Tuesday, 10 June 2025

ජපානයේ කෑම සහ ක්යෝටෝවේ කිරි අම්මා ගේ කෑම කඩේ


ශින්ටෝ පන්සලක ජපන් ගෙවත්ත (පින්තුරය මගේ ) .  


ජපානයේ කෑම හෙවත් උදේ ආහාර වේල ගැන කලින් ලිව්වා වුනත් වැඩි විස්තරයක් කලේ නැති නිසා මේ ලිපිය ලියන්න හිතුව. අපි සාමාන්‍යයෙන් දේශීය අය කන තැන්  වලින් මිසක් ටුවරිස්ට් ලට වෙන් කරපු තැන් වලින් කෑම ගන්නේ නැහැ .  ඉතාලියේ වෙනිසියේ දී හෙම එහෙම ලෝකල් තැන්වල ආහාර හරිම රස බව තේරුනා .     ටෝකියෝවේ දී එක හවසක අපි ගියා ජපන් කියල හිතාගෙන මැලේ චීන අක්ක කෙනෙක් (අක්ක කිව්වේ අපේ වයසේ වගේ පෙනුන නිසා) රන් කරන පොඩි රෙස්ටුරන්ට් එහෙකට .  එතැනදී තව මැලේ චීන මෑන් කෙනෙක් සෙට් වෙලා කතාවක් දාගෙන අසාහි බියර් දෙකකුත් බීව. මැලේ චීන කියනව මැලේසියාවේ  ඒ ගොල්ලට සෙකන්ඩ් ක්ලාස් ලු සලකන්නේ. භූමිපුත්‍ර මැලේ උන්ට සලකනවා වැඩිලු. ඒකලු  ජපානෙට ආවේ .  පවුල සහ   ගෙවල් මැලේ වල .  එහෙට සල්ලි යවනවලු. ඇත්තද බොරුද මම දන්නේ නැහැ .

මේ ආපන ශාලාවේ ලොකු සකේ බෝතල් තිබුන .  ඒවා සල්ලි දීල අරගෙන කොටසක් බීල ඉවර කරන්න බැරිනම් තියල යන්න පුළුවන් .  නම ගහල අරන් තියනව .  වෙන දවසක ඇවිත් ඒක බොන්න පුළුවන් .  කස්ටමර් ල එතනටම ගෙන්න ගන්න මරු ක්‍රමේ . ඔය ෆ්‍රිජ් එක උඩ තියෙන්නේ ඒවා .  නූඩ්ල්ස් වගේ මොනවා හරි තමා කෑවේ.

ක්යෝටෝ වලදී අපි ෂොපින් මෝල් එකකට ගිහාම එතැන චීන කෙල්ලෙක් කන සුෂී වගයක් දැක්ක .  බ්ලු ෆින් ටූන තියන නිසා එතනින් කෑව. ඒ වෙලේම හදල දෙනවා .  මම සුප් එකයි සුෂී සෙට් එකයි ගත්ත අසාහි බියර් එකක් එක්ක . 


මේ ඉනෙස් ගත්ත බ්ලු ෆින් ටූනා කෑම එක .  .  

ළඟ හිටිය චීන කෙල්ල  එක්ක අපි කතා කළා .  රැකියාවේ වැඩකට මාස දෙකකට ඇවිත් ආයේ යනවලු .  ඊළඟ පාර  වැඩි කාලයක් ඉන්න එනවලු .  එච්චර ට ජපානෙට කැමැතියිලු .  

ජපානේ ඉන්න ගමන් අපේ යුරෝපියන් ගයිඩ් ලා කියන දෙයක් තමා ජපානේ වැඩ වැඩියි .  මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. රෑ වෙකන් වැඩ කරනවා .   ඒ නිසා සියදිවි හානි කර ගන්නවා වැඩියි කියල .  මේක මම පස්සේ දීර්ඝව සාකච්ඡා කරන්න හිතා  ගත්ත වුනත් සඳහන් කරන්න ඕනේ දෙයක් තමා ජපානේ ට ඉහලින් තමා  ඉන්දියාව ,  රුසියාව ,  ශ්‍රී ලංකාව, ඇමෙරිකා  එක්සත් ජනපදය  , සතුටෙන්ම ඉන්න රට ෆින්ලන්තය , බර්කිනා ෆාසෝ , ස්වීඩනය වගේ රටවල් තියෙන්නේ සියදිවි හානි කර ගැනීම් වලින් .  ජපානේ 49 වැනිය .  බ්‍රිතාන්‍යය   117 වැනිය.  ජපානේ හරාකිරි කියල ක්‍රමයක් තියනවනේ සමුරායි වරු පැරදුනොත් දිවි හානි කර ගන්න .  ඒක ගරුත්වයක් හටියට හිතන්නේ. දෙවන ලෝක යුද්ධෙදි කමිකාසේ පයිලට් ල මරාගෙන මැරුණා. ජැප්පෝ වැඩක් නැත්නම්, රැකියාවක් නැත්නම්  ඒක අගෞරවයක් හැටියට ගන්නවා. එතකොට දිවි හානි කර ගන්න එක ගෞරවයක් .  තනිකරම යුරෝපීය අදහසට අනිත් පැත්ත . 
  
ඉතින් අපි දෙවෙනි දවසේ පන්සල් වන්දනාවේ ගිහින් (මේ ගැන ඊළඟ ලිපිය ලියන්නම් .   ඔය උඩම පින්තූරෙත් එක්ක )    හවස කන්න තැනක් හොයා හොයා ඇවිද්ද . පොඩි කැෆේ  එකක් වගේ දැකලා ඇතුළට රිංගුවා .  තරමක් වයසක කාන්තාවක් හිටිය.  මටත් හැටක් නිසා දැන් ඒකත් තරුණයි වගේ හිතෙන්නේ .   ජැප්පෝ ගැහැණු පිරිමි දෙතුන් දෙනෙක්  එක්ක කතා කර කර ඒ ගොල්ලන්ට කෑම හදා දෙනවා .   ඉංග්‍රීසි බැහැ . අපේ වාසනාවට මේසයේ  ඉඳගෙන හිටිය ටැස්මේනියා වලින් ආපු කපල් එකක්. එතන හස්බන්ඩ් ගාව පරිවර්තන  ඇප් එකකුත් තිබුන .  එයාල කාපු කෑම ජාති පෙන්වල කීව ඒවා හොඳයි කියල .  එකක ඌරු මස් සහ හරක් මස් ගෝව එක්ක බැදලා. අනික නිකන් ඔම්ලට් එකක් වගේ . 
ඒ ගමන් අපි කීව හරි අපටත් ඒකම දෙන්න කියල .  ටස්මේනියන් කපල් එක ඒකත් පරිවර්තනය කරලා  දීල සමු අරන් ගියා .  විදේශ සංචාරකයෝ පවා එකිනෙකාට උදව් කරනවා ජපානේදී.

පුංචි කැෆේ එකේ  හත් අට දෙනෙකුට තමා ඉඳගන්න පුළුවන් .  ඔය පිටි පස්ස හැරිලා ඉන්නේ කැෆේ අයිතිකාරයා,  හිකිඩෝ වගේ නමක් කිව්වේ . 

ඉනෙස් ඉල්ලපු කෑම එකට පිටි වගේ දේකට මීසෝ සෝස් වගේ දයක් ,  කිරි වගේ මොනවහරි දාලා බැදෙන්න ඇරලා  ඒක උඩට බේකන් , බීෆ් පෙති දාලා ඒකට උඩින් අර ඔම්ලට් එක වගේ එක ආයේ දැම්ම .  ඊට උඩින් ග්‍රීන් ටි වලින් හදන මචා කුඩු වගේ දෙයක් හලාගෙන හලාගෙන  .  අමුතු රැසක් තිබ්බ ඒකෙ. අපි දෙන්නම් උණුසුම් සකේ ජෝගුවක්  ගත්ත .   
මේ තියෙන්නේ  සකේ ජෝගුවයි තව පලතුරු යුෂ එකකුයි. අර හිටිය ජැපනීස් අසල්වැසියෝ කෑම දෙක තුනක් අරගෙන ගියා .  අපට දැන් කතා  කරගන්න විධිහක් නැහැනේ .  ළඟ ඉන්න ජැප්පට  කතා කළා .  බලන කොට පොර චීනෙක් . ඔය පහල ඉන්නේ .  එයා ළඟත් පරිවර්තන ඇප් එකක් තිබුන .  හැබැයි ටිකක් ජපන් භාෂාවත් පුළුවන් .  බලන් කොට මෑන් ඩේටා ඉන්ජිනියර් කෙනෙක් .  ඉංග්‍රීසිත් හොඳයි .  ඔන්න චීන්නු . 

මගේ කෑම එකට මම ඉල්ලුවේ සෝබා නූඩ්ල්ස් (මේවා ඉතින් නෙට්ෆ්ලික්ස් ෂෝ බලලම ඔළුවට ගහපු ඒවා ) වලට ගෝව කපල දාල කොත්තු ගහනව වගේ ඔය රත් වෙලා තියෙන යකඩ  ලෑල්ලේ ගහනව .  මේක මරු වැඩේ . පිඟන් දෙන්නේ නැහැ .  කිරි අම්මට හෝදන්න ඕනෙත් නැහැ .  ඔය වානේ ලෑල්ල පිහ දාන්න  විතරයි ඕනේ . 
හැබැයි මට මොන හේතුවකටද මන්ද පිඟානක් හොයල ගෙනල්ල දුන්න .  අර කෑම එක හොඳට මස් කෑලි  දාල නුඩ්ල්ස් උඩට ආයි අර කොළ පාට මොකද්ද එක හලලා දුන්න .  නියම රහයි .    
    .






අපි ඉතින් කිරි අම්ම එක්ක කයිය ගැහුවා .  ළමයි පිට නගරෙක ඉන්නේ කියල තේරුනා .  එයාව බලන්න එනවා  කියල කිව්වා. පෙන්ෂන් එකක් නැත්ද කියල ඇහුවේ නැහැ.   රෑ දහය වෙනකන් වැඩ කරන  එක සතුටක් කිව්වා. යාලුවෝ එනවලු කතා කරලා කාල යන්න . (අපි දැක්ක ඒක).  නැත්නම් එයා ගේ ජිවිතේ වැඩක් නැහැ වගේ කතාවක් අපට තේරුන විධිහට කිව්වේ .  


අර කේක් හැන්ද වගේ එකෙන්  කපල කන්නේ මෙහෙම .  

මාත් එක්ක ෆොටෝ එකක් ගත්ත .  හරිම සුන්දර මනුස්සයෙක් .  අපි තමයි අන්තිම කස්ටමර් ල තුන්දෙනා එදා දවසට. එයා උදේට නැගිටලා මාකට් එකට යනව කීව. ඔක්කොම තනියම කර ගන්නේ. හිකිදෝ ගේ වයස අවුරුදු හැත්තෑ අටයි . 

ක්යෝටෝ ගියොත් එයාගේ කැෆේ එකට ගොඩ වෙන්න .  ශිම මචි කියන පාර , මිනමි - කු කියන ඒරියා එක .  
අර ඔකිනාවා දූපතේ මිනිස්සු අවුරුදු සීයට වැඩිය ජිවත් වෙන එක හේතුවක්,   ජපානේ අනිත් පැති වලට  වඩා අඩුවෙන් ලුණු කන එක කියල කිව්වනේ .  දෙවෙනි හේතුව කියල සමීක්ෂණය කරපු විද්‍යාඥයෝ අඳුන ගෙන තියෙන්නේ වැඩ කිරීම .  පෙන්ෂන් ගියත් මොකක් හරි වැඩක් හොයා ගන්නවා . 
අර මම "මගේ අසල්වැසියා බ්‍රයන්" කියා ලිපි පෙළක් ලීවා නේ .  (තව ඉවර නැහැ )  බ්‍රයන් අවුරුදු  90 වෙනකන් ජිවත් වුනා .  ඒත් එහෙමයි. මොනව හරි වැඩක් හොයා ගත්ත කරන්න .  විශ්‍රාම ගියා කියල පුටුවක පත බෑ වෙලා හිටියේ නැහැ .  තුන්වෙනි කාරණේ තමයි අනුන් සමග සමාගමය. කොමියුනිටි හෙම නැත්නම් සාමාජිය සබඳතා පවත්වා ගැනීම.  වැඩි කාලයක් ජිවත් වෙන්න නම් අනිත් අය එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියන අදහස .  

ක්යෝටෝ හිටියේ මැයි 22 ඉඳන්  දින තුනක් . 

ඊළඟට ක්යෝටෝ පන්සල් ගැන කතා කරමු . 
අජිත් - 10/06/2025  

51 comments:

  1. +++++++++++++++👌🙏
    දැනට වැට මාර, ආයෙ එන්නම් කමෙන්ට් වැටුනාම

    ReplyDelete
    Replies
    1. වැට මාර කතාව නැගල යනවා නේද ? මම ඕක අහුලා ගත්තේ තරිඳු වගේ ඇල්බට් පොතෙන් .

      Delete
  2. [මැලේ චීන කියනව මැලේසියාවේ ඒ ගොල්ලට සෙකන්ඩ් ක්ලාස් ලු සලකන්නේ. භූමිපුත්‍ර මැලේ උන්ට සලකනවා වැඩිලු] මේක ඇත්ත . මැලේ නොවන ඕනේ ජාතිකයෙක් ඒ රටේදී කියන කතාවක් ඕක . ඇත්තටම එහෙම බෙදීමක් තියෙනවා .. අපි හිටපු කාලෙදිත් අපිට දැනුනා .. අපි ඉතින් තාවකාලික හින්ද ඕවා ගණන් ගත්තේ නැහැ .. නමුත් එහෙ උපදින අනිත් ජාතිකයින්ට ලොකු ප්‍රශ්නයක් ඕක

    ජපන් කෑම වලට මම නම් ආසයි , වයිෆ් ආස නැහැ .. kyoto ගැන තමා මම අහල තියෙන්නේ ගොඩක් ලස්සනයි කියල

    ReplyDelete
    Replies
    1. මගේ ටීම් එකේ සමහර ඇනලිස්ට් ලා කේ එල් ඉන්නේ . එකියක් ඉන්නවා ලස්සනයි , සමහර දාට මුණ පෙන්නගෙන කයිය ගහනවා . හිටපු ගමන් මුණ වහගෙන , ඔළුවට හිජබ් ද මොකද්ද දාල , සමහර දවසට කැමරාව ඕෆ් . පස්සේ දැන ගත්තේ හස්බන්ඩ් ඉන්න දවසට ඕෆ් , අම්ම ඉන්න දවසට මුණ වහගෙන

      Delete
    2. චීන කට්ටියත් ඉන්නව . හැබැයි අරුන් හෙන ආඩම්බරයි . මම පොඩි excel එකේ කරන්න වැඩක් දීල එකියක එය පිඑච්ඩි එකට ඉගෙන ගන්න කෙනෙක් කියල කලේ නැහැ . මම අත ඇරලා දැම්ම වැඩ දෙන එක . පස්සේ යාප්පු වෙලා අනිත් ටීම් එකට පැනගෙන . නැත්නම් ජොබ් එකට කෙල වෙනව කියල දැනගෙන

      Delete
    3. අර මැලේ කතාව ඇත්ත. බෲනායි වලත් එහෙමයි. එහෙම මැලයො කම්මැලි නිසා, කෙනෙහිලි වින්දත් ඉන්න චීන්නුට තමයි ලොකු බිස්නස් අයිති.

      Delete
    4. එහෙනම් ඒක විශ්වාස කරමු .

      Delete
  3. කිරි අම්මට ගමය පැනපි කිවුවලු.

    අපේ ගොඩක් උන්නං පැන්සන් නෙමෙයි ඔෆිස් එකේ හිටියත් වැඩක් කරන උං නෙමෙයිනෙ. ඉතිං ටිකක් වයසට යනකොට රටේම තියෙන ලෙඩ වලට බෙහෙත් කරනව.

    ReplyDelete
    Replies
    1. කිරි අම්මට ගමය පැනපි කිවුවලු. 😀 ඒක මරු - ලංකාවේ සීන් එක ඉත්න් අවුරදු50 පැනපු ගමන් නාකියි කියල ළමයින්ට බලා ගන්න කියන එකනේ . හැමෝම නෙමේ

      Delete
    2. //අපේ ගොඩක් උන්නං ඔෆිස් එකේ හිටියත් වැඩක් කරන උං නෙමෙයිනෙ. ඉතිං ටිකක් වයසට යනකොට රටේම තියෙන ලෙඩ වලට බෙහෙත් කරනව.//
      මසුරං වටින නිරීක්ෂණයක් Praසන්ன!

      Delete
  4. හිකිදෝ ගේ වයස අවුරුදු හැත්තෑ අටයි .

    ReplyDelete
    Replies
    1. ඇයි අර පරිවර්තන ඇප් එක දාගෙන නොගියෙ?

      Delete
    2. කිරි අම්මා හරි සීදේවි පාටයි. වාසනාවන්ත මනුස්සයා. කැමැත්තෙන්, ආසාවෙන් කරන නිසා, ඒක රැකියාවකට වඩා ජීවන රටාවක් කියල හිතුනා. කෑම, බීම ගැන විස්තර ටික නියමයි.

      Delete
    3. ඒක ගැන කල්පනා වුනේ නැහැ . ඔන්න දැන් දාගත්ත . අවුරුදු ගානක් එංගලන්තේ ජිවත් වුනාට පස්සේ සුද්දන්ගේ අහංකාරකම බෝ වෙලාද කොහෙද ? ලෝකේ හැමෝම ඉංග්‍රීසි කතා කරනවා කියල . 😀 කිරි අම්ම හොඳ වාසනාවන්තයි තමා . එයා සතුටෙන් කරන්නේ වැඩේ . ජපානේ ටිප් දෙන්නේ නැහැ . බල කලොත් ගන්නවා . අපි බල කරලම දුන්න ලොකු ටිප් එකක් .

      Delete
  5. කෑම කිව්වොත් අපේ ගෙදර උන්දැගේ රස නහර ගැටගැහිලා තියෙන්නෙම ලංකාවේ කෑම එක්කමයි. කොහේ ගියත් ශ්‍රී ලංකන් අවන්හලක් හොයනවමයි. කියෝතෝ වල Nishiki Market එකේ විවිධ ස්ට්‍රීට් ෆූඩ් අත්හදා බැලුවේ නැද්ද ? හරිම ජනාකීර්ණ වීදියක්.

    ReplyDelete
    Replies
    1. එහම් යාලුවෝ මගෙත් ඉන්නව . මගේ බිරින්දැයි මායි ඒ අතින් එක වගේ . විවිධ කෑම ජාති ටෙස්ට් කරන්න කැමතියි . ගියා ගියා . ලියන්න ඕනේ

      Delete
  6. Have you watched the Midnight Diner series in Netflix?

    ReplyDelete
    Replies
    1. එකක් බැලුවා . අර නින්ජා සීන් එක නිසා බිරින්දෑට ඇල්ලුවේ නැහැ (නින්ජා ෂෝ බලන්නේ මමයි දුවයි විතරයි) . ඊට පස්සේ බැලුවේ නැහැ . මේ දවස් වල මරු එක්ක බලනවා . මය් හස්බන්ඩ් වොන් ' ට් ෆිට් කියල . හස්බන්ඩ් ගේ එක ලොකු වැඩි නිසා ජපන් බිරිඳක් යන දුර . අපේ ගෙදර වැඩියෙන් ඉතින් කේ ඩ්‍රාමා තමා . මට වෙන මොකක් හරි බලන්න ඕනෙනම් කොම්පියුටරේ ට ගහල තියෙනේ HDMI එකට ස්කයි බොක්ස් එකක් දාල තියෙන්නේ ඒකෙන් බලන්නේ . ඉතින් හැම එකක්ම බැලෙන්නේ නැහැ . රුරෝණි කෙන්ෂින් බැලුවද ? තව අර කෙල්ලෙක් වැඩට ඇවිත් හොඳට උයල පස්සේ බිරිඳ වෙන එක . නම මතක නැහැ . කෑම ෂෝ තමා

      Delete
    2. Midnight Diner බලන්න ගත්තා. පටන් ගත්ත විදිහ පට්ට. රුරෝණි කෙන්ෂින් ට්‍රේලර් එක බැලුවා, දරුණු වැඩියි. අර අනිත් කතාවෙ නම දන්න කෙනෙක් ඉන්නවද. ස්තූතියි.

      Delete
    3. Full time wife escapist - මේකට කතාවක් ලියන්න හිටි නිසා කීවේ නැත්තේ . ඔන්නොහෙ දානවා , අනිත් දෙක මේ දවස් වල බලන - High-rise invasion, Aice in borderland

      Delete
    4. Full time wife escapist පට්ට. තෑන්ක්ස්. ඔෆිස් ටොක්සික් කල්චර් එක යාන්තමට ටච් කරලා තියනවා. ඒත් මම ජැප් රොම්-කොම් වලට පට්ට ආසයි.love is hard for otaku ෆිල්ම් එකත් එහෙම එකක්.

      Husbando prease stoppu

      Delete
    5. 😀 සිංහල වගේ ඇහුනේ

      Delete
    6. Full time wife escapist බලන්න පටන් ගත්තහම තමයි දැක්කේ මේක මම දැන් අමතක තරම් කාලයකට කලින් බලන්න පටන් අරන් විනාඩි 11කට පසු අතහැර දැමූ එකක්

      හොඳ නැති නිසා අතහැර දැමුවාද එසේ නොමැති නම් වෙන වැඩක් හදිසියේ යෙදුනු නිසා නවතා පසුව අමතක වී ගියාද කියා හිතාගන්න බැහැ

      Delete
    7. සේරම අතහැරලා perusu බලන්න පටන් ගත්තා

      Delete
    8. ඒ චිත්රපටේ බැලුවේ මට ඒ හා සමාන අත්දැකීමක් තිබ්බ නිසා . දෙවන කොටස එපමණ හරි නැහැ . බිරින්දෑ නම් ඉන්දියන් ඒවා බලනවා . මම එපමණ බලන්නේ නැහැ

      Delete
  7. රටතොට ලෝකය ගැන දැන ගන්නට
    වෙන රටවල්වල විත්ති හොයන්නට
    දැනුමැති ඇත්තන් හෙම හමු වෙන්නට
    නියම තැනකි 'පොල් කට්ටෙන් එපිටට'

    ReplyDelete
    Replies
    1. රට රට ගැන විස්තර දැන ගන්න
      නිදිත් ගියා නොව රටෙනුත් එපිටට
      පංච තන්තරේ කියන්නේ මටනම්
      තවත් දැනුම සාගරයක් එහෙනම්

      Delete
    2. ඒ ගිය ගමන් සංචාරක ගමන් නොවේ
      'පවුලේ අය හමුව'මයි අරමුණ වූවේ
      උස්සල තියෙනකොට ඔබ මා ඇන්නෑවේ
      කවියක් නොලිය කොහොමෙයි- ඒකයි ලිව්වේ

      Delete
  8. https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC4369548/#:~:text=From%20a%20historical%20standpoint%2C%20there,oneself%20with%20a%20short%20sword.

    https://link.springer.com/article/10.1007/BF00578069

    මං හුඟක් ඉස්සර Sepukku ගැන කියෙව්වා. Fascinating !
    හරියටම කරන Ritual එකේ ඉතාම පොඩි කාලයයි රිදෙන්නෙ. වකිසාෂි කොට කඩුවෙන් හෝ ටැන්ටෝ කිරිච්චියෙන් (dagger) බඩේ සිරස් හා තිරස් කට් දෙක ඉවරවුන ගමන්ම තමන්ගෙ දෙවනියා විසින් බෙල්ල කපනවා. ඉක්මනට බඩේ කට් දාගන්න දාගන්න තරමට වාසියි. රිදීම දැනෙන්නත් තප්පරයක් දෙකක් යනවනෙ. (මං තාම කරල නෑ හැබැයි )

    දෙවනියෙක් නැතුව කරපු අවස්ථාත් හුඟක් තිබිල තියනව.

    ReplyDelete
    Replies
    1. ඔය බඩේ කට් දාගන්න එපා සෑර්. අර මූණ කචල් බලු පුතාට තමයි දුක..
      Loyal dog chases ambulance

      Delete
    2. හිස ගසා දාන්න ඇසිස්ටන්ට්කෙනෙක් නෑනෙ

      Delete
    3. කියන්න ඕනේ නම් ඒ පැත්තේ ඇවිල්ල යන්න එන්නම් . අපට ටෝකියෝ වල යන්න මතක වෙච්චි අනිත් හැමෝම යන තැන තමා අර තමන්ගේ මහාචාර්ය හාම්පුතා එනකන් හිටි බල්ලා ගේ ප්‍රතිමාව . ඊළඟ සැරේ යනවා

      Delete
    4. ඔව් . ඒ ළඟ හිටියෙත් . https://www.youtube.com/shorts/HS66XJrjCpM

      Delete
  9. මමත් දැන්නම් addicted වගේ kdrama වලට. ඒ වල කෑමට පුදුම වටිනාකමක් දෙනවනේ. දුකටත් කෑම සතුටටත් කෑම.කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්. kdrama බලල පුරුදු වුනොත් සිංහල ඒවා බලන එක අත හරිනවා. ජපානෙත් කෑම නම් කොරියාවේ වගේම තමයි නේද

    ReplyDelete
    Replies
    1. බීෆ් එක බැලුවද ? කෝල් මී චිචිරෝ ජපන් එකක් , ග්යෝන් සොන් ක්‍රියෙචර් පලවෙනි සිරිස් එක හොඳයි , my husband won't fit කියල ජපනිස් එකක් තියනව . හස්බන්ඩ් එක ලොකු වැඩියි . හිනත් යනව ඒකට නම් . ළමයි බලනවා කේ ඩ්‍රාම ගොඩක් . මට නම් වෙලාවක් නැහැ -

      Delete
  10. අකුරු ටිකක් ලොකු කරන්නකො
    කියවන්න ගියාම ඔලුව රිදෙනව

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඇති ඔයිං ගියා අජිත් මහත්මයා 😄. සෝවියට් රුසියාවේ සමලිංගිකත්ව තහනම තදින් ක්‍රියාත්මක වුණාද එහෙම නැත්නම් පොතට සීමාවුනාද?

      Delete
    5. නැහැ මේක මම අහපු කතාවක් 😀. ඒ දවස් වල අපේ සෙට් එකේ කට්ටිය දන්නවා කතාව . -සමලිංගිකත්ව තහනම- එහෙම හරියටම දන්නේ නැහැ. අපේ යුනි එකේ කෙල්ලෝ දෙන්නෙක් හිටිය නිතරම එකට ඉන්න. ලස්සන දෙන්නෙක් . රූම උන් ගැන එහෙම කතාවක් කිව්වා උගේ ලෙක්චර් ගෘප් එකේ නිසා . අපේ කාමරේටත් ඇවිත් තියනව . හැබැයි එළිපිට මුකුත් නැහැ . හිරේ යන්න කවුද කැමති

      Delete
    6. සමාවෙන්න ඇනෝ මහත්මයා , මේ කමෙන්ට් ටික ඩිලීට් කරන්න වෙනව . උදේ පාන්දර බැනුම් ඇහුව , ළමයි කියවනවා කියල . මම හිතන්නේ නම් හැම දෙයක්ම විවෘතව සාකච්චා කල යුතුයි කියලා , අපේ නිදි තුමා වගේ . නමුත් සමහර වෙලාවට ටිකක් අමාරුයි .

      Delete
    7. ආ ඒකට කමක් නෑ අජිත් මහත්මයා. මම විහිලුවක් කළේ. නමුත් මම අසභ්‍ය දෙයක් කිව්වෙ නෑ නේද? එහෙම දෙයක් කියවුනා නම් සමාවෙන්න. ඊශ්‍රායල් ඉරාන යුද්ධෙ ගැන යමක් ලියමු.

      Delete
    8. මම දන්න කෙනෙකුගේ ලමයි කියවනවලු ජපන් සංචාරය බ්ලොග් එක කමෙන්ටුත් එක්ක . පොඩි නෝක්කාඩුවක් කළා . අපි තරම්ම හැමෝම ඕපන් කතා කරන්නෙත් නැහැනේ . අපහසු බවක් දැනෙන්න ඇති

      Delete
  12. කෞශල්‍ය13 June 2025 at 22:06

    මේ මග විස්තරේ මාත් බොහොම ආසාවෙන් කියෝපු එකක්..ඉස්කෝතුයි ගමයෝ..මාත් මේ අවුරුද්දෙ ඒ පැත්තෙ කරක්ගහල එන්න හිතන් ඉන්න හින්ද බොහොම පොරෝජනයි. මාත් යන්න කැමති තැනක් ක්යොතෝව. සෙනග වැඩිය නැති පැති මොනවද ගමයෝ?

    ReplyDelete
    Replies
    1. බොහොම විස්කෝතුයි. කියෝතෝව සහ නාරා තමයි මම වඩාත් කැමති . අපි කෝබේ නගරයට ගියා . ඒ පැත්තේ කඳු වලට වෙන්න ජනගහනය අඩුයි . හැබැයි මම ආයේ යන්න හිතන් ඉන්නේ . ඒ සැරේ ඔකිනාව වලටයි , ගමකට දෙකකටයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .