අටමා අවසන් මාස කිහිපයේ ඉවත්ව සිටි හෙයින් ඔහුට හැර ඉහත කී බ්ලොග් හා කොමන්ට් කරුවන්ට වැඩ සටහන දන්වා මුල්ම ඊමේලය යැවුනේ 2015 දෙසැම්බර් 18 වනදාය. ඒ සඳහා තවත් බ්ලොග් කරුවන්ට ආරාධනා කල යුතුය කී නිසාවෙන් ඉහත සඳහන් අයට අමතරව ලංකා නිව්ස් වෙබ් හි උපුල් නිශාන්ත හා චන්දිම විතාන ආරච්චි, රන්දිකා , හිමාශි, මම දසයා , කටුස්සා , සුරංග, කුරුට්ටෝ , මධු මාධවී , විදානේ , සින්දු ඇනෝ, සහන් , මනා, ලොකු පුතා කැලුම්, රවී, නාලක ගුණවර්ධන හා ඉයන් ද ඊමේල් ගොන්නට එකතු වුනි. මින් ඇත්තටම ක්‍රියාශිලිව සංවාදයට තමන්ගේ අදහස් ද එකතු කරමින් ඉදිරිපත් වුයේ ඉවාන්, කල්යාන මිත්‍ර, මාතලන්, බස්සි, කැලුම්, කුරුට්ටෝ, සුරංග වැනි කිහිප දෙනෙකි.
එදින සිට මාර්තු මාසය දක්වා ඊමේල් ත්‍රෙඩ් දෙකක 220 කට අධික ඊමේල් සංඛ්‍යාවක් හුවමාරු වුනි. දවසේ වැඩ සටහන (agenda) හැදුනේ එලෙසය. බස්සි විසින් නාට්‍යයක් සොයා ගැනීමට තරු රසී හඳුන්වා දීම නිසා ඇයද අන්තිමට එම මේල ගොනුවට එක් විනි. තරු රසි විසින් නාට්‍ය දෙකක් යෝජනා කල අතර දෙවන නාට්‍යය "ආණ්ඩුවේ රස්සාවක්" හි පිටපත මාත් චන්දිමත් කියවා බලා අනුමැත කෙළෙමු.
මෙහිදී වඩාත් උද්යෝගයෙන් යෝජනා එව්වේ සුමිත්, බස්සි, ඉවාන් සහ මාතලන් බව නොකියා බැරිය.
මේ අතර අපේ විනිශ්චය කරුවන්ගෙන් නිර්දේශ හා ලකුණු ලැබෙන්නට විය. පාර්ශ්වීය නොවනු පිණිස බස්සි ඇතුළු කිහිප දෙනෙකුට ඔවුන් නිර්දේශ වී ඇති බව දැන්වූයෙමු. බස්සි ඇතුළු කිහිප දෙනෙක් සංවිධාන කටයුතු වලින් ඉවත් වුයේ මින් පසුවය. මගේ බ්ලොගයේ නිර්දේශ නම් කර ඉන් පසු ඒවා නෙලුම් යායේ පල කෙරුවෙමු. මෙහිදී විනිශ්චය කරුවන්ට ලකුණු එවීමට නිතර නිතර මතක් කර දීමට සිදු වුනි. මේ අතරේ මියාගල කටයුත්ත සඳහාද ඊමේල් 100 කට අධික සංක්‍යාවක් හුවමාරු වුනි. කල්යාන මිත්‍ර (සුමිත්), ඉවාන් පව්ලුෂා (ප්‍රගීත්) සහ මාතලන් තමන්ගේ බ්ලොග් අඩවි නිර්දේශ කිරීමෙන් ඉවත් කර ගත්තේ අපක්ෂපාති වීමටය. "සොඳුරු සිත" හා තවත් බ්ලොග් අඩවි කිහිපයක් එසේ මුලදීම ඉවත් වුනි.
මේ අතරේ සයිබර් අවකාශයේදී පමණක් දැන හඳුනා ගත් බ්ලොග් කරුවෙකු මුලින් නිර්නාමිකවද පසුව බ්ලොග් අඩවියේ නමින්ම ඉදිරිපත් වී සියලුම ත්‍යාග මුදල් සඳහා දායකත්වය දීමට එකඟ වුනි. මෙය අප බලාපොරොත්තු නොවූ සුභ ලකුණක්ම විය. නෙලුම් යාය සම්මාන උළෙලට මුල් වරට වඩා පිලි ගැනීමක් ලැබෙන බවට හැඟවීමක් ඉන් ලැබිණි.
නාලක ඇතුළු පිරිස ගෙන් නිර්දේශිත බ්ලොග් සඳහා ලකුණු ලැබුනේ මාර්තු මුල හරියේය. කල්‍යාණ මිත්‍රයා තමන්ගේ නිර්දේශිත බ්ලොග් කලින්ම එවා තිබුනත් එහි ප්‍රශ්නයක් තිබු බැවින් එය සංශෝධනය කර එවන්නට නැවත ඔහු වෙත යැවුණු අතර නෙළුම් යායේ පලවූ ලිපි වලින් මුල් කොටස තෝරා ඉන්පසු අනිත් බ්ලොග් අඩවි සිසාරා නිර්දේශිත බ්ලොග් කියවීමේ කාර්යය ඇරඹුවෙමු. මතලන්ගේ සින්ඩිය මෙන්ම මෙවර අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය බොහෝ මහෝපකාරී වූ බව සඳහන් කළ යුතුය. බ්ලොග් සින්ඩි වලට සම්මානයක් දීමට යෝජනා වූ මුත් එයට වැඩි කැමැත්තක් නොතිබුනේ අංශ 18 කින් ස්ථාන 54 කට සම්මාන දෙන බැවිනි. ප්‍රථම වරට තමරී කුලම් නැමති අපේ සහෝදර දෙමල වෙබ් අඩවියේ තෝරා ගැනීම් තුනකට මේ සමගම සම්මාන දීමට තීරණය විනි.
බ්ලොග් නිර්දේශ කිරීමේදී කවුරුන් කා සමග සම්බන්ධතා පවත්වන්නේද යන්න, ඔවුන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ග්‍රන්ථ රචකයන්ද යන්න ආදිය සැලකිල්ලට ගැනුනේ නැත. පරිවර්තන සඳහා නිර්දේශ කිරීමේදී අති විශිෂ්ඨ පරිවර්තනයක් රැගෙන ආ "සිහසුනට තරඟ වැද " බ්ලොගය නිර්දේශ නොකෙරුනේ අප එක් ලිපියක් බ්ලොගයෙන් තෝරාගෙන සම්මාන දීම නිසා හා බ්ලොගය දැනට නවතා ඇති නිසා ඒ පිලිබඳ චෝදනා එල්ල විය හැකි බැවිනි.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම සංවිධානයෙන් පෙන් ඩ්‍රයිව් එකක් ඇතුළු තෑගි පාර්සලයක් ලබා දිය හැකි බව දැන්වීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැන්නක් සහභාගී කර ගැනීමට වූ යෝජනාවෙන් නෙළුම් යායේ පුරවැසි මාධ්‍යකරණය බල මුළු ගැන්වීමේ වැඩ පිළිවෙලට ලැබෙන ගැම්ම සලකා බලා එය පිලි ගැනීමට තීරණය කෙරුවෙමු.
අප විසින් මෙවර සංගීත කණ්ඩායමකට ගිය වර මෙන් ආරාධනා කරන්නට නොසිතුවේ බ්ලොග් කරුවන්ට තැනක් දීමටය. මනා, සජ්ජා, සහන් හා තවත් බ්ලොග් කරුවන් කණ්ඩායමක් මේ සඳහා ඉදිරිපත් වෙනවා කියා කියුවත් අවසානයේදී සජ්ජා සහ මනා පමණක් ඉතිරි වුනි. එසේම අවශ්‍ය ශබ්ද වාහිනී යන්ත්‍ර (sound systems) ද නොලැබෙන සෙයක් දිස් වුනි. මේ නිසා අවසන් මොහොතේ ඉවාන් පවුලුෂා තමන්ගේ අතින්ද මුදලක් දී සංගීත කණ්ඩායමක් කැඳවා තිබුණි. ඒ සඳහා ඔහුට අපේ ස්තුතිය හිමි වේ.
ඉයන්ගේ අඩවියේ ඉයන් ගායන ශිල්පී අජන්ත පිරිස් ගෙන්වා ඉදිරපත් කල අංකයට ස්තුති වන අතර අමාරුකම් අන්දමේ භාර ගත් ගායනයන් සජ්ජා හා මනා විසින් මැනවින් ඉටු කළෝය.
මේ වර උළෙලේදී නෙලුම් යාය විසින් පුරෝගාමී මෙහෙවරක් ඉටු කල බ්ලොග් කරුවන්ට නෙලුම් යාය hall of fame විශේෂ සම්මාන පිරි නමන්නට තීරණය කෙරුවෙමු. ඒ සඳහා නාලක ගුණවර්ධන තෝරා ගත්තේ බ්ලොග්කරණය මෙන්ම සමාජ ජාල භාවිතය හා නවීන සන්නිවේදන මාර්ග ගැන හසල දැනුමක් ඇති ඔහු කරන සේවය අගැයිමටය.
දෙවන විශේෂ සම්මානය සඳහා නම් කිහිපයක් යෝජනා වූ අතර ජාතිවාදයට ආගම්වාදය ට එරෙහිව බොහෝ ලිපි මෙන්ම කවිද රචනා කර සමහර බ්ලොග් කරුවන්ට අතහිත දුන් රසික සූරියආරච්චි තෝරා ගතිමු. මෙහිදී ඔහුට එල්ලව තිබු චෝදනාද සැලකිල්ලට ගත් බව සටහන් කරමු. ඔප්පු කල නොහැකි චෝදනා වලට වඩා බ්ලොග් ජනප්‍රිය කිරීමට ඔහුගෙන් සේවයක් වුණිය යන්න පිලි ගැනීමට අප මැලි නොවුනෙමු. මෙහිදී ඔහුට මා ඒ පිළිබඳව දැන්වූ පසු අප විමතියට හා බලවත් සතුටට පත් වුනේ ඔහු සම්මානය ගැනීමට ඕස්ට්‍රේලියාවේ සිට එන බව දැන ගැනීමෙනි. ඊශ්‍රායලයේ සිට ඔමාද සම්මාන උත්සවය ඉලක්ක කර ගනිමින් පැමිණි අතර මේ දෙදෙනාම එසේ කරමින් අපේ උළෙලට ගෞරවයක් ලබා දුන් බව සිතමු.
ඔමා මෙන්ම හිරු නැතී හෝරාවේ කෞශි ද පාසල් සිසුන් සඳහා අප ගෙනයන ආධාර වැඩ පිළිවෙලට තම සම්මාන මුදල් ප්‍රධානය කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.