Monday, 23 June 2025

ක්යෝටෝ පන්සල් වන්දනාව - දහසක් බුදුන්ගේ ආරාමය , උණ ගස් වනය , සෙන් ආරාමය හා රත්රන් පන්සල හා ෂින්ටෝ පන්සල

                                                       

අපි ක්යෝටෝ වල හිටියේ මැයි 22 ඉඳන් 25 වෙනකන් වගේ .  
කියෝමිසු - දේරා පන්සලෙන් පස්සේ ටුවර් බස් එක කෙලින්ම ගියේ සංජු - සන් - ගෙන් - දෝ කියන දැව වලින් නිමවපු තවත් පන්සලකට . පන්සල හදලතියෙන්නේ  1164 කැනොන් බෝධිසත්ව වෙනුවෙන් .  මේකේ විශේෂත්වය තමා  දහසක් හිටිවන පිළිම කොටස් 33 කට බෙදල ප්‍රදර්ශනය කරන එක .  බෝධිසත්වය වේෂ තිස් තුනක් අරගෙන මිනිසුන් බේරා ගන්න එන නිසාලු එහෙම තියෙන්නේ. මේ  පන්සල ගිනි අරගෙන ආයෙත් 1249 හදල .  දැන් පිළිම 1032 තිබෙනවා .    මේ  පිළිම හැම එකක්ම වගේ එකිනෙකට වෙනස් .  ඇත්තටම ඒක නිරීක්ෂණය කලේ ඉනෙස් .  එතන පින්තූර ගන්න තහනම් නිසා මේ සැමැරුම් පොතෙන්  ගත් එකක් දාල තියෙන්නේ . තවත් අපූරු දෙයක් තමයි ජාතක කතාවල ඉන්න චරිත වල ප්‍රතිමා .  ශක්‍ර දේවේන්ද්‍රයා ,  වරුණ දෙවියෝ (thunder god ), වාසු , මහා බ්‍රහ්මය ,  විරුධක ,  විරූපාක්ෂ (හතරවරම් සෙට් එක )  , කින්නර , ගරුඩ , සුර ඔක්කොම ඉන්නව .   ජපන්නු වගේම සමහර චීන ,  තායිවාන් සංචාරකයෝ ඒ පිළිම වලට වඳිනවා දැක්කා. ගුරුතුමෙක් ගැටවර වියේ  පාසැල් ළමුන්  එක්ක ඇවිත්  හිටිය .  එයාලත් විස්තර අහන ගමන් පෝලිමට වැන්ද . හරියට අපේ පාසැල් කාලේ වගේ .  


මේ පන්සලේ ගෙවත්ත හරිම පියකරුයි .  ඔය උඩ දාල තියෙන පින්තූරය. නියම ජපන් ගාඩ්න් එකක් හරියට අපි ඒ කාලේ පොත් පත්වල බැලුව වගේ .   පහල නම් හාමුදුරු සොහොන්කොත් වගයක් .  මෙතැන් සන්සුන් වගේම ගාම්භීර ගතියකුත් දැනෙනවා .   අපි පොඩි කාලේ ගංගාරාම පන්සලට යනකොට ඒත් මේ වගේ නිසසල තැනක් වගේ දැනුනේ  කොපමණ සෙනග හිටියත් .  දැන්නම් ඒ ගතිය ගිහින් ගොඩ ගහල තියෙන පුරා  වස්තු වලින් .  මේ පන්සලෙත් ඒ වගේම ප්‍රතිමා ගණනක් තිබ්බත් විශාල නිසා හා සුන්දර නිසා ද කොහෙද ඉතාමත් සන්සුන්, නිශ්චල  ගතියක් තියෙන්නේ . 










