකීම හරිම ලස්සනයි. මේක පරිසරයට මිනිස්සු කරපු හානියක ප්‍රතිඵලයක් වුණත්, දැන් ඒක හරිම අද්විතීය දසුනක්. කවුරුහරි කැලිෆෝර්නියාවට ගියොත් අනිවාර්යයෙන්ම මේ වෙරළටත් ගිහින් එන්න. ඒ අත්දැකීම හරිම අපූරුයි!

      ඊළඟට ලංකාවේ දේශපාලනය ගැන විස්තර කරද්දී කීර්ති ශ්‍රී අබේසිංහගේ වැළපිල්ල දැක්කාම මට මහත් දුකක් දැනෙනවා, එම වාග්ලාපයෙන් කියවුණේ JVP-NPP මධුසමයේ අවසානයත් මාලිමා ආණ්ඩුවේ අනුකම්පා සහගත අසාර්ථකත්වයත් පූර්ණකාලීනව වැඩ කරන NPP එකේම ඇතුලේ ඉන්න ජවිපෙ කාඩරය විසින් ඔහුට එල්ල කර තිබෙන දැඩි පීඩනය ගැන බව තේරෙනවා, හැබැයි ඒක ජවිපෙටත් යස පාඩමක්. තම පක්ෂයේ දේශපාලන මතවාදය සහ සංස්කෘතිය නොහඳුනන අපරිණත අහංකාර චූ කොල්ලන් සිය දේශපාලන ව්‍යාපාරයේ මහජන මුහුණ කර ගැනීම ඉතාම අඥාන ක්‍රියාවක්.

      මම නිතරම කියන විදියට ඕනෑම දේශපාලන ව්‍යාපාරයක එම ව්‍යාපාරයට වඩා පුද්ගල චරිත ලොකු වෙන්නට ඉඩ නොදිය යුතුයි. එසේ ලොකු වෙනවා නම් ලොකු වීමට හැක්කේ ලින්කන් වගේ අසහාය නායකයන් පමණී.

      ලංකාවේ දේශපාලනය තුල ලොකු පොරක් වූ මැදමුලන නාකි මයිනා වූවත් පළමු වරට පාර්ලිමේන්තු ආවේ 70 දශකයේ අපරිණත මදාවි පොඩි කොල්ලෙක් ලෙසයි. ඔහුට පලමු වරට ඇමතිකමක් ලැබෙන්නේ ඉන් වසර 24 ට පසුවයි. ඔහු ජනාධිපති වෙන්නේ තවත් වසර 10 ට පසුව ය!! දේශපාලන චරිතයක් වීමට අඩුම තරමින් වසර විස්සක් තිහක්වත් සක්‍රීය දේශපාලනය කළ යුතුයි. මහපොළොවට දැනෙන වැඩ කන්දරාවක් කළ යුතු ය. එවිට ඔබට legitimate දේශපාලන චරිතයක් විය හැකියි. නමුත් එය වුණත් අවසානයේ තම දේශපාලන ව්‍යාපාරයේ බිඳ වැටීමට හේතු විය හැකියි මයිනා සහ පවුලට වුණා වගේ.

      චතූ අබේ හිතුවේ ඔහු ටිල්වින් සහෝදරයාටත් වඩා ලොකු පොරක් කියලයි. සමහර අවස්ථාවල ඔහු රැඟුවේ අනුරටත් වඩා පොරක් ලෙසයි. දැන් වුණත් ඔහු ඔහුගේ පරණ පෝස්ට් මකන්නේ නැතුව දඩබ්බරව ඉන්නේ අනුරට අභියෝගයක් ලෙසයි.

      ඒ අනුව එවැනි චරිතයකට මේතරමට පිම්බෙන්නට දීම ටිල්වින් සහෝදරයාගේ මනුස්සකම. එක්කෝ බලය ගත් වහාම එවැන්නවුන් නිහඬ කර පැත්තකට කළ යුතුයි. එසේ නොකිරීමෙන් මාස හයක් තුළ මාලිමා ආණ්ඩුවට වූ හානිය දැන් හැදිය නොහැකියි.

      එක්කෝ ටිල්වින් කළේ අබේසිංහ වැන්නවුන් නිරාවරණය කිරීමකි. අලි වන්සෙන් ඉන්න වැඩ බැරි උන් ටිකට ඇමතිකම් දී ඔවුන් ජනතාව ඉදිරියේ විහිළුකාරයන් කළා විය හැකි ය. අබේ බේබිගේ විලාපය පුරාම තිබුණේ තමාගේ තැන බේරා ගැනීමට දරන අනුකම්පා සහගත ප්‍රයත්නයකි. එයින් පෙනෙන්නේ ජවිපෙ මධ්‍යය විසින් NPP ඔළුබක්කන් දැඩි ලෙස ප්‍රතික්ෂේප වෙමින් තිබෙන බවය.

      දැන් දැන් චතූ අබේ වෙනුවෙන් ඔහුගේ හැත්තෑ දහසක ෆේස්බුක් බලකාය පෙනී නොසිටිති. මෙයින් අබේසිංහට හොඳම පාඩමක් උගත හැකි නම් අපේ අරමුණ වන්නේ එයයි.

      Delete
    2. ප්‍රාජේ ස්තුතියි ලින්ක් එකට . දැනන් හිටියේ නැහැ . ඒ කලේ සෝවියට් දේශය , ඇමෙරිකාව සහ චීනය තමං වැඩිපුර ම පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරිය රටවල් . දැන් කොහොමද දන්නේ නැහැ

      Delete
    3. @ඇනෝ ඔය ෆේස්බුක් ඇවිල්ල අඬන එකනම් හෙන ගොන් . මම වගේ තරහින් උත්තර දීල තරහ කර ගත්තාම හරි 😁

      Delete
    4. https://www.beachcombingmagazine.com/blogs/news/beachcombing-in-russia-s-wild-wild-east-vladivostok-s-glass-beach?srsltid=AfmBOorLlTJttPepzA_H2H-DvwoPSVI10UhlmgP6Xni2iZwk8ZPQn_o9

      Delete
  12. @ අජිත් මාතෘකාවෙන් ටිකකට වෙනස් දෙයක් අහන්න තියෙනවා විදුලි බල ක්ෂේත්්‍රය ගැන දන්න නිසා විදුලි බල මණ්ඩලය ලැබූ රුපියල් බිලියන 150ක ලාභය පිල්ලි ගැහුවේ කවුද කියල පැහැදිලි කරන්න පුළුවන්ද?

    මොකද 2023 සහ 2024 වසර දෙකේ විදුලි බල මණ්ඩලය ලැබූ රු. බිලියන 151ක ශුද්ධ ලාභයට කුමක් වූවාදැයි ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කාලය එළැඹ තිබේ.

    පසුගිය වසරේ දෙකේ මෙහෙයුම් ලාභය රු බිලියන 295 වූ අතර ඉන් ගෙවිය යුතු ණය, පොලී සහ අනෙකුත් ගෙවීම් සිදු කිරීමෙන් පසු මණ්ඩලය ලැබූ ශුද්ධ ලාභය රු: බිලියන 150ක් විය.

    දැන් මාලිමා ආණ්ඩුව සහ විදුලි බල මණ්ඩලය එක මිටකට සිට ගනිමින් පවසන්නේ, මණ්ඩලය පාඩු ලබන නිසා විදුලි ගාස්තු වැඩි කිරීමක් අත්‍යාවශය බවය.

    එසේ පාඩු වන්නට මේ රු: බිලියන 150ට මොකද? වුණේ කියා සෙවිය යුතුය.

    * හොරකම් කළාද?
    * අනුමැතියකින් තොරව වියදම් කළාද?
    * නාස්ති කළාද?
    * සැඟවූවාද?

    මෙය මේ මොහොතේ පුරවැසියන් ලෙස අප ප්‍රශ්ණ කළ යුතු කාරණයක් වේ.

    මාලිමා ආණ්ඩුව ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව වුණේ, රු: 9000 බිල රු: 6000 දක්වාත්, රු 3000 බිල රු: 2000 දක්වාත් 30% විදුලි බිල අඩු කරන බවය.

    එහෙත් බලයට පත්ව මාස 7 ගෙවුණු ආණ්ඩුව දැන් විදුලි බිල වැඩි කළ යුතු බව කියමින් බොර දියේ මාළු බාන්නේ IMF කොන්දේසියක් ඉදිරියට දමමින්ය.

    එහෙත් මේ ආණ්ඩුව සිදුකරගෙන යන, පුරවැසියා ගොනාට ඇන්දීමේ සූත්‍රය හෙළිදරව් කිරීම අපගේ වගකීමක් නිසා සත්‍ය අප පෙන්වා දිය යුතුමය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු අවස්ථාවක විදුලි ගාස්තු වැඩි කරන ලෙස සඳහන් කර නොමැති අතර ඔවුන් පවසා ඇත්තේ, විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන්නේ නම් එහි පාඩුව විදුලි පාරිභෝගිකයින්ගෙන් හෝ බදු ගෙවන්නන්ගෙන් අයකර ගන්නා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවය.

    නැතිනම් එම ආයතනය රජයට බරක් වීමෙන්, අනාගතයේදී රාජ්‍ය පාර්ශවයෙන් බදු වැඩි කිරීමක් හෝ ණය නොගෙවා සිටීමක් සිදු කිරීමට හේතු වනු ඇති බවය.

    මුදල් අමාත්‍යාංශය සහ විදුලි බල මණ්ඩලය IMF පිටින් දමා විදුලි බිල වැඩි කිරීමට සරසෙන්නේ ඒ නිසාය.

    දැන් පුරවැසියන් ලෙස අපට පැන නගින ප්‍රශ්ණය ඉතා සරළය. 2023 සහ 2024 වසරේ ලැබූ මෙහෙයුම් ලාභය මේ වසරේ නොලැබීමට හේතුව කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ මටනම් මේකට පිළිතුරු දෙන්න දන්නේ නැහැ . ඒ දවස් වල දන්නා සාමාන්‍යධිකාරී කෙනෙක් හිටිය . එයා දැන් විශ්‍රාම ගිහින් . හොඳ ප්‍රශ්නයක් . අනිවාර්යයෙන්ම ආණ්ඩුව පිළිතුරු දිය යුතු එකක් .

      Delete
    2. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කරන්න මේ ආණ්ඩුවටත් ඕනේ ඇති

      Delete
  13. අනෙක අජිත් ලංකාවෙ සාමාන්‍යයෙන් විදුලි බිල සෑම වසරකම ජනවාරි සහ ජුලි මාසයේ සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසමට බලය ඇත්තේය.

    ඔවුන් එය සිදු කරන්නේ, විදුලි බල මණ්ඩලය ඉදිරි මාස 06 සඳහා ඇස්තමේන්තු කරන ජනන වියදම සමාලෝචනය කිරීමෙන්ය.

    පසුගිය සමයේ අපේ රටට වැස්සෙන් අඩුවක් නොවූ අතර, ඕනෑවටත් වඩා ජලාශ පිරී ඉතිරී යන තුරුම වර්ෂාව ඇද හැළුණේය.

    ඒ අනුව මේ මෙහොත වන විටත්, බලාගාර ආශිත ජලාශ වන, වික්ටෝරියා, රන්දෙණිගල, ලක්ෂපාන සහ මහවැලිය ආශ්‍රිත සෑම ජලාශයක්ම 70% - 80% අතර ජල මට්ටමක් පවතින්නේය.

    මහජන උපයෝගීතා කොමිසම ජනන වියදම ඇස්තමේන්තු කරන්නේ, ජල විදුලි නිෂ්පාදනය, සූර්ය බල නිෂ්පාදනය, සුළං බල නිෂ්පාදනය, ගල් අඟුරු නිෂ්පාදනය ගණන් බලා ඉන් හිඟවන ප්‍රමාණය ඩීසල් බලාගාරවලින් මිලදී ගන්නා ආකාරයටය.

    ඒ අනුව ඉදිරි මාස 06 සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමක් අවශ්‍ය වන බවක් පෙනෙන්නට නැත. එහෙත් මීට මාස කිහිපයකට පෙර වඳුරෙකු කරළියට ගෙන ආ විදුලි බල ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි ක්‍රම, ක්‍රමයෙන් සමාජ ගත කළේ, හිටි හැටියේ විදුලිය බිඳ වැටීමට හේතුව සූර්ය බලයෙන් නිෂ්පාදනය කරන විදුලිය පද්ධතියට එක්කිරීමේ ගැටළුවක් ඇති බවය.

    ඒ අනුව මේ වනවිට සූර්ය පද්ධති විදුලි ජනනයෙන් ඉවත් කර ඇත.

    ඒ අතරම ඔහු මතුරමින් සිටියේ මීළඟ වාරයේදී විදුලි බිල වැඩි කිරීමට සිදුවන බවය. පසුගිය ජනවාරි මසයේ රජය බැහැයි කියද්දී මහජන උපයෝගීතා කොමිසම 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගත් අතර, එම අඩු කිරීමට විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය සහ විපක්ෂය නැඟූ හඬද හේතුවූ බව සිහිපත් කළ යුතුමය.

    මෙවර IMF පිටේ තබා ආණ්ඩුව 25% - 35% ත් අතර ගණනකින් විදුලි බිල වැඩි කර ගැනීමට කුරුමාණම් අල්ලන බව දැන්, දැන් හොඳින්ම පැහැදිලිය.

    එදා ලැබූ රු: බිලියන 150 ශුද්ධ ලාභය හොරකම් කළ ආණ්ඩුව මේ සැරසෙන්නේ, අනුර කුමාර සහ පාර්ලිමේන්තුවේ මල්පැල 159 ක් සිටවූ බව කියන සුදෝ, සුදු සිතුවම් සහිත තොරණට මුවා වී, ජනතාවගේ රු බිලියන 150ක් පිට් පොකට් ගැසීමටය.

    විදුලි බල ඇමති කුමාර ජයකොඩි සහ විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය එකම කුට්ටමේ දෙපැත්ත බව මේ රටේ ජනතාවට හොඳින්ම තේරුම් ගැනීමට මේ කරුණු ප්‍රමාණවත්ය.

    එහෙත් විදුලි පාරිභෝගික ඔබේ වාසනාවට මහජන උපයෝගී කොමිසම බලතල අතින් බලවත්ය. එම කොමිසමේ මූලධර්මය වන්නේ, නාස්තිය සහ දූෂණය, අසාධාරණ වියදම පාරිභෝගිකයින්ගෙන් අයකර ගැනීමට නොහැකි බවය.

    ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි විදුලි බල පනත වෙනස් කිරීම හරහා මහජන උපයෝගීතා කොමිසමට ඉබි යතුරු දැමීමට සැරසෙන්නේත් මෙන්න මේ කාරණා නිසාය.

    ජනාධිපතිවරණයේදී 30% විදුලි ගාස්තු අඩු කරන බව කියූ මන්ත්‍රී අනුර, ජනපති අනුර වී සිටින රටක පුරවැසියන් ලෙස අපට සිහිපත් වන්නේ, ඔහුගේ උදාන වාක්‍යයම බව මෙවැනි මෙහොතක අවසාන වශයෙන් ලියා තැබිය යුතුය.

    මං කියන්නේ “ ගහන එක ගහන්න ඕන ආයෙත් ලොවෙත් නැති වෙන්න” හරිද? ( සිනා…😆)

    ශ්‍රී ලංකාව ලොව විදුලි බිල වැඩිම රටවල් අතරින් එකක් බව ජාතික ජන බලවේගයේ, බලශක්ති ප්‍රතිපත්තිය දියත් කරන අවස්ථාවේ එදා මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසූ බවක් අපට මතකයි. මේ ගැන විස්තර කරන්න පුළුවන්ද?

    #nppsrilanka #cleaningsrilanka #NextPolitics #SLPolitics #NPP #Electricity #kumara #ANURAKUMARA

    ReplyDelete
    Replies
    1. හොඳ පෝස්ට් එකක් . සුර්ය පැනල ගැන දැන් යුරෝපයත් බය වෙලා ඉන්නේ . පහුගියද ස්පාඤ්ඤ යේ blackout එකත් එක්ක . සෝලර් ෆ්ලෙයාර් වැඩිවෙන කොට ඒවා පිච්චිලා ග්‍රිඩ් එකට බලපානවා කියල හොයාගෙන තිබෙනවා . ජර්මනිය වගේ රටවල් සෑහෙන්න ආයෝජන කරලා තියනව පැනල් හොඳට හදන්න . අපි දාල තියෙන්නෙත් ජර්මන් එක . ගණන් වැඩියි නමුත් අර බය නැහැ .

      Delete
    2. Sri Lanka’s state-run Ceylon Electricity Board has made an operating loss of 3.0 billion rupees in the December 2024 quarter, and made a marginal net profit with the help of other income and gains, interim accounts showed.

      CEB’s revenues plunged 28 percent to 111.8 billion rupees in the December 2024 quarter, from 156.2 billion rupees, while cost of sales grew 49 percent to 116.2 billion rupees, leading to gross loss of 4.49 billion rupees, down from 78 billion in 2023. https://economynext.com/sri-lankas-ceb-makes-operating-loss-in-dec-2024-quarter-as-revenues-plunge-208500/

      Delete
    3. ආණ්ඩුවට සහ ඔය විදුලිබල ඇමතිට හැමෝම බැන්න නේද වඳුරෙක් නිසා සබ් ස්ටේෂන් එකක් ගිහිල්ල ඒකෙන් මුළු ග්‍රිඩ් එකම බ්ලැක් අවුට් උනාට . මෙන්න ලඟදි ස්පාඤ්ඤයේ වෙච්චි දේ . සබ් ස්ටේෂන් එක නිසා පැත්තක් ගිහිල්ල .
      https://eandt.theiet.org/2025/05/15/spain-and-portugal-blackout-traced-abrupt-loss-power-granada-substation

      Delete
  14. සාපේක්ෂව ඉතා පිරිසිදු, නීතිගරුක ජපානයේ ක්‍රයිම් රේට් එක ඉතාමත් අඩුයි. ඒත් සියදිවි නසා ගන්නා ප්‍රතිශතය අහස උසයි. මේ ජපානය ගැන ඩොකියුමෙන්ට්‍රි එක බැලලා මට නං ආවෙ මික්ස් ෆීලිං එකක්.

    Japan Behind Bars

    ReplyDelete
    Replies
    1. ඒක මරු . කොටසක් බැලුවා . ජපන් ගිහින් ඇවිත්ම කියන්නම් . ජපන්නුන් ගේ පැවතුම් වෙනස් . සියදිවි හානි කර ගැනීම සාමාන්‍ය දෙයක් සමහර පළාත් වල . මතකද ළමයින්ට කරදර වෙනවා කියල මව්පියන් සිය දිවි නසා ගන්න ගම

      Delete
  15. Jagath Pathirana15 May 2025 at 02:51

    ඒක ඒ ලමයගේ මනෝ බ්‍රාන්තියක්

    ReplyDelete
    Replies
    1. ඔව් . අන්තිමට ටියුෂන් කඩ කාරයා කියන හැටියටයි , විදුහල්පතිනිය කරපු දේටයි ඒ ගොල්ලට එහෙම තමා හිතිලා තියෙන්නේ .

      Delete
  16. ධර්මකිර්ති ලොන්ඩරිය , කිංග්ස්බරි, ලන්ඩන් ! ඔබගේ ඕනෑම ඇඳුමක් ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය අනුව සෝදා මැද දෙනු ලැබේ. අඩුම මුදලට උපරිම සේවය . ඔබගේ මංගල, අවමංගල සහ මල්වර මංගල කටයුතුවලදී පිරුවට, උඩුවියන්, පාඩඩ ඇතුලු අනෙකුත් සේවාද සැපයේ. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි.

    ReplyDelete
    Replies
    1. 😂😂😂 කිංස්බරි වල කොයි හරියෙද ඔය කියන ලොන්ඩරිය තියෙන්නෙ? 😂😂😂

      Delete
    2. අඩෝ කුරුට්ටෝ , ඔතන වැරදි කිහිපයක් තියනව හදන්න . 1. රාජ පස්ස ලාගේ , රොටී වීර ගේ , පච වංශ ගේ ඒවා මෙහෙ හෝදන්නේ නැත . ඒ සඳහා මාතලන් සහෝදරයා හෝ අභීත සහෝදරයා අමතන්න . 2. රනිල් සහෝදරයා සඳහා අජිත් පැරකුම් ද පෙරේට්ටන් සඳහා ග්‍රම්චි චාමින්ද ද අමතන්න . සජ්ජා කොහොමත් නිතර දෙවේලේ නාගන්නා නිසා කිසිවෙක් දැනට අවශ්‍ය නැති බවට දන්වා තිබේ .

      Delete
    3. ඇනෝ 18.02 මහින්ද කියල සහෝදරයෙක් ඉන්නව කින්ස්බරි වල . එයාගේ ගෙවල් ගාව

      Delete
  17. ළමයා සිය දිවි නසා ගන්න ට්‍රිගර් එක ටියුෂන් කඩ කාරයා වෙන්න පුළුවන් . ඒකට එයට නීතියෙන් දඬුවම් කරන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ . නමුත් සැබෑ හේතුන් ගත්තොත් - ළමයා අපයෝජන කල ගුරුවර සුනඛයා ඉන්නේ ඉස්සරහින්ම , ඊට පස්සේ ඌව අස් නොකර ළමය ගෙන් පලි ගත්ත විදුහල්පතිනිය , ඊට පස්සේ ඒ පාසැලේ ළමයි , තමන්ගේ එකා ට හිනා වුන ළමයි . ඒ ළමයි ඒ විධිහට හදපු දෙමාපියෝ . ළමයාගේ දුක හඳුනන්නේ නැතිව ගෙදර යවපු ටියුෂන් කඩ කාරයා . ඒකෙන් සිද්ධිය දැනගත්ත , දැනගෙන් ඊ ලමයව කොන් කරපු ළමයි , එහෙම ළමයි හදපු දෙමාපියෝ . කොටින් කිවොත් උඹලගේ සමාජය . වින්දිතය දිහා බලන්නේ වරදකරයා හැටියට මුන් මේ කොහෙවත් යන පෝල් රාජ් කෙනෙක් අල්ලනවා . ඒ ගෑනි එන්න කලිනුත් තොපි ඔහොමම තමයි . ෆේස්බුක් එකේ නහින හරක් රැල කරන්නෙත් තමන්ගේම සමාජය අපවාදයෙන් මුදා ගන්න මේ ගැහැණිය අල්ලාගෙන නටන එක . නොදකින් . ඔය ඇමතිනි ආවේත් ඔය සමජෙන්ම නේ .

    ReplyDelete
  18. මම එක පාරක් ලංකාවට ආපු වෙලාවක අනාථ නිවාසයක ළමයි කට්ටියක් අරගෙන සත්තු වත්ත පෙන්වන්න එක්කන් ගියා බස් එක්ක කුලියට අරගෙන . මගේ බිරිඳ සහ ළමයි දෙන්නත් හිටිය . දවල්ට කෑම කැන්ටිමෙන් අරන් දුන්න . හරි අසාවෙන් කෑව . කොළඹට පැය දෙකක ඈත වුනාට ළමයි මුහුද දැකල නැහැ . එක්කන් ගියා පෙන්නන්න . අවුරුදු දෙකකින් අපි ආපහු ලංකාවට ආවහම නැවතත් අපිට ඕන වුනා ඒ ළමයින්ට ට්‍රීට් කරන්න . අම්ම කීව අපෝ එපා , නරක ළමයි ඉන්නේ කියල ගමේ මිනිස්සු කියනව . දානේ දෙන්නෙත් නැහැ කියල . හොයල බැලුවම ඒකෙ කෙල්ලෝ දෙතුන් දෙනෙක්න් පන්නන් ගිහින් රේප් කරලා . වරද කාගේ කියලද ගමේ බල්ලොයි බැල්ලියෝයි කිව්ව්වේ - අර ළමයින් ගේ. ළමයි වෙස කමේ ගියාලු . අම්මත් මට යන්න දුන්නේ නැහැ . ගම තරහ කර ගන්න බැහැ කියල . මම අම්මට තහනම් කළා ගමේ පන්සලට දානේ දෙන්නත් . ඒ වුනාට දෙනවා . ඔකේ අනික් කතාව තමා එංගලන්තේ හිරේ ගිය හාමුදුරු කෙනෙක් ගේ ළමා නිවාසයක් තියනවා . ඒ අවට ඉන්නේ හමුදුර්වන්ගේ නෑදෑයෝ . ඒ ළමා නිවාසයේ ළමයිනුත් නරකයි කියල තමා කියන්න . මිනිස්සු එක්ක යනවලු . යනවත් ඇති . නමුත් ඇත්ත ඒක නෙමෙයි . ඕක තමයි ලංකාවේ සමාජය . හැබැයි ළමයින්ට කන්න දෙන්න හරි ඉගෙන ගන්න හරි කැමැත්තෙන් හරි වැඩිහිටි පිරිමියෙක් ගැහැනියක් හෝටලයකට ගියොත් මුන්ගේ පාරිශුද්ධ පොලෝසිය ගිහින් අල්ලනවා . මොන ගොබ්බ සමාජයක්ද බන් මේ

    ReplyDelete
  19. වැඩ වගයක් නිසා මේ පැත්තට එන්න පරක්කු වුණා අජිත් මහත්තයෝ.
    පෝස්ටුව අගෙයි. සාකච්ඡා වෙලා තියෙන කරුණුත්...
    (මටත් ක්‍රෙඩිට් එකක් දීල තිබුණා- ඒකටත් ස්තුතියි.

    ඔයා සඳහන් කරලා තිබ්බ චූලානන්ද සමරනායක හිතවතාගේ fb post එක comment තීරුවට (වෙනමම) ඔබන්නයි හිතුවේ. ඒ මාලිමාවටත්- විවේචකයන්ටත් පලක් අත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි

      Delete
    2. නිදි ඔය උඩ මගේ කමෙන්ට් එකේ ළමා නිවසේ ශ්‍රුඩර් මාතාව ගේ පන්සල පැත්තේ

      Delete
    3. සමහරුන්ට කොයි දේ කළත් වැරදියි- නොකළ දේ තමයි හරි!

      Delete
  20. චූලානන්ද සමරනායක
    https://www.facebook.com/chulananda.samaranayake/posts/pfbid02FR1uyJjHHXf42BKWPrT2Ra6nxPNG5JwETfexaShvBv7XjxTgQRQx7EEytocziEQ3l
    ජාතික ජන බලවේගය දැඩි සේ විවේචනයන්ට ලක් වෙමින් තිබේ. ඒ කෙරේ ජාජබ පාර්ශවයෙන් දැක්වෙන අපරිණත ප්‍රතිචාර ඔවුන් ගේ අයහපතටම හේතුවෙයි. ප්‍රධානම ගැටලුව ජාජබ මේ විවේචනයන් සියල්ලම පරම සතුරු සේ සැලකීමයි.
    ජාජබයට විවේචන එල්ල කරනා පාර්ශව දෙකකි.
    1. තමන් කාලයක් තිස්සේ භුක්ති විඳි සැප ජාජබයේ බලාගමනයෙන් අහිමිවූ තක්කඩි දේශපාලන බලවේග.
    2.ජාජබයේ පාලනයක් වෙනුවෙන් වැඩකළ එසේම එය ආරක්ෂා කල යුතුයයි සිතන පිරිස.
    අවාසනාවට ජාජබයට මේ වෙනස දකින ඇස අහිමිය.
    පළමු කී තක්කඩින් ජාජබයේ පය ලිස්සන සැනින් සංවිධානාත්මක ප්‍රහාර එල්ල කරති. ඔවුන්ට ඇතැම් මාධ්‍ය වලින් ලැබෙන සහයද විශාලය.
    දෙවන පිරිස සිය විවේචනයන් එල්ල කරනුයේ ජාජබය වැඩ වරද්දගනු දැකීම ඉවසනු බැරිවය. ඊටද හේතුවක් තිබේ.
    ජාජබය බලයට ආවේ මෙතෙක් පැවති දේශපාලනයේ සියලු කුණු සෝදා හැර පවිත්‍ර කරන බවට පොරොන්දු වෙමිනි. පාර්ලිමේන්තුව පවිත්‍ර කරනා ශ්‍රමදානය ගැන ඔවුන් වේදිකාවේ මොර දුන්නේ එහෙයිනි. ඔවුන් ජනතාව හමුවේ මැවූ සිත්තම ජනයා දිගු කලක් තිස්සේ මැවූ එකමය.
    ඉදින් ඔවුන් ඉන් මදක් හෝ බැහැරවන ව්ට ජනයා කෝප වෙති.
    ජාජබය සිය පය මුලින්ම ලිස්සාගත්තේ රන්වල හුටපටයෙනි. සෘජු තීරණයක් ගත යුතුව තිබූ තැන පසු පාදයේ සෙල්ලම කරන්නට ගොස් ඔවුහු වැඩ වරද්දාගත්තේ ජනතාවට රිදවමිනි.
    ඉන් පසු ඔවුන් කල නොකළ යුතු දෑ ලැයිස්තුගත කලයුතු නැත.
    කෙසේ වෙතත් ජාජබයේ පිලිවෙතෙහි මද හෝ පීලි පැනීමක් නොඉවසන පාර්ශවය ජාජබය බලෙන් පලවා හැරීමක් අපේක්ෂා නොකරති. ඔවුහු මඩ කලතා බලයට එන්නට දඟලන තලතාගෙන් බොහෝ වෙනස් ය.
    ප්‍රශ්නය ජාජබය කලබල වී මේ දෙපාර්ශවයම එකට දමාගෙන වැඩේ තවත් වකූරු කර ගැනීමයි.
    ජාජබයට විකල්ප නැත. ඊට ඇත්තේ එකම මගක් පමණි. ඒ තමන් ජනතාවට පෙන්වූ මගෙහි තිරව රැඳී සිටීමයි.
    ඒ සඳහා විනය අදිටන කැපවීම මෙන්ම දැක්මද අවශ්‍යය.
    ජාජබය එහෙයින් වහ වහා සිය ආධුනික බළකාය පරිණත දේශපාලන ක්‍රියාධරයන් බවට පත්කරගත යුතුය. එසේ නොකර දබරැඟිල්ල ලෙලවා සැර කතා පැවසීමෙන් පලක් නැත.
    දිගුකලක් අතිශය සංවිධානාත්මකව දේශපාලන තක්කඩිකම ප්‍රගුණ කල බලවේග හා සටන් කිරීම අසීරු එමෙන්ම තීක්ෂණ බුද්ධිය මෙහෙයවා කලයුත්තකි.
    ජාජබය ඒ සඳහා සූදානම් නම් ජනයා ඔවුන් අත නොහරිනු ඇත.
    ජාජබයේ දැනුමැත්තනි, ඇඟිල්ල නොව හඳ දෙස බලන්න.

    ReplyDelete
    Replies
    1. @ නිදී

      වොක්සගන් එකට ‍රැව‍ටුනා කියලා අපි මාලිමාවට දුන්නා දැන් ඊට එහා..දේශපාලුවා කියන එකා සේරම එහෙමමයි රූපෙ පක්සෙ පාටවල් මාරු උනාට ..රටේ හොරාකාපු එක රුපියලක් නැවත අය කරගත්තද නෑ..ඒ හොරාකාපු ඒවා අය කරගන්නේ වැඩ කරන එකාගේ පඩියට ටැක්ස් ගහලා ඉතිරියෙන් බඩු ගන්නකොට ආය ටැක්ස් ගහලා හෙට වෙනුවෙන් ලෙවකාලා ඉතුරු කරොත් ඒකටත් ටැක්ස් ගහලා..එක හොරෙක්ට මෙහෙම කියලා අවුලක් නෑ මිනිස්සු රවට්ටන්ඩ මේ වගේ නටක කලින් කලට පෙන්නනවා..හැම දේශපාලුවම එකයි මිනිස්සු කලින් කලට අන්දනවා.. ලංකාවේ උනුත් නියමෙට අන්දිනවා.. ලංකාව කියන රටේ දේශපාලනය කරන උන්නම් සේරම උපදින්නෙම කාලකණ්නිම නැකතකද කොහෙද අර රජයේ වාහන 26 කින් වාහන 17ක් විකුණලා ඒවායින් වැඩි හරියක් සුඛෝපභෝගී වාහන ඒත් ආණ්ඩුවට sealed bid වලින් ලැබිල තියෙන සම්පූර්ණ ගාන මිලියන 200 ක් විතරයි යකෝ දැන් ජපානයෙන් ආනයනය කරන පොඩිම Yaris hatchback එකකුත් ලක්ෂ එකසිය දහයකට වැඩියි මුන් මේවා ඔක්කොම කුණු කොල්ලයට දූෂිත විදියට දීල තියෙනව කියල තමයි තේරෙන්නේ ආණ්ඩුව ද රජයේ නිලධාරීන් කියන හොර රැලද මන්දා මේව කළේ හැබැයි කරපු උන් නම් කෝටි ගණනක ලාබයක් උපයන්නට ඇති බව හොඳින්ම පේනවා නේද? කෝප් කමිටුව බුදි මේවට, ආයේ ඊළඟට පත්වෙන මොකාගේ හරි ආණ්ඩුවට රහ කර කර ජනතාව රවට්ටන්න හොඳ ප්‍රවෘත්තියක් විතරයි මොකද කවදාවත්ම ලංකාවේ ඔය හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැනෙ මිනිස්සුන්ට බොරුවට පොත දාලා සංදර්ශණ දානවා විතරයි

      Delete
    2. මේන් ඔයට උත්තර දෙන්න කියල මට ආපු කමෙන්ට් එකක් : //KC-7323 අවුරුදු 24ක් පරණ Sahara එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 126කට
      KU -7912 අවුරුදු 15 ක් පරණ V8 එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 321කට
      CAP- 9828 අවුරුදු 10ක් පරණ Discovery එක වෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 271කට
      GD-7249 අවුරුදු 35ක් පරණ Nissan Patrol එක වෙන්දේසි කරලාතියෙන්නෙ ලක්ෂ 146කට
      KW- 5401 අවුරුදු 13ක් පරණ Discovery එකවෙන්දේසි කරලා තියෙන්නෙ ලක්ෂ 186කට
      ..
      කවුද බං මේ විකුණල තියෙන ගනං පාඩුයි කියන්නෙ..?😃😃
      පාඩුයි කියල හිතෙනවනම් ඊළඟ වෙන්දේසියට වැටෙන වාහන සෙට් එක ටිකක් වැඩි ගණන් වලට ඉල්ලහල්ල.. මෙතන නාහෙන් අඬන්නෙ නැතුව..😃😃
      නිශ්පාදිත වර්ෂය අවුරුදු 10, 15, 20, 25 ක් විතර පරණ, ආණ්ඩුවෙ ඩ්‍රයිවර්ලා, ඇමති ලේකම්ලා නඩත්තු කරපු වාහනයක් වාහන සේල් වල ඒ වාහනේ විකුණන මිලට ටෙන්ඩරයක් දාලා ගන්නව නං ඌ හාවෙක් වෙන්න ඕනෙ..
      සමහරක් 🐂 බයියො වාහන 17 කට මිලියන් 200ලු ලැබුනෙ කියලා අඩනවා
      යකෝ ගමරාල ලාබ අලාබ බලනව වගේ ලැබුන ගාන වාහන ගානෙන් බෙදල හරි යන්නෙ නෑ..! 🫵😹
      ටැලිපෝන්, හූ ඇම් පී, පූට්ටු සෙට් එකට මිලියන 200කට වාහන 17 දීපු එක පාඩුයි නම් ඊලඟ වෙන්දේසියට සෙට් වෙලා වැඩි ගානක් දාල ඉතිරි වාහන ටික ගනිල්ලා.. 😹 කිසිම තරහක් නෑ අපේ..
      මෙව්වා පත්තරේ දැන්වීම් දාලා ප්‍රසිද්ධියෙ පිළිවෙලකට කරන වැඩ.. වැඩි දෙයක් ඕන්නෑ.. News වලට පවා වැඩේ පෙන්නනවා.. ගිය ආණ්ඩුවලින් අත යටින් දීපු හොර මගඩි නෑ..
      උඹලට මේක රජයට පාඩුවක් වෙලා වගේ දැනෙනවනං ඊලඟ වෙන්දේසියෙදි සේල් වල ගාන බලාගෙන ඇවිල්ලා උඹලට වටින ගාන දීලා ගනිල්ලා 🫵😄
      අපිත් කැමතියි උඹලම මෙව්වට කර ගහනවට.. 😹https://www.facebook.com/share/p/195yX2qLMs/?mibextid=wwXIfr

      Delete
    3. @නිදි - මේ ඒ චුලා ගේ එකට ජවිපෙ කෙනෙක් හැටියට දුන් පිලිතුය්රක් . ෂුවර් නැහැ ජවිපෙ මද කියල constrcutive criticism කියන එක අහලාවත් නැති අය : චූලානන්ද ඔයාලා විවේචනය කරන්න විතරයි දක්ශ ,ජවිපෙ සහ ජාජබය අති විශාල කැප කිරීම් කරලා ජනතාව දැනුවත් කරලා රෑ දවල් වෙහෙසිලා දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් කරලා මේ රාජ්‍ය බලය ගත්තේ. අඩු පාඩු ඇති ඒවා තර්කානුකූලව පිලිගන්න පක්ෂයක් ජා.ජ.බලවේගය.නමුත් අවු.76 රට පාලනය කරපු අන්ත දූශිත ත්‍රාඩ හොර කල්ලියකින් මේ රට මෙහෙමවත් බේරාගන්න ලැබීමම ජනතාවට මොන තරම් සහනයක්ද..අන්ත දූෂිත විපක්ෂ කණ්ඩායම් වලින් නිරන්තරයෙන් අසන අභූත චෝදනාවලින් බුද්දිමත් ජනතාව තවදුරත් රැවටෙන්නේ නැත..

      Delete
    4. එතන තව තව අපූරු comments තියෙනවා අජිත් මහත්තයෝ.

      Delete
  21. කාට වුනත් යුක්තිය ඉටු විය යුතුමයි...නීතියෙන් නොවුනත් සොභා දහමින් හෝ දිනෙක එය සිදු වෙනවාමයි..එදාට ඒ දඩුවමින් බේරේන්න ගැලවෙන්න කාටවත්ම බැහැ කිසිම කෙනෙකුට උදව් කරන්නත් බැහැ වපුරපු දේමයි නෙලාගන්න ලැබෙන්නේ ඒක ආණ්ඩුවටත් අදාලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කරුමේ කරුමේ

      Delete
  22. @Ajith

    I am writing to inquire about the veracity of some news circulating via WhatsApp. Could you please confirm if this information is accurate?
    Thank you for your time and clarification.

    //Forwarded

    මේ පිළිබඳව ජන අරගල සන්ධානයේ විධායක සභික සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා පෙන්වා දුන්නේ "සහෝදරවරුනි දැන් ජනපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ස්ටේජ් එකක් උඩට නැඟලා මයික් එකක් අල්ල ගත්තම ගහන කයිය නම් උපරිමයටම තියෙනවා ආයේ ඉතින් ලොවෙත් නැතිවෙන්න, නේද? ඒත් තවම බලයට පත් වෙච්ච මාස ගාන කියව කියව ඉන්නවා මිසක් කරපු එකම එක වැඩක්වත් නැහැ. රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන ආහාරයේ නැතුවම බැරිය අංගය වන ලුණු ටික දෙන එක වගේ පොඩි දෙයක්වත් හරියකට කළමනාකරණය කර ගන්න බැරි ආණ්ඩුවක්. මිනිස්සුන්ට දැනෙන්න කරපු එකම වැඩේ තරඟෙට පච කියපු එකයි පස්සෙ ඒ කටින්ම අපි එහෙම කිව්වෙ නැහැ කියපු එකයි විතරයි."

    ඒ වගේම අනුර කුමාර දිසානායකගේ රජය මගින් ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දාහතක් ටෙන්ඩර් දමා අලෙවි කිරීමේදී sealed envelope ක්‍රමය යොදාගෙන සිදුකර ඇති ටෙන්ඩර් මගඩියෙන් සිදුවුණ රු. මිලියන තුන්සිය ගණනකට අධික මහාපරිමාණ වංචාව පිළිබඳවත් ඔහු වැඩිදුර විස්තර හෙළිකළා.

    පුබුදු ජයගොඩ සහෝදරයා ප්‍රමුඛ කණ්‌ඩායමක් විසින් මෑතදී මේ පිළිබඳව විස්තර සහිතව අනාවරණය කළ කරුණු නැවත අවධාරණය කළ නාගමුව සහෝදරයා පෙන්වා දෙන්නේ මෙම වාහන අලෙවි කර ඇත්තේ වෙළඳපොලේ දැන් පවතින මිලට වඩා ඉතා පහළ මිල ගණන් යටතේ බවයි.

    හිටපු කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක භාවිතා කල පෝෂේ කයානේ Porsche Cayanne වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථය අලෙවි කර ඇත්තේ දැනට වෙළඳපොලේ පවතින ලාබ කුඩා 1000cc ටොයෝටා රේයිස් වර්ගයේ රථයකටත් වඩා අඩු මිලකටයි.

    ටොයෝටා ලෑන්ඩ් කෲසර් V8 (4500cc) වර්ගයේ අධිසුඛෝපභෝගී වාහනයක් අලෙවි කර ඇත්තේ ටොයොටා විට්ස් වෙනුවට හදුන්වා දී ඇති කුඩා යාරිස් රථයකටත් වඩා අඩු මිලකටයි.

    අදාල වෙන්දේසියේදි වාහන අලෙවි වූ මිල ගණන් සඳහන් ලේඛනයක් සමාජ ජාල වලද හුමාරුවෙමින් තිබේ.

    මෙම වාහන වෙන්දේසියේදී රජයට රුපියල් මිලියන 200ක මුළු මුදලක් උපයාගෙන ඇතත් චෝදනා එල්ල වන්නේ මෙම වාහනවල වෙළඳපොල වටිනාකම අවම වශයෙන් රුපියල් කෝටි පනහ (අවමය රු. මිලියන 500ක්වත්) ඉක්මවනු ඇති බවටයි. මේ නිසා හොරු ටික එලවා පත්කරගෙන සිටින්නේ අලුත් හොරුන් පිරිසක් බවයි දුමින්ද නාගමුව සහෝදරයා පෙන්වාදුන්නේ.//

    ReplyDelete
    Replies
    1. සුඛෝ පභෝගී කතාවට මෙන්න උත්තරයක් දීල තියනව - මම දන්නේ නැහැ ඕව https://www.facebook.com/share/p/195yX2qLMs/?mibextid=wwXIfr

      Delete
    2. ඔය පුරටුගාමී පස්සේ ආණ්ඩුවට අකමැති ඒ ගොල්ලෝ කියන විධිහට නොකරනවට ? ඒකට ඒ ගොල්ලන්ට දින්නං පුළුවන්නේ .
      ඉන්දියාව වර්ජනය (තුන්දෙනෙක්ම ඕක කරලා අනා ගත්ත - ප්‍රභාකරන් , විජේවීර , ප්‍රේමදාස ) . අනුර ඇවිල්ල ප්‍රග්මටික් නායකයෙක් . මට නම් පොර හැන්ඩ්ල් කරනවා හොඳයි . අර සෙලෙන්ස්කිය පෙන්නේ නැත්ද ළඟම ඉන්න ලොකු රටට වලි දාන්න ගිහින් කරගෙන තියෙන දේ . කියුබාව පේන්නේ නැත්ද ? ඉන්දියාවයි චීනෙයි හැන්ඩ්ල් කරන්න හැමෝටම බැහැ . උන් කියන විධිහට ගිහිල්ල කාම්බෝජේ ගාවින් නතර වෙන්න වෙන්නේ . අර - අනික IMF වර්ජනය - පුබුදු ජයගොඩ ගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න වයිෆ් ගෙන්ද සල්ලි ඉල්ලන්න කියන්නේ . අනේ උන් දන්නා මගුල . න්‍යායත් නෑ , ප්‍රයෝගිකත් නෑ

      Delete
  23. බ්ලොග් අයියලා,මල්ලිලා , සහෝදරයෝ සහ ඇනෝ ලා , ඕගොල්ලෝ දාන කමෙන්ට් අද සිට මම ලොග් වුනොත් විතරයි වැටෙන්නේ . මේ ලන්ඩන් හීත්‍රෝ සිට ලියන්නේ . ජපාන යේ ටුවර් එකකට යනවා අද සිට . පුළුවන් වුනොත් පෝස්ට් එකක් දමන්නම් . එතකන් ජයවේවා . දේශපාලන බ්ලොග් එකක් හැදුවා . ඕන එක්ක දැම්ම හැකි . හැබැයි මට බැන්නොත් මකනවා aa . හේ හේ https://anogamaya.blogspot.com/2025/05/blog-post.html?zx=625ae908a0808fec

    ReplyDelete
    Replies
    1. ඒ බ්ලොග් එක ඉන්වයිටර්ස් ඔන්ලි.

      ජපාන චාරිකාව ගැන ලිපියක් ලියන්න.

      Delete
    2. ස්තුතියි බසු තුමා . ඒක හැදුව . දැන් බලන්න . ඒකට පස්සේ මොනවා හරි ලියන්න ඕනේ . ජපානේ ගැන ඉතින් හැමෝම හැම ගහල නේද තියෙන්නේ . ඒ කියන්නේ සමන් අතාවුද හෙට්ටි , සරච්චන්ද්‍ර හෙම

      Delete
  24. වෙන බ්ලොග් වේලට කමෙන්ට් වැටෙන්නෙත් නැති වෙයි . වයි ෆයි තිබ්බොත් විතරයි .

    ReplyDelete
  25. ආණ්ඩුවේ hype එක සෝඩා බෝතලේ කැඩුව වාගෙ උනා. ජහමනයාගෙ බලාපොරොත්තු වැඩි හන්දත් එහෙම උනා සහ ආණ්ඩුවත් අඩුවැඩිය ඊට හරියන විදිහට වැඩ කළා.
    ඒ උනත් මමත් තාම ආණ්ඩුව, මාලිමාව දිහා උපේක්ෂාවෙන්/ අපේක්ෂාවෙන් බලා හිටිනව හිටං 😁.
    මෙහෙම ගිහිං අන්තිමට ජනතාවාදී ආණ්ඩුව කියන එක වචනයට විතරක් සීමා වෙයිද මන්ද. කොහොමත් නායකයො, බලධරයන් කවදද සාමාන්‍යය ජනය ගැන හිතුවෙ නෙ!

    ReplyDelete
    Replies
    1. ජනතාවාදී ආණ්ඩු කියන ඒවානම් මතක් කරන්න එපා . ඒ වචනය භාවිතා කරන්නෙම ජනතාවට කෙලින්න , හේ හේ මමත් උපේක්ෂාවෙන් තමයි බලන්නේ . ආණ්ඩුවට වත් අනුර කුමාර ජනාධිපති ටත් ලොකුවට දෙයක් කරන්න ඕනේ නැහැ නිතිය සාමය ගැන තදින් හිටියනම් ජපන් තානාපති කිව්වා වගේ දුෂණ ටික නැවැත්තුවනම් ඇති . රට හොඳට යයි . 100% දුෂණ නැති කරන්න බැහැ . අඩු කරන්න පුළුවන් .

      Delete
  26. අර වෙරළ සුද්ධ කරපු සමාජ සත්කාර්ය... පංකාදු වැඩක් ආ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . මම ඒ වගේ වැඩ කරන්න කැමතියි නමි . ඉන්න තැන නේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .