මුල් බ්ලොග් ලිපියේ ජපානයේ ෂින්ටෝ දහම සහ මහායාන බුදු දහම සම සමව අදහන බව ලිව්වනේ. මම මේ බ්ලොග් එකේ මරණින් මතු ජිවිතය ගැන අදහස ලියන කොට ටිබෙටන් බුදු දහමටත් වහ වැටිලා හිටියේ . ටෝකියෝ වලදී එහෙම පන්සලකුත් දැක්ක . ජපානය දකුණු කොරියාව වගේ බෞද්ධ බහුතරය ක්‍රිස්තියානිය වැළඳ නොගත්ත හේතුව මහායාන බෞද්ධ සිරිත් විරිත් සහ ෂින්ටෝ සිරිත් එකතු වීම කියල හිතෙනවා . ශින්ටෝ ආගමේ දී හිත සතුටු කරන උපන් දින වගේ දේ සැමරීම වගේම මහායාන පන්සල් වල පව් සමා කිරීමේ ක්‍රමයක් (ක්‍රිස්තියානි ආගම් වල වගේ) තිබෙනවා . ලි පතුරු වල කරපු පව් ලියල තිබ්බම හාමුදුරුවරු පසුව පිරිත් කියමින් ඒවා පුළුස්සනවා . එතකොට අර පව් ඉවත් වෙලා යනවලු . ඒ වගේම අර නොයෙකුත් දේ ප්‍රර්ථනා කරන කොඩි වැල් වගේ ලි පතුරු , රෙදි කෑලි තිබෙනවා .
හරියට අටට එන්න කීව ක්යෝටෝ ස්ටේෂන් එක ගාවට. හරියට අටහමාර වෙන කොට බස් එක ඇද්දුව. අපි මුලින්ම බලන්න ගියේ කියෝමිසු - දේරා කියන පන්සලට . මොන පින්තුර ටිකද පල කරන්නේ කියල හිතා ගන්න බැරි තරමට මේ හැම පන්සලක්ම වගේ දර්ශනීයයි . යන අතරමග තේ දන්සැලක් තිබුන . මේක හදල තියෙන්නේ කැනොන් කියන බෝධිසත්ව වන්දනා කරන්න . බෝධිසත්ව වන්දනාවත් එක්තරා අතකට අනිත් ආගම් වලට ජපන්නු යන්නේ නැති වෙන්න තව හේතුවක් මට හිතෙන්නේ . බුදුන්ට නොකියන දේ , නො ඉල්ලන දේ ඉදිරියේදී බුදු වෙන්න ඉන්න බෝධිසත්වයන් ට කියන්න පුළුවන් . මේ අපේ ටුවර් ගයිඩ් තැන පෙන්වන්නේ පින්තුරයක් බෝධිසත්ව ගේ .
පන්සල තියෙන්නේ ඔටෝවා කියන කන්දේ භාගයක් දුර නැග්ගහම . කියෝටෝ වල හිගශියමා කියන දර්ශනීය කඳු පෙළ අතර . මුලින්ම හදලා තියෙන්නේ ක්‍රි . ව . 778 නාරා යුගයේදී . ශෝගුන් (ජපානයේ අධිරාජයා වෙනුවෙන පාලනය ගෙනයන සෙන්පති වගේ කෙනෙක් ) සකනුයේ තමයි ලොකු මාලිගය හදල තියෙන්නේ . පහු කාලීන හුඟක් ගොඩ නැගිලි 1633 දී වගේ නිමවල තියෙන්නේ . ඔය පින්තූර වල හොඳට බලන්න , ලොකු මාලිගාව තනිකරම හදල තියෙන්නේ ලීයෙන්, එක ඇණයක් වත් ගහන්නේ නැතිව . කිසිම භුමි කම්පාවකට වත් වැටිලා නැහැ . මම හිටගෙන ඉන්න තැන පිටිපස්සේ ලී ජොයින්ට් තියෙනවා පේන්න. පිරිසිදු වතුර ගලාගෙන එනවාලු ඇතුලේ තියෙන දිය ඇල්ලෙන් . කියෝමිසු කියන්නේ පිරිසිදු වතුර කියන එක . අපි දෙන්නත් බීව අරගෙන. තාම මුකුත් වුනේ නැහැ .
කලින් දවසේ ගන්ඩම් බේස් එකකට ගියා . මේක සැටලයිට් එකක් . ප්‍රධාන එක ටෝකියෝ වල තියෙන්නේ . ෆොටෝ ටික බැලුවහම තේරෙයි . ඒ යොන් කියන ෂොපින් මෝල් එකේ . ජැප්පෝ හරියට පුංචි ෆෑන් භාවිතා කරනවා දැක්ක . රස්නෙයි කියල තේරුනේ නැහැ එපමණ .
18/06/2025 - කොළඹ ගමයා විසිනි .
නියමයි. පිංතූර ටික පට්ට. ඒකම තව දාහක් වටිනවා. ලස්සනට අරගෙන තියනවා. පිංතූර ටික ගන්න සැහෙන මහන්සියක් වෙලා පාටයි. ඒත් ඒක අපතේ ගිහින් නෑ. පෝස්ට් එක සම්පූර්ණ පිංතූර ටික නිසයි. අර ගම ජෝඩුවම ඉන්න, අත හෝදන ඒරියල් ෂොට් එක ගත්තෙ කොහොමද?
ReplyDelete//එනිසා මමත් දෑත බලා දුන්න පාරක් //
හෙහ්,හෙහ් 🤣. හිටපු ගමන් මෙහෙත් ජපෑන් රිටර්න් ටිකට්, අදහන්නත් බැරි තරම් අඩු ගාණට වැටෙනවා. තව කමෙන්ට් වැටුනාම ආයෙ එන්නම්.
පින්තූර තොගයක් අරගෙන අනිත් ඒවා මකනවා . ඒ ෂොට් එක ගත්තේ ගයිඩ් මහත්තයා. යන්න ජපන් . මට මිස් වෙච්චි රටක් . පට්ට ආදරයක් දැනුන රටක් .
Deleteහරි ලස්සන පලාතක් වගේ .. සෙන් සහ ෂින්ටෝ දහම කියන්නේ දෙකක් ද
ReplyDeleteසෙන් කියන්නේ බෞද්ධ නිකායක් නේ . ශින්ටෝ කියන්නේ ජපානයේ පැරණිතම ආගම . ඉදිරියේදී විස්තරයක් දෙන්නම්
Deleteඝන්ටාරෙන් ගහන්න කියල තියෙනව මිසක ඝන්ටාරෙ ගහන්න කියල නෑනෙ.
ReplyDeleteඅජිත් අයිය වැරදි වැඩේ කරල තියෙන්නෙ. හැක්..
ළඟ පාත දෙමල නයන්නක් තිබ්බේ නැහැනේ ඝන්ටාරෙන් ගහන්න 😀
Deleteරයිසිං ලයන් සාර්ථක වෙලා
ReplyDeleteඉරානය තුල සිංහ ධජය එසවේවා
ඉරානයේ තියෙන්නේ ආගමික රජයක් නිසා එහෙම වෙන්න විධිහක් නැහැ
Delete+++++++++++++++
ReplyDelete+++++++++++
ReplyDeleteඅම්මට සිරි වැට මාර දෙපාරක්
Deleteකලින් දවසේ ගුන්ඩම් බේස් එකකට ගියා . මේක සැටලයිට් එකක් . ප්‍රධාන එක ටෝකියෝ වල තියෙන්නේ . ෆොටෝ ටික බැලුවහම තේරෙයි . ඒ යොන් කියන ෂොපින් මෝල් එකේ . ජැප්පෝ හරියට පුංචි ෆෑන් භාවිතා කරනවා දැක්ක . රස්නෙයි කියල තේරුනේ නැහැ එපමණ .
ReplyDeleteඔය කොයි අප්පුහාමිගෙත් නිරගමික බව ලේෆ්ට් වෙනවා තමන්ට වාසියක් තියෙනවානම්
ReplyDeleteමහත්මයා නිරාගමික කියන අදහසම වැරදියට රැගෙන නේ ඉන්නේ . ලංකාවේ නිරා ලා සහ එයාලට බනින ආගමිකයෝ දෙගොල්ලම එකයි . බුදුහාමුදුරුවෝ අවසානයේ නිරා ගමික වෙලා තමා නිර්වාණය අවබෝධ කර ගත්තේ. මේ මම මාලන් රොෂාන් ලියපු දෙකට දුන්න පිළිතුරක් .
Delete//මම මුලින් දහය පන්තියේ වගේ කලෙක සිල් ගණන් දැඩි බෞද්ධගමිකයෙක් . අනිත් ආගම් බොරුයි කියල තර්ක කරන්න වුනත් ලැහැස්තියි . ඒ ලෙවල් ඉවර වෙලා සමාජවාදී පැත්තට යනකොට අදේවවාදියෙක් වෙලා ඉවරයි . ඒත් බෞද්ධ දර්ශනය කියල එකක් කරගහ ගෙන ගියා බෞද්ධ වෙන්න ඕනේ නිසා . හැබැයි පහුගිය කාලෙක බෞද්ධාගමත් අත ඇරලා ලන්ඩන් වල අදේවවාදී සංගමයකට බැදුන . ඒක ඩොව්කින්ස් වාදියෝ පිරිච්ච් තැනක් . හයිඩ් පාක් ගිහින් අනිකුත් ආගමිකයෝ එක්ක වලියට වාද කරන එකත් කළා . හැබැයි එක පාරටම තේරෙන්න ගත්ත මේ මොන මගුලක්ද කියල , ඊටපස්සේ නිරාගමික වුනා . ඒ කියන්නේ දැන් කිසිම ආගමිකයෙක් එක්ක රණ්ඩුවට , වාද කරන්නට යන්නේ නැහැ . බෞද්ධ කියල කියන්නෙත් නැහැ . බෞද්ධ කියා ලේබල් එකක් ගහ ගත්තම එතනත් ඇලීමක් තියෙන්නේ කියල හිතුන . හැබැයි පන්සල් යනව කවුරුහරි එන්න කිවොත් . ක්‍රිස්මස් එකත් සමරනවා . නිර් - ආගමිකයි. දෙවියෝ අදහන්නේ නැහැ . පුනරුත්පත්තිය කියන්නේ ජාන වලින් එන මෙමරිය genetic memory කියල අදහසක් තියනව . කර්මය ගැන ඇග්නොස්ටික් අදහසක් තියෙන්නේ . මියගිය අයට ඉටිපන්දමක් පත්තු කරනවා ගෞරවයක් වශයෙන් .// link eka
https://www.facebook.com/share/p/1GTiYK8tBJ/
99% ++++++++++++++++++++++👌🙏💐😁
Delete1.//ලංකාවේ නිරා ලා සහ එයාලට බනින ආගමිකයෝ දෙගොල්ලම එකයි// .එකඟයි . ලංකාවේ නිරාලා එකතුවෙලා ඉන්නේ සංස්කෘතියට විරුද්ධව. ඒ අය තේරුම් ගන්නේ නැත්තේ සංස්කෘතිය කියන්නේ වෙනස්වෙන දෙයක්.ඕනෑම දහමක දීර්ග කාලීන පැවැත්මට හේතුවෙන්නේ මේ කියන සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියන නිසා. නිරගමිකයෙක් කියන්නේ සිරා බුද්ධිමතෙක් වගේ බොරුවක් ලංකාවේ යටිපෙළ දිවෙනවා . මම බුද්ධාගමිකයෙක් හැබැයි නිරගමිකයන්ට තමන්ගේ නැණ පමණින් විග්‍රහකරගන්න අයිතිය පිලිගන්න්නවා. වෙනත් ආගමිකයන්ටත් එහෙමයි. බලෙන් පටවන්නේ නැතුව අන්තගාමි වෙන්නේ නැතුව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.
Delete2.//බුදුහාමුදුරුවෝ අවසානයේ නිරා ගමික වෙලා තමා නිර්වාණය අවබෝධ කර ගත්තේ.// එතකොට උන්වහන්සේ දේශනා ඔක්කොම බොරුද? උන්වන්සේ නිරාගමික නොවෙයි. වෙනම මධ්‍යම ප්රතිපධාවක් දේශනා කරා. ඒක ට බුද්ධාගම කිව්වත් බෞද්ධදර්ශනය කිව්වත් ඒක සමකාලීන දේශනා වලින් වෙනස්. ඇදහිලි පුදපූජා බුද්ධකාලීනවත් සිදුවුණා.
1.සතුටුයි . ලංකාවේ නිරාගමික කියල බෞද්ධාගම විවේචනය කරන සමහරු කතෝලික ආගමේ සහ තව සමහරු මුස්ලිම් ආගමේ කියල දැක්ක . මම මෙහෙදිත් ඒක දැකල තියනවා . ඒ අයට නම් මම සමහර වෙලාවට විහිළුවක් කියල පිළිතුරක් දෙනවා .
Delete2. මම මේක හදන්න ඕනේ . බුදු හාමුදුරුවෝ කියන යෙදීම වැරදියි . සිදුහත් තවුසා කියල වෙන්න ඕනේ . ඒක හදන්නම් . උන්වහන්සේ ගේ දේශනා බොරු කියල මම කොහෙවත් ලිව්වේ නැහැනේ. සිදුහත් උපන්න ආගම මොකද්ද ? බ්‍රහ්මාගම . එයා ඒක අත හරිය . ඊට පස්සසේ නොයෙක්ත් ආගම් කරා ගිටා . උද්දක රාම පුත්ත , මක්ඛලි ගෝසාල වගේ . අන්තිමට සිරුරට වධ දීමේ ආගම තෝරා ගෙන ඒකත් අත හරිය . එතකොට අනිත් තවුසෝ එයාව හැර ගියා .එතනින් පස්සේ එයා නිරාගමික වුනා සම්පුර්ණයෙන් . මධ්‍යම ප්‍රතිපදාව පිලි පදින්නේ ඊට පස්සේ . ඒක ආගමක් නෙමෙයි නේ . ජිවන ක්‍රමයක් . පමණට කාල , පමණට නිදාගෙන , ඇඟ පමණට හදාගෙන භාවනා කළා . ඔය දැන් ජප්ප ජිවත් වෙන්නේ එහෙම . (හැමෝම නෙමේ ) . ඊට පස්සේ තමා එයා නිවන් අවබෝධ අකර ගත්තේ . නිරාගමික වෙලා . බුද්ධාගම කියන්නේ ඊට පස්සේ ආපු ආගමක්
අඩේ මේක මරු ... ෆොටෝම 50ක් ඔබලා තියෙන්නේ.
ReplyDeleteඒකනේ . දැන් මේකම දානවා ෆේස්බුක් එකටත් .
Deleteහුම්. පිංතූර සහිතව තොරනේ විස්තරේ තියෙනව. අගෙයි. ඒ පන්සල්වල මරු. සොබාදහමයි, කලාවයි නිස්කලංක බවට එකතුවුනාම තවත් අපූරුයි!
ReplyDeleteඅන්න නමිට තේරුනා . ෂින්ටෝ ආගමේ ප්‍රධාන තේමාව තමයි සොබාදහම සමග එක්වීම
DeleteUnderstanding Kami, the Shinto Spirits
Deleteසොබාදහම හා එක්වෙන අතරේම
Deleteරැකගෙන තියෙනවා පිළිවෙල නියමෙටම
පිරිසුදුකමත් පෙනෙනව හැම ෆොටෝවෙම
වැටහේවා අගය මෙව්වගෙ හැමෝටම!
බස්සා ඒක මරු . දැනුයි කියෙව්වේ . ගොඩක් දුරට හරිනේ . නිදි ස්තූතියි කවියට .
Deleteපිරිසිදු කමත් පෙනෙනවා හැම වටේටම
Deleteකුණු කාණුවක් දැක්කෙම නැහැ බොලේ මම
කාණු වලත් පැහැදිලි දිය හැම තැනම
මාළුවෝ පවා පීනති ඒ කානු වල
නරි බුරති නාට්‍යය බලල වගේ.
Deletehttps://www.facebook.com/watch/?v=1300912560898027
අප්පට සිරි නිදි, යකෝ ඒක මරුනේ . තැන්කිව් , බලල තිබ්බේ නැහැ . ඔය ජපානේ ගැනද කියන්නේ
Deleteජපානේ ගැන නෙවෙයි අජිත් මහත්තයෝ 'නරි බුරති' ප්‍රහසන (වේදිකා) නාට්‍යයෙන් කියන්නේ අමුතු ඇටයක් වගේ දිහාවක් ගැන.
Deleteඅර මුලින් දාලා තියෙන, මුල් ලිපිවල ලින්ක්ස් ටික හොඳයි. මම ගුන්ඩම් ගැන එතරම් දන්නෙ/උනන්දුවක් නෑ. ඒත් ඒ පස්සෙ එකතු කල පිංතූර ඒ ගැන උනන්දු අයට ප්‍රයෝජනවත් වේවි.
ReplyDeleteහැකි නම්, ට්‍රිප් ප්ලෑන් කල හැටි, හොටෙල් බුක් කල හැටි වගේ දේවල් ටිකකුත් අන්තිමට ලියන්න. පලමු වතාවට යන්න ඉන්න අයට වැදගත් වේවි.
ගුන්ඩම් ඒවා හදන්න ආස අය ඉන්නව . ලෙගෝ වගේම තමා . Gundam (Japanese: ガンダムシリーズ, Hepburn: Gandamu Shirīzu, lit. Gundam Series) is a Japanese military science fiction media franchise. Created by Yoshiyuki Tomino and Sunrise (now Bandai Namco Filmworks), the franchise features giant robots, or mecha, with the name "Gundam". The franchise began on April 7, 1979, with Mobile Suit Gundam, a TV series that defined the "real robot" mecha anime genre by featuring giant robots called mobile suits (including the original titular mecha) in a militaristic setting. The popularity of the series and its merchandise spawned a franchise that includes 50 TV series, films and OVAs as well as manga, novels and video games, along with a whole industry of plastic model kits known as Gunpla which makes up 90 percent of the Japanese character plastic-model market.[1][2][3]
Deleteහැකි නම්, ට්‍රිප් ප්ලෑන් කල හැටි, හොටෙල් බුක් කල හැටි වගේ දේවල් ටිකකුත් අන්තිමට ලියන්න. පලමු වතාවට යන්න ඉන්න අයට වැදගත් වේවි.- බිරින්දෑ තමා . ඒකත් මරු කතාවක් නිසා ලියන්නම් . https://www.youtube.com/watch?v=PjoLfWJlfyc&list=PLJV1h9xQ7Hx-MSngXeq-sRbelh5zCVRNI
Deletehttps://www.youtube.com/watch?v=ohrPWslUlpk
Delete//ඒකත් මරු කතාවක් නිසා ලියන්නම්// අන්න නියම වැඩක්. මරු කතා අහන්න අපි හරි ආසයි. පින්තූර ටික ගැන නම් කතා නොකරම බැහැ ....ඒ තරම්ම අපූරුයි
ReplyDeleteහේ හේ . ඒක ඇත්ත
Delete