ක්යෝටෝ වල හිටපු අන්තිම දවස මැයි විසිහතර . ඒකට මේ ලිපිය නෙමේ වෙන ලිපියක් ලියන්නම වෙනවා . මැයි විසි තුන දා උදේම අයෙත් අර පරණ ටුවර් බස් එකටම නැග්ගා. මෙදාපාර ගියේ නාරා කියන නගරයට . මේක තියෙන්නේ කියෝටෝ සහ ඔසාකා අතර .
මේ පන්සල නාරා වල වැදගත්ම පන්සලක් . හදල තිබෙන්නේ ක්‍රි . ව 768 විතර . ෆුජිවරා කියන නෝබල් පවුල ඉතා බලවත් . ඔවුන්ගේ පෞද්ගලික සිද්ධස්ථානයත් හැටියට මුලින්ම නිර්මාණය කරලා තිබෙන්නේ . මේ පන්සලේ තඹ ලන්තෑරුම් හුඟක් එල්ලලා තිබෙනවා පන්සලට පූජා කරපුව. ඒකත් ලස්සන දර්ශනයක් . අර ලෑලි කෑලි එල්ලල තියෙන්නේ ලංකාවේ බෝධි වල එල්ලනවා වගේ සුභ ප්‍රර්ථනා ලියල හෝ මිය ගිය ඥාතීන් සිහි පත් කිරීම් .
පන්සලේ ශින්ටෝ දෙවියන්ට පණිවිඩ ගෙනියන්නේ ගෝන්නු සහ මුවන්. ගෝනෙක් ගේ ප්‍රතිමාවක් තියෙන්නෙත් ඒ නිසා . මේ නිසා අපි ඊළඟට ගියේ නාරා වල මුවන් ගේ උද්‍යානය බලන්න . ශින්ටෝ කසුග ටයිෂා පන්සල වැඳලා හැමෝම මෙතනට එන්නේ මුවන්ට කෑම දෙන්න. පොඩි විස්කෝතු වගයක් තියනවා යෙන් කිහිපයක් දීල ගන්න පුළුවන් . කන්න දෙන එකත් හිනායන දර්ශනයක් තමා . ගැහැණු කට්ටිය කෑම අරන් දුවනව, කීං කෑං ගගා. මුවෝ පස්සෙන් පන්නනවා. කොච්චර කීවත් අහන්නේ නැහැ එක තැන ඉඳන් කෑම විසි කරන්න කියල . අපිත් එක්ක බස් එකේ ගිය දකුණු අප්‍රිකානු කාන්තාවක් තමා ඔය ඉන්නේ .
හැබැයි ඉතින් සමහර අය මුවන්ට ආචාර කරලා කෑම දුන්න කිසි ප්‍රශ්නයක් නැතිව . ඉස්සෙල්ලම මුවාට ඔලුව නවන්න ඕනේ ජපන්නු වගේ . ඊට පස්සේ මුවත් ඔලුව නවනවා . ඉන් පස්සේ විස්කෝතුව පිටි පස්සේ හංග ගන්න ඕනේ . එතකොට මුවා ආයෙත් ඔලුව නවනවා . එතකොට දෙන්න ඕනේ කන්න . මගේ යුටියුබ් එකේ බලන්න පුළුවන් . කැමතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න අළුත් ආකර්ශනිය දර්ශනීය වීඩියෝ සඳහා . 😀😁
අපි අවුරුදු දෙකකට කලින් ලංකාවට ගිය වෙලේ සංචාරකයෝ වගයක් ඉසුරුමුණි විහාරය ඇතුලේ ෆොටෝ ගන්නවා . බුදු පිළිමයට පිටුපස හරවල වගේ හිටියේ , බුදු පිළිමයත් එක්ක පින්තුරය ගන්න ඕනේ නිසා . ටුවරිස්ට් ගයිඩ් අය්යාර් කෙනෙක් එකපාරටම හෙන හයියෙන් කෑ ගහල බනින්න ගත්ත. ඒ සංචාරකයන්ට සහ ඒ අය එක්කරන් ආව ගයිඩ් ට . රටේ නීතියට ගරු කරන්නේ නැහැ . ආගමට ගරු කරන්නේ නැහැ කියල . මම ඉනෙස් එක්ක ඒ ළඟම හිටි නිසා මටත් එක්ක බනින්න ගත්තේ ඒ සංචාරකයෝ මගේ අය කියල හිතා ගෙන . අපි පොළොන්නරුවෙන් වෙනම ටුවර් ගයිඩ් කෙනෙක් අරන් ගියේ . එයා කීව "නෑ මේ මහත්තයල මමත් එක්ක ආවේ කියල" ඒ ගමන මෑන් අපි එක්ක එකතු වෙලා අර මිනිසුන්ට බනින්න ගත්ත. අර සංචාරකයන් ගේ ගයිඩ් පස්සේ ඇවිත් එයාගේ සංචාරකයෝ අරන් ගියා.
මම මේ ජපන් සංචාරයේදී දැක්කේ එක තැනකදී ඇරෙන්න (දහසක් බෝධිසත්ව පිළිම එකේ පින්තුරැ ගන්න දෙන්නේ නැහැ ඒවා විනාශ වෙයි කියල ) සංචාරකයෝ තමන්ට ඕන විධිහට පින්තුර ගන්නවා . කොට කලිසම් , දිග කලිසම් ඕන එකක් ඇඳලා බොහොම නිදහසේ, ජැප්පෝ ඇවිත් කෑ ගහන්නේ නැහැ අපේ ආගමට නිගරු කරනවා කියල . මමත් බුදු පිලිමයට පිටුපස හරවල ගත්තේ පින්තූර. ස්ලයිඩ් එක බලන්නකෝ .
ටොඩයි ජී පන්සල බෞද්ධ එකක් . මේක තමා අන්තිම යුනෙස්කෝ සයිට් එක අපි බලන්න ගිය . විශාල ලෝකඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙනෙක්වැඩ සිටිනවා ශාලාවේ - බුද්ධා මහාවයිරෝචන, ජපන් භාෂාවෙන් දයිනිචි නියෝරයි. මේ බුදු හාමුදුරුවෝ මුළු විශ්වයේම ප්‍රතිමුර්තිය හැටියට සලකනවා . පන්සල් ගොඩනැගිල්ල අවුරුදු 1200 කට කලින් හදල තියෙන්නේ ලීයෙන්. පන්සලේ වැදගත්කම, මේක තමා චීන බෞද්ධ නිකායක් වන Huayan school විසින් ගොඩ නංවන ලද ප්‍රථම ජපන් පන්සල.
මේ ඇවිල්ල බෞද්ධ රහතන් වහන්සේ කෙනෙක් ගේ ප්‍රතිමාවක් . මෙයාව ඇල්ලුවොත් ඇඟේ ලෙඩ සුව වෙනවලු. තමන්ගේ ඇඟේ ලෙඩ තියන හරිය , ඒ කියන්නේ දණහිස නම් නම් මෙයාගේ ඇඟේ ඒ අවශ්‍ය තැන- දණහිස අත ගාන්න ඕනේ . අනේ ඉතින් උන් වහන්සේ ගේ කකුල් , පය හෙම හොඳට මැදිල දිලිහෙනව . ඔලුව නම් යන්තම් බේරිලා , මොකද ඉනිමගක් ඕනේ වෙන නිසා. මාරු වැඩේ කියන්නේ වැඩිපුරම බටහිර සංචාරකයෝ සහ ආසියානු සංචාරකයෝ රහතන්ව අල්ලන්නේ .
අපි එදා දවාලේ කන්න ගිය තැන ගැන ඒ වෙනුවට ලියනව දන්නවනේ අපි සාමාන්‍ය ජපන්නු කන තැන් හොයාගෙන යන්නේ කියල . ඇවිදින කොට හම්බ වුනා සුද්දෙක් ඉඳගෙන ඉන්නව ආපන ශාලාවක් ඉස්සරහ . ඇහුවා මොකෝ මේ කියල . අරිනකන් ඉන්නවලු කන්න . බලනකොට මෑන් ජර්මන් . ඉතින් ඉනෙස් සට සට ගාලා ජර්මන් වලින් කතා කළා. ජර්මන් කාරයත් වෙළඳ වැඩකට ආව ගමන් මුළු මාසෙම කෑවේ එතැනින් ලු. මරු කෑම ලු .
අපිත් ගියා ඇතුලට . කෑම වල විස්තර නම් මතක නැහැ. පින්තුර තමා තියෙන්නේ . ඉනෙස් කෑවේ රාමේන් එකක්. රහයි කීව. මම ඔය බත් එකට මස් කෑලි දාල , ළුණු කොළ එහෙම ඉහල තියෙන එක. දැල්ලෝ බැදපුවත් ගත්ත සකේ දෙකක් එක්ක . මෙහෙ මේ ආපන ශාලා පොඩියි . එතනම උයල දෙනවා . කෑම රහයි . ඉක්මන් . අපි කාල එලියට එනකොට මිනිස්සු පෝලිමේ ඉන්නව ඇතුළට එන්න .
ජපානේ වැඩි හරියක් ගෙවල් එංගලන්තෙටත් වඩා පොඩියි . ලංකාවේ දොස්තරල, මහාචාර්ය වරු ඇතුළු ඇතුළු මධ්‍යයම පන්තියට හරියන රටක් නෙමේ ඒ නිසා . ඒ වගේම පොඩි කාර් වැඩියි . ඔය ලංකාවේ තියෙන වැගන් ආර් වගේ ඒවා .
මේ කාරෙක පදින එකක් වෙන්න බැහැ.
මේක ඇවිල්ල රාස්සියෙකුගේ (witch ) කඩයක්. බලනකොට පිරිමි කෙනෙක් හිටියේ ගැහැණු වේෂයකින් . එයා ඒ දවස් වල ගායකයෙක් ලු . අමුතු චරිතයක් . පරණ ලට්ට ලොට්ට ගොඩ ගහගෙන ඉන්නව . මම මොනවද කරන්නේ කියල අහල , එයාගේ වෙබ්සයිට් එක ලෝඩ් වෙන්නේ නැති එකට හේතුවක් කියන්න කීව. මම හේතු ගොඩක් කීව . කියල ඇහුව අන්තිමට ඕක පබ්ලිෂ් කලාද කියල . එහෙම දන්නේ නැහැලු . පබ්ලිෂ් කරන්න ඇතිලු දුන්න එකා. එනම් ඉතින් ඉස්සෙල්ල ඌට කෝල් එක්ක දෙන්න එපැයි ඉස්සෙල්ලම. අනේ මන්ද මේ ජැප්පෝ.
හොටෙල් එක ගාව බයිසිකල් ගාල . හොටෙල් එකේ මගේ කාමරෙන් එහා පැත්තේ දුම්රිය ස්ථානයක් . මොනවාද ඉතින් කැමරාව අටවන් වීඩියෝ කරන එක තමා කලේ.
ක්යෝටෝ සිට ෆුකුකුසා යන දුම්රිය මාර්ගය මගදී හම්බ වුනා . ඉතින් රේල් ගේට්ටුව ගාව මේ කෝච්චි පිස්සා ඒවා රෙකොර්ඩ් කළා .
ඒවා මෙන්න මෙතන . තව එක ඉතා වැදගත් ලිපියක් තියනවා කියෝටෝ ගැන. කියෝටෝවේ අන්තිම පැය කිහිපය . ඒකෙන් පස්සේ ඔසාකා .
එහෙනම් සුභ සැන්දෑවක් .
කොළඹ ගමයා 04/07/2025
සමහර බ්ලොගයො fb නැවතුමේ ඇත
ReplyDeleteසමහරු යූ ටියුබ්කරුවන් වෙලා ඇත
තාක්ෂණය අප ගෙනයයි හතර අත
'වෙනසක් වෙන්න යනවා වගෙ' කියයි හිත
සිංහල බ්ලොග් කට්ටට මා බැඳි ආලේ
Deleteපරිප්පුවේ රස වාගෙයි මගෙ බාලේ
fb, යූ ටියුබ්, ටික්-ටොක් ඇත සාලේ
ඒ කිසිවකට මගෙ හිත කිසි නැත ලෝලේ
වෙනසක් කියා ලොකු දෙයක් කලේ නැත
Deleteබස්සාගේ අදහස අල්ලා ගත්ත මිස
ඒ අයියා කරන්නෙත් ඒ දෙයම මිස
මික්ස් කරලා ගත්තහමයි වඩා රස
නොදැනම බැඳිල වාගෙයි මං blog වලටත්
Deleteතිබ්බා ඔහොම ආලේ මට පොත් වලටත්
සතියකට එකක් බලලා චිත්‍රපටත්
රසවත් ලෙසට ගත විණි කාලය නිදිගෙත්
ඉගෙන ගනිමු කොයිබින් වුව අලුත් වැඩ
Deleteඒවා වෙනස් කරමින් තව දදා හැඩ
නවමු ලෙසින් නිමවන විට තවත් වැඩ
ලැබෙයි නිසැකවම මහතුනි- ඔබට ඉඩ
බාගත කරන්නට පොත් නැති ඒ කාලේ
Deleteලයිබ්‍රරි ගාටලා පොත් කියවපු බාලේ
හැම දෙයක්ම ලඟ තිබුණත් අද කාලේ
සම්තිං මිසින් වගෙ දැනෙන්නෙ ඇයි රාලේ
යන්නේ ලයිබ්‍රරියේ පොත් ගන්නට විතරක්ද
Deleteයාලුවෝ එක්ක ප්ලේන්ටිය ගැහුවේ නැත්ද
ලස්සන කෙල්ලන්ට සෙම් හැලුවේ නැත්ද
බාගෙන කියවීමේ ඒ රසයන් කොහිද
ලයිබ්‍රරි ගියා වෙන,වෙන ඒවත් බැලුවා
Deleteරට මැගසීන් වල කෙල්ලන් හිත සැලුවා
හිමෙන් වැසුනු, නගර, පාරෙ ගස් දුටුවා
ගිහින් මලත්, මාත් යනවා හිත හිතුවා
බස්සාට:
Deleteදවසම ගැහැව්වත් රස්තිය වෙහෙස නැත
පුදුම දාංගලයක් නෙව තිබ්බෙ මිත
ජවයත් තිබිණි ඇති වෙන්නම අපරිමිත
දැන් හෙම නැත්තෙ වියපත් හින්දාද ගත
අජිත්ට:
Deleteඅම්මප ඇත්ත ඒ රසයන් දැන් කොහෙද
අවතැන් වෙලද හොරු අරගෙන ගිහිල්ලද
සොඳුරු මතකයන් තිබ්බට අපට අද
හෙට පරපුරට ඒවා අහිමියි නේද
මා බැලුවේ වැඩි රුසියන් කතාය
Deleteඊට පස්සේ එංගලනතේ කතාය
දෙවෙනි ලෝක යුද්ධේ ගැන කතාය
ජිවිතේ ඒ ලෙසටම අනේ වුනාය
කිඹුලා පාන්, විස්කිරිඤ්ඤා මාළු පාන්
Deleteතිබ්බේ නැහැ චූං පාන් , පෙට්ටි පාන්
රෝස් පාන්, පරිප්පුවට කැපෙන පාන්
බනිස් වලට අකමැති නෑ බාස්-පාන්
බනිස් වල ගුණාගුන පිරික්සන ඉතාලි පාන් බාස් කෙනෙක්
රෝස් පාන්, නිකං පාන්
Deleteමිස නොතිබිණි සුකුරුත්තං
පාන් ජාති අතීතෙ නං
බලන්නෙපැයි ඒකට දැන්!
හිමෙන් වැසුනු නගරෙ බස්සා ඇවිදින්නේ
Deleteහීනය සැබෑවී සතුටින් නලියන්නේ
නිදි ගියේ නැතත් ලෝක ගෝලයේ අයිනේ
සරු දිවියක්ය මම දැක්කේ ඔය ගෙවන්නේ
ලංකාවෙ තියෙන්නෙ වෙනම ආගමක් ඒව ගැන කතා කරල වැඩක් නෑ.
ReplyDeleteඕල්කට් ආගමෙනුත් එහා ගිය එකක්
Deleteරාමෙන් එක රස පාටයි .
ReplyDeleteපිළිම වන්දනාව නම් පිස්සුවක්...
රාමෙන් රසයි . මම වැඩිය කැමැති අර සෝබා ද මොකකද්ද නුඩ්ල්ස් දාල හදන එකට . පිළිම වන්දනාවකටත් වඩා මේවා යුනෙස්කෝ සයිට් නිසා බලන්න යන්නේ . මම ග්‍රීසියේ හෙමත් පල්ලි වලටත් ගියා
Deleteමේක ලියල තියන විදිහ හොඳයි. ජපානෙ ගැන කොච්චර වීඩියෝ තිබ්බත්, මෙහෙම තමන්ගෙම පෞද්ගලික අත්දැකීම් මුසු කරලා ලියන ලිපි වල අමුතුම ගතියක් තියනවා. ඊට අමතරව, පාඨකයො වශයෙන් අපටත්, කමෙන්ට් හරහා යම් පමණක ඉන්ටරැක්ෂන් එකක් තියනවා. මේක ජපානෙ ගැන ඩොකුයුමෙන්ට්‍රි එකකින් වෙනස් වෙන්නෙ ඒ නිසයි.
ReplyDeleteඒකට ස්තූතියි . ගොඩක් අය ජපන් යනවනේ ලංකාවේ වුනත් . ඒ උනත් මේ වගේ තැන් වලට යන්නේ නැහැ කියලයි මම දැක්කේ
Deleteඅර ඔලුව නව,නව මුවාට කෑම දෙන එක දැක්කම හිනා ගියා. හොඳ වෙලාවට ජපානෙ එළු උයනක් නැත්තෙ, ඔලුව නැවිල්ල එලුවට චැලෙන්ජ් කිරිල්ලක්ලු.
ReplyDeletehttps://www.youtube.com/shorts/8mSMLOqCD4s
ස්ලයිඩ් ෂෝ කොටස් දෙකකට බෙදලා, අනෙක් පින්තූර වෙනමත් දාලා තියන විදිහ හොඳයි. සෑහෙන මහන්සියක් වෙලා වගෙයි, ස්තූතියි.
මේක කවද හරි ඔබටත් ඇවිත් බලන්න ඇහැකි, සුන්දර අතීත සැමරුමක් වේවි.
ගමයා : කෑම දෙන්නද, කෑම දෙන්නද, කෑම දෙන්නද,
Deleteමුවා: මඟුලක් අහනවා? දීපන් යකෝ.....
ස්තූතියි , මම කොහොම වෙතත් ලමයි හරි බලයිනේ , හරියට හරි එහෙම තමා වුනේ , මුවන්ට තද වෙලා හිටියේ බිස්කට් එක නොදී
Deleteමම වැඩියක්ම රස වින්ඳැ රාස්සිගෙ කඩේ, ජපන් මයික්‍රො ලිවින්, කෑම වගේ විරල විස්තර තමයි. කුඩා වාහන, නඩත්තුවට ලේසි කුඩා වාසස්ථාන ආදියෙත් වෙනමම ආතල් එකක් තියනවා. බටහිරයො ඒ ගැන අවඥාවෙන් බලනවා කියලත් දන්නවා. ඒත් ප්‍රධාන නගරවල තියෙන සීමිත ඉඩෙන්, ජපන්නු උපරිම වැඩ අරගෙන තියෙන හැටි නං අපූරුයි.
ReplyDeleteරාස්සිගේ කඩේ ගැන වැඩිය ලියන්න දේකුත් එකුත් නැහැ . පරණ රෙකෝඩ් තිබ්බට අරන් එන්න ඉඩ නැහැ . පොර නිකනුත් දෙන්න හැදුව . තනි වෙච්චි මිනිහෙක් අතීතය එක්ක ජිවත් වෙනවා . මම දිග කාලයක් හිටියානම් කතාව අහ ගන්නවා
Deleteපව්. රාස්සි ගැන දුකයි. අපරාදෙ කතාවෙ සාරාංශය හරි අහගන්න තිබුනෙ. එතනම තව පෝස්ට් එකක් අහක ගියා.😞
Deleteබිරින්දෑ එලියට බැහැලත් ඉවරයි . ඒකයි වුනේ . ඊලඟ පෝස්ට් එකෙන් තේරෙයි ඇයි හිටියේ නැත්තේ කියල
DeleteGoogle Slide වැඩේ ටැස් කරලා දැම්ම එක නියමයි! මේක හොයන් අපිටත් කියාදීපු බසූට හදපිරි මෙව්ව එක 🎉. මීට අමතරව පින්තූර හතරක් එකට කපලා දාන වැඩ වගෙත් කරතහැකි ඕනෙනං 🙈🙈
ReplyDeleteබයිසිකල් රථ ගාල දකිද්දී මතක් උනෙ... ජැප්පොන්ගෙ බයිසිකල් භාවිතය ගැන.
ආන්න ජංසන්! පින්තූර හතරක් එකට කපලා දාන එක දැනගෙන හිටියෙ නෑ. දෙන්න දෙන්න තමයි ලැබෙන්නෙ.😁
Deleteපින්තුර හතරක් දාන්න පුළුවන් . එකේම දේ ඒවා පොඩි වැඩි වෙනවා දැනුත් 4:9 ට දැම්මේ
Deleteතායිලන්තෙදි දැක්ක දෙයක් තමයි ඒ පන්සල් අසල රන්පැහැ පත්‍ර වගයක් විකිනීමට තියනවා. ඒවා ගන්න අය ඒ පත්‍රවල තිබෙන් රන්කුඩු බුදු පිළිමවල තවරනවා.
ReplyDeleteහෙම ඒව තියෙන්න ඇති . ව්වදියේ හෙව්වේ නැහැ . මම දැක්ක වන්දමාන කරන ඒවා විකුනනවා
Deleteඔය මුවෝ කෑම ඉල්ලලා ඇඳුම් වලින් අදිනවා. අපේ ගෲප් එකේ හිටපු නෝනෙක් කෑ ගගහ දිව්වා.😀
ReplyDeleteඔව් ඔව් , අර සවුත් අප්‍රිකානු ලලනාවත් දිව්වා එයාගේ කලිසම ඇදල ටිකක පහළටත් ගියා . ඒක ගත්තේ නැහැ
Deleteරසවත් සංචාරක සටහන් .
ReplyDeleteස්තූතියි
DeleteMan Finds Train Setup Under New Home
ReplyDeleteමරු නේ ඒක , මට ගන්න බැරිද ඒ ගේ . මේ දවස් වල මමත් හදනව පොඩි එක්ක . ප්‍රා ජේ සහෝදරයට යැව්වා වීඩියෝ එකක් . පස්සේ බ්ලොග් ලිපියක් දාන්නම් විස්තරේ කියල .
Deleteහෙහ් මරු ඒක නම් . වෙන මිනිස්සුන්ට පරණ ගෙවල් වලින් හම්බවෙන්නේ හොල්මන් නේ ..හෙහ් හෙහ් ..
Deleteපැතුම් ඉන්නෙත් මැලිබන් හන්දියෙ නිසා බලහං. කොහොමද ගෙයක් යට, ෂැම්පේන් සමඟ වයින් සෙලර් ලැබුනොත්.😋
Deleteමේකෙ සීනරීස් හොඳ තත්වයෙන් තියනව නේද?
Deleteලංකාවට ගෙන්නල මේවා කරන්න තරම් සල්ලි මට නැති නිසා නොකරට ආසම හොබී එකක්.
ඒක තමා . මේ සෙනසුරාදා යනවා මොඩෙල් එක්සිබිෂන් එකක් බලන්න . මේ දිගටම යනවා . කට්ටිය කැමති නම් අයිඩියා දෙන්න මොකද්ද මම හදන්න ඕනේ කියල . ප්‍රා ජේ කියනවා ඔක්ස්ෆර්ඩ් මියුසියම් එකේ විලේජ් එක හදන්න කියල . එතකොට ඉනෙස් කියනවා දෙමෝදර ලූප් එක කරන්න කියල . (ඒක අමාරුත් නැහැ . පර්වත දෙකක් දාන්න තියෙන්නේ . )
Deleteමම කැමැත්තෙන් හිටි හොබි වලටත් තිබ්බ ආසාව දැන් නැති වෙමින් පවතිනවා. ඒක ආශිර්වාදයක්ද, සාපයක්ද, නැත්නම් නිකම් මාර්ගඵලයක් වගේ එකක්ද මන්දා? කොහොමත් අනේ කාලේ, ගහේ වාසේ!🤔
Deleteඔහෙලා කැමති නැහ්ද, බස්සෙක්ගෙන් බණ අහන්න?
HIGH VALUE TRAIN COLLECTION FOUND IN ABANDONED STORAGE UNIT!
අපොයි අපි ඔය අහන්නේ බකුසු බණ
Deleteඇන මුරිච්චිත් එක්කම
ඔසාකා සංචාරයත් ඉක්මනටම බලමු
@බසු - මෑන් ට පොලොව උඩ නිධානයක් නේ හම්බ වෙලා තියෙන්නේ අඩුගානට . මම ජපානෙන් ගත්ත ට්‍රෙන් සෙට් එක පවුම් 40. ලොකොමොටිව් එකයි ට්‍රාන් වගන් දෙකයි , ට්‍රැක් එකයි, එංගලන්තේ ලොකොමොටිව් එක විතරක් පවුම් 70. මගේ හොබී වෙනස් වෙනවා . ඒ කාලේ යන යන නගර වල හැඳි එකතු කරා . ඒක තොගයක් වෙනකොට සල්ලි එකතු කළා . පරණ කාර් එකතු කළා . දැන් ගෙදර තියන්න ඉඩ නැති නිසා ගන්නේ නැහැ . ළමයි එක්ක පාෂාණ වර්ග එකතු කළා . හැබැයි කොච්චි පිස්සුව ඒ කාලේ අවුරුදු ගානක් තිබ්බ එකක් . අපි දෙන්න යාලුවෝ කාලේ කෝච්චි වල තමා ගමන් කලේ නිතරම . හොබී කියලා එක්ක නිතරම තියෙන්න ඕනේ නැහැ . බ්ලොග් එකත් හොබියක් තමා
Delete@කුමුදු ස්තුතියි . බකුසු බණ මේ දවස් වල නිතරම අහනවනේ . ඔසාකා වලට කලින් තව ක්යෝටෝ එකක් තියෙනවා . ලියන්නම ඕනේ එකක්
Deleteමමත් කාලයක් පොඩි කාර් වලට ආස වෙලා හිටියා .. ඇත්තටම ඔය ලොකු වාහන වල තියෙන engine power එකෙන් එහෙම වැඩක් ගන්නේ බොහොම සීමිත කෙනෙක් තමා ..
ReplyDeleteමුවාගේ ඔලුව නැමිල්ල නම් මරු .. හැදිච්ච මුවෙක් :) .
Kyoto ගමන නම් යන්න ඕනේ .
මගේ ළඟ පොඩි පරණ කාර් සෙට් එකක්ම තියෙනවා . තව ගත්තොත් අරව එළියේ කුණු ගොඩේ තමා . නාරා වල මුවන් ඔලුව නමන එක පුරුදු වෙලා තියෙන්නේ . උන් දන්නවා කෑම ලැබෙනවා කියල . ක්යෝටෝ තමා මම කැමතිම දැනට ගිය නගර වලින් .
Deletehttps://en.wikipedia.org/wiki/Statue_rubbing
ReplyDeleteවෙරෝනා වල අර ජුලියට් නංගි ගේ පයෝධර යුවල නම් ඇල්ලුවා . හැමෝම කරනවනේ . ලව් එක සර්වයිව් වෙනවලු .
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඒක එයාගෙන් අහන්න එපැයි මේ බ්ලොග් එකට එන්නේ මොකටද ? මාතලන් ගේ එකේ දැම්මොත් පිළිතුරක් දෙයි . එයාල එන තැන් නේ .
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Delete@ජගත් පතිරණ ඇයි මේ බ්ලොග් එකට ඇවිත් ඔය ප්‍රශ්න අහන්නේ . ලිපියට අදාල නැහැනේ. ඔයාගේ බ්ලොග් එක නේද අන්තෝනියෝ ජටා බහි ජටා එක. ඒකෙ අහන්නේ නැත්තේ ඇයි . මම මේක ඩිලීට් කරලා අනිත් බ්ලොග් එකේ දානවා ලිපියක් වශයෙන් . මේ ප්‍රශ්න උත්තර ලිපියට් කිසිම අදාළත්වයක් නැහැ අවුලක් නැහැනේ.
DeleteThis comment has been removed by the author.
Deleteමේ තියෙන්නේ අපේ මවට වෙච්ච දේ . දොස්තර බෙහෙත් සහ විනෝදයට බෙහෙත් ගිලින ලාංකිකයෝ මෙතන නම් විශේසන්ඥ වෛද්‍යවරයා සමාව ඉල්ලුව .
Deleteමේ ආණ්ඩුව මේක හදන්නම ඕනේ . ඒ නිසා ඔයා බය වෙන්න එපා අපි ආණ්ඩුවට කෙළවෙන්න දෙන්නේ නැහැ මේවා හදනකම් . ඔය උඩ ලිපියේ අපි තාක්ෂණික අවබෝධය අරගෙන තමා කතා කරන්නේ ගියේ . ඔය තර්ක දාන නිසා . හොඳ අය ඉන්නව . නරක ඇපල් ටික අයින් කරමු .
Deletehttps://anogamaya.blogspot.com/2025/07/androgen-insensitive-disorder.html
Deleteඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය
Delete