ඔය දුර ගමනක් යද්දී මොකක් හරි මගුලක් වෙන සීන් එකක් තියෙනවා මට . සමහර විට මේවා සාමාන්‍ය දේවල්. ඒ වුනාට මට ලියන්න තල්ලුව එන්නේ මේවයින් . අපේ ගුවන් ගමන පරක්කු වුනා ලන්ඩන් හීත්‍රෝ වලදී . ඒ මදිවට හොන්කොන් වලට බෑවට පස්සේ යානය යනවා යනවා කෙළවරක් නැතිව , විනාඩි විස්සකට වඩා ගිහින් නැවැත්තුවේ . අනිත් ෆ්ලයිට් එකට යන්න පැයයි තිබ්බේ , තව පරක්කුයි . දැන් දුවන්න බලාගෙන එලියට ගියා .
ගුවන් යානයෙන් එළියට ඇවිත් අර පාලමින් එලියට එනකොටම මෙන්න මැජික් කෙල්ල ඉන්නව බෝඩ් එකක් උස්සන් . කනෙක්ටින් ෆ්ලයිට් එකට යන පස් හය දෙනෙක් එකතු කරගෙන එයාගේ පස්සෙන් එන්න කියල එක්කන් ගියා චෙකින් කරන තැනට. එතැන ක්වික් චෙකින් පෝලිමෙන් ඇතුළට දැම්මෙව්වා . ඒ යන අතරේ අර ටික් ටොක් නිළියක් බැංකුවක ඇලවෙලා ගඟ වෙලා ඉන්නව ෆොටෝ එකකුත් ගහ ගත්ත .
හොන්කොන් ගුවන් තොටුපොළ ඒ අතින් හුඟක් හොඳයි කාර්යක්ෂමතාව අතින් . ඔයිට කලින් ඩුබායි වලදී දෙපාරක් ෆ්ලයිට් එක මිස් වෙනවා . අර බෝඩ් උස්සන් එන අයට අමතක වෙලා . ඉස්තාන්බුල් එයාපෝර්ට් එකේ හෙන ඈතින් කනෙක්ටින් ෆ්ලයිට් වලට ගේට් තියෙන්නේ . අහන්න කෙනෙක් වත් නැහැ .
මගදී බිරින්දෑ ඒත් කිව අපේ ගමන් මළු මාරු කරන්න වෙලාවක් නැති වෙන්න ඇති නේද කියල . ජපන් ආගමන විගමනෙන් කරදරයක් නැතිව එලියට ආවා . ආගමන විගමනේ හිටියේ අර ජපන් ඇනිමේ කතාවල ඉන්නවා වගේ තරුණ කොල්ලෙක් . මූණ දිහාවත් බැලුවේ නැහැ .
කීව වගේම බෑග් දෙක ඇවිත් නැහැ කියල බඩු එන බෙල්ට් එක දිහා බලන් ඉන්නකොටම අපට තේරුණා . එන්න පොඩි ගෑණු ළමෙක් ඇවිල්ල අහනවා , ඔයාල ලන්ඩන් හොන්කොන් ෆ්ලයිට් එකේ ඇවිල්ල හොන්කොන් ඉඳන්ද ආවේ කියල . කෙල්ල පොඩියි කියන්නේ ඇත්තටම මටත් වැඩිය උසින් අඩුයි , එයා තමා ඔය පින්තුරෙ ඉන්නේ . මම දැක්ක දෙයක් තමයි බෑග් එන බෙල්ට් එකේ මැද පොඩි ඔෆිස් එකක් වගේ තියනවා . ඒකෙ ෆ්ලයිට් විස්තර ඔක්කොමදාපු ටර්මිනල් එකකුත් තියෙනවා . හැම බෙල්ට් එකකම තියෙනවා . මේක මම අනිත් රටවල දැකල නැහැ . ලගේජ් නැති වුනොත් හොයන්න තුත්තුකුඩි යන්නෝනේ.
අක්කෝ, අපේ අත්තගේ , මුත්තාගේ කිත්තාගේ විස්තර ඔක්කොම ගත්ත , නෑ , මන් කිව්වේ ඊමේල් එකයි , ලන්ඩන් ලිපිනය , යන හොටෙල් එකේ ලිපිනය සහ දුරකථන අංකය වගේ දේ . එයා එතනදීම කෝල් කලා අර හෝටලේට . කතා කරලා දැන ගත්ත අපට බුකින් එකක් තියනවා කියල . මගේ ලගේජ් එක ලොක් කරලද තියෙන්නේ කියල අහල , කස්ටම් එකෙන් ඇහුවොත් කියල යතුරත් ඉල්ලා ගත්ත ඉබ්බා අරින්න . ඊට පස්සේ අපිව කස්ටම් එක ගාවට ඇවිත් නිලධාරියට කියල එලියට දැම්ම . ජපානේ කස්ටම් ඩික්ලරේෂන් එකක් කරන්න ඕනේ . ඊට පස්සේ කස්ටම් ඔෆිසර් කෙනෙක් ඒ ෆෝම් එකයි පාස්පෝර්ට් එකයි චෙක් කරනවා .
ටැක්සි රියදුරු මහත්මයට ඉංග්‍රීසි බැහැ . අපට ජපන් බැහැ . යන්තන් ගුගල් පිහිටෙන් එයාවත් හොයා ගත්ත . ටෙක්නොලොගිය ඈ . මෑන් මගේ නම ගහල කොළයක් අරන් ඇවිත් ඒක සාක්කුවේ දාගෙන අපිව හොයනවා .
ටැක්සි නිකන් ලන්ඩන් ටැක්සි වගේ . (වෙන ඒවත් තියනවා . ටොයෝට තමා වැඩිම . ) මොබයිල් චාජින් පෝට් එකක් සහ ටෙලිවිෂන් එකකුත් තියනවා ටැක්සියේ .
හොටෙල් ස්ටාෆ් එකනම් මරේ මරු . පුංචි ගැහැණු ළමයි තුන්දෙනෙකුයි තරුණ පිරිමි ලමේකුයි හිටියේ අපි යනකොට . කොනිචිවා (හෙලෝ ) කියල කෑ ගැහුවා . ඊට පස්සේ රූම් හෙම ඇරෙන්ජ් කළාට පස්සේ තේ පැකට්, බොඩි ලෝෂන් වගේ ඔය හැම තැනම දෙන අනම් මනම් ටිකත් දුන්න ගෙනියන්න. වැඩේ කියන්නේ පිජාමා එකකුත් දුන්න . මට හරියටම හරිනේ සයිස් එක . සාමාන්‍යයෙන් රේසර් එකක් , දත් බුරුසුවක් , ටුත්පෙස්ට්, ටවල් වගේ දේ කොහොමත් දෙනවනේ . ඊට අමතරව තමා පිජාම එක . මිට කලින් හිටි යුරෝපේ හෝ ලංකාවේ හෝටල් වල තිබුනේ නැති ෆැසිලිටි එකක් . පස්සේ දැන ගත්ත ජපානේ ඔක්කොම හෝටල් වල දෙනව කියල . ඉතින් සුට්කේස් දෙක ආවේ නැහැ කියලවුලක් වුනේ නැහැ .
අර ගැහැණු ළමයි , රොබෝවරු වගේ නේද කියල මම බිරින්දෑ ට නිකමට කීව . එයා කීවේ එහෙම පුරුදු කරලා වෙන්න ඇති . හැබැයි පහුවදා උදේ විතරක් නෙමේ දකින දකින හැම වෙලේම උන් හරිම ආචාර ශිලියි . කෙල්ලෝ දෙන්නෙක් අත්දෙක කන්දෙක ගාවට අරන් ඇඟිලි පියාපත් වගේ ගහන ගමන් කොනිචිවා කියන්නේ . හෙන සතුටෙන් කරන වැඩේ කරනවා කියල පෙන්වනවා . කරනවත් එක්ක .
උදේ ආහාර වේලත් ඇත්තටම හොඳයි . බුෆේ ක්‍රමයට දෙන්නේ ආහාර . මම දැකපු හොඳම උදේ ආහාර වේල දෙන්නේ ලංකාවේ හෝටල් වල . කෑම ජාති ගොඩක් එක්ක . කන්ඩලම , බේරුවල සිනමන් ලේක් සයිඩ් එක වගේම, අනිත් වැඩි තරු නැති හොටෙල් වල වුනත් බ්‍රෙක්ෆස්ට් එක හොඳයි . දෙවෙනි තැනට දාන්න පුළුවන් ජර්මන් සහ ස්පැනිෂ් හෝටල් සංකීර්ණ . තුන්වෙනි තැන ඉතාලිය , ග්‍රීසිය සහ තුර්කිය වගේ රටවල හොටෙල් .
මේ හෝටලේ සංචාරකයන්ට වෙනම කෑම ගන්න අවශ්‍ය නම් ලි පැනෙල් වලින් වෙන් කරපු පොඩි කාමරත් තිබ්බ සයිඩ් එකෙන් . පින්තූර බලන්නකෝ . සකේ බෝතල් වල ලොකු දැක්කම බය හිතෙනවා .
මෙහෙ කෑම දෙන්නේ පොඩි ට්‍රේ වල . කෑම පොඩ්ඩ පොඩ්ඩ හැම එකෙන්ම බෙදාගෙන ඇවිත් කන්න පුළුවන් . ඒ ගොල්ලෝ ලියල තියනවා - කන්න පුළුවන් තරම විතරක් ගන්න . වැඩිපුර අරන් අපරාදේ නාස්ති කරන්න එපා කියල . මම ලංකාවේ සහ අනිත් රටවල දැකපු දෙයක් තමයි මිනිස්සු කන්න බැරි තරම් බෙදාගෙන ඔහේ තියල යනවා . මේ රටේ සංචාරකයෝ වුනත් අර විධිහට කන ගාන බෙදාගෙන යනවා කියල දැක්ක . මෙහෙ රටේ මිනිස්සුන් ගේ ස්ථුලත්වය අඩුයි වගේ පෙනුනේ , ඒ නිසා වෙන්නත් ඇති .
ජපන්නු තමන්ගේ රැකියාව - ඒක මොක වුනත් කමක් නැහැ - බොහොම සීරියස් ගන්නවා කියල තමා මට පෙනෙන්නේ . ටැක්සි රියදුරු මහතා එනව හරියටම වෙලාවට . ටුවර් ගයිඩ් ල , හොටෙල් ස්ටාෆ් සහ අනිත් හැමෝමත් එහෙමයි . ජපන් වචනයක් තියනවා "ගන්බරු " කියල . ඒකෙ තේරුම කියන්නේ කරන වැඩේ කොහොම හරි මහන්සි වෙලා කැප වෙලා කරන්නේ කියන එක .
අපි හිටි හරියේ ඉඳන් ටෝකියෝ සෙන්ට්‍රල් ස්ටේෂන් එකට යනකොට දැක්කේ ටයි කෝට් ඇඳගෙන ඔෆිස් යන පිරිමි සහ ඒ වගේම ෆෝමල් ඔෆිස් අඳින ඇඳුම් ඇඳගෙන ඔලුව පහත් කරගෙන ඉක්මනින් වැඩට යන ගැහැණු .
අනික් දැක්ක දෙයක් තමා නීතියට ගරු කරන විධිහ . සාමාන්‍ය නීතියට . ටිකට් එක වැරදි නම් හොරෙන් යන්නේ නැහැ . ටිකට් ඔෆිස් එක ගාව බලන් ඉන්නවා වැඩිපුර ගාණ ගෙවල යන්න . එතන ගේට්ටුවෙන් යන්න පුළුවන් වුනත් . පාරේ වාහන නැති වුනත් කොළ එලිය වැටෙන තුරු පාර පනින්නේ නැහැ . එහෙම නැති තැන්වල වාහන රියදුරන් නවත්වල බලාගෙන ඉන්නව අපි පාර පනිනකන් . මේක එංගලන්තෙත් තියනවා හැබැයි . ඉන්න පැත්තේ හැටියට .
ජපානේ ප්‍රධාන ආගම් දෙකක් තියනවනේ . අපට හමුවුණු ජැපනියක් කීව එයාලට සතුටු අවස්ථාවල - ඒ කියන්න උපන් දිනයක් , විවාහයක් වගේ වෙලාවක ෂින්ටෝ පන්සලකට යනවලු . මරණයකදී , දුකකදී , කෙනෙක්ව මතක් කරන වෙලාවක වගේ සංවේදී අවස්ථාවල බුද්ධාගමේ පන්සලකට යනවලු . ජිවිතේ ප්‍රශ්න එනකොට පොඩ්ඩක් සෙන් බෞද්ධ පිළිවෙත් වලට හැරෙනවලු . කියවනවලු . ක්‍රිස්මස් එකත් සමරනවලු . ඒක ජපානේ ආර්ථිකයට හොඳයි ලු .
ඇවිත් දවස් හතරක් වුනාට අද තමා මුල් දවස් ගැන ලියන්න පුළුවන් විධිහට වෙලාවක් ලැබුනේ . හෙට අනිද්දට තව විස්තර . අපි හිටිය කින්ෂිවෝ වල පින්තූර ටිකක් යට .
-21/05/2025 Ajith Dhaarmakeerthi
මම සංචාරය කරන්න ආසම රට. එක පාරයි ගිහින් තියෙන්නේ. ජපානය කියන්නේ වෙනම ලෝකයක්. සාමාන්‍ය මිනිස්සු සංචාරකයන්ට උදව් කරන්නේ කිසිම පැකිලීමක් නැතුව බොක්කෙන්ම. ඒ අයට ඉංග්‍රීසි භාශාව බැරි වුනත් වැඩේ කෙරෙනකම්ම අතාරින්නේ නැහැ. ඊලඟ කොටස කියවන්න ආසාවෙන් ඉන්නවා.
ReplyDeleteඒක ඇත්ත . සිරිත් විරිත් හා හැසිරීම් අතින් අනික් රටවලට වඩා හුඟක් වෙනස් . සංචාරකයන්ට බොක්කෙන් උදව් කරන එකත් ඇත්ත . අපිටත් දෙතුන් දෙනෙක් එහෙම උදව් කළා . ස්තුතියි ඉයන්
Deleteඊලඟ කොටස කියවන්න ආසාවෙන් ඉන්නවා x2
ReplyDeleteප්ලෑන් කරලා තියෙන සයිට් සීන් වල හැටියට ලියන්න වෙලාව හමබ් වෙන්නේ අඩුවෙන් , ලන්ඩන් ගියාට පස්සේ ඉවර කරන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ
Deleteඊලඟ කොටස කියවන්න ආසාවෙන් ඉන්නවා x 3
ReplyDeleteපොඩි කාලේ හිටං දැනගෙන හිටිය ජපන්
හැබැයි රට නෙවෙයි- වතුරේ 'ජබර ජපන්'
පසු කාලෙකදි දැනගත්තෙමි විදිහ ජපන්
මළගිය ඇත්තො 1-2 පොත් කියැවීමෙන්
ජපන් ජබර තිබ්බ නොවැ ඉස්සර බේරේ
Deleteජපානෙන් ම දුන්න යන්ත්‍රයකින් අරන් දැම්මේ
මලගිය ඇත්තෝ එක ධම්මිකා චාන්දනී දුන්න , ආයේ කිය වන්න ඕනේ බලන්න අදහස බලන්න ආයෙත්
ඊලඟ කොටස කියවන්න ආසාවෙන් ඉන්නවා x 3+1
ReplyDeleteඅම්මට සිරි අමුතු අකුරේ මහත්තය ආව කියන්නේ ලියන්නම වෙනවා
Deleteඇයි මං කලින් ඇවිල්ල නැතෙයි.
Deletehttps://kolambagamaya.blogspot.com/2024/11/blog-post.html?showComment=1731586455908#c5058763996625745091
ගන්බරෙ ගන්බරෙ, සෙන්පායි
ReplyDeleteමේක බලන්න බහ ජපානේ . ඇවිල්ලම බලමු
DeleteHave fun!
ReplyDeleteඕකේ බොස්
Deleteඊලඟ කොටස කියවන්න ආසාවෙන් ඉන්නවා x 5
ReplyDeleteඅපි දැන් ඉන්න හොටෙල් එක එහා පැත්තේ දුම්රිය පලක් තියෙන්නේ . මම කොච්චි පිස්සෙක් නිසා යන යන කෝච්චිය දිහා බල බල තමා ටයිප් කරන්නේ , ආරාධනා පහක්ම තියනවා කියන්නේ සුළුපටු නැහැ
Deleteඅපේ ජපාන සංචාරය වුනේ ගිය අව්රුද්දෙ. සරත් ඍතුව උදාවෙලා නොවැම්බරයේ . taxi නම් ගත්තේ එකපාරයි. JR line එකෙත් Shinkansen bullet ට්‍රේන් එකෙත් තමා සංචාරය කරේ. මුළු පවුලේම ඒකමතික තීරණය තමා අයෙත් යන්න සුදුසුම රටක් හැටියට. හැබැයි ඉතින් ටිකක් විතර over tourism වලට ගොදුරුවෙලා.වෙනස් ඍතුවල වෙනස් පළාත්වල සංචාරය තමා බලාපොරොත්තුව. අජිත් මහත්මයා නම් සකුරා දකින්න ඇති.ඊළඟ කොටසෙන් ඒ ගැන ලියවෙයි කියල හිතනවා
ReplyDeleteඅපේ බිරින්දෑ ගුවන් යානයෙන් බැස්සා ගමන් ටක්සියෙන් හොටලේටේ . එතන ඉඳන් ස්ටේෂන් එකට් ජර්මන් නොවැ . උන්නැහේට හරියට ප්ලෑන් ගහල තියෙන්න ඕනේ . එතන ඉඳන් ස්ටේෂන් එකට ටක්සියෙන් . හරියටම වෙලාවල් දාල ඒ වෙලාවල් වලටම තමයි යන්නේ . ටැක්සි රයිඩ් ම දහයකට වඩා ප්ලෑන් කරල ගෙවලත් තියෙන්නේ . බුලට් ට්‍රෙන් එකේ තමා අපිත් වැඩියෙන්ම යන්නේ , ඒ ගැන විස්තර තුන්වෙනි ලිපියේ ඉඳන් වගේ එයි . සකුරා මල් කියන්නේ චෙරි මල් නේ . අපේ ලඳ ගෙදරට එන පාරෙත් ගස් තියෙනවා . දැන් සීසන් එක ඉවරයි හැබැයි .
Deleteඅජිත් මහත්මයා චෙරීස් පොප් කරන්න ආස නැද්ද ?
Deleteඊලඟ කොටස කියවන්න ආසාවෙන් ඉන්නවා x 6
ReplyDelete//වැඩේ කියන්නේ පිජාමා එකකුත් දුන්න. මට හරියටම හරිනේ සයිස් එක// කෝ ඒක ඇඳලා ගත්ත පින්තූරේ දාලා නෑනෙ...
ජපන්නු ගැන අත්දැකීම් ගොඩක් තියෙනවා, ලියන්න කම්මැලියි... ජපන් ඉංජිනේරුවෝ කියන්නේ 9.55 AM, 3.25 PM වගේ වෙලාවල් වලට මීටින් පටන් ගන්න, මොළ දෙකකින් වැඩ කරන අමුතු මිනිස්සු සෙට් එකක්.
මට නිතර හිතෙන දෙයක් තමයි අර පොඩි ළමයා වැටෙන්න තිබුනේ හිරූෂිමාවලට නෙමෙයි කොළඹට!
පිජාමා පින්තුරේ ෆේස්බුක් දාලත් අයින් කළා . පෞද්ගලික වැඩියි කියල හිතුන හේ හේ . ස්තුතියි දිරි ගැන්වීමට . (ඔක්කොටම ) හෙන ගොඩක් ලියන්න නම් තියනවා . ජපන්නු හපන්නු කියලත් කියනවා නේ අපි . අපොයි කාටවත් වැටෙන්න හොඳ නැහැ . අපේ මිනිස්ස්සු ඉතින් අපේ මිනිස්සු .
Deleteඅපි දෙන්නා අප්‍රේල් මුලදී සති දෙකකට වැඩි රවුමක් ගියා. පිළිවෙල, පිරිසිදු කම, මිනිස්සුන්ගේ ආචාරශීලී කම හරියට අගය කරන්න ඕන දේවල්. එයාර්පෝට් එකේ විසිතුරු ත් බලල අන්තිමට මං එලියට එනකොට බැගේජ් බෙල්ට් එක හිස්. ටිකක් වටපිටාව බලන කොට දැක්කා අපේ බෑග් ටික තියාගෙන ගෑණු ළමයෙක් ඉන්නවා එයා ළඟට ගියාම අපේ ස්ලිප් චෙක් කරලා බෑග් ටික බාර දුන්නා. එයාර්පෝට් එකේ ඉඳන් ගමන ඉවර වෙනකම්ම දක්වා ම කීප සැරයක්ම අපිව අතරමං උනහම ජපන් ජාතිකයන් කීපදෙනෙක් තමන්ගේ ගමන නවත්තලා ම ඇවිල්ලා පාර පෙන්නුවා විශේෂයෙන් ම අනිඩර්ග්‍රවුන්ඩ් ස්ටේෂන් වලින් එලියට යන්න හරි පාර හොයා ගන්න බැරි වුණහම. සමහර ඒවයෙ එලියට එන්න තැන් තිහකට වඩා.චෙරි මල් නම් එපා වෙනකම් දැක්කා.
ReplyDeleteඅන්න ඒ සර්විස් එක ඇත්තටම වෙන කිසි රටක නැහැ . චෙරි මල් සීසන් එක දැන් ඉවරයි . ලන්ඩන් වල විතරක් නෙමේ අපේ ගෙවත්තේ පවා තියෙන නිසා චෙරි මල් නැති එක එපමණ අවුලක් නැහැ .
Deleteඅජිත් මහත්මයා, Japanese shemales ලත් මරු.❤❤❤
ReplyDeleteරුවට රුවේ සකුරා ඉවුරේ, සකුරා මල් පිපිලා හරි පුදුමයි සිංදු 2ත් මතක් උනා.
ReplyDelete//අපට ජපන් බැහැ . යන්තන් ගුගල් පිහිටෙන් // දැන් App හෙම තියෙනව නෙ ඔයවගෙ ඇබැද්දී මගහැරගන්න. ට්‍රයි එකක් දැම්මෙ නැතෙයි.
ඔව් ඇප් එකක් දාගන්න බැරි වුනා . ඒ දැම්මත් ඉතින් වයිෆයි තියෙන්නත් ඕනේ
Deleteඅපෙ අම්බරුවන් "ගන්බරු" වැඩේ ඉගැන්නුවන්ම් මරු!
ReplyDeleteඅපිනම් ගන්බරු තමයි
Delete