ඊට පස්සේ අපි ගියා බුෆේ ක්‍රමයට කෑම ගන්න .  එතනදී නම් ෆොටෝ ගැහුවේ නැහැ .  විනාඩි විසිපහකින් වගේ කන්න තිබ්බ නිසා .  කෑම නම් නියමයි ඉතින් .   සෑහෙන්න ලොකු චොයිස් එකක් තිබ්බ . කොරියන් විශිහ්ට බැදපු චිකන් .  ලංකාවේ වගේ බැදපු මාලුය් .  සුෂී එක එක ජාතියේ .   ජර්මන් චීස් කේක් තිබ්බ .  පොඩි පොඩි කෑලි. අර මොචා එක්ක .  එතැනදී බ්‍රිතාන්‍ය ඉන්දියානුවෙක් හම්බ වුනා, තමිල්නාඩු මූලයන් තියෙන.  බලන කොට එයා අපේ නගරයට (එන්ෆිල්ඩ් ) අල්ලපු නගරයේ බානට් වල .  එයත් නීතිය පිලිබඳ මෘදුකාංග හදන කම්පැනි  එකක ,  අපේ රයිවල් එකක්. කරන්නේ මගේ ටයිප් ජොබක්මයි. ඒකත් පුදුමයි .  

එතනින්  ගියේ  ඊටත් වඩා ලස්සන සෙන් බුදු දහමේ රින්සායි නිකායේ පන්සලකට ටෙන්රුයි ජි  අරශියාම වල .  පන්සල හදල තියෙන්නේ 1339.  මේක ඔය ජපානේ කඳුවැටි  පහේ සිස්ටම් එකට (five mountains and ten monasteries) අයිති යුනෙස්කෝ සයිට් එකක් . ඒ කලේ ආණ්ඩුවෙන් (Ashikaga shogunate) සහය දීපු පන්සල් නිසා ඒ නම වැටිලා තියෙන්නේ .  ඔය මම පින්තුරය දාල තියෙන්නේ ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් එකට .  ඒක තියෙන්නේ ලොකු උණ ගස් වනාන්තරයක් ඇතුලේ සගනෝ උණබම්බු වනය කියල කියන්නේ .   මට මතක් වුනේ අර චීන ෆිල්ම් එක - Crouching Tiger, Hidden Dragon: Bamboo Forest Final Fight.   මේ වනය තනිකරම ස්වභාවික එකක් .  
මේ පන්සලේඋඩ  වහලයි ඈත පෙනෙන කඳු වැටියේ මුදුනයි එක පේලියටතියෙන්නලු හදල තියෙන්නේ .  මට නම් ඒක හරියට ගන්න බැරිවුනා .    මේ ප්‍රදේශයම හරිම සුන්දරයි .  සෙනග අඩු වුනානම් තවත් ලස්සනයි . 







 ජපන් පවුල් කිමෝනා සහ සම්ප්‍රදායික ඇඳුම් ඇඳගෙන ඇවිත් විශාල ශාලාවේ වාඩිවෙලා ඉන්නව . බොහොම සාමාන්‍ය විධිහට  කතාබහ කරනවා  තේ බිබී .




ඉන්පසු  ගියේ ගෝල්ඩන් ටෙම්පල් එක බලන්න. මේකේ නම කින්කකු - ජි. එළියේ තියෙන පුංචි වැව නිසා හරිම ලස්සනට පේනවා .   වහලයේ මුදුනත් පලවන හා  දෙවන තට්ටුවට එනකන්  0.5   μm රන් පත් වලින් වහල තියෙන්නේ  .  හැබැයි ඒක නිසාම ඇතුළට යන්න දෙන්නේ නැහැ . මේකත් යුනෙස්කෝ සයිට් එකක් සෙන් බුද්ධාගමට අයිති. රදළ සයෝන්ජි ට අයත් වෙලා  තිබුනු මාලිගාව තුන්වන  අශිකාගා ශෝගන් යෝශිමිට්සු ගේ ඇස ගැටෙනවා. ඔහු සමුරායි සෙන්පතියෙක්. ඔහු අර ගන්නවා මාලිගයක් කරන්න . "කිතයමා" සංස්කෘතිය (චීනය සමග ඒකාබද්ධව) පටන් ගත්තේ මෙතනින්ලු .  ජනකතාවට කියන්නේ පහලම තුන්වන  කොටසේ රත්රන් නැත්තේ රදළයන් ට ඉඳගන්න දෙන තැන නිසාලු .  ශෝගන් රදලයන්ට කැමති නැහැ .  ඔවුන් සමච්චලයට ලක් කරන්නලු  එහෙම කලේ .  නමුත් එනිසාම රදලයන් අතින් මැරුම් කෑවලු.   





ශීත කාලයට පන්සල පෙනෙන හැටි : 




මේ ලිපිය අවසන් කරන්න ඕනේ නිසා ෂින්ටෝ ෆුන්ශිමි ඉනාරි සිද්ධස්ථානය ට  ගිය එකත් දානවා කියල හිතුව .  මොකද ක්යෝටෝ ගැන තව ලිපි දෙකක්ම තියනව ලියන්න .  ශින්ටෝ ආගමේ තියනව පන්සලට  ඇවිදින්න හදල ලස්සන පාරවල් .  ඒ දෙපැත්තේ ඉටිපන්දම් හෝ පහන් පත්තු කරන්න කණු තියෙනවා .  රාත්‍රියට හරිම ලස්සන ඇති .  ඊළඟට රතුපාටින් තමයි හැම පන්සලකම ගේට්ටු පාට කරලා තියෙන්නේ. රතුපාට ජීව ගුණය ට සහ නරක එළවන්න  . පන්සල ඇතුලේ විශේෂ පාරවල් තියෙනවා ලී ආරුක්කු ගහල . ටෝරි ගේට්ටු කියල කියන්නේ . ඒ පාරේ උඩට ගියහම ඉනාරි කන්දට ගිය හැකි .  ඉනාරි කියන්නේ  හාල් වලට අධිපති දෙවියන්ට.ඉතින් ඉතාම වැදගත් සිද්ධස්ථානයක්. මේකේ හුඟක් වෘකයන් ගේ සහ හිවලුන් ගේ ප්‍රතිමා තියෙනව .  දෙවියෝ පණිවිඩ එවන්නේ උන් අතේලු.  ටෝරි ගේට්ටු වලින් මතක් කරන්නේ මියගිය ඥාතීන් සහ ළඟම හිතවත්තු ,  ඔවුන් සිහි කරමින් ඒවා තුලින් යන්න ඕනේ .  මුදල් තිබෙනවා නම් දෙමාපියන් ඇතුළු මියගිය ඥාතීන් වෙනුවෙන් ගේට්ටුවක් එකතු කරන්න පුළුවන් . 

මුළු ක්යෝටෝ පලාතම ස්වභාවික සෞන්දර්යයෙන් අනූනයි. සංචාරකයෝ නම් වැඩියි .  මේ වගේ තැන්වලට යන්න ඕන සංචාරකයෝ අඩු දවස් වල ප්‍රදේශයේ නිසංසලත්වය උරාගෙන, වැව ගාව භාවන කරලා සිත නිවාගෙන ඇවිදින්න .  

තව එකක් මේ පන්සල් වලට ජපන් ජාතිකයෝ එන්නෙම සම්ප්‍රදායික ඇඳුම් ඇඳගෙන .  පිරිමි මොන්ට්සුකි සහ  යුකටා (පිරිමි  )  ඇඳුම .  ගැහැණු කිමෝනෝ සහ යුකටා. 










මම ඉතින් කොහේ ගියත් නංගිලා, අයියේ ෆොටෝ එකක් ගහල දෙන්න කියල ඉල්ලනවා. ජපානේ කියල වෙනසක් නැහැ .  එක උස හින්දද දන්නේ නැහැ .  ඔය ගේට්ටු අස්සෙන් යනකොට බර්ලින් ඉඳන් ආපු තුර්කි ගෑණු ලමේකුත් ෆෝන් එක දීලා කිව්වා පින්තූර අරන් දෙන්න කියල .  බිරින්දෑ කියනව "පොඩ්ඩක් එහාට යන්න බැහැනේ ෆොටෝ එකක් ගහන්න, මෙයා ගෑණු ලමයින්ගේ ෆොටෝ ගන්නවලු ".  එයාලා ගන්න කියනවට මම මොනවා කරන්නද ?  අහිංසක මම . 
 
ශින්කන්සෙන් බුලට් ට්‍රේන් , ටෝකියෝ සිට ක්යෝටෝ දක්වා යන මාර්ගයේ 



ලිව්වේ 23/06/2025 කොළඹ ගමයා වන මම විසිනි . 
.  
 


41 comments:

  1. ස්වභාව සෞන්දර්යය තියන පළාතක් වගේ පේන්නේ. පොතේ ධර්මය කොහොම තිබුනත් කොයි රටේ උනත් වන්දනාවට තමයි කැමැත්ත.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කාරණා දෙකටම . සංචාරකයෝ අඩු දවාක යන්න තිබුනානම් වඩා හොඳයි . නිහඬ කම් තිබ්බත් සෙනග වැඩි නිසා ඒ ශාන්තිමය හැඟීම එන්නේ නැහැ .

      Delete
  2. සොබා අලංකාරය ගැන ලියන්නට
    වදන් මදි වුණද ධර්මේ මහතාට
    ඊට හිලව්වට වාගේ ඇති වෙන්ට
    Foto දමා ඇත අපූරුවට යසට

    යන එන තැන ගැනත් ලියමින් යස රඟට
    අජිත් එක්කගෙන යයි අපිවත් එහෙට
    අගෙයි මහතුනේ පිං අත් වෙයි ඔබට
    තව ඉඩ ලැබේවා සංචාරයෙ යන්ට!

    ReplyDelete
    Replies
    1. සොබා ලංකාරය ගැන කියන්නට
      ඇත්තට මදි වුනා දන්නා වදන් මට
      පින්තුරයක් ගත්තට පෙන්වන්ට
      ලියන්නට තිබුන කියලා හිතුනි මට

      Delete
    2. ෆුන්ශිමි ඉනාරි ගේට්ටු තනිකර දැවය
      සගනෝ උණබම්බු වනය මනහරය
      ගම හාමිනේ ඉඳ-හිට දැම්මට සැරය
      හතර වටේ ෆොටෝ ගත්ත එක මරුය

      Delete
    3. ගම හාමිනේ ඔය හිටියට ඉරිසියාව නැත
      කෙල්ලන් ළඟ සිටිනා විට කඩන් පාත් වෙත
      මනහර ජපානය දැක හිත පිනා ගොස්ම ඇත
      යන්නට ජිවත් වෙන්න මට හිතිලා ඇත

      Delete
    4. මේ කතාව මීට කලින් මම කියලා ඇත
      අදර් සයිඩ්, ග්‍රාස් - ඕල්වේස් ග්‍රීන් වෙත
      දුරින් ඉඳන් සිරි-නරඹති, නැණ ඇති සත
      ඉන්න බෙනේ දාලා මම නම් යන්නේ නැත

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. Jagath Pathirana25 June 2025 at 03:45

      මමත් ආසයි උඹලගේ ගානේ නිව් හාල්ෆ් කෙනෙක් එක්ක මෙව්වා කරන්න.

      Delete
    7. මම ලිව්වා කවිය සම්පුර්ණයෙන් වැරදිනේ . මොනවා ලියවිලද මන්ද :
      කුසේ අම්ල හැදිලා ලෙඩ නොමදෙන කෑම ඇතී
      මනරම් සදෙව් ලොව ජැප්පියෝ දැක හිත ගැස්සී
      රස්සාවක් හොයා ගතහොත් බස්සෝ හරිම ගතී
      කෝච්චි වලම යනවා මම හරිම හැපී

      Delete
    8. කෑම හොඳයි, කුසේ අම්ල එහෙම නැත
      පිරිසිදු, සිත නිවන දර්ශන හතර අත
      ගැස්සෙනවා වැඩි නැත්ද ගමයගේ හිත
      බස්සෝ එහෙම දැක්කද කන ජපන් බත

      Delete
    9. බස්සෝ නම් මම දැක්කේ නැතිය
      රෑ පානේ ඇවිදින්නට ගියේ නැත
      වයස නිසා ගැස්සෙනවා විය හැකිය
      ඊළඟ ආත්මේ එහෙ උපදින්නට බැරිද

      Delete
  3. කියෙව්ව, බැලුව ඉතිං. ඒ මදෑ නෙහ්..

    ReplyDelete
    Replies
    1. ඒ ඇති . ලංකාව වගේ රස්සන රටක ඉන්න කොට කොහෙවත් යන්න ඕනෙත් නැහැ . මම ඇවිදින්න කැමති කෙනෙක් .

      Delete
    2. දත් නැතිදා උක් දඬු තලල බොන්නද කියල කිව්වලු. හැක්..

      Delete
  4. හරිම ලස්සනයි අනේ...කාලෙකදි හිමෙන් වැහිලා යනවා ඇති නේද? ඔය තැඹිලි පාට column තියෙන පන්සල හින්දි ෆිල්ම් එකක දැක්ක මතකයි. Rab ne bana de Jodi

    ReplyDelete
    Replies
    1. ඔව් නේ . හිත ඇදිල යන්න පුදුමාකාර විධිහට . හිමෙන් වැහුනම් ලස්සනයි . කම්පියුටරේ පින්තුරයක් තියනවා හිමෙන් වැහිච්ච් . හවසට දාන්නම් . හින්දි ෆිල්ම් එක හොයල බලන්නම් . ස්තුතියි . . ඉන්දියානුවෝ ෆිල්ම් ගහන යන තැන්

      Delete
    2. කුමුදු ඔබ වෙනුවෙන් මම ඒ පින්තූරය දැම්ම . මේක පන්සලේ ඔෆිස් එක ළඟ එල්ලා තිබුණ පින්තුරයක් .

      Delete
    3. චිත්‍රපටයේ අන්තිම හරියේ ජපන් හනිමුන් එකට විතරද පෙන්වන්නේ

      Delete
    4. ooo ...thanks
      ඔව් ඔව්....ජපන් හනිමුන් එකේදි තමයි

      Delete
  5. Replies
    1. වැට මාර ඉනි විකිනීමට තිබේ

      Delete
    2. වැට මාර ඉනි තොග මිලට - ප්‍රාජේ & ඇසෝසියේට්ස්

      Delete
    3. ප්‍රා ජේ ආවේ නැත්තේ උදයට විකුනපු හින්දද දන්නේ නෑ

      Delete
    4. මෙහෙ ගහන්නෙ ජැපනීස් චෙරී වැටවල්

      Delete
  6. Replies
    1. මරුනේ . ගුගල් තියෙන නිසා ෆොටෝ ඕනෙත් නැහැ . කත්වා බලන්න ඕනේ . ස්තුතියි

      Delete
  7. බොහොම කැමැත්තෙන් කියව්වා. කැම, බීම බලාපොරොත්තු සුන් වුනත්, මේ ලියලා තියෙන විදිහ හොඳයි. අර අණ්ඩක් උස්සන් ඉන්න ජපන් නංගිලාගෙ පින්තූර රිපීට් වෙලා නේද? 😋

    ReplyDelete
    Replies
    1. කෑම විනාඩි 25 කන්න කීව නිසා කාගෙන කාගෙන ගිය මිසක් පින්තුරයක් ගන්නවත් මෙලෝ සිහියක් තිබ්බේ නැහැ . එඡාරට රහයි . චිකන් කොරියන් විධිහට බැදලා , බැදපු මාළු , සුෂී ටුන එක්ක , සැලඩ් ජාති දෙකක් , බත් සහ මිසෝ සුප් , ඔන්ජෝන් ද මොකද්ද තේ , චීස් කේක් , මොන ෆොටෝ ද . නංගිලා ගේ පින්තුරේ අහක් කළා . ස්තුතියි

      Delete
    2. නියම ජෝක් එකක් දැක්ක .
      Question: What is the stupidity.
      Answer: In beetween the borders of Canada and Mexico.

      Delete
    3. එහෙ විතරක් නෙමෙයි, ඔය ට්‍රම්පුවා, හාවි වයින්ස්ටීන් වගේ එවුන් මෙහෙත් ඉන්නවා.
      ඕඩර් ඔෆ් කැනඩා දීපු එකෙක් මේ

      සල්ලි වලට ඔක්කොම යටයි. ඌත් ලිස්සල යයි.

      Delete
  8. මරු .. වීඩියෝ තියෙනවනම් දාන්න .. ජපානේ චිනේ තියෙන මේ ලස්සනට මම ආසයි .. ඒවා වෙනස්

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනස් ම සුන්දරත්වයක් . මගේ වීඩියෝ චැනල් එක life of අජිත් ඩි . ඒකෙ දානවා . ක්යෝට වලට ශින්කන්සෙන් ගමන් එනකන් දැනට දාල තියෙනවා . ඔන්න එකක් ඇතුල් කළා . බලන්න

      Delete
  9. අජිත් ඔබේ සංචාර සටහන් කියවන්නෙ හරිම ආසාවෙන්. ඔබේ තාක්ෂණ දැනුමත් ඉහල නිසා යූ ටියුබ් , ටික් ටොක් විනාඩි 3-5 අතර පුංචි ක්ලිප් ටිකක් ඉංග්‍රීසියෙන් කරන්න. වැඩේ නැගල යයි. මොකද ඔබ ඉදිරිපත් කරන සමහර තොරතුරු අප්‍රකටයි. එක ගමනකින් වීඩියෝ කීපයක් කරලා ට්‍රයි එකක් දාල බලන්න. අවශ්‍ය නම් ලංකාවෙන් සංස්කරණ ශිල්පියෙකුගේ සේවය ගන්න. එහෙම පොඩි පොඩි පාට් ටයිම් වැඩ කරන අය ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනුරුද්ධ . අර අපේ කතාවත් කරන්න බැරි වුනා නේද ? මම යු ටියුබ් වීඩියෝ දානවා . කතා කරන්න කම්මැලියි , සංස්කරණ ශිලොඉන් ගේ සේවය ගන්න හෙම , ඕවට වෙලා යනවනේ . බ්ලොග් එක ලියන්න වෙලාව හොයන්නෙත් අමරුවෙන් . මේ දිනවල මගේ ජපානෙන් n-gauge ට්‍රේන් සෙට් එකට මේසයක් හදනව . හැදුවම ඒක ගැනත් ලියන්න ඕනේ

      Delete
  10. අපූරැයි. පොටෝ ටික හන්ද තමා ඉතිං!

    Crouching Tiger, Hidden Dragon. ඒ දවස්වල ආසාවෙන් බැලුව. සමහර සීන් තිබ්බ ගෙදරදි බලන්නත් බැරි 😂😂

    ReplyDelete
    Replies
    1. මෙච්චර මාරුවෙන් ලියලත් ෆොටෝ ටික හින්ද කිවනේ . ඊළඟ පෝස්ට් එකේ ෆොටෝ විතරක් දානවා . හිටහන්කෝ 😀. තෑන්ක් යූ . එහෙම සීන් තිබ්බද ? මතකත් නෑ

      Delete
    2. සොරි බොසා 😁. මේ පෝං එකෙන් කොමෙන්ට් දාද්දී කොම්පීතරේ තරම් නිදහස් නෑ අදහස කොටන්න.
      රතුපාට ගෑ පන්සලනං ටැමිල් ෆිල්ම්වල සින්දුවලින් දැකල තියෙනව. ඒ එක්කම මතක් උනෙ අර Hollywood ෆිලුම High Plains Drifter (1973). ඒකෙත් රතු ගානවානෙ ගමේ හැම ගෙදරකටම. ඒකට හේතුවක් ඔය පන්සලේ කාරණේමද මන්ද

      Delete
  11. අපුරු සංචාරක සටහන්.,දැක්කමත් ආසයි ඒ ෆොටෝස්.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .