ඔසාකා වල හිටිය ඊලඟ දවස තනිකරම මම සැලසුම් කළේ. ඔසාකා නගරයෙන් පිට කෝබේ පළාතට යන්න . හේතු දෙකක් නිසා . මෙතනින් එහාට ශාක භක්ෂිකයන්ට මේ ලිපිය කියැවීම අපහසු වෙන්න පුළුවන් ඔන්න. කෝබේ හරක් මස් මම මුලින්ම කෑවේ මොස්කව් ගිය වෙලේ 2016 දී . අවියාමතොර්නයා වල අපේ පරණ හොස්ටල් එක ගාව අලුතින් ජපන් අවන්හලක් ඇරලා තිබ්බේ . වගු ස්ටේක් එකක් තිබිල මම ඇණවුම් කළා . ස්ටේක් එක රවුමට හදල පිගානේ මැද තියල ආලවට්ටම් දාල ගෙනාවේ . ලන්ඩන් වල ස්ටේක් වලට වඩා වෙනම රහක් තියනව කියල චෙෆ් ට කීවහම මිනිහ කීව ඔය කෝබේ බීෆ් කියල.
වගු බීෆ් හෙවත් වගු හරක් මස් එක ජපානේ ඕන ප්‍රදේශයක තියනව. වගු කියන්නේ ජපානයේ හරක් මස් කියන එක. ඒ මසත් ගණන් සාමාන්‍ය ඒවාට වඩා. මාබලින් කිරීම (මස් එක ඇතුලේ සුදු පාට මේද ස්තර මාබල් වගේ වීම), විශේෂ රසය , බටර් වගේ ගතිය සහ ඉතා මෘදු වීම , මේ ඔක්කොම වගු හරක් මස් වල තියනව. ඒ වගේම ඒවා ඇමෙරිකාවේ පවා හදනව . නමුත් කෝබේ ප්‍රදේශයෙන් එන වගු හෙවත් කෝබේ බිෆ් කියන්නේ කෝබේ කියන ජපානයේ හයුගෝ ෆ්‍රීෆෙක්චර් එකේ විතරක් හදන හරකුන් ගෙන් ගන්න උසස් වර්ගයේ වගු මස් එකක්. මේක වෙනම වර්ගයක් ටජිමා කියල (Kobe is a specific strain, Tajima-Gyu). ඒ කියන්නේ ඔය ප්‍රංශයේ ෂැම්පේන් ප්‍රදේශයට විතරයි ෂැම්පේන් නිපදවන්න පුළුවන් වගේ මේවා කෝබේ වල විතරයි හදන්න පුළුවන්.
කෝබේ බීෆ් හැමෝටම හදන්න ලෙහෙසි නැහැ . ටජිමා ලයිනේජ් එකේ හරක් වෙන්න ඕනේ . A4/A5 කියල ග්‍රේඩ් එකක් තියනව . මාබලින් කරන එක හයට වැඩි වෙන්න ඕනේ. ඔය මුකුත් නැත්නම් විකුනණ සහතිකය දෙන්නේ නැහැ. කෝබේ වලටම ගිහින් කෝබේ බීෆ් කන එක ඉතින් වෙනම ලල් එකක් .
දෙවෙනි කාරණේ තමා අරීමා ඔන්සෙන් එකකට යාම. ඔන්සෙන් කියල කියන්නේ උණුදිය උල්පත් තියෙන තැන්වල නාන්න හදපු තැන් හෙවත් ස්පා. අරීමා ඔන්සෙන් තියෙන්නේ කිටා කු කියන කෝබේ නගරයේ වෝඩ් එකක . අරීමා ඔන්සෙන් එක ගැන සඳහන් වෙනව ක්‍රි ව. 990 රාජකීය වාසල කාන්තාවක් වන සෙයි ශෝනගොන් ලියපු පොතක ඒකට කියන්නේ පිලෝ බුක් කියල. ජපානයේ හේයාන් සමයේ සිට (ක්‍රිව 794 එම්මු අධිරාජයාගේ කාලයේ සිට). මේ උණුදිය උල්පත් වලින් ලෙඩ සුව වෙනවා කියලත් කියනවා. අට වෙනි ශත වර්ෂයේ නිෂෝන් ශෝකී (ජපාන ඉතිහාස ලියවිලි ) වලත් සටහන් වෙලා තිබෙනවා මේ ඔන්සෙන් ගැන. මේකේ වතුර ජාති දෙකක් උනනවා. කින්සෙන් හෙවත් රත්රන් පාට මඩ වතුර. වතුර රන් හෝ දුඹුරු පාට වෙලා තියෙන්නේ යකඩ මුසු වෙලා නිසා (යපස් ). හම සුමුදු වෙලා සුවපත් වෙනවලු මේ වතුරෙන් . අනික ජින්සෙන්. මේකේ වතුර රේඩියම් සහ කාබනේට් මුසු වෙච්චි එකක්. මස් පිඬු රුදාව සහ හන්දිපත් රුදාව සනීප වෙනවලු ඒකෙන් නෑවහම .
දවස පටන් ගත්තේ ලස්සන දුම්රිය ගමනකින් ඔසාකා ඉඳන්. අංක එකේ සිට හතරට යුටියුබ් වීඩියෝ හතරක් දැම්ම මේ ගමන ගැන . මේක අරිමා රේල්වේ සෙනික් රූට් එක . මවුන්ට් රොක්කෝ කඳු පෙළ පැත්තෙන් යන්නේ . VIDEO
මේක සාමාන්‍ය දුම්රියක් නිසා ගමනේදී පළමු මැදිරියේ ඉදිරි කොටසේ රියදුරු මහතා පිටුපස හිටගෙන වීඩියෝ කරන්න පුළුවන් වුනා. මෙතන මගේ ගාව සයිඩ් එකේ හිටගෙන දුම්රිය යුනිෆෝම් එකක් ඇඳගත් මනුස්සයෙක් හිටිය. මුහුණේ ඒ කොනේ ඉඳන් අනිත් කොනට ලොකු හිනාවක් දාගෙන. දුම්රිය අන්තිමට නතර වෙන සන්නොමියා - අරිමගුචි දුම්රිය පලේදී මට වීඩියෝ කරන්න කීව එයා ගේට්ටුව හරහා සෙනග යවනකන්. සංචාරකයෝ දුම්රියට නැග්ගොත් එයාල ගැන හොයල බලන්න ඒ දුම්රිය කම්පැනි එකෙන් දාන කෙනෙක් ලු. කොහොමද සොයා බැලිල්ල. මේ වීඩියෝ එකේ සෙනග හසුරුවන්නේ ඒ ජපන් දුම්රිය සේවක මහත්මයා . VIDEO
ඒ ගමනට යන අතරමග දුම්රිය පින්තූර ටික බසු ස්ලයිඩ් එකට දැම්ම. අනිත් ලිපි වගේම ජපානයේ ලස්සන දුම්රිය ටිකකුත් තියනවා මෙතන. ස්ලයිඩ් එකේ දෙවන කොටසේ අරීමා ඔන්සෙන් හෙවත් උණුදිය උල්පත් එකේ ඇතුල බලා ගන්න පුළුවන්. අපි ස්ටේෂන් එකට ගියහම දැක්ක අපි යන ඔන්සෙන් එකෙන් බස් එකක් දාල තියනව එතනට යන්න. මේ ඔන්සෙන් එකේ නම ටයිකෝ නො යු. සතියේ දවසක් නිසා විශ්‍රාමික මහලු අය වැඩිපුර හිටියේ. සමහරු මුණුබුරු මිනිබිරියන් එක්ක ඇවිත් හිටිය. අපි පෝලිමේ ඉන්න කොට ජපන් කාන්තාවක් ඉනේස්ට තට්ටුවක් දැම්ම. බලන කොට ඇතුලට යන ටිකට් එක සාමන්‍යයෙන් යෙන් 3500 (£17 වගේ -4000 විතර වෙනවා එක්කෙනෙකුට. මෙයා දුන්න වවුචර් දෙකක් අපි දෙන්නට . එයාල දෙන්නට වවුචර් දෙකක් තියනව කියල. ඉතින් අපි දෙන්න ඇතුලට ගියේ භාගයක මුදලට. හැබැයි ගෙවන්න තියෙන්නේ අන්තිමට . මුලින්ම ටිකට් අරගෙන ගියහම මැරුන් පාට කිමෝනෝ දෙකක් දෙනවා ඇඳගන්න. දෙන්නට ලොකර් දෙකක් දෙනවා ඇඳුම් ඔක්කොම දාන්න. ඒවා ගන්න පුළුවන් අන්තිමට. ඉතින් අපි මුලින්ම යන්නේ උණුදිය උල්පත් වලින් ස්නානය කරන්න. දැන් ඔන්න නීති දෙකක් තියනව . එකක් තමා වික්ටෝරියානු සදාචාරය සුරකින එංගලන්තේ වගේ ඇඳුම් ඇඳගෙන ඒ කියන්නේ බිකිනි, කොට කලිසම් ඇඳගෙන යන්න බැහැ මේක ඇතුළට. ඩෙස්මන් මොරිස් ගේ නිරුවත් වානරයා වගේ යන්න ඕනේ. අවුලක් නැහැ .රුසියාවේ සහ ජර්මනියේ ඒ වගේ තමා, ගිහිල්ල තියෙනවනේ. ගැහැණු සහ පිරිමි වෙන වෙනම. ඊළඟ නිතිය ටැටූ බැහැ කොහෙත්ම. පොඩි එකක්වත් බැහැ . දැක්කොත් එළියට දානවා . හේතුව තමා මෙහෙ මාෆියාව වන යකුසා එකට සම්බන්ධ වෙන්න නම් ඇඟේ පිටුපස හෝ පපුවේ නයෙක්ගේ ටැටූ එකක් ගහන්න ඕනේ . යකුසා එකට විතරක් තහනම් කරන්න බැහැනේ . එනිසා ටැටූ තියෙන කවුරුත් ගන්නේ නැහැ .
ඉතින් මම ඔය පින්තූරේ තියන රේඩියම් සහ කාබනේට් වතුර එකට බැස්ස . ඒක රස්නෙයි කියන්නේ අංශක හැටක් හැත්තෑවක් විතර ඇති . ජැප්පෝ හතර පස් දෙනෙක් හිටිය . ටිකක් වෙලා ඉන්න කොට මාව අමුවෙන්ම තැම්බෙනව කියල තේරිලා මම එලියට ආව. ඊට පස්සේ එතනම තියන ගෝල්ඩන් පාට වතුර එකට බැස්ස . මගේ අම්මෝ ඒක අංශක අසූවක් විතර . පැන්න එළියට. ජැප්පන්ට හිනා. එකෙක් කීව උඩට යන්න කියල . එතන එළියේ නිසා වතුර සීතලයි කියල කිව්වා.
උඩට ගියහම එතන වටේට ලී බාල්දි තියල තියනවා. එක්කෙනෙකුට බැහැල ඉන්න පුළුවන් සයිස් එකේ . මැද ටිකක් ලොකු ගල් බැඳපු නාන තටාකයක් තිබුන, ඒකට බැස්ස. යන්තන් වතුර අංශක පනහට වගේ . එළියේ පොඩි හුළඟක් තිබ්බ නිසා අවුලක් නැහැ . මගේ ළඟ හිටිය ජැප්ප මාත් එක්ක කතා කරන්න ගත්ත. කොහෙන්ද කින්ද මන්ද වගේ ආගිය තොරතුරු කතා කරා . බලන කොට මෑන් ට්‍රේන් ඩ්‍රයිවර් කෙනෙක්. ඒකත් ලස්සන රූට් එකක. හන්ෂින් මේන් ලයින් එකේ මුහුද පැත්තටත් යන. රස්සාවෙන් විශ්‍රාම යනවලු ඒ මාසේ. මම කිව්වා 'හොඳයිනේ නිදහසේ ඉන්න පුළුවන් . ලෝකේ වටේ ඇවිදින්න පුළුවන් නේ කියල . " ජැප්පට හිනා ගියා . පොරගේ පඩියෙන් නිවාඩුවට බිරින්දෑ අරන් මුළු ඇමෙරිකා මහාද්වීපයේම , යුරෝපෙම සහ ඕස්ට්‍රේලියාසියාවේ ගියා කිව්වා. ඒ ඇතිනේ ඉතින්. ගෙදර ඉන්න බැහැ ලු . ඒක වයිෆ් ගේ ඒරියා එකලු. පොඩ්ඩක් සම්ප්‍රදායික වගේ නේද කියා මම ඇහුව . අපේ වයිෆ් ල නම් වැඩ කරනවා කියලත් කීව. "ආ මගේ එක්කෙනා ටීච කෙනෙක්. පාසැල ගේ ළඟ ලු" . රස්සාවක් දැනටම හොයා ගත්ත කිව්වා. පොඩි අකවුන්ට් කෝස් එක්ක කරන්න වුනාලු . මට මගේ අසල්වැසියා බ්‍රයන්ව මතක් වුනා.
ඔන්න තැම්බිලා ඇති වුනහම අලුත් යාළුවට බායි කියල මම පහලට ආව, බිරින්දෑ හොයාගෙන. තව ටුවරිස්ට් කපල් එකක් හිටිය. මම එයාලට කිව්වා. ඒෂියන් නොවන කෙනෙක් ඉන්නවනම් එන්න කියන්න කියල. උන්ට හිනා. ඒ අතරේ ඔන්න එයා ආව ඇතිවෙලා. ඒ ගමන අපි ගියා සෝනා රූම් එකට . (උණුහුම් කාමරය.) ඒකෙ බිම ඇලවෙලා ගඟ වෙලා ඉන්න පුළුවන්. ගැහැණු පිරිමි එකට ඒකෙ ඉන්න තියෙන්නේ. එක තැනක ඉඩ තිබුන එක්කෙනෙකුට විතරක් . ඇතුලේ තව කාමරයක් තිබුන ඒක රස්නේ වැඩියි . මේ වෙලාවේ අර අපට වචුචර් දෙක දුන්න කපල් එක හිටිය එතන. එයාලා කීව එයාල ඉවරයි අපට ඉන්න කියල. තව කපල් තුන හතරක් හිටිය . අපිත් ඔහේ ඇලවෙලා නිදා ගත්ත. ඇත්තටම අර උණු වතුර උල්පත් වලින් ආවහම නින්ද යනව.
ඊට පස්සේ ගියා සම්බාහනය කරන තැනකට . මෙතනත් ගැහැණු පිරිමි වෙනම . ආයුර්වේද සම්බාහනයක් වගේ එකක් තමා ඒකත්.
එතන ෂොප් එකකුත් තියනව අවශ්‍ය දේ ගන්න . අවශ්‍යතාවයක් නැති නිසා අපි දවල්ට කන්න ගියා. මෙතැනත් වැඩිපුරම වැඩිහිටි අය තමා හිටියේ අපි වගේ . මොකද මේක රැකියාව දවසක් නිසා වෙන්න ඕනේ . හැබැයි නියම රිලැක්ස් ලයිෆ් එක . කෑම වලට කෝබේ බීෆ් එක්ක සුප් සහ බත් කෑම දෙකක් ඇණවුම් කළා . මේකේ පින්තූර වෙනම දානවා ස්ලයිඩ් නැතිව පැහැදිලි කරන්න . ඉස්සෙල්ලම ඉස්සෝ , නූඩ්ල් සැලඩ් , පොඩි න්ගිරි සෙට් එකක් වගේ ගෙනත් දුන්න . බිත්තරයක් තිබ්බ තම්බපු නැති . එක්කෝ එහෙම කන්න පුළුවන් . නැත්නම් සුප් එකට දාන්න පුළුවන් . ඊට පස්සේ ඔන්න ගෙනාව කෝබේ බීෆ්. දැන් මේකේ පේනවා ඇති මාබලින් කලහම එන ෆැට් (මේදය ) ලයින් එක මැප් එකක් වගේ. එක පැත්තක හැම හරක් මස්ම එකම එක වගේලු ලයින් පැටන් එක.
ඕක හදා ගන්න අපටම දෙනවා පොඩි ලිපක් . ඒක පත්තු කරලා යකිනිකු හරි මීසෝ පේස්ට් වගේ සෝස් දාපු වතුර එකට ඒක දාල අපට අවශ්‍ය ගානට හැදුනට පස්සේ කන්න පුළුවන් . කතාව ඇත්ත. බීෆ් එක නිකන් කටේ දියවෙනවා වගේ මෘදුයි. මේක තමා ලිප අපට දුන්න . කොරියන් අවන්හල් වලත් කාම්බෝජයේත් මේ පිලිවෙලම තියනව හැබැයි . . කාල බිල ඉවර වෙලා ගෙවල හෙම ආපු විධිහටම හෝටලයට ආව ඔසාකා වල . හැබැයි එතනම නිදා ගන්න තිබුන නම් හොඳයි කියල හිතෙන තරමට නිදි මතක් ආව. පස්සේ දැනගත්ත එතන හොටෙල් එකක ඉන්න පුළුවන් කියල . ඒ ඔසාකා බලා එන ගමනත් වීඩියෝ එකට ගත්ත .
VIDEO
මෙතැනින් ජපන් ගමන ඉවර වෙන්නේ නැහැ . ඊට පස්සේ අපට තිබ්බ තව ආහාර සංචාරයක් ඒක තමා අන්තිම එක. දැන්නම් එපා වෙලත් ඇති. එහෙනම් ම් කියවල අදහස කියන්න .
අජිත් -24/08/2025
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
ReplyDeleteකෝබේ මස් වලට කිරි /එළ හරක් නෙමේ මරන්නේ. පිරිමි හරක් . හොඳට සලකනවා . මසාජ් පවා කරනවා . මරණ කොට වේදන්වක් දෙන්නේ නැතිවෙන්නේ මිනිත්තුවට අඩුවෙන් ලොකු එලෙක්ට්‍රික් ෂොක් එකකින් .
Deleteඑපා එපා මස් කන්නට කිරි පුස්සන්ගේ
Deleteඇනෝ මහත්මයා , ලිපියේ උඩම ලියා තියනව වේගන් හෝ වෙජී නම් ඉන් එහාට කියවන්න එපා කියා . හිතට අවුලක් ඇති වුනා නම් කණගාටුයි. කිරි පුස්සන් ජැප්පෝ මරන්නේ නැහැ . veal වලට . මාස 22 පන්නපු හරක් තමා ගන්නේ . අපේ රෙසිඩන්ට් පශු වෛද්‍ය තුමී දම්මිකා මෙන්න මේක දාල තිබ්බ ෆේස්බුක් එකේ . - This is what I learned and witnessed .
DeleteKobe Beef: How They Get That Legendary Marbling
The melt-in-your-mouth marbling of Kobe beef isn’t magic—it’s the result of precise genetics, diet, and stress-free care.
1. Genetics Matter
Only Tajima cattle qualify. These animals naturally deposit intramuscular fat, giving them that exquisite marble. Even a perfectly pampered ordinary cow can’t match it.
2. Staged Feeding Pattern
The diet is carefully managed in three phases:
Early growth (birth–10 months): Grass, hay, and starter grains for healthy development.
Middle phase (10–20 months): Gradual introduction of grains to build muscle and begin fat deposition.
Finishing phase (20–30 months): Heavy grain diet, sometimes with sake mash or beer, to encourage rich marbling.
3. Stress-Free Environment
Stress produces adrenaline, which toughens meat. Kobe cattle are raised calmly in clean, spacious stalls with soft bedding and minimal handling. Some farms play soft music or brush them daily to keep them relaxed.
4. Age at Slaughter
Slaughter occurs at 28–32 months, older than typical beef. This longer growth period allows fat to gradually infiltrate the muscles.
This is how they create that signature marbling that makes Kobe beef a world-renowned delicacy.
මරු විස්තරේ අජියෝ. මාත් ඔසාක ලකුනු කරගත්තා. කෝබේ පැත්තෙ අනිවා කරක්ගහන්න ඕනෙ. අජිත් සාන් නම් කිමෝනො එක ඇඳල ගත්තම ඕනෙ ජපන් සබාවකට යවන්න පුලුවන් වගේ (කට පියන් ඉන්නකං :D)
ReplyDeleteස්තූතියි කෞශල්‍ය . කට ඇරියොත් ජපන් තමා කතා කරන්න හිතන් ඉන්නේ . කෝබේ පැත්ත ලස්සනයි
Deleteனයෙක්ගෙ ටැටූ එකක් ගහපු එකෙකුට යන්න දෙන්නැත්තං னයෙකුට කොහොමත් යන්න බෑනෙ. ඒ හින්ද ඕක වැඩක් නෑ හිටං.
ReplyDeleteටැටූ එකක් නැහැනේ . නැත්නම් ன නළලේ කොටලය ?
Deleteනයාගේ "ප" යන්නනේ කොටලා තියෙන්නේ මූණේ....🤣🤣🤣
Deletehttps://lexisjapan.com/kobe-beef-happy-cows-and-enormous-amounts-of-beer/
ReplyDeleteබොහොම ස්තූතියි ලින්ක් එකට . කලින් තිබ්බ නම් තව විස්තර ඇතුළු කරන්නත් තිබ්බ .
Deleteඔන්සෙන් එක ඇතුලට කැමරා/ෆෝන් එහෙමත් බැහැ නේද ? පින්තූර ගත්තේ කොහොමද?
ReplyDeleteහා හා ඒක අපේ බිරින්දෑ ගෙන් තමා අහන්න ඕනේ . එයා අරගෙන ගියා . කාඩ් අරව මේවා ඔක්කොම ඒකෙ කවරේ අස්සේ කියල . 😀. අපේ උන්දැ ඕවගේ වැඩ හරියට කරනවා
Deleteඉනෙස් ඔහොම මරිසි වැඩ ඉගෙන ගත්තේ ඔයාගෙන්ද අජිත් මහත්තයෝ?
DeleteNo comments 😁
Deleteමරිසි නෝනෙට අපේ බකුසු ප්‍රණාමය.😋👌🙏💐
Deleteජැපනීස් නංගි මොබයිල් බැහැ කිව්වා , ටැටූ බැහැ කිව්වා . අනේ එයාගේ ඉටිකිරිස් මූන බලාගෙන පුලුවන්ද ගෙනියන්න . මෙන්න මෙයා හීන් සීරුවේ මොබයිල් එක අරගෙන .
Deleteමේ වගේ සැප ටුවර් එකක් යන්න තියෙන ආසාව සෑහෙන වැඩි උනා මේක කියවල ...කම්මැලි නැතුව මේ වගේ ලියන එකට අපි සලකනවා මදි හෙහ් හෙහ් ..
ReplyDeleteඒකනේ , පැතුම් ට ලඟයි ඔහෙන් නේද ?
Deleteරහයි රහයි හොඳටම රහ දැනෙයි රහයි
ReplyDeleteඋණුහුම සිහිල නිඳිමත එහෙමත් දනවයි
කන- බොන දේත් මොනවට මෙහි ලියා ඇතෙයි
නොමිලෙම ජපන් සංචාරෙක ගියා වගෙයි!
රහ දැනුනා නම් ඔබේ දිව අග කදිමයි
Deleteඋණුසුම සිසිල සිරුරට නම් කදිමයි
කන බොන දේ ඉඳ හිට ලියැවුනා තමයි
නිදි එක්කන් ගිය එක ගැන සතුටුයි
මේක කියව්වාම බඩගිනි හැදුනා කියහංකො.😋
ReplyDeleteවහාම වගු බීෆ් එකක් ඇනවුම කළ මද ගින්නේ පළහා ගන්න .https://famu.ca/collections/japanese-wagyu-beef?srsltid=AfmBOorvwWZKNe50HQ2Rvu62YcGa9PxKR9w94MGvmFkYKKW1wLbKC6Y4
Deleteමොනවා බැලුවත් ඉවරවෙන්නේ කෑම පිඟානෙන්. ඒකත් හරි, ඇඟට හොඳටම දැනෙන දේනේ.
ReplyDeleteඒකත් ඇත්ත . වෙනත් සංස්කෘතියක රටක කෑම කියනෙන් ඒ සංස්කෘතියත් එක්කත් බැඳිලා තියෙන දෙයක් නේද ? හරියට මාළු ඇඹුල් තියල් , පරිප්පු සහ සම්බෝල කනවා වගේ
Delete"පොරගේ පඩියෙන් නිවාඩුවට බිරින්දෑ අරන් මුළු ඇමෙරිකා මහාද්වීපයේම , යුරෝපෙම සහ ඕස්ට්‍රේලියාසියාවේ ගියා කිව්වා."
ReplyDeleteඅපිට දුක හිතෙන වැකි 😢.
මේක කියවලා ආයෙ බඩගිනි උනා.
ඔයලට ඔය ජිවිත කාලේදීම ඕව කරන්න ලැබෙනවා කියන එක ම්ම් අනිවාර්යයෙන්ම කියනව . බඩගිනි වෙන එක හොඳයි . ඒකෙන් තේරෙන්නේ නිරෝගි කියන එකයි . ගොඩක් කාලෙකට පස්සේ ආවට ස්තූතියි මල්ලි. ෆේස්බුක් එකේ දකිනවා
Deleteඅපුරු ලිවීම් අයියේ.
ReplyDeleteකච්ඡප දෟවීපය ගැන අනුර කුමාරත්,
ReplyDeleteසහෝදර ශ්‍රී ලාංකික දමිල ජනතාවත් කියූ කතා ඇසීමෙන් මගේ මයිල් ඉස්මයිල් විය. රපට එක්ව රට ගොඩනැගිය හැක.
ද්වීපය වැය යුතුය.
Delete